Showing posts with label බොදු බල සේනා ලිපි. Show all posts
Showing posts with label බොදු බල සේනා ලිපි. Show all posts

Dec 13, 2012

"දියවඩන නිළමේවරයා ජාතියෙන් සමාව ගත යුතුයි..."


අතීත හෙළ රජදරුවන් විසින් ශාසනාලයෙන් යුතුව බුදුරජාණන් වහන්සේ උදෙසා පූජා කරන්නට යෙදුණු බුද්ධ භෝග හා සාංඝික දේපොළ මහා සංඝරත්නයේ කිසිඳු අනුදැනුමකින් තොරව, දළදා වහන්සේගේ ගිහි භාරකරුවා වන දියවඩන නිළමේවරයා විසින් සදාචාර විරෝධීව, අත්තනෝමතිකව විකුණා දමා අයථා ලාබ ලබන බවට ප්‍රබල සැකයක් පවතින්නේ යැයි බොදු බල සේනා ජාලය අවධාරණය කරයි. 
2012 දෙසැම්බර් 13 වැනි දින තුම්මුල්ල ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ පිහිටි බොදු බල සේනා ජාතික මූලස්ථානයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී එම සංවිධානය අවධාරණය කර සිටියේ මේ පවතින සැකසංකා සම්බන්ධයෙන් කඩිනම් හා විධිමත් පරීක්ෂණයක් පවත්වා වහාම අවසන් තීරණයක් ගතයුතු කාලය එළැඹ ඇති බවයි. මේ අවස්ථාව සඳහා බොදු බල සේනා ප්‍රධානී පූජ්‍ය කිරම විමලජෝති නාහිමියෝ, මහලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඤාණසාර හිමියෝ ඇතුළු භික්ෂූන් වහන්සේලා පිරිසක් සහභාගී වී සිටියහ. 
මෙහිදී අදහස් දක්වමින් බොදු බල සේනා ජාලයේ මහලේකම් ගලගොඩඅත්තේ ඤාණසාර හිමියෝ මෙසේ අනාවරණය කර සිටියහ.

"දියවඩන නිළමේ කියන්නේ රටේ සමස්ත බෞද්ධයන්ගේ නායකයා. දළදා වහන්සේගේ ගිහි භාරකාරයා. අද මේ රටේ බෞද්ධයන්ට, බෞද්ධ උරුමයන්ට හානිකර දේවල් සිද්ධ වෙලා තියෙනවා. ඒත් දියවඩන නිළමේ නෙමෙයි කටක් ඇරියේ. ඒ වෙනුවට උන්නැහේ මොකද කරන්නේ...? මේ උත්තම තනතුර පාවිච්චි කරලා, ඒ තනතුරට නොගැළපෙන ආකාරයේ විශාල ක්‍රියාදාමයක නියැලී ඉන්නවා. දළදා වහන්සේ උදෙසා විවිධ රජවරු මැති ඇමතිවරු පූජා කරපු ඉඩකඩම් විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒවායේ නෛතික තත්ත්වයනුත්, පූජා කිරීමේ අරමුණුත් එකිනෙකට වෙනස්. හැබැයි එක ඉඩම් වර්ගයක් තියෙනවා, ඒවාට කියන්නේ "රාජකාරී ඉඩම්" කියලා. පවතින නීතිය අනුව ඒ රාජකාරී ඉඩම් බදු දෙන්නත්, විකුණන්නත් පුළුවන්. හැබැයි මේ ඉඩම් බදු දුන්නාට, විකුණුවාට ඒ බදු දෙන හෝ විකුණන මුදලට සමානම මුදලක් දළදා මාළිගාව නමින්, දළදා වහන්සේට කැප කරලා බැංකුවේ තැන්පත් කරන්න ඕන.  

නමුත්, අක්කර දෙකක් වටිනා මාළිගාවේ විහාර සන්තකයේ ඇති එක්තරා ඉඩමක් පෞද්ගලික සමාගම් සමග එකතු වෙලා පවතින නීති ප්‍රකාරව දළදා වහන්සේ වෙනුවෙන් ලක්ෂ තුනක භාරයක් සහිතව මිලියන පහළොවකට විකුණලා තිබෙනවා. දැන් ගැටලුව තිබෙන්නේ ලක්ෂ 150ට විකුණපු ඉඩමට දළදා වහන්සේ වෙනුවෙන් ලක්ෂ තුනක භාරයක් තිබ්බම ඉතුරු මුදලට මොකද වුණේ කියන එකයි. ඒ වගේම තවත් අක්කර කිහිපයක ඉඩමක් තිබෙනවා, ඒ ඉඩම වෙනුවෙන් නීති ප්‍රකාරව ලක්ෂ තුනක් තැන්පත් කරලා, ඒ ඉඩමේ එක පර්චසයක් අවමය රුපියල් 50,000/- බැඟින් විකුණා තිබෙනවා. එපමණක් නොවෙයි ඒ ඉඩම්වල තිබුණු වටිනා  ගස්කොළන් කපා දමා ඉවත් කර තිබෙන අතර ඒවායින් ලැබුණු මුදල්වලටත් මොකද වුණේ කියලා විශාල ගැටලුවක් තිබෙනවා. මේ කිව්වේ සිද්ධ වෙලා තියෙන අක්‍රමිකතා දෙකක් විතරයි. තවත් බොහෝ දේවල් අපිට වාර්තා වෙලා තියෙනවා. මේ ඉඩම් විකුණන්න අත්සන් කරන්නේ මේ දියවඩන නිලමේවරයයි, බෞද්ධ කටයුතු නියෝජ්යව කොමසාරිස්වරයයි. දෙයියනේ ඇහැ කන තියෙන මිනිහෙකුට තේරෙනවා ශාසනාලයක් තිබිච්ච රජවරු පූජා කරපු ඉඩම්, පෞද්ගලික සමාගම් එක්ක එකතු වෙලා මේ විදිහට සින්නක්කරව කට්ටි කරලා විකුණන්න මේ හොරු දෙන්නට තියෙන සදාචාරාත්මක අයිතිය මොකක්ද කියලා. 

බුද්ධ භෝග කොල්ලකන මේ  සිස්ටම් එකත් නියමෙටම හදල තියෙනව. එක හොරෙක් ඉන්නව මාළිගාව ඇතුළෙ. ඒ හොරා එළියට පේන්නෙ නෑ... ඒ හොරා තමයි බෞද්ධ කටයුතු නියෝජ්‍ය කොමසාරිස්. ඒ  හොරා ඉන්නෙත් මහ හොරාගෙ උදව්වට. ඒ නිසා බොහෝ විට පේන්නෙත් මහහොරාගෙ වැරදි විතරයි. මොනා වුණත් මේ හොරු දෙන්න කරන්නෙ එකම හොරකමමයි. 

දැන් කෙනෙකුට අහන්න පුළුවන් මේවා සිද්ධ වෙද්දී මහානායක හාමුදුරුවරු පොල් ගෑවාදකියලා. සැබැවින්ම උන්වහන්සේලාට මේවාට එරෙහිව මුකුත් කරන්න තරම් බලයක් නෑ... මහානායක තනතුර අද හරියට නාමික විධායකයක් වගේ. උන්වහන්සේලා උපදේශකවරුන්ගේ තත්ත්වයට ඇදවැටිලා තියෙනවා. ඒ දෙන උපදේශයක්වත් මේ බෞද්ධ නාමධාරී නිලධාරීන් බලධාරීන් විසින් පිළිපදින්නේ නෑ. ඒ නිසා උන්වහන්සේලාට දොස් පරවලා වැඩක් වෙන්නේ නෑ. වරද තියෙන්නේ බලය හිමි පිරිස් තුළයි. 

