සෑම රාත්‍රියකම තම හිසට ඉහළින් තරු පායා තිබෙනු දැක පුදුමයටත් භීතියටත් පත් ඔවුන් නිරායාසයෙන්ම අහස තේරුම් ගැනීමටත් විවිධ උපකරණ භාවිතයෙන් ඒවා ගණනය කිරීමටත් පුරුදු විය. හිටි හැටියේම අහසේ සිට පොළොව දෙසට පැමිණෙන අකුණු ආලෝක දහරා දුටු ආදි කල්පිකයන් එය දෙවියන් තමන් විනාශ කිරීමට දරන උපක්‍රමයක් යැයි සිතූහ. ඒ අනුව අහසේ පිහිටා ඇති හිරු, සඳු ඇතුළු ආකාශ වස්තු දෙවියන් යැයි සැලකූ ඔවුහු ඒවාට දේවත්වයෙන් සැලකූහ. උදේ සවස පුද පූජා පවත්වමින් හිරු දෙවියන් නැමදීමට පුරුදු වීම නිසා කලක් ගතවත්ම හිරුට තිබූ බිය ඔවුන්ගෙන් පහ වී ගියේය. එම නිසා දිවා කාලයේදී තම වැඩ කටයුතු නිමා කර, රාත්‍රිය උදාවත්ම වෙහෙස මහන්සිය නිවා ගැනීම සඳහා රාත්‍රී අහස දෙස බලා සිටීම ඔවුන්ගේ දින චර්යාවෙහි එක් කොටසක් බවට පත්විය.
රාත්‍රී අහසේ පිහිටා ඇති තරු දෙස නෙත් යොමා පැය ගණන් එක දිගට කල්පනා කළ අනාදිමත් මිනිසා ඒවා තුළින් විවිධ රටා ගොඩනැගූහ. තමන් අතර සිටි විවිධ දෙවිවරුන්ගේ, රජවරුන්ගේ, වීරයින්ගේ, යක්ෂයින්ගේ සහ සතුන්ගේ නම් ඒවා සඳහා ආරූඪ කළ ඔවුන් ඒවා අළලා විවිධ කතාන්දර ගොඩ නැගූහ. පසුව සිතින් මවා ගත් එකී චරිතවල ස්වරූපය ඔවුන් වාසය කළ ගල් ගුහාවල බිත්ති මත සිතුවම් කළහ.
මෙලෙස ක්‍රම ක්‍රමයෙන් දියුණු වූ මිනිසා කලක් ගතවත්ම කෘෂිකාර්මික යුගයට පිවිසියහ. එහිදී බෝග වගා කිරීමට සුදුසු කාලය තීරණය කිරීමට අහසේ පායන තරු උපයෝගි කර ගත් ඔවුහු රාත්‍රී අහසට වඩ වඩාත් සමීප වූහ. මේ නිසා අහස පිළිබඳව තිබූ මිනිසාගේ උනන්දුව තව තවත් වැඩිවිය. ඒ අනුව අහසේ තරු දෙස වඩාත් විමසිලිමත්ව බැලූ ඔවුහු අන් තාරකාවලට සාපේක්ෂව වෙනත් ලක්ෂණ පෙන්වන තරු කිහිපයක් දුටහ. මේවායෙහි ගමන් මග අන් තරුවල ගමන් මගට වඩා වෙනස්ය. එමෙන්ම ඒවායෙහි දීප්තියද සාපේක්ෂව වැඩිය. පසුව මෙම තරු පහ ග්‍රහලෝක ලෙස නම් කරන ලදී.
