( විශ්වය මැවුම්වාදය මගින් පුද්ගලික
බූදලයක් සේ අල්ලාගෙන දේව වාදී ආගම් සිදුකල විග්‍රහයන් සියල්ල අද බොරු වී හමාරය.
විද්‍යාවේ කුලුගෙඩි පහරින් දෙදරා නොගිය එකම සත්‍යය බුදු දහම පමණි. බුදු හිමියන්
විශ්වය පිළිබද තොරතුරු නොසොයන ලෙස දක්වා ඇත. මන්ද එය පෘතග්ජන මනසට ගෝචර නොවන
බැවිනි. එහෙත් සමහර අදබාලයෝ ඔවුන්ගේ මිසදිටු ආගමික මතිමතාන්තර වලින් අපට අභියෝක
කරති. එවන් අදබාලයන් හටද බුද්ධිමත් ඔබටද යම් අවබෝධයක් ලබා දීමේ අරමුණින් මේ ලිපිය
පලකරන බව කරුණාවෙන් සලකන්න. )
ලෝකය යනු සාමාන්‍යයෙන් අප ජීවත්වන මේ පෘථිවි තලයයි. චක්‍රාවාටය
නැතහොත් සක්‌වලක් (Clusters) යනු එවැනි ග්‍රහලෝක ගණනාවක් සහිත එක් සූර්යග්‍රහ
මණ්‌ඩලයකට අයත් මහා පරාශයකි. අපගේ සූර්ය ග්‍රහමණ්‌ඩලයට අමතරව තවත් චක්‍රාවාට විශාල
සංඛ්‍යාවක් සහිත පැවැත්ම පිට සක්‌වල හෙවත් විශ්වය (Universal) යනුවෙන් හැඳින්වේ. අන්තරීක්‍ෂ යනුද එයට
නමකි. විශ්වය අනන්තය. එය අන්ධකාර ආගාධයකි. ඒ තුළ අප වැනි ජීවීන් සහිත තවත් ග්‍රහලෝක
ගණනාවක් පැවැතිය හැකිය. විශ්වය පිළිබඳ පොදු නියාමයක් වන්නේ එහි ආරම්භයක් හෝ
අවසානයක් දැකිය නොහැකි බවය. ලෝකය ගැන කිව හැක්‌කේද එපමණකි.
එහෙත් ඒ අවිනිශ්චිත ලෝකයේ ආරම්භය ගැන මානව සමාරම්භයේ සිටම මිනිසාගේ
කුතුහලය හරහා විවිධ මත පහළ වී තිබේ. ඒවා සාමාන්‍යයෙන් හැඳින්වෙන්නේ ආගමික මතවාද
වශයෙනි. මේ මතවාදවලින් ගම්‍ය වන්නේ ලෝකය කිසිවකුගේ නිර්මාණයක් බවය. එකී
නිර්මාණකරුවාට බ්‍රහ්ම, දේව,
ඊශ්වර සහ තවත් නාමයන් ඒ ඒ යුගවල භාවිතකර තිබේ.
