Showing posts with label විග්‍රහ. Show all posts
Showing posts with label විග්‍රහ. Show all posts

Dec 19, 2012

අරුම පුදුම ශාපලත් වස්තු




10-1ශාපලත් වස්තූන් ලෙස බොහෝවිට බියමුසු සැලකුම් ලබනුයේ පුරාණයට අයත්, කෞතුක වස්තු, ධාතු හා මෘත ශරීර අවශේෂයන් යනාදියයි. පෙනුමෙන් මේවා බොහෝ ආකර්ෂණීය ලෙස නෙත් සිත් වසඟ කරන ආකාරයෙන් ඉදිරිපත් වුණද, ඈත අතීතයේ පටන් ඒවා පසුබිම් කොට ගනිමින් සිදුවූ සිද්ධි සමුදායක් හේතුවෙන් ආකර්ෂණීය නිමාවකින් යුතු ඇතැම් වස්තු බොහෝමයක් ස්වභාවයෙන්ම ශාපලද ඒවා ලෙස හංවඩු ගැසී තිබේ. පෙනුමෙන් සුන්දරවූද එහෙත් බියකරු අවාසනාවන් කැටිකරගත් එබඳු ශාපලත් ලෝක ප්‍රකට වස්තු කීපයක් මින් ඉදිරිපත් කෙරෙයි.

මඕරිවරුන්ගේ වෙස් මුහුණු

නවසීලන්තයේ වෙසෙන ස්වදේශික ජන කොට්ඨාසයක් වන මඕරිවරුන්ගේ සිරිතක් වනුයේ යුද්ධයකට යාමට ප්‍රථමයෙන්, වෙස් මුහුණු හා ප්‍රතිමා කීපයක් නිර්මාණය කිරීමයි. මීට හේතුව වනුයේ යුද්ධයේදී මිය යන පුද්ගලයාගේ ආත්මය එකී වෙස්මුහුණු තුළ ලැගුම් ගන්නා බවට ඔවුන් තුළ වන විශ්වාසයයි. මෙබඳු වෙස්මුහුණු තුළ මියගිය පුද්ගලයාගේ ආත්මය සේම ශාපයක්ද ගැබ්ව ඇති බවට පැවත එන විශ්වාසය හේතුවෙන් ගර්භණී මව්වරුන් හට එබඳු දෑ ඇස ගැටීමෙන් වැළැක්වීමට පියවර ගෙන තිබේ. මෙම වෙස් මුහුණු පිළිබඳ ශාපය කෙතරම් දැඩි විශ්වාසයක් බවට පත්ව ඇත්ද යන්න හොඳින්ම පැහැදිලි වන්නේ, ඒ පිළිබඳ නරඹන්නන්ට අනතුරු ඇඟවීමක් දැක්වෙන පුවරුවක් බ්‍රිතාන්‍ය කෞතුකාගාරයකද ප්‍රදර්ශනය කිරීම නිසාවෙනි. මෙහි ශාපය ගර්භණී කාන්තාවන්ට පමණක් බලපෑම මෙහි ඇති විශේෂත්වයයි.

කොහිනුර් දියමන්තිය

මඕරිවරුන්ගේ වෙස්මුහුණු මගින් කාන්තාවන්ට අසුබ පල ගෙනෙන කල කොහිනුර් දියමන්තියේ ශාපය බලපානු ඇති බවට විශ්වාස කෙරෙනුයේ පුරුෂ පක්ෂය කෙරෙහිය. කාන්තාවන්ට වාසනාව ගෙනෙන කැරට් එකසිය දහනවයකින් යුතු අගනා කොහිනුර් දියමන්තිය එහි මුල් උරුමකරුවා ලෙස සැලකෙන ‘ක්‍රිෂ්ණා දෙවිඳුන්’ වෙතින් සොරා ගනු ලැබූ දින පටන් එහි අයිතියට හිමිකම් කියූ පුරුෂයන් හට අවාසනාව හා මරණයම කැන්දන ලද්දකි. ඉන්දියාවේ ‘ෂ ෂා සුරි’ නැමැති අධිරාජ්‍යයාත්, ඔහුගේ මරණයෙන් පසු දියමන්තියට හිමිකම් කියූ ඔහුගේ පුත් ‘ජලාල් කාන්ද’ එසේ කොහිනුර් ශාපයට ගොදුරු වූ දැවැන්ත පුද්ගලයෝය.

ටෙරා කොටා හමුදාව

1974 දී චීන ජාතික ගොවියන් හත් දෙනෙකුගේ කණ්ඩායමක් විසින් භූගත කැණීමක් හරහා සොයාගනු ලැබූ මෙම සෙබළ ප්‍රතිමා ගොන්න ජාතියට වාසනාව ගෙනාවද එය සොයාගත් ගොවියන්හට මරණයත් අවාසනාවත් ගෙනා කෞතුක වස්තුවක් ලෙස ප්‍රකටය. සොයා ගැනීමෙන් දශක කීපයක් ඇතුළතදීම ගොවීන් තිදෙනෙකු මිය ගිය අතර, සෙසු සිව් දෙනාද රෝග පීඩා හා ණය අර්බුදයන්ගෙන් ගහණ ජීවිතයක් ගෙවනු ලදුව අවසානයේදී දුකසේ මරු වැළඳ ගත්තෝය.