මේ හරක් මෙන්න මේ විදිහට කටයුතු කිරීම ඇතුළේ නේද අද අපිට ගම්පොළ වගේ ඓතිහාසික නගරයන් අහිමි වෙලා තියෙන්නේ...? එතකොට අපි අද කෑ ගහනවා අන්‍යාගමිකයන් ඉඩම් කොල්ලකනවා කියනවා... බෞද්ධ උරුමය විනාශ කරනවා කියලා. මේ නිලධාරීන්ගේ අදූරදර්ශී වැඩපිළිවෙල නිසා නේද අද එවන් තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙන්නේ...? බෞද්ධ සිද්ධස්ථාන වටේ ඉස්ලාම් භක්තිකයො රොක් වුණාම ඒ මිනිස්සු සඳකඩපහණේ අගය අඳුනන්නේ නෑ... මුරගලේ අගය අඳුනන්නේ නෑ... බෝධියේ - දාගැබේ - බුදුපිළිමයේ අගය අර්ථය අඳුනන්නේ නෑ... ඉතිං ඒවා විනාශ කරනවා. ඒ තත්ත්වයට අද බෞද්ධ උරුමය ඇද දැම්මේ කවුද? අපේ උපාසක අම්මලා තමන්ගේ ගෙවල් දොරවල් පවා හදාගන්නේ නැතුව මාළිගාවේ දළදා ප්‍රදර්ශන පෙන්වනකොට ගිහිල්ලා තමන්ගේ කණකර ආයිත්තම් ටික ගලවලා එවෙලේම පූජා කරනවා දළදා වහන්සේට. තමන්ගේ බඩට බත්පිඬ නොදා පින්පුරනවා අපේ මිනිස්සු. එහෙව් එකේ මේ ජෝඩුව මොකක්ද කරන්නේ...? දළදා වහන්සේගේ නාමයෙන් දළදා මාළිගාව සතු දේපොළ සියල්ල තමන්ගේ අම්මගෙන් අප්පුච්චගෙන් ලැබුණු පෞද්ගලික බූදලයක් කරගෙන දළදා මාළිගාව පෞද්ගලික සමාගමක් විදිහට පවත්වා ගෙන යනවා. මේ ලැබෙන මුදල්වලින් මේ අය අද වෙනතුරු අඩුම තරමින් මේ රටේ බෞද්ධ අධ්‍යාපනය නඟා සිටුවන්න මොනවාද කරලා තියෙන්නේ කියලා විමසන්න ඕන. දුප්පත් බෞද්ධයො වෙනුවෙන් මොනවාද කරල තියෙන්නෙ. සමස්ත රට වැසියා වෙනුවෙන් නොවුණත්, අඩුම තරමේ මධ්‍යම පළාතටවත් මොනවාද කරලා තියෙන්නේ...?"

වැඩිදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ:

"1931දී සුද්දන් විසින් හැදූ විහාර හා දේවාලගම් පනත අනුව තමයි මේ තරම් අත්තනෝමතික විදිහට මේ ඇත්තන්ට කටයුතු කරන්න වරම් ලැබිලා තියෙන්නේ. පනතට අනුව මේ ඇත්තෝ නිවැරදි වෙන්න පුළුවන්. නමුත් එහෙම කරන්න කිසිම සදාචාරාත්මක අයිතියක් නෑ. දෝෂාභියෝගයක් වෙනුවෙන් අපේ රටේ ව්‍යවස්ථාදායකය අලුයම දෙක වෙනකල් වෙහෙස වී වැඩ. නමුත්, මේ තරම් යුහුසුළුව වැඩ කරන අපේ නිලදරුවන්ට නොහැකි වී තිබෙනවා, තවමත් මේ නීති පද්ධතිය අපිට ගැළපෙන විදිහට වෙනස් කරගන්න. 

අපි කියනවා සුද්දා හදපු විහාර හා දේවාලගම් පනතට සංශෝධනයක්වත් එපා. එය වීසි කර දමන්න. මොකද එහි අඩුපාඩු බොහොමයි. මේ නිළමේවරු ලක්ෂ තුනක් වැනි සොච්චමකට විහාර සන්තක දේපොළ විකුණලා ඉතිරිය යටිමඩි ගහගන්නේ පනතේ ප්‍රකාරව නියම කළ හැකි උපරිමය ලක්ෂ තුනක් නිසා. සුද්දගෙ කාලෙ පනවා තිබූ ඒ නීතිය යටතේ කටයුතු කරමින් වර්තමාන තක්සේරු මුදලට ඉඩම් විකුණලා පස්සේ විශාල ලාභයක් තමන්ගේ සාක්කුවට දමාගන්නවා. ඒ වගේම ව්‍යාජ චීවරධාරියෙක් අසුවුණොත් එවැන්නෙකුට මේ පනත යටතේ නියම කෙරෙන උපරිම දඩය රුපියල්.50/-යි. අද දවසට සාපේක්ෂව මේවා විහිළු නොවෙයිද?

ඒ නිසා අපිට ගැළපෙන ක්‍රමවේදයක් බොදු බල සේනාවෙන් අපි හදා දෙන්නම්. වහාම එය ක්‍රියාවට නංවන්න. මෙතෙක් විකුණා දැමූ දළදා මාළිගාව සතු විහාර දේපොළ යළිත් පවරා ගන්න. එය පනතට අනුවම කරන්න පුළුවන් දෙයක්. දැනට බදු දී ඇති සහ බදු දෙන්නට තිබෙන දළදා මාළිගාව සතු දේපොළ පිළිබඳ විධිමත් වාර්තාවක් රටට හෙළිදරව් කරන්න. එහි වගකීම බෞද්ධ කටයුතු කොමසාරිස් ජෙනරාල්වරයා විසින් බාරගන්න ඕන. මේ ඉන්න දියවඩන නිළමේවරයාගේ දූෂණ අක්‍රමිතකා සම්බන්ධයෙන් අපේ අනුදැනුමත් ඇතිව විධිමත් පරීක්ෂණයක් පවත්වන්න. දළදා මාළිගාවේ තනතුරේ ගෞරවය ආරක්ෂා වීම සඳහා අඩුම තරමේ ලැජ්ජා බය ඇති, ශාසනාලයැති ගුණ යහපත් සිංහල බෞද්ධයෙක් පත්කරන්න. ඒකට අමුතුවෙන් ගෞරව නම්බු නාම උපාධි තියෙන්න අවශශ්‍යය නෑ. ඒ පත්වෙන නිළමේවරයා හොඳින් "පේත වත්ථුව" දැනගත්තහම ප්‍රමාණවත්. එතකොට පාපයට ලැජ්ජා බිය ඇතිවෙලාවත් මේ උරුමය කොල්ලනොකා, කොල්ලකන්න ඉඩ නොදී, සිංහල බෞද්ධයා වෙනුවෙන් පෙනී සිටිමින් හොඳින් කටයුතු කරාවි. මහන්තත්තකමක් නැති, පුහු උද්ධච්චබවින් මිදුණු අව්‍යාජ මිනිසෙක් මේ සඳහා පත්කරන්න. ඒ වගේම අපි අවධාරණය කරන්න ඕනි දියවඩන නිළමේ තනතුර උඩරටට විතරක් සීමා වෙච්ච දෙයක් නොවෙයි. එය අමුතුවෙන් පරම්පරාගතව පැවත එන්න ඕනා නෑ... ධූරයේ ගෞරවය ආරක්ෂා කරන සිංහල බෞද්ධයෙක් පත්කිරීමයි වැදගත්. අද දියවඩන නිළමේ ධූරය උඩරටටම සීමා වෙලා. ඇරත් මුදල් බලයටම යටවෙලා. ඇයි එතකොට මේ රටේ අනිත් බෞද්ධයෝ බෞද්ධ නෙමෙයිද? ඒ ඇත්තෝ අහසින් කඩන් පාත්වෙලාද? 

ඒ වගේම අපි විශේෂයෙන් අවධාරණය කරන්න ඕනි; ඔය "නිලංග දෑල බණ්ඩාර" කියන පඤ්චස්කන්ධයත් එක්ක අපේ කිසිම පෞද්ගලික කෝන්තරයක් නෑ. ගැටලුව තියෙන්නේ මේ උත්තම ධූරයේ ගෞරවය පිළිබඳවයි. එය කෙළෙසන්න කිසිවෙකුටත් ඉඩ තියන්න බෑ. දළදා වහන්සේගේ භාරකාරයා අතිශය සම්භාවනාවට පාත්‍ර වූ උතුම් මහජනහිතකාමී පුද්ගලයෙක් වෙන්න ඕන. කරුණාකරලා මේ දියවඩන නිළමේවරයා මේ ධූරයෙන් ඉවත් කරන්න. ඔහු ප්‍රසිද්ධියේ ජාතියෙන් සමාව ගත යුතුයි. මාධ්‍ය ඉදිරියේ තමන්ගේ අකටයුතුකම් පිළිබඳ ස්වයං කරුණු දැක්වීමක් කළ යුතුයි. මොකද ඔහුට එරෙහිව නඩුහබ දහයකට වැඩි ප්‍රමාණයක් තිබුණත් තවමත් ඒවා සම්බන්ධව කිසිවෙක්ම මුකුත්ම දන්නේ නෑ... කාගේවත් අවධානයක්වත් මේ කෙරෙහි නෑ... 

කෙසේ වෙතත්, මෙතෙක් විකිණූ ඉඩම් සියල්ල යළිත් පවරා ගැනීමට බලකළ යුතුයි. නව නීති සම්පාදනය කළ යුතුයි. එවිට බෞද්ධ උරුමය අන්‍යාගමිකයන්ට, මිලේච්ඡ ගෝත්‍රිකයන්ට ගොදුරු වීමේ අවදානම ඉවත්කරගත හැකියි. එලෙස පවරා ගන්නා පරවේණි ඉඩම්වල දුප්පත් සිංහල බෞද්ධයන් පදිංචි කරවලා, ඒ මිනිස්සුන්ට යහපත් ජීවනෝපාය මාර්ගයක් සකස්කරලා දීලා ඒ ලැබෙන ආදායමෙන් දළදා මාළිගාවේ නඩත්තු කටයුතු සිදු කරන්න. එය වඩාත් කාලෝචිත පියවරක් වේවි. නැත්නම් මේ සිද්ධ වෙන දූෂිත ක්‍රියාදාමයන් මේ රටේ බෞද්ධ බලය ඩැහැගන්න කෙළ හලන පෙරේත අන්‍යාගමික බලවේගවලට මනා රුකුලක් වේවි."