ලෝකය සහ ඒ තුළ ඇති සියල්ල බ්‍රහ්ම නිර්මාණයන් බව බ්‍රහ්මවාදීහු
පිළිගත්හ. පූර්ව හා අපර වෛදික සාහිsත්‍යයෙහි ඒ මතවාදය උධෘත කර තිබේ. සෘග්වේදයත්
උපනිෂද් කෘතිවලත් ඒ මතයට මුල් තැනක් දී ඇත. ලෝකය දේව නිර්මාණයකැයි දේවවාදීහු අදත්
පිළිගනිති. එය ඊශ්වර මැවීමක් බව ඊශ්වරවාදියෙක් පැවැසූහ. මෙම නිර්මාණවාදීන් අතර
ලෝක සම්භවය පිළිබඳ තවත් විවිධ මත එමටය. මේ අතර, ලෝකය කාගේවත් මැවිල්ලක් නොව ඉබේ
සැකසුණු ද්‍රව්‍යයක් බවට මතයක්‌ද ක්‍රිස්‌තු පූර්ව යුගවල පැතිර තිබුණේය. ඊළඟට එය
යම් හේතු ප්‍රත්‍යයන්ගේ සමවායකින් හටගත් බවට පිළිගැනීමක් මතුවිය. පසුකාලීනව
බුද්ධිමය අනුපාතයෙන් සංවර්ධනය වූයේ මේ මතයයි. එය ප්‍රකටව සඳහන් වන්නේ බුද්ධ
දේශනාවලය. එසේ වුවද නිර්මාණවාදී මතයද අදටත් වලංගුව පවතී. ආගමික ශ්‍රද්ධාව හා භක්‌තිය
බුද්ධිය අභිභවා යන අවස්‌ථා තිබේ.
ලෝකයේ ආරම්භය ගැන ඉන්කා ගෝත්‍රිකයන් පිළිගත්තේ, "වීරකෝවා" නමැති දෙවියකු විසින් එය
මැවූ බවයි. ග්‍රීසියේ විසූ හෝමර් කීවේ පොළොව දෙවියන්ගේ මව බවය. හීබෲවරුන්ගේ මතය
වූයේ ලොව "යාහ්වේ" දෙවියාගේ මැවීමක් ලෙසටය. මෙවැනි මත අපමණය. වර්තමාන
විද්‍යාව යන සංකල්පය (Science) ට තවමත් සියවස් දෙකක් ඉකුත් වී නැත. විද්‍යා
තාක්‍ෂණ මෙවලම්වල වයස ඊටත් අඩුය. එහෙයින් විද්‍යානුකූල ප්‍රඥව තවමත් පවත්නේ ළදරු
වයසේය. ආදි දාර්ශනික මෙන්ම ශ්‍රද්ධාවාදී මතවාද තවම ජීවමාන වී ඇත්තේ ඒ හේතුවෙනි. ක්‍රි.
පූ. 5 - 6 සියවස්‌වල ඉන්දියාව, ග්‍රීසිය හා චීනය වැනි රටවල පැතිරගිය
බුද්ධි ප්‍රවාහය වත්මන් විද්‍යාඥනයෙන් සමතික්‍රමණය කළ නොහැක. විද්‍යාව යනුද මිනිස්
මනසේ භෞතික මහිමයක් පමණක් වන බැවිනි.
මේසා සංවර්ධනය වී ඇති විද්‍යා තාක්‍ෂණ ඥනයෙන් පවා තවමත් ගවේෂණය කර
ඇත්තේ චන්ද්‍රග්‍රහයා පිsළිබඳ වූ පුංචි සත්‍යයක් පමණි. අඟහරු ග්‍රහයා වෙතද මේ වනවිට අභ්‍යාවකාශ
යානාවක් යවා තිබේ. මේ ගවේෂණවල ඇතැම් ප්‍රතිඵලත් මීට වසර 5000 කට පෙරදී චින්තනය ආශ්‍රයෙන් පමණක්
සොයාගත් ප්‍රතිඵලත් අතර සමතාවක් තිබීම ඇදහිය නොහැකි පුදුමයකි. උදාහරණයක් හැටියට
වසර 1500 කට පෙර වරහමිහිර නමැති දාර්ශනිකයා ග්‍රහලෝක
කේන්ද්‍රකොට නිපදවාගත් ජ්‍යෙdතිෂ විද්‍යාව අදටත් වලංගුය. ක්‍රිස්‌තු
පූර්වයේදී වරාහ පුරාණ කෘතිය ගොනුකළ ඉසිවරයා, ජීවයේ සම්භවය පිළිබඳ හෙළි කළ මතය චාල්ස්
ඩාවින් විසින් 19 වන සියවසේදී විද්‍යාත්මකව ඔප්පුකර
තිබේ.
