මලාලා
උපත ලැබුවේ 1997 ජූලි 12 වන දින පාකිස්තානයේ ස්වැට් නිම්නයේ සුන්නි
මුස්ලිම් පවුලක වැඩිමහල් දියණිය ලෙසිනි. ඇයට බාල සොහොයුරන් දෙදෙනෙකි. ඇගේ
පියා සියවුදීන් යුසුෆ්සායි ය. මලාලාගේ ළමා විය ගෙවුණේ 2004 වසරේ අල්-ඛයිඩා
සංවිධානයේ සාමාජිකයින් සොයා ඇමෙරිකානු හමුදා හා පාකිස්තානු රජයේ හමුදා
පටන්ගත් මෙහෙයුමෙන් ආරම්භ වූ වයඹ දිග පාකිස්තානයේ අභ්‍යන්තර යුද්ධයකට
මැදිවය. 2009 වසර ආරම්භයේදී පාකිස්තානු ජාතික බි.බි.සී. වාර්තාකරු අබ්දුල්
හායි කන්තර් එවකට තාලිබාන් හමුදා පාලනය යටතේ පැවැති ස්වැට් ප්‍රාන්තයේ ජන
ජීවිතය පිළිබඳ වාර්තාවක් ලිවීමට අදහස් කළේය. ඔහුට අවශ්‍ය වූයේ තාලිබාන්
පාලනයට යටත්ව වෙසෙන අයෙකු ලවා එම තැනැත්තාගේ සැබෑ අත්දැකීම් අනුසාරයෙන්
වාර්තා සැපයීමටය. එබැවින් අබ්දුල් හායි සියවුදීන් යුසුෆ්සායි ගෙන් ඔහුගේ
පාසලේ ළමයෙකු ලවා එබඳු වාර්තා සකස් කළ නොහැකි දැයි ඇසුවේය. (සියවුදීන්
පෞද්ගලික පාසල් ගණනාවක හිමිකරුවෙකු මෙන්ම කවියෙකු හා අධ්‍යාපනඥයෙකු ද විය.)
මුලින් ඔහුගේ පාසලක අයිෂා නම් ගැහැනු ළමයෙකු එම කටයුත්තට කැමැත්ත පළ කළද
තාලිබාන් හමුදාවෙන් ලැබිය හැකි දඬුවම්වලට බියෙන් ඇගේ දෙමාපියන් ඇයව එයින්
ඉවත් කර ගත්හ. එවකට සියවුදීන්ගේ
දියණිය මලාලා 7වන පන්තියේ ඉගෙනුම ලැබූ එකොළොස් (11) වියැති ළාබාල දැරියකව
සිටියද ඇය හැර එම කටයුත්ත භාර ගැනීමට ඉදිරිපත් වීමට කිසිවෙකුත් නොවූයෙන් ඇය
සිය කැමැත්තෙන්ම එම කටයුත්ත භාර ගත්තාය.
සියවුදීන්ට අනුව ඔහුගේ දියණිය සුවිශේෂී දැරියකි. ඇය මුලින්ම කාන්තාවන්ට අධ්‍යාපනයට ඇති අයිතිය පිළිබඳ කතා කිරීමට පටන් ගත්තේ 2008 වසරේ සැප්තැම්බර් මාසයේදීය. ඒ ඇගේ පියා ඇයව පේෂාවර් හි ප්‍රාදේශීය වාර්තාකරුවන්ගේ සංගමයේ රැස්වීමට රැගෙන ගිය අවස්ථාවේදීය. රැස්ව සිටි සභාව අමතා “කිසිදු බියක් සැකක් නැතිව තාලිබාන්වරු මගේ අධ්‍යාපනයට ඇති අයිතිය පැහැර ගත්තේ කෙසේද?” යි විමසමින් කළ කතාවට මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය මගින් පුළුල් ප්‍රචාරයක් ලැබිණි. එවකට ඇය ජීවත් වූ ස්වැට් නිම්න දිස්ත්‍රික්කය, මවුලානා ෆස්ලූලාගේ නායකත්වය යටතේ පැවැති තාලිබාන් හමුදා පාලනය යටතට පත්ව තිබිණ. ඔවුහු එහි සාමාන්‍ය වැසියාට සංගීතය හා රූපවාහිනිය නැරඹීමටද ගැහැනු ළමුන්ට පාසල් යාමද, කාන්තාවනට සාප්පු සවාරිද තහනම් කොට තිබුණි. වරින් වර හිස ගසා දමනු ලැබූ පාකිස්තානු රජයේ පොලිස් නිලධාරීන්ගේ සිරුරු නගර මධ්‍යයෙහි එල්ලා තිබෙනු දැකිය හැකිවිය. බාලිකා පාසල් සියල්ලම පාහේ වසා දමා තිබුණි. තම පියාගේද අනුමැතිය ඇතිව මලාලා 2009 ජන. 03 වන දින ඇගේ පළමු වාර්තාව බිබිසීය වෙත යැව්වාය. පැවැති තත්ත්වය යටතේ මලාලාගේ ජීවිතය අනතුරට හෙළනු නොහැකි බැවින් බිබිසී කර්තෘවරු මලාලාට ආරූඪ නමකින් වාර්තා සපයන්නැයි යෝජනා කළහ. එබැවින් ඇය ගුල් මකායි (තිරිඟු මල යන අරුත ඇති) යන ආරූඪ නමින් වාර්තා සැපයුවාය.