හඬන දරුවාගේ සිතුවම

බ්‍රිතාන්‍යයේ බොහෝ  නිවෙස්වල බිත්ති මත එල්බ තිබෙනු දැකිය හැකි හඬන දරුවෙකුගේ රුව දැක්වෙන මෙම සිතුවම ශාප ලද්දක් බවට රාවයක් පැතිර යන ලද්දේ 1980 දශකය ආරම්භයේදී සිතුවම  ප්‍රදර්ශනය කෙරුනු බොහෝ නිවෙස් පැහැදිලි කළ නොහැකි ගිනි ගැනීම්වලට බඳුන්වූ හෙයිනි. මෙහි ඇති පුදුමය වනුයේ චිත්‍රය හැර, ඒ වටා වූ නිවසේ සෙසු බඩු බාහිරාදිය සියල්ල ගිනිබත් වුවද ඒ හැම විටකදීම සිතුවමට අල්ප මාත්‍ර හෝ  හානියක් සිදුව නොතිබිමයි. මේ හේතුව නිසා බොහෝ දෙනෙකු අතර විශ්වාසයක් පැතිර ගියේ, සිතුවම එල්වා තැබිම යනු එකී නිවෙස් ගිනි ගැනීමට කෙරෙන ආරාධනයක් ලෙසයි.

දිල්ලි දම් පැහැති ඉන්ද්‍රනීලය

දම් ඉන්ද්‍රනීලයේ සැඟවුණු ශාපය පිළිබඳ පුවත කරළියට පැමිණියේ ලන්ඩන් නුවර වූ කෞතුකාගාරයක පාලකයකු විසින් එහි ශාපය දැක්වෙන ලිඛිත සටහනක්ද සමග මාණික්‍යය සොයාගැනීමත් සමගය. 1800 වසරේ මැද භාගයේදී පමණ ඉන්දියානු පන්සලකින් සොරාගනු ලැබූ මාණික්‍ය එහි හිමිකරුවා වෙත හැමවිටම ගෙනෙන ලද්දේ මූල්‍ය අර්බුද හා රෝග පීඩාවන්ය. ‘එඩ්වඩ් හෙලන් ඇලන්’ නැමැති ‍ලේඛකයාටද කලකදී එහි හිමිකරුවා 10-2වීමේ අවාසනාවට පංගුකාරයෙකු වීමට සිදුවූ අතර ඒ හේතුවෙන් ඔහුට විඳින්නට සිදුවූ කරදර නිමක් නොවීය. දුක් පීඩා දරාගත නොහී අවසානයේදී ඔහු එය කාණු පල්ලකට වීසි කර දැම්මද, යළිත් එය එඩ්වඩ් කරාම පැමිණියේ පුදුමාකාර ලෙසය. අවසානයේදී ඔහු එය කෞතුකාගාරයකට යැවීමට කටයුතු කරන ලද්දේ තමාගේ මරණයෙන් තෙවසරක් ගතවන තුරු එය ඇල්ලීමට හෝ තහනම් කෙරෙන උපදෙස්ද සමගය.

හෝප් දියමන්තිය

දැනට ස්මිත්සෝනියන් කෞතුකාගාරයේ තැන්පත් කොට ඇති මෙයද ශාප ලද්දක් ලෙස ප්‍රචලිතව ඇත්තේ එහි හිමිකරුවන් සියල්ලන් හට එමගින් අවාසනාව කැන්දූ බැවිනි. පූජකයෙකු විසින් සොරාගනු ලැබූ දියමන්තිය පසු කලෙක ප්‍රංශ ජාතික මැණික් වෙළෙන්දෙකු වූ ‘ෂෝන් බැබ්ටිස්මේ ටෙෆර්නියර්’ ගේ සන්තකයට පත් වූ අතර ඔහුට මරණය වැළඳ ගැනීමට සිදු වූයේ වියරු සුනඛ කණ්ඩායමක, අනපේක්ෂිත ප්‍රහාරයකට ගොදුරු වීමෙනි. මීට පසුව එහි උරුමයට හිමිකම් කියූවන්ටද සිදු වූයේ අවාසනාවන්ත ලෙස මරු තුරුලට යෑමට බැව් කියැවේ.

