Showing posts with label ගොසිප්. Show all posts
Showing posts with label ගොසිප්. Show all posts

Dec 23, 2012

ඇෆ්ගන් මළ සිරුරුවලට මුත‍්‍රා කල ඇමරිකා සෙබළුන්ට දඬුවම්


ඇෆ්ගන් මළ සිරුරුවලට මුත‍්‍රා කල ඇමරිකා සෙබළුන්ට දඬුවම්
ඇමරිකානු මැරීන් භටයෙක් උතුරු කැරොලිනාවේ විශේෂ යුද්ධාධිකරණයක් හමුවේ ඇෆ්ගනිස්ථානයේ මියගිය තලේබාන් සටන් කරුවන් මත මුත‍්‍රා කිරීමේ වරදට නිලයෙන් පහල හෙලා ඩොලර් 500ක් දඩගසා ඇත. යුද්ධයේ තුවාල කරුවන්ගේ ඡුායාරූප ගැනීම හා පහල නිලධාරීන් නිසි ලෙස අධීක්ෂණය නොකිරීම නිසා සාජන්ට් ජෝෂප් චැම්බ්ලින් මෙසේ වරදට ලක්ව ඇත.

ඇෆ්ගනිස්ථානයේ හෙල්මන්ඞ් පලාතේ ක‍්‍රියාන්විතයකදී මිනිසුන් තිදෙනෙක් මත මුත‍්‍රා කරමින් සිනා වෙන දර්ශනයක් ජනවාරි මස අන්තර්ජාලයේ පලවීමෙන් සිද්ධිය ඇවිලී ගියේය. ඔවුන් 4 වන ස්කවුට් ස්නයිපර් බල ඇණියේ සාමාජිකයන් බව හඳුනා ගන්නා ලදී.
ඇෆ්ගන් ජනපති හමිඞ් කර්සායි මෙම ක‍්‍රියාව අමානුෂික බව කියා සිටි නිසා ඇමරිකානු ආරක්ෂක ලේකම් ලියොන් පනෙටා මෙන්ම හිලරි ක්ලින්ටන් ද ඒ පිලිබඳ සොයා බලා සෙබළුන්ට දඬුවම් කරන බව කියා සිටිහය. මාස 8ක් තිස්සේ පැවති පරීක්ෂණ වලින් පසු සෙබළුන් තිදෙනා වරදකරුවන් බවට පත් කර අනාවරණය නොකල පරිපාලනමය දඬුවම් ලබා දී ඇත.

විශාමික හමුදා කර්නල්වරියක හා තානාපතිනියක වන ඈන් රයිට් කියා ඇත්තේ මෙම මෘදු දඬුවම නිසා ඇෆ්ගනිස්ථානයේ ඇමරිකානුවන්ට එරෙහි ප‍්‍රචණ්ඩ ක‍්‍රියා වැඩිවනු ඇති බවයි. වරදකරුවන්ගේ අනාගත සියළු උසස්වීම්ද අත්හිටුවනු ඇත. චැම්බ්ලින් හා සාජන්ට් එඞ්වර්ඞ් ඩිප්ටෝලා එට පමණක් අපරාධ චෝදනා නගා ඇති අතර ඩිප්ටෝලා ගේ සිද්ධිය තවම විභාග වෙමින් පවතී. චැම්බ්ලින් දින 30ක සිරදඬුවමක් හා ඩොලර් 2000ක දඩයකට යටත් කල නමුත් පසුව එය ශේණි 3 ක් නිලයෙන් පහත හෙලීම සහ ඩොලර් 500 ක දඩයක් දක්වා අඩු කරන ලදී.

රයිට් කියන්නේ මෙම තින්දුවෙන් එරට ජනයා කෝප වනු ඇති බවයි. එසේම මෙවැනි තවත් චෝදනා ගණනාවක් සටන් ප‍්‍රදේශවල ඇමරිකානු සොල්දාදුවන්ට එරෙහිව නැගී ඇත.

http://rt.com/news/us-marine-urinate-afghans-596/

ශරීයා ව්‍යවස්ථාවට එරෙහිව ඊජිප්තුවේ නිරුවත් විරෝධතා



ඊජිප්තුවේ ශාරියා නීතිය පිලිබඳ ජනමත විචාරණයේ වෙන වටය සෙනසුරාදා ආරම්භ වීමට විරෝධය පල කිරීම සඳහා 22 හැවිරිදි ඒලියා මැග්දා එල්මාදි විසින් නිරුවත් විරෝධතාවක් පවත්වා ඇත.

