Feb 27, 2013

අතීතයෙන් ඇසෙන අරුමැසි කතා


12-1බියවද්දන පැල්පත්
අප්‍රිකාවේ “ මුකුලීන්” ප්‍රදේශයේ ගෝත්‍රිකයන්ගේ පැල්පත් තනනු ලබන්නේ විලාප නගන වාමනයකුගේ රුව එහි බාහිර ස්වරූපයෙන් නිරූපණය වන ආකාරයටය. මේ ආකාරයේ බියකරු ස්වරූපයකින් යුතුව සිය නිවෙස් ඉදිකිරීම මගින් සතුන් හා සොරුන්ගෙන් එල්ල විය හැකි උපද්‍රව වලට එරෙහිව ආරක්ෂාව සැලසෙන බවට වන විශ්වාසයක් ඔවුන් අතර පැවැතීම මීට හේතුවයි.

දේවගැතිවරයාගේ දියණිය
මෙයින් නුවර හැලෝවෙල් හි විසු දේවගැතිවරයකුගේ දියණියක වූ ‘ ලුයිසා බෙල්ඩන්’ හට ඕනෑම යාච්ඤාවක් ඉතා නිවැරදිව මතකයෙන් කීම සඳහා  එය එක්වරක් පමණක් ශ්‍රවණය කිරීම ප්‍රමාණවත් විය.

නත්තලට පෙර දින සැඳෑවේ සිදු වූ  නව ලෝකයේ බිහිවීම
නව රටවල් සොයා දේශ පර්යාටනයේ නියැළුණු දේශ ගවේෂක “ ක්‍රිස්ටෝපර්” කොලොම්බස් ඇතුළු නාවිකයන් පිරිස රැගත් ‘ සැන්ටා මරියා’ නෞකාව හයිටි රාජ්‍යයට ඔබ්බේදී අනතුරට ලක්වූයේ ක්‍රි.ව. 1492 දෙසැම්බර් මාසයේ 24 දාය. එල්ල විය හැකි සතුරු උපද්‍රවවලින් ආරක්ෂාව සලසා ගැනීම සඳහා නාවිකයන් පිරිස කඩිනමින් බලකොටුවක් ඉදිකිරීමට පටන් ගත් අතර, එය ඇමරිකාවේ පිහිටු වූ පළමු ස්ථීර ජනාවාසය බැව් කියැවේ.

ලාංඡනයකට ඇතුළු වූ ඇටසැකිල්ල
උතුරු අයර්ලන්තයේ  ‘ ලන්ඩන්ඩරි’ වසමෙට අයත් ලාංඡනයේ දැක්වෙන ඇටසැකිල්ල මියගිය රදළයකුගේ මතකය වෙනුවෙන් ඊට ඇතුළු කරන ලද්දකි. කාලයක්   පුරා සිය ඥාතියකු විසින් සිරගත කරනු ලැබ, කුසගින්නේ හිඳ මිය  ගිය ‘වොල්ටාර් ඩී බර්ග්’ ගේ  සිරුර නෝර්ත් බර්ග් බලකොටුවෙන් සොයා ගන්නා කළ එය ඇටසැකිල්ලක් බවට පත්ව තිබිණි. සිය ඥාතියාගේ කුරිරු වද හිංසාවනට ලක් වී දුඃඛිත මරණයක් උරුම කර ගනු ලැබු වංශාධිපතියාගේ මතකය වෙනුවෙන් ඔහුගේ ඇටසැකිල්ල ඔහුගේ  වසමේ ලාංඡනයට ඇතුළු කරනු ලැබිණ.

සොරකමට එරෙහිව පළිගත් පාලම
ග්‍රීසියේ ක්ලිඩ් නුවර වූ  “ලුඩියාස්’ ගංගාව මතින් පිහිටි පාලමේ අද වන විට ඉතිරිව ඇත්තේ ආරුක්කුවක් පමණි. අඩි පනස් නවයක් දිගැති අඩි විසි තුනක් උසැති මෙම පාලම ආදි රෝමානුවන් විසින් ඉදිකරන ලද්දක් වන අතර, පසුකලකදී එය හුදෙක් ආරුක්කුවක් පමණක් බවට පත් වූයේ, එහි වූ සෙසු ගල් සියල්ලම සොරකමට ලක්වීම නිසාවෙනි.

ජූලියස් සීසර්ගේ ප්‍රීතිය 
ජූලියස් සීසර් අධිරාජ්‍යයා රෝමයේ ‍පොම්පෙයි නුවර දිනා ගැනීමේ ප්‍රීතිය සමරනු වස් පවත්වන ලද භෝජන සංග්‍රහයක් සඳහා අමුත්තන් එක් ලක්ෂ පනස් දහසක් ආරාධනා ලැබූ අතර ඔවුන්ට අසුන් ගැනීම සඳහා මේස විසිදෙදහසක් සකස් කොට තිබිණ. සිය ජයග්‍රහණයේ ප්‍රීතිය රටවැසි සියල්ලන්ටම පන්ති භේදයකින් තොරව ලබාදීම කෙරෙහි උත්සුක වූ නරේන්ද්‍රයා විසින් සිය අධිරාජ්‍යයේ වෙසෙන සියලුම දිළිඳු පවුල් වසරක කාලයකට සියලුම බදුවලින් නිදහස් කිරීමට තරම් කාරුණික විය.

කැරැල්ලකට තිත තැබූ මළ සිරුර
ප්‍රංශයේ තුන්වන හෙන්රි රජුට එරෙහිව කැරලි ගැසු වූලෝස් නුවර වැසියන් පාර්ලිමේන්තු කථානායකවරයා වු “ ෂෝන් ඩුරන්ට්” මරා දමන ලද්දේද එහි ප්‍රතිඵලයක් ලෙසිනි. සිය රජු කෙරෙහි දැඩි පක්ෂපාතිත්වයෙන් විසු  කථානායකවරයා ඝාතනය කොට ඉන් නොනැවතුණු කැරැලිකරුවන් තවදුරටත් ඔහුට අවමන් කරනු පිණිස ඔහු දැඩි ස්නේහයෙන් පසු වූ රජුගේ  රුව දැක්වෙන සිතුවමක් ඉදිරියේ මළ සිරුර සිටුවන ලදී. සිදුවූයේ නොසිතුවකි.
සෘජුව පිහිටුවා තුබු මළ සිරුර කිසිදු බාහිර බලපෑමකින් තොරව ලිස්සා ගොස්  සිතුවම ඉදිරියේ දණ ගසා සිටින ඉරියව්වකට පත් වූයේ කැරලිකරුවන් විස්මයෙන් මෙන්ම බියෙන්  මුසපත් කරමිනි. මළ සිරුරක් විසින් සිදු කළ එකී වික්‍රමයේ බලපෑම කොතරම් ප්‍රබල වීද කියතොත් කැරැල්ල එතැනම ලොප් කිරීමට එය සමත් වූ බව කියැවේ.

අඳුරට බියෙන් ආලෝකය නිපදවූවෙක්
රාත්‍රී අඳුර පලවා හරින විදුලි බල්බයේ නිර්මාතෘවරයා වන ‘ තෝමස් අල්වා එඩිසන්’ ස්වභාවයෙන්ම අඳුරට බියක් දැක්වූවෙකි. මූලික වශයෙන් සිය භීතිය ජය ගැනීමේ අරමුණින් විදුලි බල්බය ඔහු විසින් නිපදවන්නට ඇතැයි සිතිය හැක.
12-2
රුක්ලන්ති පෙරේරා (Ripley’s Believe It or Not ඇසුරිනි) 

Feb 26, 2013

යටිකුරු වූ වික්ටෝරියා රැජිනි රුවට ඉහළ ඉල්ලුමක්


2-1වසර එකසිය පනස්නවයක් පැරණි වික්ටෝරියා රැජිනගේ රුව රැගත් මුද්දරයක් පසුගියදා බ්‍රිතාන්‍ය පවුම්හැත්තෑ දහසක් වැනි ඉහළ මිලකට අලෙවි වූයේ එහි පැරණි බාවයටද වඩා ඉන් නිරූපණය කෙරෙන වික්ටෝරියා රැජිනගේ රුවෙහි අසාමාන්‍ය පිහිටීම නිසයි. මුද්දර එකතු කරන්නන්ගේ ලෝකය තුළදී වැඩිම ඉල්ලුමක් ඇති මෙම සුවිශේෂී මුද්දරයට එතරම් රසික  ආකර්ෂණයක් හිමිව ඇත්තේ, 1854 දී එය කොල්කොතා නුවර පිහිටි කාර්යාලයකදී මුද්‍රණය කිරීමේදී සිදු වූ  අත්වැරැද්දක් හේතුවෙනි.

එකක් ඇනා  හතරක වටිනාකමකින් යුතු වූ මෙකී මුද්දරයේ දැක්වෙන වික්ටෝරියා රැජිනගේ උඩුකය රුව යටිකුරු ලෙස මුද්‍රණය කර ඇති මුද්දර දුසිමක් පමණ එහි පළමු මුද්‍රණයෙන් පසුව, ඉන්දියානු ජනතාව අතර අලෙවි කෙරී ඇත්තේ සිදු වූ මුද්‍රණ දෝෂය කාගේ කාගේත් අවධානයෙන් ගිලිහී යාම නිසයි.

දැනට මෙම මුද්‍රණ දෝෂය සහිත මුද්දර, ලොවට ඉතිරිව ඇත්තේ  20ක් 30ක් අතර සංඛ්‍යාවක් පමණක් වන අතර, පසුගියදා පවුම් හැත්තෑ දහසක ලංසුවක් යටතේ අලෙවි වූ මුද්දරය එකී ගොන්නේ වූ කිසිදු ආකරයක  කැළැල් හෝ සලකුණුවලින් තොරවූවක් වීම නිසා එහි වටිනාකම ඉතා ඉහළය.
2-2
“Spink of  London”  වෙන්දේසි කරුවන්ගේ ආයතනය විසින් වෙන්දේසියේ විකිණීමට පෙර ප්‍රකට ඇමරිකානු මුද්දර එකතු කරන්නෙකු වූ ‘ රොබට් කැත්ලින්’ සන්තකයේ පැවැති මෙම මුද්දරය බඳු උඩු - යටිකුරු රූප සහිත මුද්දරවලට ඉතා ඉහළ ඉල්ලුමක් ඇති බව මුද්දර විශේෂඥයන්ගේ අදහසයි. බ්‍රිතාන්‍ය යටත් විජිතයේ රත්නාකරයක් බඳු වූ ඉන්දියාව තුළ පරිහරණය කෙරුණු මුද්දර සඳහා  ක්‍රි.ව. 1901 දී වික්ටෝරියා රැජිනගේ අභාවය සිදුවන තෙක් ඇගේ උඩුකය රුව භාවිත කෙරී ඇත.

උඩු යටිකුරු මහරැජින රුව දැක්වෙන ඇනා හතරේ මෙම මුද්දරය බහුවිධ වර්ණ සංකලනයකින් යුතුව මුද්‍රණය කෙරුණු  ලොව ප්‍රථම මුද්දර කීපය අතරටද  ගැනෙන්නකි. රතු පැහැ රාමුවකින් යුතු එහි මැද දැක්වෙන රැජින රුව මුද්‍රණය කර ඇත්තේ නිල් පැහැයෙනි.

ප්‍රියන්ති රුද්‍රිගු 

Feb 25, 2013

යකැදුරන් භාවිත කළ ඓතිහාසික මන්ත්‍ර ගල් එකතුවක් ඉපැරණි යකැදුරන් භාවිත කළ ඓතිහාසික මන්ත්‍ර ගල් එකතුවක්


වසර පනස් දහසකට ආසන්න කාලයක් මිනිස් දෑසින් සඟවා තබන ලද පුරාණ යකැදුරන් විසින් භාවිතා කළ ඉපැරණි මන්ත්‍ර ගල් එකතුවක් පැනමාවේ සමුද්‍ර සන්ධිය අසළ පිහිටි ලෙනක් තුළින් පසුගියදා හමුවන ලද්දේ පුරාවිද්‍යා කැණීම්වල ප්‍රතිඵලයක් ලෙසයි.
“කැසිටා ඩී.පියෙඩ්‍රා” නමැති ලෙනකින් සොයාගත් පාෂාණ කැබලි දොළසකින් පමණ වූ මෙම මන්ත්‍රගල් එකතුව මධ්‍යම ඇමෙරිකාවේ පිහිටි එකී ප්‍රදේශයෙන් හමුවූ පුරාණ යකැදුරන්ගේ මන්ත්‍ර සම්ප්‍රදායන් හෙළිකරන ප්‍රථම භෞතික සාක්ෂිය ලෙස සැලකේ. පුරාවිද්‍යා ගවේෂණය සිදුකරන ලද පැනමාවේ නිවර්තන ගවේෂණ ආයතනය විසින් සිදුකළ ව්‍යාපෘතියක ප්‍රතිඵලයක් ලෙස මෙලෙස ලොව හමුවේ පෙනී සිටීමට වරම් ලද මෙම කෞතුක වස්තූන් සම්බන්ධයෙන් සිදුකරන ලද කාබන් දින නිර්ණය කිරීමේ       පරීක්ෂණයන්ගෙන් පෙනී ගොස් ඇත්තේ මේවා වසර හාරදහස් අටසියයක් තරම් ඈත අතීතයකට හිමිකම් කියන්නක් බවයි. 

