Showing posts with label වෙනත්. Show all posts
Showing posts with label වෙනත්. Show all posts

Dec 23, 2012

‘මායාවරුන්ගේ දින දර්ශණය සහ 2012 ලෝක විනාශය’



‘මායාවරුන්ගේ දින දර්ශණය සහ 2012 ලෝක විනාශය’

‘මායාවරුන්ගේ දින දර්ශණය සහ 2012 ලෝක විනාශය’

ඒ ඒ සංස්කෘතියෙහි ඇති සංකල්ප අතර ඇත්තේ ඉතා දළ සමිබන්ධයක් බව මේ වන විට අවබෝධ වී ඇතැයි සිතමි. අප අම්මා යැයි කියන්නේ ඉංගි‍්‍රසීන් මදර් හෝ මමී හෝ යැයි කියන අරුතින් ම නොවේ. සිංහල බෞද්ධයන්ගේ සත්වයා යනු ඉංග‍්‍රීසීන්ගේ ඇනිමල් නොවේ. ඉංගිරිසින්ගේ ඇනිමල් යනු සිංහල බෞද්ධයන්ගේ සත්වයන් යන කුලකයෙහි උපකුලකයක් ලෙස නො සැලකිය යුතු බව අවබෝධ විය යුතුය. එමෙන්ම ඉංගී‍්‍රසින්ගේ මදර් යන්නෙන් කියැවෙන ගුණවලට අමතර ව තවත් ගුණ සිංහල බෞද්ධයන්ගේ අම්මා යන්නෙහි අන්තර්ගත වී ඇතැයි නො සිතිය යුතු ය.

ඒ ඒ සංකල්ප වෙන වෙන ම සංකල්ප වෙයි. එහි ඇති යම් සමානත්වයක් හේතුකොටගෙන අපි ඒ ඒ සංකල්ප එක් භාෂාවකින් තවත් භාෂාවකට පරිවර්තනය කරමු. එහෙත් එහි දී ඉතාමත් සාමාන්‍ය අවස්ථාවල දී මිස සියුම් අවස්ථාවල දී ඉන් අරුතක් ලබාදීමට හැකි නො වෙයි. වචනවල (සංකල්පවල) අදහස් හකුළුවා ව්‍යංගයෙන් විවිධ අදහස් ප්‍රකාශ කරන කවියෙහි මේ ප්‍රශ්නය බැරෑරුමි ලෙස උද්ගත වෙයි. එක් භාෂාවකින් ලියැවුණු කවි වෙනත් භාෂාවකට පරිවර්තනය කිරීමේ දී පරිවර්තකයාට විවිධ අභියෝගවලට මුහුණ පෑමට සිදුවෙයි.

බුදුදහම ඉංගිරිසියෙන් ප්‍රකාශ කිරිමට හැකි යැයි මම නො සිතමි. ඉංගරිසියෙන් බුදුදහම ප්‍රකාශ කරද්දී ඒ භාෂාව නිර්මාණය වී ඇති ක්‍රිස්තියානි සංස්කෘතියෙහි බලපෑම ජයගැනීම ප්‍රශ්නයක් වෙයි. ශක්තිය යන වචනය ඉංගිරිසියට පරිවර්තනය කරන්නේ කෙසේ ද? නැතහොත් එනර්ජි යන වචනය සිංහලට පරිවර්තනය කරන්නේ කෙසේ ද? සංකල්පවලින් ඉංගිරිසියෙහි හා සිංහලයෙහි දැක්වෙන්නේ එකම අදහස් නොවන බැවින් අප එකිනෙකා මුහුණපාන ප්‍රශ්න කෙතෙක් ද?

කුසල් ශක්තිය අකුසල් ශක්තිය පාරමී ශක්තිය ආදිය ඉංගිරිසියට පරිවර්තනය කළහැකි යැයි නොසිතමි. මේ ශක්ති සිංහල බෞද්ධ සංස්කෘතියෙහි නම් ආධ්‍යාත්මික ශක්ති වෙයි. එහෙත් සාමාන්‍යයෙන් ඉංගිරිසියෙහි ශක්තිය යන්නෙන් අදහස් වන්නේ භෞතික ශක්තියකි. මිනිසාට තම සිරුරේ ඇති ශක්තිය යොදාගනිමින් යම් වස්තුවක් තල්ලු කළහැකිය. එසේත් නැත්නමි ඇදගෙන ගයි හැකි ය. බටහිර සංස්කෘතියෙහි ඇතැම් සත්වයන්ට ද එනමි සිංහල බෞද්ධ සංස්කෘතියෙහි නම් ඇතැමි තිරිසන් සතුන්ට ද එසේ කළ හැකි ය. ඉංගිරිසින්ගේ බලය යන සංකල්පය තැනී ඇත්තේ මේ භෞතික ශක්තිය පදනම් කරගනිමිනි.

අශ්ව බලය යනුවෙන් ඇති සංකල්පය (අද ඊනියා ජාත්‍යන්තර සමම්මත ඒකක යටතේ එය භාවිතා නො කෙරේ) අශ්වයකු පැයකදී කරන කාර්යය මත පදනම් ව ගොඩනගා ඇත. කාර්යය යනු දළ වශයෙන් බලයේ හා බලය යෙදෙන ලක්‍ෂ්‍යයෙහි විස්ථාපනයෙහි ගුණිතය වෙයි. ජවය යන සංකල්පය ඒකක කාලයකදී සිදුකරන කාර්යය සඳහා යොදා ගැනෙන්නේ යැයි සිතමි. ඒ කෙසේ වෙතත් ශක්තිය යන්න ඉංගරිසි සංස්කෘතියෙහි මුල දී යෙදුණේ මිනිසුන් අශ්වයන් වැනි සතුන් දුම්රිය ඇංජිම වැනි යන්ත්‍ර විසින් යම් වස්තුවක් ස්පර්ශ කරමින් තල්ලු කිරීමෙහි දී හෝ ඇදගෙන යෑමෙහි දී වැයවන්නක් හැඳින්වීම සඳහා ය.

එහෙත් නිව්ටන් හා පසුව ෆැරඬේ හා මැක්ස්වෙල් විද්වතුන් විසින් ඒ සංකල්පය වෙනස් කරනු ලැබිණි. නිවිටෝනීය ගුරුත්වාකර්ෂණ බලය යෙදවීමට ස්පර්ශවීම අනවශ්‍ය විය. සුර්යයා හා පොළොව එකිනෙක මත ගුරුත්වාකර්ෂණ බලයක් යොදන්නේ එකිනෙක ස්පර්ශ කරමින් නොවේ. කාන්දමක් විසින් අල්පෙනෙත්තක් මත බලයක් යෙදෙන්නේ අල්පෙනෙත්ත ස්පරශ කරමින් නොවේ. එය තේරුම් කරදීම සඳහා මැක්ස්වෙල් විද්වතාට ක්‍ෂෙත්‍රය යන සංකල්පය හඳුන්වා දීමට සිදුවිය. ගුරුත්වාකර්ෂණ ක්‍ෂෙත්‍රය යන්න ද මැක්ස්වෙල් විද්වතාගෙන් පසුව භාවිතයට ආ සංකල්පයක් විය. නිව්ටන් විද්වතාට සූර්යයා හා පොළොව එකිනෙක ස්පර්ශ නොකර බලයක් යොදන්නේ කෙසේ දැයි තේරුමි කර දීමට නො හැකි විය.

වස්තු එකිනෙක ස්පර්ශ කරමින් හෝ නොකරමින් හෝ ශක්තිය වැය කරන්නේ ය යන්න බටහිර අදහසකි. ඒ සමහ ඇත්තේ යාන්ත්‍රික විද්‍යුත් චුමිබක ආදී භෞතික ශක්තියක් පිළිබඳ සංකල්පයකි. එහි ආධ්‍යාත්මික ශක්තියක් පිළිබඳ සංකල්පයක් නැත. එහෙත් සිංහල බෞද්ධයනට ශක්තිය යන්නෙන් ආධ්‍යාත්මික ශක්තිය පිළිබඳ අදහසක් ද ගෙන දෙයි. සිංහල බෞද්ධ ශිෂ්‍යයනට එනර්ජි යන්න ශක්තිය ලෙස පරිවර්තනය කිරීමෙන් බටහිරයන් බලාපොරොත්තුවන අදහස ලැබෙන්නේ ද යන සැක සහිත ය. ඇතැම් සිංහල බෞද්ධ ශිෂ්‍යයන් බටහිර එනර්ජි හා සිංහල ශක්තිය යන සංකල්ප දෙකෙහි වෙනස අවබෝධ කර ගනිමින් ඒ සංකල්ප නිරවුල් ව යොදාගන්නවා ඇත. එහෙත් සිංහල බෞද්ධ සිසුන් බහුතරයක් මේ සංකල්ප දෙක මිශ්‍ර කරගනු නිසැක ය.

ඉංගිරිසි ක්‍රිස්තියානි සංස්කතියෙහි බිහි වී ඇති ශක්තිය සංස්ථිතික වෙයි. එනම් ශක්තියේ ස්වරූපය තාපයෙන් විද්‍යුතයට යාන්ත්‍රිකයෙන් තාපයට ආදී වශයෙන් වෙනස් කළ හැකි නමුදු ශක්තිය විනාශ කිරීමට හෝ නිර්මාණය කිරීමට හෝ නො හැකි ය. මෙය ගලා එන්නේ දෙවියන් වහන්සේ ශක්තිය නිර්මාණය කිරීමෙන් පසුව එය අඩු වැඩි කිරීමට කිසිවකුට නො හැකි බව පදනම් කරගනිමිනි. බටහිර ක්‍රිස්තියානි විද්‍යාවේ සංකල්ප නිර්මාණය වී ඇත්තේ දේව නිර්මාණයට එකඟව ය. එහි අද දෙවියන් වහන්සේ කෙනකුගේ නිර්මාණයක් නැති වුවත් අහම්බෙන් සිදුවන නිර්මාණයක් වෙයි. විශ්වවේදයේ ඊනියා මහා පිපුරුම යනු දෙවියන් වහන්සේ කෙනකු නැතිව සිදුවන නිර්මාණයකි. මෙරට අනෙක් අය මහා පිපුරුම පිළිගත්තත් සිංහල බෞද්ධයකු ලෙස මම එය ප්‍රතික්‍ෂෙප කරමි.

