Jun 14, 2013

උලමාවරු පුහුණු කරන විශ්වවිද්‍යාලයක්


‘කාත්තන්කුඩියට එක නීතියක්, කල්මුණේට එක නීතියක් සමන්තුරේට එක නීතියක් සහ අම්පාරට එක නීතියක් වෙන්න බැහැ. නීතිය නම් හැමතැනම එකක් විය යුතුයි’

යැයි බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥණසාර හිමියෝ පැවසූහ.

උන්වහන්සේ එසේ ප‍්‍රකාශ කළේ බොදුබල සේනා සංවිධානයේ අම්පාර සමුළුව අමතමිනි.
මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ ඥණසාර හිමියෝ,

‘නැගෙනහිර පමණක් නෙවෙයි, අද රටපුරාම ඉතාම දරුණු මුස්ලිම් අන්තවාදයක් ක‍්‍රියාත්මක වෙනවා. ඒක නැහැයි කියන්න කාටවත් හැකියාවක් නැහැ. අපේ ජාතියත්, රටත් අනතුරුදායක තැනකයි තිබෙන්නෙ. අපේ දේශපාලඥයන්ට මේවා නොතේරුණාට අපිට හොඳහැටි තේරෙනවා.

කාත්තන්කුඩි හිස්බුල්ලා මණ්ඩපයේදී විශ්වවිද්‍යාලයක් හදන්න ගිවිසුම් අත්සන් කරනවා. ඒ විශ්වවිද්‍යාලය හදන්නෙ උලමාවරු පුහුණු කරන්න. ඒකෙ නම මලික් අබ්දුල්ලා විශ්වවිද්‍යාලය. මලික් අබ්දුල්ලා කියන්නෙ සෞදි අරාබියේ රජු. උලමාවරු පුහුණු කරන්න විශ්වවිද්‍යාලයක් අවශ්‍ය නම් අලූත් විශ්වවිද්‍යාලයක් හදන්න අවශ්‍ය නැහැ. ඔලූවිල් අහ්නිදිග විශ්වවිද්‍යාලයේ පීඨයක් හැටියට ඒක ආරම්භ කරන්න පුළුවන්. අපි ඒකට විරුද්ධ නැහැ.

මේ දරුණු අන්තවාදයෙන් නැගෙනහිරත්, මුළු රටත් බේරාගැනිමේ සටන අම්පාරෙන් ආරම්භ කළ යුතුයි. ත‍්‍රිකුණාමලයේ මන්ත‍්‍රීවරයෙක් පාර්ලිමේන්තුවට පනතක් ගේනවා රාජ්‍ය නොවන සංවිධාන 03 ක් පාසල් හැටියට සංස්ථාපිත කරන්න. ඒ පනතේ පරමාර්ථය හැටියට යොදල තියෙන්නෙ මොකක්ද? ඉස්ලාමීය ෂරියා නීතිය යටතේ සමාජයට මඟපෙන්වීම සඳහා දේවධර්මාචාර්යවරුන් බිහිකිරීම. හැබැයි 225 ක් ඉන්න පාර්ලිමේන්තුවේ 180 ක් වන සිංහල මන්ත‍්‍රිවරුන්ගෙන් එක්කෙනෙක්වත් මෙම පනත ගැන ප‍්‍රශන කළේ නැහැ’ යයිද පැවසූහ.

Jun 12, 2013

බොදු බල සේනා හෙළිදරව් කළ, එහෙත් ඔබට මාධ්‍යයෙන් නොඇසෙන ඔබ දැනගත යුතු ඇත්ත

කටාරයේ මූලධර්මවාදී ආධ්‍යාත්මික නායකයකු වන “යූසුෆ් අල් කර්දාවි” ගේ උපදෙස් මත ඔහුගේ ප්‍රධාන අනුගාමිකයකු වන ඉනාමුල්ලා නැමැත්තෙකුගේ මූලිකත්වයෙන් ජමියතුල් උලමා සභාවත් අතික්‍රමණය කරන “ශූරාහ් කවුන්සිල්” නමින් තවත් අන්තවාදී මූලධර්මවාදී සංවිධානයක් ශ්‍රී ලංකාව තුළ පිහිටුවීමට මුස්ලිම් දේශපාලන නායකයින් සැළසුම් සකස් කරමින් සිටින බවත් එහි මූලික අරමුණ වන්නේ භයානක අරාබි වහාබ් අන්තවාදී ආගමික මතවාදය ලංකාවේ ප්‍රචලිත කිරීම බවත්, යම් හෙයකින් මෙකී සංවිධානය ලංකාව තුළ ස්ථාපිත වූවහොත් මොවුන්ගේ සාහසික ක්‍රියා කලාපය නුදුරු අනාගතයේදීම ශ්‍රී ලාංකිකයන්ට දැක බලා ගැනීමට හැකි වනු ඇති බවත් බොදු බල සේනා සංවිධානය පවසයි.
 
එම සංවිධානය මේ බව හෙළි කළේ පසුගිය 5 වැනි දා තුම්මුල්ල සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ දී පැවති විශේෂ මාධ්‍ය හමුවකදීයි. ඒ පිළිබදව වැඩි දුරටත් අදහස් දක්වමින් ‍බොදු බල සේනා මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් මෙසේ පැවසූහ.

“පසුගිය මාස කිහිපය ඇතුළත රටේ ජාතික ආරක්ෂාවට, භෞමික අඛණ්ඩතාවයට, ස්වෛරීත්වයට හානිදායක විය හැකි විශේෂ හෙළිදරව් කිරීම් ගණනාවක් සංවිධානයක් හැටියට අපි කරා. විශේෂයෙන්ම මේ රට තුළ ක්‍රියාත්මක වන මුස්ලිම් අන්තවාදී වැඩපිළිවෙළ පිළිබදව අපි දිගින් දිගටම කරුණු හෙළි කරා. අවාසනාවකට වගේ ඒ හෙළිදරව් කිරීම් එක්ක ආණ්ඩුවේ ඇතැම් ඇමතිවරු, වගේම විපක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුත්, දේශපාලන බලාධිකාරිය තුළ තමන්ගේ දේශපාලන භූමිකාව ගොඩ නගා ගැනීම සදහා ඕනෑම සතුරු බලවේගයක් එක්ක ලගින කණ්ඩායමුත් අපට චෝදනා නැගුවා බොදු බල සේනා සංවිධානය විසින් මෙරට තුළ ජාතිවාදයක් ආගම්වාදයක් නිර්මාණය කරමින් මුස්ලිම් ජන සමාජය අපහසුතාවයට පත් කරමින් තවත් වාර්ගික අර්බුදයකට මේ රට තල්ල කරනවාය කියලා.නමුත් අපි වඩාත් සතුටු වනවා ඒ හෙළිදරව් කිරීම් වලින් පස්සේ විශාල ප්‍රමාණයකට හැකියාවක් ලැබුණා මේ මූලධර්මවාදී කල්ලි කණ්ඩායම් කවුද? ඔවුන්ගේ හැසිරීම් කොහොමද? ඔවුන්ගේ වාසස්ථාන මොනවද? මේ කියන කරුණු ගැන සමාජයේ අවධානය යොමු කිරීමට, ඒ පිළිබදව වඩාත් පුළුල්ව සොයා බැලීමට අවස්ථාව උදා කර දෙන්නට අපට හැකියාව ලැබුණා. අද දවස වෙනකොට අපි කළ ඒ හෙළිදරව් කිරීම් සත්‍යයක් බව පසක් කරමින් අලුත්ම ආකාරයෙන් අන්තවාදයක් රට තුළ ගොඩ නගන්න මේ අවස්ථාව වෙනකොට මුස්ලිම් දේශපාලන නායකයින් ප්‍රමුඛව සැලසුම් සකස් කරමින් ඉන්නවා. 
 
පසුගිය සති කිහිපය රටම වෙසක් සිරියෙන් අළලිලා ඉදිද්දී මේ අන්තවාදී කණ්ඩායම් තරු පහේ හෝටල්වල ලැගුම් ගනිමින් ඔවුන්ගේ නවතම අන්තවාදී ක්‍රියාදාමය රට තුළ ක්‍රියාත්මක කරන්නේ කෙසේදැයි සාකච්ඡා කොට තිබුණා. ඉස්සර අපි ඇහුවේ “උලමා” සභාව ගැන. උලමා සභාව මුස්ලිම් සමාජය ආධ්‍යාත්මිකව හැඩ ගැස්සවීම සදහා දේවධර්මාචාර්යවරුන් ලෙස කටයුතු කරන ආයතනයක්. ඔවුන්ගේ අන්තවාදී ක්‍රියාකලාපයත් හලාල් බෙදුම්වාදය හරහා අපි පහුගිය දිනවල දැකගත්තා. දැන් මේ උලමා සභාවත් අතික්‍රමණය කරමින් ශුරාහ් සභාව නමින් සභාවක් “ශුරාහ් කවුන්සිල්” ස්ථාපිත කරන්න මේ මොහොත වෙනකොටත් සියළු කටයුතු සාකච්ඡා වෙමින් පවතිනවා. මේක උපන්ගෙයිදීම නැති කරලා දැම්මේ නැත්නම් තව අවුරුදු තුන හතරක් යනකොට මොවුන්ගේ සැහැසිකම් මොන විදිහටද සමාජගත වෙන්නේ කියල මේ ජාතියට, රටට බලාගන්න පුළුවන්.
විශේෂයෙන් ශුරාහ් සභාවේ ප්‍රධානතම කාර්යභාරය හැටියට ඔවුන් තෝරාගෙන තිබෙන්නේ රට පුරා වහාබ් වාදය ක්‍රියාත්මක කරවීමයි. (වහබ්වාදය යනු සෘජු ජන සංහාර වෙනුවට ඉතාමත් සූක්ෂම උපක්‍රම ඔස්සේ ඉස්ලාම් නොවන අන්‍ය ජාතීන් යටපත් කරවන සාහසික ඉස්ලාමීය ආගමික මතවාදයකි. Abal whab – අබ්ද් – අල් වහාබ් (1703-1792) යනු වහාබි න්‍යායේ ආරම්භකයා ය. සෞදි අරාබි ජාතිකයකු වූ ඔහු අනාගත ලෝකය 100% ක්‌ පිරිසිදු ඉස්‌ලාමය අදහන තනි රාජ්‍යයක්‌ විය යුතු බව අවංක ලෙස විශ්වාස කළේය. – ලියුම්කරු)

අද උදේත් (ජූනි 5) රජයේ ගුවන්විදුලිය පාවිච්චි කරලා බේරුවල ප්‍රදේශයේ එක්තරා මුස්ලිම් පල්ලියක පූජකයකුත්, භාරකරුවකුත් “ජමාත් ඉස්ලාම්” දේශපාලන අංශයෙන් නායක නජාබ් මොහොමඩ් සහ බේරුවල ජමියා අරාබි විදුහලේ කථිකාචාර්ය ෆලීල් නම් මහතෙකුත් එකතුවෙලා රටේ මුස්ලිම් ගැටළුවලට විසදුම් හොයන්න උලමා සභාවට විකල්පයක් ලෙස ශුරාහ් කවුන්සිල් හදන්න කටයුතු කරනවා යැයි ප්‍රකාශ කළා. එතකොට අපි දන්නවා පසුගිය දවස් කිහිපය පුරාම මේ ශුරාහ් සභාව ගොඩ නැගීම සම්බන්ධයෙන් පැවැත්වුණු සාකච්ඡාවලට විවිධ ඉස්ලාමීය වෘත්තිකයන්, මාධ්‍යවේදීන් ඇතුළු විශාල ප්‍රමාණයක් සම්මාදම් වෙලා තිබුණා. මේ ශුරාහ් සභාවේ සැලැස්ම අති භයානකයි. 