1970 වකවානුවේ පටන් “පැනමා සමුද්‍ර සන්ධිය අසල පිහිටි “කැසිටා ඩී.පියෙට්‍රා” ලෙන හා ඒ ආශ්‍රිත ප්‍රදේශය පුරාවිද්‍යාත්මක කැණීම්වලට ලක්ව තිබුණද මෙම මන්ත්‍ර ගල් එකතුව සොයා ගැනීමට ලැබි ඇත්තේ “රූත් ඩිකවු” නමැති පුරාවිද්‍යාඥවරිය මෑත කාලීනව පළ කළ අදහසක් සැලකිල්ලට ගැනීමේ ප්‍රතිඵලයක් ලෙසය. ඇයගේ විශ්වාසය වී ඇත්තේ මෙම ලෙන් පුරාණ මුතුන් මිත්තන් විසින් වසර නවදහසකට ආසන්න කාලයක් භාවිතා කරන ලද්දේ ඉවුම් පිහුම් කටයුතු හා ආයුධ තැනීමේ කර්තව්‍යයන් සඳහා බවයි. ලෙන තුළ තිබි සොයා ගන්නා ලද මෙම ගල් කැබලි දොළසම එකට වෙළී තනි සංයුක්තයක් ලෙස පැවතී ඇත්තේ මීට සහස්‍ර කිහිපයකට පෙරදී යකැදුරකු හෝ වෙදෙකු විසින් මෙකී ගල් එකට අසුරා තිබූ බව කියා පාමිනි.09-2
“රූත් ඩිකාවුගේ” මෙහෙයවීමෙන් සිදු කරන ලද කැණීමකදී අහඹු ලෙස මතුවූ මෙම පාෂාණ එකතුව අතර පාරදෘෂ්‍ය තිරිවානා (ක්වාට්ස්) යපස් පාෂාණ හා චුම්භක ලක්ෂණ පෙන්නුම් කරන ගල් කැබලිද හමු වී තිබේ. අදටද කොස්ටාරිකාවේ යකැදුරන් විසින් මළගියවුන් හා සන්නිවේදනය කිරීමට හා රෝග  නිර්ණය කිරීම සඳහා භාවිතා කරන මෙම මන්ත්‍ර ගල්, පැනමාවේ රත්‍රං ඉල්ලම් බහුලව ඇති “මධ්‍යම කොර්ඩි‍ලේරා” ප්‍රදේශයෙන් මුල්වරට සම්භවය වන්නට ඇති බව සැලකේ.

Feb 24, 2013

ඉඳිකටු සිදුරෙන් රිංගන ඔටුවෝ


2-3
ඉදිබුවෙකුගෙන් පිහාටු ගන්නවාක් මෙන්ම ඉඳිකටු සිදුරෙන් ඔටුවෙකු රිංගා යෑම වැනිදෑ අප ව්‍යවහාරයට එක්වී ඇත්තේ කිරීමට කිසිසේත් නොහැකි සේ ඉතාමත් දුෂ්කර වූ කර්තව්‍යයක් උපමා කිරීම සඳහායි. ඔබ කිතුනුවෙක් නම් බයිබලයේ ශූභාරංචි ග්‍රන්ථයක හමුවන ධනවතකුට ස්වර්ග රාජ්‍යයට ඇතුළුවීමට වඩා ඔටුවකුට ඉඳිකටුවලින් රිංගායාම පහසු යැයි “ක්‍රිස්තුන් වහන්සේ වදාළ උපමා වැකිය අසා ඇතුවාට සැක නැත. එකී ප්‍රකාශය 2-1අභියෝගයට ලක්කිරීමට සිතූ රුසියානු ජාතික කලාකරුවකු ඉදිකටු සිදුරක් තුළ අන්වීක්ෂීය ප්‍රමාණයේ ඔටුවන් සත් දෙනෙකුගෙන් යුතු තවලමක් පමණක් නොව ඉඳිගස් තුනක්ද නිර්මාණය කිරීමට සමත්විය. සිඅට වසරක් පැරණිඅන්වීක්ෂයක්ද, මැලියම්, සිරින්ජර හා කුඩා ඉරටු කැබලි ආධාරයෙන් මෙබඳු අන්වීක්ෂීය ප්‍රමාණයේ නිර්මාණ සිදුකරනුයේ “නිකොලායි ඇල්ඩුනින්ය.” මොස්කව් නුවර සිය නිවසේ සිට නිර්මාණකරණයේ යෙදෙන ඇල්ඩුනින්ගේ කලාකෘති කෙතරම් සියුම් එමෙන්ම සංකීර්ණදැයි කිවහොත් පියවි ඇසට පැහැදිලිව දැකගත නොහැකි. එකී නිර්මාණ සතු සූක්ෂම විස්තරාත්මක ස්වභාවය තාත්වික අයුරින් නිර්මාණය කිරීම සඳහා සිය හදවත ගැහෙන රාවයට නොදවෛනි සංයමයකින් යුතුව ඔහු නිර්මාණකරණයේ යෙදෙන්නේය. ඒ සඳහා ඔහුට පෙළඹවීමක් ලැබි ඇත්තේ “ලෙවිෂා නමැති වමත හුරු කලාශිල්පියා පිළිබඳ රුසියාවෙන් වාර්තාවන ඓතිහාසික කතාවක් ඇසුරිණි.

මෙතරම් කුඩා වූද සංකීර්ණ වූද නිර්මාණයේ යෙදෙන කළ අසීමිත ලෙස බලා‍පොරොත්තු කඩවීමේ අවස්ථාවලට ඔහු මුහුණ දුන් වාරද අනන්තය. වරෙක සති දෙකක කාලයක් මුළුල්‍ලේ තමා නිර්මාණය කරමින් සිටි අන්වීක්ෂීය ප්‍රමාණයේතුවක්කුවක කුඩා කොටසක් නැතිවීම නිසාවෙන් ඔහුට මුළු නිර්මාණයම ඉවතලා යළිත් මුල සිට සියල්ල නිර්මාණ කිරීමට සිදුව තිබිණ. අසීමිත ලෙස 
2-2වෙහෙස වී වචනයට පෙරළිය නොහැකි කැපවීමකින් යුතුව සිදුකළ එවන් එක් නිර්මාණයකට එබඳු ශෝචනීය ඉරණමක් අත්වීම ඇල්ඩුනින් පමණක් නොව අන්කවර කලාකරුවකුට හෝ වුවද දරා ගැනීම ලෙහෙසි නොවේ. යළිත් සියල්ල මුල සිට අරඹමින් ඉච්ඡා භංගත්වයට පත්නොවී මීළඟ නිර්මාණයේ සාර්ථකත්වය කෙරෙහි පමණක් අවධානය යොමු කරමින් නිර්මාණකරණයේ නියැළීම වැදගත් බව ඇල්ඩුනින් තරයේ අදහන්නකි.
“ඔබගේ උත්සාහයන් අසාර්ථක වන්නා වූ කිසිම විටක ඔබ සිත් තැවුලට පත් නොවිය යුතුයි. මන්ද ඔබගේ ආත්මීය හා ෙචෙතසික සංවේදනාවන් එයාකාරයෙන්ම ඔබගේ දෑත් කරාත් එතැනින් ඔබගේ නිර්මාණය වෙතත් සම්ප්‍රේෂණය වන බැවිනි.

ප්‍රියන්ති රුද්‍රිගු

Feb 20, 2013

දෙවන වතාවටත් ඔබාමාට භාර වුණු ඇමෙරිකාවේ අනාගතය

3-12012 වසරේ පැවැති ඇමෙරිකානු ජනාධිපතිවරණයෙන් ජය ගත්තේ ඔබාමායි. ඒ අනුව තවත් සිවු වසරකට ලෝකෙට ලොක්කා වීමේ වාසනාව ඔහුට උදා විය. මේ භාරදූර කාර්යයේ වගකීම නිල වශයෙන් ඔහු භාර ගත්තේ ඉකුත් ජනවාරි විසි වනදායි. දැන් ඔබාමා ඇමෙරිකානු ජනාධිපති ධුරයේ දෙවන ධුර කාලය හොබවමින් සිටියි. ගියවර මෙන්ම මෙවරද ඔහු ජනපති පුටුවේ වාඩි වූයේ අභියෝග රැසක් සමගිනි. මෙවර ඔහු ඉදිරියේ ඇති ඒ අභියෝග මොනවාදැයි කියා අපි මේ ලිපියෙන් විමසා බලමු. දිරි සිවු වසරක කාලය තුළ ඔබාමා හමුවේ ඇති ප්‍රධානම අභියෝගය වන්නේ කඩා වැටුණු ඇමෙරිකානු ආර්ථිකයයි. මීට දශක කිහිපයකට ඉහතදී ඇති වූ මහා ආර්ථික අවපාතයෙන් පසුව හටගත් දරුණුතම ආර්ථික අර්බුදයකට දැන් ලොව මුහුණදී සිටියි. ඇමෙරිකාව එහි ගොදුරක් වීමේ ඵලවිපාකයක් ලෙස නොසිතූ විරූ පරිදි විරැකියාව ඉහළ නැග ඇත. කඩා වැටුණු ආර්ථිකය ගොඩනැගීමේ මන්දගාමී ගමනක දැන් ඇමෙරිකාව නිරතව සිටියි. මේ ගමන වේගවත් කිරීමේ බර පැටවී ඇත්තේ ඔබාමා වෙතයි. ඔහු මින් ඉදිරියටත් එය සාර්ථකව ඉටු කළහොත් කුණාටුවකට හසු වූ ආර්ථිකයක් නිසි මගට ගැනීමේ ගෞරවය නිතැතින්ම ඔහුට හිමිවනු ඇත. 

ඉරානය ඔබාමා ඉදිරියේ ඇති තවත් අභියෝගයක් වේ. ඇමෙරිකානු ප්‍රතිපත්තීන් බොහොමයක් ඉරාන අභියෝගයට ලක්ව තිබේ. ඇෆ්ගනිස්ථානය සමග ඇමෙරිකාවේ සම්බන්ධය, ඉරාකයේ ස්ථාවරත්වය, ඊශ්‍රායල - පලස්තීන අර්බුදයට විසඳුමක් සෙවීම, ත්‍රස්තවාදයට එරෙහිව සටන් වැදීම ඒ අතර වේ. මේ නෝක්කාඩුකම් මැද ඇමෙරිකාව කියන්නේ ඉරානය න්‍යෂ්ටික අවි නිපදවීමේ උත්සාහයක නිරත බවයි. තම න්‍යෂ්ටික ක්‍රියාවලිය සාමකාමී අරමුණක් උදෙසා සිදු කරන්නක් බව ඉරානය කියයි. ඉරානයට එරෙහි මේ න්‍යෂ්ටික අවි චෝදනාව ගැන බටහිර රටවල් උසි ගන්වන්නේ ඇමෙරිකාවයි. මේ තත්ත්වය මැද දැන් දෙරට අතර සීතල යුද්ධයක් පවතී. කෙසේ වුවද ඉරාන න්‍යෂ්ටික ක්‍රියාවලිය සම්බන්ධයෙන් අත ‍පොවද්දී හමුදා මැදිහත්වීම්  සිදු නොකිරීමට ඇමෙරිකාව වග බලා ගත යුතුය. ඒ එවන් දෙයක් සිදු වුවහොත් ඉරානයද නිකම් නොසිටින බැවිනි. කලාපීය යුද්ධයක් කරා යාම එහි අවසන් ප්‍රතිඵලය විය හැක. 


ඔබාමා හමුවේ ඇති තවත් අභියෝගයක් වන්නේ ඔහුගේ නව සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රියාවලිය සඳහා වැයවන මුදල දරා ගැනීමයි. වයස අවුරුදු හැටපහට වැඩි හා ආබාධිත ඇමෙරිකානු වැසියන් උදෙසා වන මෙම සෞඛ්‍ය ආරක්ෂණ වැඩසටහන වෙනුවෙන් විශාල මුදලක් වැය වීම එය තවදුරටත් ඉදිරියට පවත්වාගෙන යාම සඳහා බාධකයක් වන සෙයක් පෙනේ. එම තත්ත්වයට රජය කෙසේනම් මුහුණ දෙයිද ? 
කොංග්‍රසය සමග ඉදිරි සිවු වසර තුළ වැඩ කරගෙන යාමද ඔබාමාට අභියෝගයකි. මහජන මන්ත්‍රී මණ්ඩලයේ පාලනය රිපබ්ලිකන් පාක්ෂිකයන් යටතේ පවතිද්දී සෙනෙට් සභාවේ සුළු පාලන බලයක් පමණක් ඩිමොක්‍රටික් පාක්ෂිකයන් යටතට ඒම ඔබාමා අපහසුවට පත්කරන්නක් වනු ඇත. බොහෝවිට පනත් කෙටුම්පත් අනුමත කර ගැනීමේදී එය ගැටලුවක් වේ. මේ නිසා ඔබාමාගේ මුල් වසර හතරට වඩා දෙවන වසර හතර තුළ කොංග්‍රසය සමග වැඩ කිරීම තරමක මතභේදකාරී බවක් ගෙන දෙන්නක් විය හැක. 
ආර්ථිකය නගා සිටුවීම, ඇමෙරිකානු නිෂ්පාදන වැඩිදියුණු කිරීම, බල ශක්තිය නිපදවීම, කුඩා ව්‍යාපාර නගා සිටුවීම, මධ්‍යම පාන්තික රැකියා සඳහා අධ්‍යාපනය දියුණු කිරීම, රැකියා ඇති කිරීම, විශ්‍රාමික ආරක්ෂණය සුරැකීම හා ඇමෙරිකාව ඉදිරියට ගෙන ඒම ඔබාමාගේ නව සැලසුම් අතර වේ. ඔහුගේ මේ නව න්‍යාය පත්‍රය ඇමෙරිකාව වඩා යහපත් දේශයක් බවට පත් කරයිද ? ඔබාමාගේ සිවු වසරක පාලනය ගැන ඇමෙරිකානුවන්ට පමණක් නොව මුළු ලෝකයාටම අත්දැකීම් තිබේ. ඇතමෙක් ඒ ගැන පැහැදීමෙන් කතා කරද්දී ඇතමෙක් තුළ කිසිදු පැහැදීමක් නොවේ. කෙසේ වුවද ලෝකෙට ලොක්කාගේ තවත් සිවු වසරක පාලනය ඔබාමාට භාරවී තිබේ. ඒ කාලය තුළ ඔහු සිය රටට කොතරම් සාධාරණයක් ඉටු කරයිද යන්න අපි බලා හිදිමු.