ගෞතම බුදුන් විසින් ක්‍රි.පූ. හයවන ශතකයේදී දේශනා කළ ලෝක ධාතු පිළිබඳ
ස්‌වාභාවය වර්තමාන අභ්‍යාවකාශ විද්‍යාව විසින් සත්‍යවත් කර ඇත. පැරණි ග්‍රීක
දාර්ශනිකයන් විසින් අනාවරණය කරනු ලැබූ ලෝක ස්‌වභාවය අද සත්‍යයක් වී තිබේ. වේද, ග්‍රන්ථ, බ්‍රාහ්මණ හා උපනිෂද් කෘති, මනුස්‌මෘතිය, ගෘහ්‍යසූත්‍ර ආදී කෘතීන්හි ලෝක හා ජීව
සම්භවය පිළිබඳ ඉදිරිපත් කර ඇති කරුණුද අදටත් වලංගුය. ඒ ඒ යුගවල ලෝක තත්ත්වය විග්‍රහ
කිරීම පිණිස යොදාගත් වචන සංකේත ආශ්‍රිත වූවා හැරුණුවිට ඒ සඳහා භාවිත කරන වර්තමාන
වචන හා සැසඳෙයි. බ්‍රහ්මන්, ආත්මන්, දේව, ආකෘති, පුරුෂ, පදාර්ථ ආදී වූ නාම එදා භාවිත කළේ අද අප වහරණ
පරමාණු නියුට්‍රොaන, ඉලෙක්‌ට්‍රොaන යන මූලධාතුන් හැඳින්වීමටය. මේ සඳහා
බුදු දහමෙහි ශුද්ධාෂ්ඨක නාමය භාවිත කර තිබේ. මෙයින් පැහැදිලි වන්නේ බුද්ධිය යනු
සදාතනික සත්‍යයක් බවය. බුද්ධියෙන් ගොඩනගන සත්‍යය සදාතනික බවය. ඒ ඒ කාලවකවානුවල, භාෂාවල, අර්ථ විග්‍රහවල පවතින වෙනස්‌කම් මිස
අන්තර්ගතයේ කිසිදු වෙනසක් නොපවතී. ග්‍රීක දාර්ශනික කොපර්නික්‌ස් පෘථිවිය හිරුවටා
භ්‍රමණය වන බව කිවේය. ලෝකයේ පැවැත්මට සූර්යයා බලපාන බවද හෙතෙම පැවැසීය. ගැලිලියෝ
එදා කීවේ පෘථිවියට අමතරව තවත් ග්‍රහලෝක සහිත විශ්වයක් පවතින බවය. ඒ සත්‍යය කී
නිසා පල්ලිය ඔහු ඝාතනය කළේය. වත්මන් විද්‍යා පුනරුදයේ පෙර ලකුණු අපට පෙනෙන්නේ ක්‍රි.පූ
5 - 6 සියවස්‌වලදීය. "සංවට්‌ටමානා
සංවට්‌ටතී - විවට්‌ටමානා විවට්‌ටතී" යනුවෙන් බුදුන්වහන්සේ අග්ගඤ්ඤ සූත්‍රයේ
දක්‌වන ලෝකයේ පැවැත්ම හා විනාශය පිළිබඳ සත්‍යය, පසුකාලයක බෝනර් නම් වූ විද්‍යාඥයා
විසින් විද්‍යානුකූලව ඔප්පු කර තිබේ. පෘථිවිය හැකිලෙමින් විසිරෙමින් පවතින්නකි.
ඇල්බට් අයින්ස්‌ටයින්ගේ සාපේක්‍ෂතාවාදයද බුදුදහමින් පෙන්වා දුන්නකි.
