Aug 23, 2013

සියම් කුමාරයෙක් හා සුදු තරුණියකගේ ආදර අන්දරයක මිණිමුතු සිහිවටන

Siyamසම්භාව්‍ය ගණයේ සංගීතමය චිත්‍රපටයක් ලෙස කලකදී චිත්‍රපට ලෝලීන් අතර ඉහළ  සම්භාවනාවට පාත්‍ර වූ “The king and I” (රජු සහ මම) යන  සිනමා පටයේ ප්‍රස්තුතයට පසුබිම් වූවා යැයි සැලකිය හැකි සැබෑ ලොවේ ආදර අන්දරයක වටිනා මතක සටහන්  කීපයක් පසුගිය දිනකදී  වෙන්දේසි විය. ඒ 1937 දී සිදුවූ විවාහයෙන් පසුව සියම් රටේ (වර්තමානයේ තායිලන්තය) “බිරා” කුමරු විසින් සිය බිරිය වූ “සෙරිල් හේකොක්” නමැති ඉංග්‍රීසි  ජාතික තරුණියට උපන් දින ත්‍යාගයක් ලෙස ලබාදුන් මනස්කාන්ත කර මාලයක් අත් පළඳනාවක් හා මුදුවකි. බ්‍රිතාන්‍යයේ අධ්‍යාපනය ලද සියම් කුමරා විසින් සිය මනාලියට තෑගි කළ ආභරණ  බොහොමයක් සරසා ඇත්තේ සෙරිල්ගේ උපන් මාසයට අයත් මැණික් වර්ගය වන අග්නි මාණික්‍යයන්ගෙන් වීම (opals) විශේෂත්වයකි.  සෙරිල් විසින් 2010 වසරේදී සිදුවූ සිය මරණය  තෙක්ම, සිය වල්ලභ කුමරුගෙන් ලද ආදරණීය සිහිවටනයක් ලෙස පළඳින ලද ආභරණ එකතුවට නියම වී ඇති  තක්සේරුගත වටිනාකම බ්‍රිතාන්‍ය පවුම් හැටදහසකි.

යමන්ති, අග්නිමාණික්‍ය හා මුතු ඔබ්බවා නිර්මිත  හාරිච්චි කටු දෙකකින්ද, අත්පළඳනා හතරකින්ද, කරමාලයක් හා මුදුවකින් සමන්විත ආභරණ  එකතුව බිරා කුමරු හට ලැබි  ඇත්තේ ඔහුගේ ඥාති සොහොයුරෙකු වන “චුලා” වෙතින් වන අතර එකල සියම් සම්ප්‍රදායට අනුකූලව චුලා ජීවත්ව සිටින තාක් කල් ආභරණ සිය සන්තකයෙන් ඈත් කිරීම Siyam1සෙරිල්ට තහනම් විය. බ්‍රිතාන්‍යයේ කලා පාසලකදී ඇරඹුනු බිරා-සෙරිල් ප්‍රේමය පසුකලකදී එනම් 1949 දී ඔවුන්ගේ දික්කසායත් සමග බිඳ වැටුණද අවසානයේදී යළිත් 1983 දී බිරා කුමරු සිය සත්‍ය ප්‍රේමය පිදූ මුල්ම පෙම්වතිය වන සෙරිල් සමග යළි එක්වන ලද්දේ සෙරිල් කෙරෙහි ඔහු තුළ කවදත් වූ දැඩි සෙනෙහස නිසා බව කිව හැක. සිය සැමියා තමාගෙන් ඈත්ව  ගියද සිය ජීවිත කාලය පුරාම ඔහුගෙන් ලද මිණි ආභරණ ඉමහත් ගෞරවයෙන් යුතුව සෙරිල් විසින් පැළඳුවා පමණක් නොව, තවත් විවාහයන් තුනකටද මැදිවූ බිරා කුමරුද  සිය පළමු බිරිය වෙතින් මුළුමනින්ම ඈත්ව  ගිය නැති බවද කියැවේ. විවාහය බිඳී ගියද දැඩි ලෙන්ගතු භාවයෙන් පසුවූ සෙරිල් හා බිරා යුවළ යළි 1983 දී එක් වන්නේ එකිනෙකාගෙන් ඈත්ව තවදුරටත් ජීවත්වීමට නොහැකි නිසා සේම  පළමු ප්‍රේමයේ ගිනිසිළුව තවමත් ඔවුන් දෙපළගේම හදවත් තුළ නොනිවී දැල්වෙමින් තිබූ නිසා වූවාටද සැක නැත.

මොවුන්ගේ විරල ගණයේ ආදර අන්දරයට බොහෝදුරට සමානවූවක්  මීට කලකට පෙරදී සිනමාරූපී අත්දැකීමක් ලෙස ඔබ වෙත ආ අයුරු චිත්‍රපට ලෝලීන්ට අමතක වන්නට හේතුවක් නැත. සුප්‍රකට නළුවෙකු වන යුල් බ්‍රයිනර් හා ඩෙබෝරා කෙර් විසින් අද්විතීය රංගනයක නියැළෙමින් ඉදිරිපත් කළ, සියම් රටේ රජෙකු හා ඉංග්‍රීසි ජාතික ගුරුවරියක අතර ඇතිවන, ලෝකයාට රහසක් වූ ආදරයක් පිළිබඳ කියැවෙන “රජු හා මම” යන සංගීතමය චිත්‍රපටයෙන් දිග හැරෙනුයේද මීට බොහෝ දුරට සමාන කතාවකි.
දහනව වන සියවසේ අග භාගයත්, විසිවන සියවසේ මුල්භාගයත් අතර වූ කාල වකවානුවකට අයත් වන මෙම ආභරණ කට්ටලය බිරා කුමරුගේ ඥාති Siyam2සහෝදරයා හට සිය මවගෙන් උරුමයක් ලෙස හිමිවූවක් වන අතර එය ඔහු බිරාට ලබාදී ඇත්තේ රාජකීය පෙළපතේ ඉහළ ස්ථරයක්  නියෝජනය කරනු වස් ලබා දෙන දීමනාවක් ලෙසය.  එලෙස බිරා හට දියමන්තියක්ද  චුලා වෙතින් හිමිව ඇති අතර ඔහු විසින් එය විවාහ ගිවිස ගැනීමේ මුදුවකට ඔබ්බවා සිය ප්‍රියාවියට තෑගි කොට තිබේ.