මිනිසා රාත්‍රී අහසට ළංවූ දා පටන් සිදු කළ නිරීක්ෂණයන් තුළින් බිහිවූ ගණනය කිරීමක් එළිදැක්වුණු පළමු අවස්ථාව ලෙස චන්ද්‍ර මාස නම් කිරීම ගත හැකිය. පෘථිවියේ සිටින අපට දිස්වන සඳේ කලාවන්හි සිදුවන වෙනස අනුව එක් කලා චක්‍රයක් සම්පූර්ණ වීමට ගතවන කාලය එක් චන්ද්‍ර මාසයක් ලෙස හැඳින්වීය. එනම් පූර්ණ චන්ද්‍රයා දිස්වීමක සිට නැවතත් එවැනිම පූර්ණ චන්ද්‍රයෙකු දිස්වීම තෙක් කාලය චන්ද්‍ර මාසයකි. මෙවැනි චන්ද්‍ර මාස දොළහක් සම්පූර්ණ වූ පසු එය පෘථිවි වර්ෂයක් ලෙස තීරණය කිරීමට එකල අරාබියේ විසූවන් සමත්ව සිටි බව සඳහන්වේ. එකල සෑම සමකාසන්න රටක්ම මෙලෙස සඳුගේ කලාවන් උපයෝගි කර ගනිමින් තම දින දර්ශනය සකසාගෙන තිබූ බවට සාක්ෂි ලැබි ඇත. එහෙත් මෙම ශ්‍රමය උපයෝගයෙන් දින සහ මාස ගණනය කිරීම පෘථිවි ධ්‍රැවීය ප්‍රදේශවල ජීවත් වන්නන්ට තරමක් අපහසු විය. එයට හේතුව අවුරුද්දේ එක් අර්ධයක් පුරාවට ක්ෂිතිජය ආසන්නයෙන් සූර්යයා දර්ශනය වීමත් අනෙක් අර්ධය තුළදී චන්ද්‍රයා දර්ශනය වීමත්ය.
අක්කාසියන්වරු
මීට වර්ෂ හාරදහස් පන්සීියකට පමණ පෙර අතීතයේදී අක්කාසියන්වරු නමින් හැඳින්වෙන ජන කොට්ඨාසයක් මේ පොළෝ තලය මත ජීවත් විය. ඔවුන් උතුරු බැබිලෝනියාවේ තම වාස භූමි පිහිටුවාගෙන තිබූ අතර ගොවිතැන ප්‍රධානතම ජීවනෝපාය මාර්ග විය. තම ගොවිතැන් කටයුතු පහසු කර ගැනීම සඳහා අහස ඔවුන්ට මහත් සේ උපකාරී විය. රාත්‍රී අහසේ පිහිටා ඇති ආකාශ වස්තූන්ගේ හැසිරීම් රටාවන් හා වෙනස් වීම් තුළින් බෝග වගා කිරීමට සුදුසු කාලය තීරණය කරගත් ඔවුහු කලක් ගතවත්ම රාත්‍රී අහසට වඩාත්ම සමීප වූහ. ඔවුන් හිරුගේ හා සඳුගේ චලිතය පිළිබඳව වැඩි වැඩියෙන් පර්යේෂණ කරන ලදී. ඒ අනුව මොවුන් අවුරුදු දහ අටක් පුරා චන්ද්‍රයා නිරීක්ෂණය කිරීමෙන් ලබා ගත් සටහන් උපයෝගී කර ගනිමින් චන්ද්‍ර චක්‍රයක් නිර්මාණය කරන ලදී. සඳ නැගෙනහිර ක්ෂිතිජයෙන් නැග ඒම හා බටහිර ක්ෂිජයෙන් බැස යාම සැලකිල්ලට ගනිමින් නිර්මාණය කරන ලද මෙම චන්ද්‍ර චක්‍රය ලොව ප්‍රථම තරු ලිත ලෙස ඉතිහාස ගත වී ඇත.
කලක් ගතවත්ම සඳෙහි ගමන්මග නිරීක්ෂණයට වඩා තරුවල ගමන් මග වඩා නිවැරදි යැයි සිතූ ඔවුන් තරුවල පෑයීම සහ බැස යාම නිරීක්ෂණය කර තම දින දර්ශනය තනා ගත්හ. මෙහිදී සඳ නිරීක්ෂණයෙන් පැනනැගුණු බොහොමයක් ගැටලු විසඳා ගත හැකි විය. ඒ අනුව මසකට ඇත්තේ දින විසිනවය හමාරක් බව ඔවුහු දැන සිටියහ. එපමණක් නොව සතියකට ඇති දින ගණන පිළිබඳ තොරතුරු මොවුන් සතු විය. බුධ, සිකුරු, අඟහරු, බ්‍රහස්පති සහ සෙනසුරු යන ප්‍රධාන ග්‍රහලෝක පහ
පිළිබඳව දැන සිටි බැබිලෝනියානුවන් ඒවායෙහි සිදුවන චලිතයද නිරීක්ෂණය කොට ඇත. ඒ අනුව ඔවුන් ප්‍රධාන ග්‍රහලෝකවල පිහිටුම හා චලිතය ඇතුළත් කරමින් සිතියමක් සකස් කොට තිබේ. මීට අමතරව අඟහරු ග්‍රහයාගේ ප්‍රතිගාමී චලිතය හඳුනා ගැනීමට ඔවුන් සමත්ව සිටි බවට සාක්ෂි ලැබි තිබේ.

