Showing posts with label ඉතිහාසය. Show all posts
Showing posts with label ඉතිහාසය. Show all posts

Dec 12, 2012

අතීතයේදී ලොව වැජඹුණු බිහිසුණු ශිෂ්ටාචාර


අතීතයේ පටන් ලොව පැවැති දියුණු නොදියුණු ශිෂ්ටාචාර සංඛ්‍යාව අසීමිතය. වර්තමාන ලෝකයට හඳුනා ගැනීමට අවස්ථාවක් නොදීම මුළුමනින්ම වැළලී ගිය ශිෂ්ටාචාර මෙන්ම ඉතිහාසයේ නොමැකෙන මතකයක් සනිටුහන් කිරීමටද සමත් වූ ශිෂ්ටාචාර බොහෝමයක් ඒ අතර වෙයි. ඇතැම් ශිෂ්ටාචාර එලෙස අමරණීය මතකයන් සටහන් කිරීමට සමත් වූයේ ඒවා මිහිමත රජකරන ලද සමයේදී සිදු කළ සුරුවිරුකම් නිසාම පමණක් නොව සෙසු ශිෂ්ටාචාරයන් තලාපෙළා දමමින් ඉතා සාහසික ලෙස ශ්‍රේෂ්ඨත්වයට පත්වීමට (ඔවුන් විසින් වැරදි සහගත ලෙස උපකල්පනය කළ ආකාරයට) ඔවුන් දැරූ තැත නිසාය. අන් ශිෂ්ටාචාරයන්ගේ පැවැත්මට ද තර්ජනයක් වෙමින්, ඉතා බිහිසුණු ලෙස සිය ආධිපත්‍යය පතුරවාගෙන සිටි එබඳු ශිෂ්ටාචාර කීපයක් පිළිබඳ පෙර නෑසූ විරූ රසවත් තොරතුරු බිඳක් මෙයින් ගෙන එන්නෙමු.

කෙල්ටික් අධිරාජ්‍යය

මිනී හිස් දඩයම් කරන්නන් ලෙස කෙල්ටික්වරුන්ට හිමිව තිබුණේ ඉහළ පිළිගැනීමකි. මීට හේතුව වූයේ ඔවුන් විසින් යුද්ධවලදී ඝාතනය කරනු ලබන සතුරන්ගේ හිස් සිය අශ්ව රථවල මෙන්ම නිවෙස්වලද ඉදිරිපිට ද ඉතා ආඩම්බරයෙන් යුතුව ප්‍රදර්ශනය කිරීමට ඔවුන් දැක්වූ ම්‍ලේච්ජ සහගත රුචිකත්වයයි. පූර්ණ නිරුවතින් තම සතුරන් සමග යුද වැදුණු කෙල්ටික්වරු තමන් විසින් සටන් බිමේදී මරා දමන ලද සතුරු සේනාවන්ගේ හිස්, සිය අශ්වයන්ගේ ගෙල වටා මාලයක් සේ පළඳවා, වීර ස්තෝත්‍ර ගායනා කරමින් සටන් බිමෙන් හැරී ඒම ඔවුන්ගේ සම්ප්‍රදායක් බවට පත් වූවා සේම එසේ ගෙනෙන ලද හිස්, දේවදාර තෙල්වල බහා සංරක්ෂණය කොට, පරෙස්සම් සහගත ලෙස අසුරා තබන ලද්දේ තම වීරක්‍රියාව අනාගත පරපුරවල් විසින්ද සම්භාවනාවට පාත්‍ර කරනු ඇතැයි යන අපේක්ෂාවෙන් ඊට රුකුලක් ලෙසය.