චුලාගේ මරණයෙන් පසුව සිය මරණය සිදුවන තෙක්ම තමා සන්තකයේ තබා ගත් සෙරිල්ගේ අභරණ කට්ටලය, ඉන්පසුව ප්‍රවේණි උරුමයක් ලෙස පරම්පරා කීපයක් ඔස්සේ මාරු වීමෙන් පසුව වෙන්දේසි කිරීමට තීරණය කර තිබේ.

තායිලන්ත ජාතිකයෙක් වුවද සෙරිල් හා විවාහයෙන් පසුව බ්‍රිතාන්‍යයේ කෝන්වෝල්හි විසූ බිරා කුමරු ෆෝමියුලා වන් හා ග්‍රෑන්ඩ් ප්‍රික්ස් වැනි තරගවලට සහභාගි වී ජයග්‍රහණද හිමිකර ගත් දක්ෂ  රේසින් මෝටර් රථ  ක්‍රීඩකයෙකි. ඊටන් හා කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයන්ගෙන් අධ්‍යාපනය ලද ඔහු සෙරිල් හා විවාහයට වසරකට පෙරදී මොනැකෝ ග්‍රෑන්ඩ් ප්‍රික්ස් තරගාවලියේ ජය හිමිකර ගැනීමටද සමත් විය.

1985 දී හදිසි හෘදයාබාධයක් හේතුවෙන් බටහිර ලන්ඩනයේදී බිරා කුමරු මිය යන කල ඔහු හැත්තෑ එක් හැවිරිදි වියේ පසු විය.
ප්‍රියන්ති රුද්‍රිගු

Aug 22, 2013

තවමත් පැද්දෙන ලොව පරණම ඔංචිල්ලාව

සුළඟත් සමග ඉහළට ඉහළට ඇද්දී ගොස් වේගය අඩු වූ කල්හි යළිත් රිද්මයානුකූලව ‍පොළව කරා පැමිණෙන ඔංචිල්ලාවක ඉහළට පහළට පැද්දීමට අකමැති කවුද? ඔංචිල්ලාවට පෙම්බැඳියෝ කුඩා ළමුන් වුවද, එහි අතීත වගතුග දැන ගැනීමටත්, දැනට ලෝකයේ පිහිටි ක්‍රියාකාරී තත්ත්වයේ පවතින Ounchilla1පැරණිතම ඔංචිල්ලාව පිළිබඳ විස්තර දැනගැනීමට නම් ලොකු කුඩා කවුරුත් කැමති වනු ඇති බවට සැක නැත. බ්‍රිතාන්‍යයේ නොතැම්ප්ටන්ෂයර්හි කෙටරින් නමැති ගම්මානයේ වෙසෙන ඉයන් හා ඩෙබි විල්කින්ස් යුවළගේ ගෙවත්තේ පිහිටි අඩි දොළහක් උසැති  තවමත් ක්‍රියාකාරී තත්ත්වයේ පවත්නා ඔංචිල්ලාව පසුගිය දිනකදී ඉතිහාසඥයන් විසින් ලොව දැනට පවතින ඉපැරණිම ඔංචිල්ලාව බව තහවුරු කර ගත්තා පමණක් නොව මීට දශක නවයකට පෙරදී ඔංචිල්ලාවේ නිර්මාතෘවරයා ලෙස අවිවාදයෙන් පිළිගැනෙන චාල්ස් වික්ස්ටීඩ් විසින් ඉදිකළ ලොව ප්‍රථම ඔංචිල්ලාවේ මුලාකෘතියක් බවද සැක හැර තහවුරු කිරීමට සමත් වූහ.

වත්මනේ ළමා උද්‍යානයන්හි අනිවාර්ය අංගයන් බවට පත්ව තිබෙන නූතන ඔංචිල්ලාවේ හා ලිස්සන බෝට්ටුවේ නිර්මාතෘවරයා වන වික්ස්ටීඩ්ගේ පවුලට අයත්ව තිබූ මන්දිරය වටා පිහිටි උද්‍යානයේ ඉදිකොට ඇති මෙම ඉපැරණි ඔංචිල්ලාව පරම්පරා ගණනාවක දරුවන් හට විනෝදය හා අහිංසක ප්‍රීතියක් සපයමින් සිදුකළ සේවයට මේ වන විට වසර අනූවක් සපිරුණද, කිසිදු උපද්‍රවයකින් තොරව එහි හිඳගැනීමට ඇති දැවමය ආසනය පවා අදටද ආරක්ෂිතව පවතින අයුරු ඇත්තෙන්ම පුදුමාකාරය. එදා මුල්වරට යොදන ලද එකී දැවමය ආසනය පමණක් නොව, ඔංචිල්ලාවේ දම්වැල් හා රතු හා කොළ පැහැ තීන්ත ආ‍ලේපයේද අදටද කිසිදු වෙනසක් දැකිය නොහැක.  1926 වසරේදී වික්ස්ටීඩ් විසින් ක්‍රීඩා භාණ්ඩ හා උපකරණ අලෙවියට බට කල්හි ඒවායේ නිර්මාතෘවරයා හා සම්භවය විස්තර කෙරෙන නාම පුවරුවක් සිය සෑම අලෙවි භාණ්ඩයකම ප්‍රදර්ශනය කෙරුනු අතර මෙම ඔංචිල්ලාවේ එවැන්නක් Ounchilla2දක්නට නොලැබිමත්, එහි ප්‍රමාණය හා හැඩයත් හැම අතින්ම කියා පාන්නේ මෙය වික්ස්ටීඩ් විසින්  සිය පවු‍ලේ සාමාජිකයන්ට තිළිණ කෙරූ, පූර්ව නිෂ්පාදන අත්හදාබැලීමක මුලාකෘතියක් බවය.