Feb 18, 2013

නිවන නොපතන චීන භික්ෂුව


10-2පෘථිවිය මත ජීවත් වන මිනිසුන් ගණන මේ වන විට බිලයන 7 ඉක්මවා තිබේ. ඔවුන් සියලු දෙනාම ඉපදී මිය යන්නේ යම් කිසි කාලයක තමන් ජීවත් වූ බවට හැඟවෙන කිසිදු සාක්ෂියක් ඉතිරි නොකරමිනි. නමුත් ගැනිය නොහැකි තරම් ඉතා සුළු පිරිසක්, තමන් මේ ලෝකය තුළ ජීවත්ව සිටි බවට සාක්ෂි ඉතිරි කර මියයයි. ඒ නිසාම ඔවුන් මිය ගියද අමරණීය වෙති. රටට සහ සමාජයට යහපතක් සිදුවන ආකාරයේ ක්‍රියාවන්වලින් ඉදිරි පරපුරට සාක්ෂි ඉතිරි කර තබා යන්නෝ, කිසිදා මිය නොයති. මේ කතාවද  එවන් පුද්ගලයෙකු පිළිබඳවය.


චීනයේ කිංහයි ප්‍රාන්තයේ පිහිටා ඇති ටේ‍රාංගේ‍රන් ආශ්‍රමය, බෞද්ධ භික්ෂූන් වහන්සේලා විසි නමක් වැඩ සිටින ස්ථානයකි. එහි නායක භික්ෂූන් වහන්සේ 70 හැවිරිදි හුවා චි  (ඩ්භච ඛිඩඪ) නම් වූ භික්ෂුවයි. හුවාචි භික්ෂූන් වහන්සේ  සිය පූජා පිළිවෙත් එක ලෙසම පවත්වාගෙන එනු ලබන්නේ වසර 20ක  පමණ සිටය. විහාර මන්දිරය තුළ ඇති දැවැන්ත බුද්ධ රූපය ඉදිරියේ සෑම දිනකම සිය පූජා පිළිවෙත් පවත්වන්නට මෙම භික්ෂූන් වහන්සේ අමතක නොකරති. මෙම පූජාව සඳහා උන්වහන්සේ භාවිත කරන්නේ යම් නිශ්චිත ස්ථානයකි. දැවයෙන් සාදන ලද     ‍පොළොවක් සහිත විහාර මන්දිරයට පැමිණෙන, භික්ෂූන් වහන්සේ නිතිපතා නිශ්චිත ස්ථානයක සිට පිළිවෙත්වල නිරත වෙති. මෙම පිළිවෙත, වසර 20ක් පුරා දිනකට තුන් දහස් වතාවක් පමණ සිදු කිරීම එතුමාගේ සාමාන්‍ය දින චර්යාවයි. මේ නිසා කාලයත් සමග, හුවාචි භික්ෂූන් වහන්සේගේ පාදය ස්පර්ශ වන ස්ථානය හෑරීයාමට තරම් මෙම පිළිවෙත් පිරීම ක්‍රමවත් වූයේ කෙසේද යන්න ආශ්චර්යයකි.දැවමය ‍පොළොව මත හෑරී ඇති දෙපා  සලකුණේ ගැඹුර අඟල් 1.2කි. විළුඹ, පතුල මෙන්ම පාදයේ ඇඟිලිද ඉතා නිවැරැදි ආකාරයට මෙම පා සටහනේ දැකිය හැකි වේ. අඟලක් දක්වා ගැඹුරු හෑරීමක් ඇතිවීමට නම් දෙපය කොපමණ වාරයක් මෙම ස්ථානයේ ගැටිය යුතුද යන්න පුදුම සහගතය. නමුත් හුවා චි භික්ෂූන් වහන්සේට මෙය පිළිබඳව ප්‍රකාශ කළ යුතු යමක් ඇති බව කිසිම ආකාරයකින් හැඟවෙන්නේ නැත. තම පාද ස්පර්ශය ලත් ස්ථානය සහ පාදවල සලකුණ ප්‍රදර්ශන භාණ්ඩයක් බවට පත් කරන්නට එතුමාගේ කිසිදු බලා‍පොරොත්තුවක් තිබුණේ නැත. නමුත් එතුමා බිබිසී සේවයේ මාධ්‍යවේදිනියක විසින් අසන ලද පැනයකට මෙසේ පවසා තිබිණි.

‘මගේ වයස දැන් අවුරුදු 70ක්. මීට අවුරුදු 20කට පෙර මම දිනකට 3000 වතාවක් මෙම ස්ථානයේ පූජාව පවත්වනවා. කෙටියෙන්ම කියනවා නම් මම දවස ගත කරන්නේ මෙතැන. නමුත් අසනීප තත්ත්වයන් හේතුවෙන් වතාවත් කාලයත් අඩු කරන්නට සිදු වුණා. මට අවුරුදු 64 වෙනකොට 3000 වතාවක් පූජාව පවත්වපු තැන පූජාව පවත්වන්නට සිදු වුණේ 2000 වතාවක්  පමණයි. වරක් මම අධික ලෙසම අසනීප වුණා. ඒ වෙද්දී වතාවත් ප්‍රමාණය 1000 දක්වා අඩු වුණා. දැන් මම ගොඩක් වයසයි. අසනීප තත්ත්වයන් වැඩියි. ඒ නිසා දිනකට 500 වතාවකට වඩා  වතාවත් කරන්න ලැබෙන්නේ නැහැ. ශීත කාලයට වතාවත් කිරීම අඩු වුණත් අනිත් කාලවලට දහස් වතාවක්වත් ‘වත් පිළිවෙත්’ කරන්න උත්සාහ කරනවා. මගේ පාද ස්පර්ශ වූ ස්ථානය මේ තරම් ප්‍රසිද්ධියට පත්වෙයි කියලා මම හිතුවේ නැහැ.’

හුවා චි භික්ෂූන් වහන්සේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාව පිළිබඳ ආචාර්යවරයෙකි. එතුමා මෙම ස්ථානයට පැමිණෙන විට මෙය ඖෂධ පැළෑටිවලින් පිරුණු වනාන්තරයක්ව පැවැතිණි.  මේ වනවිට සැදැහැවතුන් ගෙන් ගහන වුවද ඉන් පරිසරයට හානිකර තත්ත්වයක් ඇති නොකරන්නට උන් වහන්සේ දැඩි ලෙසම කැප වී සිටී. 
10-1
ක්‍රිස්තු වර්ෂ 1300 දී පමණ කුඩා කුටියක්  තනාගෙන භාවනානුයෝගීව වැඩ වාසය කළ භික්ෂූන් වහන්සේ දෙනමකින් ආරම්භ වූ මෙම විහාරස්ථානය, වර්තමානය වන විට චීනයේ පමණක් නොව මුළු මහත් ලෝකයේම අවධානය දිනා ඇති විහාර භූමියකි. එසේම වයස අවුරුදු හයේ සිට අනූව දක්වා වයස් කාණ්ඩවල භික්ෂූන් වහන්සේලා මෙහි වැඩ වාසය කරති. ඒ සියලුම භික්ෂූන්ට තම තමන්ට වෙන් වූ කුඩා කුටි තිබේ. ඒ භාවනා කටයුතු කිසිඳු කරදරයකින් තොරව කරගැනීම සඳහාය.

‘මේ භවයේදී නිවන් මග අවබෝධ කර ගැනීම මගේ අරමුණ නොවෙයි. මිනිසුන් වෙනුවෙන් කරන්නට තිබෙන තව වැඩකටයුතු බොහෝමයි. මගේ එකම පැතුම මේ භවයේ මතකයත් සමග ඊළඟ භවයේ මිනිස් උත්පත්තියක් ලැබිමයි. ඊළඟ භවයෙන් පසු මම නිවන් මග ප්‍රාර්ථනය කරන්නේ මගෙන් ලෝක වැසියන්ට ඉටු විය යුතු යුතුකම් ඉටු කළ පසුවයි’ උන් වහන්සේ පවසති.

දුලංජලී මුතුවාඩිගේ 

Feb 14, 2013

බොදු බල සේනා නිල නිවේදනය යි!




ගෞරවනීය මහාසංඝයා වහන්ස;
දෑ හිතකාමී ගිහි පින්වතුනි;
                          බොදු බල සේනා නිල නිවේදනය යි!

සිංහලයෝ උතුම් සම්ප්‍රදායක් ද, උතුම් සාහිත්‍යයක් ද, උතුම් ආගමක් ද සතු වූවෝ වෙති. කාලයාගේ භීෂණවලට මුහුණ දෙමින් ඒ සා දීර්ඝ කාලයක් තුළ තම අනන්යමතාව සිංලයන් තරම් රැකගත් අන්‍ය ජාතියක් ගැන පරිණාමය පිළිබඳ ඉතිහාසයට පෙන්වා දිය හැකි ය. අපට වඩා දීප්තිමත් ඉතිහාසයක් සතු ජාතියක් ලොවෙහි තවත් නැත. “අත්තාහි අත්තනෝ නාථො කොහි නාථො පරෝසියා” තමන් හිසට තම අතමය සෙවණැල්ල කියන්නාක් මෙන් සිංහල ජාතියේ රක්ෂාවරණය කෙරෙහි අපි සැලකිලිමත් විය යුතු ය. මන්දයත්, අපට පිහිට අපම ය. අපට අන් කවරෙකුගේ පිහිටක් ද? අපට ඇත්තේ ද මේ අල්ලක් තරම් වූ පුංචි දේශය පමණකි. නමුදු, බෞද්ධාභාෂය ලැබූ අපි ලෝක ඉතිහාසය තුළ මහේශාඛ්යේ වූ ජාතියක් වන්නෙමු. එහෙයින්, අප රටත් - ජාතියත් - සම්බුදු සසුනත් රැකගැනීමේ උතුම් හා භාරදූර්ය වගකීම, කාර්යභාර්යය අප හමුවෙහි ඇත්තේ ය. ඒ වෙනුවෙන් නූතන ගෝලීය අභියෝගයන් හා ඝට්ඨනය වෙමින් ඒ සමඟ මහා දැවැන්ත අරගලයක් කළ යුත්තෙමු. ඒ වූ කලි හුදෙක් වැල යන අතට මැස්ස ගසන්නාක් මෙන් දුවන්නන් වාලේ ඔහේ දිවයාමක් නො ව, ව්‍යවස්ථාමය අරගලයකි. “අප කාර්යශීලී විය යුතු ය; කාර්යශීලීත්වය නම් ව්‍යවස්ථානුකූල ක්‍රම අනුව උද්ඝෝෂණයෙහි නියැලීම යි.” යනුවෙන් අනගාරික ධර්මපාලතුමන් අවධාරණය කළේ එහෙයිනි. මේ කියන උද්ඝෝෂණයෙහි නියැලීම නම් නැති අර්බුද ඇති කොට, ඇති අර්බුද වැඩි කරන ක්‍රමවේදයන් ගැන නම් නො වේ.

අධිරාජ්‍යවාදීන්ගේ පටු අරමුණුවලට වහල් වූ සිංහලයන් පරගැතිභාවයෙන් මුදවාගෙන සිය රට - දැය සමයෙහි පිහිටුවනු වස් එදා ගිහි - පැවිදි පිරිස් පෙරමුණ ගෙන ක්‍රියා කරමින් යුගයේ අති දැවැන්ත කාර්යභාර්යයක් ඉටු කළ බව අපි දනිමු. තිස් වසරකට අධික කුරිරු බෙදුමවාදී දමිළ ඊළාම් ත්‍රස්තවාදය නිමා කරමින් සාමයේ අරුණළු නැගෙන මේ යුගයේද අපට අවැසිව ඇත්තේ එවැනිම වූ නව හෙළ බොදු ජාතික පුනරුද ව්‍යාපාරයකි. ත්‍රස්තවාදය නිසා වසර තිහකින් ආපස්සට ගිය අප පුණ්‍යවන්ත දේශය යළිඳු නඟා සිටුවීමට නම් යෝධ ඉදිරි පිම්මක් තැබීමේ බලවත් අවශ්‍යතාව පැනනැඟී ඇත. එය සිදු කිරීමට නම් නිද්‍රාශීලී සිංහලයා අවදි කළ යුතු ය. එය කළ හැක්කේ අවස්ථාවාදී අරමුණු පෙරදැරි කරගත් දේශපාලඥයින්ට නො ව, සිංහල ජාතියට කවදත් සංයත නායකත්ව සැපැයූ ගෞරවනීය මහා සංඝරත්නයට ය. මේ වග හරියාකාරව වටහා ගන්නට තරම් සබුද්ධික මනස් ඇත්තවුන් විරල වූ හෙයින්, ත්‍රස්තවාදය නිමා වෙද්දී සිංහල දේශය තුළ සිංහලයාම බලවත් අසරණභාවයකට පත්ව ඇත. වසර දෙදහස් පන්සියයකට අධික කාලයක් තිස්සේ දිවිහිමියෙන් අවිච්ඡින්නව රැකගෙන ආ තථාගත අංගීරස ධර්මයටත්, මහාකරුණා ශාසනයටත් අත්ව ඇත්තේ පෙර ඉතිහාසයේ නොවූ විරූ තරමේ දරුණු ඛේදවාචකයකි. එය අද ශාසනික කඳ පණුවන්ගේත්, අන්‍යාගමික මූලධර්මවාදීන්ගේත්, නිවට දේශපාලඥයන්ගේත් ග්‍රහණයට පත්ව පරාර්ථසාධනයෙන් බැහැර වූ අතකොළුවක් වී ඇත. මේ තත්ත්වයෙන් රට - දැය - සමය මුදා ගැනීමට “අපි කැපවෙමු යි; අපි කැපවෙමු යි” කියමින් ඊනියා ධවල චරිත බොහොමයක් ජාතිය ඉදිරියේ පෙනී සිටින බවක් ද අපි දකිමු. නමුදු, එයින් බොහොමයක් කල්ලිවාදීහු වෙති. මිතුරු වෙසින් සිටින ජාතියේ අළුගෝසුවන් ම වෙති. ඔවුන් අතරින් බොහොමයකට සිංහලකම - බෞද්ධකම ඉස්මතු කර පෙන්වීම යනු තම බඩ වඩා ගැනීමේ අත්තනෝමතික වාණිජ පරමාර්ථයක්ම පමණි. එයට දිය හැකි සරලම නිර්වචනය නම් “අමු අමුවේ ම ජාතිය විකුණන් කෑම” යන්න යි. අද වන විට අසංවිධිත වූ සිංහල ජාතිය සංවිධිත කිරීමට තරම් නිවැරදි දැක්මක්, ඉලක්කයක්, වැඩපිළිවෙලක් නොමැති ඔවුහු අයාලේ යමින් මුළු මහත් ජාතිය ම අයාලේ යවති. එහෙයින්, අපි තවමත් කොට උඩ ය. අපගේ අනාගතය තවමත් අවිනිශ්චිත ය. අද ආසියාවේ ඓශ්වර්යයක් ගැන කතා කරන සිංහලයාගේ අවසන් පුරුකත් හෙට ඒ ඓශ්වර්යය උදාවන විට මිහිමතින් තුරන් ව සිටිනු ඇත. එසඳ මේ ධර්මද්වීපය මිත්‍යා දෘෂ්ටිය වපුරන ලැජ්ජා - බිය නැති අලජ්ජි පාපතරයින්ගේ මර්මස්ථානයක් වනු ඇත. ඒ සැහැසි අභියෝගයෙන් මිදෙමින්, ජාතිය රවටන වංචනික වූ ගතානුගතික න්‍යායපත්‍රයෙන් මිදෙමින් ජාතියට සංයත වූ සැබෑ නායකත්වයක් සැපැයිය හැකි මහා දැවැන්ත බෞද්ධ බලවේගයක් බිහිවිය යුතු යි යන අදහස, මේ විනාශය දෙස බලා කලකිරී සිටි බොහෝ දෙනෙකුගේ චිත්ත සන්තානයන් තුළ කලක පටන් පැළපදියම් වී තිබිණි. භික්ෂු - භික්ෂුණී - උපාසක - උපාසිකා යන සිව්වණක් පිරිස සමගම අධිෂ්ඨානශීලී ව පෙළගැසෙමින්, දැයේ - සසුනේ ආරක්ෂාව ආරක්ෂාව උදෙසා බොදු බල සේනා ජයකෙහෙළි නංවන්නේ බොහෝ දෙනෙකු තුළ පැවැති ඒ අපේක්ෂාවන් මුදුන්පත් කරවමිනි. සිංහල ජාතියේත්, ශ්‍රී  සම්බුද්ධ ශාසනයේත් අනාගතය පිළිබඳ අවසන් බලාපොරොත්තුවත් කඩකරගෙන සිටි ජාතියට අපි නැවුම් බලාපොරොත්තුවක්, දැක්මක්, ස්ථාවර වැඩපිළිවෙලක්, හා සැනසුම් සුසුමක් එක්කළෙමු.