ශුරාහ් සභාව හා ඒ පිටුපස ක්‍රියාත්මක වන මතවාදය භයානක වන්නේ ඇයි?

ජාත්‍යන්තර මුස්ලිම් ලෝකය තුළ ඉතාම ජනප්‍රිය දැවැන්ත චරිතයක් “යුසුෆ් අල් කර්දාවි. Yusuf al-Qaradawi” කටාරයේ මූලධර්මවාදී ආධ්‍යාත්මික නායකයකු වන මොහු පසු ගිය සමයේ අරාබි වසන්තය වගේ කාරණා වලදී තදින් සක්‍රීයව සම්බන්ධ වුණ කෙනෙක්. ඒ වගේම මොහු ‘ඊජිප්තු මුස්ලිම් ස‍හෝදරත්වය’ සමග සම්බන්ධ වෙලා ලිබියාවේ ගඩාෆිට මරණය ගෙන්න ආගමික ආඥා නිකුත් කළ පුද්ගලයෙක්. ඒ වගේම මොහු සිරියාවේ අද ඇතිවී තිබෙන ආගමික ගැටුම්වලට වග කිව යුතු මුල් පුරුකක්.
(යුසුෆ් අල් කර්දාවී යනු අරාබි වහාබ්වාදයේ නූතන න්‍යයාචාර්යවරයකු මෙන්ම මුස්ලිම් මූලධර්මවාදය ලෝක ව්‍යාප්ත කරවීම සදහා ආගමික නායකත්වය සපයන ප්‍රධාන පෙළේ පුද්ගලයෙකි. මොහු ඊශ්‍රායල් කාන්තාවන්ගේ කුසේ ඉන්නා දරුවන් පවා ඝාතනය කළ යුතු යැයි කළ ප්‍රකාශ නිසා බටහිර මාධ්‍යයේ දැඩි වෛරයට පාත්‍ර වූවෙකි – ලියුම්කරු)
 

යුසුෆ් අල් කර්දාවීගේ විශේෂ නියෝජිතයා ‘ඉනාමුල්ලා’ නමැති පුද්ගලයෙක්. ඉනාමුල්ලා, අමාත්‍ය රවූෆ් හකීම් මහත්මයාගේ ලගම ඥාතියෙක් වගේම මධ්‍යම පළාත් සභා මන්ත්‍රී එම්.නයිමුල්ලාගේ සහෝදරයෙක්. ඉනාමුල්ලා තමයි ශුරාහ් සභාවේ ප්‍රධාන භූමිකාව රට තුළ නියෝජනය කරන්න සැලසුම් කරල තියන්නේ. ජාත්‍යන්තරයේ දැවැන්ත මුස්ලිම් මූලධර්මවාදියෙකු වන, ලිබියාව, සිරියාව අඩපණ කරන්න ආගමික ආඥා නිකුත් කරපු කර්දාවිගේ අවවාද අනුශාසනා ලබන ඉනාමුල්ලා වැනි අයකු හරහා මේ ගෙන්න හදන්නේ තවත් අරාබි වසන්තයක් නෙවෙයි. සාම්ප්‍රදායික මුස්ලිම් සහෝදරත්වයත් විනාශ කරලා මේ රට තුළ කවදාවත් නොතිබුණු ප්‍රචන්ඩ වහාබ්වාදයක් තමයි මේ අය දැන් මේ ගේන්න උත්සහා කරන්නේ…”
ත්‍රිකුණාමල දිස්ත්‍රික් මුස්ලිම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දෙදෙනෙක් විසින් ෂාරියා නීතියට අනුකූල ආයතන තුනක් සංස්ථාපිත කිරීම සදහා පාර්ලිමේන්තු පනතක් සම්මත කරන බවට 2013-04-19 දින රජයේ ගැසට් පත්‍රයෙන් නිවේදනය කර තිබිණි. ඒ පිළිබදවද උන් වහන්සේ අදහස් දක්වා සිටියහ.

“ඒ වගේම අපි දන්නවා මේ වෙනකොට ඉතාමත් දරුණු විදිහට ෂාරියා නීතිය සමාජගත කරන්න වැඩ සියල්ලම සැළසුම් කරල තියනවා. 2013.4.19 වෙනි දා නිකුත් කරපු ගැසට් නිවේදනයේ දක්වලා තියනවා “රිල්වානියා අරාබි විදුහල සංස්ථාගත කිරීම සදහා පනතකි” – “අබූ හුරෛරාහ් අරාබි විදුහල සංස්ථාගත කිරීම සදහා වූ පනතකි” යනුවෙන්. එකම පනතකින් පිටරටින් ඕනෑ තරම් මුදල් ආධාර ගෙන්වා ගත හැකි රාජ්‍ය නොවන සංවිධාන දෙකක් සංස්ථාපිත කරන්න කටයුතු සූදානම් කරල තියනවා. ඔවුන් මොකක්ද මේ පනතෙන් බලාපොරොත්තු වන්නේ…..?
2013.4.19 දින ගැසට් නිවේදනය බලන්න

 https://fbcdn-sphotos-c-a.akamaihd.net/hphotos-ak-pr/969137_394671213984495_1115455965_n.jpg
 
මේ පනතේ අරමුණු අංක 1,2,3 යටතේ පැහැදිලිවම දක්වා තිබෙනවා “ඉස්ලාමීය ෂරීයා නීතිය යටතේ සමාජයට මග පෙන්වීම” “ඉස්ලාම් දේවධර්මවාදීන් බිහිකිරීම” “ඉස්ලාම් ධර්මය ආරක්ෂා කිරීම” යනුවෙන්. ඉස්ලාම් දේවධර්මවාදීන් බිහි කරල ඉස්ලාම් ධර්මය ආරක්ෂා කරගත්තට කමක් නෑ. ප්‍රශ්නය එය නෙවෙයි. මේකෙ කිසිම අයුරකින් විග්‍රහ කරන්නේ නෑ ෂරීයා නීතිය අනුව මග පෙන්වන්නේ මොන සමාජයට ද කියලා. බෞද්ධ සමාජයද, හින්දු සමාජයද, මුස්ලිම් සමාජයද එහෙමත් නැත්නම් සමස්ථ සමාජයම ද කියල විග්‍රහ කරල නෑ. ඒක බරපතල ගැටළුවක්. අපට ෂරීයා නීතියෙන් වැඩක් නෑනේ. මේ රටේ අවුරුදු 2500 ක් බුදු දහම ආරක්ෂා කරගෙන ආපු හාමුදුරුවරු ඉන්නවා ඕන තරම් සිංහල බෞද්ධ සමාජයට මග පෙන්වන්න. ඉස්ලාම් ෂරියා නීතිය යටතේ ඉස්ලාම් සමාජයට මග පෙන්වනව මිසක් අපට මොන බම්බුවක්ද…” 

ඉස්ලාම් ෂරියා නීතිය ගැන අපට ප්‍රශ්නයක් නෑ. නමුත් අර රිසානාට දඩුවම් දුන්න ආකාරයේ තලේබාන් සවරූපයේ ෂාරියාවට අපි විරුද්ධයි. මේ එන්නේ ඒ තැනට. ඒ නිසා මේ අන්තවාදය ට අපි දැඩි ලෙස විරෝධය පල කරනවා. ෂරීයා නීතිය සමාජගත කරන්න මේ රාජ්‍ය නොවන සංවිධාන දෙක හදන්න ගෙනාපු මේ පනත සම්මත කරන්න අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අත් උස්සනවද කියල අපි බලාගෙන ඉන්නවා. වාසු ලා, බාහු ලා, එස්.බී ලා, විමල් ලා මේ බොහොම සරළව ජාතිකවාදය පෙන්නගෙන කඩේ යන නරි රැළ මොකද කරන්නේ කියල අපි බලන් ඉන්නවා. 