ස්ටොක්හෝම් හි තානාපති කාර්යාලය ඉදිරිපිට ඊජිප්තු කොඩියද සහිතව ඍණ උෂ්නත්වද නොසලකා ඇය මෙසේ විරෝධය පල කර ඇත. ‘ශාරියා යනු ව්‍යවස්ථාවක් නොවේ’ යනුවෙන් ඇයගේ සිරුරේ ලියා තිබුණි.

නිරුවත් කි‍්‍රයාකාරකම් ගැන ප‍්‍රසිද්ධ ස්ත‍්‍රීවාදී සංවිධානයක් වන ෆීමන් හි සාමාජිකයන් දෙදෙනෙක්ද ඇය හා එක්වී සිටි බව ගල්ෆ් නිවුස් පවසයි. ඒ දෙදෙනා තම රහස් ප‍්‍රදේශ ආවරණය වන පරිදි ආගම් විරෝධී පුවරු දෙකක් අල්ලාගෙන සිටියහ. ඔවුන්ගේ උද්ඝෝෂණයේ අරමුණ වූයේ ඊජිප්තු ජනපති මොහොමඞ් මෝර්සි සහ ඉස්ලාම් ආගම පිලිබඳවයි.
කයිරෝවේ ඇමරිකානු සරසවියේ ශිෂ්‍යාවක වන එල්මාදි 2011 දී අදහස් පල කිරීමේ නිදහස ගැන දැක්වීමට සිය නිරුවත් ඡුායාරූප බ්ලොග් අඩවියක පල කර තිබුණිමේ අතර සිකුරාදා ඇලෙක්සැන්ඩි‍්‍රයාවේදී දැඩිමතධාරී සලාෆිවරු හා මුස්ලිම් සහෝදරත්වයේ සාමාජිකයන් සමඟ තරුණ උද්ඝෝෂකයන් පිරිසක් ගල්මුල් වලින් පහර දී ගත්හ.

පොලීසියේ මැදිහත් වීමෙන් කලහකරුවන් විසුරුවා හරින ලදී. පසුගිය සිකුරාදා මෙම ජනමත විචාරණය පලාත් 10ක පැවැත්වූ අතර ඉතිරි 17 හි සෙනසුරාදා පැවැත්වීමට නියමිතව තිබුණි. ඡුන්ද අක‍්‍රමිකතා සිදු වු බවට චෝදනා එල්ල වු මෙහි නිල නොලත් ප‍්‍රතිඵලය අනුව පනතට පක්ෂව ඡුන්ද 56% ක්ද විපක්ෂව 32%ක්ද ලැබී ඇත. මේ කෙටුම්පත රට දෙකට බෙදා ඇත. එක් පසකින් මෝර්සිගේ අනුග‍්‍රහය ලත් මුස්ලිම් සහෝදරත්වය, දැඩිමතධාරී සලාෆිවරු හා ජිහාඞ් කණ්ඩායමද අනෙක් අතින් ජාතික ගලවාගැනීමේ පෙරමුණ විසින් නායකත්වය දෙන ක‍්‍රිස්තියානි සහ මධ්‍යස්ථ මුස්ලිම්වරුද වෙති. මේ ව්‍යවස්ථාව නිසා අධිකරණයද ඇතුළු රාජ්‍ය ආයතන වල ගැටුම් ඇතිවී තිබේ.

http://www.ynetnews.com/articles/0,7340,L-4322922,00.html

Dec 13, 2012

පෘථිවියට සීබාවරුන්ගේ ආක්‍රමණයක්


පිටසක්වළ ජීවීන් (Aliens) පෘථිවිය ආක්‍රමණය කරමින් සිටින බව අමෙරිකාවේ නාසා (NASA) ආයතනය මඟින් තහවුරු කොට ඇතැයි සඳහන් වේ.