තමන් නොපුරන වත්පිළිවෙත් අනුන් ලවා පුරවන්නටත්, තමන් නොඅසන බණ අනුන් ලවා අස්සවන්නටත්, තමන් නොරකින සිල් අනුන් ලවා රක්කවන්නටත් අද ඇතැමෙකු තුළ ඇත්තේ මහ පුදුම ඕනෑකමකි. තවත් ඇතැමෙකුට කෙටිමං ඔස්සේ නිවන් දැක්කවීමට ඇත්තේද මහ පුදුම හදිස්සියකි. තවත් එකෙක්, මෙත් බෝසතුන්ගේ ආසනයත් රත්වන ආකාරයේ කෙප්ප කෙබර බේගල් ඇදබාමින් “සමන්තභද්‍රලා” වෙති; සසුන රඟමඬලක් කරගෙන විකාර නටති. බුදුමාළිගා පහළව බුදුන් දේවදූතයන් සේ පෙළගස්වති. සමහරෙක් මෙතේ බුදුවරු වෙති. මෛත්‍රී බුද්ධාස් ප්‍රොජෙක්ට් කරති. ලංකාව පුරාම බුදුවරු තිහකට අධික ප්‍රමාණයක් පහළව සිටිති. සෝවාන් - සකෘදාගාමී - අනාගාමී - මහරහත් උපාධි සම්මාන සහතික පිරිනමති. මේවාට ඉතා ඉක්මනින් විසඳුම්, පිළියම් යොදා නොගතහොත් අංගොඩ, මුල්ලේරියාවේ තවත් මන්ද මානසික රෝහලක් පිහිටුවන්නට සිදුවේවි. මන්දයත්, අවසානයේදී බොහෝ දෙනා මේ ව්‍යාකූල තත්ත්වයෙන් පිස්සන් වන බැවිනි. ඒ බව අවබෝධ කරගෙන අපි පළමුව ගාල්ල වඳුරඹ කටඹුරාවේ සිරා දෙසට හැරුණෙමු. හෙතෙම තමන් මෛත්‍රීය බුදුන් යැයි හදුන්වා දෙමින්, ජාත්‍යන්තර ප්‍රජාවගෙන් කෝටි ගණන් මුදල් ගරමින්, තමන්ගේ ශ්‍රාවකයන්ටද බුදු බව ප්‍රදානය කරමින්, සුවිසල් මහා මන්දිර ගොඩනඟමින්, ත්‍රිපිටකය බැහැර කොට තථාගත බුද්ධ වචනයත් විකෘති කරමින්, මෛත්‍රී බුද්ධාස් ප්‍රොජෙක්ට් කළ අයෙකි. අටදහසක් පිරිවරා ඒ අකලට පහළ වූ මෙතේ බුදුන් දකින්නට අපි ගියෙමු. රට පුරා මහත් ආන්දෝලනයක් ඇති විය. බුදු සසුනට එරෙහි බලවේග පිළිබඳ රටේ මහතැන්වල සිට පුංචි දරුවා දක්වාම ඉහමොළ රත්වෙන්නට විය. ‘අනේ! අපොයි!’ යැයි සියල්ලෝ ම හූල්ලන්නට වූහ. එතැන් සිට ජාතියට නායකත්වය දුන් බොදු බල සේනාව ඉතිහාසයේ අප විසින් වරද්දාගත්තු තැන්, වරද්දපු තැන් මැනැවින් හඳුනාගෙන ඉදිරි අභියෝගයන්ට මුහුණ දීමේ අභිලාෂයෙන් සැදී පැහැදී සිටියෙමු. සිංහල ජාතිය සංවිධානාත්මකව ගොඩනැංවීමෙහිලා ඉටුකළ යුතු කාර්යභාර්යය කුමක්දැයි විමර්ශනයට ලක්කළෙමු. 

මෙරට ජාතික - ශාසනික ඉතිහාසයේ ඓතිහාසික දිනයක් සනිටුහන් කරමින් 2012. 07. 28 වැනි දින කොළඹ - බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී කතිකාවතක ඇරඹුම - බොදු බල සේනා මහසඟ සමුළුව පවත්වා දැයේ - සසුනේ ආරක්ෂාව උදෙසා සංඝ සම්මතයෙන් විශේෂ යෝජනාවලියක් සම්මත කරගන්නා ලදී. ඉනික්බිති, ඒ යෝජනාවලිය සම්මත කරගනිමින් සිංහල බෞද්ධයාට අහිමි වූ සහ අහිමි කළ ඉල්ලිම් - අයිතිවාසිකම් දිනා දීම වෙනුවෙන් බොදු බල සේනා අදිටනින් පෙළගැසෙන ලදී. එකී යෝජනාවන්ට අමතරව බෞද්ධ සමාජයක්, අභීත - අදීන භක්ෂු පරපුරක්, භික්ෂු අධ්‍යාපනය නවීකරණය කිරීම හා ප්‍රතිසංවිධානය කිරීම, බෞද්ධ විහාරස්ථානය ප්‍රාදේශීය සංවර්ධන මධ්‍යස්ථානයක් ලෙස දියුණු කිරීම, මෙහෙණි සසුන සංවර්ධනය කිරීම, දුෂ්කර තත්ත්ව යටතේ කටයුතු කරන බෞද්ධයින්ගේ හා බෞද්ධ සිද්ධස්ථානවල සංවර්ධනය සිදු කිරීම, ධර්ම ප්‍රචාරය හා ශ්‍රී ලංකාවේ කීර්තිය ගොඩනැංවීම, බෞද්ධ සංවර්ධනය සඳහා සහයෝගය දක්වන සංවිධාන ගොඩනැඟීම හා ජාලගත කිරීම, බෞද්ධ සංවර්ධනය සඳහා අරමුදල් ස්ථාපිත කිරීම, බෞද්ධ ව්‍යාපාර/ව්‍යවසායකත්වය ගොඩනැඟීම හා ආරක්ෂා කිරීම, බෞද්ධ පුරාවිද්‍යාත්මක ස්ථාන සුරැකීම, බෞද්ධ විරෝධී අභියෝගයවලට මුහුණ දී ආරක්ෂා වීම සඳහා පියවර ගැනීම යන අභිමතාර්ථයන් මුදුන්පත් කරගනිමින් බොදු බල සේනාව ජාතියට නායකත්වය සපයන ලදී. ඒ වෙනුවෙන් බෞද්ධ නායකත්ව පුහුණු ආයතන, බෞද්ධ දුග්ගන්නාරාල සේවය, බොදු බල සේනා සෞඛ්‍ය වැඩසටහන්, බොදු බල සේනා නීති ආධාර අංශය, බෞද්ධ බැංකුව, බෞද්ධ සංවර්ධන භාර අරමුදල, බෞද්ධ ව්‍යාපාර සම්මේලනය, බොදු බල සේනා සමාජ ඒකාබද්ධතා වැඩසටහන යන අංශ පිහිටුවීමට සම්මත වූ අතර, ඒවායින් වැඩි ප්‍රමාණයක් දැනටමත් ආරම්භ කොට සාර්ථක ඉලක්කයන් කරා ළඟා වෙමින් සිටී.
ඉතා කෙටි කලක් තුළ අනේකවිධ දුක්කරදර බාධක කම්කටොළුවලට මුහුණ දෙමින් අප ආ ගමනේ වැදගත් සංධිස්ථාන කිහිපයක් හා අප විසින් ජාතියට අත්කරදුන් සුවිශේෂී ජයග්‍රහණ කිහිපයක් පමණක් ගෙනහැර දක්වමු.

