වසර හාරසියයක දිගු ඉතිහාසයක් හිමි රුසියාවේ බුදු දහම පිළිබඳ කතිකාවත ඇරඹෙනුයේ දාහත්වන සියවසේදී මුල් භාගයේදී රුසියානු අධිරාජ්‍යයේ බල ප්‍රදේශයට මුලින්ම සංක්‍රමණය වූ ‘කැල්මයික්’ ජන කොට්ඨාසයෙනි. විසිවන ශතවර්ෂයේ අගභාගයට පෙරදී රුසියාවේ විසූ එකසිය පනහක් වූ ජාතීන් අතුරෙන් නිල වශයෙන් බෞද්ධාගමිකයන් ලෙස සැලකුම් ලබන ලද්දේ ‘කැල්මයික්වරු’ බුර්යට්වරු හා තුවාවරු යන ජන කොට්ඨාස තුන පමණකි.
මින් පළමු රුසියානු බෞද්ධ ජනකොට්ඨාසය ලෙස සැලකුම් ලබන කැල්මයික්වරු බටහිර මොංගෝලියාවේ සිට රුසියානු අධිරාජ්‍යයට අයත් බල ප්‍රදේශයක් වන වොල්ගා කලාපයට සංක්‍රමණය වී ඇති අතර අද එකී බලප්‍රදේශය කැල්මයික්යා ජනරජය ලෙස හඳුන්වනු ලැබේ. රුසියාවේ පළමු බෞද්ධ ජන කොට්ඨාසය ලෙස අද බුහුමනට පාත්‍රවන්නාවූ කැල්මයික්වරු රුසියාවට සංක්‍රමණය වීමට සියවසකට පෙර සිටම එනම් දහසය වන සියවසේ සිට බෞද්ධ අනුගාමිකයන් වුවද, ඊටත් බොහෝ කලකට එනම් සියවස් තුනකටත් පෙර වූ අනාදිමත් කාලයක සිට කැල්මයික්වරු හා බුදු දහම අතර වූයේ සමීප සබැඳියාවකි.
ක්‍රි.ව. 1640-1660 අතර කාලයේදී රුසියානු අධිරාජ්‍යයට ඈඳාගනු ලැබූ අද වන විට ‘බූර්යාටියා ජනරජය’ ලෙස හැඳින්වෙනු ලබන බල ප්‍රදේශයේ හිමිකරුවන් වූ ‘බුර්යට්වරු’ රුසියාවේ දෙවන බෞද්ධ ජන කොට්ඨාසයයි. කෙසේ නමුදු බුර්යට්වරු ක්‍රියාකාරී බෞද්ධ අනුගාමිකයන් ලෙස ජාතියක් වශයෙන් නැගීසිටින ලද්දේ දහඅටවන සියවසේදී පමණය. වත්මනේදී තුවා ජනරජය ලෙස හැඳින්වෙන තුවා බල ප්‍රදේශය 1944 දී රුසියාවට සම්බන්ධ වීමට ප්‍රථම චීනයේ පාලනයට නතුව සිටි ජනකොට්ඨාසයකි. තුවාවරුන්ගේ මුතුන්මිත්තන් ආදි මධ්‍යකාලීන යුගයේ සිට බුදුදහම හා සමීප සබැඳියාවකින් ජීවත් වුවද තුවාවරුන් බෞද්ධ වත්පිළිවෙත් අනුව යමින් බුදුදහම වැළඳගන්නා ලද්දේ දහඅටවන සියවසේ මැද භාගයේදී පමණය. විසිවන සියවසේ මුල්භාගය වන විට තුවාවරුන් අතර බුදුදහම ප්‍රබල ස්ථාවරත්වයකට පත්ව තිබුණේ ක්‍රමානුකූල භික්ෂු පුහුණු පද්ධතියකින් හා වත්පිළිවෙත්වලින් සමන්විත අංගසම්පූර්ණ ආගමික සංස්ථාවක තත්ත්වයට පත් වෙමිනි. රුසියාවේ නිල වශයෙන් බෞද්ධාගමිකයන් ලෙස සැලකෙන තෙවන වාර්ගික ජන කණ්ඩායම වන තුවාවරු තිබ්බත බුදුදහමේ ප්‍රබලම ගෙලුන් පර්ෂදයේ අනුගාමිකයන්ය.
ක්‍රි.පූ. හයවන සියවසේදී ඉන්දියාවේදී සම්භවය වූ බුදුදහම ඓතිහාසික, සංස්කෘතිකමය හා සදාචාරාත්මක අංගයන්ගෙන් පරිපූර්ණ දර්ශනයක් ලෙස ආසියාතික රටවල් අතර පුළුල්ව ව්‍යාප්තවීමට බලපෑ ප්‍රධානතම හේතුවක් වනුයේ බුදු දහමේ අන්තර්ගතය වන හික්මීමකින් යුතුවීමත් සෙසු සමකාලීන ඇදහිලි සමග මනා සංහිඳියාවෙන් යුතුව පැවතීමට බුදු දහම සතු අද්විතීය හැකියාවයි. නැගෙනහිර අග්නිදිග හා මධ්‍යම ආසියාතික බොහෝ රටවල් බුදුදහමට අනුග්‍රහය දක්වමින් රාජ්‍ය ආගමක් ලෙස පිළිගැනීමට අතීත රාජ්‍ය නායකයන් පෙළඹුණේ ඒ හෙයිනි.