හලාල් හරහා සමාජගත කෙරූ සමාජ බෙදුම්වාදී ව්‍යාපාරය සිංහල ජාතික බලවේගය මගින් අකර්මන්‍ය කර දමා ඇති අවස්ථාවක හලාල් හරහා ව්‍යාප්ත කිරීමට උත්සහා කෙරූ ආකාරයේම මූලධර්මවාදී අන්තගාමී වැඩපිළිවෙලක් ඊටත් වඩා බිහිසුණු ලෙස”මද්රසා” නමින් හැදින්වෙන් ඉස්ලාමීය දහම් පාසල් ක්‍රමය තුළින්ද සමාජගත වෙමින් පවතී. රජයේ කිසිදු නියාමනයක් නොමැතිව අරාබියෙන් හා පාකිස්ථානයෙන් සංක්‍රමණය වූ මූලධර්මවාදී ගුරුවරුන් යටතේ ක්‍රියාත්මක වන මෙම පාසල් තුලින් බිහි වන්නෙත් ආගමික මත වලින් මොළ ශෝධනය කරගත් අන්තවාදීන් පිරිසකි. ඒ පිළිබදවද උන්වහන්සේ දීර්ඝ වශයෙන් කරුණු දක්වා සිටියහ.
“අපි රජයෙන් ඉතාම බල කරල ඉල්ලනවා වහාම රජය මැදිහත්‍ වෙලා ඉතාම ඉක්මනින් මේ මද්රසා ආයතනවලට ජාතික ප්‍රතිපත්තියක් හදුන්වා දිය යුතුයි කියලා. මොකද හේතුව. මේ රටේ නීති දෙකක් තියෙන්න බෑ. වෙනදා මද්රසා දහම් පාසල් පවත්වාගෙන ගියේ පල්ලිවල. අද මොකද වෙලා තියන්නේ. හැමතැනම මද්රසා පාසල් ව්‍යාප්ත කරල තියනවා. උදේ පාන්දර ඉදන් හැන්දෑව වෙනකල් ඒ දරුවන්ව බාහිර සමාජයෙන් සම්පූර්ණයෙන්ම ඈත් කරල තනිකරම වෙනස්ම විදිහට හිතන අන්තවාදී ආගමික මූලධර්මවාදී කල්ලි කණ්ඩායම් බිහිකරන තැනට අද මද්රසා පාසල් පත් කරල තියනවා. මේ මද්රසා පාසල් ක්‍රියාත්මක වන විදිහ හරි භයානකයි. මොකද නොයෙකුත් මූලධර්මවාදී ආගමික මතවාද තමයි ඒවායේ උගන්වන්නේ. කවුද මේවා මෙහෙයවන්නේ. කවුද මේව ගැන හොයන්නේ. අපේ මහලොකු අධ්‍යාපන ඇමතිවරු ඉන්නවා. පදුරකට ගහපුවහම ඇමතිවරුම තිහ හතලිහක් විසි වෙනවා. මේවා ගැන ඔය එක්කෙනෙක්වත් අධ්‍යනය කරල තියනවද? නෑ….. හැබැයි අපි දන්නවා නැගෙනහිරට ගියාම අපට අද උදාවෙලා තියන තත්වය. ඒ නිසා අපට සාතිශය බයක් තියනවා. මේ සාම්ප්‍රධායික මුස්ලිම් සමාජය විනාශකරගෙන ගොඩ නගන මුස්ලිම් මූලධර්මවාදය අතිශය භයානකයි. දැන් ඒවත් එක එක මූලධර්මවාදයන්ට බෙදිලා. සාම්ප්‍රධායික මුස්ලිම් සමාජයත් වහාබිසම්, සලාෆිසම්, තලේබාන්, අල් කයිදා වැනි විවිද මතවාද විශාල ප්‍රමාණයකට බෙදිලා. මුලින්ම පවුල බෙදනවා. ඊළගට ගම බෙදනවා. ඊළගට එන්නේ කොතනටද? ඊළගට එන්නේ රට බෙදන තැනට. මේක ඉතාම බරපතල තත්වයක්. මේ තත්වය එදා දැක්කා පාකිස්ථානේ හිටපු ජනරාල් පර්වේශ් මුෂරාෆ්.එතුමා වහාම නීතියක් සම්මත කරලා පාකිස්ථානය තුළ ක්‍රියාත්මක වුන මද්රසා පාසල් වහල දැම්මා. ඒ තුළින් පාකිස්ථානයේ මුස්ලිම් අන්තවාදය යම් පමණකට හෝ සීමා කර ගැනීමට හැකි වුණා. මේ මද්රසා පාසල් වලින් බිහි වෙන්නේ දැඩි මතධාරී අන්තවාදී කණ්ඩායම්. ඒ අය තමයි බොහෝ වෙලාවට මේ අන්තවාදී මතවාද වලට පෙළඹිලා සාමාජීය බෙදුම්වාදය ගෙන එන්න උත්සහා කරන්නේ. ඒක හලාල් වලදීත් අපි දැක්කා. උලමා කෙනෙක් බිහිවන්නේ මද්රසා ක්‍රමය යටතේ.
අපි අද දකිනවා එංගලන්තයේ, ස්වීඩනයේ ඇතිවෙලා තියන අර්බුධකාරී තත්වය. රටවල් 52ක් තුළ අද ඇතිවෙලා තියන අර්බුධකාරී තත්වය පිටුපස ක්‍රියාත්මක වන්නේ නියම ඉස්ලාමය නෙවෙයි. “ඉස්ලාමය කියන්නේ සාමය” එහෙම එකක්නම් අපට පෙන්න නෑ. මේ මද්රසා පාසල් හරහා වහාබිසම්, සලාෆිසම්, තලේබාන්, අල්කයිදා වැනි මතවාද වලින් සන්නද්ධ වෙලා එලියට ආපු අයත් එක්ක මොන සාමයක්ද. ඒ නිසා අපි මේවා කතා කළ යුතුයි. සෞදියෙන් මැදපෙරදිගින් ආපු එක එක රාජ්‍ය නොවන සංවිධාන වලින් පවත්වාගෙන යන මද්රසා පාසල් පිළිබදව වහාම සොයා බලා ඒ සදහා ප්‍රතිපත්තියක් සැකසිය යුතුයි කියල අපි නැවතත් රජයට බල කරනවා.
ඒ නිසා අපි මේ කතා කරන්නේ මේවයේ අනාගත අනතුර හැදිනගෙනයි. එහෙම නැතුව අර මෝඩ වංශ කියනා විදිහට කාගෙවත් කොන්තරාත්තුවක් අරගෙන උතුරේ හරි නැගෙනහිර හරි ඡන්දයක් බලාගෙන නෙවෙයි. මුන් බලන්නේ ම් ඊළග ඡන්දයෙන් බලයට එන එක ගැන විතරයි. එහෙම නැතුව රටට ජාතියට සැබෑ ආදරයක් තියන බවක් අපට පේන්නේ නෑ. අපි මේ රටේ අනාගතය ගැන දැකල දරුණු අන්තවාදය ගැන කතා කරනවා, මුන් සිංහලයෝ රවට්ටගෙන ජාතික හම පොරවගෙන තැන් තැන් වල ගිහින් මේ අපට විරුද්ධව වහසි බස් දොඩවනවා. මේවා ගැන පාර්ලිමේන්තුවේ එක වචනයක් කතා කරන්නේ නෑ… යැයිද උන්වහන්සේ පැවසූහ.
උපුටා ගැනීම වෙනුවෙන් විශේෂ ස්තුතිය – The Sword-කඩුව ‍|facebook Magazine‍|‍

Jun 11, 2013

පළාත් සභා ක්‍රමය අවලංගු කළහොත් ඊළඟට සිදුවිය හැකි දේ ගැන ඔබ හිතුවද?

පළාත් සභා ක්‍රමය අවලංගු කළහොත්
ඊළඟට සිදුවිය හැකි දේ ගැන ඔබ හිතුවද?


පළාත් සභා ක්‍රමයට පදනම වැටුණු ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කළ මොහොත
පළාත් සභා පනත් අහෝසි කර උතුර නැගෙනහිරට කිසිම වරප්‍රසාදයක්‌ නොදී සිටීමට තීරණය කළහොත් එය අප රට විනාශයට මුලපිරීමකි. "මේ සිංහල අපේ රටයි" කියා බොහෝ දෙනා කියති, ලියති. එය සත්‍ය කතාවකි. මේ රට සිංහලයන්ගේ නම් එම රට රැක ගැනීමේ වගකීමද අප සතුය. රට රකිනවා කියන්නේ රටේ සිටින අන්‍ය ජාතිකයන් පන්නා දැමීම නොව කවුරුත් ආරක්‌ෂා කරගෙන සිටීමයි. මේ රටේ සිටින කුමන ජාතිකයෙකුම හොඳින් ආරක්‌ෂා කර ගැනීම සිංහල බෞද්ධයන්ගේ යුතුකමය. අපිත් සිංහලයන් සමඟ එක්‌වී මේ රට ගොඩනැගිය යුතුය යන හැඟීම ඔවුන් තුළ ද ඇති වන්නේ එවිටය. මෙහිදී අප ඉන්දියාව දෙස හැරී බලමු. ඉන්දියාවේ තරම් විවිධ ජාතීන් සිටින රටක්‌ මුළු ලෝකයේම නැත. එහෙත් ජාතික ආගමික ගැටීම් බොහෝ දුරට අඩුය. ඉන්දියාව සමහරවිට අපට කුඩුකේඩු කම් කළත් තම රටේ සිටින වෙනත් ජාතීන්ට හොඳින් සලකතියි මට සිතේ. 1947 දී ඉන්දියාවට ලැබුණේ එක්‌ කොටසකි. ඉංග්‍රීසීන් විසින් අනෙක්‌ කොටස පාකිස්‌තානය නමින් මුස්‌ලිම්වරුන්ට භාර දුන්හ. එවිට හින්දු මුස්‌ලිම් දෙකොටස අතර ඇතිවූයේ මහත් ගැටුමකි. එහෙත් ඉන්දියාවේ ප්‍රථම අගමැති වූ ජවහල්ලාර් නේරු ඉන්දියාවේ ජනාධිපති ධුරයට පත්කළේ මුස්‌ලිම් ජාතිකයෙකි.

දැනට වසර 04 කට පෙර අපට මහත් බියක්‌ ඇතිවූයේ මෙම ත්‍රස්‌තවාදය නැති කළ හැකි වේද නැද්ද යන ප්‍රශ්නයයි. ජනාධිපතිතුමාගේ උපායශීලී බුද්ධියත්, ත්‍රිවිධ හමුදාවේ හා පොලිසියේ වීරත්වයත් නිසා එම බිය දුරු කළ හැකි විය.

දැනට ඉදිරිපත් වී ඇති ප්‍රශ්නය නම් මීළඟට උතුර - නැගෙනහිරට දිය යුතු ස්‌වයං පාලන බලය කෙබඳු එකක්‌ විය යුතුද? යන්නයි. මෙහිදී සමහරු ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතුය. ජනාධිපති ක්‍රමය නිසා මේ හැම ගැටලුවක්‌ම ඇතිවී යෑයි කියති. පළමුවෙන්ම ඒ ගැන සිතා බැලීම හොඳ යෑයි මම සිතමි.

ශ්‍රී ලංකාව නිදහස ලබා ගත්තාට පසු අවුරුදු 30 ක පමණ කාලයක්‌ අගමැති ක්‍රමය යටතේ පාලනය විය. අවුරුදු 33 ක්‌ විධායක ජනාධිපති ධුරය යටතේ පාලනය වී ඇත. මේ කාලපරිච්ඡේද දෙක සස¹ බලන විට ජනාධිපති පාලනය නිසා සිදු වී ඇති වරද කුමක්‌ද? ඉතා සුළු ප්‍රශ්නයකට ගිහි පැවිදි දෙපක්‌ෂයම පාරට බැස උද්ඝෝෂණය කරනු ලබන්නේ ප්‍රජාතන්ත්‍රවාදය නැති වූ නිසාද?

එදා වතු කම්කරුවන්, වරාය කම්කරුවන් වැනි අය අතර පැවැති වැඩ වර්ජනය අද වෛද්‍යවරුන්, මහාචාර්යවරුන් ආදී උගත් අය අතරටත් පැතිර ගියේ ජනාධිපති ක්‍රමය නිසා ප්‍රජාතන්ත්‍රවාදය අඩුවීමෙන්ද? හැම ජනාධිපතිවරයෙකුම තමාගේ බලය සීමාව නොඉක්‌මවා තම පාලනය කරගෙන ගොස්‌ ඇත. ත්‍රස්‌තවාදීන් සමඟ සිදු කළ සටන ජයග්‍රහණය කිරීමේ හේතු අතර ජනාධිපතිවරයකු පාලකයා වීමද ප්‍රධාන සාධකයකි. ත්‍රිවිධ හමුදා නායකත්වයද ජනාධිපතිතුමාටම පැවරී තිබීම නිසා එය ප්‍රබල හේතුවක්‌ විය.

පාලනය පිළිබඳ ගැටලුවකට මැදි නොවූ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා තමාගේ උපායශීලී බුද්ධියත්, කාර්යශූරත්වයත් නිසා විදේශ රටකට අත නොපා එම සටන ජය ගත්තේය.