යනුවෙන් සඳහන් කර සිටියේය.

වීඩියෝව පහතින් 

පංචන ජයසිංහ

http://panchanajayasinghe.blogspot.com/2012/12/blog-post_13.html#more

Dec 10, 2012

අපේ ඉතිහාසය බුල්ඩෝසර් කරන්න කිසිවකුට ඉඩ දෙන්නේ නැහැ


බොදු බල සේනා ජාලයේ මහ‍ලේකම්ගලගොඩඅත්තේ ඤාණසාර හිමි

අතීතයේ පටන් අද මේ දක්වාත් විවිධ කණ්ඩායම් වලින් නොයෙකුත් අවස්ථාවලදී සම්බුදු සසුනටත් , සිංහල ජාතියටත්, අප මාතෘභූමියටත් විවිධ තර්ජන අභියෝග එල්ලවූ බව අපි දන්නවා.
වසර දහස් ගණනක අප පේ‍රෟඪ ඉතිහාසය ලොවට කියාපාන අපේ පුරාවිද්‍යාත්මක වටිනා කමින් යුත් ඓතිහාසික ස්ථාන විනාශ කිරීම අද විශාල ව්‍යසනයක් වී තිබෙනවා හාමුදුරුවනේඅතීතයේ සිටම අප රටට, ජාතියට, සම්බුද්ධ ශාසනයට විවිධ අවස්ථාවන්හිදී එල්ල වුණ තර්ජන, ගර්ජන, බලපෑම් ඔබ සිහිපත් කළා. ඉතිහාසය අධ්‍යනය කිරීමේදී ඒ පිළිබඳව අපට මැනවින් පැහැදිලි වනවා. ඒ ඒ වකවානු වලදී අප පුජනීය මහා සංඝරත්නය, හෙළ රජ දරුවන් තම දිවි හිමියෙන් කටයුතු කොට එම අභියෝගයන්ට මුහුණ දුන්නා සේම ජයග්‍රහණයද කලා. ඔබ සඳහන් කළ පරිදිම පසුගිය මාස කිහිපයක සිට සිංහල බෞද්ධයාගේ ඉතිහාසය ලියැවී තිබෙන පුරාවස්තු ඩෝසර් කෙරෙනවා. අදීන වූ ද, අභීත වූද සිංහල ආදි  මුතුන් මිත්තන්ගේ ලෙයින් කඳුලින් ජීවිත පරිත්‍යාගයෙන් ගොඩනැගුණ උතුරු හා නැගෙනහිර දෙපළාත ඇතුළු රටේම පුරාවස්තු දැඩි තර්ජනයකට ලක් වී ඇති කාල පරාසයක් මේ. නිදන් සොරුන් මෙන්ම විවිධ කල්ලි කණ්ඩායම් වල මෙහෙයවීම මත මේ වැනසෙන්නේ හෙළ බොදු උරුමය බව අමතක නොකළ යුතුයි. වරක් දෙවතාවක් නොව ගිනිය නොහැකි තරම් වූ විශාල ප්‍රමාණයක් අපේ පුරාවස්තු සංහාරය වෙමින් පවතින යුගයක් මේ. මාතෘභූමියේ සිවුදෙස මේ සංහාරයට පත්වන්නේ අපේ ඓතිහාසික උරුමයන්. මේ බිමේ උපන් හැම සත්වයකුගේම උරුමය හා අදීනත්වයයි මේ ඩෝසර් වන්නේ.

ඔබ වහන්සේලාගේ නායකත්වයෙන් යුත් බොදු බල සේනා ජාලය පසුගිය දිනවල මීට එරෙහිව හඬක් නැගුවා.

ඔව් දෙමසක් තුළ දාගැබ් කිහිපයක් බුල්ඩෝසර් වුණා. පුරාවිද්‍යා නිලදරුවන් කියන්නේ මේවා ආරක්ෂා කිරීමට විධිමත් භෞතික සම්පත් නොමැති බවයි. වගකිවයුත්තන්ගේ යුතුකම විය යුත්තේ මීට අදාළව පහසුකම් සලසා මේ පුරාවස්තු ආරක්ෂා කිරීමයි. ඒ වැඩපිළිවෙල මගින් අපේ ආනගතය සුරක්ෂිත වනවා. එක නිලධාරියෙක් හෝ ජනතාවගේ ඡන්දයෙන් පාර්ලිමේන්තුවට ගිය ජනතා නියෝජිතයින් ජාතියේ පේ‍රෟඪත්වය හා ඓතිහාසික උරුමය විනාශ වෙන කොට ඒ ගැන කථා කරලා නැහැ. මොට්ටයාගල සෑය විනාශ කළා. සාගම සෑය විනාශ වුණා. අපි බොදු බල සේනා විදියට මේ විපත්තිය මාධ්‍යයෙන් දැනගත් මොහොතේම නැගෙනහිර පළාතට ගියා. අපි දුටුවේ සිත් කම්පා කරවන සුළු සිදුවීම්. අවම තරමින් යුද බිය තුරන් වී අපට සාමය උදාවී ඇති මොහොතේවත් මේ පුරාවස්තු සංරක්ෂණයට පියවර නොගැනීම බලවත් අත්වැරැද්දක් වහාම පුරාවිද්‍යාව සම්බන්ධයෙන් ඇති අණපනත්් සැකසිය යුතුයි. අදටත් සුද්දො හදපු කළු සුද්දො වඩපු අණපනත් කරපින්නාගෙන මේවාට විසඳුම් සෙවිය නොහැකියි. මාධ්‍ය හරහා හෝ ඒ ඒ භාෂා වලින් විශේෂයෙන් මුසල්මානුවන්වත්, දමිළ සහෝදරයන්වත් වහාම දනුවත් කළ යුතුයි. අද වන තුරුත් එවැනි වැඩපිළිවෙළක් නම් අපි දකින්නේ නැහැ. මේ සංහාරය වන්නේ හැම එකකුගේම උරුමය බව කියා දිය යුතුයි.
හාමුදුරුවනේ අවාසනාවකට මෙන් කොයි කාට නොපෙනුනත් දින දින වැනසෙන්නේ අපගේ උරුමයයි
ඔව් මේ රටේ එක වැවක්වත්, එක දාගැබක්වත් සිංහලයන් විසින් හැර අන් කිසිවෙක් හෝ විසින් ගොඩනංවා නැති බව සිහිපත් කළ යුතුයි. පුරාවිද්‍යාත්මකව පිළිගත හැකි ලෝකයේ පළමු බෞද්ධ ස්ථූපය ගොඩනැංවෙන්නෙත් ලංකාවේ. ඒ ලංකාවේ නැගෙනහිර වෙරළේ තිරියාය ප්‍රදේශයේ ගිරිඛණ්ඩණ සෑය හෙවත් ගිරිහඬු සෑයයි. බුදුරජාණන් වහන්සේගේ කේශ ධාතු නිධන් කොටයි එම සෑය තැනවූයේ. ඒ බුදුරදුන් ධරමාන සමයේ දීමයි. කාවන්තිස්ස රජු ලලාට ධාතු නිදන් කොට සේරුවාවිල ෙචෙත්‍යය තනා සේරුවාවිල විහාරය ඉදි කළා. සද්ධාතිස්ස රජු. දීඝවාපී ෙචෙත්‍ය සහ විහාරය කරවූවා. අපේ සිංහල රජවරු අන්න ඒ විදියටයි අපේ උරුමය ආරක්ෂා කර ගත්තේ.
උතුරු පළාතේ බෞද්ධ සිද්ධස්ථාන 130
නෂ්ටාවශේෂද, ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ 81, මඩකලපුව දිස්ත්‍රික්කයේ 22, අම්පාර දිස්ත්‍රික්කයේ 43 ක්ද වශයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් හඳුනා ගෙන තිබෙනවා. දෙවැනි අග්බෝ රජු ගංතලාව හෙවත් කන්ත‍ලේ වැව ඉදි කොට ඒ යටතේ ජනපද පිහිටෙව්වා, සිංහල රජවරු මොරවැව, මහදිවුල් වැව, අල්ලායි, වාකරෙයි, උන්නච්චි, ආදී වැව් තනා ඒ අවට සිංහල ජනපද පිහිටෙව්වා. උතුරු නැගෙනහිර දෙපළාතේ පුරාවිද්‍යා ස්ථාන දෙසීය හැත්තෑ හයකට වැඩි බව අපි දන්නවා. නිලධාරීන් මෙන්ම දේශපාලකයන්ද ඒ බව තිර ලෙස රටවැසියාට අවධාරණය කළ යුතුයි. අතන මෙතන අර කතා මේ කතා විහිළු කතා නොකියා
පළමුවෙන්ම ජාතික උරුමය ආරක්ෂාකර ගැනීමට පෙළගැසී සීරුවෙන් සිට ගත යුතුයි. ‍පොලීසිය, පුරා විද්‍යා නිලදරුවන් මෙය ඉටු නොකරන්නේ නම් අප විසින් එය නිසි ලෙස ඉටු කරන්නම්. මේවා සංරක්ෂණය කොට ආරක්ෂා කිරීමට ඇති අපහසුතාව කුමක්ද? ජාතික උරුමයන් පිළිබඳ ඇමැතිවරයා මේ සම්බන්ධයෙන් විධිමත් ලෙස කටයුතු කළ යුතුයි. අද ඇතැමුන්  ජාතියේ අළුගෝසුවන් බවට පත් වී ඇති බව පෙනෙනවා. නැගෙනහිර පළාතේ විශාල ලෙස  බෞද්ධ පුරාවස්තු සංහාරය වෙනවා.