මෙසපොතේමියානුවන්
අනාදිමත් කල මෙසපොතේමියාවේ ජීවත් වූ මිනිසා අහස ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදා තිබූ බවට සාක්ෂි ලැබි ඇත. මෙසපොතේමියාවෙන් සොයාගත් පැරණිතම තාරකා විද්‍යා ලේඛනයකට අනුව මෙය අනාවරණය වී තිබේ. මෙම ලේඛනයෙහි දැක්වෙන්නේ එක හා සමාන (සමකෝණික) වෘත්ත තුනකි. ඒ එක් එක් වෘත්තය සමාන කොටස් දොළහකට බෙදා ඇති අතර ඒ සෑම කොටසකම කිසියම් තරු රාශියක නමක් සහ අංකයක් දක්නට ලැබේ. මෙම ලේඛනය පිළිබඳව පර්යේෂණය කළ විද්‍යාඥයින්ට අනුව මෙකී අංක එක් එක් තාරකා රාශිය විදහා පෙන්වයි.

ඊජිප්තු මිනිසා
එදා ඊජිප්තුවේ විසූවන් නයිල් ගං නිම්නයෙහි තම වගා කටයුතු පවත්වාගෙන යන ලදී. ඔවුන්ද බැබිලෝනියානුවන් මෙන් ආකාශ වස්තු පිළිබඳව වඩාත් උනන්දු වූ බවට සාක්ෂි ලැබි තිබේ. තම වගා බිම්වලට ආරක්ෂාව සැපයීම සඳහා රාත්‍රී කාලයේදී නිදි වැරූ ඊජිප්තුවන්ට තනිකම පාළුව මග හරවා ගැනීමට තරු බබළන රාත්‍රී අහසේ චමත්කාරය මහත් සේ උපකාරී විය. රාත්‍රී අහසේදී දැක ගත හැකි දීප්තිමත්ම තරුවක් වන සීරියස් තරුව දෙස බලා නයිල් ගඟ පිටාර ගලන කාල වකවානුව පිළිබඳව අනාවැකි පළ කිරීමට එකල ඊජිප්තු පූජකයින් සමත් විය. සීරියස් තාරකාව හිරු සඳු සමග එකවිට පායන්නේ නම් එය ගංවතුර උවදුරක පෙර නිමිත්තක් බව විශ්වාස කළ ඔවුන් නයිල් ගඟ අසබඩින් ජනතාව ඉවත් කළහ. හිරුගේ, සඳුගේ සහ තරුවල ගමන් මග පිළිබඳව ඉතාමත් නිවැරදි අවබෝධයකින් පසු වූ අනාදිමත් කල ඊජිප්තු වැසියා පළමු වරට ඉතාමත්ම නිවැරදි දින දර්ශනයෙහි නිර්මාතෘවරුන් වන්නේය.
එකල තරමක් දියුණු ශිෂ්ටාචාරයක්ව පැවැති මුළු ඊජිප්තු ශිෂ්ටාචාරයටම අධිපති වූයේ “රා” නමින් හැඳින් වූ හිරු දෙවියා බව ඔවුහු තරයේ විශ්වාස කළහ. අතීත ඊජිප්තු වැසියන්ගේ ලේඛනවලට අනුව ඔවුන් හිරු දෙවියන්ගෙන් පැවත එන්නන් වේ. එමෙන්ම ඔවුන්ට නායකත්වය සැපයූ රජුද හිරු විසින් එවන ලද්දෙකු බව ඔවුන්ගේ විශ්වාසය විය. ලෝක ඉතිහාසයේ ප්‍රථම වරට නීති පද්ධතියක් සහිත රජෙකු පහළ වූයේ බැබිලෝනියාවෙහිය. “අපූර්බායි හල්” නමැති මෙම රජතුමාට එම නීති මාලාව ලබා දී ඇත්තේ පියඹා එන දෙවියකු බව ඊජිප්තු කෞතුක ලේඛනයකින් හෙළි වේ. එමෙන්ම ක්‍රිස්තු පූර්ව 1500 දී පමණ රජ කළ තුන්වන “තුන්මස්” නමැති රජු හමු වීමට අහසෙන් කිසියම් පිරිසක් පැමිණි බව එම ලේඛනයෙහි වැඩිදුරටත් සඳහන්ව ඇත.