කිසිම බලවතෙකුගේ සහයක්‌ නැතිව යුද්ධය ජය ගැනීම විශේෂත්වයකි. ඉන්දියාව, ඇමෙරිකාව ආදී රටවල් බලා සිටියේ ආධාර ඉල්ලන තුරුය. එසේ ආධාර ඉල්ලා ලබා ගත්තේ නම් නිසැකයෙන්ම ත්‍රිකුණාමලය වරාය ඔවුනට පූජා කිරීමට සිදු වෙයි. ඉන්දියාව හා ඇමෙරිකාව ත්‍රිකුණාමලය වරාය දෙස බලා සිටින්නේ කෙළ ගිලිමින්ය. මෙහිදී අපට අවශ්‍ය වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී උගත් කාර්යශූර නායකයෙකි. ඔහු අගමැති වුවත්, ජනාධිපති වුවත් අපට කම් නැත. ජනාධිපති ධුරය වෙනස්‌ කිරීම අප වෙත ඉදිරිපත් වී ඇති ප්‍රශ්න කෙසේවත් බලපාන්නේ නැත.

පළාත් සභා අවලංගු කිරීම

කෑමට අවශ්‍ය වූ විට කබරගොයත් තලගොයා වෙතියි යන ජනප්‍රවාදයක්‌ අප අතර තිබේ. පළාත් සභා ප්‍රශ්නයේදී සිදුවන්නට යන්නේ කෑමට එපා වූ විට තලගොයත්, කබරගොයෙකු වීමයි. පළාත් සභා ක්‍රමය ආරක්‌ෂා කර දැනට අවුරුදු 30 ක්‌ පමණ ගත වී ඇත. මෙතෙක්‌ කල් එය මැනවින් ක්‍රියාත්මක විය. පළාත් සභාව සුදු අලියෙකියි සමහරුන් කීවත් එයින් සිදුවූ සේවය නම් අප්‍රමාණය. පිටිසර ප්‍රදේශවල මං මාවත් තැනීම, පාලම්, බෝක්‌කු ආදිය සකස්‌ කිරීම, විදුලිය ලබා දීම ආදී කාර්යයන් මෙතරම් ඉක්‌මනට සාර්ථක වූයේ පළාත් සභා නිසා යෑයි පිටිසර ජීවත්වන භික්‌ෂුවක්‌ වශයෙන් මට හොඳ අත්දැකීමක්‌ ඇත. එසේ වුවද උතුරු නැගෙනහිර ප්‍රදේශවලට දේශපාලන විසඳුමක්‌ අවශ්‍ය වන විට ඒ සඳහාම ඇති කළ පළාත් සභා ක්‍රමය අහෝසි කළ යුතු යෑයි වගකිවයුතු බොහෝ දෙනා කියති. එසේ කිරීමට එක්‌ සාධාරණ හේතුවක්‌ ඇත. පළාත් සභාවලට පොලිස්‌ බලතල හා ඉඩම් පරිහරණ බලයද අයත් වීමයි.

පළාත් සභා පනත සම්පූර්ණයෙන්ම නීති විරෝධි යෑයි උසස්‌ නීතිඥවරු පවා දැන් කියති. අවුරුදු රැසක්‌ම එය ක්‍රියාත්මක වෙද්දී කිසි කථාවක්‌ නැත. කෑමට පිසූ විට තල ගොයාද කබර ගොයෙක්‌ වේ යෑයි මා කියන්නේ ඒ නිසාය.

එසේ වුවද උතුරු නැගෙනහිර ප්‍රදේශවලට ස්‌වයං පාලන ක්‍රමයක්‌ දිය යුතු අවස්‌ථාවේදී ඒ සඳහාම සකස්‌ කළ පනතක්‌ අවලංගු කිරීම අතිශයින්ම අනතුරුදායකය. එයට හේතුව මෙම ප්‍රශ්නයට ඇඟිලි ගැසීමට ඉඩක්‌ නැතුව බලා සිටින ඇමෙරිකාව හා යුරෝපා සංගමයට හොඳ අවස්‌ථාවක්‌ ලැබීමය. එක්‌සත් ජාතීන්ගේ මණ්‌ඩලය බිහි කරන ලද්දේ ලොකු කුඩා හැම රටකටම කරදරයක්‌ නැතිව ජීවත් වීමේ ඉඩකඩ සැලසීමටය. අධිරාජ්‍යවාදී ධනවත් ඇතැම් රටවල සුළු ජාතිකයන් මර්දනය කර ගැනීමේ අවශ්‍යතාව ඇති විය. ඒ අනුව මානව අහිතිවාසිකම් රැකීමේ සංවිධානයක්‌ එක්‌සත් ජාතීන්ගේ මණ්‌ඩලය මගින් ඇති කරන ලදී. මානව අයිතිවාසිකම කඩකරන්නෝද ඇතැම් මහා ජාතීහුමය.

පළාත් සභා ක්‍රමය අහෝසි කළහොත් මානව අයිතිවාසිකම් උගුලට අපේ රටද හසුකර ගත හැකිය. ත්‍රස්‌තවාදය අවසන් කිරීමෙන් පසු සුළු ජාතීන්ගෙන් අයිතිවාසිකම් උදුරා ගත්තේ යෑයි චෝදනා කළ හැකිය. එසේ වුවහොත් ක්‍රොඒෂියාවට කළ දේම අපටත් සිදු කිරීමට ඉඩ ඇත.

ක්‍රොඒෂියාව යනු යුගොස්‌ලොවියාව අසල පිහිටි රටකි. ඒ රට තුළ ජාතීන්ගේද කෝලාහල ඇති විය. එහිදී යුරෝපා සංගමයේ අවශ්‍යතාව මත එක්‌සත් ජාතීන්ගේ මණ්‌ඩලය විසින්ම එම රට දෙකට බෙදන ලද්දේය. එවැන්නක්‌ අපේ රටට සිදු කළහොත් මොකද වෙන්නේ?

පළාත් සභා පනත අවලංගු කළ හොත් තවත් ප්‍රශ්න කීපයක්‌ පැන නගියි. මේ පළාත් සභා පනත සකස්‌වී ඇත්තේ ඉන්දු ලංකා ගිවිසුමක්‌ අනුවය. පළාත් සභා පනත ඉවත් කළහොත් එම ගිවිසුමද අවලංගු කළ යුතුය. රටවල් දෙකක්‌ අතර පවත්නා ගිවිසුමක්‌ එක රටක කැමැත්ත අනුව අවලංගු කිරීම ප්‍රායෝගිකද? මේ සියල්ලටම වඩා ප්‍රශ්නය වනුයේ 13 වැනි සංශෝධනය මෙන් පළාත් සභා පනත අවලංගු කිරීමට අවශ්‍ය තුනෙන් දෙකේ ඡන්දය ලබා ගත හැකිද? යන්නයි. දැනට ජනාධිපතිතුමා තුනෙන් දෙකේ ඡන්දය සකස්‌ කරගෙන ඇතත් මේ ප්‍රශ්නයට ඒ සියල්ලම ලැබේවිද? යන්නත් ප්‍රශ්නයකි. පසුගිය අගවිනිසුරු දෝෂාභියෝග ඡන්දයේදී ආණ්‌ඩුව සමඟ ඡන්දය නොදුන් මන්ත්‍රීවරු කිහිපදෙනෙක්‌ තවම සැපසේ සිටිති.

කෙසේ හෝ වේවා පළාත් සභා පනත අහෝසි කළහොත් අප ඊළඟට ගත යුතු පියවර ගැන හොඳින් කල්පනා කළ යුතුය. එසේ ක්‍රිsයා කිරීමේදී කසිකබල් දේශපාලනය ජාතිවාදය අමතක කර පත්තරේ නම දමා ගැනීමට රූපවාහිනියේ රුව පෙන්වා ගැනීමට ක්‍රියා නොකර බුද්ධිමත් ලෙස සිතා උතුරු නැගෙනහිර ජනතාවට ගැලපෙන ස්‌වයං පාලන ක්‍රමයක්‌ නිර්මාණය කිරීමට සහය දිය යුතුය. එම කෙටුම්පත් පනත් එක්‌සත් ජාතීන්ගේ අතටද පත්කළ යුතුය.

එසේ නැතිව පළාත් සභා පනත් අහෝසි කර උතුර නැගෙනහිරට කිසිම වරප්‍රසාදයක්‌ නොදී සිටීමට තීරණය කළහොත් එය අප රට විනාශයට මුලපිරීමකි. "මේ සිංහල අපේ රටයි" කියා බොහෝ දෙනා කියති, ලියති. එය සත්‍ය කතාවකි. මේ රට සිංහලයන්ගේ නම් එම රට රැක ගැනීමේ වගකීමද අප සතුය. රට රකිනවා කියන්නේ රටේ සිටින අන්‍ය ජාතිකයන් පන්නා දැමීම නොව කවුරුත් ආරක්‌ෂා කරගෙන සිටීමයි.

මේ රටේ සිටින කුමන ජාතිකයෙකුම හොඳින් ආරක්‌ෂා කර ගැනීම සිංහල බෞද්ධයන්ගේ යුතුකමය. අපිත් සිංහලයන් සමඟ එක්‌වී මේ රට ගොඩනැගිය යුතුය යන හැඟීම ඔවුන් තුළ ද ඇති වන්නේ එවිටය.

මෙහිදී අප ඉන්දියාව දෙස හැරී බලමු. ඉන්දියාවේ තරම් විවිධ ජාතීන් සිටින රටක්‌ මුළු ලෝකයේම නැත. එහෙත් ජාතික ආගමික ගැටීම් බොහෝ දුරට අඩුය. ඉන්දියාව සමහරවිට අපට කුඩුකේඩු කම් කළත් තම රටේ සිටින වෙනත් ජාතීන්ට හොඳින් සලකතියි මට සිතේ. 1947 දී ඉන්දියාවට ලැබුණේ එක්‌ කොටසකි. ඉංග්‍රීසීන් විසින් අනෙක්‌ කොටස පාකිස්‌තානය නමින් මුස්‌ලිම්වරුන්ට භාර දුන්හ. එවිට හින්දු මුස්‌ලිම් දෙකොටස අතර ඇතිවූයේ මහත් ගැටුමකි. එහෙත් ඉන්දියාවේ ප්‍රථම අගමැති වූ ජවහල්ලාර් නේරු ඉන්දියාවේ ජනාධිපති ධුරයට පත්කළේ මුස්‌ලිම් ජාතිකයෙකි.

මෙතෙක්‌ ඉන්දියාවේ මුස්‌ලිම්වරු හතර දෙනෙක්‌ ජනාධිපති ධුරය දරා ඇත. ඉන්දියා ගාන්ධිගේ අභාවයෙන් පසු ඉන්දියා අගමැති ධුරයට පත් කරන ලද්දේ නරසිම්හ රාඕ නමැති අග්‍රා ජාතිකයෙකි. ඉන්දියාවේ ඉතාම පහත් කුලය ලෙස සලකන පංචම කුලයට අයත් නාරායන්ද ඉන්දියාවේ ජනාධිපති ධුරය දැරීය. මේ පත්වීම් අතර ඉතාම පුqදුමසහගත ලෙස අගමැති ධුරය ලබා ඇත්තේ වර්තමාන ඉන්දියා අගමැති මන් මෝහන් සිංය. ඔහු පන්ජාබ් ජාතිකයෙකි.