හාමුදුරුවනේ පෘතුගීසි ඉංග්‍රීසි හා අනෙකුත් පාලන සමයන්හි පැවැති වාතාවරණය සිහිපත් කිරීමද වැදගත් වේවි.

ශ්‍රී ලංකාව 1815 ඉංග්‍රීසි පාලනයට යටත් වන විට වර්තමාන නැගෙනහිර පළාතට අයත් ප්‍රදේශය සපුරාම මහනුවර රාජධානියට අයත්ව පැවතුණා. ඒ බව නැගෙනහිර පළාතේ මහමුදලිව සිටි එස්.ඕ.කනගරත්නම් මහතාද ප්‍රකාශ කොට තිබෙනවා. සිංහල රජ දරුවන්ගේ ආධිපත්‍ය පැවති යුගයේදී මුළු මඩකලපු දිස්ත්‍රික්කයම කන්ද උඩරට පළාතේ කොටසක් වූවා. පෘතුගීසින් විසින් 1626 දී බේරුවල  ආදී බටහිර මුහුදුබඩ පළාත් වලින් මුස්ලිම්වරුන් පන්නා දැමු අවස්ථාවේදී මහනුවර රජු වූ සෙනරත් රජු හාරදහසකට අධික සංක්‍රමණික මුස්ලිම් ජනයා දිගාමඩුල්‍ලේ මුහුදුබඩ ප්‍රදේශයේ පදිංචි කරනු ලැබුවා. දැනට කල්මුණේ ‍පොතුවිල්වල මුස්ලිම් ජනතාව අතරින් වැඩි දෙනා ඔවුන්ගෙන් පැවත එන්නන් - සිංහලයන්ගේ පිළිසරණ ලබා උරුමකරගත් ඒ ඓතිහාසික ඥාතීත්වය හා සබැඳියාවන් මුසල්මා නුවන් බිඳ ගත යුතු නැහැ. ඇතැම් අන්තවාදීන් මේ ඉතිහාසය අමතක කොට අපිව අනවශ්‍ය කලබගෑනියකට පත්කරන්නේ කිනම් අරමුණකින් දැයි විමසා බැලිය යුතුයි.
අතීත හා වර්තමාන සිදුවීම් ද සැලකිල්ලට ගනිමින් අප අනාගතයට මුහුණ දීම සඳහා සවිබල විය යුත්තේ කෙසේ දැයි පහදා දෙන්නේ නම් එය සමස්ත බොදුනුවන්ටම අතිශය වැදගත් වේවි අපේ හාමුදුරුවනේ,
අද වන විට භික්ෂුව හා දේශපාලනය පිළිබඳව බොහෝ ව්‍යාකූල වූ අදහස් රාශියක් සමාජගත වී තිබෙනවා. අතීතය දෙස බලා අතීත පාඩම් මතින් අපි නැගිටිය යුතුයි. මෙරට බුදු දහම හා සසුන සමාජගත වී ඇත්තේ ව්‍යවස්ථාවේ සඳහන් පරිදිම පූර්ණ රාජානුග්‍රහය සහිතවයි. එය මිහිඳු මහ රහතන් වහන්සේ සහ තිස්ස රජතුමා අතර ඇති වූ සියලු ආකාරයේ එකඟතා අනුවම සිදු වූවක්. එය කිසිසේත්ම බලපෑමක් හෝ ආක්‍රමණික ච්ෙතනාවක් අනුව සිදු වූවක් නොවෙයි. අද වන විට අපට ඇති තර්ජන සුළු පටු නොවෙයි. අපමත බලහත්කාරය යොදවා මිත්‍යාව රජ කරවන්නට උත්සාහ දරන මෙවන් යුගයක අප ඉතා අවදියෙන් සිටිය යුතුයි. භික්ෂූන් වහන්සේ එදා සිටම චක්කවත්තී සීහනාද, අග්ගඤ්ඤ, කූඨදත්ත ආදී සුත්‍ර වලින් හෙළි කරන බෞද්ධ දේශපාලිනික ධර්මයෙහි සාරය මත පිහිටා රට - දැය - සමය රැකුමට දිරි දුන්නා. එය මේ දක්වාම මේ රට දේශපාඥන නායකත්වය හා ජනතාව අතර අර්බුදකාරී අවස්ථාවකට යොමු වන හැම විටකම විසඳුම් සඳහා ගෙනහැර දැක්වූ රාජ්‍ය උපදේශක ධර්මයයි. භික්ෂූන් වහන්සේලා එදා සිට අද දක්වාම මේ මෙහෙවර ප්‍රකාශය මත පිහිටා රජයට අනුශාසනා කලා මිස රාජ්‍යභාරයේ කොටස්කරුවන් වී නැති බව අප දැනගත යුතුයි. එය දඹදිව දී බ්‍රාහ්මණ පූජක පංතිය ඉටුකල කාර්යය හෝ යුරෝපයේදී පල්ලි මණ්ඩලාධිකාරීන් විසින් ඉටුකළ කාර්යය හෝ ස්වකීය චර්යාධර්ම නීතිය කර ගත් මුස්ලිම් රටවල ක්‍රියාකාරීත්වයට සමාන වන්නේ නැහැ. අතීතයේදී රජ කළ වළගම්බා රජු ෙජෙනාරාමය බිඳ හෙලා මහා සෑයක් බැඳ එහි බෞද්ධ සිද්ධස්ථානයක් බවට හැඟවුයේ විදෙස් ඔත්තුසේවා මධ්‍යස්ථානයක් වනසා දමා දේශයේ ආරක්ෂාව තහවුරු කර ගැනීමට මිස මූලධර්මවාදී ආගමික හැඟීමකින් නොවෙයි. අද විය යුත්තේද එයම නොවේද? සමස්ත ඉතිහාස ගමන් මග තුළ තවත් නිදර්ශන බොහෝ තිබෙනවා. අද බොදු බල සේනා විදියට අපි කරන්නේද එයයි. රජයටත්, ජනතාවටත් දැහැමිව මග පෙන්වා දීම මහසඟරුවනේ ජාතික මෙහෙවර බැවින් අපි එය ඉටු කල යුතුව තිබෙනවා. වර්තමාන භික්ෂූන් වහන්සේ බලවේගයක් වීමෙන් වියෝ වී තිබෙන බවත් පෙනේ. බලය ඇති තැන වේගයක් නැහැ වේගය ඇති තැන් වල බලය හා සම්පත් නැහැ. දෙපැත්ත එක පිලක් වීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙලක්ද නැති බව පෙනෙන්නට ඇති බැවින් එය එසේ කර ගැනීමට මගක් සාදා ගමු යන්න අපි ඉදිරියේ ඇති ප්‍රධාන කාර්යභාරයක් බව සිහිපත් කල යුතුය.
සාකච්ඡා කළේ - ජනක හෙට්ටිආරච්චි

http://www.lakbima.lk/index.php?option=com_content&view=article&id=5023:2012-12-11-04-51-32&catid=61:2012-08-07-09-39-46&Itemid=77