සියවස් ගණනක් පැරණි සංස්කෘතිකමය සම්ප්‍රදායක් පැවැති රටවල්වල පැවැති මතධාරී දර්ශනයන් සමග වුවද උදාහරණයක් ලෙස ජපානයේ ෂින්තෝ්වාදයත් චීනයේ ටාඕවාදය, කොන්ෆියුසියානු දහම සමගද ඝර්ෂණයක් ඇති නොවන පරිදි සමකාමී ලෙස එකී සමාජ සංස්ථාවන්ට අනුගත වීමට සමත් වූ බුදු දහමට දකුණු සයිබිරියාවේදී (බුර්යාටියා හා තුවා) හා කැල්මයිකාහීදී ගෝත්‍රික සංස්කෘතීන් හා සමග ද කදිමට පෑහීමට සමත් වූයේ එහි අන්තර්ගත වූ මධ්‍යස්ථ මතධාරී දර්ශනය හේතුවෙනි.
සෙසු සමකාලීන ධර්මයන් සමග ගැටීමේදී සිය චරිතානුරූපී හික්මීම හා ඉවසිලිවන්ත ආකල්පත් පෙරදැරිව එකී වාර්ගික සම්ප්‍රදායන් හා චාරිත්‍රවිධි පිළිබඳ වැදගත් සිතින් පසුවීම නිසාවෙන් මුල්කාලීන ආගම් හා සමග යහපත් බන්ධුතාවක් ගොඩනගාගන්නා ලද බුදු දහමේ එකී ඇතැම් ආදී සම්ප්‍රදායන්වල ලාංඡනයක් අදටද ඉතිරිව තිබෙනු දැකගත හැක. කෙසේ නමුදු අන් ධර්මයන් හා බුදු දහම අතර පැවැති මෙකී සහයෝගිතාව ක්ෂණයකින් ඇති වූවක් නොව ශ.වර්ෂ හතරක කාලයක් මුළුල්‍ලේ කාලයාගේ විවිධ අභියෝගයන්ටත්, විභගයන්ටත් මුහුණදීමෙන් ඇති කර ගන්නා ලද්දකි.
දහනව වන සියවසේ මැදභාගය වන විට රුසියානු ප්‍රාචීන අධ්‍යයනයන්ගේ නව අංශයක් පිබිදියේ, දර්ශනය තර්ක ශාස්ත්‍රය, ඉතිහාසය, සංඝ පද්ධතීන් යානාදී බුදු දහමේ සියලුම අංග ආවරණය කෙරුනු බුද්ධ විද්‍යාව නමැති නව විෂය ක්ෂේත්‍රයක් උපත සනිටුහන් කරමිනි. රුසියාවෙන් බිහිවූ ප්‍රථම බුද්ධවේදීන් වනුයේ චීනය, තිබ්බතය, මොංගෝලියාව හා මැංචූරියාව පිළිබඳ විශේෂඥයෙකු වූ වී.පී. වැඩිලියෙව් (1818-1900) හා ඉන්දියාව සංස්කෘත හා පාලි භාෂා පිළිබඳ විද්වතෙකු වන අයි.පී. මිනායෙව්ය. (1840-1900) ඔවුන්ගේ සිසුහු විසින් පසුකාලීනව පිහිටුවන ලද ප්‍රාචීන අධ්‍යයනය උදෙසා වූ රුසියානු විද්‍යාලය ලොව ඇති එබඳු ගණයේ ප්‍රබලම අධ්‍යයන කේන්ද්‍රයකි. එය පිහිටුවීමේ පුරෝගාමියෙකු වූ එස්.එෆ්. ඕල්ඩන්බර්ග් පරිවර්තික හා මුල් බෞද්ධාගමික ලේඛන ඉදිරිපත් කෙරෙන බිබ්ලි යෝතෙකා බුඩිකා ග්‍රන්ථ මාලාව සම්පාදනය කිරීම ඇරඹූ අතර 1937 වසර තෙක් එය ක්‍රියාකාරීව පැවතුණේ පරිවර්තිත බෞද්ධ ලේඛන සමූහයක් ඇතුළත් ග්‍රන්ථ තිහක් ප්‍රකාශයට පත් කරමිනි. පසුකාලීනව එනම් 1965 සිට he Literary Monuments of the East ප්‍රකාශයට පත් කිරීම ඇරඹි අතර එය වර්තමානය දක්වා ක්‍රියාත්මකය. සෝවියට් රුසියාවේ බෞද්ධ පැවිද්දන් උදෙසා වූ ප්‍රඥාප්තිය 1946 දී ස්ථාපනය කරන ලද අතර පෙරෙස්ටේරායික් අවධිය එළැඹෙන තෙක් බෞද්ධාගමික පන්සල් ආශ්‍රිත කටයුතුවල පාලනය එමගින් සිදු කෙරිණි.
ප්‍රියන්ති රුද්‍රිගු