උලුරු පර්වතය

වසරකට දහස් ගණනක් වූ සංචාරක පිරිසකගේ ආකර්ෂණය දිනා ගන්නා උලුරු පර්වතය පිහිටියේ ඕස්ට්‍රේලියාවේ සිටි ස්වදේශිකයන් වන ‘ඇබෝරජින්වරුන්’ විසින් ශුද්ධ වූ භූමියක් ලෙස සැලකූ ප්‍රදේශයකය. පර්වතයේ වන චිත්තාකර්ෂණීය බව නිසාම බොහෝ සංචාරකයෝ නීතියට පටහැනි ලෙස පර්වතයෙන් ගලවා ගත් කුඩා ගල් කැබලි තම රටට ගෙන යනුයේ අනගි සංචාරයේ සිහිවටනයක් ලෙසය. එසේ වුවද, ඒ සියල්ලන් හටම යළිත් එබඳු සිහිවටන ආපසු ඕස්ට්‍රේලියාව වෙත ගුවන් මගින් එවීමට සිදුවන්නේ ඔවුන්ට අත්විඳීමට සිදුවන අභාග්‍ය සම්පන්න සිදුවීම් නිසාය.

ප්‍රියන්ති රුද්‍රිගු

Dec 16, 2012

පිටින් ආවේ අපිද ? නැත්තම් උන්ද ??





1. මෙරටට පැමිණි මුස්ලිම් හා දෙමළ ජනයා අදත් එම ගෝත්‍රය ලෙසම පෙනී සිටී. එහෙත් මෙරටට පැමිණි අර්ධ වෛදික, සහ මෙරට සිටි අනෙක් ජන වර්ග මිශ්‍රවී අවසානයේ සිංහල නම් වෙනත් ජාතියක් බවට පත් විය. අපට දැන් එම ගෝත්‍ර වෙන වෙනම දැකිය නොහැක. එනම් සිංහලය මේ දෙරණේ ම ජනිත වූ ජාතියයි.

2.
මුස්ලිම් හා දෙමළ ජාතින් දකුණු ඉන්දියාව ඇතුළු රටවල සිටියද සිංහලයන් ඒ රටවල නැත. එනම් සිංහලය මේ දෙරණේ ම ජනිත වූ ජාතියයි.

3.
මුස්ලිම්, දේමළ ජාතින් විසින් සමරන රාමදාන්, දීපවාලි යන උත්සව සහ සිරිත් විරිත් ආදීය ලෝකයටම පොදුය. එහෙත්වෙසක් දන්සල්, සිංහල අවුරුද්ද, විවාහ හා බැඳුනු සිරිත් විරිත් සහ අනෙක් සියලු සංස්කෘතිකාංග මිහිපිට කිසිම තැනක නැත. එනම් සිංහලය මේ දෙරණේ ම ජනිත වූ ජාතියයි.

4.
මුස්ලිම් හා දෙමළ ජනයා තවමත් තමන් පැමිණි දකුණු ඉන්දීය දෙමළ බස වහරති (අති බහුතර මුස්ලිම් ජනයා දකුණු ඉන්දියාවෙන් වෙළඳාමට පැමිණි අයයි). එහෙත් සිංහල භාෂාව මිහිපිට කිසිම තැනක නැත. එනම් සිංහලය මේ දෙරණේ ම ජනිත වූ ජාතියයි.

5.
මුස්ලිම් කබාය සහ තොප්පි ඇතුළු ඔවුන්ගේ විශේෂිත ඇඳුම් සියලු මුස්ලිම් රටවලට පොදුය. දෙමල ඇඳුම් දකුණු ඉන්දියාවේ ද ඇත. එහෙත් සිංහල විශේෂිත ඇඳුම් වන මුල් ඇඳුම් ඔසරිය මිහිපිට කිසිම තැනක නැත. එනම් සිංහලය මේ දෙරණේ ම ජනිත වූ ජාතියයි.

6.
මුස්ලිම් අයට ඇති විශේෂ රාමදාන් කඳ, මස් මාංශ, රට ඉඳි සහ වෙනත් බොහෝ දේවල් වෙනත් රටවල ඇත. දෙමළ අයගේ රසකැවිලි සියල්ලම දකුණු ඉන්දියාවේ ඇත. එහෙත් කැවුම්, කොකිස්, මාළු ඇඹුල් තියල, කිරිබත සහ බොහෝ දේ මිහිපිට කිසිම තැනක නැත. එනම් සිංහලය මේ දෙරණේ ම ජනිත වූ ජාතියයි.

7.
මෙරටට අනන්‍ය ඉපැරණි මුස්ලිම් දෙමළ සාහිත්‍යක් මෙරට නැත. එහෙත් වසර දහස් ගණනක් පැරණි සාහිත්‍ය පොත් පත් , මහාවංශය, දීප වංශය , ජාතක පොත් වහන්සේ අපිටම අනන්‍ය වෙයි. එනම් සිංහලය මේ දෙරණේ ම ජනිත වූ ජාතියයි.

8.
මුස්ලිම් අයගේ හලාල් මුල් වූ වෙළඳාම්හා දෙමළ අයගේ කෘෂි කර්මය මුල් වූ ආර්ථික රටාව දකුණු ඉන්දියාවට සහ වෙනත් මුස්ලිම් රටවලට පොදු වෙයි. එහෙත් වැව හා බැඳුනු වැවයි දාගැබයි ගමයි පන්සලයි යන සංස්කෘතිය මිහිපිට කිසිම තැනක නැත. එනම් සිංහලය මේ දෙරණේ ම ජනිත වූ ජාතියයි.