ලෝක සමාරම්භය හා පැවැත්ම පිළිබඳව දැක්‌වෙන බ්‍රහ්මජාල අග්ගඤ්ඤ
මාලුංඛ්‍ය සූත්‍ර,
සප්ත සූරියග්ගමන යන බෞද්ධසූත්‍රයන්හි දැක්‌වෙන තොරතුරු නවීන අභ්‍යාවකාශ
විද්‍යාඥයන් බොහෝ දුරට සත්‍යවත් කර තිබේ. විනාශවෙමින් වර්ධනය වෙමින් පැවැතීම ලෝක
ස්‌වභාවයයි. විනාශයෙන් පසුව වැඩෙන ලෝක ධාතුවෙහි පළමු ජීවියා හටගැනුනේ ආභස්‌සර බ්‍රහ්ම
ලෝකයෙන් චුත වූ ජීවියෙකුගෙනි. ආභ යනු මිනිරන් වලට නමකි. මිනිරන් නොදැවෙන ද්‍රව්‍යයකි.
විශ්වයේ ඈත ග්‍රහලෝකයක සිට පෘථිවියට පැමිණීමේදී හමුවන අධිකතම උෂ්ණයට ඔරොත්තු දීම
අවශ්‍යය. එසේ නිරුපද්‍රිතව පෘථිවියට ආ ජීවියා අනුභව කළේ පෘථිවි සාරය පමණි. දීර්ඝ
කාලයක් ගතවීමේදී පොළේ සාරය හීන වන්නට විය. ඒ අතර තුරදී මෙම ජීවියාගේ පරපුරක්
බිහිවූ අතර ඒ නිසාම ගැටලු ප්‍රාදුර්භූත වූයේය. පොළෝ සාරය හීන වී බිම්මල් පහල විය.
විද්‍යාව විසින්ද මේ ආදි නිර්මාණය සත්‍යවත් කර තිබේ. අම්ලකර මූලාශ්‍රයෙන් හතු
හටගැනුණ බව සොයාගෙන තිබේ. මේවා FUNGUS යනුවෙන් නම්කර ඇත. ජලය හටගැනීමේදී මෙම මූල
ධාතූන් බලපා ඇත. ජලයෙහි හටගත් පරමාණුක ක්‍රියාකාරකම් හේතුවෙන් ආරම්භක ජීවය ඇති
විය. ඒක සෛලික ඒ ශුද්‍ර ජීවියා පරිණාමය වීමෙන් අනතුරුව ක්‍රමයෙන් සත්ව සන්තතිය
හටගත්තේය. සත්වයා පොළොවේ සාරයෙන් වැඩිණ. අදත් අප ආහාරයට ගන්නේ පොළොවේ සාරයෙන්
හටගන්නා දේ නොවේද?
ලේ කිරි යනු මහපොළොවේ ශුද්ධ සාරයයි. ජීවය, ජලයෙන් උත්පාද වූ බවට ඇති ප්‍රථම උධෘතය
ග්‍රීක දාර්ශනික ඇනෙක්‌සිමැන්ඩර් (ක්‍රි.පූ. 528) ගේය. වෙනත් ග්‍රහලෝකයකින් පෘථිවියට
ජීවය පැමිණුන බව කීවේ ආර්. රෙන්නියස් (ක්‍රි.පූ. 487) විසිනි. මිසරයේ පිරමිඩ තැනූ ජනවර්ගයද
වෙනත් ග්‍රහලොවකින් පැමිණි පිරිසක් බවට මතයක් තිබේ.