  • "ශාසනය නම් වූ අපේ වත්ත වසර එකහමාරක් ඇතුළත අපිම ශුද්ධ කරනවා" යන උත්තරීතර පරමාර්ථයෙන් යුතුව ශාසනික මෙහෙවර ආරම්භ කරමින් වඳුරඹ සිරිවර්ධනගෙන් පටන් ගෙන බුදු සසුන වනසන කඳ පණුවන්ට එරෙහි දැවැන්ත ක්‍රියාදාමයක් ගෙන යාම. එහිදී බුදු දහමටත්, බුදුසසුනටත් මුවාවී, ත්‍රිවිධ රත්නයේ නාමයෙන් ලක්ෂ ගණනින්, ඇතැම් විට කෝටි ගණනින් මුදල් ගරන මහාපරිමාණ ජාවාරම්කරුවන් හා කල්ලිවාදීන් පිළිබඳව රටට හෙළිදරව් කිරීම හා ඔවුනට එරෙහිව නිසි නීතිමය පියවර ගැනීම. එසේ ඇතිකළ සමාජ බලවේගය හේතුවෙන් එවැනි  සසුනට ව්‍යසනකාරී අභ්‍යන්තරික තත්ත්වයන් බොහෝ සෙයින් පාලනය කරගැනීමට හැකිවිය.
  • බොදු බල සේනා මහසඟ සමුළුව හා නිදසට පෙර හා පසුව රට වෙනුවෙන් දිවි පිදූ හා රට කෙරෙහි වෛරයෙන් මියපරලොව ගිය සියලු දෙනාටම පිං අනුමෝදන් කොට භික්ෂූන් වහන්සේ දහස් නමකට අධික ප්‍රමාණයක් විෂයෙහි පවත්වන ලද මහා දානමය පුණ්‍යකර්මය (බොදු බල සේනා යෝජනාවලිය සම්මත වූයේ මෙම සඟ සමුළුවේදීය.)
  • නීත්‍යනුකුල වඳ සැත්කම් හා ගබ්සා කටයුතු සිදුකරන මුවාවෙන් නීති විරෝධී අන්දමින් සිංහල ජාතිය වඳ කිරීම සඳහා ඉතා සුක්ෂම සැලසුම් සහගත කුමන්ත්‍රණ දියත් කරමින් දශක ගණනාවක පටන් මේ රට තුළ පැළපදියම් වෙමින්, නීතිමය රැකවරණයද ලබමින් නිදහසේ අත්තනෝමතික අන්දමින් ක්‍රියාත්මක වූ එංගලන්ත රාජ්‍ය නොවන සංවිධාන දෙකක් වන MSI හා PSL සංවිධාන රටින් පිටුවහල් කිරීමට පියවර ගැනීම. ඔවුන් විසින් සිංහල ජාතිය වඳ කිරීම සඳහා සුදු අධිරාජ්‍යවාදයේ බලහත්කාරය සිංහලයන් පිට පැටවීමේ කුමන්ත්‍රණය පිළිබඳ ඉතා රහසිගත වූ සියලු තොරතුරු පවා රටට හෙළිදරව් කිරීමට අපට මෙහිදී හැකියාව ලැබිණ. එසේම,  මින් මතු වඳ සැත්කම් හා ගබ්සා කටයුතු නීත්‍යනුකූල අන්දමින් ඉතා විධිමත්ව සිදුකිරීම සඳහා රාජ්‍ය අංශය මැදිහත් කරවීමට හැකිවීම. තවමත් නීති විරෝධී ගබ්සා කටයුතු හා වන්ද්‍යාකරණ ව්‍යාපෘති සිදුවෙත් නම් අපගේ විමර්ශන අංශයත්, මෙහෙයුම් අංශයත් ඒවා වැළැක්වීම නිරන්තර අවදියෙන් හා සූදානමින් සිටින බවද අවධාරණය කරමු.
  • බංගලාදේශයේ චිතගොං කඳුකරයේ ස්වදේශීය බෞද්ධ ගම්මාන 15ක් පමණ ගිනි තබමින් ඉස්ලාමීය අන්තවාදීන් විසින් සිදු කරන ලද මහා බෞද්ධ සංහාරයට එරෙහිව සාමකාමී විරෝධතා පාගමනක් හා ලෝක බෞද්ධ ප්‍රජාවගේ ආරක්ෂාව ප්‍රාර්ථනා කොට සත්‍යග්‍රහයක් පැවැත්වීම. මෙහිදී අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ලෝක බෞද්ධ ප්‍රජාව වෙනුවෙන් බොදු බල සේනා සංවිධානය විසින් විශේෂ සන්දේශයක්ද බංගලාදේශ මහකොමසාරිස් කාර්යාලය වෙත භාර දෙන ලදී.
  • මෙරට ආගමික නිදහස අත්තනෝමතික ලෙස භාවිත කරමින් අපේ බෞද්ධයන් බිලී බා ගැනීම සඳහා ක්‍රිස්තියානි මූලධර්මවාදී කල්ලි කණ්ඩායම් විසින් බොහොම කාලාන්තරයක සිට හිතුමතයේ ක්‍රියාත්මක වන බව කාටත් නොරහසකි. මේ නිසා අධිරාජ්‍යවාදී යුගයේදීවත් සිදු නොවුණු අන්දමට හතු පිපෙන්නාක් මෙන් අන්‍යාගම්කරණය ඉතා දැඩි ලෙස හා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත විය. අන්‍යාගම්කරණ වැඩපිළිවෙල සඳහා විවිධ ස්වරූපවලින් පෙනී සිටිමින් මෙරට සමාගම් පනත යටතේ ලියාපදිංචි වී ඇති ආයතන ප්‍රමාණය 400කට අධිකය. මොවුන් විසින් මේ අන්‍යාගම්කරණය හරහා සිදුකරනුයේ රට අස්ථාවර කිරීම සඳහා රටේ සාමය කඩ කිරීමකි. එවිට ජාත්‍යන්තර ප්‍රජාවට හා කූඨ අධිරාජ්‍යනවාදීනට මේ රටේ අභ්‍යන්තරයට ඇඟිලි ගැසීමට වැඩි ඉඩකඩක් ලැබේ. මෙහිලා සාම්ප්‍රදායික කතෝලික මූලධර්මවාදයට වඩා විශේෂයෙන් ක්‍රිස්තියානි ඉවැන්ජලිකල් මූලධර්මවාදය දැඩිව බලපෑම් කරනු ලබයි. බෞද්ධයන් පමණක් නොව, සාම්ප්‍රදායික කතෝලික ජනතාවද, හින්දු දහම අදහන ජනතාවද මෙම අසම්මත ක්‍රිස්තියානිකරණය හරහා දැඩි බලපෑම්වලට ලක්වෙයි. එහෙයින් අන්‍යාගම්කරණයට වැට බැඳීමේදී බෞද්ධ - හින්දු එකමුතුවක් නිර්මාණය කර ගැනීමට අපට සමත් විය. මාතර දෙනියායේ පැවැති බොදු සමුළුව එම බෞද්ධ - හින්දු එකමුතුවට හොඳම උදාහරණයකි. නමුදු, මූලධර්මවාදය මත පමණක් පිහිටා ක්‍රියා කරන මුස්ලිම් ජනතාව මෙම අන්‍යාගම්කරණයට හසු නොවේ. කෙසේ වෙතත්, මේවා වැළැක්වීමට රජය හෝ අන් කිසිඳු ආයතනයක් පියවර නොගන්නා හෙයින් අදාළ තත්ත්වයන්ට එරෙහිව නැඟී සිටීමට අපට සිදුවිය. මෙම අන්‍යාගම්කරණ ක්‍රියාවලිය කොතරම් දැඩිව හා අන්තවාදීව ක්‍රියාත්මක වන්නේද කිවතොත් බෞද්ධයන් ලවාම බුදු පිළිම පොළොවේ ගසා කුඩු පට්ටම් කොට පුළුස්සා දමන තත්ත්වයකට පත්වී තිබේ. එවැනි තත්ත්වයක් පවතිද්දීත් මේ රටේ නීතිය මඟින් බෞද්ධයන්ව තවදුරටත් තලා පෙලා පාගා දමනු ලබයි. බෞද්ධයනට තමන්ගේ දුක් ගැනවිලි ඉදිරිපත් කිරීමට අද කිසිවෙකුත් නැත. එහෙයින්, බොදු බල සේනා මැදිහත්වීමෙන් අසම්මත ක්‍රිස්තියානිකරණය (අන්‍යාගම්කරණය) මැඩපැවැත්වීමට ඉකුත් කාලය ගනු ලැබූ ක්‍රියාමාර්ග කිසිවෙකුටත් රහසක් නොවේ. සාම්ප්‍රදායික කතෝලික පල්ලියෙන්ද බොදු බල සේනාවට නිර්ලෝභීව ප්‍රශංසා හිමි වූ බවද මෙහිදී සඳහන් කළ යුතුය.
  • බුදුදහම හා බුදුරුව විකෘති කරමින් අපහාසාත්මක අන්දමින් බුදුසසුනට නිගා දෙමින් ගෙන ගිය අන්‍යාගමික මූලධර්මවාදී ප්‍රයත්නයන් ඉතා දැඩි ලෙස වැළැක්වීමට අපට හැකි විය. රට පුරා කඩපිළක් කඩපිළක් පාසා අපගේ විමර්ශන අංශයේ නොමඳ අවධානය යොමු විය. බුදුරුව යෙදූ ඇඳුම් ආයිත්තම්, පැළඳුම් මෙන්ම වෙනත් නිමිද්රුව්‍යයද අත්තඩංගුවට ගැනීමට හැකි විය. බුදුදහමට නිගා දෙන අන්දමින් ධර්මද්වීපයෙත් "බුද්ධ බාර්" ආරම්භ වෙද්දී අදාළ තක්කඩි ක්‍රියාදාමයන් ඒ අවස්ථාවේදීම මුලිනුපුටා දැමීමට බොදු බල සේනාව සමත් විය. එසේම, මුළු මහත් රටේම මේ සම්බන්ධයෙන් විශාල පිබිදවීමක් ඇතිකරලීම තුළින් බෞද්ධ ජනතාව අවදියෙන් තබන්නට හැකිවිය.
  • මොට්ටයාගල ඇතුළුව නැගෙනහිර ඓතිහාසික බෞද්ධ උරුමය ඩෝසර් වනවිට, වගකිවයුත්තන් මුනිවත රකින විට පටිසෝතගාමී උජුපටිපන්න ජාතික ශාසනික සේවාවක නිරත වන අපට තවදුරටත් නිහඬව බලා සිටිය නොහැකි වූයේ ලෝක ඉතිහාසය තුළ අපි කිසිකලෙකත් නිවටයින් නොවූ නිසාවෙනි. රටේ ඉතිහාසය ගැන හසරක් නොදන්නා අන්‍යාගමික අන්තවාදීන් මූලධර්මවාදීන් විසින් වනසා දැමූ සෑම බොදු පුදබිමකටම වැඩම කරමින් ඒ පිළිබඳව තතු රටට හෙළිදරව් කරමින් ජනතාවගේත්, බලධාරීන්ගෙත් ඇස් ඇරවීමට අපට හැකිවිය. 2600 වැනි ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් අවම තරමින් මෙරට ඓතිහාසික බෞද්ධ උරුමය ආරක්ෂා කිරීමට රජය කවර නම් පියවරක් අනුගමනය කළේද යන්න බලවත් ප්‍රශ්නයකි. අනුරපුර මහමෙව්නාවේ බලහත්කාරයෙන් අනවසරයෙන් අල්වාගත් ඉඩමක තැනූ මුස්ලිම් යාඥා මඩුවකට තවත් ඉස්ලාමීය නිකායිකයන් පිරිසක් විසින් ගිනි තැබූ අවස්ථාවේදී එම වරදත් බෞද්ධයන්ගේ ගිණුමට බැර කොට අලුතින් පල්ලියක් ඉදිකිරීම සඳහා පාලක රජය රුපියල් ලක්ෂ පහක මුදලක් ලබා දෙද්දී ඩෝසර් වූ අපේ ඉපැරණි දාගැබ්වල වටිනාකම කෙරෙහි කවර නම් තක්සේරුවක් ලබා දුන්නේද යන ගැටලුව අපට පැනනැඟුණි. තෙවරක් බුදුන්ට පිදූ මේ බෞද්ධ රටේ තථාගත අංගීරස ධර්මය නම් වූ සම්යනක් දෘෂ්ටිය වනසා බෞද්ධ උරුමය දෙදරවාගෙන අලුතෙන් මුස්ලිම් පල්ලි තනමින් මිත්‍යා දෘෂ්ටිය වපුරන්නට රජය කෝටි ගණන් වැය කරද්දී දෙදහස් පන්සිය වසකට අධික අපේ ඓතිහාසික බෞද්ධ උරුමය හා අයිතිවාසිකම් රැකගන්නට නොනිමි අරගලයක නිරතවන්නට අපට සිදු විය. ඒ අනුව, මහාසංඝරත්නය පිරිවරාගෙන පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව වටලා ගතයුතු උපරිම ක්‍රියාමාර්ගය ගැනීමට අපි පසුබට නොවීමු. ඒ අනුව, මෙතෙක් ගැසට් කර නොතිබූ ඓතිහාසික පුරාවිද්‍යාත්මක නටඹුන් හා ස්මාරක සියල්ල වහාම ගැසට් කිරීමටත් අදාළ ස්ථානයන්හි නාමපුවරු සවිකිරීමටත්, ජාතික උරුමයන් වනසා දමන්නට තතනනා මූලධර්මවාදීන්ට එරෙහිව උපරිම නීතිමය පියවර ගැනීමටත් වගකිවයුත්තන්ගේ අවධානය යොමු කරවීමට අපි සමත් වීමු. ලෝක ඉතිහාසය පුරාවටම නිර්මල ථෙරවාදය ස්ථාවරව පවත්නා වූ ප්‍රබල බෞද්ධ රටක් වන අපට අපගේ ජාතික අනන්‍යතාව තහවුරු කිරීමට ඇති ඒකායන මාර්ගය ඓතිහාසික ජාතික උරුමයන් සුරැකීමයි. මේ රටේ සෑම බිම් අඟලක් අඟලක් පාසාම විසිර පැතිරී වැළලී පවතිනුයේ බෞද්ධ නටඹුන් හා ස්මාරකය. ඒ වෙනුවෙන් අරගල කළ අපි ජාතියට සුවිසල් ජයග්‍රහණ රැසක් අත්කර දුනිමු. ඒ අපගේ අනාගත පරපුර වෙනුවෙනි.
  • පසුගිය කාලයේ මහවැසි සමයේදී ඟංවතුරින් පීඩාවට පත් ජනතාවට ජාති - කුල - ආගම් භේද නොසලකා පිහිට වීමටත්, ඔවුනගේ මූලික අවශ්‍යතාවන් ඉෂ්ට කරදීමටත්, එක්රැස් කළ ආධාර බෙදාදීමේ වැඩසටහනක් සාර්ථකව ක්‍රියාත්මක කිරීමටත් බොදු බල සේනාවට හැකි විය'
  • මහරගම නව පිළිකා රෝහලේ ආගමික කටයුතු සම්බන්ධයෙන් ඇති වූ අර්බුදය ශුභවාදී ලෙසින් නිරාකරණය කරදීම. අදාළ සිද්ධිය සැකෙවින් මෙසේය. දැනට පවතින මහරගම පිළිකා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන පිළිකා රෝගීන් සඳහා ඉඩකඩ හා සම්පත් ඌනතාවක් පවතී. සාර්ථක ප්‍රතිකර්ම සිදුකිරීම සඳහා අවශ්‍යය ප්‍රමාණවත් තරම් නවීන තාක්ෂණික පහසුකම් පවා නොමැති තත්ත්වයකි පවතිනුයේ. දැනටත් නේවාසික ප්‍රතිකාර ලබන රෝගීන් බොහෝ ප්‍රමාණයක් රෝහලේ ඉඩපහසුකම් මඳ හෙයින් නතර වී සිටිනුයේ යාබද විහාරස්ථානයකය. නමුත්, මහරගම පිළිකා රෝහල දැනට පවතින තත්ත්වයෙන් හෝ පවත්වාගෙන යාමට හැකි වී තිබෙන්නේ රෝහල් අධ්‍යක්ෂ කනිෂ්ක කරුණාරත්න මහතාගේ නොමඳ කැපවීම නිසාය. තමන්ට රජයෙන් ලැබුණු නිල රථය හෝ නිල නිවසවත් පෞද්ගලික පරිහරණයට නොගෙන එතුමා ඒ සියල්ල රෝහලේ රෝගීන්ගේ ප්‍රතිකාර කටයුතු වෙනුවෙන් පරිත්‍යාග කරමින් ඉතා අවංක වූ සේවාවක් හදවතින් ඉටු කරන්නෙකි. කෙසේ වෙතත්, රෝහලේ පවතින අඩුපාඩුකම් සියල්ල මඟ හරවා ගනිමින් නවීන පහසුකම්වලින් හා සියලු තාක්ෂණික අංගෝපාංගයන්ගෙන් සමන්විත පිළිකා රෝහලක් රුපියල් කෝටි 1,500ක වියදමින් ඉදි කිරීමට කටයුතු සම්පාදනය වූයේ මේ අතරය. ඒ සඳහාද මූලිකත්වය ගනු ලැබූයේ කනිෂ්ක කරුණාරත්න මහතාය. සියලු කටයුතු ඒ මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ සිදුවිය. උසස් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව එසේ ඉදිවන මහල් හතකින් යුත් නව රෝහල් පරිශ්‍රය සඳහා අවශ්‍යය මූල්‍යමය දායකත්වය දැක්වීමට ඉදිරිපත්ව සිටියේ 'රසාවි කම්ප්ලෙක්ස්' නම් ආයතනයයි. රෝහල ඉදි වූ පසු රෝගීනට හා රෝගීන් බැලීමට පැමිණෙන ඤාතීනට රෝහල් පරිශ්‍රය තුළදීම තමතමන්ගේ ආගම නිදහසේ ඇදහීම සඳහා අවශ්‍යය ඉඩකඩ සලසා දීම සඳහා සෑම මහලකම වෙනමම ස්ථානයක් සකස් කිරීමට සැලසුම් කොට තිබුණේ දැවැන්ත රෝහල් පරිශ්‍රයක් තුළ රෝගීනට සිදුවන අවහිරතා මඟහරවා ගැනීම සඳහාය. නමුත්, වැඩිඉඩක් ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් රෝහලේ ඉදිකිරීම් කටයුතු සඳහා දෙවෙනි සැලැසුම සකස් කරද්දී අදාළ ආගමික ස්ථානයන් කිසිඳු මහලක් සඳහා ඇතුළත් නොකිරීමටත්, අවශ්‍යය නම් පමණක් ඒ සඳහා රෝහල් භූමිය තුළම බාහිරව වෙනමම ස්ථානයක් සකසා දීමටත් (දැනට පවතින පිළිකා රෝහලේ ඇතිවාක් මෙන්) තීරණය විය. ඉදිවන රෝහලෙහි පිඹුරුපත් සියල්ල අප සංවිධානය සතුව පවතී. කෙසේ වෙතත්, කිසියම් වැරදි මඟ පෙන්වීමක් නිසා අදාළ කරුණු කාරණා පිළිබඳව හරිහැටි නොදත් මුග්ධ ලෙස ක්‍රියා කළ ඇතැම් පුද්ගලයින් හා කල්ලිකණ්ඩායම් විසින් මහරගම පිළිකා රෝහලෙහි මුස්ලිම් පල්ලි ඉදිකරන්නට යන බව කියමින් අමූලික අසත්‍යය ප්‍රචාර පතුරුවමින් මහරගමට පැමිණ ඉතාමත් මුග්ධ - අමනෝඥ - අන්තවාදී ලෙසින් හැසිරෙන්නට විය. රෝහලේ ඉදිකිරීම් කටයුතු සඳහා සද්සිතින් දායක වී සිටි අදාළ සමාගමේ නිලධාරීන් හා රෝහල් අධ්‍යක්ෂවරයා ඇතුළ රෝහල් කාර්ය මණ්ඩලයද මේ නිසා බෙහෙවින් කලකිරීමටත්, කලබලයටත් පත්ව සිටියහ. නමුත්, පසුව අදාළ අර්බුදකාරී වාතාවරණය සංසිඳුවමින් ඉදිවන රෝහලේ නිරවද්‍යය තත්ත්වය පිළිබඳ තහවුරුවක් ජනතාවට ලබා දීම සඳහා බොදු බල සේනා සංවිධානයට ආරාධනා කරන ලදී. ඒ අනුව, මහරගම ධර්මායතනයේ උඩුදුම්බර ලංකානන්ද හිමියන් හා ජාතික රෝහලේ ආගමික කටයුතු භාර සුභූති හිමියන් ඇතුළු ධර්මායතනවාසී මහා සංඝරත්නයේද සහභාගීත්වය ඇතුව බොදු බල සේනා මහලේකම් හිමියන්ගේ මූලකත්වයෙන් අදාළ සියලු පාර්ශවයන් ගෙන්වා විධිමත් සාකච්ඡාවක් පවත්වන ලදී. බොදු බල සේනා සම්බන්ධීකාරක අළුත්වැව ආනන්ද හිමියනුත්, බස්නාහිර පළාත් අමාත්‍යය උදය ගම්මන්පිල මහතාත්, රෝහල් අධ්‍යක්ෂ කනිෂ්ක කරුණාරත්න මහතාත් මේ සඳහා එක්ව සිටියහ. අවසානයේදී බොදු බල සේනා මැදිහත් වීමෙන් හුදු අනවබෝධය නිසා ඇතිවූ අර්බුදය මැඩපැවැත්වීමටත් සංසිඳවීමටත් හැකිවිය. බොදු බල සේනා මැදිහත්වීම සිදුනොවන්නට අනුග්‍රාහක භවතුන්ද රෝහලේ ඉදිකිරීම් කටයුතු සඳහා මූල්‍ය දායකත්වය දැක්වීමෙන් ඉවත්ව ගොස් රෝහල ඉදි නොවන තැනට කටයුතු සිද්ධ වන්නට ආසන්නව තිබිණ. එසේ වූවා නම් අපට සිදුවනුයේ බලවත් පාඩුවකි. නමුත්, මෙපරිද්දෙන් රෝහල සම්බන්ධයෙන් තිබූ වැරදි ප්‍රතිරූපය පහව යද්දී රෝහලට එරෙහිව උද්ඝෝෂණයන්හි නිරත වෙමින් අනවශ්‍යය කලබල ඇතිකළ කණ්ඩායම් ඉනික්බිතිවත්, තමතමන් මැදිහත්ව මහරගම පිළිකා රෝහලේ ඉදිකිරීමට නියමිතව තිබූ මුස්ලිම් පල්ලිය ගලවා ඉවත් කිරීමට කටයුතු කළ බවට වැරදි ප්‍රතිරූපයක් මවා පෙන්වමින් තවදුරටත් සමාජය නොමඟ යවන්නට විය. කිසිවක් පිළිබඳ හරිහැටි නොදත් බොහෝ දෙනෙකු කිසිඳු හෙවිල්ලකින් බැලිල්ලකින් තොරව මෙවැනි අඳ බාල ක්‍රියාවන්ට නිරායාසයෙන්ම හසුවීමද කණගාටුවට කාරණයක්මැයි.