1921 වසරේදී එනම් ක්‍රීඩා භාණ්ඩ අලෙවියට අවතීර්ණ වීමට ප්‍රථම, වික්ස්ටීඩ් විසින් ‘කෙටරින්’ නගරයේ සිය නමින් ක්‍රීඩා උද්‍යානයක් ඉදිකරන ලද්දේ තමා ඉමහත් ලැදියාවක් දැක් වූ උපන් නගරයට කෘතගුණ දැක්වීමේ අභිප්‍රායෙනි. ලොව ඉපැරණිම ඔංචිල්ලාව අනපේක්ෂිත ලෙස විල්කින්ස් පවු‍ලේ ගෙවත්තෙන් සොයා ගනු ලැබිම පිටුපස ඇත්තේද රසබර කථාවකි. ඓතිහාසික වික්ස්ටීඩ් උද්‍යානයේ අතීත කථාව පිළිබඳව ව්‍යාපෘතියක් කිරීමට අදහස් කළ උද්‍යාන බලධාරීන් ඒ සඳහා ඉපැරණි වික්ස්ටීඩ් ක්‍රීඩා භාණ්ඩවල ඡායාරූප හෝ වෙනත් ලිඛිත තොරතුරු සොයා ගැනීමේ අරමුණින් මහජනතාවගෙන් ‍පොදු ඉල්ලීමක් සිදු කර තිබේ. මීට එකොළොස් වසරකට පෙරදී වික්ස්ටීඩ් මන්දිරයේ පදිංචිය කරා පැමිණි ඉයන් හා ඩෙබි විල්කින්ස් යුවළ හා ඔවුන්ගේ දරුවන් වන ජේම් හා ලුක් හට ගෙවත්තේ කොණක වූ පැරණි පෙනුමින් මෙන්ම අසාමාන්‍ය ලෙස ඉහළ උසකින් යුතු වූ ඔංචිල්ලාව නියත වශයෙන්ම ඉතා ඈත අතීතයකට උරුමකම් කියන්නක් බව වටහා ගැනීම අපහසු නොවූවද, එය ඓතිහාසිකමය වශයෙන් මෙබඳු වටිනාකමක් සහිත නිමැවුමක් බවට කිසිදා සැක නොකළහ.සිය අසල්වැසි නිවසේ මීට කලකට පෙරදී ජීවත් වූයේ ගෙවතු ඔංචිල්ලාවේ නිර්මාතෘවරයා වන චාල්ස් වික්ස්ටීඩ්ගේ දියණිය වන හිල්ඩා බව විල්කින්ස් යුවළ දැන සිටියද සිය ගෙවත්තේ පිහිටියේ වික්ස්ටීඩ්ගේ ඔංචිල්ලාවේ මූලාකෘතිය බවට ඔවුන්ට පළමුවරට හැඟී යන ලද්දේ උද්‍යාන බලධාරීන්ගේ ඉල්ලීමෙන් පසුවය.වෘත්තියෙන් ඉංජිනේරුවකු වූ වික්ස්ටීඩ් විසින් ආරම්භයේදී සිය උද්‍යානය සඳහා ඉදිකළ  ඔංචිල්ලාව හා ලිස්සන බෝට්ටු පසුකලකදී ලෝකය පුරා අලෙවි  වන ලද්දේ ඒවාට හිමිවූ අතිශය ජනප්‍රියත්වය නිසාමය. එකල බ්‍රිතාන්‍ය පවුම් හය බැගින් අලෙවි වූ මෙම එක් ඔංචිල්ලාවක් සවිකිරීම සඳහා යාර 4*6 ප්‍රමාණයේ ඉඩකඩක් අවශ්‍ය වූ බව කියැවේ.

සාම්ප්‍රදායික වික්ස්ටීඩ් වර්ණයන් වන රතු හා කොළ පැහැයෙන් ආ‍ලේපිත මෙම ඉපැරණි ඔංචිල්ලා වසර අනූවකට පසුව වුවද කෙතරම් තේජාන්විත ස්ථාවරත්වයකින් නැගී සිටින්නේද යත් එය තවත් ශතවර්ෂයක කාලයක් ඉදිරියටද පවතිනු ඇත්තේ විවේකය ගතකිරීමේ ක්‍රමවේදයන් විප්ලවීය මගකට අවතීර්ණ කළ චාල්ස් වික්ස්ටීඩ්ගේ මතකය සදානුස්මරණය කරවමිනි.

ප්‍රියන්ති රුද්‍රිගු

●▬▬ රුසියාවේ මුස්ලිම් පල්ලි ඉදිකිරීම තහනම් කරයි ▬▬●

පණමෙන් සුරකිමු ලක්මව ►  @[458073670879344:274:සඳකඩපහණ]

●▬▬ රුසියාවේ මුස්ලිම් පල්ලි ඉදිකිරීම තහනම් කරයි ▬▬●

රුසියාවේ මොස්කව් නගරයේ මුස්ලිම් පල්ලි ඉදිකිරීම තහනම් කර තිබේ. රුසියාවේ රුසියානු ජනගහනය -1%ක වේගයෙන් අඩුවෙමින් යන බවත්, රුසියාවේ මුස්ලිම් ජනගහනය 3.5%ක වේගයෙන් වැඩිවීගෙන යන බවත් නුදුරු කාලයේදී රුසියාව ඉක්මනින්ම මුස්ලිම් රටක් වීමේ අනතුර පහළවී ඇතැයි රුසියානු බලධාරීන් ප‍්‍රකාශ කර සිටිති. විශේෂයෙන්ම මුස්ලිම් රටවලින් රුසියාවට පලාඒමත්, ඔවුන්ගේ අධික ජනගහන වර්ධනයත්, මුස්ලිම්වරු විසින් රුසියානු වාස්තු විද්‍යාව හා ඉතිහාසය නොතකා මුස්ලිම් පල්ලි ඉදිකිරීමත් නිසා රුසියානු සංස්කෘතිය විනාශවීමේ තර්ජනයකට ලක්ව ඇතැයි රුසියානුවෝ චෝදනා කර සිටින බව එරට මාධ්‍ය වාර්තා සඳහන් කරයි. මේවා සියල්ල සැලකිල්ලට ගත් රුසියානු ජනපතිවරයා විසින් මුස්ලිම් පල්ලි ඉදිකිරීම තහනම් කිරීමට තීරණය කරන ලැබීය.