9.
මුස්ලිම් ගෘහ නිර්මාණ අරබියේත් දෙමළ නිර්මාණ දකුණු ඉන්දියාවේත් ස්වරූපය ගනී. මේ ජාති දෙක තමන්ගේ යයි කියන කිසිවක් මෙරට නිර්මාණය කර නැත. එලෙසම මෙරට තිබෙන ඉපැරණි ගෘහ නිර්මාණ හා වෙහෙර විහාර සියල්ලම නිර්මාණය කලේ සිංහලයන් පමණි. ඉන් සීගිරිය, ඉසුරුමුණි සඳකඩ පහණ ආදී අති බහුතර නිර්මාණ මෙරටට ආවේණික වෙයි. එනම් සිංහලය මේ දෙරණේ ම ජනිත වූ දෙරණේ උරුමක්කාර ජාතියයි.

10.
නවසීලන්ත, ඇමෙරිකානු , අප්‍රිකානු සවදෙශිකයන් ආක්‍රමණය කල සුද්දන් මෙන් කාලිංග මාඝ ඇතුළු බොහෝ දෙමලු මෙරට ආක්‍රමණය කරීමට යෙදුනත් කිසිවෙක් සාර්ථක උනේ නැහැ. සුද්දන් යම් පමණකට සාර්ථක ඔවුන් අනෙක් රටවල් වලට කල දේවල් බලද්දී අපි තවමත් සංස්කෘතිය ආරක්ෂා කරගෙන සිටිමු. එසේම සහ බංගලා දේශ, ඉන්දුනීසියානු, තායිලන්ත, මාලදිවයින්, ඉන්දියානු, ඉරාන, මියන්මාර ආදී තවත් බොහෝ රටවල මුස්ලිම් ආක්‍රමණ කර ඇත. ඒ රටවල් සම්පුර්ණයෙන් මුස්ලිම් වන්නට පෙර පැවති ලක්ෂණ පෙන්වමින් අපේ රටේ මුස්ලිම් වරුන් පන්සල් ඩෝසර් කරමින් පුරාවස්තු කොල්ලකමින් අර්ධ ආගමික සංහාරයක්ද සිංහල ව්‍යාපාරිකයන් අඩපණ කරමින් ආර්ථික සංහාරයක්ද කරගෙන යනු ලබයි. එහෙත් අන් රටවල් වලට කර ගත නොහැකි වුවද ආක්‍රමණ කාරී සතුරන් හඳුනන සිංහල වැනි අනන්‍ය ජාතියක් හමුවේ ඔවුන්ගේ උත්සාහය කිසිදිනෙක සාර්ථක වන්නේ නැත.

ඉහත සියළුම ලක්ෂණ හා කාරණා ගෙනහැර පෑවේ සිංහලයා මෙරට ජනිත වූ මෙරටට අනන්‍ය වූ සිංහල පොලව අයිති ජාතිය බවත් අන් සියල්ලන් හුදු ආක්‍රමණනික හා සංක්‍රමණික කොටසක් බව පෙන්වීමටයි.

අප පුද්ගල සමානාත්මතාවයට විරුද්ධ නොවෙමු. රැකියාවක් ලබා දීම වැනි කරුණකදී හෝ වෙනත් එවැනි එදිනෙදා කටයුතු වලදී පුද්ගල සුදුසු කම් අනුව අවස්ථාව ලබා දීමට අප විරුද්ධ නොවෙමු. එහෙත් ඇමෙරිකාවේ ක්‍රිස්තියානි සංස්කෘතික ආධිපත්‍යද, ප්‍රංශය ඇතුළු රටවල කතෝලික සංස්කෘතික අධිපත්‍යද, සියලුම මුස්ලිම් රටවල අන් ආගම් විනාශ කර දැමූ මුස්ලිම් සංස්කෘතික අධිපත්‍යද ඇති බව අපි සියැසින් දකිමු. එසේ දකිද්දී සිංහල බෞද්ධ විරෝධිකයන්ගේ සිහින සැබෑ කරමින් මෙරට සියලුම සංස්කෘතීන්ට එක සමාන අයිතීන් දෙමින් ලෝකයේ කොහෙවත් නැති දෙයක් කීරීමට අප ඉඩ නොදෙමු. කොටින්ම මුස්ලිම් වරයාට සෞදියේ ඇති තත්වය ලංකාවේ සිංහලයාට ඇතිකළ යුතුය.