ඉදිකිරීමට සැලසුම් කොට ඇති අංගසම්පූර්ණ පිළිකා රෝහල











  • රටේ ඒකීයභාවය වනසා දමමින් යළිත් බෙදුම්වාදී ත්‍රස්තවාදයකට මුලපුරමින් වහාබි - සලාෆි ඉස්ලාමීය මූලධර්මවාදී මතවාද ඔස්සේ "සපරිස්ථාන්" නමින් වෙනමම මුස්ලිම් රාජ්‍යයක් බිහිකර ගැනීමට මුස්ලිම් ජාතිවාදය ඇවිලී යද්දී ඒ පිළිබඳව සියලු තොරතුරු රටට හෙළිදරව් කිරීමටත්, හලාල් මාෆියාව හරහා සමස්ත ලංකා ජම්මියතුල් උලමා සංවිධානය විසින් ගෙන ගිය බලහත්කාරී ක්‍රියාදාමය පිළිබඳව ජනතාව, බලධාරීන් අවදි කරවීමටත් අපට හැකිවිය. නිදහස - සාමය - සහෝදරත්වය - රටේ ඒකීයභාවය සහ සහජීවනය ගරුකරන ජාතියක් වන අපි එකී උත්තරීතර පරමාර්ථය පෙරදැරිව "2013 හලාල් වර්ජන වර්ෂය ලෙස නම් කළෙමු." මුස්ලිම් ජාතිවාදයේ හෙවණැලි වැටෙමින් අධිකරණ පද්ධතිය ක්‍රමානුකූලව මුස්ලිම්කරණය වෙද්දී ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ නීති ප්‍රවේශ විභාගය සම්බන්ධයෙන් ඇති වූ අක්‍රමිකතාවන් සහ අර්බුදයන් සම්බන්ධයෙන් රට අවදි කරවීමටද හැකිවිය. එසේම රට පුරා බොදු සමුළු ගණනාවක් පවත්වමින් විශාල බෞද්ධ පුනර්ජීවනයක් ඇති කරවීමට අපි සමත් වීමු.
  • ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා සමඟ පැවැති විශේෂ සාකච්ඡාව: මෙරට සිංහල බෞද්ධයන්ට බලවත් අසාධාරණකම් සිදු වන්නේය; ඒවාට එරෙහි වෙමින් වැළැක්වීම සඳහා රජය වහාම පියවර ගතයුතු වන්නේය; ඒ වෙනුවෙන් කඩිනමින් බොදු බල සේනාවට රජය සමඟ විධිමත් සාකච්ඡාවක් අවශ්‍යය වන්නේය; අදාළ ඉල්ලීම ඉටු කරදීමට රජය කටයුතු කළයුතුවන්නේය යන අවධාරණය බොදු බල සේනාව විසින් ඉදිරිපත් කරන්නට යෙදුණේ ආරම්භක කාලපරිච්ඡේදයේ සිටයි. නමුත්, කණගාටුවට කාරණය නම් සිවිල් බලවේගයක් වශයෙන් බොදු බල සේනාව ව්‍යස්ථාමය ක්‍රමවේදයන් ඔස්සේ රට තුළ මහත් ආන්දෝලනයක් ඇතිකරද්දී වගකිවයුත්තන් තවදුරටත් නිහඬව සිටිනු දක්නට ලැබීමයි. සඟ සමුළුවක් පවත්වා බෞද්ධයන්ගේ ආරක්ෂාවට යෝජනාවලියක් සම්මත කොට ඒවාට මහානායක ස්වාමීන්වහන්සේලාගේද අනුමැතිය ලබාගත්තේ මුත්, රජයෙන් ඒ කෙරෙහි කිසිඳු අවධානයක් හෝ ප්‍රතිචාරයක් දක්වන බවක් පෙනෙන්නට නොතිබිණ. කිසිසේත්ම දේශපාලනික සංවිධානයක් නොවූයෙන් බොදු බල සේනාවට කිසිඳු අවස්ථාවක දේශපාලන බලාධිකාරීන් ඉදිරියේ දණ නැමීමටද අවශ්‍යතාවක් නොතිබිණ. එහෙත්, බෞද්ධයන් වෙනුවෙන් මේ සිද්ධවන අසාධාරණකම් පිළිබඳව ජනරජයේ ජනාධිපතිවරයාගේ ඇස්ඇරවීමේ බලවත් අවශ්‍යතාව ඉස්මතු වී තිබිණ. කෙසේ වෙතත්, ක්‍රමානුකූලව නැඟී එන සිංහල බෞද්ධ ජාතිකත්ව බලවේගය ජාතිවාදී බලවේගයක් ලෙසින් ඇතැමුන් සාවද්‍යය අර්ථකථන ඉදිරිපත් කරද්දී ඒ සම්බන්ධයෙන් විධිමත් සාකච්ඡාමය පියවරකට එළැඹීමට ජනාධිපතිවරයා පෙළැඹීම පිළිබඳව අපි බලවත් සතුටට පත්වෙමු. ඒ අනුව ඉකුත් දිනෙක අරලියගහ මන්දිරයේදී අතිගරු ජනාධිපතිතුමන් සමඟ පැවැති විශේෂ සාකච්ඡාවේදී බෞද්ධයන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය වීම සම්බන්ධයෙන් විශාල වශයෙන් කරුණු පෙන්වා දීමට අපට හැකිවිය. ඇතැමුන් බොදු බල සේනාව ජාතිවාදී ආගම්වාදී සංවිධානයක්ය යනුවෙන් ජනාධිපතිවරයා ඉදිරියේ මවා තිබූ වැරදි  ප්‍රතිරූපය ගලවා දමන්නටත්, රටේ ජාතිකත්ව බලවේගය පිළිබඳ අසත්‍ය  දුර්මත සමනය කිරීමටත් අපට එහිදී හැකිවිය. අපගේ බලවත් ඉල්ලීම වූයේ  කුරිරු ත්‍රස්තවාදයෙන් මුදාගත් ඒකීය රාජ්‍යයක් වන මේ රට කිසිවෙකුටත් බෙදා වෙන් කිරීමට ඉඩ නොතබන ලෙසත්, සියලුම ජාතිවාදයන්ට - මූලධර්මවාදයන්ට - අන්තවාදයන්ට එරෙහිව රජය වහාම පියවර ගත යුතු බවත්ය. ජනාධිපතිවරයා සමඟ පැවැති සාකච්ඡාව අතිශය තීරණාත්මක මෙන්ම ප්‍රයෝජනවත් එකක් විය. මෙතෙක් බොදු බල සේනාවේ මැදිහත් වීමෙන් තාවකාලිකව වළක්වාගෙන තිබූ සියලුම නීති විරෝධී ගබ්සා හා වන්ද්‍යාකරණ ව්‍යාපෘති වහාම නතර කිරීමටත්, අදාළ  කටයුතු විධිමත්ව සෞඛ්‍ය  අමාත්‍යංශය යටතේ පමණක් සිදුකිරීමටත් ඒ මොහොතේම නියෝග කරන ලදී. එසේම,"පුංචි පවුල රත්තරන්" යන සංකල්පය යටතේ සිංහල ජාතිය වඳ කිරීමට ගෙන ගිය සූක්ෂම කුමන්ත්‍රණ පිළිබඳව තතු පහදා දෙමින් මින් ඉදිරියට ඒවා සිදු නොවීමට අවැසි විධිවිධාන සලසා ගන්නා ලදී. එසේම, සඟ සමුළුවේදී සම්මත වූ බුද්ධ ශාසනය ආරක්ෂා කොට පෝෂණය කළ යුතුයි යන ව්‍යවස්ථාමය වගන්තිය නිර්වචනය කොට ඒ වෙනුවෙන් අවශ්‍යය අණපනත් සම්මත කරන්නැයි යන යෝජනාව කෙරෙහිද බලවත් අවධානය මෙහිදී යොමු විය. අදාළ යෝජනාව කෙරෙහි ජනාධිපතිවරයා තුළ වූ ප්‍රසාදය කෙරෙහි සතුට පළකරන අතර, ඒ වෙනුවෙන් එතුමා ඉක්මන් පියවරක් අනුගමනය කරනු ඇතැයිද බලාපොරොත්තු වෙමු. ඒ යටතේ, බුද්ධ ශාසනයේ ආරක්ෂාවට මෙතෙක් සම්මත කරගත නොහැකි වූ "විශේෂ බුද්ධ ශාසන නියාමන පනත් පහ" ඉක්මනින් සම්මත වනු ඇත. විශේෂයෙන් බුදුදහම විකෘති කරමින් ප්‍රකාශන එළිදැක්වෙන කටයුතු වැළැක්වීම සඳහා බෞද්ධ ප්‍රකාශන නියාමන පනතත්, විහාර හා දේවාලගම්හි නිසි අයිතිය තහවුරු කෙරෙන විහාර හා දේවාලගම් සංශෝධන පනතත් බලාත්මක වනු ඇත. තවත් කරුණු රාශියක් කෙරෙහි ජනාධිපතිවරයාගේ අවධානය යොමු කරවීමට හැකි වූ අතර පැය තුනක පමණ සාකච්ඡාව නිමා වූයේ රටේ ඒකීයභාවය දිවිහිමියෙන් සුරකින බවට ජනාධිපතිවරයා විසින් ලබා දුන් බලවත් පොරොන්දුවත් සමඟය. නමුත්, ජනාධිපතිවරයා සමඟ පැය තුනක සාකච්ඡාවට සීමා වීමට අපට සිදු නොවීය. ඉනික්බිති දින කිහිපයක් පුරාවටම ගරු ආරක්ෂක ලේකම්තුමා, හමුදාපතිවරුන් හා පොලිස්පතිතුමන්, බුද්ධි අංශ, පුරාවිද්‍යා නිලධාරීන්, බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යංශයේ වගකිවයුත්තන් සමඟ සාකච්ඡා වට ගණනාවක් පවත්වන ලදී. එහිදී විශේෂයෙන් ආරක්ෂක ලේකම්තුමා හමුවේ රටේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන බෙදුම්වාදී වර්ගවාදී සියලුම ත්‍රස්ත ක්‍රියාදාමයන් වළක්වාලීම සම්බන්ධයෙන් ගතයුතු පියවර මොනවාදැයි දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන ලදී. එසේම, දැනට ක්‍රියාත්මක බෙදුම්වාදී ත්‍රස්තවාදී, අන්තවාදී ක්‍රියාදාමයන් සම්බන්ධයෙන් සියලුම සාක්ෂි සහිතව කරුණු ඉදිරිපත් කිරීමටද හැකිවිය. දින ගණනාවක් තිස්සේ පැවැති මෙම සාකච්ඡාවන්ගෙන් සැලකියයුතු මට්ටමේ ප්‍රගතියක් අත්පත් කරගන්නට අප සමත් විය. ඒ වෙනුවෙන් අපගේ හඬට කන්දීමට ජනරජය ගත් පියවර සම්බන්ධයෙන් අපගේ කෘතඥතාව හා පුණ්‍යානුමෝදනාව සමස්ත ජාතිය වෙනුවෙන්ම පුදකර සිටිමු.