මෙවැනි තොරතුරුවලින් නිගමනය කළ හැක්කේ අතීත ඊජිප්තු වැසියා පෘථිවියෙන් එපිට වෙනත් ලෝකවලට සිටින ජීවීන් විශේෂයක් පිළිබඳව දැන සිටි බවයි. දැනට ලොව ඇති ෙශෙලම නිර්මාණ අතරින් සුවිශේෂී
ස්ථානයක් හිමි කරගෙන ඇති ඊජිප්තුවේ පිරමිඩ ගොඩනැගීම සඳහා අවශ්‍ය තාක්ෂණය ඔවුන්ට ලබා දුන්නේද මෙම පිටසක්වල ජීවීන් විසින් බව ඇතැම් විචාරකයින්ගේ අදහසයි. ඒ කෙසේ නමුත් අද වන විට ලෝක පුදුම හතෙන් එකක් බවට පත්ව ඇති මෙම විශ්මය ජනක පිරමීඩ සකසා ඇත්තේ රාත්‍රී අහසේ පෙනෙන තරුවල ගමන් මග හසුවන පරිදිය.

සුමේරියානු ජාතිකයින්
ඈත අතීතයේ පැවැති දියුණු ශිෂ්ටාචාරයන් පිළිබඳව සොයා බැලීමේදී එකල තිබූ ඉතාමත්ම දියුණු ශිෂ්ටාචාරයක් ලෙස සුමේරියානු ශිෂ්ටාචාරය හැඳින්විය හැකිය. විශේෂයෙන්ම එහි ජීවත් වූ මිනිසා ඉතා දියුණු තාරකා විද්‍යාත්මක තාක්ෂණයකින් යුක්ත වූ බවට ප්‍රබල සාක්ෂි ලැබි ඇත. එදා ඔවුන් සතුව තිබූ තාරකා විද්‍යාත්මක තාක්ෂණය අද අප සතුව පවතින තාක්ෂණයට බොහෝ සෙයින් සමාන බව ඔප්පු කිරීමට තරම් සමත් මූලාශ්‍ර කිහිපයක් සොයා ගැනීමට තාරකා විද්‍යාඥයින් සමත් වී ඇත. ඒවාට අනුව අතීත සුමේරියානුවන්ට තාරකා විද්‍යාව පිළිබඳව තිබි ඇත්තේ වඩාත් පෘථුල වූ දැනුමකි. පහත දැක්වෙන්නේ එය තහවුරු කෙරෙන එක් උදාහරණයකි.
ක්‍රිස්තු වර්ෂ 1986 දී වොයේජර් -02 නමැති අමෙරිකානු අභ්‍යවකාශ යානය මගින් යුරේනස් ග්‍රහලොව පිළිබඳව අප නොදැන සිටි බොහොමයක් තොරතුරු පොළොවට එවන ලදී. එතැන් සිට පුරා අවුරුදු තුනක් ඉක්ම යන්නට මත්තෙන් සෞරග්‍රහ මණ්ඩලයේ අවසන් ග්‍රහලොව ලෙසට සැලකෙන නෙප්චූන් ග්‍රහලොව වෙත ගොස් එහි සැඟවුණු තොරතුරු විශාල ප්‍රමාණයක් අප වෙත ලබා දීමට එම යානයට හැකි විය.

චොයේජර් යානය මගින් අපවෙත ලබාදුන් යුරේනස් හා නෙප්චූන්ගේ තොරතුරු හා සමාන ලක්ෂණ පෙන්වන ග්‍රහලෝක දෙකක්
පිළිබඳව තොරතුරු අතීත සුමේරියානු ශිෂ්ටාචාරයෙන් හමුවූ පුරාණ කෘතියක සඳහන් කර තිබුණි. රුසියානු විද්‍යාඥයෙකු වන ආචාර්ය ස්ටීවන් නැමැත්තා විසින් පරිවර්තනය කළ මෙම කෘතියෙහි සඳහන් ග්‍රහලෝක දෙකෙහි තොරතුරු සියයට සියයක්ම (100) යුරේනස් සහ නෙප්චූන් යන ග්‍රහලෝකවල තොරතුරු හා සැසඳුනි.