මවෝරි ශිෂ්ටාචාරය

නවසීලන්තයේ මුල් පදිංචිකරුවන් වන මවෝරිවරුන්ගේ ආගමනය සිදු වූයේ යුරෝපීයයන් නවසීලන්තය සොයා ගැනීමටත් ශතවර්ෂ ගණනාවකට පෙරය. යුද සමයන්හිදී ඝාතනය කරන ලද තම සතුරන්ගේ් මාංශ අනුභව කිරීමට තරම් දරුණු ම්‍ලේච්ජ ජන කොට්ඨාශයක් වූ ආදි මවෝරිවාසීන්ගේ මිනීමස් කෑමේ ප්‍රකට සිදුවීමක් පිළිබඳ වාර්තා වනුයේ 1809 ඔක්තෝබර් මාසයේදීය. එහිදී තම නායකයෙකුගේ පුතෙකුට යුරෝපීයන් අතින් සිදුවූ වැරැද්දකට පළිගැනීමක් ලෙස යුරෝපීය නැවක් මවෝරි රණකාමීන්ගේ ග්‍රහණයට නතු කර ගනු ලදුව එහි සිටියවුන්ගෙන් බහුතරයක් මරණයට කැප කිරීමට තරම් ඔවුහු සාහසික වූහ. නමුත් ඔවුන්ගේ වඩාත්ම ම්‍ලේච්ජ සහගත බිහිසුණු බව ප්‍රකාශ කෙරුණේ මරා දමනු ලැබූ මෙන්ම පණ බේරා ගත් ඉතිරි සියලු දෙනා ද වෙරළට ගෙන ගොස්, ඔවුහු කා දැමීමට ද මවෝරිවරු පෙළඹීම නිසයි. මෙම බිහිසුණු සිදුවීම සියැසින් දිටීමට තරම් අවාසනාවන්ත වුවද, රුදුරු මවෝරිවරුන්ගේ මිනීමරු හස්තයෙන් ගැලවී සිටීමට තරම් භාග්‍යයක් හිමි කර ගත් නැවියන් කීප දෙනකු නැවේ කුඹ ගස මුදුනේ සැඟව සිටි අතර, රැය පුරාත් ඊළඟ උදෑසනත් තම සගයින්ගේ සිරුරු වලින් සප්පායම් වූ මවෝරිවරුන්ගේ දර්ශනයෙන් ඔවුහු ලද කම්පනයෙන් වසර ගණනක් යනතුරු මිදීමට ඔවුනට නොහැකි වූ බව කියැවේ.

මොංගල් අධිරාජ්‍යය

ඉතිහාසයේ නම ගිය දුෂ්ඨ කුරිරු පාලකයෙකු වන ගෙන්ගිස් කාන්ගේ නායකත්වයෙන් ලද බල පරාක්‍රමයෙන් යුතුව යුරෝපය හා ආසියාවේ ප්‍රදේශ රාශියක බලය තහවුරු කර ගත් මොංගල්වරු දක්ෂ අශ්වාරෝහකයන් සේම දුනු කෙළියේ කෙළ පැමිණි දක්ෂ ධනුර්ධරයන් ද වූහ. කෙටි කඩු හා හෙල්ල (ලන්සය) භාවිතයේදී ද සුරුවිරුකම් දැක්වූ මොංගල්වරු සතුවූ සංයුක්ත දුනු මගින් ලෝහ සන්නාහයන් පසාරුකර හීතල විදීමට හැකිවූ බව කියැවේ. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට පමණක් විශාලත්වයෙන් දෙවැනි වන මොංගල්වරුන්ගේ අධිරාජ්‍යය වියට්නාමයේ සිට හංගේරියාව තෙක් පුළුල් වපසරියක විහිදී පැතිරී යාම කෙරෙහි වැඩිම දායකත්වයක් සපයන ලද්දේ ගෙන්ගිස් කාන් හා ටෙමුජින්නමැති පාලකයන් විසිනි.

ඈපාචි ගෝත්‍රය

ඇමෙරිකානු නින්ජාවරු යන අන්වර්ථනාමයෙන් ද මොවුන් හැඳින්වෙනුයේ නින්ජාවරු හා සේම නිශ්චලත්වය තුළින් උපන් බිහිසුණු බවකින් යුතුව තම සතුරන්ට අනපේක්ෂිත ලෙස ප්‍රහාර එල්ල කිරීමට මොවුන් තුළ වූ හැකියාව නිසයිි. සතුරා නොසිතන මොහොතක නිසල බව දෙබෑ කරමින් සිය ප්‍රාථමික වුවද තියුණු ආයුධවලින් එල්ල කළ ප්‍රහාර හැමවිටකම පාහේ සතුරා මරු තුරුලට යැවීමට සමත් විය. කිණිසි භාවිතයෙන් සටන් කිරීමට නම් දැරූ දක්ෂතාවකින් යුතු ඈපාචිවරු කෙටේරි හා ‍පොරොව වැනි ආයුධ ඉලක්කයට දමා ගැසීමේ බුහුටිතා දක්වමින් නිරිත දිග ඇමරිකා ප්‍රදේශය පුරා කෙතරම් දුරට සිය ආධිපත්‍යය පතුරුවාගෙන සිටියේද යත්, ඔවුන් පරාජය කිරීමට උත්සාහ දැරූ ඇමරිකානු රජයේ හමුදාවන්ට මුහුණපෑමට සිදු වූ අපහසුතාද බොහෝය.