මේ බව සඳහන් වන්නේ http://weeklyworldnews.com/ යන වෙබ් අඩවියේය. බි්‍රතාන්‍යයේ Daily Mail පුවත්පතේ වෙබ් අඩවිය ඇතුළු බොහෝ වෙබ් අඩවි මේ වන විට පිටසක්වළ ජීවීන්ගේ පෘථිවි ආක්‍රමණයක් සම්බන්ධයෙන් බිය සැක පහළ කොට තිබේ.

එසේම පිටසක්වළ ජීවීන්ගේ පෘථිවි ආක්‍රමණයක් පිළිබඳ අන්තර්ජාලයේ මෙවැනි වෙබ් අඩවි අනාවැකි පළ කිරීමට ගත්තේ 2008 වසරේ පමණ සිටය. පිටසක්වළ ජීවීන්ගෙන් විය හැකි ආක්‍රමණයක් පිළිබඳ පවතින විශ්වාසය, කුහුල මෙන්ම උනන්දුව කොතරම්ද යත් අන්තර්ජාල වෙබ් අඩවි පවත්වාගෙන යන්නන් මෙන්ම සමහර රටවල ගුවන්විදුලි, රූපවාහිනි හා පුවත්පත් මාධ්‍ය පවා මෙම සංසිද්ධිය සම්බන්ධයෙන් පර්යේෂණ පැවැත්වීමට හා වාර්තා කිරීමට වෙනම මාධ්‍යකරුවන් පත්කොට තිබේ.

මෙම පිටසක්වළ ජීවීන්ගේ ප්‍රහාරය වඩාත් ත්‍රාසයට හා භීතියට පත් කරන්නක් බවට පත්ව තිබෙන්නේ දැන් එහි දින වකවානු ලෝක විනාශය සිදුවෙතැයි කියන මෙම දෙසැම්බර් මාසයේ දිනයන්හි සිදුවන බවට අනාවැකි පළකොට තිබීමය.

පිටසක්වළ ජීවීන්ගේ පෘථිවි ප්‍රහාරය සම්බන්ධයෙන් මේ වනවිට ලොව සියලුම රාජ්‍යයන් දැනුම්වත් බවද එසේ වුවත් ලෝකවාසීන් කලබලයට පත් නොවීම සඳහා රාජ්‍යයන් එම තොරතුරු මහජනතාවගෙන් වසං කරන බවද මේ සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කරන විදෙස් මාධ්‍ය කියා සිටී.

නිව්ස් ඩිස්කවරි වෙබ් අඩවිය තවදුරටත් සඳහන් කරන්නේ සීබා (ඛඥඥඡච) නමැති ග්‍රහලෝකයේ සිට එන පිටසක්වළ ජීවීන් පෘථිවි ආක්‍රමණය අරඹා ඇති බව පිටසක්වළ ජීවීන් සම්බන්ධයෙන් වන එක්සත් ජාතීන්ගේ මණ්ඩලය මඟින් තහවුරු කොට ඇති බවයි. 2011 ඔක්තෝබර් මාසයේ සිට මෙම ප්‍රහාර පෘථිවිය වෙත එල්ල කිරීම ආරම්භ කොට ඇති බව කියැවෙන අතර 2015 වසරේ දෙසැම්බර් දක්වා පෘථිවියට විශාල සංඛ්‍යාවක් ප්‍රහාර එල්ල වනු ඇතැයි එම මණ්ඩලයේ ප්‍රධානී ජෝන් මැලී (බ්ධඩද ර්චතතඥර) ප්‍රකාශ කොට තිබේ. එසේ 2015 දෙසැම්බර් වන පෘථිවිය සීබාවන්ගේ (සීබා ග්‍රහලෝකයෙන් පැමිණෙන පිටසක්වළ ජීවීන්) සම්පූර්ණ ග්‍රහණය යටතේ පවතිනු ඇති බවටද ඔහු අනාවැකි පළ කරයි.