ලංකාවේද සිංහල ජනගහනය අඩුවීමේත් මුස්ලිම් ජනගහනය අන් රට වලට වඩා වේගයෙන් වැඩිවීමේත් ප්‍රවණතාවයක් ඇත. රුසියාවට ඇති අවදානම දෙගුණ තෙගුණ වී ලංකාවටද ඇත. රුසියානු බලධාරීන්ට පෙනුනාට ඒවා අපේ බලධාරීන්ට නම් පෙනෙන්නේ නැත.

ඒ නිසා ලංකාවේ මුස්ලිම් පල්ලි ඇති පදම් ඉදිකිරිමට කිසිදු තහනමක් නැත. ඒ සදහා නොමද රාජ්‍ය අනුග්‍රහයද ලැබේ. ඒ මදිවාට මුස්ලිම් පල්ලි ඉදි කරන්නට බෞද්ධ විහාරස්ථාන හා බෝධීන් ඉවත් කර ඉඩ සාදා දෙන්නටත් අපේ රටේ පාලකයෝ සැදී පැහැදී සිටිති.

රටක් වශයෙන් රුසියාවත්, ජාතියක් වශයෙන් රුසියානුවෝත් බෙහෙවින්ම වාසනාවන්තය.එවන් රටට ජාතියට ආදරය ඇති පාලකයින් ලබන්නට ජාතියක්ම පින් කර තිබිය යුතුය. 
සිංහල අපි නම් ඒ අතින් පවුකාරයෝය. අප කළ පව කුමක්දැයි තේරුම් ගනිත්වා !

රුසියාව මෙන් නොව ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින්ම මෙරට බුද්ධාගම සුරක්ෂිත කිරීමට පාලකයෝ බැඳී සිටිති.ව්‍යවස්ථාව දිවි හිමියෙන් ආරක්ෂා කිරීමට දිවුරුම් දී එයට පටහැනිවම ක්‍රියා කරති.

ලංකාව තුළ 7 %- 9% අතර ජන සංඛ්‍යා ප්‍රතිශතයක් හිමිකරගන්නා ජන කොටසකට මෙතරම්ම ආගමික ස්ථාන කුමකටද? අද සෑම ප්‍රධාන නගරයකම මුස්ලිම් පල්ලි දෙක තූනක් දක්නට ලැබේ.පන්සල් එකකි.සමහර නගර වල ඇත්තේම නැත.මෙම අනතුර රුසියානුවෝ කළින්ම අවබෝධ කරගෙන තිබේ.නමුත් අප නායකයන් අවබෝධ කර ගන්නාවිට පෙරහැර ගොස් ගෙවදීමටවත් ඉඩක් ලැබේදැයි සිතිය නොහැකිය.ඒ අනුව නැවත්ත් කිව යුත්තේ රුසියානු සංස්කෘතිය වැළඳගත් රුසියානුවන් වාසනාවන්ත බවයි.

තොරතුරු ලබා ගැනීම :- " චර පුරුෂ " පිටුවෙනි.



ජනාධිපති ව්ලැඩිමියර් පූටින්, රුසියානු මැතිසබය (ඩූමාව) අමතා, රුසියාවේ වසන සුළු ජාතීන් පිළිබඳව කළ දේශනය ► 

“රුසියාවේ ජීවත් වන්නේ රුසියානුවෝ. ඕනෑම සුළු වාර්ගීකයෙකුට, කොහේ සිට පැමිණියත්, රුසියාවේ, වාසය කරන්නට ඕනෑ නම්, සේවය කරන්නට ඕනෑ නම්, කන්ට බොන්ට ඕනෑ නම්, රුසියානු නීතියට ගරු කළ යුතු අතර රුසියානු භාෂාව කතා කළ යුතුයි. ඔවුන්ට අවශ්‍ය ශරීයා නීතිය නම් ඒ නීතිය රාජ්‍ය නීතිය ලෙස පවතින ස්ථානවලට ගොස් ජීවත් විය යුතු බවයි අපි අවධාරණය කරන්නේ.

රුසියාවට සුළු වාර්ගිකයන් අවශ්‍ය නැහැ. සුළු වාර්ගිකයන්ට රුසියාව අවශ්‍යයි. එසේ වුවත්, අපි ඔවුන්ට විශේෂ වරප්‍රසාද දෙන්නේත් නැහැ. ‘අසාධාරණයි’ කියා කොතරම් මොර ගැහුවත්, අපේ නීති ඔවුන්ට රුචිවන පරිදි වෙනස් කරන්නේත් නැහැ. අපි ජාතියක් ලෙස පැවතීමට නම් ඇමරිකාව, එංගලන්තය, නෙදර්ලන්තය සහ ප්‍රංශය සිය දිවි හානි කරගෙන ඇති සැටි පාඩමක් කරගත යුතුයි. සාංස්කෘතික ඌණතා සහිත බොහෝ සුළු වාර්ගිකයන් අනුගමනය කරන අසංවර්ධිත සිරිත් විරිත් හා ගති පැවැතුම් උසස් රුසියානු සිරිත් විරිත් හා ගති පැවැතුම් සමග සුසංගත වන්නේ නැහැ. මේ උත්තරීතර සභාව අළුත් නීති සම්පාදනය කරන විට සුළු වාර්ගිකයන් රුසියානු නොවනු බැවින් මුලින්ම සිත රඳවාගත යුත්තේ රුසියානු ජාතික අවශ්‍යතාවයන් පිළිබඳවයි.”

මේ දේශනයට සවන් දුන් ඩූමාවේ පක්ෂ විපක්ෂ සියළුම දේශපාලනඥයෝ සිය හසුන් වලින් නැගී සිට විනාඩි පහක් ආනන්ද නාද කළහ.රුසියාවේ මොස්කව් නගරයේ මුස්ලිම් පල්ලි ඉදිකිරීම තහනම් කර තිබේ. රුසියාවේ රුසියානු ජනගහනය -1%ක වේගයෙන් අඩුවෙමින් යන බවත්, රුසියාවේ මුස්ලිම් ජනගහනය 3.5%ක වේගයෙන් වැඩිවීගෙන යන බවත් නුදුරු කාලයේදී රුසියාව ඉක්මනින්ම මුස්ලිම් රටක් වීමේ අනතුර පහළවී ඇතැයි රුසියානු බලධාරීන් ප‍්‍රකාශ කර සිටිති. විශේෂයෙන්ම මුස්ලිම් රටවලින් රුසියාවට පලාඒමත්, ඔවුන්ගේ අධික ජනගහන වර්ධනයත්, මුස්ලිම්වරු විසින් රුසියානු වාස්තු විද්‍යාව හා ඉතිහාසය නොතකා මුස්ලිම් පල්ලි ඉදිකිරීමත් නිසා රුසියානු සංස්කෘතිය විනාශවීමේ තර්ජනයකට ලක්ව ඇතැයි රුසියානුවෝ චෝදනා කර සිටින බව එරට මාධ්‍ය වාර්තා සඳහන් කරයි. 