සිංහල බෞද්ධ සංස්කෘතියෙහි ශක්තිය යන්න සංස්ථිතියක් නොවේ. මා දැනට තේරුමි ගන්නා ආකාරයෙන් සිංහල බෞද්ධ සංස්කෘතියෙහි ශක්තිය අනන්ත වෙයි. විශ්වය ද අනන්ත වෙයි. එපමණක් නොවේ. එය අපරිමිත ද වෙයි. මේ විශ්වය විටෙක සංකෝචනය වෙයි. තවත් විටෙක ප්‍රසාරණය වෙයි. ප්‍රසාරණය වන්නාවූ ද සංකෝචනය වන්නා වූ ද පරිමිත විශ්වයක් සඳහා ආකෘතියක් අපි කැලණිය විශ්වවිද්‍යාලයෙහි නිර්මාණය කර ඇත්තෙමු. යථා කාලයේ දී අපරිමිත වු ද අනන්ත වූ ද සංකෝචනය වන්නා වූ ද ප්‍රසාරණය වන්නා වූ ද විශ්වයක් (විශ්වයක ආකෘතියක්) නිර්මාණය කිරීමට අපි බලාපොරොත්තු වෙමු.

අද ලෝකයේ අකුසල් ශක්තිය කුසල් ශක්තියට වඩා විශාල වන බව පෙනී යයි. ලෝකයේ වැඩියෙන් ඇත්තේ පන්සිල් රකින මිනිසුන් නොව කඩන මිනිසුන් ය. මිනිසුන් හැරෙන්නට අමනුෂ්‍යයන්ගේ ද තිරිසන් සතුන්ගේ ද මිථ්‍යාදෘෂ්ටික දේවතාවන්ගේ ද අකුසල් ශක්තිය ඉමහත් වෙයි. අකුසල් ශක්තිය වර්ධනය වීම බටහිර ක්‍රිස්තියානි සංස්කෘතික ආධිපත්‍යය යටතේ ඉතා වේයෙන් සිදු වී ඇත.
සිත් පිත් නැති භෞතික ලෝකය ද දෙවියන් මිනිසුන් තිරිසන් සතුන් අමනුෂ්‍යයන් සහිත සත්ව ලෝකය ද එකිනෙකින් වෙන්ව පවතින්නේ නොවේ. මුළු මහත් සත්ව ලෝකය ම එකිනෙකාට සමිබන්ධ වී ඇත. අපි දෙවියන්ට හා භුතයන්ට පින් දෙමු. ඇතැම් මිනිසුන්ට අමනුෂ්‍ය දෝෂ ඇති වෙයි. ඒ අමනුෂ්‍ය දෝෂ දුරුකර ගන්නා අයුරු ද අපට උගන්වා ඇත. ඒ සඳහා ආධ්‍යාත්මික ගුණ වගාව අත්‍යවශ්‍ය වෙයි. සාමාන්‍ය අමනුෂ්‍යයන්ට මිථ්‍යාදෘෂ්ටික දෙවිවරුන්ට තම ශක්තියෙන් (අකුසල් ශක්තියෙන්) ආධ්‍යාත්මික ගුණයෙන් පොහොසත් අයට වින කළ නො හැකි ය. එහෙත් වසවර්ති මාර දිව්‍ය පුත්‍රයා වැනි බලසමිපන්න අයට බෝසතාණන් වහන්සේලාට වුව ද බාධක පැමිණවිය හැකි ය.

සත්වයන්ගේ කුසල් අකුසල් ශක්ති ස්වභාව ධර්මයාට ද බලපායි. කැලණිතිස්ස රජුගේ ක්‍රියාවක් හේතුකොටගෙන මුහුද ගොඩගැලූ බව අපි අසා ඇත්තෙමු. එය සුනාමියක් ද නැද්ද එහි දී මුහුදේ සිදු වු භූමිකමිපාවක් අතරමැද හේතුවක් වී ද නැද්ද ආදිය පසුගිය සුනාමියෙන් වසර හයකට පසු මට ප්‍රශ්න නොවේ. මුහුද ගොඩ ගැලුයේ කැලණිතිස්ස රජු රහතන් වහන්සේ නමකට පිරිනිවන් පෑමට සැලැස්වූ බැවිනි. කුසල් ශක්තිය හෝ අකුසල් ශක්තිය හෝ හේතුකොටගෙන භූමිකමිපා (මිහිකත සෙලවීම්) ඇතිවන බව අපි දනිමු.

අද ලෝකයේ සෑම තැනකම ඊනියා ස්වාභාවික ආපදා ඇතිවෙයි. හිම නිසා ගුවන් යානා ඇණ හිටියි. ගුවන් තොටුපළ වසා දැමෙයි. ලෝකයේ හැම රටකම පාහේ ගංවතුර ගැලිමි ඇතිවෙයි. දේශගුණික වෙනස්කමි ඇතිවෙයි. මේ දේශගුණික වෙනස්කමි ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑම වැනි හුදු භෞතික වෙනස්කමිවල ප්‍රතිඵල ද? එසේත් නැත්නම් මිථ්‍යාදෘෂ්ටික දෙවියන්ගේ හා මනුෂ්‍යයන්ගේ අධාර්මික ජීවන රටාවල ප්‍රතිඵලයක් ද එහි දැකිය හැකි ද? ගෝලීයඋෂ්ණත්වය ඉහළ යන්නේ ද බටහිර ක්‍රිස්තියානි සංස්කෘතිය විසින් මිනිසාගේ ඉන්ද්‍රිය පිනවීම සඳහා බටහිරයන් ම කියන පරිදි ක්ලෝරෝ ෆ්ලෝරෝ කාබන් ආදී රසායනික ද්‍රව්‍ය වායුගෝලයට එකතුකිරීම නිසා ය. තිරිසන් සතුන්ගේ හා අමනුෂ්‍යයන්ගේ අකුසල් ශක්තිය හැමදාමත් ඉහළ බැවින් ඔවුන් මේ ව්‍යසනයට දායක වී යැයි සිතිය නො හැකි ය.
මායා ශිෂ්ටාචාරයේ පැරුන්නන්ට අනුවල අඩුම තරමින් ඔවුන්ගේ දින දර්ශනයට අනුවල 2012 දී එනමි ලබන වසරේ දී ලෝක විනාශය සිදුවීමට නියමිත ය. බටහිර ක්‍රිස්තියානි නූතනත්වය යටතේ ලෝකයේ අධර්මය වර්ධනය වන ආකාරය අධ්‍යයනය තිරීමේදී මෙය සැබෑවක් වීමට අඩුම තරමින් සුළු ඉඩකඩක් ඇති බව පෙනී යයි. ලෝකය බටහිර මිනිසාගේ ආධිපත්‍යයට යටවූ දවසේ සිට ලෝක විනාශය ආරමිභ වී ඇත. මුළු ලෝකය ම බටහිර මිනිසාගේ ආධිපත්‍යයට යටවීම ද දෙවි මිනිස් ලෝකවල අධර්මය රජකිරීමේ ප්‍රතිඵලයකි. ඇතැමි සම්‍යක් දෘෂ්ටික දේවතාවන්ගේ පාරමී හා කුසල් ශක්ති පසුගිය සියවස් කිහිපයක විවිධ හේතු නිසා යටපත්වීම පසුබිමි කරගනිමින් එසේ සිදුවන්නට ඇතැයි සිතිය හැකි ය.
අපට ලෝක විනාශය නතර කළ හැකි ය. එමගින් ලෝක විනාශයට නව අරුතක් ද දිය හැකි ය. ඒ සඳහා සම්‍යක් දෘෂ්ටික දේවතාවන්ගේ හා ගුණගරුක මිනිසුන්ගේ එකතුවක් අවශ්‍යවෙයි. 

අද සම්‍යක් දෘෂ්ටික දේවතාවුන් හින්දු වැනි වෙනත් හිතවත් දෙවියන්ගේ ද ආධාරයෙන් බලයට පත් වී ඇති මිථ්‍යාදෘෂ්ටික දෙවියන් යටපත් කිරීමේ ක්‍රියාවලියක් ආරමිභ වී ඇති බව ඇතැමි ධාර්මික මිනිසුන් කරන කියන දෙයින් පැහැදිලි වෙයි. එහි දී ධාර්මික මිනිසුන්ගේ කුසල් ශක්තියෙහි හා පාරමී ශක්තියෙහි ආනුභාවය ද සම්‍යක් දෘෂ්ටික දේවතාවුන්ට ලබාදිය හැකි ය.
ලෝක විනාශය නතර කළ හැක්කේ අප ධාර්මික වීමෙනි. අපේ කුසල් ශක්තිය වර්ධනය කිරීමෙනි. අප පන්සිල් රැකීමෙනි. සම්‍යක්දෘෂ්ටික දෙවිදේවතාවුන්, ඔවුන්ගේ හිතවත් දේවතාවුන්, ධාර්මික මිනිසුන් එකතු වී ලෝක විනාශය වැළැක්විය හැකි ය. එහෙත් එසේ කරනු ඇත්තේ බටහිර ක්‍රිස්තියානි නූතනත්වයේ ලෝකය වෙනුවට වෙනත් ලෝකයක් ඇරඹීමෙනි. ඒ අරුතින් ගත්කල බටහරි ක්‍රිස්තියානි නූතනත්වයේ ලෝකය විනාශ වීම ලෝක විනාශය ලෙස විවරණය කළ හැකි ය. අප අළුත් ලෝකයක් ආරමිභ නොකළහොත් බටහිර ක්‍රිස්තියානි නූතනත්ව ලෝකය විනාශ වීම සමග ලෝකය විනාශ වනු ඇත.