පුරාවිද්‍යාත්මක කැණීම්වලින් හසු වූ පුරාණ සුමේරියානු ලේඛනවල දක්නට ලැබෙන එක් විශේෂිත ලක්ෂණයක් නම් ඒවායෙහි පිටසක්වල ග්‍රහලෝක පිළිබඳව තබා ඇති සටහන් ඉතා අධික වීමයි. ආචාර්ය ස්ටීවන් මහතාගේ පරිවර්තනවලට අනුව “නිබ්රූ” නම් ග්‍රහලොවක සිට පෘථිවියට ජීවීන් පැමිණ ඇති බව පුරාණ සුමේරියානු ලේඛනවල සඳහන්ය. “අනුනාකි” යන විශේෂිත නාමයෙන් හැඳින්වුණු මෙම පිටසක්වල ජීවීන් පර්සියානු බොක්ක අසලින් පෘථිවියට පැමිණ ඇත. ඔවුන්ගේ යානා ගාල් කර තැබිමට පාථිවිය මත සුවිශාල අභ්‍යවකාශ තොටුපොළවල් ඉදිකර තිබූ බවට සුමේරියානු පුරාණ ලේඛන සාක්ෂි දරයි.
අරාබි වැසියන්
ඈත අතීතයේ අරාබියේ විසුවනට තම වෙළෙඳාම් කටයුතු සඳහා මුහුදෙන් ගමන් කිරීමට සිදුවිය. එහිදී ඔවුහු කුඩා නැව් භාවිතයෙන් අන් රටවලට භාණ්ඩ ප්‍රවාහනය කළෝය. තම වෙළෙඳ නැව් දේශ දේශාංශවල සංචාරය කරන විට රාත්‍රී කාලයේදී ඒවායේ ගමන් මග නිවැරදිව හඳුනා ගැනීමට අහසේ පිහිටි තරු ඔවුන්ට මහත්සේ උපකාරී විය. කල් ගතවත්ම දකුණු අර්ධ ගෝලයේ පිහිටි රටවල් ගවේෂණය කිරීම සඳහා පුරුදු වූ මොවුනට මං මුලා වීමෙන් තොරව ගමන් කිරීමට හැකි වූයේ අහසේ පිහිටි තරු රටාවලට පිං සිදු වන්නටය.

මෙලෙස දිගින් දිගටම දේශ ගවේෂණයෙහි යෙදීමට පුරුදු වූ අතීත අරාබිකයන් රාත්‍රී කාලයේදී යාත්‍රා කරන අතරතුර අහස දෙස බලා තරු රටා මැවීමට පටන් ගත්හ. ඒ අනුව අද අප දකුණු අහසේදී හඳුනා ගන්නා තරු රාශිවලින් බොහොමයක් නිර්මාණය කිරීමේ ගෞරවය හිමි වන්නේ මොවුන්ටය.
යුදෙව්වන්ගේ තාරකා විද්‍යාව
යුදෙව් ජාතිකයින් විසින් සකසන ලද පුරාණ ලේඛනයකට අනුව ඔවුන්ද අහසේ පෙනෙන හිරු සඳු තරු සහ ග්‍රහලෝක පිළිබඳ අවබෝධයෙන් පසු වූ බව පැහැදිලිය. රාත්‍රී අහස දෙස බලා තම වෙහෙස මහන්සිය නිවා ගැනීමට පුරුදු වී සිටි යුදෙව්වන් අද අප විසින් හඳුනාගෙන ඇති තාරකා රාශි 88න් හතරක් නිර්මාණය කිරීමට දායක විය. ඔරායන්, මහ වලසා, කුඩා වලසා සහ හත්දින්න යනු ඔවුන් විසින් හඳුනාගෙන නම් කරන ලද තාරකා රාශීන්ය.

චන්ද්‍රයාගේ කලා නිරීක්ෂණය කිරීමෙන් මාසයකට අදාළ දින ගණන ආසන්න වශයෙන් ගණනය කළ මොවුන් එක් මසක් සඳහා දින විසිහතරහමාරක් අයත් වන බව ප්‍රකාශ කරන ලදී. යුදෙව්වන් විසින් කරන ලද මෙම කාලය බෙදීම අන් ජාතිකයින්ගේ දින දර්ශනවලට සාපේක්ෂව තරමක් වෙනස් ලක්ෂණවලින් යුක්ත විය.