මේවා සියල්ල සැලකිල්ලට ගත් රුසියානු ජනපතිවරයා විසින් මුස්ලිම් පල්ලි ඉදිකිරීම තහනම් කිරීමට තීරණය කරන ලැබීය.ලංකාවේද සිංහල ජනගහනය අඩුවීමේත් මුස්ලිම් ජනගහනය අන් රට වලට වඩා වේගයෙන් වැඩිවීමේත් ප්‍රවණතාවයක් ඇත. රුසියාවට ඇති අවදානම දෙගුණ තෙගුණ වී ලංකාවටද ඇත. රුසියානු බලධාරීන්ට පෙනුනාට ඒවා අපේ බලධාරීන්ට නම් පෙනෙන්නේ නැත.ඒ නිසා ලංකාවේ මුස්ලිම් පල්ලි ඇති පදම් ඉදිකිරිමට කිසිදු තහනමක් නැත. ඒ සදහා නොමද රාජ්‍ය අනුග්‍රහයද ලැබේ. ඒ මදිවාට මුස්ලිම් පල්ලි ඉදි කරන්නට බෞද්ධ විහාරස්ථාන හා බෝධීන් ඉවත් කර ඉඩ සාදා දෙන්නටත් අපේ රටේ පාලකයෝ සැදී පැහැදී සිටිති.රටක් වශයෙන් රුසියාවත්, ජාතියක් වශයෙන් රුසියානුවෝත් බෙහෙවින්ම වාසනාවන්තය.එවන් රටට ජාතියට ආදරය ඇති පාලකයින් ලබන්නට ජාතියක්ම පින් කර තිබිය යුතුය.

සිංහල අපි නම් ඒ අතින් පවුකාරයෝය. අප කළ පව කුමක්දැයි තේරුම් ගනිත්වා !

රුසියාව මෙන් නොව ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින්ම මෙරට බුද්ධාගම සුරක්ෂිත කිරීමට පාලකයෝ බැඳී සිටිති.ව්‍යවස්ථාව දිවි හිමියෙන් ආරක්ෂා කිරීමට දිවුරුම් දී එයට පටහැනිවම ක්‍රියා කරති.

ලංකාව තුළ 7 %- 9% අතර ජන සංඛ්‍යා ප්‍රතිශතයක් හිමිකරගන්නා ජන කොටසකට මෙතරම්ම ආගමික ස්ථාන කුමකටද? අද සෑම ප්‍රධාන නගරයකම මුස්ලිම් පල්ලි දෙක තූනක් දක්නට ලැබේ.පන්සල් එකකි.සමහර නගර වල ඇත්තේම නැත.මෙම අනතුර රුසියානුවෝ කළින්ම අවබෝධ කරගෙන තිබේ.නමුත් අප නායකයන් අවබෝධ කර ගන්නාවිට පෙරහැර ගොස් ගෙවදීමටවත් ඉඩක් ලැබේදැයි සිතිය නොහැකිය.ඒ අනුව නැවත්ත් කිව යුත්තේ රුසියානු සංස්කෘතිය වැළඳගත් රුසියානුවන් වාසනාවන්ත බවයි.


ජනාධිපති ව්ලැඩිමියර් පූටින්, රුසියානු මැතිසබය (ඩූමාව) අමතා, රුසියාවේ වසන සුළු ජාතීන් පිළිබඳව කළ දේශනය ►

“රුසියාවේ ජීවත් වන්නේ රුසියානුවෝ. ඕනෑම සුළු වාර්ගීකයෙකුට, කොහේ සිට පැමිණියත්, රුසියාවේ, වාසය කරන්නට ඕනෑ නම්, සේවය කරන්නට ඕනෑ නම්, කන්ට බොන්ට ඕනෑ නම්, රුසියානු නීතියට ගරු කළ යුතු අතර රුසියානු භාෂාව කතා කළ යුතුයි. ඔවුන්ට අවශ්‍ය ශරීයා නීතිය නම් ඒ නීතිය රාජ්‍ය නීතිය ලෙස පවතින ස්ථානවලට ගොස් ජීවත් විය යුතු බවයි අපි අවධාරණය කරන්නේ.

රුසියාවට සුළු වාර්ගිකයන් අවශ්‍ය නැහැ. සුළු වාර්ගිකයන්ට රුසියාව අවශ්‍යයි. එසේ වුවත්, අපි ඔවුන්ට විශේෂ වරප්‍රසාද දෙන්නේත් නැහැ. ‘අසාධාරණයි’ කියා කොතරම් මොර ගැහුවත්, අපේ නීති ඔවුන්ට රුචිවන පරිදි වෙනස් කරන්නේත් නැහැ. අපි ජාතියක් ලෙස පැවතීමට නම් ඇමරිකාව, එංගලන්තය, නෙදර්ලන්තය සහ ප්‍රංශය සිය දිවි හානි කරගෙන ඇති සැටි පාඩමක් කරගත යුතුයි. සාංස්කෘතික ඌණතා සහිත බොහෝ සුළු වාර්ගිකයන් අනුගමනය කරන අසංවර්ධිත සිරිත් විරිත් හා ගති පැවැතුම් උසස් රුසියානු සිරිත් විරිත් හා ගති පැවැතුම් සමග සුසංගත වන්නේ නැහැ. මේ උත්තරීතර සභාව අළුත් නීති සම්පාදනය කරන විට සුළු වාර්ගිකයන් රුසියානු නොවනු බැවින් මුලින්ම සිත රඳවාගත යුත්තේ රුසියානු ජාතික අවශ්‍යතාවයන් පිළිබඳවයි.”
 ෆේස් බුක් උපුටාගැනීමක්

ආගම ජාතිය පාවා දුන් වටරැක හිමිට ප්‍රහාරයක් ..