වයිකිං අධිරාජ්‍යය

රණකාමීත්වයෙන් වයිකිංවරු තරම් ඔද වැඩී ගිය වෙනයම් ජන කොට්ඨාශයක් ඉතිහාසයෙන් පමණක් නොව වර්තමානයෙන්ද හමුවේ යැයි සිතීම උගහටය.   සෙබළකු  සතු විය යුතු සකල විධ ගුණාංග සියල්ලන්ගෙන්ම අංගසම්පූර්ණ වූ වයිකිංවරු සටන් බිමේදී වියරුවෙන් මෙන් සටන් වදින ලද්දේ තම මග හරස් කිරීමට ඉදිරිපත් වන ඕනෑම කෙනෙකු විනාශ කිරීමට නොපසුබට වෙමිනි. ප්‍රමාණයෙන්ද සුවිසාල වූ වයිකිංවරු සිය දැවැන්ත ශරීරයටම අනුකූලව සැකසුණු ‍පොරෝ, තෝමර කඩු ආදිය යොදා ගනිමින් යුරෝපය ආක්‍රමණය කරමින්ද මංකොල්ල කමින්ද දරුණු යුද්ධ සිදු කළ අතර ඔවුන්ගේ ධර්මයේ ගැබ් වූයේද යුද්ධයමය.

රෝමානු අධිරාජ්‍යය

ලොව පැවැති අධිරාජ්‍යයන් අතුරින් ශ්‍රේෂ්ඨතම ස්ථානයක වැජඹෙමින් ශිෂ්ටාචාර ඉතිහාසයේ ස්වර්ණමය පරිච්ජේදයක් සටහන් කිරීමට සමත් වූ අධිරාජ්‍යයක් ලෙස රෝමානු අධිරාජ්‍යය හැඳින්වීමේ වරදක් නැති වුවද එකී ශිෂ්ටාචාරයේ මුල්බැසගෙන තිබූ බිහිසුණු බව නම් කිසිසේත් අමතක කළ නොහැක. තරගකරුවන් මරණයට පත්වනතුරු සටනේ නියැලෙන ද්වන්ධ සටන් සඳහා යොදා ගත් ග්ලැඩියේටර්වරු වූයේ අපරාධකරුවන් හා වහලුන් පමණක් නොව ඇතැම් විට නිර්දෝෂී පුද්ගලයන්ය. ඉතිහාසයේ නම ගිය කුරිරු පුද්ගලයන් වන කාලිගුලානීරෝ වැනි අධිරාජ්‍යයන්ද රෝමානුවන් වූ අතර, ක්‍රිස්තියානියන්ට රෝමානුවන්ගෙන් තරම් තාඩන පීඩන එල්ල වූ තවත් ජාතියක් නොමැති තරම්ය. ක්‍රිස්තියානීන් සමූල ඝාතනය කළ යුතු බවට තරයේ ඇදහූ නීරෝ විසින් මිනීමරු සුනඛයන්ට ගොදුරු කිරීමෙන්ද පණපිටින් පිළිස්සීමෙන්ද රුදුරු මරණයට පත් කළ ක්‍රිස්තියානීන්ගේ සංඛ්‍යාව මතෛකැයි කියා කිව නොහැක. ආරම්භයේදී රජවරුන් විසින් පාලනය කරනු ලැබ පසුව ජනරජයක් බවටද, ඉන් අනතුරුව අධිරාජ්‍යයක් බවටද පත් වූ රෝමානු අධිරාජ්‍යය වසර දෙදහස් දෙසිය දාහතරක් පුරා පෘථිවිය අරා වැජඹුණේ එය ලොව දීර්ඝතම කාලයක් අඛණ්ඩව පැවැති ශිෂ්ටාචාරය බවටද පත් වෙමිනි.