පෘථිවිය ඇතුළු අභ්‍යාවකාශ වස්‌තූන් හටගෙන ඇත්තේ ධූලි සහ රසායනික අනු
සංයුතියකිනි. ඒවා ඝණත්වයට පත්වීමෙන් ප්‍රධාන වස්‌තුවේ ගුරුත්වාකර්ෂණය යටතේ භ්‍රමණය
විය. භ්‍රමණ රටාව නිසා සෑම ආකාශ වස්‌තුවක්‌ම යම් ප්‍රමාණයක වෘත්තාකාර ස්‌වභාවයක්
උසුලයි. එහෙත් ඒවා පූර්ණ ගෝලාකාර වස්‌තූන් නොවේ. එසේම එම ග්‍රහ වස්‌තූන් එක් කාලයක
එකම ස්‌වභාවයකින් හටගෙන නැත. පෘථිවිය හටගෙන වසර කෝටි හතරක් පමණ ගතවෙන තුරු
පැවැතියේ ගිනියම් බෝලයක් පරිද්දෙනි. ඒ අතර ආරම්භක වර්ෂාව හටගත්තේය. පෘථිවියෙහි
ජීවය හටගැනුණේ ඉන් ඉක්‌බිතිවය. වෙනත් වචනයකින් කිවහොත් පෘථිවියෙහි ජීවය හටගැනීම
සඳහා වසර කෝටි හතරක පමණ කාලයක් පරිණාමය වෙමින් පැවැතිණි. තාරකා ග්‍රහලෝක ඇතුළු
අනෙකුත් ආකාශ වස්‌තූන් සේම ජීවියාද සෑදී සැකැසී ඇත්තේ ආපෝ, තේජෝ, වායෝ, පඨවි යන මූල පදාර්ථවලිනි. වරක්
බුදුන්වහන්සේ ඉමස්‌මිං සේව ව්‍යාවමත්තේ කළේ බරේ ලෝකංච පඤ්ඤපේමි යනුවෙන් වදාළේ මානව
ශරීරයද ලෝකයක් බව හඟවමිනි. මේවා තවදුරටත් විද්‍යාත්මකව විග්‍රහ කළහොත් ජීව
පදාර්ථය සැකැසී ඇත්තේ ඇමයිනෝ අම්ල 20 + භෂ්ම 5 + සීනිවර්ග 2 + පොස්‌පේට් විශේෂ වශයෙන් වූ එකතු=වෙනි.
මෙම කොටස් අඩංගු ස්‌කන්ධ හතරකට බෙදා ඒවා අතර ආපෝ, තේජෝ ආදී වශයෙන් බුදුන්වහන්සේ විග්‍රහකර
තිබේ.
ජාන්දෝග්‍ය උපනිෂද් ග්‍රන්ථයෙහි විශ්වයේ සහ සත්වයන්ගේ සාරය පරමාත්මය
බව දක්‌වා තිබේ. ලුණු කැටයක් දිය වූ ජලයෙහි ලුණු රසය පැතිර පවතින්නාක් මෙන්
විශ්වය පුරා පරමාත්වය පැතිර තිබෙන බව එම ග්‍රන්ථය සඳහන් කරයි. එදා පරමාත්වය මෙදා
පරමාණුක ශක්‌තියයි. නැතහොත් ජීව සංස්‌කරණ ධාතු සංයුතියයි.
වර්තමාන විද්‍යා ගවේෂණ මගින් හෙළි කරගෙන ඇති ලෝකය හා එහි ජීවය
හටගැනීම පිළිබඳවූ සත්‍යය, අදටත් ගැලපෙන පරිදි ආදියේදී විවරණය කර ඇත්තේ බෞද්ධ දර්ශනයෙහිය. ජෛන
හා සාංඛ්‍ය ඉගැන්වීම් වලද ඒ තොරතුරු අඩංගුය. ඒ බෞද්ධ ආභාෂය නිසා සිදුවූවක් විය
හැකිය. අරුණවතී සූත්‍රයේදී බුදුන් ආනන්ද හිමියන්ට ලෝකධාතු ගැන කරන ලද දේශනාවේ බොහෝ
කරුණු නව අභ්‍යාවකාශ විද්‍යාව විසින් සොයාගෙන ඇත. 1920 දී එඩ්වින් පවල් විසින් මන්දාකිණිවල
පවත්නා විවිධ දුර ප්‍රමාණයන් සොයාගෙන ඇත. ඒ අනුව අපගේ මේ මන්දාකිණියේ විෂ්කම්භය
ආලෝක වර්ෂ ලක්‍ෂයකි.