ඉන්දිරා ගාන්ධි අගමැති ධුරය දරන කාලයේදී පන්ජාබ්වරු නිදහස ඉල්ලා සටනක්‌ කළහ. ඉන්දිරා ගාන්ධි ඔවුන් මර්දනය කළාය. එහෙත් ඉන්දිරා ගාන්ධි පාන්ජාබ්වරුන්ගේ රන්දෙවොල ආක්‍රමණය කළාය යන චෝදනාව මත ඇයගේම ආරක්‌ෂක භටයන් වූ පන්ජාබ්වරු දෙදෙනෙක්‌ ඇයව වෙඩි තබා මරා දැමූහ.

රජීව් ගාන්ධිගේ මරණයෙන් පසු ඉන්දියා අගමැති ධුරය භාරදෙන ලද්දේ පන්ජාබ් ජාතිකයෙකු වූ මන් මෝහන් සිංටය. මේ කරුණු අනුව අපට සිතිය හැක්‌කේ යම් තනතුරකට පත් කිරීමට සුදුස්‌සා හමු වූ විට ඉන්දියාව ජාතිය, කුලය, ආගම ගැන නොසිතන බවය. මේ රටේ නම් යම්කිසි දෙමළ ජාතිකයකු හෝ මුස්‌ලිම් ජාතිකයකු මහා දිසාපති තනතුරට පත් කළොත් තත්ත්වය කොහොමද?

මා සිතන හැටියට පළාත් සභා පනත අවලංගු කළහොත් ඉන්දියාවද තදින් අමනාප විය හැකිය. ඒ නිසා පළාත් සභා පනත අවලංගු කිරීම තුන්කල් බලා සිදු කළ යුතු කාර්යයකි.

පළාත් සභා ක්‍රමය මුලින්ම අහෝසි නොකළ යුතු යයි මා කියන්නේ පළාත් සභා පනත ඉතා හොඳ යෑයි කීමට නොවේ. මේ අවස්‌ථාවේදී උතුරු නැගෙනහිරට ස්‌වයං පාලන ක්‍රමයක්‌ දිය යුතුව තිබියදී ඒ සඳහා තිබුණු එකම පනතත් අවලංගු කළේ යයි යුරෝපා සංගමයත්, ඇමරිකාවත් මේ රටට පහරදීම සඳහා හොඳ අවස්‌ථාවක්‌ කරන නිසාය. මා මුලදී සඳහන් කළාක්‌ මෙන් ක්‍රොඒසියාවට කළ දේ අපටත් කළ හැකි නිසාය. එවැනි තත්ත්වයක්‌ ඇතිවුවහොත් අපට කළ හැකි කිසිම දෙයක්‌ නැත. ඉන්දියාව හැදූ පනත නැති කළ නිසා ඉන්දියාවද තදින් කිපීමය. එයින් වන්නේ තවත් බලවත් ජාතියක්‌ අප සමඟ විරුද්ධ වීමය.


රාජකීය පණ්‌ඩිත ත්‍රිපිටක විශාරද
ගොම්බද්දල නන්දාරාම
ශ්‍රී රෝහණ පාර්ශ්වයේ අතිගරු මහානායක මාහිමි

Jun 10, 2013

කොටියාගේ කඩු පහරින් ‍පොඩි හාමුදුරුවන්ගේ හිස දෙපලු වුණා (ප්‍රහාරයෙන් දිවි ගලවාගත් භික්ෂුවකගේ බිහිසුණු අත්දැකීම්)

කොටියාගේ කඩු පහරින් ‍පොඩි හාමුදුරුවන්ගේ හිස දෙපලු වුණා

Aranthalawa-masscප්‍රහාරයෙන් දිවි ගලවාගත් භික්ෂුවකගේ බිහිසුණු අත්දැකීම්
දහසක් බුදුන් බුදු වන හිමිදිරි යාමේ මහාවාපී විහාරය අබියස පෙනුණේ පහන් සංවේගය උපදවන ප්‍රිය දසුනකි.  කහ සිවුරු ‍පොරවා ගත් බුදු පුත්තු තිස් හතළිස් නමක් එක පේළියට සැදී වඩිමින් හුන්නාය. උන්වහන්සේලා බහුතරය පැටි වයසේ සිටි සාමණේරයන් වහන්සේ වූහ. දුර ගමනක්  යාමට සැරසෙන්නැයි නායක හාමුදුරුවන් කී මොහොතේ සිට උන්වහන්සේ හුන්නේ මහත් වූ සොම්නසකිනි. ඒ පැටි වයසේ හැටිය. සාමණේරයන් වහන්සේ වුවත් ඔවුහු නොදරුවෝය. දුර ගමන් යාමට දරුවෝ බොහෝ කැමැත්තෝය. ඒ දුර ගමන අරන්තලාවේදී ජීවිත ගමනින්ම නිම වෙතැයි සාමණේරයන් වහන්සේගේ පුංචි  හිත්වලට එදා සිතුණේ නැත.

අම්පාර මහාවාපී විහාරයේ වැඩ හුන් සාමණේරයන් වහන්සේ  වැඩීමට නියමිතව හුන්නේ  කතරගම වන්දනා ගමනකි. කතරගම යන අතරතුරේදී දළදා වහන්සේ වැඳ පුදාගෙන කළුතර බෝධීන්  වහන්සේගේ  ආශිර්වාදය ගෙන පිණ්ඩපාත චාරිකාවෙන් කතරගම ගම් උදාවට වැඩම කිරීම චාරිකාවේ සැලසුම විය. 
 
 දිනය එක් දහස් නමසිය අසූ හතේ  ජුනි  දෙවැනිදාය. වේලාව උදේ හයට  පමණ ඇත. මහාවාපීි විහාරය දොරකඩ ඉදිරිපිට ලංගම බසයක් නතර විණි. ඒ බසය අයත් වූයේ  අම්පාර ඩි‍පෝවටය. හෑගොඩ ඉන්ද්‍රසාර හිමියන් ප්‍රධාන භික්ෂූන් වහන්සේ තුණුරුවන් සිහි කරමින්  බසයට නැග්ගේ කතරගම යාමේ අටියෙනි.  අතරමගදී මාරයා මග බලා සිටින බවක් ඉන්ද්‍රසාර නායක හාමුදුරුවෝ සිහිනෙන්වත් නොසිතූහ. එනමුත්  මේ බුද්ධ පුත්‍රයන් වහන්සේ නොදන්නා  කාරණාවක්  වෙමින් තිබුණේය. ඉන්ද්‍රසාර නායක හාමුදුරුවන් ප්‍රමුඛ සඟරුවනේ වන්දනාගමන යන දිනය හා වේලාව එල්.ටී.ටී.ඊ. යේ එවකට අම්පාර හා  මඩකළපුවේ සන්නද්ධ අංශ නායක කරුණා අම්මාන්ට  ඔත්තුකරුවන්  මගින්  දැනගන්නට ලැබි තිබුණේය. අහස ‍පොළොව Aranthalawa-massc1නුහුලන ආනන්තරීය පාපකර්මයක සැලසුම ඇරඹුනේ එම ඔත්තුවත් සමගය. සන්නද්ධ කොටි සාමාජිකයෝ භික්ෂූන් වහන්සේ වැඩි බසය එනතුරා අරන්තලාවේ මග රැක හුන්නෝය.
අරන්තලාව පිහිටා ඇත්තේ අම්පාර මහඔය ඒ  විසිහත ප්‍රධාන පාරේය. යුද්ධය පැවැති කාලයේ ඒ බිම ප්‍රසිද්ධියට පත් වී තිබුණේ එල්.ටී.ටී.ඊ. යේ තර්ජනයට ලක් වූ ගමක් ලෙසය. බුදු පුතුන් රැගත් බසය අරන්තලාවට පැමිණෙන විට වේලාව උදේ හයයි තිහට පමණ ඇත. බසයේ ඉදිරිපස ආසනයේ වැඩ  හුන්නේ අම්පාර මහාවාපී විහාරාධිපති සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ උතුරු නැගෙනහිර දෙපළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක හෑගොඩ ඉන්ද්‍රසාර නායක හාමුදුරුවෝය. ඉදිරියේ  සිට දෙවැනි  අසුනේ හුන්නේ අම්පාර  විද්‍යානන්ද පිරිවෙණේ නියෝජ්‍ය පරිවේණාධිපති වලල්ලාවිට විමලඥාන හාමුදුරුවෝය. අරන්තලාවේ පාර දෙපස ඇත්තේ ඝන වනයය. වනය දෙපළු කරමින් පැමිණි දෙතුන් දෙනකු  පාර අයිනේ  නතර වී සිටින අයුරු රියැදුරා දුරතියාම දුටුවේය.  කැලෑ ඇඳුම් ඇඳගෙන ආයුධ සන්නද්ධව හුන් ඔවුන් හමුදා භටයන් යැයි රියැදුරා සිතුවේය. ඒ තර්ජනයට ලක්ව තිබෙන මහඔය පාර රකින්නට මග දෙපස හමුදා භටයන් සිටීම මීට පෙරද ඔහු දැක ඇති බැවිණි.
 