සිංහලයා මෙරටට අනන්‍ය විශේෂිත ජාතිය හා මෙරට ප්‍රධාන සංස්කෘතිය සිංහල බෞද්ධ සංස්කෘතිය බව අප න්‍යායාත්මකව ඔප්පු කලෙමු. සිංහල සංස්කෘතික ආධිපත්‍ය පිලි නොගන්නා පඬියන්ට හා අන් ජාතීන්ට තමන්ගේ පාඩුවේ තම ආගම අදහාගෙන ඉන්නට අකමැති නම් ඇත්තේ එකම විකල්පයකි. එනම් තම මිත්‍යාදෘෂ්ටික ආගම් අතහැර සිංහල බෞද්ධ සංස්කෘතියට එකතු වීමයි.

කැලුම් ගමගේ
http://www.facebook.com/photo.php?fbid=10151213003308922&set=a.10151111123908922.458889.772483921&type=1&theater

Dec 15, 2012

මනසේ පැවැත්ම



සිත මිස කය නැති බඹුන් ගේ මනස්‌ අපට සාපේක්‍ෂව වියුක්‌ත සංකල්ප හෙවත් පඤ්ඤත්ති යෑයි අපි කීවෙමු. ඒ බඹුන් ගේ මනස්‌ හෝ මනසක්‌ හෝ අපට සිතෙන් මවාගත නො හැකි ය. අපට බඹුන් ගේ මනස්‌ තබා ඔවුන් ගේ සිත් වුව ද මනසට වත් ගෝචර නො වේ. එබැවින් බඹුන් ගේ සිත් ද අපට සිතෙන් මවාගැනීමට නො හැකි ය. එසේ ගත් කල බඹුන් ගේ සිත් ද අපට වියුක්‌ත සංකල්පයක්‌ පමණකි.

එහෙත් ඒ බඹුන්ට තම මනස්‌ ගැන කිව හැක්‌කේ කුමක්‌ ද? එමෙන් ම අපට අපේ මනස්‌ ගැන කිව හැක්‌කේ කුමක්‌ ද? අප මනස යනුවෙන් අදහස්‌ කරන්නේ සිත් පරම්පරාවකි. එය ඉන්ද්‍රියයක්‌ ලෙස ද සැලකෙයි. මට මගේ සිත් පිළිබඳ හැඟීමක්‌ වෙයි. මට දිගින් දිගට ම සිත් පහළ වන බව මගේ සිත දනියි. එහෙත් මට අනෙකකු ගේ සිත් දැනගැනීමට නො හැකි ය. පරචිත්ත විජානන ඥානය ලැබූවකුට අනෙකකු ගේ සිත් දැනගැනීමට හැකි වුව ද ඒ ඥානය නො ලැබූවකුට අනෙකකු ගේ සිත් දැනගැනීමට නො හැකි ය. ඉන් කියෑවෙන්නේ අනෙකකු ගේ සිත් යන්න පරචිත්ත විජානන ඥානය නො ලැබූවකුට වියුක්‌ත සංකල්පයක්‌ බව ය.

පරචිත්ත විජානනය ලැබූවකුට අනෙකකු ගේ සිත් ගැන කිව හැක්‌කේ කුමක්‌ ද? එවැනි අයකුට තම සිතෙන්, එනම් සිත් පරම්පරාවකින් අනෙක්‌ අයකු ගේ සිත් දැනගත හැකි ය. එනම් පරචිත්ත විජානන ඥානය ලැබූ අයකු ගේ සිතට අනෙක්‌ අය ගේ සිත් ගෝචර වෙයි. එයින් කියෑවෙන්නේ පරචිත්ත විජානන ඥානය ලැබූ අයකුට අනෙක්‌ අය ගේ සිත් චෛතසික සංකල්පයක්‌ වන බව ය.

පරචිත්ත විජානන ඥානය නො ලැබූවකුට අනෙක්‌ අයකු ගේ සිත් වියුක්‌ත සංකල්පයක්‌ වුවත් තම සිත චෛතසික සංකල්පයක්‌ වෙයි. ඒ තමා ගේ සිතට තම සිත ගෝචර වන බැවිනි. කිසිවකුට තම සිත සංයුක්‌ත සංකල්පයක්‌ නො වන්නේ ඔහුට තම සිත තම සිතට ගෝචර කර ගැනීමේ දී මනස හැරෙන්නට වෙනත් ඉන්ද්‍රියයක්‌ යොදා නො ගන්නා බැවිනි. එලෙස ම දිව්‍ය තිරිසන් අමනුෂ්‍ය භවවල උපත ලැබූවන්ටත් ඒ ඒ අය ගේ සිත් චෛතසික සංකල්ප වනු ඇත.

කය ඇති බ්‍රහ්ම ලෝකවල ද තත්ත්වය එබඳු ම වෙයි. එහි ද බ්‍රහ්මයන්ට තම සිත් චෛතසික සංකල්ප වෙයි. එහෙත් මේ වර්ගීකරණය කය නැති බඹලොවට අදාළ නො වන බව පැහැදිලි විය යුතු ය. එහෙත් කය නැති බඹලොව බඹුන් ගේ සංකල්ප ගැන කිව හැක්‌කේ කුමක්‌ ද? කය නැති බඹලොවෙහි සංකල්ප අතර සංයුක්‌ත සංකල්ප නැති බව පැහැදිලි විය යුතු ය. අපේ වර්ගීකරණය අනුව යම් සත්ත්වයකුට සංයුක්‌ත සංකල්පයක්‌ ඇති වන්නේ මනස හා අනෙක්‌ ඉන්ද්‍රියයන් ගෙන් එකක්‌ හෝ වැඩි සංඛ්‍යාවක්‌ හෝ එකතු වීමෙනි.