ඇස්ටෙක් අධිරාජ්‍යය

දැඩි ආගම් භක්තියෙන් යුතුව ම්‍ලේච්ඡ ලෙස ප්‍රාණ ඝාතයේ විශේෂ කොට මිනිස් බිලි පූජා ඔප්පු කිරීමේ නිරත වූ ශිෂ්ටාචාරයක්් වේ නම් ඒ ක්‍රි.ව. 300 දී පමණ ඇරඹි ඇස්ටෙක් ශිෂ්ටාචාරයයි. මිනිස් බිලි පූජා ඔප්පු කිරීම ස්වර්ණමය අවධියකට ගෙනා ඇස්ටෙක්වරුන් සිය දේවතාවන් විශේෂයෙන් රුධිර පිපාසයෙන් පෙළුණු හිරු දෙවියන්පිනවීම උදෙසා වසරකදී ඝාතනය කළ මිනිස් ජීවිත සංඛ්‍යාව විසිදහසකි. එලෙස බිලි ලෙස ඔප්පු කරන ලද්දවුන්ගේ හදවත් කපා ශරීරයෙන් පිටතට ගැනීමත්, මළ සිරුරු බුදීමත් ඇස්ටෙක්වරු අතර සාමාන්‍ය චාරිත්‍රයක් විය. වැහි දෙවියන් වෙතින් වර්ෂාව ලබා ගැනීම සඳහා හඬන දරුවන් ද තිරිඟු දේවතාව උදෙසා කන්‍යාවන්ද බිලි පූජා ලෙස ඔප්පු කෙරිණ. මෙහිදී මරණයට කැප කරන ලද තරුණ වනිතාවට මරණයට පෙර දේවතාව වෙනුවෙන් පැය විසිහතරක කාලයක් නර්තනයක් රඟදැක්විය යුතු වූ අතර ඉන් අනතුරු ඇය මරා ඇගේ සම ශරීරයෙන් ඉවත් කොට එය පූජකයෙකු විසින් වස්ත්‍රයක් ලෙස ඇඟලා ගැනීම සිදු කෙරිණි. වරෙකදී අහුසොටේල් නමැති රජුගේ රාජාභිෂේකය වෙනුවෙන් සිරුකරුවන් අසූදහසක් මරණයට පමුණුවන ලද්දේ ද රජුට දෙවියන්ගේ ආශිර්වාද හිමිවීම සඳහායි.

නට්සිවාදී ජර්මනිය

කෙටි කාලයකට පමණක් සීමා වුවද, ස්වස්තිකය කේන්ද්‍රකරගත් නට්සි ජර්මානු අධිරාජ්‍ය ලෝකය කෙරෙහි තර්ජනාත්මක අභියෝගයක් එල්ල කරන ලද්දේ, මිනිස් ජීවිත මිලියන හතරකට අධික සංඛ්‍යාවක් යුදෙව් සංහාරයේදී බිලි ගනිමිනි. වර්ග සැතපුම් දෙලක්ෂ හැට අටදාස් අටසිය විසිනවයක සුවිසල් භූමි ප්‍රදේශයක ආධිපත්‍යය නතු කර ගෙන සිටි තට්සි ජර්මනියේ මහා බලවතා වූයේ හිට්ලර්ය බිහිසුණු දෙවන ලෝක යුද්ධය ඇරඹීමට පුරෝගාමී වූයේද මොවුහු වන අතර නට්සීන්ගේ සංකේතය වූ ස්වස්තිකය එකල ලෝකය පුරා ඉමහත් පිළිකුලටත්, ද්වේෂයටත් ලක් වූ සංකේතයක් විය.

සෝවියට් සමූහාණ්ඩුව

නට්සින් විසින් ජර්මනිය තුළදී මරණයට පත් කළ මහා ජන ගංගාවටත් වඩා වැඩි මිලියන ගණනක් වූ පිරිසක් කොමියුනිස්ට්වාදය උදෙසා සෝවියට් සමූහාණ්ඩුව තුළදී දිවි පිදීය. ජෝසෆ් ස්ටාලින් මාවෝ ෂෙඩොන් ‍පොල්‍පොට් ඇතුළු සෙසු කොමියුනිස්ට් නායකයන් විසින් විශාල පුද්ගල ඝාතනයක් සිදු කළ අතර ඒ අතරින් පෙරමුණේ පසුවන්නේ සෝවියට් සමූහාණ්ඩුවයි. ස්ටාලින් විසින් පමණක් මරා දැමූ පිරිස මිලියන 10-60 අතර සංඛ්‍යාවක් වන අතර, ස්ටාලින් යටතේ නිරන්තර බියෙන් යුතුව ජීවත් වීමට සිදුවීම නට්සිවාදී ජර්මනිය තුළ විසීමටත් වඩා අතිශය අන්තරාකාරී වූ බව පැවැසේ.