මහියංගන ප්‍රාදේශීය සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධායනේ මන්ත්‍රී වටරැක විජිතසිරි හිමි සිය මවගේ පින්කමට යමින් සිටියදී ත්‍රි රෝද රථවලින් ලුහුබැඳ ඇති 20 ක් පමණ පිරිසක් පේරාදෙණිය ප්‍රදේශයේදී පහරදී පලා ගොස් තිබෙනවා.
මුන්වහන්සේ මෙසේ පහරකෑමට ලක්ව ඇත්තේ පේරාදෙණිය පොල්මුල හන්දියේදීය . පහරකෑමට ලක්වූ භික්ෂුව කොල්ලුපිටිය ප්‍රදේශයේ පෞද්ගලික රෝහලකට ඇතුලත් කර ඇත. පහරදීමට බියෙන් වාන් රියෙන් පලා යද්දී පේරාදෙණිය ප්‍රදේශයේදී ලොරියක ගැටී ඇති අතර එයද නොතකා එහිමියන් පැමිණි රිය කෑගල්ල පොලිසියට පැමිණ සිද්ධිය පැමිණිලි කොට තිබේ . හිමිනම පවසා ඇත්තේ අනතුර සිදුවූ ස්ථානයේ රිය නතර නොකොට පලා ආවේ මරණ බිය නිසා බවයි .
ගිරාඳුරු කෝට්ටේ මහවැලි විහාරාධිපති විජිතසිරි හිමියන් පොලිසියට කල පැමිණිල්ලේ මෙසේද සඳහන් වේ . “කඩුගන්නාව පොලිස් වසමට අයත් පිළිමතලාව අසලදී ත්‍රි රෝද රථවලින් පැමිණි 20 දෙනෙකු පමණ පිරිසක් සිටියා එම පිරිස අතර මහියංගන ප්‍රදේශයේ හිමිනමක්ද මහනුවර බොදු බල සේනාවේ සාමාජිකයෙක්ද  දායක සභාවේ අයෙක්ද සිටියා”
බදුල්ල ප්‍රදේශයේ පවතී රාමසාන් උත්සවය අවසානයේදී පවතී සර්වාගමික උත්සවයකදී මෙමෙ හිමි නම බන දේශනාවක් කර ඇති බවත් එහිදී හලාල් සහ මුස්ලිම් කාන්තාවන්ගේ ඇඳුම් පිලිබඳ විස්තරයක් තිබෙන බවත් එම නිසා එතැන් පටන් බොදු බල සේනාව තමුන්ට විරෝධය පා මරණ තර්ජන කල බවයි. 

ඔහුගේ ජාතිය ආගම පාවාදුන් කතාව පහතින් .......
  http://www.youtube.com/watch?v=d1KOIZZYxKM

Aug 19, 2013

ලොවක් කැළඹූ X ෆයිල්ස් කථාමාලාව ජයග්‍රාහී විසිවන වසර සමරයි

දශකයකට අධික කාලයක් ලොවපුරා රූපවාහිනී ප්‍රේක්ෂකයන්ගේ හද බැඳ ගනිමින් රහස් පරීක්ෂක කතා, ඉතිහාසයේ කිසිදා නොමැකෙන නව පරිච්ජේදයක් සටහන් කළ සුප්‍රකට X ෆයිල්ස් කතා මාලාවේ විසිවන සංවත්සරය පසුගියදා ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ‘සැන්ඩියේගෝ’ නුවරදී පවත්වන ලද්දේ, X ෆයිල්ස් කතාමාලාවට ජීවය පෙවූ එහි ප්‍රධාන චරිත ද්විත්වය නිරූපණය කළ ජනප්‍රිය හොලිවුඩ් නළු නිළි දෙපළක් වන ‘ඩේවිඩ් ඩච්හොව්නි’ හා ‘ජිලියන් ඇන්ඩර්සන්ගේ සහභාගිත්වයෙනි.

Xfile1 
FBI නිලධාරී ෆොක්ස් මෝල්ඩර් හා ඔහුගේ සහායක නිලධාරිනී ඩේනා ස්කලි අතර වූ එහෙත් ප්‍රසිද්ධියේ ප්‍රකාශ නොවුණු අනේ‍යාන්‍ය ආකර්ෂණය හා සබැඳියාව X ෆයිල්ස් කතා මාලාව, මාලා නවයක් ලෙස ඉතා දීර්ඝ කාල පරාසයක් ඔස්සේ විකාශය වීමට හේතු වූ මූලිකම සාධකය බව X ෆයිල්ස් රසිකයින් අවිවාදයෙන් පිළිගන්නා සත්‍යතාවකි. කතා මාලාව මුළුමනින්ම විකාශය වී වසර ගණනාවක් ගතවුවද ජිලියන් ඩේවිඩ් යුවළට සේම X ෆයිල්ස් කතා මාලාවටද හිමිව තිබූ රසික ආකර්ෂණයේ කිසිදු අඩුවක් සිදුව නැති බව උත්සවයට සහභාගි වූ රසික පිරිසෙන් මොනවට පැහැදිලි විය. එහි විසිවන සැමරුම වෙනුවෙන් මෙලෙස පුවත්පත් ලිපියක් වෙන් වන්නේ ද ඒ ජනප්‍රියත්වය නිසාමය.