එහෙත් කය නැති බඹලොව බඹුන්ට වෙනත් ඉන්ද්‍රියයන් නැති බව පැහැදිලි ය. මෙය මගේ ප්‍රත්‍යක්‍ෂයක්‌ නො වන බව අමුතුවෙන් කිව යුතු නො වේ. කය නැති බඹලොව ගැන දේශනා කර ඇත්තේ බුදුන් වහන්සේ ඇතුළු මගේ විඤ්ඤුන් වහන්සේ ය. මම එවැනි බඹලොවක්‌ ඇති බව පිළිගනිමි. කය නැත්නම් වෙනත් ඉන්ද්‍රිය නැති බව දැනට මගේ පිළිගැනීම ය. මෙහි දී මා නිවැරැදි නො විය හැකි ය. මා කරන්නේ ඉන්ද්‍රිය පිළිබඳ අපේ දැනුම, එනම් අප විසින් නිර්මාණය කෙරී ඇති දැනුම, සිත මිස කය නැති බඹලොව බඹුන් සඳහා යොදා ගැනීම ය.

සූත්‍ර පිටකයෙහි මේ සම්බන්ධ වෙනත් යමක්‌ කියෑවී ඇත්නම් එය පිළිගැනීමට මම සූදානමෙන් සිටිමි. එහෙත් දැනට සිත මිස කය නැති බඹලොව බඹුන්ට මනෙන්ද්‍රිය හැරෙන්නට වෙනත් ඉන්ද්‍රියයක්‌ නැතැයි මම උපකල්පනය කරමි. පඬිවරයකු යම් අයකු ලියා ඇති අභිධර්ම ග්‍රන්ථයකින් එයට විරුද්ධව කරුණු ඉදිරිපත් කළ හොත් මම එය විමසා බලමි. එසේ විමසා බැලීමෙන් පසුව ඒ ඉදිරිපත් කෙරෙන කරුණු සූත්‍ර පිටකය සමග එකඟ වන්නේ නම් පමණක්‌ එය පිළිගනිමි. එසේ නොමැති ව අදාළ අභිධර්ම ග්‍රන්ථය රචනා කළ තැනැන්තා බුද්ධකාලයෙන් පසුකාලීන අයකු නම් ඒ තැනැත්තා මාර්ගඵල ලාභීද නැද්ද යන්න මත පදනම් වී මම නිගමනවලට නො එළඹෙමි.

ඇතැම් විට මනුෂ්‍යයන්ට හා දෙවියන්ට ද මේ සංකල්ප වර්ගීකරණය වලංගු නො වනවා විය හැකි ය. මනුෂ්‍යයන්ට හා තිරිසනුන්ට මෙන් නො ව ඔවුන් ගේ සිරුරුවල පඨවි ධාතුව අඩු යෑයි ගැනීමට සිදු වෙයි. සාමාන්‍ය මනුෂ්‍යයන්ට අමනුෂ්‍යයන් හා දෙවියන් නො පෙනෙන්නේ ද එබැවින් යෑයි සිතිය හැකි ය. ඇතැම් විට ඇතැම් තිරිසනුන්ට මේ පඨවි අඩු සිරුරු යම් ආකාරයකට ගෝචර වනවා විය හැකි ය. සූත්‍ර පිටකය ඔස්‌සේ ඒ පිළිබඳ කරුණු විමසීමකට අවස්‌ථාව ඇත. දෙවියන් ගේ හෝ අමනුෂ්‍යයන් ගේ හෝ පඨවි අඩු සිරුරුවල ඉන්ද්‍රිය හා අවයව ක්‍රියා කරන්නේ කෙසේ ද යන්න සූත්‍ර පිටකය ඇසුරෙන් දැනගත යුතු ය. එසේත් නැත්නම් සිත දියුණු කර ඒ දැනුම ප්‍රත්‍යක්‍ෂයෙන් ම ලබාගැනීමට උත්සාහ කළ යුතු ය.

ඒ කෙසේ වෙතත් අපි විශේෂයෙන් ම මිනිසුන්ට සාපේක්‍ෂව සංයුක්‌ත, චෛතසික හා වියුක්‌ත සංකල්ප යන වර්ගීකරණය ආශ්‍රිත ව සංකල්ප පිළිබඳ දැනුම නිර්මාණය කරමු. එහෙත් එයින් කියෑවෙන්නේ අපේ ප්‍රවාද ඒ වර්ගීකරණය මත හා මත ම පමණක්‌ පදනම් වන බව නො වේ. මිනිසුන්ට සාපේක්‍ෂව තම තමන් ගේ මනස චෛතසික සංකල්පයක්‌ ලෙස ද අනෙක්‌ අය ගේ මනස වියුක්‌ත සංකල්පයක්‌ ලෙස ද ඇතැයි අපි සලකමු.