ඇගේ බිබිසී යට වාර්තා සැපයීම අවසන් වූ පසු නිව්යෝක් ටයිම්ස් වාර්තාකරු ඇඩම් බි එලික් මලාලා හා ඇගේ පියා පිළිබඳ වාර්තා චිත්‍රපටයක් නිපදවීය. එයින් පසු විද්‍යුත් මාධ්‍ය ගණනාවකම ඇය සම්මුඛ සාකච්ඡා සඳහා සහභාගි වූවාය. 2009 දෙසැම්බර් වන විට ගුල් මකායි (ට්භත ර්චඬචඪ) යනු මලාලා යුසුෆ්සායි බව අනාවරණය වී තිබුණෙන් ඇය ප්‍රසිද්ධ රූපවාහිනී වැඩසටහන්වලට සහභාගි වෙමින් කාන්තා අධ්‍යාපනය පිළිබඳව
හඬ නැගුවාය.
මලාලා ටිකින් ටික ප්‍රසිද්ධියට පත් වීමත් සමග ඇගේ ජීවිතයට තර්ජන එල්ල වන්නට විය. පුවත්පත් මගින් හා අන්තර්ජාලය ඔස්සේද නිවසට ලැබුණු ලිපි මගින්ද ඇයට මරණ තර්ජන එල්ලවන්නට විය. මේ කිසිවකිනුත් පළක් නොවූ තැන 2012 වසරේ අග භාගයේදී තාලිබාන් නායකයින් එක් රැස්ව මලාලා ඝාතනය කළ යුතුයි. ඒකමතිකව තීරණය කළහ.
ඒ අනුව 2012 ඔක්. 09 වන දින විභාගයක් අවසන්ව ආපසු බස්රියෙන් නිවස බලා එමින් සිටි මලාලාට වෙස්වලාගත් තුවක්කුකරුවෙකු විසින් හිසට වෙඩි තබන ලදී. වෙඩි උණ්ඩය ඇගේ හිසෙහි හා බෙල්ලෙහි පැත්තක් පසාරු කරගෙන ගොස් උරහිසේ වැදී නතර විය.
වෙඩි වැදීමෙන් පසු පේෂාවර් හි හමුදා රෝහලක් වෙත ගෙන එනු ලැබූ මලාලාට පැය 03ක හදිසි සැත්කමක් කරන ලදී. දින කිහිපයකට පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා ඔක්.15 ඇයව එක්සත් රාජධානියේ බර්මිංහැම් හි ක්වීන් එලිසබෙත් රෝහල වෙත රැගෙන එන ලද්දේ ඇයට ප්‍රතිකාර කළ වෛද්‍යවරුන්ගේ හා ඇගේ දෙමාපියන්ගේ ද කැමැත්ත ඇතිවය.
එහිදී සම්පූර්ණ සුවය ලද මලාලා මේ වසරේ ජූලි 12 වනදා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තරුණ සමුළුවටද සහභාගි වූවාය.
එහිදී සමුළුව ඇමැතූ ඇය මෙසේ පැවැසුවාය. ත්‍රස්තවාදී අන්තවාදීන් පොත්පත්වලට හා පෑනට බියක් දක්වයි. අධ්‍යාපනය ඔවුන්ව බියපත් කරවයි. එසේම ඔවුන් කාන්තාවන්ගේ ශක්තියටද බයය. ඒ ඔවුන් ලොව පුරා නූගත් බවට දිළිඳු බවට හා ත්‍රස්තවාදයට එරෙහිව නැගී සිටින නිසාය.එබැවින් අපි අපේ පොත් සහ පෑන් අතට ගනිමු. අප සතු ප්‍රබලම අවි ආයුධ ඒවාය. මන්ද ගුරුවරයෙකුට, පොතකට හා පෑනකට මුළු ලෝකයක් වෙනස් කළ හැකි නිසාය.