    • කූරගල නිදහස් කරදීම: අතීතයේදී "තණ්ඩුල්‍යයක පබ්බත" නමින් හඳුන්වනු ලැබූ වර්තමාන සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ බලංගොඩ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ පිහිටි කූරගල පුද බිම (ක්‍රි.පූ.02-03 සියවස්වලදී කෙලෙස් පිරිනිවි රහතන් වහන්සේලා දන් වළඳමින් භාවනානුයෝගීව වැඩසිටි ගල්ලෙන් ආරාම සංකීර්ණයකි; පුරාවිද්‍යා ආරක්ෂිත ස්ථානයකි.) මූලධර්මවාදී මුස්ලිම් ආක්‍රමණිකයන්ට ගොදුරු වී විකෘති ඉතිහාසයක් සහිතව "දන්නා ජෙයිලානි - ඩෆ්තාර් දෙලානි" ආදී නම්වලින් හඳුන්වා දීම විශාල මතභේදයකට තුඩු දුන්, බෞද්ධයන්ගේ සිත් සංවේගයටත්, ප්‍රකම්පනයටත් පත්කරන්නක් විය. ඇති වූ නව හෙළ බොදු ජාතික පුනරුද ව්‍යාපාරයත් සමඟින් කවර හෝ ප්‍රයත්නයක් දරා කූරගල වහාම නිදහස් කරගත යුතු බව සියල්ලෝම තරයේ විශ්වාස කළහ. කලින් කලට විවිධ විවිධ සංවිධාන මැදිහත්ව මේ සම්බන්ධයෙන් හඬක් නැඟූවද ඒ කිසිවෙකුටත් කූරගල මුදා ගැනීම සම්බන්ධයෙන් සාර්ථක ප්‍රගතියක් අත්පත් කරගැනීමට නොහැකි විය. ඒ අනුව 25,000ක බෞද්ධ ජනතාවක් සමඟ ගොස් කූරගල නිදහස් අරගලය දියත් කිරීමටත්, එහි බෞද්ධ අයිතීන් තහවුරැ කොට 2013 පෙබරවාරි 14 වැනි දින "අමාවැස්ස යොවුන් සීල සමාධිය" පැවැත්වීමටත් බොදු බල සේනා සියලු කටයුතු සංවිධාන කරන ලදී. නැගෙනහිර මොට්ටයාගල දාගැබ් ඩෝසර් වනවිට බොදු බල සේනාව පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව වැටලීමට පියවර ගත්තේද මේ අතරතුරදීය. එහිදී පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවට හා ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යවරයාට බොදු බල සේනාව තරයේ අවධාරණය කර සිටියේ ඉක්මන් පියවරක් නොගතහොත් පෙබරවාරි 14 කූරගල නිදහස් අරගලය දියත් කරන බවත්; පසුව අනවශ්‍යය ප්‍රශ්න ඇති කිරීමට බලධාරීන් කිසිඳු ලෙසකින් මැදිහත් නොවිය යුතු බවත්ය. ජනාධිපතුමා සහ ආරක්ෂක ලේකම්තුමා සහ සෙසු ඉහළ නිලධාරීන් සමඟ පැවැති සාකච්ඡාවලදීද මේ සම්බන්ධයෙන් දැඩිව අවධාරණය කරන ලදී. කෙසේ වෙතත් කූරගල නිදහස් කර ගැනීම වෙනුවෙන් බලංගොඩ ජනතාව සමඟ විවිධ ස්ථානවලදී මූලික රැස්වීම් 20ක් පමණ පැවැත්විමටද බොදු බල සේනාව පියවර ගන්නා ලදී. අවසානයේදී අපගේ ක්රිුයාත්මක වීමට හා ඉල්ලීමට ප්ර්තිචාර වශයෙන් කූරගල සම්බන්ධයෙන් අවසාන තීන්දුවක් ලබා දීමට රජය මැදිහත් විය. ඒ අනුව, බොදු බල සේනාවේ මෙහෙයැවීමෙන් බලංගොඩ තන්ජන්තැන්න, කූරගල ශ්‍රීය පාද දිවාගුහා රාජමහා විහාරාධීශ්වර, අස්ගිරි මහාවිහාරීය කර්මාචාර්ය, ගෞරව ශාස්ත්‍රවේදී පණ්ඩිත දෙල්තොට ධම්මජෝති නාහිමිපාණන් වහන්සේගේ හා බොදු බල සේනා මහලේකම් රාජකීය පණ්ඩිත පූජ්යන ගලගොඩඅත්තේ ඤාණසාර හිමියන්ගේ මූලිකත්වයෙන්, රාජ්යල ආරක්ෂක අංශ, පුරාවිද්‍යා  නිලධාරීන් ඇතුළු සෙසු වගකිවයුතු නිලධාරීන් ගෙන්වා විශේෂ සාකච්ඡාවක් පවත්වන ලදී. මේ අවස්ථාව සඳහා බොදු බල සේනා ජාතික සංවිධායක පූජ්‍ය විතාරන්දෙනියේ නන්ද හිමියන්ගේ ඉල්ලීම පරිදි කලක පටන් කූරගල වෙනුවෙන් අවංක හඬක් නැගූ සිංහල රාවය ජාතික සංවිධානයේ සභාපති පූජ්‍ය අක්මීමන දයාරතන හිමියන්ද කැඳවන ලදී. එසේම, අවසන් එකඟතාවකට පැමිණීම සඳහා කූරගල ඩෆ්තාර් ජෙයිලානි මස්ජිදයේ ආගමික අධිකාරීන්ද කැඳවන ලදී. එහිදී කූරගල බෞද්ධ අයිතිය තහවුරැ කරගත් අතර කඩිනමින් ඩෆ්තාර් ජෙයිලානි ඉවත් කිරීමට නියෝග කෙරිණි. ඩෆ්තාර් ජෙයිලානිහි අධිකාරීන් විසින් එය ඉවත් කර ගැනීම සඳහා උපරිමය මාසයක පමණ කාලයක් ඉල්ලා සිටියත්, බොදු බල සේනා මහලේකම් හිමියන් විසින් ඔවුනට ඉවත් වීම සඳහා දෙමසක කාලයක් ලබා දෙන ලදී. ඒ අනුව, තන්ජතැන්න ගමේ පිහිටි කූරගල පුරාවිද්යාම තහනම් ඉඩමේ මූලික වපසරිය වන අක්කර 52 රූඪි 00 පර්චස් 19ක සම්පූර්ණ භූමි භාගය යළිත් බෞද්ධයන්ට පවරන ලදී. එසේම, මින් ඉදිරියට අදාළ ස්ථානයේ කිසිඳු අනවර කැණීමක් සිදු නොකළ යුතු බවටත්, පුරාවිද්යා් රක්ෂිතයේ ඇති ගස්කොළන් අනවසරයෙන් කැපීම හෝ විනාශ කිරීම සිදු නොකළ යුතු බවටත්, ස්ථානයේ ස්ථීර ඉදිකිරීම් ඉදිකිරීමට අදහස් කරන්නේ නම් ඉදිකිරීම් සැලසුම් හා ස්ථානීය පිහිටුවීමේ සැලසුම් ඉදිරිපත්කර අනුමැතිය ලබාගත යුතු බවටත්, භුක්තිය භාර දීමේ හේතුවෙන් මෙහි දැනට ක්‍රියාත්මක වන මුස්ලිම් බැතිමතුන්ගේ ආගමික කටයුතුවලට බාධාවක් නොවිය යුතු අතර, ගැටුමක් ඇති නොවන ආකාරයට කටයුතු කළයුතු බවටත්, නොයිඳුල් ගල්ලෙන් කුමන ආකාරයට හෝ භාවිතයට ගැනීමක් සිදු නොකළ යුතු අතර ඒවා ඉදිරි ප්‍රාග් ඓතිහාසික කැණීම සඳහා ආරක්ෂා කර තබාගත යුතු බවටත්, ඒ යටතේ කන්ද පාමුල දක්ෂිණ බෑවුමේ පිහිටි දිග මීටර් 68 පළල මීටර් 13.28 උස මීටර් 10ක් පමණ වූ උප්පුකුලම ලෙන ලෙස හැඳින්වෙන ලෙන මාධ්‍ය කරගෙන ඒ වටා වූ අක්කර 04ක පමණ වූ භූමිය පුරාවිද්යාස කටයුතු සඳහා වෙන්විය යුතු බවටත්, රක්ෂිතය සඳහා වූ සංවර්ධන සැලසුම ක්‍රියාත්මක කිරීමට දායක වියයුතු අතර එහි සඳහන් යෝජනා ක්‍රියාත්මක කිරීමටද යම් අයුරකින් සම්බන්ධ විය හැකි බවටත්, පිවිසුම සඳහා මිනින්දෝරු සිතියමට අනුව විකල්ප මාර්ගයක් ඉදිකිීමට අවසර ඇති බවටත් , මෙම කුමන හෝ කරුණක් උල්ලංඝනය වන්නේ නම් ඒ අවස්ථාවේ සිට මෙම භුක්තිය භාර දීම අවලංගු වන අතර එය ලිඛිතව ලියාපදිංචි තැපෑල මඟින් දන්වනු ලබන බවටත්, අවස්ථානුකූලව ඉදිරියේදී තවත් කොන්දේසි පැනැවීමට ඉඩකඩ ඇතිබවටත් යන කොන්දේසි යටතේ අදාළ පුරාවිද්‍යා තහනම් ඉඩමේ භුක්තිය වසර 10කට වරක් අලුත් කිරීමේ පදනම යටතේ අස්ගිරි මහාවිහාරයට භාර දීමට කටයුතු කරන ලදී. ශ්‍රෟ ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප්‍රජාව අනවශ්‍යය අත පෙවීම් සිදුකරමින් රටේ අභ්යතන්තරයට ඇඟිලි ගැසීමට කැසකවමින් සිටින මෙවන් මොහොතක බොදු බල සේනාව කෙරෙහි රජයේ ප්‍රමුඛ ඉල්ලීම වූයේ කිසිඳු අයුරකින් අනවශ්‍යය ඝට්ඨනයක් ඇති නොවන ආකාරයෙන් හා බෞද්ධයන්ගේ ගෞරවය සුරක්ෂිත වන ආකාරයෙන් කටයුතු කිරීමට වගබලා ගත යුතු බවයි. රජයේ එම සුහද ඉල්ලීමට ප්‍රතිචාරයක් වශයෙනුත්, කූරගලින් ඩෆ්තාර් ජෙයිලානි ඉවත් කර ගැනීමට උපරිමය දෙමසක කාලයක් ලබා දී ඇති නිසාත්, ඒ අතරතුර කූරගල යෑම අනවශ්‍යය ආගමික ගැටුමකට මුලපිරීමක් වියහැකි නිසාත්, දැන් කූරගල ගැටුම ඉතා සාමකාමීව නිරාකරණය වී ඇති නිසාත් 2013 පෙබරවාරි 14 වැනි දිනට යොදාගෙන තිබූ කූරගල නිදහස් අරගලය සහ "අමාවැස්ස සීල සමාධිය" අවලංගු කිරීමට නිත්යී වශයෙන් තීරණය කරන ලදි. එහෙත්, බොදු බල සේනා සංවිධානයේ මූලිකත්වයෙන් හා මෙහෙයැවීමෙන් දිවයිනේ නන් දෙසින් වැඩමවන්නා වූ මහා සංඝරත්නයත් දෑ හිතකාමී බෞද්ධ මහජනතාවත් ඒකරාශි කොට එළැඹෙන වෙසක් පුන් පොහෝ දින මහා පුණ්‍යකර්මයක් කූරගලදී පැවැත්වීමට නියමිතය. ඒ වනවිට ඩෆ්තාර් ජෙයිලානි මුළුමින්ම කූරගලින් ඉවත්ව තිබිය යුතු අතර, ඒ අතරතුර කූරගල ගොස් අනවශ්‍යය ගැටුම් ඇතිකර නොගන්නා ලෙසද, යම් හෙයකින් එවැන්නක් ඇතිවුවහෝ කූරගල නිදහස් කරගැනීමේ කාර්යය ඇණහිටින බවද, එවැනි අදූරදර්ශි ක්‍රියාවන් කිසිවකට බොදු බල සේනාව කිසිසේත්ම වග නොකියන බවද තරයේ අවධාරණය කරමු. මෙලෙස බොදු බල සේනා මැදිහත් වීමෙන් කූරගල බෞද්ධයන්ට දිනා දීමට හැකියාව ලැබිණ. එය ජාතියේම ජයග්‍රහණයක් ලෙස හඳුන්වා දෙමින් ඒ වෙනුවෙන් ඇපකැප වූ අතහිත දුන් සියලු දෙනාටම පුණ්‍යානුමෝදනාව හිමි කොට දීමටත් බොදු බල සේනාව සැලසුම් කොට තිබියදී, කුරගල සම්පූර්ණයෙන්ම නිදහස් වීමටත් ප්‍රථමව, යම් යම් කල්ලිවාදීන් විසින් එකී ජාතියේ ජයග්‍රහණය අත්තනෝමතික ලෙස බඩගෝස්තරවාදයකට පෙරළාගන්නට තතනනා අයුරැ දක්නට ලැබිණ. එවැනි තුච්ඡ - නින්දිත ක්‍රියාදාමයන් බොදු බල සේනාවේ අපි තරයේ හෙළා දකිමු. එවැනි අවස්ථාවාදී කල්ලිවාදීන්ගේ ක්‍රියාදාමයන් තුළින් සිද්ධ වන්නේ ජාතිය භේද භින්න වී අනවශ්‍යය මතභේද නිර්මාණය වීමයි. එහෙයින් හසරක් නොදැන, අවිධිමත් ආකාරයෙන් එවැනි සාවද්‍ය ප්‍රචාර පතුරුවන්නන් තම වරදෙහි සම්පූර්ණ වගකීම භාරගත යුතු බවද තරයේ අවධාරණය කරමු. මන්දයත්, යමක් සාර්ථක වීමට ප්‍රථමව ඒ කාරණා ප්‍රසිද්ධියේ ප්‍රචාරය කිරීමෙන් සිද්ධ වන්නේ එක් අතකින් තමතමන්ගේ අඳ බාල බව ප්‍රදර්ශනය කිරීම හා අදාළ සාර්ථකත්නයට ළඟා වීම සඳහා ඇති ඉලක්ක ජයගැනීමට  බාධා පැමිණවීමයි. එවැනි වගකීමක් රහිත ක්‍රියාදාමයන්හි  කිසිසේත්ම නිරත නොවන ලෙස දෑ හිතකාමී සියලු දෙනාගෙන්ම ගෞරවයෙන් ඉල්ලා සිටිමු. 