අනෙක්‌ අය ගේ මනස්‌ ද තමන් ගේ මනස මෙන් ම චෛතසික සංකල්පයක්‌ නො වන්නේ දැයි කිසිවකුට ඇසිය හැකි ය. එහෙත් එහි දී අපට සංකල්පයකින් ඔබ්බට යැමට සිදු වෙයි. අනෙක්‌ මිනිසුන්ට මනස්‌ ඇති බව අප දකින්නේ කෙසේ ද? එක්‌කෝ ඒ බව අපේ විඤ්Cදුන් වහන්සේ විසින් දේශනා කරනු ලැබී අපි ඒ බව පිළිගනිමු. එය, එනම් අනෙක්‌ මිනිසුන්ට මනස්‌ ඇති බව, සාමාන්‍ය මිනිසුන් ගේ මනසට ගෝචර නො වේ. එය පැණවීමක්‌ වෙයි. එනම් පඤ්ඤත්තියක්‌ වෙයි.

එසේත් නැත්නම් අපට, එනම් සාමාන්‍ය මිනිසුන්ට, අනෙක්‌ මිනිසුන්ට මනස්‌ ඇති බව එක්‌කෝ උපකල්පනය කිරීමට සිදු වෙයි. නැත්නම් උද්ගමනය කිරීමට සිදු වෙයි. එසේත් නැත හොත් තර්කයෙන් අනුමාන කිරීමට සිදු වෙයි. ඔහු මිනිසෙකි. මම ද මිනිසෙක්‌මි. මට මනසක්‌ ඇත. ඔහු ද මිනිසකු බැවින් ඔහු ද මා වැනි විය යුතු ය. එබැවින් ඔහුට ද මනසක්‌ තිබිය යුතු ය. එය තර්කයෙන්, මෙහි දී පැරැණි භාරතීය තර්කයෙන් ලබාගත් ප්‍රතිඵලයක්‌, අනුමානයක්‌ (inference) වෙයි. එවිට අනෙක්‌ මිනිසුන්ට ද මනස්‌ ඇති බව අනුමානයක්‌ මිස සංකල්පයක්‌ නො වේ. ඉහත සඳහන් අනුමානය ඇරිස්‌ටෝටලීය සංවාක්‍යයෙන් (syllogism) වෙනස්‌ වන බව අවධාරණය කළ යුතු ය.

ඇරිස්‌ටෝටලීය සංවාක්‍යයෙහි නිගමනවලට එළඹෙන්නේ එසේ නො වේ. එහි තර්කය මෙසේ ය. සියලු මිනිසුන්ට මනස්‌ ඇත. අසවලා මිනිසෙකි. එබැවින් අසවලාට මනසක්‌ ඇත. මේ නිගමනයක්‌ ලෙස හැඳින්වුව ද ඒ එසේ නො වේ. මුළු තර්කය ම පදනම් වන්නේ සියලු මිනිසුන්ට මනස්‌ ඇත යන්න මත ය. සියලු මිනිසුන්ට මනස්‌ ඇත යන්න උද්ගමනයෙන් ලබාගන්නකි. එය සියලු කපුටෝ කළුපාට වෙති යන්න වැනි උද්ගමනයකි.

එහෙත් මේ කිසිවකින් මනස යනුවෙන් කිසිවක්‌ මනසින් ස්‌වායක්‌ත ව පවතින බවක්‌ නො කියෑවෙයි. පුටුවක්‌ මේසයක්‌ මගේ මනසික්‌ ස්‌වායත්ත ව නො පවතියි. මගෙන් ස්‌වායත්තව බල්ලකු බළලකු නැත. බල්ලා ද පුටුව ද යනු හුදු සංජානන නො වේ. ඒ සංකල්ප සමග බැඳී ඇත. සංකල්ප ඇත්තේ මනසෙහි ය. සංකල්ප නොමැති ව අපට නිරීක්‍ෂකයන් ලෙස කිසිවක්‌ නැත. අපට ඇත්තේ සංකල්ප හා ඒ මත පදනම් වූ ප්‍රවාද ය, අනුමාන ය. එයට වඩා යමක්‌ නැත. ඒ ලෝකය සංකල්පීය ලෝකයකි. එය මගේ ලෝකය වෙයි. සංකල්පීය ලෝකයක්‌ ලෙස එය ශුන්‍ය වෙයි.