ප්‍රියන්ති රුද්‍රිගු 
http://www.lakbima.lk/index.php?option=com_content&view=article&id=5085:2012-12-12-17-29-16&catid=52:samudura&Itemid=76

හරිම බඩු දෙකක්


ලෝක ඉතිහාසයේ සඳහන් අතෘප්තිකර කාම ආශාවන්ගෙන් පෙළුණු අතිශය භීෂණ ස්ත්‍රීන් දෙදෙනා ලෙස සලකනු ලබන්නේ ලංකාවේ අනුලා බිසව සහ රෝමයේ වැලරිනා මෙසලිනා රැජනන්ය.

දෙදෙනාම සිංහාසනයේ හිඳගත් අය වූහ.
දෙදෙනාම මියගියේ හිස කඳෙන් වෙන්වන්නට එල්ල වූ කඩු පහර දෙකකින්ය.
අනුලා බිසව සැමියන් තිස් දෙනකු පමණ තම වසඟයට ගත්තත් දරු ඵල නැත.
වැලරිනා මෙසලිනා බිසව සිය ගණනක් දෙනාගෙන් තම කාම ආශාවන් ඉටුකර ගත්තත් ක්ලෝසියස් අධිරාජයාට දාව උපන් දරු දෙදෙනා හැර වෙනත් දරුවෝ නොසිටියහ.
අනුලා බිසව ලංකාවේ රජකම් කළේ ක්‍රිස්තු පූර්ව 47 සිට 42 දක්වා වූ කාලයේය.

මෙසලිනා බිසව රෝමයේ රජකම් කළේ ක්‍රිස්තු වර්ෂ 41 සිට 48 දක්වා වූ කාලයේය. මෙම රාජනියන් දෙදෙනාම තම තමන් වසඟයට ගත් මනා පුරුෂ දේහ ශක්තියෙන් යුත් තරුණයන් කිසිවකුගෙන් වත් සෑහීමකට පත් නොවූහ.
මෙම රාජනියන් දෙදෙනාම එසේ හැසුරුණේ මදන පිස්සුව හිසට ගැසීම නිසාය. එදා කෙසේ වෙතත් අද වෛද්‍ය මතය එයයි.

ස්ත්‍රීන්ගේ මෙම තත්ත්වය වෛද්‍ය විද්‍යාවට අනුව "නිම්පෝමේනියා" නමින්ද "මදනෝන්මාදය" නමින්ද හඳුන්වනු ලබයි. මානසික රෝගයක් ලෙස හඳුන්වා දෙන මෙම රෝගයෙන් පෙළෙන්නෝ බහුතරයක් පුරුෂයෝ වෙති. එහෙත් ස්ත්‍රීන්ට මෙම රෝගය වැලඳුණු විට ඇතිවන තත්ත්වය ඉතාමත් භයානකය.
මදන පිස්සුවෙන් පෙළෙන ස්ත්‍රීහු තමාගේ හිත ගිය ඕනෑම පුරුෂයකු සමඟ තරාතිරම නොබලා තම අතෘප්ති කර කාම ආශා සංසිඳුවා ගනිති.

ශරීරයේ කාම රසෝජා හෙවත් න්‍යාසර්ග නම් රස ධාතුව ගර්භ වූ ග්‍රන්ථින් නිසි පමණට වඩා තදින් ක්‍රියා කිරීම නිසා "නිම්පෝමේනියාව" නොහොත් මදන පිස්සුව සෑදෙයි. වෛද්‍ය විද්‍යාඥයන් මේ තත්ත්වය පැහැදිලි කරන්නේ එසේය. වර්තමානයේ මේ සඳහා වෛද්‍ය ප්‍රතිකාර ඇත. එදා දවස මේ සඳහා ලොව කිසියම් රටක හෝ "නිම්පෝමේනියාව" සඳහා ප්‍රතිකාර තිබුණේද යන්න සැක සහිතය.
වැලරිනා මෙසලිනා කුමරිය අතෘප්තිකර කාම රාගයන්ගෙන් පෙළෙන තැනැත්තියක ලෙසට රෝම රටවැසියාගේ විශේෂ අවධානයට යොමුවූයේ ඇය රෝම අධිරාජනිය ලෙස ඔටුනු පැලඳීමෙන් පසුවය. කුඩා කල සිටම තම ආශා සංසිඳුවා ගැනීමට යම් යම් ක්‍රියාකාරකම් කර ඇතත් එය රෝම රටවැසියාට හෙළි නොවීය. රජ පවුලට පමණක් සීමා වූ රහසක් විය.