- මහාචාර්ය නලීන් ද සිල්වා

Dec 20, 2012

හොවාර්ඩ් කාටර් විසින් අනාවරණය කර ගත් ටුටන්කාමම් සොහොන් ගැබ



04-2ටුටූ පාරාවන් මිහිදන් කර අවුරුදු 25 පමණ කාලයකින් සොරුන් ඒ භූමි කඩා ඇති බවට සාක්ෂි ඇතැයි පැවසෙයි. එක් වරක් නොව ඒවා කිහිපවරක් සොරුන්ගේ කඩා වැදීම්වලට ඒවා අසුවෙන්නට ඇතැයි සැලකේ හොවාර්ඩ්, කාටර් ගැන පරීක්ෂණ සිදුකළ තියඩෝර් ඩේවිස් විශ්වාස කරන ආකාරයට මිහිදානාගාර තුනක් පමණක් යම්තරමින් හෝ සොරුන් ගෙන් බේරී තිබි ඇත. ඒ ටුටන්කාමම්, ඕකනොටන් හා හෝරම්හබේ යන පාරාවෝ රජුන්ගේය.

තියඩෝර් ඩේවිස් විසින් 1908 දී හෝරම්හබේ රජතුමාගේ ග්‍රැනයිට් පාෂාණයෙන් නිමවන ලද මිහිදානාගාරය සොයා ගන්නා ලද බව සඳහන් වේ. නමුත් එහි ඉතිරිව තිබුණේ මමියේ හිස් කබලත්, අස්ථින් කිහිපයකුත් පමණි. ඒ අතර ඔකනෝටන් රජතුමාගේ මිහිදානාගාරයද හමු වී ඇත. එහිදී ටුටන්කාමම් මුද්‍රාවක් සහිත මැටි භාණ්ඩ කිහිපයක් හමු වූ බව ඩේවිස් කියයි. එබඳු භාණ්ඩයක් එම ස්ථානයේ දක්නට ලැබිම ප්‍රශ්න කිහිපයක් මතු කළ බවත් කියැවේ.
ටුටන්කාමම් පාරාවෝගේ භූමදානාගාරය සොයා ගත්තේ හොවාර්ඩ් කාටර්ය. භූමි කැණීම් කටයුතු 1900 පමණ ආරම්භව, 1922 වන විට මෙම ටුටන්කාමම් මිහිදාන සංකීර්ණය සොයා ගැනීමට හැකි වී ඇත.
රුම්සෙස් රජතුමාගේ මිහිදන් සංකීර්ණයට ඔබ්බෙන් මෙය හමු වූ බව කියයි.

මඪ රුම්සෙස් රජතුමාගේ මිහිදන් සංකීර්ණය ඉදිරිපිට ත්‍රිකෝණාකාර කොටසක් අදටත් කැණීම් නොකර වෙන් කර ඇත. එදා මිහිදන් මිටියාවතේ කම්කරුවන් පදිංචිව සිටි කොටසක් යැයි ඔවුහු කියති. අද එම ස්ථානය සංචාරකයන් කෙටි විවේක ගන්නා ස්ථානයක් සේ සකස් කර ඇත.

1922 නොවැම්බර් 4දා මඪ රුම්සෙස් රජතුමාගේ මිහිදන් සංකීර්ණයට ආසන්නයේ කළ කැණීමකදී පහළට බැස යන පඩිපෙළ 16ක් මතු වූ බව කාටර් කියයි. එතැන් සිට ඉදිරියට කොරිඩෝවක් විවෘත වී ඇත. මේ ටුටන්කාමම් රජතුමාගේ මිහිදන් සංකීර්ණය යයි.

අද අප මෙම පාරාවෝ රජුන් ගැන කතා කරන විට බෙහෙවින් කතා කරන්නේ ටුටන්කාමම් ගැනයි. එයට ප්‍රධාන හේතුව සොරුන්ගේ පහර දීම්වලට කඩා වැදීම්වලට එම භූමදාන සංකීර්ණය ඉතාම අවම මට්ටමෙන් ඉලක්කව තිබූ නිසාය. 

නමුත් කෞතුක භාණ්ඩවලට බරපතළ හානි සිදු වී නොතිබූ බව කාටර් සඳහන් කරයි. කාටර්, ටුටන්කාමම් මිහිදානාගාරය සොයා ගෙන අඩක් කැණීම්කර ප්‍රධාන මිහිදානාගාරය විවෘත කිරීමට පෙර මෙම ව්‍යාපෘතිය සඳහා මුදල් ආධාර සැපයූ කැනවරන් සාමිවරයා එම ස්ථානයට කැඳෙව්වේය. ඔහුගේ දියණිය වූ එව්ලින් හර්බට් ද පැමිණි බව ඔහු සටහන් තබා ඇත.

කාටර් මෙම මිහිදානාගාරය ගැන මෙසේ කියයි. ප්‍රධාන පිටත ශාලාවට ඇතුළු වන දොරටුවේ මුද්‍රා කැඩී තිබුණේය. දොර අඩුම වශයෙන් දෙවරක්වත් බිඳින්නට ඇත. මේ දොරවල්වල මුද්‍රා අප ඡායාරූප ගත කළා. පළමු දොරටුව විවෘත කර ගත්තේ 1922 නො.25 දා ඊළඟ දොරටුව විවෘත කරගත්තේ නොවැ. 26 දා ඉන් ඇතුළු වූයේ විශාල දිග ශාලාවකටයි. එය ව්‍යුහාත්මක කුටීරයටයි. මේ කුටියෙත් උතුරේ හා දකුණු දෙකෙළවරේ දොරටු දෙකක් තිබුණා. ඉන් එකක් තුන්වන දොරටුවයි. විවෘත කළේ 1923 (පෙබරවාරි) 23 දා ඒ භූමදානාගාරයයි. එම ස්ථානයෙන් දකුණුට විවෘත වූ දොරටුව ධන සම්පත් කුටියයි. 4 වන දොරටු ව්‍යුහාත්මක කුටියේ බටහිර වන්නට තිබුණා. එම දොරටුවෙන් ඇතුළු වූ විට පැති කුටියත් හමුවුණා.

හොවාර්ඩ් කාටර් විසින් මේ ටුටන්කාමම් මිහිදන් සංකීර්ණයේ සැලසුම් සටහනක් ඇඳ ඇත. 

“කුටීර 4ම විවිධ වටිනා භාණ්ඩ තැන්පත් කර තිබිණි. මැද ව්‍යුහාත්මක කුටියේ රන්,රදී,මැණික්, කිරිගරුඬ ආදියෙන් නිමවන ලද විවිධාකාර භාණ්ඩ දුටු විට මට මගේ ඇස් අදහගත නොහැකි විය. මෙම කොටසේ පමණක් කෞතුක භාණ්ඩ කැබලි 7000 පමණ වූවා. එකිනෙක වෙන් වෙන්ව හඳුනා ගෙන සුචි ගත කරා. ඒ ඒ කෞතුක වස්තුව හඳුනා ගැනීම සඳහා විස්තරද ලියා සටහන් තැබුවා. ඒ හැම භාණ්ඩයක්ම වෙන වෙනම ඡායාරූප ගත කළා. කැඩී බිඳී ගිය මාල, වළලු, පපු පළඳනා නැවත එකට ඇමුණුවා. මෙය වෙහෙසකර කටයුත්තක් වූවා”.

සමහර ලී භාණ්ඩ කොටස් කර මිලයට ගත් බවද ඔහු පවසයි. මෙහි මල් පෙට්ටි බොහොමයක් තිබිණි. එලෙසම කල්තබාගත හැකි වන සේ සකස් කරන ලද ආහාර වර්ගද තිබිණි. කිරිගරුඬ භරණි හා මල් ‍පෝච්චි හමු වූ බවද රත්‍රනින් කළ කවිච්චියක්, සතුන්ගේ හිස්වලින් අලංකාර කර තිබුණි. කිරිගරුඬ පාෂාණවලින් නිම වූ පිළිමද රනින් කළ කරත්ත, මැණික් ඔබ්බවා රනින් කළ ඔටුනු හා හිස් පළඳනා ද දක්නට ලැබුණු බව පැවැසේ.

මේ සෑම භාණ්ඩයක්ම ස්වාභාවික පරිසරයට විවෘත වීමත් සමග ඇතිවිය හැකි ස්වරූපයේ වෙනස්කම් ගැන විද්වතුන්, සුපරීක්ෂාකාරී වූහ. ජීවී හා සත්ව විද්වතුන්, රසායන විද්වතුන්, ශාක විද්වතුන්, ශරීර ව්‍යුහ විද්වතුන්, ඉතිහාසඥයින් මේ කාර්යය මෙහෙය වීමට දායක විය.
ව්‍යුහාත්මක කුටියේ පරීක්ෂණ අවසන් වූ පසු 3 කුටිය, ටූටන්කාමම් පාරාවෝගේ මිහිදන් කුටිය පරීක්ෂාවට ලක්විය.
මෙම දොරද සොරුන් විසින් බිඳ ඇති බවත් පෙනේ. ජීවප්‍රමාණයෙන් නෙලූ ටුටන් රජතුමාගේ පිළිරූ දෙකක් දොර දෙපැත්තේ දක්නට ලැබිණ. පාරාවො මමිය, රත්‍රං වැස්මකින් හිස, දෙඋර හා පපුව වැසෙන සේ ආවරණය කර තිබිණ. අද මෙම වැස්ම ඊජිප්තු ජාතික කෞතුකාගාරයේ දෙවන මහ‍ලේ තැන්පත් කර ඇත.