    බොදු බල සේනා යනු කිසිසේත්ම අන්තවාදී - ජාතිවාදී - මූලධර්වාදී සංවිධානයක් නොවන බවත්, මෙරට සිංහල බෞද්ධයන්ගේ සැබෑ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින ඉතා විධිමත් සංවිධාන ව්‍යුහයකින් හෙබි සංවිධානයක් බවත් ඉහත අප විසින් අවස්ථාවෝචිතව ක්‍රියාත්මක කර ඇති ව්‍යවස්ථාමය ක්‍රමවේදයන් තුළින් ඔබ කාටත් පැහැදිලි වේ. බොදු බල සේනා යනු වචනයේ පරිසමාප්තයෙන්ම මෙත්තා - කරුණා - මුදිතා - උපෙක්ෂා යන සිව් බඹවිහරණ පෙරදැරිව බෞද්ධ බලය ගොඩනංවන ජාතියේ සැබෑ අධ්‍යාත්මීය නායකත්වයයි. අපට අවැසි වනුයේ ගොඩනැඟිලි තැනීමට නොව, විශ්වීය අභියෝග ජයගත හැකි යුගයේ මීනිසුන් තැනීමටයි. ඒ වෙනුවෙන් සිව්වණක් පිරිස සමඟින් අධිෂ්ඨානශීලීව පෙළගැසෙමින් අපි ජාතියට සැබෑ ජයග්රුහණ රාශියක් ඉතා කෙටිකලක් තුළදී අත්කර දුනිමු. සෑම විටම දුගඳ හමන දේශපාලන මඩගොහොරොවෙහි නොගැටී පද්මාකාර උතුම් බුද්ධ චරිතය අනුව යමින්, ජාතියට සංයත නායකත්වය අපි සපයන්නෙමු. බොදු බල සේනා සංවිධානය සම්බන්ධයෙන් යමෙකුට යම් ගැටලුවක්, සැකයක් තිබේ නම් වහවහාම කළයුතු වන්නේ අවස්ථාවාදී බලලෝභීන්ගේ කියුම් කෙරැම් නිවට බස් නොඅසා අප සමඟ ඍජුව එකඑල්ලේම සාකච්ඡා කොට තමතමන්ගේ සැක දුරු කරගැනීමය. ඒ වෙනුවෙන් බොදු බල සේනා ජාතික මූලස්ථානය ඔබ වෙනුවෙන් නිතරම විවෘතය; අපගේ සියලුම සේවාවන් ක්‍රියාත්මකය. බොදු බල සේනා ඔබේ සංවිධානයයි. ඉඳින් ජාතියේත්, සම්බුද්ධ ශාසනයේත් උන්නතිය උදෙසා සැබෑ මෙහෙවරක් කිරීමට ඔබට අවැසි නම් එන්න; එක්වන්න; බොදු බල සේනාව සමඟ. ස්වසමයාභිවෘද්ධිය උදෙසා - දැයේ සසුනේ ආරක්ෂාව උදෙසා සිව්වණක් පිරිස සමඟින් පටිසෝතගාමී ව්‍යාපාරයක් තුළ අධිෂ්ඨානශීලීව පෙළගැසෙන්න.

    තෙරුවන් සරණයි!

    පූජ්‍ය කිරම විමලජෝති හිමි
    බොදු බල සේනා ප්‍රධානී                                                           

    පූජ්‍ය ගලගොඩඅත්තේ ඤාණසාර හිමි
    බොදු බල සේනා මහලේකම්

    Feb 13, 2013

    මවගේ අඩි පාරේ පිය නගන ජපානයේ එකම ගීෂා පිරිමියා


    14-1ගීෂා නළඟනන්ගේ ජන්ම භූමිය ලෙස සැලකෙන ජපානයේ වුවද විනෝදාස්වාදය සැපයෙන නගර හා අවන්හල් හැරුණු කොට අද කාලයේ ගීෂා     නළඟනක සොයා ගැනීම නිකිණි ඇති රටක් සොයනවාක් වැනි ඉතා දුෂ්කර කර්තව්‍යයකි. ඉතිහාසයේ කාලයක් පුරාවට සිය සොඳුරු රුවින් හා නර්තන විලාශයන්ගෙන් ජන හද බැඳ ගත් ගීෂා නළඟනන් අද වන විට ජපානයේ පවා මෙතරම් විරල අංගයක් බවට පත්ව ඇත්තේ ජපානයේ වෙනස් වන ආර්ථිකයත් සමග බිහි වූ විනෝදාස්වාදය සැපයීමේ නව සංස්ථාපිත ප්‍රතිපත්තීන් හේතුවෙන් ස්වභාවයෙන්ම අධි මිලැති විනෝදාස්වාදය සැපයීමේ අංගයක් වන සම්ප්‍රදායික ගීෂා ඉදිරිපත් කිරීම් රස වින්දන මාධ්‍යයන් වෙතින් ඉවතට තල්ලු වීම හේතුවෙනි. නිසාම මීට සියවසකට පෙරදී අසූදාහක ගීෂා නර්තන ශිල්පිනියන් පිරිසක් සිටි ජපානයේ අද වන විට ඉතිරිව ඇත්තේ දහසකට නොවැඩි ගීෂා නළඟනන් සංඛ්‍යාවකි. ගීෂා ලෝකයාට කණකොකා හඬලා ඇති මෙබඳු යුගයක ජපානයටම ආවේණික වූ මෙම අපූරු කලාවේ හෙට දවස සුරක්ෂිත කරනු වස් ගීෂා නර්තන ශිල්පිනියක ලෙසට සේවය කරන පුරුෂ පක්ෂයට අයත් එකම සාමාජිකයා වන ‘අයිටාරෝ’ සුවිශේෂී වන්නේ එහෙයිනි.

    තෝකියෝවේ ‘ඕමෝරි හේට් දිස්ත්‍රික්කයේ ‘ඔකියා’ නමැති ‘ගීෂා මණ්ඩපයේ අධිපති ධුරය දරන අයිටාරෝ තවමත් විසිහය වන වියේ පසුවන ළාබාල තරුණයෙකි. ජපානයේ ආර්ථිකය ශීඝ්‍ර ලෙස කාර්මීකරණයට ලක්වෙමින් පැවැති අවධියේදී ‘ඕමෝරි හෝට්’ ප්‍රදේශයේ    ගීෂා සංස්කෘතිය 

    උත්්කෘෂ්ට ලෙස වැජඹෙමින් පැවැති කාලවකවානුවකි. ඒ විසිවන සියවසේ මුල් භාගයේදීය. කෙසේ නමුදු 1980 වන විට එළැඹි ඉඩම් සංවර්ධන ව්‍යාපෘතීන්ට සමගාමීව දේශීය ගීෂා සංස්කෘතිය මුළුමනින්ම  බිඳ වැටුණු අතර, ජපානයේ අනන්‍යතා ලකුණක් බඳු වූ මෙම අපූර්ව කලාව රැක ගනු වස් දක්ෂ ගීෂා නළඟනක වූ අයිටාරෝගේ මව ඉමහත් කැපවීමකින් ක්‍රියා කළාය. මීට තෙවසරකට පෙරදී මියයන තෙක්ම ගීෂා කලාවේ උන්නතිය වෙනුවෙන්  කැපවී සේවය කළ සිය මවගේ අඩි පාරේම ගමන් කරමින් ඇගේ යුග මෙහෙවර ඉදිරියට ගෙන යාමේ වගකීම දෝතින්ම භාර ගන්නා ලද්දේ අයිටාරෝ විසිනි.

    පිරිමි දරුවකු වුවද කලාකාරිනියක වූ සිය මවගේ ඇසුරේ හැදී වැඩුණු අයිටාරෝ හට ගීෂා සංස්කෘතිය අරුමයක් වූයේ නැත. සිය මවගේ ගීෂා සාදවලදී කාන්තාවක ලෙස නර්තනයෙන් සහය වීමට පටන් ගන්නා කල අවිටාරෝ දස විය  සැපිරූ කොලු ගැටයෙකු විය. කෙසේ වතුදු සාම්ප්‍රදායික කාන්තා ගීෂා නර්තනාංග ඉගෙනගැනීම අයිටාරෝ අරඹන ලද්දේ අවුරුදු අටේදී වන අතර, සිය කුළුඳුල් රංගනය එකොළොස් වන වියට පා තැබිමත් සමග ජපානයේ ජාතික රංග ශාලාවේදී ඉදිරිපත් කිරීමට වාසනාවන්ත විය. සිය මවගේ හදිසි අභාවයෙන් පසුව ඇයගෙන් හිස්වූ ගීෂා නිවසේ ස්වාමි තනතුර භාරගත් අයිටාරෝ හා ඔහුගේ සොයුරිය වන මයිකා අද නර්තන ශිල්පීන් සය දෙනෙකුගෙන් සැදුම් ලත් ගීෂා කණ්ඩායමක පාලනය භාරව සිටියි. ඔහුගේ ගීෂා රඟදැක්වීම් කෙතරම් ජනාදරයට පත්ව ඇත්තේද යත් රූපවාහිනී හා වේදිකා ප්‍රසංග සඳහා අයිටාරෝට ඇත්තේ ඉහළ ඉල්ලුමකි.

    ගීෂා සංස්කෘතිය දාහත් වන සියවසේ අගභාගයේදී ජපානයේ බිහිවූයේ විනෝදාස්වාදය සපයන ගම්මානවලදීය. ඒ පුරුෂ පක්ෂයට අයත් සාමාජිකයින් විසින් ඉදිරිපත් කරන්නාවූ අංගයක් ලෙසය. ක්‍රි.ව. 1700 මැදභාගයේදී කාන්තාවන් ගීෂා වෘත්තියට අවතීර්ණ වූ අතර පසුකාලීනව ගීෂා යනු මූලික වශයෙන් කාන්තාවන් ඇසුරු කර ගත් වෘත්තියක් බවට පත්ව තිබුණු නමුදු අදටද පිරිමි කිමෝනාවන්ගෙන් සැරසී කාන්තා ගීෂාවන්ගේ නර්තනයන්ට ගායනයෙන් හා බෙර වාදනයෙන් සහය වන පිරිමි ගීෂාවරු දැකගත හැක. කෙසේ නමුදු කාන්තා ගීෂා සාමාජිකයකු ලෙස කාන්තා කිමෝනාවන් ගෙන් සැරසී ගීෂා වෘත්තියේ නියැළෙන ජපානයේ එකම පුරුෂයා වනුයේ අයිටාරෝමය.

    ප්‍රියන්ති රුද්‍රිගු