ප්‍රතාපවත් ජුලියස් සීසර් රජ පෙළපතින් පැවත ආ මෙසලිනාගේ මවද දුරාචාරයට ගොදුරු වූ දූෂිත ඇත්තියක් ලෙස එදා දවස රෝමය පුරා ප්‍රසිද්ධව සිටියාය. මෙසලිනා ද තම බාල වයසේ සිටම සම්භෝග ක්‍රියාවලට ගොදුරු වූවාය. තරුණ වියට එළැඹෙනවාත් සමඟ මෙසලිනා තම සොයුරා සමඟ කාමුක ක්‍රියාවන්හි යෙදුණු බවද පසු කලෙක රජ ගෙදරින් රටට අනාවරණය වී තිබේ. එකල රෝම නීතියට එම ක්‍රියාව තදබල දඬුවම් ලැබිය යුතු ක්‍රියාවක් වුවත් රාජ්‍ය බලය නිසා එදා ඒ වරද රටේ අධිකරණය ඉදිරියට ගියේ නැත.

රෝම ඉතිහාස විචාරකයන් පවසන්නේ මෙසලිනා රැජන හැඩි දැඩි පෙනුමක් ඇති ජවසම්පන්න දේහයක් ඇති තැනැත්තියක මිස රූපසම්පත්තියෙන් අගතැන්පත් තැනැත්තියක නොවන බවයි. ඒ බව තහවුරු කරන්නේ රෝමයේ ලූවර් නගරයේ අදටත් දකින්නට ඇති මෙසලිනා රැජනගේ කිරිගරුඬ ප්‍රතිමාවේ ලක්‍ෂණ අනුවය.
වැලරිනා මෙසලිනා කුමරිය ඇගේ ඇවැස්ස මස්සිනා වන ක්ලෝඩියස් කුමරු සමඟ විවාහ වන විට ඇයගේ වයස අවුරුදු 35ක් වූ අතර ක්ලෝඩියස්ගේ වයස අවුරුදු 51ක් විය. ක්ලෝඩියස් කුමරු වයසටත් වඩා මහලු පෙනුමකින් යුක්ත නැණ හීන පුද්ගලයෙක් විය. එසේ වුවත් මෙසලිනා කුමරිය ක්ලෝඩියස් කුමරා සමඟ විවාහ වූයේ ඔහුගේ තුන්වැනි බිරිය ලෙසය. මෙම විවාහයෙන් ඇයට ක්ලෝඩියස්ට දාව ගැහැනු දරුවකු සහ පිරිමි දරුවකු ලැබිණ.

එකල රෝමයේ අධිරාජ්‍යයා වූයේ ක්ලෝසියස් කුමරාගේ බෑනා කෙනකුන් වූ තරුණ කුලිගුලාය. මෙසලිනා ක්ලෝඩියස් සමඟ විවාහ වී ගත වූයේ කෙටි කාලයකි කුලිගුලා රජු යම්කිසි කුමන්ත්‍රණකාරී පිරිසක් විසින් ඝාතනය කරන ලදී. කිසිවකු බලාපොරොත්තු නොවූ ආකාරයට රාජ්‍ය ඉහළ නිලධාරීන්ගේ කැමැත්තෙන් ක්ලෝඩියස් රජකමට පත් වූවේය. ක්ලෝඩියස් රජු දුර්වල අයකු වුවත් කීර්තිමත් රජ පෙළපතකින් පැවැත ආ මෙසලිනාගේ සහාය එම අඩුපාඩුව දුරු කළේය. මෙසලිනා රාජ්‍ය නායක පදවිය අතට ගෙන රට පාලනය කිරීමට පටන් ගත්තාය. මේ අතර සීසර් රජ පෙළපතට අයත් ජුලියා නමැති කුමාරිකාවක් ක්ලෝඩියස් රජු සමඟ මිත්‍ර වී මෙසලිනාගේ රහස් එළිකරමින් මෙසලිනා සමඟ බිඳවීමට උත්සාහ ගත්තාය. එහි ප්‍රතිඵලය වූයේ මෙසලිනාගේ රාජ පුරුෂයන් ලවා ජුලියා කුමරියගේ හිස ගසා මරාදැමීමයි.