ආලෝක වර්ෂයක් යනු ආලෝකය ගමන් ගන්නා සැතපුම් 186000 ක වේගය දින 365 කට ගණනය කිරීමකි. තවත් විද්‍යා
නිගමනයකට අනුව වර්ල්පූල් නමැති මන්දාකිණිය අපගේ සූර්යග්‍රහ මණ්‌ඩලයට ආලෝක වර්ෂ
දශලක්‍ෂ විස්‌සකට ඈතින් පිහිටා ඇති අතර තත්ත්පරයකට සැතපුම් 240 කින් ප්‍රසාරණය ගණනය කර තිබේ.
අතීතයේදී මේ මන්දාකිණි එකට බැඳී පවතින්නට ඇතැයි හබල් විද්‍යාඥයා අනුමාන කරයි.
එමෙන්ම ඒ දුරාතීතයේදී මන්දාකිණී ඇතුළු නොයෙකුත් ග්‍රහවස්‌තූන් ඝන ද්‍රව්‍යයක් සේ
එකට බැඳී පැවැතිණි. ප්‍රසාරණය හෙවත් මහා පිපුරුම නිසා ඝනත්වය බිඳී විසිරී නොයෙකුත්
ආකාශ වස්‌තු හටගෙන තිබේ. බුදුන්වහන්සේ අගඤ්ඤ සූත්‍රයේදී දේශනා කළේ මේ තත්ත්වය
පිළිබඳ එවක භාවිත භාෂාවෙනි.
උපුටා ගැනිනි.
කිං සච්චගවේසී -->http://www.facebook.com/groups/kinsachchagawesie/
සමිදු වරුණ --> http://www.samiduwaruna.blogspot.com/ )
සමිදු වරුණ --> http://www.samiduwaruna.blogspot.com/ )
"ඇල්බට් අයින්ස්‌ටයින්ගේ සාපේක්‍ෂතාවාදයද බුදුදහමින් පෙන්වා දුන්නකි."
ReplyDeleteඋඹල වගේ මෝඩ හරක් පැටුන්ටම කියවන්න හොඳයි මේ වගේ ලිපි.
oba budu dahama dannawa nam ohoma kiyanne na. obata puluwan ehema na kiyala pennannna.
DeleteUda comment 1 dala thiyena ekkena kawda kiyala nam danne na.habai nuthana vidyawata kisima widiyakata bauddha darshanayata kittu wenna wath ba.oya mona agameda danne na.habai wena agamwala thiyena dewal dan vidyawa magin boru kiyala thahawuru karala iwarai. Samaharawita oya meka danne nathuwa athi. "albert einsteine ge agama wuneth budhu dahama".
Deleteඅන්තයට යන්න එපා මධ්‍යස්තව සිතන්න පුරැදු වෙන්න.
Deleteදන්නැති නිසයි අහන්නේ. විහිලුවක්ට අහනවා කියල හිතන්නෙපා. අභස්සර ලොකයෙන් ආපු ජීවියා හටගත්තෙ හො ඉපදුනේ කොහොමද?
ReplyDeleteඕපපාතිකව
Deleteමං හිතන්නේ කල්ප විනාශයක් උනහම අනිත් ලෝක ඔක්කොම විනාශ වෙලා ආභස්සර බ්‍රහ්ම ලෝකේ විතරක් ජීවය ඉතිරි වෙනවා.. එහෙමද?
ReplyDeleteඔව් ඔව්
DeleteGood work
ReplyDeleteගොඩක් දවස් ඉදන් හෙව්වා මේක බොහොම ස්තූත්‍යී
ReplyDeleteසුදා ඔයාට බුදු සරණයි