ටුටන්කාමම් පාරාවෝ තැන්පත්කර තිබූ බහාලනය රනින් නිමවා තිබිණ. එය රාත්තල් 2500ක් (1130 කිලෝ) බර විය. ඒ බහාලනය අසලම ලිනන් රෙදි වලින් ඔතන ලද කෞතුක වස්තුන් 143 ක් හමු විය. මාල, වළලු, අත්ආවරණ පපුතැල්ල ආදී වූ රන් මැණික් ආභරණ මෙහි දක්නට ලැබිණ.

“ඊළඟට විවෘත කර ගත්තේ භාණ්ඩාගාර කුටියයි. එයට මිහිදන් කුටියෙන් දකුණු දෙස දොරටුවෙන් ඇතුළු විය යුතුය. එහි විශාල පෙට්ටගමක් තිබුණි. ටූටන් පාරාවොගෙන් ඉවත් කරන ලද ශරීරයේ අභ්‍යන්තර ඉන්ද්‍රියයන් නරක් නොවෙන ආකාරයට භරණිවල තැන්පත්කර තිබිණි. දේවතාවියන් 4ක් මෙහි ආරක්ෂාවට පිළිමකර නිමවා තිබිණ. එක් දේවතාවියගේ නම සර්කෙට්ටය. මේ ධනසම්පත් කුටිය අර්ථ ගැන්වෙන්නේ කුමන අර්ථයෙන්දැයි පැහැදිලි නැත. මේ භාණ්ඩවලට අමතරව නැවක අනුරුවක් විසිතුරුව සකස් කරන ලද පෙට්ටගම් රනින් කළ ඇඳ අසුන් හමු විය.

ව්‍යුහාත්මක කුටියෙ කෙළවර දකුණු අත්පසට වූ දොරෙන් ඇතුල්වන්නේ පැති කුටීරයටයි. මෙය 4 වන දොරටුවයි. මෙහි දොරටුවද බිඳ ඇත. බොහෝ භාණ්ඩ සැම තැන විසිර තිබිණ”. පුරා විද්‍යාඥයින් විශ්වාස කරන ආකාරයට ටුටන්කාමම් මිහිදන් කර අවුරුදු විසිපහකට පමණ පසු මේ කුටි බිඳ ඇත. සොරුන් සමහර විට දෙවරක් මෙය බිඳින්නට ඇත. දෙවන වර අසුවීමෙන් මේ භාණ්ඩ මෙසේ විසිර යන සේ දමා පලා යන්නට ඇතැයි විශ්වාස කළ හැකිය.

හොවාර්ඩ් කාටර් කියන ආකාරයට ටුටන්කාමම් මහා පාරාවෝ කෙනෙක් නොවේ. ඊජිප්තු ඉතිහාසයේ සිටි දුර්වලම රජතුමායි. ළාබාල රජතුමායි. ඔහුටත් මේ තරම් ධන සම්පත් රාජ්‍ය ගෞරව හිමි වූවා නම් මහා පාරාවෝ කෙනෙකුට මොනතරම් ගෞරවයක් ලැබුණාද, ධන සම්පත් ප්‍රමාණයක් මිහිදන් වන විට තැන්පත් කරාද යන්න අපට සිතා ගන්නටවත් බැරි තරම්ය. අද ඒ කිසිවක තොරතුරු දක්නට නැත.

04-1කේ.ඩබ්ලිව්. චන්ද්‍රරත්න  

අතීතයේ විසූ ප‍්‍රකට රණකාමී


අතීතයේ විසූ ප‍්‍රකට රණකාමීන්

07-2විවිධ වූ කියුම්කෙරුම් මගින් ඉතිහාසයේ නමගිය පුද්ගලයන් අතර, යුද්ධයෙහි දක්ෂවූවන්ට හෙවත් රණකාමීන්ටද හිමිවන්නේ ප්‍රබල ස්ථානයකි. සටනට දක්වන ලද ළැදියාව සේම සටන් බිමෙහි ද සතුරන් අභිමුඛෙහි ප්‍රදර්ශනය කරනු ලබන එඩිතර බව හා උදේ‍යා්ගය නිසාද මෙවැන්නන් ඉතිහාසයේ ප්‍රකට වී ඇත්තේ අභීත රණකාමීන් ලෙසය. . එකී රණකාමීත්වයට මුල්තැන දෙමින්, අතීතයේ සිටි සටනෙහි නිපුණයන් කීප දෙනෙකු පිළිබඳ තොරතුරු මෙසේ ගෙන එන්නෙමු.

ඇස්ටෙක්වරු 

සෙබළුන් ලෙස ප්‍රකට ජන කොට්ඨාසයක් වන ඇස්ටෙක්වරු යුද්ධයෙහිදී අනුකම්පා විරහිත සටන්කාමීන් විය. ජගුවරයන් හා රාජාලියන් වැනි දඩයමෙහි දක්ෂ සතුන් නිරූපණය කෙරෙන සේ සිය සිරුර සරසා ගැනීමට පෙළඹී සිටි ඇස්ටෙක්වරු සතු වූයේ ඉතාමත් පහළ මට්ටමේ වූ ප්‍රාථමික ආයුධ වුවද ඒවා විශ්වාස කළ නොහැකි තරම් වූ අද්විතීය නිපුණතාවකින් යුතුව මෙහෙයවීමට මනා දක්ෂතාවකින් හෙබියෝ වූහ. ගල් මුගුරු, දුනු හී වැනි ආයුධ ඉතා කාර්යශූර ලෙස හැසිරවීමේ සමත් වූ ඇස්ටෙක්වරු, සතුරන් අභිමුවට පැමිණි කල, සටන අත්නොහරින බවට දිවුරා සිටීම ඔවුන්ගේ රණකාමීත්වය සනාථ කරන කදිම සාක්ෂියකි. පසුකලකදී වඩාත් නවීන ආයුධ සහිතව පැමිණි ‘ස්පැනියඩ්වරු’ අතින් ඔවුන් පරාජයට පත් වුවද, ඉතිහාසයේ විසූ ප්‍රබල රණකාමීන් කොට්ඨාසයක් ලෙස ඇස්ටෙක්වරු කිසිදා අමතකව නොයනු ඇත.

මොංගල් රණකාමීන් 

මොංගල්වරු යනු කුරිරු බවින් හිණිපෙත්තටම නැගි අතිශය දරුණු, ම්‍ලේච්ඡ රණකාමීන් පිරිසක් බව පුන පුනා කීම අවශ්‍ය නොවේ. ගෙන්ගිස් කාන්ගේ නායකත්වයෙන් යුතුව අසූ පිටින් යමින් දේශදේශාන්තර ආක්‍රමණය කිරීමේ සා පිපාසාවෙන් පෙළුණු මොංගල්වරු දක්ෂ අශ්වාරෝහකයන් සේම දුනු හී හරඹයේද මනා සමර්ථකම් දැක්වූ පිරිසකි. මොවුන්ගේ රණකාමිත්වයේ සුවිශේෂී දක්ෂතාවක් වූයේ අසු පිටින් ගමනේ යෙදෙද්දී වුවද දුනු භාවිතයෙන් ඉලක්කයට හී සැර යැවීමේ අද්විතීය හැකියාවකි. ඉතිහාසයේ වැජඹුණු තවත් එක් බලවත් එමෙන්ම විශාලතම අධිරාජ්‍යයක් වනුයේ මොංගල් අධිරාජ්‍යයයි.

මැට්ලක්වරු 

මැට්ලක්වරයෙකු ලෙස හැඳින්වෙනුයේ මධ්‍යකාලීන යුගයේදී මුස්ලිම් කාලිෆ්වරයෙකුට හෝ ‘ආයුබිඩ්’ සුල්තාන්වරයෙකුට සේවය සැලසූ වහල් සොල්දාදුවෙකි. මැට්ලක්වරුන් ඉස්ලාම් දහමට හැරීමෙන් පසු ඔවුහු පාබල භට කණ්ඩායම්වල සේවය කිරීම සඳහා පුහුණුව ලැබූ අතර එතැන් පටන් ‘ෆ්‍යුරුසියා’ ලෙස හැඳින්වෙන විධාන මාලාවට අනුකූලව, ඉන් කියැවෙන ධෛර්යය, පරිත්‍යාගය, හමුදා ශිල්පීය ක්‍රම, අශ්ව විද්‍යාව, දුනු හී හරඹය හා තුවාලවලට ප්‍රතිකාර කිරීම වැනි ගුණාංගයන් පුහුණු කිරීමද අත්‍යවශ්‍ය විය. කාලයත් සමග මොවුහු කුරුස යුද්ධ භටයන්ද (කුරුස යුද්ධවල යෙදුණු මොවුහු කිසිවෙකුට අභියෝග කළ නොහැකි අතිශය ශූර එමෙන්ම තම අරමුණ වෙනුවෙන් සිත්පිත් නොමැති ඕනෑම කුරිරු ක්‍රියාවක නියැලීමට හැකි රණකාමීන් පිරිසක් ලෙස ප්‍රකටය). පරාජයට පත් කොට ඊජිප්තුවේ පාලනය කෙටි කලකට සියතට ගැනීමටද සමත් වූ බව කියැවේ.