මෙසලිනා රැජන රාග කාමයෙන් මෙන්ම බලකාමයෙන්ද පෙළුණාය. ඉතා සුළු වරදට පවා රාජ්‍ය නිලධාරීන් මරා දැමුවාය. ධනවතුන් නොයෙකුත් වැරැදිවලට පටලවා ඔවුන් සතු වස්තුව රාජසන්තක කර තමා වෙතපවරා ගත්තාය. රටේ ප්‍රාදේශීය පාලකයන් තුළද මෙසලිනා රැජන කෙරෙහි විශ්වාසයක් නොවීය. මේ අතර ඇය තම අතෘප්තිකර කාම ආශාවන් සංසිඳවා ගැනීම සඳහා රාජ මාලිගාවේ සේවය කළ රූමත් හැඩිදැඩි පුරුෂයන්ගේ පහස ද ලබමින් සිටියාය. රජකම් කරද්දීම ඇය තම ආශා සංසිඳවා ගැනීම සඳහා කදිම කටයුත්තකට හොර රහසේම පිවිස සිටියාය. ඒ වෙස්වළාගෙන "ලිසින්කා" නමින් රෝම නගරයේම ගණිකා මඩමකට ගොස් එහි එන කාමාතුරයන් සමඟ හැසිරීමයි. මෙහිදී ඇය කළේ මුදලට ඇඟ විකිණීමකට වඩා ඒ අය ලවා තම ආශාවන් සිතූ සිතූ පරිදි සංසිඳවා ගැනීමයි. 'ලිසින්කාටප්‍රිය කළ කාමාතුර පුරුෂයෝ ගණිකා මඩමට 'ලිසින්කාසොයා ආහ.

ගණිකාවකගේ වේශයෙන් ක්‍රියාකිරීමෙන් වත් මෙසලිනා රැජනට තමාගේ බලාපොරොත්තු අතෘප්තිකර අනුරාගය තෘප්තිමත් කර ගැනීමට නොහැකි වූ බව මෙසලිනාගේ චරිතය පිළිබඳ ලියැවුණු ග්‍රන්ථයක සටහන් වී තිබේ. ක්ලෝඩියස් අධිරාජ්‍යයා මෙසලිනා බිසවගේ ක්‍රියාකලාපය ගණනකට නොගත්තේය. ඔහ නිතරම අසනීප තත්ත්වයෙන්ද පසුවිය.

මේ අතර 'ගේයස් සිලියස්නමැති උසස් රාජ්‍ය නිලධාරියකු බලහත්කාරයෙන්ම තම වසඟයට ගෙන තිබිණි. ඔහුට ඇතිවූ මරණ බය නිසාම මෙසලිනා රැජනගේ අතෘප්තිකර කාම ආශා සංසිඳවීමට සිදුවිය. මෙසලිනා රැජනගේ ඉල්ලීම් ඉටු නොකළ නිලධාරීන්ට සිදු වූ විපත ගේයස් දැන සිටියේය.
මෙසලිනා රැජනගේ කාමුක හැසිරීම නිසාත්අත්තනෝමතික රාජ්‍ය පාලනය නිසාත් රෝම රාජ්‍යයට සිදුවේගෙන යන මහා විනාශය වටහාගත් 'නාසියස්නමැති රෝම රාජ්‍ය අනුශාසකවරයා ඒ බව ක්ලෝඩියස් අධිරාජයාට සැල කර සිටියේය. ක්ලෝඩියස් අධිරාජ්‍යයා ඔහුගේ කීම කනකටවත් ගත්තේ නැත.
කෙසේ හෝ "නාසියස්" ක්ලෝඩියස් අධිරාජ්‍යයාට රැජනගේ සැබෑ තත්ත්වයේ යම් කොටසක් තේරුම් කර දීමට සමත්   විය. ඇය ඝාතනය කිරීමේ කටයුත්ත 'විරිබියුන්නමැති හමුදා නිලධාරිවරයා වෙත පැවරිණි. සවස් කාලයේ රෝම නගරයේ උද්‍යානයක විවේකයක් ගතකරමින් සිටියදී මෙසලිනා රැජනගේ බෙල්ලට එල්ල කරන ලද කඩු පහරකින් ඇගේ හිස කඳින් වෙන්වී මරණයට පත්වූවාය. මෙසලිනාගේ කාමරාගී ජීවිතය එතෙකින් අවසන් විය. ලොව අතිශය භීෂණ කාම රැජනක ලෙස ඇගේ නම ඉතිහාස පොතට එක්විය.