එකවරම කැලෑ ඇඳුම් ඇඳගත් එක් අයෙකු පාරට පැන තුවක්කුව ඔසවා බසය නතර කරන්නැයි  රියැදුරාට සංඥා කළේය. ඔහු තිරිංග තද කළේය. තමාට වැරදුණු බව රියැදුරාට වැටහුණේ එවිටය. අවිදරා හුන්නේ එල්.ටී.ටී.ඊ. සාමාජිකයන්ය. ඔවුහු  බසයට ගොඩ වූහ. එක් අයෙක් රියැදුරාගේ කන ළඟට ටී. පනස් හය තුවක්කුවේ බටය තැබුවේය. අරන්තලාව පාරේ විසි අටේ කණුව අසලින්  කැලෑවට තිබෙන ට්‍රැක්ටර් පාර දිගේ බසය ධාවනය කරවන්නැයි රියැදුරාට අණ කළේය. සිද්ධ වන්නේ කුමක්දැයි නොදරුවන් වූ පුංචි සාමණේරවරුට නොතේරුණහ.  සමහරුන් පසු වූයේ  වයස අවුරුදු අටේ දහයේ් පමණය. ඔවුහු බියෙන් තැතිගෙන කෑ මොර දෙමින් හැඬුහ. ඒ හැඬුම සිත් පිත් නැති ගල් හිත් ඇති කොටින්ට නොඇසුණි. ප්‍රධාන පාරෙන් හැර වූ බසය වනය ඇතුළටම ධාවනය කරවන්නැයි කොටි නියම කළහ. මහ පාර නොපෙනෙන තෙක් දුර ගොස්  බසය නතර වූයේ ඉරුම් පට්ටලයක් අබියසය. එහි කඩු කැති ‍පොලු මුගුරු රැගත් කොටි  දහ පහළොස් දෙනෙක් හුන්හ. ඔවුන්ට ලැබි තිබුණේ පැහැදිලි අණකි. බසය නතර කරනවාත් සමග බියට පත්ව හුන් කුඩා සාමණේර හිමිනමක්  පැන යන්නට පා පුවරුවට පය තැබුවා පමණි.  බිම හුන් කොටියාගේ අත තිබූ කඩුව  ඒ හිමියන්ගේ ඔළු කට්ට පලාගෙන කිඳා බැස්සේය. ඒ අතර තවත් කොටියකු රියැදුරාගේ හිසට  තුවක්කුවක් එල්ල කර මනි මනි යැයි  කෑමොර දුන්නේය. ඔහු මුදල් පසුම්බියත් ඔරලෝසුවත් ගලවා දුන්නේය.මට දරුවන් හය දෙනෙක් ඉන්නවා. මාව මරන්න එපා.යැයි ඔහුට වචන කියා ඉවර කරන්නට ඉඩ ලැබුණේ නැත. කොටියාගේ ගිනිඅවියෙන් පත්තු වූ වෙඩි උණ්ඩ  ඔහුගේ හිස  හරහා ගියේය. එසැනින්  තවත් කොටියකු කඩුවක් ගෙන රියැදුරාගේ ගෙල කැපුවේය. කුඩා සාමණේරවරු මරණ බියෙන්  කෑමෝර දුන්නේය.
ධූලි වලා නංවමින් දෙරණ දෙදරවමින් කුංචනාද කරමින් මාරාවේෂයෙන් නාලාගිරි ඇතු පැමිණෙද්දී සංසුන්ව බුදුන් වහන්සේ වැඩ හුන්නාක් මෙන් හෑගොඩ ඉන්ද්‍රසාර නායක හාමුදුරුවෝ කොටින්ගේ  තුවක්කු මැද අභීතව නැගී හුන්නෝය. කඩුවක් ගත් කොටියකු උන්වහන්සේගෙන් මනි මනි කියමින් සල්ලි ඉල්ලුවේය. ඒ සමග උන්වහන්සේ දෙසට එල්ල වූයේ වෙඩි වරුසාවකි. බසයේ ඊළඟට හුන්නේ වලල්ලාවිට විමලඥාන  හාමුදුරුවන්ය. හරියටම මීට විසි හය වසරකට ඉහත දී වූ ඒ බිහිසුණු සිද්ධිය උන්වහන්සේට අද මෙන් හොඳ හැටි මතකය.
 
කොටියෙක් මා ළඟට ඇවිත් මා මරා දමන්න කඩුව එසෙව්වා. ඒ වෙලාවේ කඩුව බසයේ වහලයේ වැදිලා වේගය අඩාල වේලා තමයි  මගේ දකුණු අතට වැදුණේ. කඩු පහරත් සමග මා බසයේ සීට් දෙක මැද්දට වැටුණා. ඊට පස්සේ මට මුකුත් පෙනුණේ නෑ. ‍පොඩි හාමුදුරුවරුන්ගේ විලාප හඬ ඇසුණා. කපා කොටා මරා දැමූ ‍පොඩි උන්නාන්සේලා දෙතුන් නමකගේ සිරුරු මගේ ඇඟ උඩට වැටුණා. කොටි එක දිගටම බසයට වෙඩි තැබුවා. පස්සේ  මම දැක්කේ බසය හිල්වෙලා තිබුණේ  පෙනේරයක් වගේ . ඒ වෙඩි ප්‍රහාරවලින් ජීවිතේ බේරුණේ කොහොමද කියලා හිතාගන්නවත් බෑ. එක වෙඩි පහරක් ගිහින් තිබුණේ මගේ ඔළුව  උඩින්. වලල්ලාවිට විමලඥාන හාමුදුරුවෝ පවසති.
බසයේ සීට් දෙකට මැදි වී වැටී හුන් බැවින් උන්වහන්සේගේ ජීවිතය අනූනවයෙන් බේරුණේය. එනමුත් එවැනි වාසනාවක් අනෙකුත් හාමුදුරුවන්ට නොවීය. බියෙන් ගැහෙමින් හුන් පුංචි සාමණේරවරුන් කොටි සොය සොයා කැති ගෑහ. හිස් දෙපළු කළහ. මොළ එළියට පැන්නේය. සමහර හිමිවරුන්ගේ ගෙල කඳින් වෙන් වූහ. අත පය බඩ කැපී ගොස් මස් වැදලිි බවට පත් වූහ. බුදු පුතුන්ගේ කහ සිවුරු ලෙයින් පෙඟී ගොස් රක්ත වර්ණයට හැරවුණේය.  සතර වරිගයම සංසාර සාගරයෙන් එතෙර කිරීමට පාරමී පිරූ උන්වහන්සේගේ සිරුරුවලින් ගැලූ ලෙයින් බසය  නැහැවී ගියේය.
විනාඩි කීපයක් තුළ මේ මහා සංහාරය කළ  කොටියෝ වනයට වැදී නොපෙනී ගියහ. බසය ඇතුළේ  වේදනාවෙන් කෑමොර දෙන පුංචි  සාමණේරවරුන්ගේ හඬ  වලල්ලාවිට  විමලඥාන හාමුදුරුවන්ට  හොඳටම  ඇසුණේය.  විනාඩි  හතළිහක් පමණ ගෙවී ගියේය. බසය දෙසට තවත් වාහනයක් පැමිණෙන බව උන්වහන්සේට තේරුණේය.
මම හිතුවේ බසය පිටුපස්සෙන් ආපු අපේ වෑන් එකේ හිටපු කට්ටියත් මරන්න කැ‍ලේට ගෙනාවා කියලා. මම සද්ද නොකර හිටියා. බසයට ගොඩ වූ අයෙකු කෑ ගහනවා  ඇහුවා. මේ අපේ හාමුදුරුවරුන් එළියට ගන්න කියලා.  එතකොට මට තේරුණා අපේ උදව්වට හමුදාවෙන්  ඇවිත් ඉන්නවා කියලා. මම කෑගහනකොට  හමුදාවෙන් මාවත් ඔසවලා වඩා ගත්තා. අපේ බසය කැ‍ලේට  හරවන බව පිටුපස්සෙන් ආපු වෑන් එකේ අය දැක තිබෙනවා.  ඔවුන් තමයි හමුදා කඳවුරට ගිහින් මේ ආරංචිය කියලා සෙබළුන් රැගෙන ඇවිත් තියෙන්නේ. කඩු පාරෙන් මගේ දකුණත කැපී  මස් එළියට  පැන තිබුණත් මට  සිහි කල්පනාව තිබුණා. හමුදාව මාව අම්පාර රෝහලට ඇතුළු කළා. මේ ප්‍රහාරයෙන් බේරුණේ මා ඇතුළු භික්ෂූන් වහන්සේ අට නමක් පමණයි වලල්ලාවිට විමලඥාන  හාමුදුරුවෝ කීහ. රෝහල් ගතව හුන් මොහොතේ උන්වහන්සේට ආරංචි වූයේ කොටින්ගේ ප්‍රහාරයෙන් භික්ෂූන් වහන්සේ  තිස් එක් නමක් අපවත් වූ බවය. 
 
හෑගොඩ ඉන්ද්‍රසාර නායක හාමුදුරුවන් ඇතුළු උන්වහන්සේලාගේ ශ්‍රී දේහ තැන්පත් කෙරුනේ පෙරදා  සාමණේර වහන්සේ අකුුරු ඉගෙන ගත් විද්‍යානන්ද  පිරිවෙණේ  සකස් කළ විශේෂ මණ්ඩපයකය. වෙනදාට පේළි සැදී බණ දහම්  ඉගෙන ගත් දහම් ශාලාවේ උන්වහන්සේගේ ශ්‍රී දේහයන් එක පේළියකට තැන්පත් කර තිබුණි. ඒ සිරුරු දුටු සැදැහැවත්හු ‍පොළොව කම්පාවන තරම් මහ හඩින් හඬා වැළපුණහ.  ඒ මතකය සංවේදී මිනිසුන්ගේ දෑස් තවමත්  කඳුළින් තෙත්  කරයි. මුවගින් සුසුම් පිට කරයි.එක් දහස් නමසිය අසූ හතේ ජුනි පස්වැනිදා  උන්වහන්සේගේ ශ්‍රී දේහයන් අම්පාර නගර සභා පිටියේ  සැකසුණු විශේෂ චිතකයක තැන්පත් කෙරුණි. මුළු  ජාතියේම දෑස් කඳුළින් තෙත් වෙද්දී චිතකයට ගිනි දැල්වුණි. පැය කීපයක් පුරා උන්වහන්සේගේ ශ්‍රී දේහයන් දවමින් නැගුණු දුම් රොටු වාතලයට මුසු වී ගියේය. 
 
මාසයක් පුරා අම්පාර රෝහ‍ලේ ප්‍රතිකාර ලැබිමෙන් ඉක්බිතිව වලල්ලාවිට විමලඥාන හාමුදුරුවෝ  සිය ගමට වැඩ තුන් මාසයක් පුරා සිංහල වෙදකමින් ප්‍රතිකාර ගත්හ. මරා දැමූ ‍පොඩි හාමුදුරුවන්ගේ සිරුරු වැටුණේ මගේ ඇඟ උඩට. ඒ වෙලාවේ මට ‍ලේ පෙවුණා. ඒකට තමයි සිංහල බෙහෙත් බිවේ උන්වහන්සේ කීය. මේ ප්‍රහාරයෙන් දිවි බේරා ගැනීමට තරම් වාසනාවන්ත වූ භික්ෂූන් වහන්සේ අටනම අතරින් තවමත් සසුනේ සිටින්නේ තුන් නමක් පමණි. ඉතිරි පස්නම සිවුරු හැරපියා ගියෝය. ඉතිරි වූයේ හඟුරන්කෙත පුඤ්ඤසාර, ආඳාඋල්පත බුද්ධසාර හා වලල්ලාවිට විමලඥාන යන හාමුදුරුවන්ය. මින් ආඳාඋල්පත බුද්ධසාර හාමුදුරුවෝ  සදාකාලිකවම එක්තැන්වීය. උන්වහන්සේගේ කොන්ද අප්‍රාණික බැවින්  සදාකාලිකවම ගමන් කරන්නේ රෝද පුටුවෙනි. වලල්ලාවිට විමලඥාන හාමුදුරුවන් දැන් වැඩ හිඳින්නේ පුත්තලමේ කල්පිටියේ බෞද්ධ මධ්‍යස්ථානයේය.