Dec 7, 2012

ලෝක විනාශයෙන් ගැලවීමට හොඳම තැන් මෙන්න


මායාවරුන්ගේ දින දර්ශනයට අනුව එළඹෙන දෙසැම්බර් 21 දාට ලෝකය සැබෑ ලෙසම විනාශයකට මුහුණ දෙන්නේද යන්නට නොයෙක් මතවාද ඉදිරිපත් වුණද එකී තීරණාත්මක දිනයේදී සත්‍ය ලෙසම කුමක් සිදුවේද යන්නට ලොව බහුතරයක් තුළ වනුයේ අවිනිශ්චිතතාවකි. කවුරු කෙසේ කීවද ලෝක විනාශයෙන් ගැලවීමට බොහෝ දෙනෙකු විවිධ උපක්‍රම යොදන්නේ එම අවිනිශ්චිතතාව නිසාත් තම ජීවිතයට අනතුරක් නොවීනිසාය. මේ නිසාම ඇතැමුන් ලෝක විනාශය සැමරීමට සැමරුම් උත්සව සංවිධානය කරද්දී ජීවිතයට ලොබ බැඳි බහුතරයක් විසින් තම ජීවිතය ගලවා ගැනීමට සුදුසු ආරක්ෂිත ස්ථාන සොයා මෙහෙයුම් ආරම්භකොට තිබේ. එවැන්නන්ට පිහිට පැතිය හැකි ලෝක විනාශයකින් වුවද හානියක් නොවී නිරුපද්‍රිතව පවතිනු ඇති බවට විශ්වාස කරන දැනට ලෝකයේ පවතින වඩාත්ම ආරක්ෂිත බංකරයන් හා සැඟවුම් ස්ථාන කීපයක් පසුගිය දිනකදී අන්තර්ජාලයේ පළකොට තිබිණි. මෙම ලිපියෙන් ගෙනහැර දක්වනුයේ එබඳු ස්ථාන කීපයක් පිළිබඳ තොරතුරුය. යම් හෙයකින් ලෝක විනාශය සැබෑවක් වන බවට ලකුණු මතුවීමට පටන් ගතහොත් මෙබදු අධි ආරක්ෂිත ස්ථානවලට ලැබෙනු ඇති ඉල්ලුම පිළිබඳ අමුතුවෙන් කිව යුතු නොවේ.

මෙබඳු ආරක්ෂිත ස්ථාන අතුරින් ඇමෙරිකාව පුරා භූගතව පිහිටි බංකරයන්ට හිමි වනුවේ සුවිශේෂී ස්ථානයකි. මින් ඇතැම් ස්ථාන අදටද ක්‍රියාකාරී තත්ත්වයේ පවතින අතර තවත් ඇතැමක් ඒවායේ ඇති ඓතිහාසික වටිනාකම නිසාම කෞතුකාගාර බවටද තවත් ඒවා අවන්හල් බවටද පරිවර්තනය කරන ලද ඒවාය.

කියුබාව හා සෝවියට් සමූහාණ්ඩුව සමග හැත්තෑව දශකයේදී    න්‍යෂ්ටික මතභේද උත්සන්නව පැවැති සමයේදී ඇමෙරිකානු ජනපති ජෝන් එෆ්. කෙනඩි විසින් ෆ්ලෝරිඩාහි පිහිටි තම නිවසට ඔබ්බෙන් වූ පීනට් දිවයිනේ ඉදිකරන ලද බංකරයද එවැනි ආරක්ෂිත ස්ථානයකි. එය අද වන විට කෞතුකාගාරයක් බවට පරිවර්තනය කරන ලද්දකි. මාලදිවයින්වල පිහිටි හිල්ටන් හෝටලය විසින් ලෝක විනාශයෙන් දිවි ගලවා ගැනීමට මං සොයන්නන් හට පූර්ණ ආරක්ෂාවද සමග දිවි ඇතිතෙක් අමතක නොවන අපූරු ආශ්වාදනීය අත්දැකීමක්ද සපයන්නකි. එහි මුහුදු පත්‍ලේ පිහිටි ලැගුම්හල් තුළ අමුත්තන් හට ලෝක විනාශය පැමිණෙන තුරු සුපිරි සුඛෝපභෝගී පහසුකම් අත්විඳිමින් කාලය ගත කරන අතරේ දියඹේ පිහිටි චමත්කාරජනක දර්ශනයන්ගෙන් නෙත් සිත් පිනවා ගැනීමටද අවස්ථාව ලැබෙන නිසයි. වෙස්ට් වර්ජිනියා ප්‍රාන්තයේ ග්‍රීන් බයර් හි පිහිටි බංකරය නිර්මාණය කොට ඇත්තේ කඳුකර බෑවුමක් ගැඹුරට හාරා ඒ තුළ ස්ථාපනය කරන ලද සුඛෝපභෝගී අංග රැසකින් යුතු කදිම කුඩා හෝටලයක් ලෙසය.


ස්වීඩනයේ රහසිගත කන්දක මධ්‍යයේ ගැඹුරට වන්නට පිහිටා ඇති විකිලීක්ස් වබේ අඩවියට අයත් ගබඩාගාරයද අධි ආරක්ෂිත උපක්‍රම රැසකින් යුතු කදිම ආරක්ෂිත ස්ථානයකි. එකම ගැටලුව නම් එබඳු ස්ථානයකට ඇතුළුවීමට ලැබෙන අවසරය සිහිනයක්ම පමණක් වීමයි.
බටහිර ජර්මනියේ පිහිටි (The Bad Neuenahr - Ahrweiler) නමැති බංකරය විශාල මිදි වත්තක් යට කිසිවෙකුට දෑසට අසුනොවන ආකාරයෙන් ඉදි කරන ලද්දේ අනාගතයේදී ඇති විය හැකි න්‍යෂ්ටික යුද්ධයකට එරෙහිව ජර්මානු රජයේ ආරක්ෂාව තහවුරු කර ගැනීම සඳහායි. එමෙන්ම ඇමෙරිකාවේ නිව්යෝක් නගරයෙන් ඔබ්බෙහි පිහිටි ඇඩ්රොන්ඩැක් කඳු වැටියේ අක්කර දහනවයක භූමි ප්‍රදේශයක් ආවරණය කරමින් පිහිටි පැරණි මිසයිල (ශීතල යුද සමයේ ඉදිකරන ලද්දකි.) කඳවුරද ලෝක විනාශයෙන් ගැලවීමට සිතන්නෙකුට පිහිට පැතියහැකි කදිම ආරක්ෂිත ස්ථානයකි


Dec 6, 2012

2040 දී ලංකාව මුස්ලිම් "සපරිස්ථානයක්" කිරීමේ ලෝක සැලැස්මක් ක්‍රියාත්මක


2040 දී ලංකාව මුස්ලිම් "සපරිස්ථානයක්" කිරීමේ ලෝක සැලැස්මක් ක්‍රියාත්මකයි....

මෙරට මුස්ලිම් තරුණයන් 12,000ට අධික පිරිසකට ජිහාද් සටන් පුහුණුව ලබා දීලා...
සංක්‍රමණික මුස්ලිම් ජනයාට පුරවැසිභාවය දීලා සදාචාර විරෝධීව උප්පැන්න - හැඳුනුම්පත් හදලා...
බොදු බල සේනා අනාවරණය කරයි...