ක්‍රිස්තු වර්ෂයට පෙර අවුරුදු 47 සිට 42 දක්වා ලංකාවේ රජකම් කළ අනුලා බිසවද "මෙසලිනා" පෙළුණු විකෘති වූ කාම ආශාවන්ට සමානකම් ඇති උන්මාදයකින් පෙළුණු තැනැත්තියකි. අනුලා බිසව වරින්වර වල්ලභයන් තිස්දෙනකු පමණ තම යහනට එක්කර ගත් බව ඇගේ ඉතිහාස කතා අනාවරණය කරයි.
අනුලා බිසව ස්වකීය ස්වාමි රාජයා වූ චෝරනාග රජුගෙන් සෑහීමකට පත් නොවූ බැවින් ඇගේ සිත මාලිගයට නිතර යන එන පැහැපත් තරුණයන් කෙරෙහි යොමු විය.
ඇගේ කාම ආශාවන් සංසිඳවීමට මුලින්ම ඉදිරිපත් වූයේ මාලිගයේ සිටි සිව නම් ‍ෙදාරටු පාලකයාය. මේ සම්බන්ධයත් සමඟ චෝරනාග රජුට විෂ කවා මැරවූවාය. සිව ‍ෙදාරටු පාලකයා විවාහ කර ගත් අනුලා බිසව ඔහු රජකමට පත්කර ගත්තාය. ඇය රජ මෙහෙසිය වූවාය. ගතවූයේ වසරක පමණ කාලයකි. අනුලා බිසවට සිව එපා විය. මාලිගාවේ සේවය කළ මනාව වැඩුණු අඟපසඟින් යුත් පැහැපත් වටුක නමැති දමිළ දේහධාරියා සමඟ එක් වූවාය.

ගතවූයේ තවත් මාස කීපයකි රජ ගෙදරට ඉඳහිට දර ගෙන එන තිස්ස නමැති තරුණයකු කෙරෙහි අනුලා බිසවගේ සිත ඇදී ගියාය. පසුව අනුලාගේ කැමැත්තෙන් තිස්ස හට රජකම ලැබෙයි. තිස්සගෙන් ද සෑහීමක පත්නොවූ අනුලා බිසව නීලිය නම්වූ පුරෝහිත බමුණා සමඟ මිත්‍රවී යහන්ගත වෙයි. නීලිය කෙරෙහිද අනුලාගේ සිත වෙනස් වෙයි. ඔහු නොයෙකුත් ආකාරයෙන් අනුලා බිසවගේ රාග ආශාවන් ඉටුකරන්ට උත්සාහ කළත් ඇය සෑහීමකට පත් නොවූවාය. නීලිය ද අනුලා බිසවගේ මාරාන්තික ආහාර වළ¼දා මිය ගියේය.

මේ ආකාරයට අනුලා බිසව රජ මාලිගයේ නොයෙකුත් සේවා කටයුතුවල යෙදුණු ජවසම්පන්න තරුණයන් තිස්දෙනකු පමණ දෙනා සමඟ රමණයෙහි යෙදුණු බව ඉතිහාසගත චරිත කතාවන්ගෙන් අනාවරණය වෙයි.
අනුලා බිසවගේ හොර සැමියාට ලැබෙන පදවිය ඔහුගේ මරු කැඳවීමක් විය. ඇය කොතෙක් පුරුෂයන් ඇසුරු කළත් ඇයට දරු ඵල නොවිණ.
අනුලා බිසවගේ සල්ලාල ජීවිතයට එරෙහිව නැඟී සිටියේ අනුලා බිසවගේ ප්‍රථම ස්වාමිපුරුෂයා වූ චෝරනාග රජුට පෙරාතුව රජකම් කළ මහා චූල මහා තිස්ස රජුගේ දෙවැනි පුත්‍රයාය. ඔහු මකලන් තිස්ස කුමාරයා විය. ඔහුගේ කඩු පහරකින් අනුලා බිසවගේ හිස කඳින් වෙන් විය. අතෘප්තිකර කාම ආශාවන්ගෙන් තම සිත කය සනසාගත් අනුලා බිසවට අත්වූ ඉරණම ඒ ආකාර විය. මෙසලිනා බිසවට ක්ලෝඩියස් රජුට දාව දරුවන් දෙදෙනකු සිටියත් වෙනත් පුරුෂයන් සිය ගණනක් ඇසුරු කළ ඇයට ඒ අයගෙන් එක් අයකුටවත් දාව දරු උපතක් සිදු නොවීම විස්මයට හේතුවකි. අනුලා බිසවට එවන් ආකාරයකින්වත් දරු ඵලයක්
නොලැබීම තවත් පැත්තක
දෛවයේ සරදමකි.

කරුණාදාස විදානගමගේ

http://www.mawbima.lk/55-8156-news-detail.html