පුටුවක්‌, මේසයක්‌, බල්ලකු, බළලකු මනසෙන් තොර ව මනසෙන් ස්‌වායත්ත ව නො පවතී නම් මනස මනසෙන් තොර ව පවතින්නේ කෙසේ ද? මනස බාහිර ව තිබී එය පුටුව හා මේසය යන සංකල්ප තනන මනසට ගෝචර වන්නේ ද? එවිට මනස්‌ දෙකක්‌ ගැන මනස්‌ගාතයක්‌ කීමට සිදු වනවා පමණක්‌ නො ව සංකල්ප තනන මනස හා වෙනත් මනසක්‌ ගැන කීමට ද සිදු වෙයි. අනෙක්‌ සංකල්ප මෙන් ම මනස ද මනසට සාපේක්‍ෂ වෙයි.

දැන් ප්‍රශ්නය වනුයේ මනස මනසට සාපේක්‍ෂ වන්නේ කෙසේ ද යන්න ය. එය තේරුම් ගැනීමට හුදු සංකල්පයකින් නො හැකි ය. ඒ සඳහා ප්‍රවාදයක්‌ නිර්මාණය කළ යුතු ය. සිංහල බෞද්ධ මනස යනුවෙන් කලකට පෙර "දිවයින" පුවත්පතෙහි පළ වූ ලිපියෙන් කෙරුණේ ඒ ප්‍රවාදය නිර්මාණය කිරීම ය. එය නැවත විස්‌තර කිරීම මගේ අරමුණ නො වෙයි. මෙහි දී මට කීමට ඇත්තේ මනස යන්න නිර්මාණය කෙරෙන ක්‍රියාවලිය ම මනස බව ය.

කාලය යනු පඤ්ඤත්තියක්‌ පමණක්‌ බව අපි බොහෝ අවස්‌ථාවල කියා ඇත්තෙමු. එයින් කියෑවෙන්නේ එය මනසට වත් ගෝචර නො වන වියුක්‌ත සංකල්පයක්‌ බව ය. කාලය යන්න සිතෙන් මවාගත හැකි පෘථග්ජන මිනිසකු නැත. කාලය යන්න මනසට ගෝචර නො වේ. එහෙත් මනස මනසට ගෝචර වෙයි. එපමණක්‌ නො ව මනස තනනු ලබන්නේ ද, නිර්මාණය කරනු ලබන්නේ ද මනස විසින් ම ය.

මනසට ගෝචර නො වන කාලයෙහි ක්‍ෂණයක්‌ යනු කුමක්‌ ද? ක්‍ෂණයක්‌ යන්න අර්ථදක්‌වන්නේ කෙසේ ද? කාලය මෙන් ම එහි අත්‍යණුක කොටසක්‌, ඉතා කුඩා කොටසක්‌ ලෙස සැලකෙන ක්‍ෂණය ද සිතෙන් මවාගත හැකි නො වේ. ඇතැම්හු සිතක්‌ පවතින කාලය අනුව ක්‍ෂණය තේරුම් ගැනීමට උත්සාහ ගනිති. එහෙත් සිතක්‌ පවතින කාලය කුමක්‌ ද? සිත් පරම්පරාවක්‌ යන්නෙන් අදහස්‌ කෙරෙන්නේ කුමක්‌ ද? එක්‌ සිතක්‌ ඊළඟ සිතෙන් වෙනස්‌ වන්නේ කෙසේ ද? මේ පිළිබඳ ව අනුමාන කිරීම වැරැදි යෑයි කිසිවකු කීමට ඉඩ ඇත. එසේ වුවත් මනස පවතින්නේ ද යන ප්‍රශ්නයට පිළිතුරු දීමේ දී මේ සියල්ල වැදගත් වෙයි.

මනස ක්‍ෂණයකට වත් නිරීක්‍ෂකයා ගෙන් ස්‌වායත්ත ව පවතින්නේ නම් මනස ඒ ක්‍ෂණයෙන් පසු නැති වී වෙනත් මනසක්‌ ඇති විය යුතු ය. කෙසේ වෙතත් එහි දී ක්‍ෂණයක්‌ වත් තිබූ මනසක්‌ නැති වෙයි. මෙය උච්ඡේදවාදය වෙයි. ඇති ව තිබූ යමක්‌ නැති වීම උච්ඡෙදවාදය මින අනෙකක්‌ නො වෙයි. අනෙක්‌ අතට දිගින් දිගට ම මනස පවතින්නේ නම් එනම් මනස යනුවෙන් යමක්‌ නිරීක්‍ෂකයා ගෙන් ස්‌වායත්ත ව දිගින් දිගට ම පවතින්නේ නම් එයින් කියෑවෙන්නේ ශාස්‌වතවාදයයි. මනස ක්‍ෂණයකට පවතින්නේ යෑයි ගත්ත ද, දිගින් දිගට ම පවතින්නේ යෑයි ගත්ත ද අපි එක්‌කෝ උච්ඡෙදවාදයට එසේත් නැත්නම් ශාස්‌වතවාදයට හසු වන්නෙමු. බුදුන් වහන්සේ දේශනා කර ඇත්තේ ඒ වාද දෙක ම බැහැර කිරීමට ය.


නලින් ද සිල්වා