"
ජාතියක් වශයෙන් අද අප එළැඹ සිටින්නේ අතිශය භයානක වූත්, ඛේදනීය වූත් අවදානම් සහගත මොහොතකටයි. තිස්වසරකට අධික කුරිරු යුද්ධයක් නිමා කරලා සාමයේ අරුණලු නැගෙද්දී මෙහෙම මතයක් ඉදිරිපත් කරන්න මේ හාමුදුරුවන් වහන්සේලාට පිස්සුද කියලා කෙනෙක් විමසන්න පුළුවන්. යුධ ජයග්‍රහණයෙන් උදම් වෙලා ජාතිවාදය වපුරනවාද කියලා විමසන්න පුළුවන්. නමුත්, තිත්ත වුණත් ඇත්ත ඒකයි.
යුද්ධය අවසන් වෙලා දැන් රට තුළ සාමකාමී වාතාවරණයක් තිබෙන බව ඇත්ත. ඒ සාමකාමීත්වය තවත් උග්‍ර  මූලධර්මවාදී ත්‍රස්තවාදයකට මුලපුරා තිබෙන බව අපි දැඩිව අවධාරණය කළ යුතුයි. ඉකුත් කාලවකවානුව තුළ මාලදිවයින්හිදී ආසියාතික මුස්ලිම් නායකයන් එකතු වෙලා හොර රහසේම සමුළුවක් පවත්වා තිබෙනවා. එ සඳහා ලංකාවෙනුත් දෙදෙනෙක් සහභාගී වෙලා තිබෙනවා. එහිදී සාකච්ඡා කරලා තීරණයක් අරගෙන තිබෙනවා ඊළාම් ත්‍රස්තවාදය හමාර කරලා ලංකාව තුළ ගෙඩනැඟී තිබෙන සාමකාමී වාතාවරණය හැකිතාක් ප්‍රයෝජනයට අරගෙන මුස්ලිම් ව්‍යාප්තවාදය ඔස්සේ වසර 2040 වෙන කොට ලංකාව "සපරිස්ථාන්" නමින් වෙනමම මුස්ලිම් රාජ්‍යයක් බවට පත්කිරීමට. මේ නව මුස්ලිම් ලෝක සැලැස්ම යථාර්ථයක් කරමින්  කලින් සිටි පාකිස්තානු තානාපතිවරයෙක් හරහා ලංකාවේ මුස්ලිම් තරුණයින් 12,000ට අධික සංඛ්‍යාවකට පාකිස්ථානයේදී අල්කයිඩා - ජිහාද් වැනි විශේෂ පුහුණුවක් ලබා දීලා ලංකාවට යළිත් රැගෙන විත් තිබෙනවා. මේ පිරිස අද වනවිට මේ රටේ සැඟැවුණු සන්නද්ධ කල්ලි ලෙස ක්‍රියාත්මක වන බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා. මේ කාරණා අනාවරණය වීමත් සමග දැන් අපිට ලැබෙන අලුත්ම තොරතුර තමයි පාකිස්ථානය - මැලේසියාව - බංගලාදේශය - මාලදිවයින්ද ඇතුළුව මැදපෙරදිග මුස්ලිම් ජනයා මේ රටට සංක්‍රමණිකයන් විලාසයෙන් ඇවිල්ලා අවමය ලක්ෂ දහයක පමණ අල්ලසක් දීලා හොර රහසේම උප්පැන්න සහතික - ජාතික හැඳුනුම්පත් ආදිය සකස් කරගෙන පුරවැසිභාවය ලබමින් මේ රට තුළ පදිංචි වෙනවා කියලා. ඉකුත් දින කිහිපය තුළ මෙවැනි මුස්ලිම් සංක්‍රමණිකයන් 50කට පමණ හොර සහතික නිකුත් කරලා පුරවැසිභාවය ලබා දීලා තිබෙනවා. මේ කුඨ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්නේ පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තුමේන්තුවේ ලිපිකරුවෙකු ලෙස සේවය කරන එම්.ආර්.රාසික් නැමැත්තෙකු සහ සහකාර කොමසාරිස්වරයෙකු වන එස්.එල්.නසීර් නැමැත්තෙකු ඇතුළු කල්ලියක් විසින්. මොවුන් මේවැන්නකට අතගසන්නේ කවර බලපරාක්‍රමයක් මුල්කොටගෙනදැයි යන්න බලවත් සැකයක් මතුවෙනවා. මොවුන්ගේ මේ කූඨ ක්‍රියාදාමයට එරෙහි වූ යහපත් ඉහළ නිලධාරීන්ට පවා සිය රැකියාව හැරදා ගෙදර යවන තත්ත්වයක් නිර්මාණය වී පැවැතීම ඉතා බරපතල අවදානමක්."


2012
දෙසැම්බර් 06 වැනි දින කොළඹ, තුම්මුල්ල, ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ පිහිටි බොදු බල සේනා ජාතික මූලස්ථානයේදී පැවැති විශේෂ මාධ්‍ය හමුවක් අමතමින් බොදු බල සේනා ජාලයේ මහලේකම්, රාජකීය පණ්ඩිත පූජ්‍ය ගලගොඩඅත්තේ ඤාණසාර හිමියෝ ඒ බව අනාවරණය කර සිටියහ. මේ අවස්ථාව සඳහා 2600 වැනි ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ නිර්මාතෘ, දෙහිවල - නැදිමාල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ, බොදු බල සේනා ප්‍රධානී පූජ්‍ය කිරම විමලජෝති නාහිමියෝ ඇතුළු බොදු බල සේනා විශේෂ විමර්ශන ඒකකයේ භික්ෂූන් වහන්සේලා පිරිසක් වැඩමකර සිටියහ. එහිදී අදහස් දක්වමින් බොදු බල සේනා ප්‍රධානී කිරම විමලජෝති හිමියෝ:

"
ලෝක ඉතිහාසය, ශාසන ඉතිහාසය දන්නා උගතුන් බුද්ධිමතුන් දන්නවා අතීතයේදී අපේ අවිහිංසාවාදී බුද්ධ ශාසනයට එල්ල වූ අභියෝග මොනවාද කියලා. මෙපමණ කලක් සම්‍යක් දෘෂ්ටික දේවතාවුන් වහන්සේලාගේ ආශිර්වාදයෙනුත්, රටවටකර ඇති මහා සාගරය නිසාත්, සිවුරේ බලය නිසාත් ඒ අවදානම් සහගත තත්ත්වයන්ගෙන් අපේ රට ආරක්ෂා වුණා. නමුත්, එකී පවුරු පදනම් සීමා බිඳ දමමින් අතීත බෞද්ධ ලෝකයට අත්වූ ඉරණම ක්‍රමක්‍රමයෙන් අපේ සිංහල බෞද්ධ රටටත් සේන්දු වෙමින් පවතිනවා. විශේෂයෙන් සිංහල තරුණියන් විශාල වශයෙන් විවාහ කර ගැනීම හරහා මුස්ලිම් ව්‍යාප්තවාදය ශීඝ්‍රයෙන් රට තුළ සිද්ධ කරගෙන යනවා. බිරින්දෑවරුන් තුනක් හතරක් විවාහ කරගනිමින් ඔවුන් ඔවුන්ගේ ව්‍යාප්තවාදය පතුරුවනු ලබනවා. මේ වේගය තවත් වැඩි කරන්න විදේශ රටවලින් පැමිණෙන මුස්ලිම් සංක්‍රමණිකයින් සදාචාර විරෝධී ලෙස මේ රට තුළ පදිංචි කරනවා. ඔවුන් පැමිණෙන්නෙත් විශේෂයෙන් මේ රටේ සිංහල තරුණියන් ඉලක්ක කොටගෙනයි. සිංහල තරුණියන් වසඟයට ගැනීම සඳහා විශේෂ පුහුණුවක් මේ වනවිට මුස්ලිම් පල්ලි තුළක්‍ රියාත්මක වන බවට අපට අනාවරණය වී තිබෙනවා. මුලින් මේ අය පෙනී සිටින්නේ සිංහල තරුණයින් වශයෙන්. නමුත් සියල්ල සිද්ධ වූවාට පසුව තමයි සැබෑ තත්ත්වය මොකකක්ද කියලා අනාවරණය වෙන්නේ. මෙය ඉතාමත් ඛේදනීය තත්ත්වයක්. අපේ සිංහල දෙමව්පියෝ, තරුණ තරුණියෝ මේ කෙරෙහි සැලකිලිමත් විය යුතුයි. ඇෆ්ගනිස්ථානය - බංගලාදේශය - මැලේසියාව - බලුකිස්ථානය - මාලදිවයින් වැනි රටවල් මුලින් බෞද්ධ රාජ්‍යය. ඒවායෙහි සිටි බෞද්ධයින් සේරම සමූලඝාතනය කරලා අද ඒ රටවල් මුස්ලිම් රාජ්‍යයන් බවට පත්වෙලා තිබෙනවා. ලංකාවෙත් වර්ධන වේගය අතින් සිංහලයා තුන්වැනි තැනට පත්වෙලා, මුස්ලිම් ජනයා පළමු තැනට පත්ව ඇති වාතාවරණයක් තුළ එවැනි අවදානමක් ඇතිවෙලා තිබෙනවා. අද මුස්ලිම් බලය ඉතාමත් ශීඝ්‍ර ලෙස වර්ධනය වෙලා. කොටින්ම පාර්ලිමේන්තුව තුළත් මුස්ලිම් කිහිප දෙනෙක් විසින් තමන්ගේ බලපරාක්‍රමය විහිදන්න පටන් අරන්. බහුතරය වූ අපේ සිංහල මන්ත්‍රීවරුන්ට තමන්ගේ බත්පත කන්නත් වෙලා තියෙන්නේ දෙතුන් දෙනෙක් වූ මුස්ලිම් මන්ත්‍රීවරුන්ට ඕනෑ ඕනෑ විදිහට. ඒ වගේම මුහුණු වහලා ඡායාරූප අරගෙන ජාතික හැඳුනුම්පත් හදන තැනට, වෙනමම මුස්ලිම් නීති ශාලා පිහිටුවන තැනට, හලාල් හරහා මිලේච්ඡ ෂරීයා නීතිය ක්‍රියාත්මක කරන තැනට අද මේ රට පත්වෙලා. මේවා ගැන රජය අවධානය යොමු කළ යුතුයි. මේවා වැළැක්වීමට පියවරක් ගත යුතුයි. දැන් ලෝකයේ සියලු රටවල් අලුතෙන් දැඩි නීති රීති සකස් කරමින් මුස්ලිම් ව්‍යාප්තවාදයට වැට බඳිනවා. ඇයි ලංකාවේ එය ක්‍රියාත්මක කරන්න බැරි මෙච්චර අවදානමක් තියාගෙනත්...? ගෝනි බිල්ලන් සේ මහමඟ ඇවිද යන බුර්කා පැළැඳි කාන්තාවන් බහුලව දකින කොට, නෙත යොමන යොමන දිසාවේ මුස්ලිම් පල්ලි ඉදිවෙනකොට මේක ලංකාවද කියලා හිතෙනවා. මේවා වහාම තහනමට ලක්කළ යුතුයි. එසේ නොවුණහොත් නුදුරු අනාගතයේදීම ඇතිවය හැකි මහා ව්‍යසනයේ ස්වරූපය මොකක්ද කියලා අපිට හිතාගන්නවත් බැරි වෙයි." යනුවෙන් පවසා සිටියහ.    