එනම් ඔවුන්ගේ දින දර්ශනයකට අනුව අලුත් දිනයක් ආරම්භ වන්නේ හිරු බැස ගිය පසුය. එනම් සවස් යාමයෙහිය. එමෙන්ම යුදෙව්වන්ගේ පැරණි වාර්තාවල දිවා කාලයට සහ රාත්‍රී කාලයට අයත් පැය ගණන නිශ්චිතවම දක්වා නොතිබිණ.
චීන ජාතිකයන්ගේ තාරකා විද්‍යාව
අනාදිමත් කල චීනයේ විසූ මිනිසුන් තාරකා විද්‍යාව සඳහා වැඩි ඇල්මක් දැක්වූවෝ වෙති. රාත්‍රී අහසේ පිහිටා ඇති තාරකාවන්ගෙන් පෙරී එන කාන්තිමත් ආලෝකයෙහි චමත්කාරය දුටු ඔවුහු ඒවා අධ්‍යයනය කිරීමෙහිලා යුහුසුළු වූහ. ඒ අනුව ඉතා ඉක්මනින් තාරකා විද්‍යාත්මක සොයා ගැනීම් රාශියක ගෞරවය හිමිකර ගැනීමට ඔවුන්ට හැකි විය. මේ නිසා වැදගත් තාරකා විද්‍යාත්මක සොයා ගැනීම් කළ රටවල් අතර තරමක් ඉහළින් වැජඹීමට ආදි චීන වැසියනට හැකිවිය.
ක්‍රිස්තු පූර්ව හාරදහසේදී පමණ සිදූ වූවා යැයි සැලකෙන සූර්යය ග්‍රහණ සහ චන්ද්‍ර ග්‍රහණ කිහිපයක්ම චීන ජාතිකයින් විසින් නිරීක්ෂණය කළ බව ඔවුන්ගේ පුරාණ ලේඛනවලින් හෙළි වේ. එකල චීන අධිරාජයා ලෙසට කටයුතු කළ “හොවැංග්ටයි” නමැත්තා තාරකා විද්‍යාවේ දියුණුවට කළ සේවය අති මහත්ය. ඔහු විසින් දින දර්ශනයෙහි පැවැති වැරදි කිහිපයක් නිවැරදි කිරීම සඳහා වඩාත් වැදගත් නිරීක්ෂණයන් කිහිපයක්ම සිදුකර ඇත. එකී නිරීක්ෂණයන් සඳහා අවශ්‍ය නිරීක්ෂණාගාරයක්ද ඔහු විසින් ඉදිකර තිබූ බවට ප්‍රමාණවත් සාක්ෂි ලැබි තිබේ. එදා පැවැති තාක්ෂණය හා සසඳන කල ඉතාමත්ම දියුණු මට්ටමේ පැවති මෙම නිරීක්ෂණාගාරයේ සිට චන්ද්‍රයා, සූර්යයා, ග්‍රහලෝක සහ තරුවල චලිතයන් ඉතාමත්ම නිවැරදිව ගණනය කළ බව සඳහන්ය. නිරීක්ෂණාගාරය තුළ මේ දක්වා වෙනම විද්‍යාඥ කණ්ඩායමක් යොදවා තිබිණ. අකාශ වස්තු වල ගමන් මග නිරීක්ෂණය කරමින් දින දර්ශනයෙහි නිවැරදි කිරීම් සඳහා අවශ්‍ය තොරතුරු සොයා යාම ඔවුන්ගේ ප්‍රධාන කාර්ය භාරය විය. ඒ අනුව සූර්යයා දින දර්ශනය සහ චන්ද්‍ර දින දර්ශනය යන දෙක සසඳමින් පුරා අවුරුදු දහනවයක් අඛණ්ඩව චන්ද්‍රයා නිරීක්ෂණය කළ යුතු බව ඔවුන්ගේ නිගමනය විය. එනම් නිවැරදි දින දර්ශනයක් නිර්මාණය කිරීමට සූර්යයාගේ සහ චන්ද්‍රයාගේ කක්ෂ එකිනෙක හා හමුවන ස්ථාන (ජේදනය) ලබාගත යුතු බව ඔවුන් දැන සිටියහ. මෙවැනි සිදුවීම් පළමු වරට හඳුනාගනු ලැබුවේ චීන ජාතිකයින් විසිනි.