මලාලා එක්සත් ජාතීන්ගේ සමුළුව අමතා දින 3කට පසු ජූලි 15 වැනිදා තාලිබාන් සටන්කාමියෙකු වන අද්ගන් රෂීඩ් විසින් මලාලා වෙතට ලියූ ලිපියක් ජූලි 17 වනදා මුද්‍රිත මාධ්‍ය මගින් ප්‍රකාශයට පත් කෙරිනි. එහි මෙසේ සටහන්ව තිබුණි.
“තාලිබාන්වරු ඔබව ඝාතනය කිරීමට සැරසුනේ ඔබ පාසල් ගිය නිසා හෝ අධ්‍යාපනයට ලොල් වූ නිසා නොවේ. තාලිබාන් හෝ මුජහිදීන්වරු කිසි විටෙකත් පිරිමි හෝ ගැහැනු ළමුන් අධ්‍යාපනය ලබනවාට විරුද්ධ නැත. අප ඔබට පහර දුන්නේ ඔබ අප සංවිධානයට විරුද්ධව ජාත්‍යන්තරයට ලියූ නිසාය. ඔබ අප ජීවත්වන ස්වැට් ප්‍රදේශයේ ඉස්ලාම් ක්‍රමවේදයන් ස්ථාපනය කිරීමට අප ගන්නා උත්සාහයට අවඥාකරමින් එය කඩාකප්පල් කිරීමට ගත් උත්සාහය නිසාය. ඔබ ලියන ලද දේ අපට විරුද්ධව ජාත්‍යන්තරය උසිගන්වන සුළු ඒවා නිසාය.”
“එක්සත් ජාතීන්ගේ තරුණ සමුළුවේදී ඔබ කළ කතාව අනෙකුත් ජාතීන්ට විශාල බලපෑමක් කළේය. පෑන කඩුවට වඩා බලවත් යැයි ඔබ සඳහන් කළේය. එසේ නම් වචන කඩුවට වඩා ඉතා බලවත් බවත් කඩුවෙන් වන තුවාලය සුවකළ හැකි වුවත් වචනවලින් සිදුවන තුවාලය කෙසේවෙතත් සුවකළ නොහැකි බවත් යුද්ධයකදී සිදුකරෙන කතා ලොව අන් කිසිදු ආයුධයකින් සිදුකරන විනාශයට වඩා බරපතළ විනාශ සිදුකරන බවත් මතක තබාගන්න.”
“මම ඔබට ආපසු මව් රටට විත් ඉස්ලාම් සංස්කෘතියට අනුව හැඩ ගැසෙන්නැයි අවවාද කරමි. කුරාණය හදාරන්න. මුස්ලිම් ජාතියට සිදුවී ඇති විපත අවබෝධ කරගෙන ‘සාමූහික නව ලොවක්’ යන තේමා පාඨයට මුවා වෙමින් බටහිර ජාතීන් ඇතිකරගෙන සිටින දුෂ්ට බලවේගවලට අප ජාතිය පාවා දීමට ඔබලා කළ කුමන්ත්‍රණය හෙළි කරන්නැයි ද ඉල්ලා සිටිමි.”
එසේ වුවත් මලාලා එක්සත් ජාතීන්ගේ සමුළුව අමතා කළ කතාවේදී පවසා සිටියේ මෙබඳු අදහස්ය.
“මා මෙහි නැගී සිටින්නේ සෑම දරුවෙකුටම අධ්‍යාපනය ලැබිමට ඇති අයිතිය ගැන කතා කිරීමටය. එසේ නැතිව තාලිබාන් සංවිධානයට එරෙහිව මගේ පෞද්ගලික හැඟීම් ප්‍රකාශ කිරීම නොවේ. තාලිබාන් හා අනෙකුත් අන්තවාදී සංවිධානවල සාමාජිකයන්ගේ දූ පුතුන්ටද හොඳ අධ්‍යාපනයක් ලැබෙනු දැකීම මගේ අභිප්‍රායයි. මා මට වෙඩි තැබූ ප්‍රබලයාට වෛර නොකරමි. මා අත ගිනි අවියක්ද මා ඉදිරියේ මට වෙඩි තැබූ පුද්ගලයාද සිටියේ වුව මම ඔහුට වෙඩි නොතබමි. මහත්මා ගාන්ධි, බාද් ශා ඛාන් හා තෙරේසා මවුතුමියගේ අවිහිංසාවාදී දර්ශනයෙන් මා උගත් දේ එයයි.