07-1
රෝමානු හමුදාව 

ලොව පැවැති අන් කිසිදු අධිරාජ්‍යයකට බලයෙන් හෝ ප්‍රමාණයෙන් සම කළ නොහැකි වූ රෝමානු අධිරාජ්‍යයේ කොඳු නාරටිය වූයේ රෝමානු හමුදාව බව පැවසීම අතිශයෝක්තියක් නොවේ. ආදී ග්‍රීකයන්ගෙන් ලත් ආභාෂයෙන් ඉතා බරැති අවි ආයුධ හා සන්නාහයන් භාවිත කිරීම අතින් ප්‍රචලිත රෝමානු සෙබළුන්, කඩුව, හෙල්ලය හා පලිහ යන තෙවැදෑරුම් ආයුධ එක්ව භාවිතා කිරීමේ මනා දක්ෂතාවකින් යුතු වූවෝය. මනා ලෙස ආයුධ සන්නද්ධ භට පිරිසක් වූ මොවුහු මනා සංයමයකින්ද යුතුවීම සතුරා හට මුහුණ දීමේදී රෝමානුවන්ට වාසි සහගත විය. ධනයෙන්ද ආඪ්‍ය වූවන් බැවින් එකල පැවති හොඳම වර්ගයේ ආයුධවල හිමිකරුවන් වීමටද මොවුන්ට අපහසු වූයේ නැත.

සමුරායිවරු 

ආදි ජපානයේ විසූ නයිට්වරු යන අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන සමුරායිවරු දැඩි ලෙස ආයුධයෙන් සන්නද්ධ වූවා සේම තමා සේවය කරන ස්වාමියා වෙනුවෙන් ජීවිතය පූජා කිරීමට හෝ පසුබට නොවූ මනා ස්වාමි භක්තියකින් හා අභීත බවකින් යුතු රණකාමීන් කොට්ඨාසයක් ලෙස ප්‍රචලිතය. මිනිසකු පවා එක පහරින් දෙපළු කිරීමට සමත් ලොව එතෙක් මතෛක් දුටු මාරාන්තික තියුණු මුවහතින් යුතු කඩු නිර්මාණයේ කෙළපැමිණයවුන් වනුයේ සමුරායිවරුය. වෘත්තීය සෙබළුන් ලෙස තම දිවියම සටනට කැප කළ සමුරායිවරු ඉතා දැඩි නීතිරීතිවලට යටත්ව වුවද කැපවීමෙන් යුතුව සටන් පුහුණුවේ නියැළෙන ලද්දේ ගෞරවය අපේක්ෂාවෙනි. නමුත් පසුකලකදී සමුරායිවරු ප්‍රකට කළ ප්‍රචණ්ඩකාරී පිළිවෙත් නිසාම ජපාන ගැමියන් ඔවුන්ට එරෙහිව නැගීසිටියේ ‘නින්ජාවරුන්ගේ’ උත්පත්තිය සනිටුහන් කරමිනි.

නින්ජාවරු 

මහජන දේපළ කොල්ල කෑ සමුරායිවරුන්ට එරෙහිව අහිංසක ගැමියන්ගේ ආරක්ෂාව තහවුරු කර ගැනීමේ අරමුණින් බිහි කෙරුණු නින්ජාවරු පසුකලකදී ඉතිහාසගත ඝාතකයන් කොට්ඨාසයක් බවට පත්වූයේ, සතුරාට නොදැනෙන සේ අනපේක්ෂිත මොහොතකදී අසුරුසැණින් ප්‍රහාර එල්ල කිරීමට ඔවුන් සතු වූ අසාමාන්‍ය හැකියාව නිසාය. කඩු හරඹයේ අතිදක්ෂයන් වූ නින්ජාවරුන්ටම සුවිශේෂී ආයුධ ලෙස ‘නින්ජා තරු’, ‘පිඹින තුවක්කු’ හා ‘කුසාරිගාමා’ වැනි ඒවා ප්‍රමුඛ වේ.
රාත්‍රී අඳුරේ සෙවණැලිවලට මුවා වෙමින් රහසේ පැමිණ අසුරුසැණින් ප්‍රහාර එල්ල කොට නිමේෂ-යකදී යළිත් අඳුරට වැද පලා යාමට මොවුන් සතු වූ අසාමාන්‍ය දක්ෂතාව නිසා ඉතිහාසයේ නමගිය රණකාමීන් කොට්ඨාසයක් ලෙස මොවුන්ට හිමිවන්නේ ප්‍රමුඛස්ථානයකි.

ස්පාටක්වරු 

07-3
ස්පාටක්වරුන්ගේ සමස්ත සංස්කෘතියම බද්ධ වී තිබෙන ලද්දේ, ඔවුන්ගේ මුළු ජීවිත කාලය පුරාවටම යුද්ධයට මුහුණදිය යුතු ආකාරය පුහුණු කිරීම හා සමගය. සටන් වැදීමට ජීවිත කාලය පුරාවටම පුහුණුවීම ස්පාටක්් සංස්කෘතියේ මූලික මෙන්ම එකම අංග ලක්ෂණයද විය. මෙය හොඳින්ම පැහැදිලි වන්නේ ස්පාටක්්වරු අතර ප්‍රකටව තිබූ එක්තරා ජන වහරක් නිසාය. එනම් “පළිහ පෙරටුකොටගෙන පැමිණෙන්න. නැතහොත් ඒ මතින් පැමිණෙන්න” ලෙසයි. එනම් ඉන් හැඟවෙනුයේ යුද්ධයකින් ජය ලැබුවහොත් මිස නැතහොත් යළි නොපැමිණෙන්න යන්නයි. හෙල්ලය හා පළිහ යන දෙකේ සංයෝජනයෙන් අතිශය දක්ෂ ලෙස සටනේ නියැළුණු ස්පාටක්වරු අවසන් වරට සහභාගි වූ සටන ලෙස සැලකෙනුයේ ‘තර්මෝපයිලී’ සටනයි.

නයිට්වරු 

සම්පූර්ණ සන්නාහයෙන් සැරසී අසුපිටින් ගමන් කළ රණකාමීත්වයෙන් ඔදවැඩුණු සටන්කාමීන් පිරිසක්වන නයිට්වරු වැඩවසම් ක්‍රමය පැවතුණු පුරාණ යුරෝපයේ රජවරුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කැපවූවන්ය. බරැති ලෝහමය සන්නාහයෙන්ද, ආයුධවලින් හා අසුන්ගෙන්ද සන්නද්ධ වූ නයිට්වරු මරා දැමීමට ඉතාමත්ම අපහසු සෙබළුන් කොට්ඨාසයක් ලෙස ඉතිහාසගතව සිටිනුයේ ඔවුන් සතු වූ එකී සන්නාහයේ අධි ආරක්ෂිත ශක්තිමත් ස්වභාවය නිසාමය. පුරාණ නයිට්වරුන් හට නූතනයේදී පවා ඉහළ පිළිගැනීමක් හිමිව ඇත්තේ ඔවුහු සටනෙහි නිපුණයන් වූවාසේම සදාචාරාත්මක නීතින්ට ඔබින ලෙසද කටයුතු කිරීම නිසයි. කෙටියෙන් කිවහොත් නයිට්වරුන් යනු නියම මහත්මා ගතිගුණ ඇති රණකාමියෙකු ලෙසද හැඳින්වීමේ වරදක් නැත. 

විවිධ වූ කියුම්කෙරුම් මගින් ඉතිහාසයේ නමගිය පුද්ගලයන් අතර, යුද්ධයෙහි දක්ෂවූවන්ට හෙවත් රණකාමීන්ටද හිමිවන්නේ ප්‍රබල ස්ථානයකි. සටනට දක්වන ලද ළැදියාව සේම සටන් බිමෙහි ද සතුරන් අභිමුඛෙහි ප්‍රදර්ශනය කරනු ලබන එඩිතර බව හා උදේ‍යා්ගය නිසාද මෙවැන්නන් ඉතිහාසයේ ප්‍රකට වී ඇත්තේ අභීත රණකාමීන් ලෙසය. පසුගිය සතියේදීද මෙබඳු ලිපියකින් ඔබ හමුවට ගෙන එන ලද අතීතයේ පැවති ශිෂ්ටාචාර කීපයක විසූ ඇස්ටෙක්වරු, වයිකිංවරු, මොංගල්වරු, රෝමානුවන් වැන්නවුන් මෙම ලිපියටද ඇතුළත් වී ඇත්තේ, පසුගිය සතියෙත් විස්තර කරන ලද ඔවුන්ගේ බිහිසුණු භාවයට හේතුවූ ප්‍රධානම සාධකය වූ යුද්ධයෙහිදී ඔවුන් ප්‍රකට කළ අභීත රණකාමීත්වය නිසයිි. එකී රණකාමීත්වයට මුල්තැන දෙමින්, අතීතයේ සිටි සටනෙහි නිපුණයන් කීප දෙනෙකු පිළිබඳ තොරතුරු මෙසේ ගෙන එන්නෙමු.
ප්‍රියන්ති රුද්‍රිගු 

Dec 19, 2012

ක‍්‍රිස්තියානි 32%යි, ඉස්ලාම් 23%යි. ලෝකයේ හයෙන් එකකට ආගමක් නෑ



ක‍්‍රිස්තියානි 32%යි, ඉස්ලාම් 23%යි. ලෝකයේ හයෙන් එකකට ආගමක් නෑක‍්‍රිස්තියානි සහ මුස්ලිම් ආගම් වලින් පසු වැඩිපුරම ඇත්තේ ආගමක් නැති අය වන අතර ඔවුන් ලෝක ජනගහනයෙන් 16% ක් පමණ වේ.
ආගමික හා මහජන ජීවිතය පිලිබඳ PEW ආයතනයේ වාර්තාවක් අනුව ජනගහණයෙන් බිලියන 2.2 ක් (32%) ක‍්‍රිස්තියානිද බිලියන 1.6ක් (23%) මුස්ලිම්ද බිලියන 1.1 ක් (16%)ක් ආගමක් නැති අයද බිලියන 1ක් (15%) හින්දුද, බෞද්ධ ද මිලියන 500 (7%)ක්,  යුදෙවු මිලියන 14 (0.2%)ද වෙති.