එකල චීනය පාලනය කළ “හොවැංග්ටයි” අධිරාජයා අහසේ පිහිටි හිරු, සඳු සහ තරු පිළිබඳව වඩාත් උනන්දුවෙන් පසු වූවෙකි. ඔහුගේ පාලන කාලය තුළ කර ඇති තාරකා විද්‍යාත්මක සොයා ගැනීම්වල ප්‍රමාණයෙන් එය මනාව පැහැදිලිවේ. සූර්ය ග්‍රහණ සහ චන්ද්‍ර ග්‍රහණ සිදුවන කාල සීමාව පිළිබඳ අනාවැකි පළ කිරීම සඳහා වෙනමම කණ්ඩායමක් පත් කිරීමට “හොවැංග් ටයි” අධිරාජයා පියවර ගත්තේය. ඔවුන් විසින් පළ කළ කිසියම් අනාවැකියක් වැරදි වුවහොත් හෝ සිදුවූවක් පිළිබඳව කල්තියා දැනුම් නොදීමක් හෝ නිසා දැඩි දඬුවම් විඳීමට ඔවුනට සිදුවිය. ඇතැම් අවස්ථාවලදී එවැන්නවුන් සඳහා මරණීය දණ්ඩනය පවා ලබාදීමට කටයුතු යොදන ලදී. එකල සිදුවූ චන්ද්‍ර ග්‍රහණයක් කල්තියා හඳුනා නොගැනීම නිසා “හෝ” සහ “හයි” යන ගණිතඥයන් දෙදෙනා එලෙස මරණයට ගොදුරු විය. අහසේ සිදුවන දෑ පිළිබඳව අනාවැකි පළ නොකළ වරදට ඔවුන්ට මරණීය දණ්ඩනය ලබා දීමට තරම් “හොවැංග්ටයි” අධිරාජයා කෲර වූයේ ඔහු තාරකා විද්‍යාවට තිබූ දැඩි ඇල්ම නිසා බව සඳහන්ය.
ක්‍රිස්තු පූර්ව 2312 යුගයේදී චීනය පාලනය කළ “යාඹේ” නම් අධිරාජයාද තාරකා විද්‍යාව පිළිබඳව දැඩි සේ උනන්දු වූ අයෙකි. ඔහුගේ රාජ්‍ය සමයෙහි අහස ප්‍රධාන කැබලි විසි අටකට වෙන්කර ඒ සෑම කැබැල්ලකටම අයත් තරු පිළිබඳව සඳහන් කර ඇති බව පුරාණ ලේඛනවල සඳහන්ය.ක්‍රිස්තු පූර්ව 1100 යුගය වන විට වඩාත් නිවැරදි දින දර්ශනයක් සකසා ගැනීමට එකල චීනයේ විසූ බුද්ධිමතුන්ට හැකි විය. මෙය එක් වර්ෂයක් සඳහා අදාළ දින ගණන වඩාත් නිවැරදිව දැක්වූ ප්‍රථම අවස්ථාවයි. මීට අමතරව පෘථිවියේ ආනතිය ඉතාමත්ම නිවැරදිව ප්‍රකාශ කිරීමේ හැකියාව මොවුන් සතු විය.