මා වෙත එල්ල වූ වෙඩි උණ්ඩයෙන් මගේ අරමුණ, මතු බලාපොරොත්තු වෙනස් කළ හැකියැයි ත්‍රස්තවාදීන් සිතුවේ නම් ඔවුන් වැරදිය. සිදුවූ එකම වෙනස මා තුළ යම් මානසික දුර්වල බවක් බියක් හා බලාපොරොත්තු රහිත බවක් වී නම් ඒ හැඟීම් මිය ගොස් ඒ වෙනුවට අලුත් ශක්තියක් බලයක් හා ධෛර්යක් මා තුළ හට ගැනීමය.”
සමුළුව අමතා මලාලා කළ කතාව ලෝකයේ අනෙක් රටවල නොමඳ ප්‍රශංසාවට ලක්වුවද පාකිස්තානු රජය මේ සම්බන්ධව කිසිදු ප්‍රකාශයක් කිරීමෙන් වැළකී සිටියේය. මලාලාගේ මව්බිමේ සමහර මාධ්‍ය බටහිර ජාතීන්ගෙන් ඇය ලබන මේ කීර්තිය හා ප්‍රසිද්ධිය දකින්නේ වෙනස් ආකාරයකිනි. ඔවුන් පවසන අන්දමට සෑම ළමයෙකුම අධ්‍යාපනය ලැබිමට ඇති අයිතිය සුරැකීමට මලාලා ගෙන යන ව්‍යාපාරය බටහිර උවමනා එපාකම් අනුව සකස් කෙරුනු වැඩපිළිවෙළකි. ඔවුන් මලාලාට මේ සා ප්‍රසිද්ධියක් අත්කර දීමෙන් බලාපොරොත්තු වන්නේ පාකිස්තානු ළමා පරපුරේ මානසික සංවර්ධනය නොව ඔවුන්ගේ ක්‍රියාකාරකම් (විශේෂයෙන්ම ඇමෙරිකානු හමුදා මගින් සිදුකළ ගුවන් ප්‍රහාර) වලට ගොදුරු වූ අනෙකුත් අහිංසක ජනතාව පිළිබඳ ජාත්‍යන්තරයේ අවධානය වෙනතකට යොමු කිරීමය.
2013 මාර්තු මස සාමය පිළිබඳ නොබෙල් ත්‍යාගලාභීන්ගේ යෝජිත නම් අතරට එක්වීමට තරම් ජාත්‍යන්තර කීර්තියක් අත්කරගත් මලාලා, ඛිඒ සංවිධානයේ ඔත්තුකාරියකැයි චෝදනා ලැබිමටත් තම මව්බිමෙන් ගැරහුම් ලැබිමටත් ලක්වූයේ ඇයි. පාකිස්තානු මාධ්‍යකරුවෙකු වන අසාද් බෙයිග් පවසන අන්දමට මලාලා කිසි විටෙකත් බටහිර විවේචනය නොකළාය. ඇය කිසිවිටෙකත් ඇමෙරිකානු ගුවන් හමුදා ප්‍රහාර මගින් මියයන අහිංසක සාමාන්‍ය ජනතාව ගැන කතා නොකළාය. ඇයට වෙඩි තැබිමේ සිද්ධිය තාලිබාන් සංවිධානය අපකීර්තියට ලක් කිරීමක්වත්, ඛිඒ සංවිධානය මගින් කළ රඟදැක්වීමකැයි පාකිස්තානු ජනතාවට ඒත්තු ගැන්වීමටත් තාලිබාන්වරුනට අවස්ථාවක් ලබා දීමට තරම් ඉඩ නොදී මලාලා බටහිර ක්‍රියා සම්බන්ධව නිහඬ පිළිවෙතක් අනුගමනය කළාය. එබැවින් තමන් කළ වැරදි සාධාරණීයකරණය කර ගැනීමට බටහිරට ලැබුණු හොඳම ඉත්තා මලාලාය.
0 comments:
Post a Comment