මෙසේ සීබාවන් විසින් පෘථිවිය ආක්‍රමණය කිරීමට හේතුව ලෙස නාසා ආයතනය දක්වන්නේ පෘථිවියේ සිටින මිනිසුන් වඩා වැඩි වැඩියෙන් හරිතාගාර වායුන් විමෝචනය කරමින් අභ්‍යවකාශය දූෂණය කිරීමට කටයුතු කිරීමය.

විශ්වයේ අෑත සිට බලන පිටසක්වල ජීවීන්ට පෘථිවියේ පරිසර තත්ත්වයන් ඛේදනීය ආකාරයට වෙනස් වන බව නිරීක්‍ෂණය කිරීමට හැකි වී ඇති බවද මානව ශිෂ්ටාචාරය පාලනයෙන් තොර අන්තයකට ඇදී යන බවද ඔවුනට අවබෝධ වී ඇති හෙයින් විශ්වයට වඩා බරපතළ අනතුරු කිරීමෙන් මනුෂ්‍ය වර්ගයා වළකාලීම සඳහා පිටසක්වළ ජීවීන් විසින් මෙම දැඩි පියවර ගෙන ඇතැයි නාසා ආයතනය කියයි.

පෙනිසියුලියානු රාජ්‍ය විශ්වවිද්‍යාලයේ විද්‍යාඥවරුන් මෑතදී අනාවැකියක් පළකොට ඇත්තේ 2012 අවසානය එළැඹෙන විට සීබා ග්‍රහලෝකයෙන් පැමිණෙන පිටසක්වළ ජීවීන් හා පෘථිවි වාසී මනුෂ්‍යයන් අතර සෘජු සම්බන්ධතා පැවැත්වෙනු ඇති බවයි.
නාසාහි ග්‍රහවිද්‍යා අංශයේ ජෙසිකා විගල් මාකුම් හා ඇයගේ කාර්යමණ්ඩලය සීබාවන් පෘථිවියට ළඟාවී මිනිසුන් හමුවීමකදී ඇතිවිය හැකි සිදුවීම් සත්‍ය වශයෙන්ම හමුවීම සඳහා සූදානම් වන්නයන තේමාව යටතේ ලැයිස්තුගත කොට ඇත්තේ මනුෂ්‍ය වර්ගයාට එය උපකාරී වනු ඇතැයි යන හැඟීමෙනි.

මිනිසුන් සීබාවරුන් හමුවීම යනුවෙන් නිකුත් කොට ඇති වාර්තාවේදී පර්යේෂකයන් විසින් පිටසක්වළ ජීවීන් වර්ග තුනකට බෙදා දක්වා තිබේ. ඒ මිනිසාට ප්‍රයෝජනවත් වන පිටසක්වළ ජීවීන්, ප්‍රයෝජනයක් හෝ අවැඩක් නැති පිටසක්වළ ජීවීන් හා මනුෂ්‍යයාට හිංසාකාරී පිටසක්වළ ජීවීන් වේ.

මිනිසාට ප්‍රයෝජනවත් පිටසක්වළ ජීවීන් අතර සිටින පිටසක්වළ බුද්ධිමතුන් හෙවත් ඡ්ඊධ් විසින් වාසිදායී හා සාමකාමී ආකාරයට සීබාවන් හා මිනිසුන් අතර හමුවීම් සංවිධානය කෙරෙනු ඇතැයි බලාපොරොත්තු වේ. මෙම හමුවීම් තුළින් කුසගින්න, දරිද්‍රතාව හා ලෙඩරෝග වැනි මිනිසා මුහුණ දෙන ගෝලීය ප්‍රශ්න විස¼දාගැනීමට මනුෂ්‍යයාට අවශ්‍ය දැනුම ලබාදෙනු ඇත.

ජෝති අග්‍රවාල් නම් විද්‍යාඥයා පවසන පරිදි සීබාවරුන් හා මානව වර්ගයාගේ මෙම හමුව මනුෂ්‍යයා කෙරෙහි වඩාත් ප්‍රකෝපව සිටින වෙනත් බලගතු පිටසක්වළ ජීවීන්ගෙන් හෝ පසුව අඟහරු ආදී ග්‍රහලෝකයකින් පැමිණෙන පිටසක්වළ බුද්ධිමත් ජීවීන්ගෙන් ගැලවීම සඳහා මිනිසාට බෙහෙවින් ඉවහල් වනු ඇත.