කාලය හරි පුදුමය. විසි හය වසරක් තුළ වූ වෙනස්කම් සිතා ගැනීමටත්  නොහැකිය. එදා අරන්තලාවේ  භික්ෂු ඝාතනයට නියෝග දුන් බවට චෝදනා එල්ල වූ කරුණා අම්මාන් මේ ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමැතිවරයෙකි.

 
මිහිරි ෆොන්සේකා

අවුරුදු 4000ක් වයස මැණික්හාමි අද ඉන්න ඔරුකෙම මුහන්දිරම් හැදූ මාතර තාරකා කොටුව


ස්නේහවන්ත කහ කුරුලු සබඳිනි, වනපෙත සුරැකීමේ මහඟු කාර්යභාරයක යෙදෙන කසාගල වන සෙනසුනේ බුද්ධපුත්‍ර හිමිවරුන්ට සන්දේශයක් රැගෙන යමින්, කොළොම්තොට සිට දකුණු දිසාවේ මහතොටට පැමිණෙන ඔබට ඔබ විසින් පසුකරනු ලැබිය යුතු තොටවල් ගණන සිතින් ගණන් කළ හැකිද?


මම ඔබට උදව් කරමි. ඔබ පිටත් වන්නේ කොළඹින් නම් ඒ කොළොන්තොටයි.
කළුතර, කළුතොටයි.
බෙන්තර, බෙන්තොටයි.
ඊළඟට ඔබ පසු කළ යුත්තේ වැලිතොට, ගිංතොට සහ මාතොටයි. මාතොටින් එහාට ඇත්තේ ආන් - බලන් තොටු වූ අම්බලන්තොටයි.
නමුත් ඔබ එහි යා යුතු නැත.
ඔබ රාත්‍රිය ගතකළ යුතුව ඇත්තේ මාතර හෙවත් මාතොටෙහිය.


මාතර මැද්දෙන් ගලා යන නිල්වන් නිල්වලා නදිය ඉවුර අද්දර මඳක් සැනහී සැතපී හි½ද, රාත්‍රිය ගතකිරීම උදෙසා මාතර පුරවරයේ තාරකා කොටුවේ බිම් මහලේ සුදුසු තැනක් තෝරාගත මැනවි. එහෙත් ඉන් පෙර ඔබ මෙම තාරකා කොටුව පිළිබඳව තොරතුරු දැනගත යුතු බවට මම අවධාරණය කරමි. කිමද මෙම දූත සංචාරයේදී මාතර නොහොත් මහතොට තාරකා කොටුවේ නිවැරැදි දත්ත අනාගත දූ පුතුන් උදෙසා ලේඛනගත කිරීමට ඔබගෙන්ද විය හැකි මහත් වූ මෙහෙවරක් වනු හෙයිනි.


ඉදින් එසේ නම් මා ප්‍රිය සගයාණෙනි, අසනු මැනව. මාතර නගරය දක්‍ෂිණ ලංකාවේ පිහිටා ඇත්තේ නිල්වලා නම් ගඟ අසබඩය. මුහුදටද ආසන්නවය. කොළොම්තොට සිට මහතොටට ඇති දුර ප්‍රමාණය කිලෝමීටර්වලින් පවසන්නේ නම් එකසිය සැටක් පමණ වේ.


මෙම ඓතිහාසික මාතොට නම් නුවර කොටස් හයකට බෙදෙන බවද ඔබ දතයුතුව ඇත. කඩවත් සතර, වැල්ලබඩ පත්තුව, කන්දබඩ පත්තුව, ගඟබඩ පත්තුව, වැලිගම් කෝරලය සහ මොරවක් කෝරලයයි.
පැරැණි යුගයේදී මාතර හඳුන්වන ලද්දේ මහතොට නාමයෙන් බව සබඳිනි, ඔබට කිව යුතුව ඇත. ඒ ඇයි දැයි ඔබ අසන්නේ මුවින් නොව ඔබේ තීක්‍ෂණ දෑස මවෙත රඳවා ගනිමිනි. මිතුර මාතර නගරය මැදින් ගලා යන නදිය "නිල්වලා" නම් වූ බව මම ඔබට පැවැසුවෙමි. මෙම නදියෙන් එතෙර වීම පිණිස තිබූ මහත් වූ තොට නිසා මෙම නුවරට මාතොට නම ලැබිණැයිද සිතිය හැකිය.


මාතොට ජනාකීර්ණ පුරවරයක් වූයේ දෙවිනුවර උපුල්වන් දේවාලය සහ පරසිඳු ඇත්ගාල හෙයිනැයිද කියැවේ. මෙහි අනේකවිධියේ වෙළෙ¼දාම් සඳහාද ප්‍රචලිතව තිබිණි. කුරුඳු නිෂ්පාදනයත්, ඇතුන් වෙළෙදාමත්, නාගරික මුස්ලිම් ජනතාව විසින් කරන ලද මැණික් කර්මාන්තයත් නිසා මාතර වඩාත් දීප්ත නගරයක් විය. කටුවන, අකුරැස්ස සහ හක්මන ආදී තැන්වල පිහිටි ලන්දේසි බලකොටු දකුණු පළාතට වඩාත් ජනාකීර්ණ බවක් මෙන්ම පරසිඳු බවක්ද ගෙන දුන්නේය.
මිතුරාණෙනි, මම තවත් ටිකක් ඔබට කියමි. වත්මන සුන්දර බව සැබවි. ආශ්චර්යවත්ය. එහෙත් අතීතය වඩා මනරම් බවත් ඒ මනෝරම්‍ය අතීතය ඔබට අභිමානය සහ උදාරත්වය සාක්‍ෂාත් කරවනු ඇතැයිද අදහමි. මගේ දෙඋර මත වසා සිට මා ඔබට මෙලෙසින් පවසා අතීතාවර්ජනය ඔබ ඉතා මැනවින් පසක් කරගනු ඇතැයිද මම උදක්ම අදහමි.


පෘතුගීසි, ලන්දේසි හා බි්‍රතාන්‍ය යන ජාතීන් විසින් සියවස් ගණනාවක්ම ඔවුන්ගේ යටත්විජිතයක් ලෙසින් ලංකාව පාලනය කරන ලදී. මුලින්ම ලංකාවේ ආධිපත්‍ය උදුරා ගත්තේ පෘතුගීසීන්ය. ඒ 1505 දීය. ඔවුන් සියතට ගත්තේ ලංකාවේ මුහුදුබඩ පළාත්ය. 1656දී ලන්දේසීන් විසින් පෘතුගීසීන් පරදවා ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ අල්ලා ගත්තේය. 1976 දී ඉංග්‍රීසි ජාතිකයෝ බලය ඔවුන්තට පවරා ගති.
ලන්දේසීන් ඔවුන්ගේ ජනාවාස ඉදිකර ගත්තේ ඊට පෙර පෘතුගීසීන් විසින් තනනා ලද බලකොටු ආශ්‍රිතවය. ලන්දෙසි යුගයේදී ඔවුන්ට අයත් වූ දෙවැනි ජනාවාස නගරය වූවේ මාතොට නොහොත් මේ මාතරය. ගාලුතොට හෙවත් ගාල්ලට සැතපුම් විසි පහක් උතුරු දෙසින් මාතොට පිහිටියේය. ලන්දේසීන් ඔවුන්ගේ බලකොටු සහ ජනාවාස තනා ගත්තේ යම් තරමකට නාගරීකරණය වෙමින් පැවැති මුහුදුබඩ පළාත්වලය.


ඒ අවධියේදී විවිධ අන්දමේ වාස්තු විද්‍යා නිර්මාණ බිහිවිය. ලන්දේසීන් ඔවුන්ගේ බලකොටු සහ ජනාවාස තනා ගත්තේ විවිධ ප්‍රමාණයේ විවිධ හැඩය ඇති වාස්තු විද්‍යා නිර්මාණයන් ලෙසය. ඒ බලකොටු තිස් පහකි. වැඩි ප්‍රමාණයක් ඉදිවුණේ වෙරළාසන්නවය. මේවා වටා නාගරික මධ්‍යස්ථානද බිහිවිය. රජයේ ගොඩනැඟිලි සහ පදිංචිය සඳහා වූ නිවාසද ඔවුන් ඉදිකර ගත්තේ බලකොටු තුළමය. ආරක්‍ෂක බලකොටුද කිහිප වර්ගයක්ම ඔවුන්ට තිබිණි. කහ කුරුලු මැතිඳ ඔබ පුනරීන්, කටුවන සහ එලිෆන්ට්පාස් නම් නගර පිළිබඳ අසා තිබේද?


ලන්දේසීන් විසින් මෙම නගරවල පිහිටුවා ගනු ලැබුවේ බලකොටුවේ ප්‍රතිමුඛ කෝණ දෙකේ අට්ටාල දෙකක් තැනූ ආරක්‍ෂක බලකොටුය. මඩකළපුව, මන්නාරම සහ කල්පිටිය නම් ස්ථානවල සෑදූ බලකොටුවල මුළු හතරෙහි අට්ටාල හතරක් තිබිණි. සයකොන් හැඩයෙන් ගොඩනඟන ලද අට්ටාල සහිත බලකොටු ආරක්‍ෂිත සේනා සඳහා පමණක්ම නොව දේශීය පාලකයන්ගෙත්, ඔවුන්ගේ පවුල්වල අය සඳහාත් නිර්මිත විය. මාතර තාරකා කොටුව එවැන්නකි. එය සයකොන් නිර්මාණයකි. මෙම තාරකා කොටුව නිර්මාණය කිරීම සඳහා පවරා තිබුණේ "ඔරුකෙම මුහන්දිරම්" නම් දේශීය මුදලිවරයාටය. මෙහි ඇති අපූර්වත්වය පිළිබඳව කිව හැක්කේ ලන්දේසීන්ගේ රාජ්‍ය තන්ත්‍රය තුළ දේශීයත්වය පිළිබිඹු කිරීම අපේ සිංහලයන්ට තිබෙන්නට ඇති අවශ්‍යතාවයි.


යටත්විජිත සමයේදී නිර්මාණය කළ ගොඩනැඟිලි බොහොමයක තාක්‍ෂණය, අමුද්‍රව්‍ය සහ ශ්‍රමය ආදී ඉතා වටිනා සම්පත් දේශීය වශයෙන් ලැබී ඇත. මෙහිදී මාතර තාරකා කොටුවට ලැබී ඇත්තේ අද්විතීය තැනකි. ඔරුතොට මුහන්දිරම් විසින් තනන ලද මෙම බළකොටුව 1761දී ලන්දේසීන්ට අත්හැර දමන්නට සිදුවූයේය. සිංහල ජනතා විරෝධයක් පැමිණි හෙයිනි. එනමුදු ඔවුන්ගේ පසුබෑම වසරකට පමණි. 1762 වසරේදී "වෑන් එක්" නමැති ආණ්ඩුකාරවරයා යටතේ ලන්දේසීන්ට නැවැතත් මාතර කොටුව අල්ලා ගැනීමට හැකිවිය.
මෙහිදී මාතර කොටුවට පිටතින් තවත් ආරක්‍ෂක බලකොටුවක් ඉදිකළේ ආරක්‍ෂාව තර කර ගැනීම සඳහාය. එසේ අලුතින් සෑදූ කොටුව තාරකා කොටුවයි.
ක්‍රි.ව. 1763දී මෙම තාරකා කොටුව සෑදීම ආරම්භ කර ක්‍රි.ව. 1765 වන විට වැඩ අවසන් කර තිබේ. ඔරුතොට මුහන්දිරම් විසින් සාදන ලද මෙය තාරකා කොටුවයි.