කතා මාලා නවයේම මෙන්ම X ෆයිල්ස්, චිත්‍රපට ද්විත්වය වන ෆයිට් ද ෆියුචර් හා අයි වෝන්ට් ටු බිලීව් හිද රඟපෑ ජිලියන් එහිදී X ෆයිල්ස් රසික රසිකාවියන්ගේ පී්‍රතියටත් පුදුමයටත් හේතුවන නිවේදනයක් සිදු කරමින් කියා සිටින ලද්දේ ඉදිරියේදී තවත් X ෆයිල්ස් චිත්‍රපටයක් නැරඹීමේ අවස්ථාව ඔවුන්ට හිමිවනු ඇති බවය. ‘සත්‍ය ඔබ ඉදිරියේ ඇත’ (Truth is out there) යන තේමා Xfileපාඨයෙන් යුතුව ඇරඹී විනාඩි 35-40 අතර කාල පරාසයකට සීමා වූ සෑම X ෆයිල්ස් කථාංගයකදීම, මතෛක් නොවිසඳුණු විශ්වයේ ගුප්ත අබිරහස් හා අධි අසාමාන්‍ය සිදුවීම් ගවේෂණයේ නියැළෙන විවෘත මනසකින් යුතු එෆ්.බි.අයි. විශේෂ නියෝජිත ෆොක්ස් මෝල්ඩර් හා ඔහුගේ ගවේෂණ සගයා වන නිතර අවිශ්වාසයට බර එෆ්.බි.අයි. විශේෂ නියෝජිතවරිය වන ඩේනා ස්කලී හට බොහොමයක් අබිරහස් විසඳා ගැනීමට නොහැකි වුවද, ළබැඳි X ෆයිල්ස් රසිකයන් ඒ වටා අඛණ්ඩව රොද බැඳ සිටින ලද්දේ මෝල්ඩර් ස්කලී දෙපළ අතර ඔවුන්ටත් හොරා මෝදු වූ ලෙන්ගතුභාවයේ ආකර්ෂණයෙන් මිදීගත නොහැකි වූ නිසාය. කතා මාලාව එතරම් දිගු කාලයක් විකාශය වීමට මුල් වූයේ එම හේතුව බව සැන්ඩියේගෝ නුවර පැවැති උත්සවයේදී ද තහවුරු වූයේ රසිකයන් ඒ පිළිබඳව ජිලියන් හා ඩේවිඩ්ගෙන් අසා සිටි ප්‍රශ්න හේතුවෙනි.
මේ අතර රසිකයන්ට ප්‍රශ්න ඇසීමේ අවස්ථාව හිමිකර දෙමින් පැවැති මණ්ඩල සාකච්ඡාවේදී X ෆයිල්ස් නිර්මාතෘ ක්‍රිස් කාටර් අදහස් දක්වමින් කියා සිටින ලද්දේ එය විකාශය වූ අතීතයට වඩා X ෆයිල්ස් කථාංගයන් වඩාත් උචිත වන්නේ වර්තමානයට බවයි. එකල ජනතාව දැඩි ලෙස ඇමෙරිකානු රජය කෙරෙහි විශ්වාස කිරීම හේතුවෙන් එකී විශ්වාසය හා රජයේ අවංකභාවය අභියෝගයට ලක් කෙරෙන සිදුවීම් X ෆයිල්ස් හරහා ඉදිරිපත් කිරීම තමාටද අභියෝගයක් වූ බව ක්‍රිස් කාටර් අවධාරණය කළේය. මණ්ඩල සාකච්ඡාවෙන් අනතුරුව මෝල්ඩර් හා ස්කලී දෙපළගේ දැවැන්ත කාඩ්බෝඩ් අනුරුවක් වෙන්දේසි කිරීමටද ජිලියන් ඉදිරිපත් වූවාය. X ෆයිල්ස් කථාමාලවේ වැඩි කොටසකදීම රතුපැහැ කෙස් කලඹින් යුතුව පෙනීසිටි ජිලියන් උත්සව අවස්ථාවට දුඹුරු පැහැති කෙස් කලඹින් යුතුව පැමිණ සිටීම කැපී පෙනිණි.

පයිපර්, ඔස්කාර් හා ෆීලික්ස් නමැති දරුවන් තිදෙනෙකුගේ මවක වන ජිලියන්, ද හවුස් ඔෆ් මර්ත්, බ්ලීක් හවුස් යන නාට්‍යවලටද රංගනයෙන් දායක වූ අතර මෑතකදී සිට බි.බි.සී. නාලිකාව ඔස්සේ විකාශය වන ‘ද ෆෝල්’ නමැති නාට්‍යයේ ස්ටෙලා නම් රහස් පරීක්ෂකවරියකගේ චරිතයට පණ‍පොවන්නීය. තමා මීට පෙර නිරූපණය කළ කිසිදු චරිතයකට වඩා ස්ටෙලාගේ චරිතය තමාට සමීප බව ඇය විසින් කියා තිබිණි.

ප්‍රියන්ති රුද්‍රිගු

නූතන කාන්තාවන් තැති ගන්වන අතීත රූපලාවන්‍ය ක්‍රමවේද

රූපලාවන්‍ය ක්‍ෂේත්‍රයද මේ වන විට වෛද්‍ය විද්‍යාවේ හා තාක්ෂණයේ බල මහිමයෙන් කුළු ගැන්වුණු සංකීර්ණ ක්‍ෂේත්‍රයක් බවට පත්ව හමාරය. හිසේ සිට පාදාන්තය දක්වා රුව ඔප්නැංවීම සඳහා සිදුකෙරෙන රූපලාවන්‍ය සත්කාර යනු තවදුරටත් සරල ආ‍ලේපනයන්ට සීමා වූවක් පමණක් නොවේ. රසායනික ක්‍රම මගින් සිදුකෙරෙන සම සූරා දැමීම්, රසායනික නික්ෂේපණ ආදිය පිළිබඳ සැලකූ කල රුව ඔප් නැංවීම සඳහා මෙබදු භයානක අන්තයන්ට යෑම යනු නූතනයට සීමා වූ සංසිද්ධියක් ලෙස අප සිතුවද එය කිසිසේත්ම වර්තමානයට ආවේණික වූවක් නොව ඈත අතීතයක සිට පැවැතෙන්නක් බව විමසුම් සහගතව සිදුකෙරෙනු ලබන හැදෑරීම්වලදී පෙනී යන්නකි. එනම් කාන්තාවන් යනු අතීතයේ පටන්ම රුව අලංකාරය සඳහා ලොව පවතින අසාමාන්‍ය ක්‍රමවේදයන් සොයායාමට පෙළඹුණු පිරිසක් බවයි. මෙහි දැක්වෙන මෙම දුටුවන් බිය ගන්වන රූපලාවන්‍ය සත්කාරයන් දුටු කල සිය රුව වර්ධනය කර ගැනීම කෙරෙහි අසාමාන්‍ය උනන්දුවක් දක්වන විසිඑක්වන සියවසේ ආටෝපකාරී වනිතාවන් වුවද තැති ගැනීමට ලක්වනවාට සැක නැත.