සටහන: පංචන ජයසිංහ 
("අද" කර්තෘ මණ්ඩලය - විජය පුවත්පත් සමාගම)


Dec 3, 2012

සර්ව ආගමික පූට්ටුව අපි කොහොම හරි ගලවනවා







·      ළඟදී ඉඳල චණ්ඩිපාට් දාන ආගමික සංවිධාන බිහිවුණා. බොදුබල සේනා කියන්නෙත් ඒ කුලකයේම සංවිධානයක් නේද?

v බොදුබල සේනා සංවිධානය කියන්නෙ මේ රටේ බෞද්ධයන්ගේසිංහලයන්ගෙ සෑහෙන කාලයක් තිස්සේ තිබුණු බලාපොරොත්තුවක් මල්ඵල ගැන්වීමේ ප්‍රතිඵලයක්. අපි යටත් විජිතයක් වෙලා ඉඳලා ලබාගත්තෙ පූර්ණ නිදහසක් නෙවෙයි. ඒක නාමික නිදහසක් විතරයි. ඒක අරගල කරලසටන් කරල දිනාගත්ත නිදහසක් නෙවෙයි. ඒ නිසාවෙන්ම මේ ජාතියට ජාතික අරමුණක් නැතිවෙලා තියෙනවා. බෞද්ධයෝ හැටියට ඉලක්කයක් නැති ජාතියක් හැටියට ජාතික අරමුණක් නැති වටපිටාවක අයාලේ යන සිංහල බෞද්ධ ජාතියක් තමයි ඉන්නෙ. මේ නිසා කලින් කලට ජාතියට මඟපෙන්වීමේ අරමුණෙන් විවිධ සංවිධාන බිහිවුණා. නමුත් අවාසනාවට මේ සියල්ල නතර වුණේ බල දේශපාලනය තුළ. මේ හින්ද මිනිසුන්ගේ හිත්වල තිබුණු බලාපොරොත්තු සේදිලා ගියා. ඒ විතරක් නෙවෙයි බෞද්ධයාට බෞද්ධ නායකයෙක් නැතිසංඝයාට සංඝනායකයෙක් නැති සිංහල ජාතියට නායකත්වයක් නැති තත්ත්වයට අද පත්වෙලා තියෙනවා. මෙන්න මේ සම්බන්ධව අපිට අතීතයේ වැරැදුණු තැන් අතීතයේ වරද්දපු තැන් ගැන හොඳට හොයල බලල කිරම විමලජෝති හාමුදුරුවොත් එක්ක වගේම මේ රටේ නැණ උගත් හාමුදුරුවරුත් එක්ක දීර්ඝ වශයෙන් සාකච්ඡා කරලා තමයි බොදු බල සේනා සංවිධානය පිහිටුවා ගන්න තීරණය කළේ.

  • ඔබ වහන්සේ අමු ආගම්වාදියෙක්?

v මම කැමැතියි එහෙම කියනවට. ඒකට හේතුව මම මගේ ආගමටජාතියට ආදරේ කරන්නෙ නැත්නම් මට පිට ජාතියකට ආදරේ කරන්න බෑ. ඉතිහාසයෙ කොතැනකවත් ලෝකයෙ මොනම ආගමකින්වත්ජනවර්ගයකින්වත් අපට චෝදනාවක් තියෙනවද අපි ආගම්වාදියි කියල. නමුත් අපි තමන්ගෙ ජාතිය ගැන කතා කරනව කියන්නෙ ජාතිවාදය නෙවෙයි ජාතිකවාදය. තමන්ගෙ ආගම ගැන කතාකරනව කියන්නේ ආගමික මූලධර්මවාදය නෙවෙයිතමන්ගේ ආගමේ හර පද්ධතියේ පැවැත්ම වෙනුවෙන් අපේ කැපවීම්. නමුත් අද වෙලා තියෙන්නෙ සිංහල බෞද්ධයන්ගේ ඡන්දයෙන් පාර්ලිමේන්තුවට යන එක්කෙනෙක්වත්පාර්ලිමේන්තුවෙ 225න් 157ක් සිංහල බෞද්ධ ඡන්දයෙන් පාර්ලිමේන්තුවට යනවාඅපි අහල තියෙනවද තමන්ගෙ ජාතිය වෙනුවෙන් කතාකරනවඑක තැනකවත් අහල තියෙනවද තමන්ගේ වර්ගයා වෙනුවෙන් කතාකරනවාපාරවල් හදනවාබිල්ඩින් හදනව කියන්නෙ සංවර්ධනය නෙවෙයි. මිනිස්සු සෑදීමයි සංවර්ධනය කියන්නෙ. අපේ රටේ කොයිතරම් ආගමික මංකොල්ල තියෙනවදඅපේ රටේ බරපතළම අර්බුදයක් තියෙනව දැන් අන්‍ය ආගමිකකරණය සිදුවීම. සදාචාර විරෝධීවයි එය සිදුවන්නේ. ඉතින් ඒකට එරෙහිව කතාකරනවා නම් ඒක ආගමික වාදයක් වෙන්නෙ කොහොමදඅනිත් කණ්ඩායම් තමන්ගෙ ආගම ජාතිය වෙනුවෙන් ඕනෑවටත් වඩා පෙනී සිටිනවා. නැඟෙනහිර පළාතෙ මේ වෙනකොටත් විශාල දාගැබ් 3ක් ඩෝසර් කරලා දාලා තියෙනවා. මේ ඩෝසර් කරල දාන්නෙ අපේ අතීත අභිමානය. කවුද මේව ගැන කතා කරන්නෙ. ඉතින් මේ වගේ වටපිටාවක් ඇතුළෙ අපිට සිද්ධ වෙනව සිවිල් සමාජයේ බලයක් වෙමින් මේ රට කරවන ඇත්තන්ගෙ ඇස් අරවන්න බරපතළ විදිහට. මේ ජාතියට වෙන අනතුරත්ආගමට වෙන අනතුරත් හොයල දෙන්න. භික්ෂූන් වහන්සේලාගේ අභිමානය බිඳවැටිලා. පෞරුෂය බිඳවැටිලා. හාමුදුරුවරු හරියට කොන්ඩම් න්‍යායෙන් දැහැටි දඬුවක් භාවිත කරල විසිකරනව වගෙ තමන්ගෙ වුවමනාකම්වලට පාවිච්චි කරල පැත්තකට විසිකරල දානව. කෝ අද මහනායක හිමිවරුන්ට බලයක්. ඒවට කවුද වග කියන්නෙ.


  • ඔබ වහන්සෙ කොහොම කිව්වත් අනිකුත් ආගම්වල ජාතිකත්වයඑකමුතුකම හදන්නෙ ඔවුන්ගෙ ආගම් විසින්මයි. ඇයි එහෙම අපෙ ආගමේ නැත්තේ?

ලෝකෙ මොන ආගමේද පුළුවන් තමන්ගෙ ආගමේ නායකයන්ගෙන් ප්‍රශ්න කරන්න. ඒත් අපේ ආගමේ පුළුවන්. v අපි මොනතරම් නිදහස්දදන්නවද දැන් ලංකාව තුළත් ක්‍රියාත්මක වෙනව ආගමික මූලධර්මවාදින්ගෙ එකමුතුවෙන් සංවිධාන 370 - 400ක් විතර. ඒ හැමදේකින්ම කරන්න උත්සාහ කරන්නෙ බෞද්ධාගම විනාශයට ලක්කරනශාසනය අර්බුදයට ලක්කරන වැඩකටයුතුනමුත් අපට ඒ සඳහා වැඩපිළිවෙළක් තියෙනවා. බෞද්ධයන් දැන් අතරමං වෙලා ඉන්නෙ. මේවට විද්‍යුත් මාධ්‍යයත් වගකියන්න ඕන.
නායකයො වැඩිවුණාමත් සියල්ල විනාශ වෙනවනායකයො නැතුවුණාමත් සියල්ල විනාශ වෙනව. අපට අද නායකයො වැඩිවෙලා තියෙන්නෙ. ඇහෙණ බණත් වැඩියි. දැන් ඕන තැනක ලාබෙට බණ තියෙනව. හරියට පිටකොටුවෙ සිල්ලර කඩ වගේ. ඒ අස්සෙ බණ නළුවොත් බිහිවෙලා ඉන්නවා. අපිට දහම් පාසලක්වත් හරියට පවත්වාගෙන යන්න බෑ. ටියුෂන් මාස්ටර්ලා ඒවට වගකියන්න ඕන. ඒ ගොල්ලො හරි උජාරුවෙන් කියන්නෙ ළමයි ශිෂ්‍යත්වය පාස් කරවන්නේ අපි කියල. එහෙනම් මොන බම්බුවටද අධ්‍යාපන ඇමැති කෙනෙක්. රජය පවා මේවට වගකියන්න ඕන. සමහර පුහුණුවීම් කටයුතු පවා යොදන්නෙ පෝය වගේ දවස්වල.