ප්‍රිය මිතුරාණෙනි, ඔබට ගැටලුවක් පැනනඟීදැයි මට සැකයකි. එනම් මාතර බලකොටුව එකකි. ක්‍රි.ව. 1761දී ලන්දේසීන්ට අත්හැර දමන්නට සිදුවූයේ මෙම බලකොටුවයි. ක්‍රි.ව. 1762 වසරේදී නැවැත ඔවුන් බලය ලබාගත් පසු මේ බලකොටුවේ දැඩි ආරක්‍ෂාව තහවුරු කිරීම පිණිස ඔවුන් ක්‍රි.ව. 1763දී ගොඩනැඟූ සයකොන් බලකොටුව "තාරකා කොටුව" වෙයි.


මෙහි සැලැස්ම තාරකාවක් ලෙසින් තිබෙන නිසා 'තාරකා කොටුව' ලෙසින් නම් ලබන්නට ඇත. එය බෙහෙවින් අපූරුම නිර්මාණයකි. සිංහයන් දෙදෙනකුගේ ලාංඡනය සහිත ප්‍රධාන ‍ෙදාරටුවේ මෙසේ සඳහන් වී ඇති අයුරු නරඹන්න.

එහි අරුත ඔබට කිව හැකිද?
"එක්සත් පෙරදිග ඉන්දියානු වෙළෙඳ සමාගම." සබඳ, ඉන්දියානු සමාගමක් වුවත් සිංහයන් දෙදෙනාගේ ලාංඡනයක් දැකීමෙන් ඔබට කිසියම් දේශීය අභිමානයක් ඇතිවිය හැකි බවට මගේ සිත කියයි.
ඉඳින් මිතුර තවත් කියවාගෙන යන්න.
ආණ්ඩුකාරයාගේ නම වන ඍචදඥජඬ ද සටහන්ව තිබේ. මෙම තාරකා කොටුවට ඔවුන් ලබාදුන් නම අඥඤඤධභබඥ ඍචදඥජඬ ලෙස සඳහන්ය. ඊට යටින් සඳහන් වන්නේ තාරකා කොටුව සෑදූ වර්ෂය වන 1763 වසරයි. ඹ්.ධ්.ඍ.ඡ්. ලෙස සඳහන්ව ඇත්තේ ආණ්ඩුකාරවරයාගේ නමේ මුල් අකුරුය.


මෙහි ප්‍රවේශය අඩි 200ක් පමණ දීර්ඝ බව ඔබට වැටහෙන්නට ඇත. බලකොටුව වටා ඇති පිටත බෑවුම අඩි 25ක පළලකින් යුත්ත වේ. එය ශක්තිමත්ය. රේඛීය විදියට දකුණේ සිට ඇතුළු වීමේ ගේට්ටුව දෙසට ඇත. දෙපැත්තෙන්ම තිබෙන ගනකම් බෑවුමෙන් ආවරණය වී තිබේ. මෙය කෙළවර වන්නේ දිය අගලකිනි. බලකොටුව වටා තිබෙන මෙම දිය අගල වටකර තිබෙන බෑවුම ඇල හැඩයක් ගනී. එහි බිත්ති කපරාරු කරලාය. දිය අගලේ පතුල දක්වාම ඇති මෙම බිත්ති අඩි දහයක් ගැඹුරට විහිදෙයි. කොටු බැම්ම ඇතුළත තිබෙන වේදිකාව අඩි 14ක් ගනකමින් යුක්තය. උස අඩි 13කි. ඉන් ඉහළට ඇත්තේ අඩි 3ක උසින් යුක්ත ආරක්‍ෂිත පවුරයි.
මා මෙහි ලියනවාට වඩා හොඳින් මා ලියන දේ ඔබ සියැසින් දැකගත් පසු වඩාත් හොඳට වැටහෙනවා ඇත. තාරකා කොටුවේ ලැගුම්ගත යුතු බව මා ඔබට කීවේ එහෙයිනි. ඉඳින් සබඳ, තරුවක් ලෙසින් නිම කර ඇති මෙම බලකොටුවේ එක් මුහුණතක් අඩි 48ක දිගකි. ඇතුළු වන ගේට්ටුව දෙපස ඇති මුහුණත් දෙක අඩි 40ක් වෙයි. මේ ගේට්ටුව අඩි 6 1/2ක පළලකි. ඇතුළට යන විට එය වඩාත් පුළුල් වේ. දිය අගල හරහා කොටස් දෙකකින් යුක්ත දැව පාලමක්ය. කහකුරුලු මිතුරාණෙනි, ඔබ රිසි නම් මේ පාලමේ ඇන්දක් මත පියාසලා විත් මොහොතකට විඩා නිවා ගත හැකි වනු ඇත.


දැව පාලමේ මුල් කොටස ස්ථාවර වන අතර දෙවැනි කොටස හැකිළිය හැකිවන සේ නිමවා තිබේ. එය ක්‍රියාත්මක වන්නේ ලීවර ක්‍රමයටය. ක්‍රියාත්මක කළ හැක්කේ ගේට්ටුවෙන් ඇතුළු පැත්තේ සිටය. හැකිලූ පසු එයද ආරක්‍ෂිත ‍ෙදාරක් සේ ක්‍රියාත්මක වෙයි. එවිට දිය අගල හරහා ගමන් කිරීමට කිසිදු ක්‍රමයක් නැත.
මාගේ මිතුර මෙය සතුරු උපද්‍රවයන්ගෙන් ආරක්‍ෂා වීම සඳහා ලන්දේසීන් විසින් යොදනු ලැබූ කූට ක්‍රමෝපායකි. එනමුදු ඔබට මෙය ගැටලුවක් නොවේ. ඇළට ඉහළින් ආකාසයේ සරන්නට ඔබට තහනමක් නැති හෙයිනි. පාලම හැකිලූ පසු ‍ෙදාරවල් තුනකින් ගේට්ටුව වැසී යන ආකාරය ඔබ නිරීක්‍ෂණය කරන්න. ගේට්ටුවෙන් ඇතුළු වන තැනම ආරුක්කු හැඩයේ ප්‍රධාන ‍ෙදාරක් ඇතුළට ආ කල තවත් ආරුක්කු ‍ෙදාරටු දෙකක් හමුවේ. ඒවායේ එකල වෙඩි බෙහෙත් ගබඩා කොට තිබිණි. ප්‍රාකාර බැම්මේ සය කොනේ සිට බලද්දී හැම දිසාවක්ම නැරැඹිය හැකිය. ඒවායේ තුවක්කු 12ක් ස්ථානගත කළ හැකි විදියට කවුළු සහ වේදිකා සකස් කර තිබේ. මේ වේදිකාවක් හැම පැත්තකටම අඩි 30ක් පළලය.


වේදිකාවට විරුද්ධ පසින් සොල්දාදු කාමර, ගබඩා කාමර, ලන්දේසීන්ගේ කාර්යාල ආදිය සකසා ඇත්තේ වළල්ලක් මෙනි. මධ්‍යයේ ඇත්තේ බොලොක්ක ළිඳකි. විෂ්කම්භය අඩි 9කි. මේ සුවිශේෂී බොලොක්ක ළිඳේ දිය දුටු සැණින් ස්නානය සඳහා නොයෑමට මම ඔබට තරයේ අවවාද කරමි. වැසි වස්නා කල ඉහළ වේදිකාවලට එකතු වන වැසි ජලය තුන් පැත්තෙන්ම ගංගාවක් සේ දිය අගලට බැස යයි. එනිසා දිය අගල නිතරම ජලයෙන් පිරී තිබේ. තාරකා කොටුව තුළ ඔබ සැරිසරන්නේ නම් ග්‍රහණය කරගත යුතු බොහෝ දෑ එහි ඇත. ප්‍රාග් ඓතිහාසික මී මුත්තකු වූ මැණික්හාමිගේ ඇටසැකිල්ල මෙම තාරකා කොටුවේ ඇති කෞතුකාගාරය තුළදී ඔබට දැකගත හැකි වනු ඇත. එය හමුවී ඇත්තේ දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ හුංගම මිණිඇතිලිය වෙල්යායෙන් බව කියැවේ.


මැණික්හාමි භූමිදානය කර තිබෙන්නේ ළදරු කලලයක් පිහිටන අයුරින් වකුටුකරය. මොහුගේ සිරුර විවිධ ආහාර අපද්‍රව්‍යවලින් ශිලා මෙවලම් සහ බෙලි කටුවලින්ද සම්පූර්ණයෙන්ම වසාදමා නොගැඹුරු වළක වළදමා ඇත. අදින් වසර 4000කට පෙර අනාදිමත් කාලයක සිටි මිනිසුන්ගේ ජීවන රටාව පිළිබඳ සාක්‍ෂාත් කර ගැනීමට මැණික්හාමිගේ ඇටසැකිල්ල බෙහෙවින් උපකාරි වේ. මෙම ඇටසැකිල්ල කැණීම් කොට ගොඩට ගෙන ඇත්තේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කැණීම් අංශයයි. නව තොරතුරු වශයෙන් ඔබ ඒවා දැන සිටීම වැදගත් යැයි මම අදහමි.


ඉදින් කහකුරුලු සබඳ, අද දින මෙම තාරකා කොටුවේ ලැගුම් ගෙන සිට හෙට හිමිදිරියේ ඔබ විසින් ඉටුකරනු ලැබීමට නියමිත සද්කාර්යය සඳහා කසාගල වන සෙනසුන කරා නික්ම යෑමට මම ඔබට අවසර දෙන්නමි. ඒ සීතල උදෑසන තාරකා කොටුව වටා දිවෙන දිය අගලේ ගිලී දිය නා සැනහෙන්නට ඔබට සිතක් ඇති වේ නම් වහා එය දුරුකර ගත මැනව.
කිමද මෙම ගැඹුරු දිය අගලේ වෙසෙන රෞද්‍ර වූ කිඹුල් පරපුරට ඔබ සැණින් ගොදුරක් වනු දැක්ම මට නොරිසි හෙයිනි. එය මගේ සිත ශෝකයෙන් මුසපත් කරන්නට ඉඩ ඇත.


ඉඳින්, සුමිතුරාණෙනි ඔබට සුබ ගමන්.
සොබමන් තාරකා කොටුවෙන් මෙම නගරේ
සුපසන් සිතින් නික්මෙනු මැන මගෙ මිතුරේ...
(විශේෂ ස්තූතිය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට)


සදා ලාලිත් රණසිංහ