ආගම් ව්‍යාප්තිය සැලකීමේදී ක‍්‍රිස්තියානිය ලොව සෑම තැනකම ඇති අතර මුස්ලිම් වරු ආසියා පැසිපික් , මැදපෙරදිග, හා අප‍්‍රිකා කලාපවලද හින්දු ආගම ආසියා පැසිපික් කලාපයේද ව්‍යාප්ත වී ඇත. අගමක් නැති අය බොහෝ දුරට ආසියාවට අයත් වන අතර ඉන් 10න් 6ක් (62%) චිනයේද යුරෝපයේ 18%ක් ද උතුරු  ඇමරිකාවේ 17%ක් ද ලෙස ඇත.
වාර්තාව අනුව සංවර්ධනය වෙමින් පවතින රටවල තරුණ අය වැඩිය. ආගමක් නැති අයගේ මධ්‍යන්‍ය වයස අවුරුදු 34ක්ද යුදෙවුවන්ගේ 36 ද හින්දු වරුන්ගේ 26 ද මුස්ලිම් වරුන්ගේ 23 ද ලෙස වයස අනුව ආගම් අදහන පුද්ගලයන් බෙදී යයි. ක‍්‍රිස්තියානු ආගම අදහන්නන්ගේ මධ්‍යන්‍ය වයස අවරුදු 30කි. ජාතික සංගණන 2500ක තොරතුරු මෙම වාර්තාවට යොදාගෙන ඇත.

රටවල් 230ක ප‍්‍රධාන ආගමික කණ්ඩායම් වල ප‍්‍රමාණය ව්‍යාප්තිය හා මධ්‍යන්‍ය වයස මෙයින් දැක්වේ. ‘පිවු’ වාර්තාව මගින් කාලය සමග ආගමික නැඹුරුතාවයන් වෙනස් වූයේ කෙසේදැයි දක්වා නැත.
මූලාශ‍්‍ර – 01

බ්‍රිතාන්‍යය වෙනුවෙන් ඔත්තු සේවයේ නිරතවූ ඉන්දියානු කුමාරිකාව


පසුගිය දිනයකදී බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර පිහිටි ගෝර්ඩන් ස්කුවෙයර්හිදී  වන එළිසබෙත් මහා රැජිනගේ දියණිය වන ඈන් කුමරිය අතින් ඉන්දියානු ජාතික රාජකීය පෙළපතකින් පැවත ආ තැනැත්තියක වූ නුර් ඉනායට් කාන්ගේඋඩුකය ප්‍රතිමාවක් නිරාවරණය කෙරිණි. ඒ ඇය විසින් දෙවන ලෝක යුද සමයේදී සියදිවි නොතකා බ්‍රිතාන්‍යය වෙනුවෙන් ඔත්තු සේවයේ නියැලී අවසානයේදී බ්‍රිතාන්‍යය පාවා දීමෙන් වැළකීම හේතුවෙන් නට්සින්ගේ රුදුරු වෙඩි උණ්ඩයට සිය ප්‍රාණය පුද කිරීමෙන් දැක්වූ දේශප්‍රේමීත්වයට ගරු කිරීමක් ලෙසය. ඔත්තු සේවයේ නිරත කුමාරිකාව(Spy Princess) ලෙස විරුදාවලි ලද ඈ සිය ජීවිතය පූජා කරන ලද්දේ සිය මව්රට වෙනුවෙන් නොව තමා හැදීවැඩුණු රටවූ බ්‍රිතාන්‍යයේ අනාගතය සුරක්ෂිත කිරීම උදෙසා වුවද ඇගේ එම උතුම් ක්‍රියාව බ්‍රිතාන්‍යය කෙරෙහි උපන් ජාත්‍යාලයකින් නොව, ඒකාධිපති පාලනයට එරෙහිවීමේ අරමුණින් සිදුකරන ලද්දක් බව කියැවේ. එසේ වුවද ඉන් ඇගේ ශ්‍රේෂ්ඨ ක්‍රියාවේ අභිමානයට පළුද්දක් වන්නේ නැත.
ඉන්දියාවේ රජ පෙළපතකින් පැවත ආ නූර් ඉනායට් කාන්’ 1914 වසරේ ජනවාරි පළමු වැනිදා රුසියාවේදී උපත ලැබුවේ ඉන්දියානු ජාතික පියෙකුට හා ඇමෙරිකානු ජාතික කාන්තාවකට දාවය. බ්‍රිතාන්‍යයේදී හා ප්‍රංශයේදී සිය ළමා කාලය ගෙවා දැමූ නූර් 1942දී විශේෂ මෙහෙයුම් විධායකය’ (SOE)  විසින් සේවයට බඳවාගනු ලබන්නේ ගුවන්විදුලි ක්‍රියාකරවන්නියක ලෙස පැරීසියේදී සේවය කරනු සඳහායි. දෙවන ලෝක යුද සමයේදී නට්සි බලපරාක්‍රමයට නතුව තිබූ ප්‍රංශයේම සේවය සඳහා යවන ලද පළමු ගුවන්විදුලි ක්‍රියාකරවන්නිය වන නූර්, 1944දී ඩචාව්ජර්මානු ගෙස්ට‍පෝ වධක කඳවුරේදී නිර්භය ලෙස

උණ්ඩයට මුහුණ දෙන්නේ නට්සි අත්අඩංගුවේ ගෙවුණු මාස ගණනාවක කාලය මුළුල්‍ලේ බ්‍රිතාන්‍යයට එරෙහිව කරුණු දැක්වීම ප්‍රතික්ෂේප කිරීම නිසාවෙන් අධික වධ බන්ධනයන්ට ලක්වීමෙන් අනතුරුවය. මරණයට මුහුණ දුන් ඇය මරණය පෙනි පෙනී අවසන් වතාවට තෙපලන ලද නිදහසයන වදන ඇගේ කෙටි ජීවිත කාලය තුළදී ඇය විසින් වඩාත්ම අගය කළ වටිනාකම් කවරේදැයි මනාව පැහැදිලි කරන්නකි. ඇගේ එඩිතර භාවයට ගරු කිරීමක් ලෙස ඇගේ මරණයෙන් පසුව ජෝර්ජ් කේ‍රාස්සම්මානයද, ප්‍රංශය විසින් කේ‍රායික්ස් ඩී ගුඑරේබුහුමනින්ද පුදනු ලැබූ නූර් සිහිපත් කරමින් වාර්ෂික සැමරුම් උත්සවයක්ද පැවැත්වීම සිරිතක්ව තිබේ.

සුෆිගුරුවරයෙකුද, සංගීතවේදියෙකුදවූ සිය පියාගේ දැඩි ප්‍රතිපත්තිගරුක ජීවන රටාවෙන් ආභාෂය ලබමින් නූර් හැදීවැඩුණේ ආගමික සංහිඳියාවට ගරු කරන, ප්‍රචණ්ඩත්වය පිළිකුල් කරන තරුණියක ලෙසය. කාන්තාවක සතු විය යුතු සංවේදී හා රූමත් බවින් මෙන්ම රට ජාතිය වෙනුවෙන් නොබියව කැපවීමට තරම්වූ එඩිතර ශක්තිමත් පෞරුෂයකින්ද යුතුවූ නූර් කෙසේවතුදු සිය ජීවිතය නට්සි වෙඩි උණ්ඩයට කැපකරන ලද්දේ බ්‍රිතාන්‍ය කෙරෙහි උපන් දේශප්‍රේමී හැඟීමකින් නොව නට්සි ඒකාධිපති පාලනය කෙරෙහි උපන් ද්වේෂයෙන් බව කියැවේ. ඇගේ මීමුත්තෙකු වූද මයිසුරයේ සිටි මුස්ලිම් පාලකයෙකුවූ ටිපු සුල්තාන්’ 1799දී පැවැති යුද්ධයකදී සිය ජීවිතය පූජා කරන ලද්දේ බ්‍රිතාන්‍ය පාලනයට ගැතිවීම ඔහු විසින් ප්‍රතික්ෂේප කළ නිසාය.
ලන්ඩනයේදී උපන් නූර් සිය ළමා කාලය ගෙවා දමන ලද්දේ ප්‍රංශයේය. ප්‍රංශ බසින් ඉගෙනුම් කටයුතු කළ නූර් වෛද්‍ය විද්‍යාව හා සංගීතය යන දෙඅංශයම ප්‍රගුණ කළා පමණක් නොව සාම්ප්‍රදායික ඉන්දියානු ළමා ජාතක කතා විස්සක් පරිවර්තනය කරමින් ළාබාල වියේදීම ග්‍රන්ථකරණයටද පිවිසුණාය.