මෙම සංසිද්ධිදාමය තුළින් මිනිසා ලබන ලාභ ප්‍රයෝජනත්, මිනිසාගේ චිත්ත ධෛර්යයත් වැඩිකරනවා පමණක් නොව පිටසක්වළ ජීවීන් සමඟ සිත් තුළ තිබූ සතුරු හැඟීම් ඉවත් කරගැනීමටද හේතු වනු ඇතැයි විද්‍යාඥ ජෝති අග්‍රවාල් පෙන්වා දෙයි. එසේම පිටසක්වළ තාක්‍ෂණය පෘථිවිය මතට ලබාගැනීමටද එය මහඟු අවස්ථාවක් ලබාදෙනු ඇත.

අනෙකුත් ආකාරයේ පිටසක්වළ ජීවීනට වඩා සීබාවරුන් සමඟ අර්ථවත් සන්නිවේදනයක යෙදීමට මිනිසාට හැකිවනු ඇතැයි විශ්වාස කෙරේ. සීබාවරුන් මනුෂ්‍ය වර්ගයා වෙත ගැලැක්සීය සමාජ’ (ට්චතචජබඪජ ඛ්තභඡ) සඳහා ආරාධනා කරනු ඇතැයි විශ්වාස කෙරේ.

සීබා ග්‍රහලෝකයෙන් පැමිණෙන පිටසක්වළ ජීවීන් මනුෂ්‍ය වර්ගයාට හානි කරන්නන් වුවහොත් එය පෘථිවිය මත වෙසෙන මනුෂ්‍යයාගේ දැඩි අසතුටට හේතුවන්නක් විය හැකිවේ. සමහර විට මෙම පිටසක්වළ ජීවීන් මනුෂ්‍යයන් ආහාරයට ගැනීමට හෝ අත්අඩංගුවට ගැනීමට හෝ ප්‍රහාරයක් එල්ල කිරීමට පැමිණිය හැකිය. එසේ වුවහොත් කායික වශයෙන් තළා පෙළා දැමීමෙන් හෝ සංක්‍රමණික පිටසක්වළ ජීවීන් වෙතින් රෝග වහනය වීමෙන් මනුෂ්‍යා දැඩි පීඩාවකට පත්විය හැකිය.


විශේෂයෙන්ම ඉතා අවාසනාවන්ත තත්ත්වයක් යටතේ මිතුරු නොවූ පිටසක්වළ ජීවීන් විශේෂයක් මඟින් පෘථිවිය මත වෙසෙන මනුෂ්‍යයන් පෘථිවිය මතින් අතුගා දමා වෙනත් බුද්ධිමත් ජීවීන් විශේෂයක් මඟින් ප්‍රතිෂ්ඨාපනය කිරීමද සිදුවිය හැකිය.

එසේම තවත් සමහර පිටසක්වළ ජීවීන් විසින් අතිශය භයානක වූ පර්යේෂණ පැවැත්වීමටද කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වේ.

පිටසක්වළ ජීවීන්ගේ පෘථිවි ආගමනයකින් මනුෂ්‍ය වර්ගයාට විය හැකි හානිය අවම කරගැනීම සඳහා පිටසක්වළ ජීවීන් සමඟ සාමය වර්ධනය කරගැනීමේ ප්‍රයත්නයක් ක්‍රියාත්මක කළ යුතු බව විද්‍යාඥයන් පෙන්වා දී ඇතැයි කියැවේ. අභ්‍යවකාශය වෙත සාමකාමී සංඥා යැවීමද ග්‍රහලෝක අතර පිටසක්වළ ජීවීන් සොයා කණ්ඩායම් පිටත් කිරීමද මෙලෙස ගතහැකි ක්‍රියාමාර්ගයන් වේ.