චීනය තුළ සිදුකළ පුරාවිද්‍යාත්මක කැණීම්වලින් හමු වූ “ෂා වී” සහ “හාන් ෂූ” යන පුරාණ ලේඛනවලට අනුව ඔවුන් කලා ශිල්ප ඉගෙන ගෙන ඇත්තේ අහසේ සිට පැමිණි රන්වන් පැහැති ජීවීන් විශේෂයකිනි. එමෙන්ම මීට වසර දොළොස් දහසකට පමණ පෙර චීනයට පිටසක්වල යානා පැමිණ ඇති බව ක්‍රිස්තු වර්ෂ 1960 දී කළ පුරා විද්‍යාත්මක කැණීම්වලින් හමු වූ ශිලා රූප ගවේෂණය කිරීමෙන් හෙළි විය. කරායුලා ප්‍රදේශයෙහි ජීවත් වූ අතීත වැසියා පිළිබඳව කරන ලද හෝදිසි කිරීම්වලදී “රනීගුම්” නමැති ගෝත්‍රික ජනතාව විසින් ලියන ලද ලේඛනයක් හමු විය. ද්‍රේපා ගෝත්‍රික පිරිසක් ඔවුන්ගේ ලිස්සන වාහනවලින් අහසේ සිට පොළොවට පැමිණි බවත්, තමන් ගල්ගුහාවල සැඟවුණු බවත් අවසානයේදී ද්‍රේපා ගෝත්‍රිකයන්ගේ ඉඟි බස තේරුම් ගෙන ඔවුන් සාමකාමී අරමුණකින් පැමිණ ඇති බව අවබෝධ කර ගැනීමට හැකි වූ බවත් එම ලේඛනයෙහි සඳහන් විය. මීට අමතරව හිස විශාල, කෙට්ටු කහ පැහැති කුඩා ජීවීන් පිරිසක් අහසින් පැමිණි බව කියවෙන පුරාණ චීන ලේඛන බොහෝය. මේ පිළිබඳව පර්යේෂණය කළ විද්‍යාඥයින්ට මීට අවුරුදු දොළොස් දහසකට පමණ ඉහතදී සැකසූ සොහොන් කොත්වල තිබි එවැනි කුඩා ජීවීන් විශේෂයකගේ ඇටසැකිලි කිහිපයක් නිරීක්ෂණය කළ හැකිවිය. ඒ අනුව ඔවුන්ටද මෙම ඇටසැකිලි කාගේද යන්න පිළිබඳව ගැටලු මතුවිය. ඒ කෙසේ වෙතත් මේ සියලු තොරතුරුවලට අනුව පෙනී යන්නේ අතීත චීන වැසියා සතුව වෙනත් ග්‍රහලොවක පැවැති ජීවයක් පිළිබඳ අදහසක් තිබූ බවයි.
ඉන්දියානුවන්
ඈත අතීතයේ ලොව විසූ විවිධ ජාතීන් අතරින් ආකාශ වස්තු පිළිබඳව උනන්දුවක් දැක්වූ තවත් ජාතියකි ඉන්දියානුවන්. එහෙත් ඔවුන් තාරකා විද්‍යා ඉතිහාසය තුළ එතරම්ම කැපී පෙනෙන්නන් නොවේ. බැබිලෝනියානුවන් තරම්ම තාරකා විද්‍යාවට ඇල්මක් නොදැක්වුවද වැදගත් සොයා ගැනීම් රාශියක් සඳහා මොවුන් දායක විය. පෘථිවිය ගෝලාකාර වස්තුවක් බව මොවුන්ගේ නිගමනය විය. එමෙන්ම ඔවුන්ට අනුව පෘථිවි ගෝලය චලනය නොවන නිශ්චල වස්තුවක් වන අතර අනෙකුත් සියලුම ආකාශ වස්තු පෘථිවිය වටා කරකැවෙමින් පවතී.

ක්‍රිස්තු පූර්ව පස්වන සියවසෙහි ජීවත් වූ “ආරියබාතා” නමැති ඉන්දියානුවා තාරකා විද්‍යාව පිළිබඳ විවිධ මත පළ කළ අයෙකි. එකල පාටලී පුත්‍ර නමැති ග්‍රාමයේ ජීවත් වී ඇති මොහු විසින් ඉදිරිපත් කරන ලද අදහස් කැටි කොට කෘතියක් රචනා කොට තිබේ. ක්‍රිස්තු පූර්ව 628 යුගයේ ජීවත් වූ බ්‍රහ්ම ගුප්ත නමැත්තා විසින් එළි දක්වනු ලැබූ මෙම කෘතියෙහි සඳහන් ආකාරයට අහසෙහි පවතින තරු සවි වී ඇති ගෝලය නිශ්චලව පවතින අතර පෘථිවිය කරකැවේ. මෙම කරකැවීමේ ප්‍රතිඵලයක් ලෙස තරුවල පායා ඒම සහ බැස යාම අපට දිස්වේ. එදා තිබූ තාක්ෂණය අනුව ඉතාමත්ම ඉහළ ගණයේ සොයා ගැනීමක් වන මෙය පසුකාලීන තාරකා විද්‍යාවේ ඇති වූ දියුණුවට බොහෝ සෙයින් උපකාරී විය.