 නමුත්  1939දී දෙවන ලෝක යුද්ධය ඇරඹීමත් සමග ඇය ප්‍රංශ රතුකුරුස සංවිධානයේ හෙදියක ලෙස සේවයට බැඳුණේ, ස්වකීය  ආශාවන්ට පෙරකාලීන අවශ්‍යතාවයන්ට මුල්තැන දෙමිනි. කෙසේවතුදු ප්‍රංශය 1940දී ජර්මනියට යටත්වීමට ප්‍රථම ඇය සිය මව හා නැගණිය සමග ඇයගේ උපන්බිමවූ එංගලන්තයට පලා ඒමට සමත්වූවාය. ප්‍රථමයෙන් බ්‍රිතාන්‍යයේ කාන්තා සහායක ගුවන් හමුදාවට බැඳුණු ඇයගේ දක්ෂතා නොබෝ කලකින්ම විශේෂ මෙහෙයුම් විධායකයේ අවධානයටද බඳුන් වූයේ 1942දී ඇයට ඔත්තු අංශයේ සේවයට බැඳීමට අවස්ථාව හිමිකර දෙමිනි.
මැඩලයින්යන සංකේත නාමය යටතේ ඇය එකල සිටි වින්ස්ටන් චර්චිල්අගමැතිවරයා විසින් පිහිටුවන ලද ‘‍ප්‍රොස්පර්නම්වූ මැඩලීමේ ජාලයට බැඳී බ්‍රිතාන්‍ය වෙනුවෙන් ඔත්තු සේවයේ නියැළුණේ සිය ජීවිතයද දෙවැනි තැනට දමමිනි. රටට සේවය කිරීමත්, ඒකාධිපතිවාදය පැරදවීමත් සිය ජීවිතයේ පළමු තන්හිලා සැලකූ නූර් තමාව නට්සි අත්අඩංගුවට පත්වීමේ අනතුරු සංඥා නිකුත්ව තිබුණද පෙරළා බ්‍රිතාන්‍යයට පැමිණීම එකහෙළා  ප්‍රතික්ෂේපකොට සිටියාය. ළමා කතා රචිකාවියක හා සංගීතවේදිනියක ලෙස ඇය තුළවූ සංවේදී චරිතය සටන් බිමේදී විශාල පරිවර්තනයකට බඳුන්ව තිබිණ. ඇගේ සගයන් ගෙස්ට‍පෝ හමුදාවන්ගේ ග්‍රහණයට පත් වෙමින් සිටියදීද අඛණ්ඩව බ්‍රිතාන්‍යට රේඩියෝ පණිවුඩ හරහා ඔත්තු සැපයීමට තරම් ඈ නිර්භය වූවාය. අවසානය්දී පාවා දෙනු ලැබිමට ලක්වූ නූර් නට්සි හමුදාවන්ගේ අත්අඩංගුවට ලක්වූ අතර වේදනාකාරී හා හුදෙකලාවූ දස මසක කාලයක් ඇය නට්සින්ගේ නිරන්තර වධ බන්ධනයට ලක්වෙමින් හුදෙකලා සිරකුටියක ගත කළද ඇය කිසිවිටෙක බ්‍රිතාන්‍ය පාවා නුදුන්නාය. දස මසකට අධික කාලයක් පුරා විඳි ඒ කටුක වේදනා කෙළවර වූයේ බ්‍රිතාන්‍යයට පක්ෂපාතීත්වය දැක්වීම නිසාවෙන් 

1944 සැප්තැම්බර් 13දා

 නට්සි කඳවුරකදී වෙඩි උණ්ඩයට සිය ජීවිතය පූජා කිරීමත් සමගය. දෙවන ලෝක යුද සමය වැනි බිහිසුණු අවධියකදී මරණය පෙනි පෙනී දිවි නොතකා තම උපන් රටේ ආරක්ෂාව තහවුරු කිරීමට ඉන්දියානු ජාතික නූර් ඛාන් විසින් සිදුකළ වෙහෙස නූතන සමාජයට මෙන්ම අනාගතයටද කිසිදා අමතක නොවන සදාදරණීය මතකයක් ලෙස වැජඹෙනු ඇතිවාට සැක නැත.

ප්‍රියන්ති රුද්‍රිගු

Dec 17, 2012

මායා සුරුපිනියන් බිලිදුන් අභිරහස් විල - ලෝක විනාශය නිවැරදි දැකීමක්


වත්මන් ලොවට මායා ශිෂ්ටාචාරය පිළිබඳව අලගිය මුලගිය තැන් සොයන්නට හේතු වූයේ 2012 වර්ෂයේ ලෝක විනාශය පිළිබඳව මුල්වුණ මායා දින දර්ශනයක් නිසාය. ලොව නන්දෙස රටවල් මායා දින දර්ශනය පිළිබඳව මිථ්‍යාවූද සත්‍ය වූද විශ්ලේෂණයන් ගෙන එද්දී එම ශිෂ්ටාචාරයේ නොදුටු පැතිකඩ ද හාරා අවුස්සන්නට විණි. ලෝක විනාශ කතාවට පෙර සිටම මේ පිළිබඳව කාරණා ලොවට හෙළිකරගෙන තිබුණ මුත් කාගේත් අවධානය  මේ අසිරිමත් ශිෂ්ටාචාරයට යොමු වූයේ 2012 වසර ආරම්භයේ සිටය.

මායාවරුන්ගේ මායා ලෝකය පිළිබඳව ගවේෂණයක යෙදුණ ඇමෙරිකානු ජාතික පුරාවිද්‍යාඥ -එඞ්වර්ඞ් හර්බට්” විසින් මෙම ශිෂ්ටාචාරයේ අප‍්‍රකට බොහෝ දේ ලොවට දායාද කළේය. මධ්‍යම ඇමෙරිකාවේ උත්තර යුකැටන් ප‍්‍රදේශයේදහොන්ඩියුරාස් හි කෝපන් ප‍්‍රදේශයේ සහ ගෝතමාලාවේ ටිකල් සහ ඉක්ස්කැන් ප‍්‍රදේශ අතරද මායාවරුන්ගේ ශිෂ්ටාචාරය මුල් බැසගෙන තිබුණි. එදා ඔවුන් සතු වූ ආර්ථික සාමාජිකභෞතික සහ අධ්‍යාත්මික වශයෙන් කරන ලද ගවේශන ඇසුරින් පුරා විද්‍යාඥ එඞ්වර්ඞ් හර්බට් විසින් ලබාගත් යටගිය තොරතුරු අතර ඔවුන්ගේ යාග හෝම වලට විශේෂ ස්ථානයක් දුන්නේ ලොව වෙනත් සිරිතක එවැන්නක් දක්නට නොලැබුණ නිසාය. ඒ අනුව තම වරිගයේ අධ්‍යාත්මික සුවතාවය සහ සංසාරික විමුක්තිය වෙනුවෙන් නොකැලැල් රූමත් නව යෞවන තරුණියන් දහස් ගණනක් බිළිදුන් අභිරහස් විලක් පිළිබඳවද ඇතිතතු ඔහු ලොවට මතුකර දුන්නේය.

මායා මානව සනුහරේ මතු දියුණුව පැවැත්ම සහ අපේක්ෂා සඵලත්වය වෙනුවෙන් ඉටුකරන ලද මෙම බිලි පූජා විධි මොහෙන්දොජාරෝ හරප්පා හෝ නයිල් නදීබඩ ශිෂ්ටාචාරයන්ගේ දක්නටම නැති තරම්ය. මහ වනාන්තරයක් මධ්‍යයේ පිහිටි පූජනීය දෙවොලක් වෙත ගෙනයන රූමත් තරුණියන් යාගයකින් පසු ඒ ආසනයේ ඇති ගැඹුරු විලකට තල්ලූ කොට දියේ ගිල්වා මරා දමා කළැයි පිළිගත හැකි අරුම පුදුම බිලි පූජාවක් පිළිබඳව පුරාවිද්‍යාඥ එඞ්වර්ඞ් හර්බට්ගේ වාර්තාවේ සැකෙවින් දැක්වෙයි. එය ඉතා චමත්කාර ජනකය. විස්මිතය. ඇස් අදහා ගත නොහැකිය.
මායා ශිෂ්ඨාචාරය පිළිබඳව එතෙක් මධ්‍යම ඇමෙරිකාවේ ජනතාව අතර පැවතියේ කිසිදා නොදුටු ප‍්‍රවාදයක් පමණය. මේ ප‍්‍රවාදය තුළ මායා වරුන්ගේ කන්‍යා බිලිපූජා පැවැත්වූ දෙවොලක් පිළිබඳවද කියැවිණි. එඞ්වර්ඞ්ගේ අභිප‍්‍රාය වූයේ මෙම අපූරු බිලි පූජාවට කේන්ද්‍ර වූ දෙවොල සොයා එය ගවේෂණය කරන්නටය. මේ මා හැඟි ගවේෂණය සඳහා ඔහුට උදව් උපකාරයට හිටියේ එකම එක ඉන්දීය ජාතික තරුණයෙකු පමණි. ඔහුගේ උපකාර මත මායා ශිෂ්ටාචාරය විකාශනය වූ කඳු මුදුන සොයා දහසක් බාධක මැද ගමන් ඇරඹිණි.

රැයක් දවාලක් ගැන නොතකමින් සිය ඉලක්කය සඵල කරගන්නට සඳ ඇති රාත‍්‍රීවල පවා ඔවුන් ගවේෂණය කළහ. ජනකතා ගොන්නක එක් සංසිද්ධියකට පමණක් පාදක වූ කන්‍යා දෙවොලම අරමුණ විය. තවත් රැයක් උදාවූයේ ඔවුන්ට වාසනාව පෙන්වමිනි. එඞ්වර්ඞ් හර්බට් හට ඉබේම කෑ ගැසුනේය.


අන්න අන්න ගල්කණු පෙළක්...දිළිසෙන ගල් උලූවහු එකක්...බැබලෙන සඳ එළිය මැද පසුදිනට හිරු ළඟාවනතුරු ඔවුහු කැඞී බිඳී ගිය නටබුන් ගොඩක් මධ්‍යයේ නවාතැන් ගත්හ. ගෙවෙන රැය පුරා විද්‍යාඥයාට මහා දිග එකකි. ඉන්දියානු ජාතික තරුණයා වසර දහස් ගණනක අතීත ශ්‍රී විභූතිය කියා පෑ ශිෂ්ඨාචාරයක නටබුන් මත සුව නින්දේය. පසු දින හිමිදිරි උදයේම ඔවුන් දෙවොලෙහි සැබෑ නටබුන් දෙ ඇසින් දැක ගත්හ.

තවත් අඩි සියයකට වැඩි නෑ උසක් තරණය කළ ඔවුන්ට දැකගන්නට ලැබුණේ අපූරු දේවල්ය. වසර දහස් ගණනකට පෙර පැවැති ගෘහ නිර්මාණ ශිල්පය ශෛලමය ඉදිකිරීම් කැඩුණු නොකැඩුණු ගල්පඩි පෙළවල් අතර අතීත ශ්‍රී විභූතියේ සුවඳ ද සැබෑවට දැනින.