පෘථිවිය මත සිටි ජීවීන් වරෙක මනුෂ්‍යයන් විසින් ප්‍රතිෂ්ඨාපනය කොට පෘථිවිය මත බලය සියතට ගත්තේය. එසේම පිටසක්වළ සිටින ජීවී විශේෂයක් වැඩිදියුණු වෙද්දී පෘථිවිය මත සිටින මනුෂ්‍යයන්යනුවෙන් හඳුන්වන ජීවී විශේෂය ප්‍රතිෂ්ඨාපනය කරමින් සිය අණසක පෘථිවිය මත පතුරුවාලීමට ක්‍රියාකිරීමේ අරුමයක්ද නොවේ යැයි යන මතයද මෙම විද්‍යාඥ පිරිස ගෙනහැර දක්වති.

මේ අතර ස්වාභාවික ව්‍යසන සිදුවීමට මොහොතකට පෙර හඳුනානොගත් ආකාශ වස්තූන් එම ස්ථානවල තිබී ඇති බව මේ වනවිට හෙළිදරව් වී තිබේ. 2012 අගෝස්තු, සැප්තැම්බර්, ඔක්තෝබර් මාසවලදී පමණක් මෙසේ හඳුනා නොගත් පියාසර වස්තූන් සීයක් පමණ ඉන්දියා, චීන දේශ සීමා ප්‍රදේශයේදී දර්ශනය වී ඇති බව ඉන්දියා ටුඩේපුවත්පත පවසා තිබිණි. ඉන්දීය හමුදා නිලධාරීන් පවසා ඇත්තේ මේ පියාසර වස්තූන් චීනයේ ඩේ‍රා්න යාත්‍රා හෝ චන්ද්‍රිකා නොවන බවයි.

පසුගිය සතියේ අමෙරිකාවේ මෙක්සිකෝ, වර්ජිනියා හා කැරොලිනා ප්‍රාන්තවල මෙන්ම ස්කොට්ලන්තයේදී එවැනි හඳුනා නොගත් පියාසර වස්තූන් දර්ශනය වූ බවට වීඩියෝ වාර්තා පවා ඇත.

එසේම තවත් භයානක ආරංචියක් වන්නේ යම්කිසි ස්වාභාවික ව්‍යසනයක් වන අවස්ථාවලදී ඊට දින කීපයකට පෙරදී මෙවැනි පියාසර වස්තූන් දර්ශනය වන බවය. මැතකදී සිදුවූ ගිනිකඳු පිපිරීම්, සුනාමි වැනි ව්‍යසනවලදී පෙර මෙවන් දේ දර්ශනය වී ඇත.

පසුගිය ඔක්තෝබර් 26 වැනිදා මෙක්සිකෝවේ ගිනිකන්දක් සක්‍රිය වී තිබූ අවස්ථාවනදී ඒ තුළට යන සිලින්ඩරයක හැඩය ගත් වස්තුවකි. එසේම රාත්‍රි කාලයේදී මෙම ගිනිකන්ද අසලින් යන පියාසර වස්තූන් කීපයකම වීඩියේ දර්ශනද එරට රූපවාහිනි නාළිකා මගින් වරින් වර ප්‍රචාරය කර තිබිණි. කෙසේ වෙතත් මෙම ආකාශ වස්තුව ගිනිකන්ද තුළට වැටී මොහොතකට පසු ගිනිකන්ද පුපුරා ලාවා ගලා විශාල විනාශයක් සිදුව ඇත.

අමෙරිකාවේ වර්ජිනියා ප්‍රාන්තයේ ඉහළ අහසේද මෙවන් සිලින්ඩරයක හැඩය ඇති දිගැටි පියාසර වස්තුවක් පසුගිය ඔක්තෝබර් 16දා දර්ශනය වී ඇත. එම වස්තූන් දෙක ඉතා පැහැදිලි අහස මත ඉතා දීප්තිමත් ෆ්ලෝරසන්ට් බල්බ දෙකක් මෙන් දිලිසෙමින් තිබූ බව තාරකා විද්‍යාඥ ඇලන් එප්ලින් විසින් පවසා ඇත. ඔහු එය ර්ඥචඤඥ8′ඉඛ්ඊ නම් තාරකා දුරේක්‍ෂය ඔස්සේ වීඩියෝගත කර තිබුණු අතර වැඩිදුරටත් ඔහු පවසා තිබුණේ මේවා සැබෑ වස්තූන් බවටත් මායාවන් නොවන බවටත් තමන් විශ්වාස කරන බවය.