  • යුද්ධෙ කාලෙ යුද විරෝධී කණ්ඩායම්වලට එරෙහිව ඔබ නැඟී හිටිය. එතකොට බොදු බල සේනාව හිටියෙ ආයුධ සන්නද්ධවද?

v මේ යුධ විරෝධි කණ්ඩායම් බිහිවුණේ කුමාර් රූපසිංහ මහත්තයගෙ ප්‍රධානත්වයෙන්. ඔහු හරිම භයානකයි. සියරාලියෝන් දෙකඩ කරන්නත් මුල් වුණ එක මිනිහෙක්. අපිට එරෙහිව නැගී හිටපු ත්‍රස්තවාදීන්ට දිගින් දිගටම උදවු කරේ NGO කාරයො. උන්ට ඕන වුණේ ලංකාවෙ යුද්ධෙ හිඟන්නගෙ තුවාලයක් කරගන්න. මේක සුද්දගෙ කොලනියක් කරගන්න මාන බැලුවෙ. මේ වගේ වෙලාවක L.T.T.E. කාරයො පාරමී කුලතුංග මහත්තය වගේ රණවිරුවො ගණනාවක් ඝාතනය කළා. කැබිතිගොල්ලෑවෙ මහා විනාශයක් සිද්ධ කළා. සරත් ෆොන්සේකාව මරන්න මරාගෙන මැරෙන කොටියෙක් එව්ව. ඒත් යුද විරෝධී කණ්ඩායම් එකතුවෙලා යුද්ධෙ එපා කියල පෙළපාළි ගියා එතැනදි තමයි අපි කිව්වෙ යුද්ධෙ තියෙන්නෙ මෙහෙ නොවෙයි උතුරෙ. මෙහෙ පෙළපාළි ගිහිල්ල වැඩක් නෑ ගිහිල්ල යුද්ධෙ එපා කියල ප්‍රභාකරන්ට ගිහින් කියා ගනියව් කියල. ආණ්ඩුව L.T.T.E. පරාද කළ යුතුයි කියන ස්ථාවරේ හිටිය.
යුද්ධය එපා කිව්ව, ඩිලාන්ලරාජිත සේනාරත්නල රෙදි ඇඳගෙන කොහොමද ජාතිය ඉස්සරහට එන්නෙ කියල පොඩ්ඩක් හිතන්න වෙනව.

·      ඔබ සංවිධානය විසින් මෑතකදී හෙළිදරව් කිරීමක් කළා බෞද්ධ අම්මලා වඳභාවයට පත් කරනව කියල. මොකක්ද මේකෙ ඇත්ත?

v 1970 ගණන්වල ඉඳල මේක ක්‍රියාත්මක වෙනවා. දැනටමත් අටලක්‍ෂයකට වඩා ගබ්සා කරල තියෙනවා. මේ රට ඇතුළෙ නීතිවිරෝධී විදිහට දවසකට 700 - 1000ක් ගබ්සාවට ලක්වෙනව. මෙ අය පවුල් සංවිධාන ක්‍රම කියල මේව කරගෙන යන්නෙ තැනින් තැන සදාචාරයෙන් තොරවවවුනියාවෙන් මෙහාට එක නීතියකුත්වවුනියාවෙන් එහාට තව නීතියකුත් තියෙන්න විදිහක් නෑනෙLR සැත්කම සිංහල සමාජයෙ අම්මල කරගන්න හදනකොට ළමයි දෙන්නෙක් ඇති. අවුරුදු 26ට වඩා වැඩි වුණාම ඇතිවගේ නීති තියෙන්නෙ. ඒත් වවුනියාවෙන් එහාට මේ නීති තියෙන්නෙ අවු 40න් එහාට ගියාම තමයි කරගන්න පුළුවන් කියල. මාතරබණ්ඩාරගමඅකුරැස්ස එක පණිවිඩෙන් අපි මේව නතර කරල දැම්ම. මේ මුග්ධ දේශපාලන රැළ හැත්තෑ ගණන්වල පනත් ඉස්සරහට ගෙනල්ල කතාකරන නිසා අපි බලපෑමක් කරලා තියෙනවා. ඕනෑම අර්බුදයක් නිර්මාණය වුණාම ඒ සඳහා අපි නායකත්වය දෙනවා.


  • බොදු බල සේනාවට දේශපාලන හයියක් තියෙනවද?

v මම කවදාවත් පක්‍ෂ දේශපාලනය තුළ නෑ. හෙළ උරුමයසිහල උරුමය මුලින්ම වෙනස්ම අයුරින් ආරම්භ කළත් පසුව අපිට තේරුණා ඔවුන් පක්‍ෂ දේශපාලනය තුළ දියවෙනවා. සරත් ෆොන්සේකාට ආශීර්වාද පූජාව කළේ මම. චරිත මට අදාළ නෑ. මම කළේ මධ්‍යස්ථ භික්‍ෂුවක්ගේ වගකීම. මම කාගෙවත් අතකොළුවක් නෙවෙයි. අපි කරන්නෙ ජාතික දේශපාලනය. මිහිඳු හාමුදුරුවොත් මේ දේම කළා.
පාර්ලිමේන්තු යන්නපළාත් සභා මන්ත්‍රිකම් ගන්න නෙවෙයි අපි මේව කරන්නෙ.


  • මහින්ද රාජපක්‍ෂ කියන සිංහල නායකයාව ඔබ පිළිගන්නවද?

v යම් තරමකට. එයා හින්ද ගොඩක් සංවිධාන දියවුණා. එතුමා ආඩම්බරකාර නායකයෙක්. නමුත් බෞද්ධාගම ගැන හොඳ හැඟීමක් තිබුණා. මහජනතාවට සමඟියසාමයආරක්‍ෂාව කියන දේ තිබුණා. නමුත් ඒ වටා ආදර්ශවත් නිලධාරි පැලැන්තියක් නෑ. ඉතින් අපි කොහොමද සිංහල නායකත්වයක් නඟාසිටුවන්නෙ. අපි තව අවුරුදු දහයකින් කොහෙද ඉන්නෙ කියල හිතල බලන්න. බුදු දහමට පහරපිට පහර ගහන වෙබ් සයිට් නරක විදිහට හැසිරෙනව. මේව ගැන හොයල බලන්න කවුරුවත් නෑ. ජනමාධ්‍යය ඇමැති කෙනෙකුත් ඉන්නවනෙ.


  • ඔබ වහන්සේට තියෙන්නෙ පන්සලක්දආශ්‍රමයක්ද?

v මට තියෙන්නෙ පන්සලක්. මේ ගැනත් අපි කතා කරන්න ඕන. දැන් හැමතැනම පේන්න තියෙන්නෙ ආශ්‍රමඅපේ දියවඩන නිලමේ කෙනෙක් ඉන්නව එයා කරන්නෙ පෙරහැර විතරයි. එහෙව් රටකනෙ අපි කතා කරන්නෙ. සර්වාගමික පූට්ටුවක් කියල එකක් තියෙනවනෙ ඒක අපි කොහොම හරි ගලවන්න ඕන. වර්තමාන අගමැති අනිවාර්යයෙන්ම මේකට වගකියන්න ඕන. නිසි ප්‍රමිතියක් නැතිව තැන තැන සංවිධාන බිහිවෙනවා. නිවන් දකින්න පුදුම හදිස්සියක්නෙ තියෙන්නෙ.


  • ඔබ වහන්සේ ඉන්නෙත් බුද්ධ රාජ්‍ය සංකල්පයේද?

v මේක බුදුන්ට පූජා කරපු රට. කියන්න ලැජ්ජයි අද වනතුරුත් බුද්ධ ශාසන අමාත්‍යංශය නිර්වචනය කරල නෑ රාජ්‍ය ආගම මොකක්ද කියල. යම් විදියකින් සිංහල බෞද්ධ ව්‍යාපාරිකයො කඩා වැටෙනවා නම් අපි ඒ ගැන සොයා බැලිය යුතුයි. කාටවත් ඕනෑ විදිහට මේක විකුණන්න බෑ මේක බුදුන්ට පූජා කරපු රට.


සංජක ප්‍රසාද් දොලේවත්ත
රජිත බස්නායක
http://www.mawbima.lk/55-7453-news-detail.html