මේ සියල්ල අතරින් එඞ්වර්ඞ් හර්බට් පුරාවිද්‍යාඥයාට වුවමනා වූයේ එතෙක් ජන කතාවකට පමණක් සීමා වූ කන්‍යාවන් බිලි පූජා කළ අරුම පුදුම විළ සොයා ගන්නටය.

ගවේෂණය නිමාව දුටු එක් දිනක් ඔවුන්ට මෙම දෙවොල යයි විශ්වාස කළ හැකි අලංකාර නටබුන් වී ගිය ගොඩනැගිල්ලක් දැකගත හැකිවිය. තව තවත් ඊට සමීප වූහ. දක්නට ලැබුණේ දෙවොලේ සිට වනය හරහා පහළට විහිදී ගිය ගල්පඩි පෙළකි. අරමුණ ඉටුවූවා සේය. ඔවුන් ඒ දෙසටම බැස ගියහ. පඩිපෙළ අවසානයේ මායා ශිෂ්ටාචාරයේ ජන ප‍්‍රවාදයට එක්වූ විටෙන් ඉට්සා පෙදෙසෙහි ඇති අභිරහස් විල දැකගත හැකිවිය.

විටෙන් ඉට්සා විල අසබඩ මුදුනට වන්නට කන්‍යා දෙවොලේ පියස්ස තිබිණ. එම පියස්සෙහි සිට විල දෙසට පහළ බැලූ කළ විශාල අගාධයකි. අති බිහිසුණුය. එදා මායාවරුන් නොකැලැල් තරුණියන් විලට හෙළා මරා දමන්නට ඇත්තේ මෙම පියස්සේ සිට යැයි පුරාවිද්‍යාඥ එඞ්වර්ඞ් අනුමාන කළේය. දැන් සියලූ කාරනා හරිය. කළ යුතු දේ කළ හැකිය. කළ යුත්තේ බරපතළ ගවේෂණයකට අවශ්‍ය බරපැන සොයා ගැනීම පමණය.

මායා ශිෂටාචාරයේ ජන කතාවකට පමණක් සීමා වූ විටෙන් ඉට්සා විල සහ දෙවොල සොයා ගත්තද මෙය තවදුරටත් ගවේෂණය කිරීම සඳහා විශාල මුදලක් සොයා ගැනීමේ අටියෙන් එඞ්වර්ඞ් හර්බට් සිය සගයාද සමග වොෂින්ටන් බලා පිටත් විය. එක්සත් ජනපද පුරාවිද්‍යා සංගමයට ගිය එඞ්වර්ඞ් එහිදී දෙසුමක් පවත්වමින් මායා ශිෂ්ටාචාරයේ කන්‍යාවන් බිලි දුන් අභිරහස් විල සොයාගත් නමුත් එය ගවේෂණය කිරීමට මුදල් නොමැති බැවින් කිසියම් ආධාරයක් උපකාරයක් ඉල්ලා සිටියේය. ගවේශන වාර්තා පවා නිදර්ශන සේ ඉදිරිපත් කළද පුරාවිද්‍යා සංගමය ඊට යහපත් ප‍්‍රතිචාරයක් දැක්වූ බවක් පෙනෙන්නට නොවීය.

මේ කිසිවකින් පසුබෑමකට ලක් නොවුණ පුරා විද්‍යාඥ එඞ්වර්ඞ් රටපුරා සම්මාදමෙහි යෙදෙමින් මෙම කාර්යයට මුදල් හම්බකර ගත්තේය. ඇතැමුන් ඒ වනවිටත් කීවේ එඞ්වර්ඞ්ගේ කාළේ ඉවර වෙලා මැරෙන්න යනවා වෙන්නැති කියාය. මේ සියල්ලටම සැලූණේ ඔහු නොවේ. මානව සංහතිය වෙනුවෙන් ඔහු ඔහුගේ කාර්යය අකුරටම ඉටු කරමින් සිටියේය. අරමුණ සාක්ෂාත් කරගනිමින් අවශ්‍ය මුදල් උපයාගත් ඔහු නැවතත් මායා ශිෂ්ටාචාර අඩවියට යෑමට සූදානම් වුණේ කන්‍යාවන් බිලිදුන් අභිරහස් විළෙහි කිමිදීම සඳහා අවැසි කිමිඳුම් කට්ටල ද ඒ හා සම්බන්ධ උපකරණ ද සපයා ගනිමිනි. එපමණක් නොව පුරාවිද්‍යාඥ එඞ්වර්ඞ් හර්බට් අති දක්ෂ කිමිඳුම් කරුවෙකු වීම තුළ මේ අපූරු ත‍්‍රාසජනක ගුප්ත ජනක විල ගවේෂණය කිරීම වාසනාවක් බවත් සිතුවේය.

කන්‍යාවන් බිලිදුන් අභිරහස් විලෙහි ගැඹුරුම ස්ථානය අඩි 80 ක් බවට සොයාගන්නා ලද්දේ ඊයම් බරු ගැටගැසූ නූල් පන්දු විලෙහි ගිල්වමිනි. එසේම මිනිසුන්ගේ හැඩරුවට හා බරට සමාන පරිදි දැවයෙන් මිනිස් රූප කපා කඹ වල බැඳ දෙවොලේ මුදුන් පඩිපෙළේ සිට ඒවා විලට විසි කිරීමෙන් එදා තරුණියන් බිලිදීමේදී වැටෙන්නට ඇති තැන් සොයා ගන්නා ලදී.
මූලික වශයෙන් එසේ පර්යේෂණ ඇරඹූ පුරාවිද්‍යාඥ එඞ්වර්ඞ් හර්බට් දෙවැනි අදියර යටතේ අභිරහස් විලෙහි පතුලටම කිමිදී පර්යේෂණ කිරීම ඇරඹීය. තම උදව්වට පැමිණි සෙසු අයගේ උපකාරයෙන් දිනෙන් දිනම විලෙහි මඩ ඉවත් කරමින් ඒවා පුලූස්සා දැම්මේය. නරබිලි සමග විලට දැමූ සුවඳ විළවුන් ගැන සාර්ථක තොරතුරු අනාවරණය කර ගැනීමට ඔහුට හැකිවූයේ මෙම මඩ පිළිස්සීමේදී ඇතිවූ සුවඳෙනි. දින කීපයකට පසුව ගෝනෙකුගේ ඇටසැකිල්ලක් දුටු එඞ්වර්ඞ් එය නිගමනය කළේ දිය බීමට ආ ගෝනකු පය ලිස්සීමෙන් ඇද වැටී විලේ පතුලටම ගිය බවයි. එයද වසර සිය ගණනාවකට පෙර විය හැකිය.

පර්යේෂණයේ නිමාව අතේ දුරය. ඔහුගේ පරිශ‍්‍රමය අතිසාර්ථකය. කැණීම් සහ සෙවීම් අවසන ඔවුන්ට මිනිස් ඇටසැකිලි සියගණනක්ම විළ පතුලෙන් ගොඩ ගැනීමට හැකිවිය. පුදුමය නම් ඒ හැම ඇටසැකිල්ලක්ම තරුණියන්ගේ වීමය. ඒ බව පසුව කරන ලද පර්යේෂණ වලින් අපූරුවට හෙළිවිය. එපමණක් නොව එදා පැළඳි කාන්තා ආභරණ දහස් ගණනක්ද සුවඳ විළවුන් බඳුන් විශාල ප‍්‍රමාණයක්ද මෙම ගවේශනය තුළින් ගොඩ ගැනීමට ඔවුහු සමත් වූහ. තවත් සුවිශේෂ අත්දැකීමක්ද ඔවුහු ලැබූහ. ඒ මෙම දහස් ගණනක් වූ කාන්තා ඇටසැකිලි අතර එකම පුරුෂ ඇටසැකිල්ලකුත් වීමය. පුරා විද්‍යාඥ එඞ්වර්ඞ් හර්බට්ගේ නිගමනය වූයේ තරුණියන් බිල්ලට දීම සඳහා විළට තල්ලූ කිරීමේදී දෙවොල භාර පූජක වරයාද පය පැටලී ඒ සමගම විල පතුළට ගිය බවයි.

මේ මහා ගවේෂණයෙන් පසු ආදි යුගයෙක මායා ශිෂ්ටාචාරයේ වසන් වී ගිය අරුම පුදුම කන්‍යා බිලි පූජාවක් පිළිබඳව ලොවට හෙළිදරව් කරදීමට හැකි විය. එපමණක් නොව එදා කාන්තා ආභරණ වර්ග සුවඳ විලවුන් හා මානවයාගේ ප‍්‍රමාණද බෙහෙවින්ම නිර්ණය කරගැනීමට ඉවහල් වූයේය.

මෙයට වසර දහස් ගණනකට පෙරාතුව දිවිගෙවූ අති ශ්‍රේෂ්ඨ ශිෂ්ටාචාරයකට නෑකම් කී මායාවරුන්ගේ පරපුරේ අය අදත් මධ්‍යම ඇමෙරිකාවේ ගෝතමාලාවේ ජීවත්වෙති. පිරිස වශයෙන් ගතහොත් 1500-2000 ත් අතර ගණනකි. ඔවුන්ගේ ආදිතමයන් පිළිබඳව උදම් අනති. එය ඉතාමත් සාධාරණය. ඔබත් කෙදිනක හෝ ඇමෙරිකාවට ගිය දිනෙක මධ්‍යම ඇමෙරිකාවේ ගෝතමාලාවට යන්නේ නම් මේ අසිරිමත් ශිෂ්ටාචාරය මෙන්ම තරුණියන් බිළිගත් විල සහ තරුණියන්ගේ ඇටසැකිළි ද දැකගත හැකිවන්නේ ඇමෙරිකානු ජාතික පුරාවිද්‍යාඥ එඞ්වර්ඞ් හර්බට් විද්වතානන්ට පින් සිදුවන්නටය.

http://www.medaperadiga.com/index.php/tes/6311-2012-12-09-21-14-21.html