7-2
01. ජලය පිරවිය හැකි ප්ලාස්ටික් අයිස්කැට සවිකරන ලද මෙම මුහුණු ආවරණය මුහුණු සිසිල් කිරීමේ “ෆේස් පැක්” වර්ගයක් ලෙස ක්‍රියාකරන්නක් වන අතර භාවිතයට පෙර අධිශීතකරණයේ තැබිය යුතු මෙය රාත්‍රී සාදායන්ට සහභාගි වීමට ප්‍රිය කළ හතළිහ දශකයේ හොලිවුඩ් තාරකාවන් අතර ප්‍රචලිත වූවකි.

02. පැල්ලම් කැලලි රහිත සුසිනිඳු සමක් ලබා ගැනීමේ නොතිත් ආශාවෙන් පෙළෙන තිහ දශකයේ වනිතාවන් අතර ප්‍රචලිත වූ මෙම “චූෂණ යන්ත්‍රය” සතුව රික්තක ‍පොම්පයකට රැහැන් මගින් සම්බන්ධ කළ වීදුරු නැසින්නයන්ගෙන් (දධලලතඥ) යුතු රබර් නළ කිහිපයක් විය. මුහුණේ සමට තදින් ඇලී 7-1පැවැති කැලලි ආදිය මෙමගින් ඉවත් කෙරිනි.

 03. ශරීරයේ බර අඩුකර ගැනීම සඳහාම සකස් කෙරුනු විවිධාකාර උපකරණ සහිත රූපලාවන්‍ය ආයතන හතළිහ දශකයේ ජනප්‍රිය අංගයන් විය. සම්පූර්ණ ශරීරයම සේම දෙපාවලට පමණක් සම්බාහනය ලබාදෙන ලෝහමය රෝලරයන් සහිත පුටු මේවායේ අනිවාර්ය අංගයන් විය.

04. අව්ව තැපීමේදී සැඩ හිරු රශ්මියෙන් දෑස් පමණක් නොව නාසයද ආරක්ෂා කරගනු සඳහා උපැස් යුවළටම සම්බන්ධකොට තැනුණු මෙම් විශේෂිත නාස් ආවරණය තිහ දශකයේදී නිර්මාණය කෙරුනකි.

05. ශරීර බර අඩුකර ගනිමින් සිහින් ශරීරයකට හිමිකම් කීමට වෙසෙසින්ම යොදා ගැනුණු මෙම “කම්පන උපකරණය භාවිතයේදී සිදුවනුයේ ශරීරය” කම්පනය කොට
පේෂී සංකෝචනය වීමට සලස්වා කැලරි දහනය කිරීමය.

06. ලෝහ දුන්නක දෙකෙළවර ගෙලට හා පාදයට සවිවන සේ රෙදි පටි යොදා සැකසූ ශරීරයේ මනා හැඩය පවත්වා ගැනීමට තිහ දශකයෙහි යොදාගත් උපකරණයකි.

07. සිනාසෙන විට වලගැසෙන කම්මුල් යනු උත්පත්තියෙන් හිමිවන්නක් වුවද 1936 වසරේදී කෘත්‍රිමව එබඳුවළ ගැසීම් ඇති කර ගැනීමේ අරමුණින් නිර්මාණය කළ මෙම විශේෂිත දුන්න සිය හකුපාඩා වටා පැළැඳීම මගින් එවැන්නක් ලැබේ යැයි අපේක්ෙෂා කිරීම ඇත්තෙන්ම විහිළුවක් නොවන්නේද?

08. හතළිහ දශකයේදී භාවිතා වූ මෙ විශේෂිත රූපලාවන්‍ය සත්කාරක හිස්වැසුම මගින් හිස වටා වූ වායු කලාපයේ පීඩනය අඩුකිරීම මගින් කොපුල්වලට රෝස පැහැයක් ලබාදීම  අපේක්ෂා කෙරිනි. ඒ කඳුකර කලාපයේ සක්මනකට යාමෙන් පසුව ශරීරයේ පැහැය වෙනස්වීමේදී බලපාන පාරිසරික තත්ත්ව කෘත්‍රිමව ඇති කිරීමට ගන්නා ලැබූ උත්සාහයකි.

09. බැලූ බැල්මට බිය උපදවන සුළු මෙම අසාමාන්‍ය අන්දමේ ශීර්ෂාවරණය 1940දී බිහිවූවකි. එය විදුලි පරිපථයකට සම්බන්ධ කරනු ලඳුව හිස හා මුහුණු උණුසුම් කිරීමට යොදා ගන්නා ලද්දේ රුධිර සංසරණය ක්‍රමවත් කිරීම මගින් සමට නැවුම්බවක් ලබාදීම සඳහාය.

10. රැලි සහිත කේශ කලාපයක් ලබා ගැනීමේ අරමුණින් අතීත කාන්තාවන් රත්කරන ලද මෙබඳු කුඩා දැති අඬුවල සිය කෙස් රඳවා ගනිමින් අඛණ්ඩව පැය කිහිපයක් වුවද ගත කිරීමට නොපසුබට වූහ.

11. මුහුණේ පිහිටන රතු පැහැති කැළැල් කාබන්ඩයොක්සයිඩ් ආධාරයෙන් ශීත කිරීම ලක් කිරීම තිහ දශකයේදී රූ සපුව අලංකරණය කිරීමෙහිලා උනන්දු වූ වනිතාවන් අතර ප්‍රකට වූවකි. මෙම පිළිවෙතේදී අදාළ පුද්ගලයාගේ ඇස් හා නාස් කුහරයන් සම්පූර්ණයෙන්ම වසා තැබිම සිදු කෙරෙන නිසාවෙන් සත්කාරයට ලක්වන මුළු කාලය තුළදී අදාළ පුද්ගලයාට ශ්වසනය කිරීමට සිදුවන ලද්දේ මුවේ රැඳවූ බටයක් ආධාරයෙනි.
ප්‍රියන්ති රුද්‍රිගු