ඔක්තෝබර් මාසයේම 13 වැනි දින ස්කොට්ලන්තයේ ඇබර්ඩීන්ෂයර් ප්‍රදේශයේ ගම්මානයක වූ කාන්තාවක් මැදියම් රැයේදී මෙවන් ආලෝකයක් දැක තිබිණි. ඇය පවසන පරිදි රාත්‍රියේ ජනේලයෙන් නිවස තුළට පතිත වූ විශාල ආලෝක ධාරාව නිසා ඇය අවදි වී තිබේ. එවිට ඇය දැක තිබුණේ පොළොවෙන් අඩි 20-30ක් පමණ උසින් වූ දීප්තිමත් වස්තුවකි.

ඇගේ බෑණා වන ස්කොට් මෙම පියාසර යානාවේ ඡායාරූප ගණනාවක් ගෙන අභ්‍යවකාශ වස්තූන් පිළිබඳ විශේෂඥ මැල්කම් රොබින්සන්ට පෙන්වා ඇති අතර ඔහු පවසා තිබුණේ මේ ඡායාරූපවල හොරයක් බොරුවක් නොමැති බවය.

ඊට අමතරව අමෙරිකාවේ දකුණු කැරොලිනා ප්‍රාන්තයේ අහස මතදමෙවැනි අද්භූත හා පියාසර වස්තූන් දර්ශනය වී තිබූ අතර පසුගිය සැප්තැම්බර් 13 හා 12 යන දිනවලදී තැඹිලි පැහැති ආලෝක ධාරා රාශියක් අමෙරිකා මර්ටන් වෙරළ ආශි්‍රතවද දර්ශනය වූ බව වොෂින්ටන් හඳුනානොගත් පියාසර වස්තූන් ගවේෂණ මධ්‍යස්ථාන පවසා සිටී.

කෙසේ වුවද මේ පියාසර වස්තූන් දෑසින් දකින තුරුම තමන්ට එය පිළිගත නොහැකි බව කියන ලංකාවේ ඇතැම් විද්වතුන් මෙවැනි දේ පෙනෙන්නේ මානසික රෝග තත්ත්වයන් ඇති අයට බව පවසයි. ඔවුන් කෙසේ කීවද මේවා ඒ කනෙන් අසා මේ කනෙන් පිටකර සිටින්නට තරම් සරල කාරණා නොවන වග මතක්කර දිය යුත්තේ ලොව තැනින් තැන සිදුවන මෙවන් විපරීත දේද සැලකිල්ලට ගැනීමෙනි.

ජපානයට මෑතකදී ආ සුනාමියටත්, මෙක්සිකෝවේ ගිනිකඳු පිපිරීමටත් පෙර මෙවන් දේ දර්ශනය වී නම් අපද පරිස්සම් වීම ඇඟට ගුණය.

එහි භයානකකම පිළිබඳ වඩා සැලකිය යුතු වන්නේ ජීවිත විශාල ගණනක් මෙන්ම නිවාස, දේපොළ මිල කළ නොහැකි ප්‍රමාණයක් විනාශ කරමින් ඇති වූ සුනාමියට පෙර මෙවන් තත්ත්වයක් ඇති වී තිබීමය. සුනාමි තත්ත්වය ඇතිවීමට පැය කීපයකට පෙරදී මෙලෙස ජපන් අහසේ දර්ශනය වූ පියාසර යානා දෑසින් දුටු පිරිස් ඒවා වීඩියෝ ගතකර තිබූ අයුරු අන්තර්ජාලය හරහා ඔබටද දැකගත හැකිය. මුවින් පමණක් මෙවන් අදහසක් මෙවැන්නක් පළවූවා නම් එය පිළිගැනීමට දෙවරක් සිතිය යුතු වුවද මෙලෙස සාක්‍ෂයන් මත හෙළිවන තොරතුරු නිසාම දෙවරක් නොසිතාම එය පිළිගැනීමට සිදුව ඇත.

-
රූකාරී සඳලංකා සුදුසිංහ / Mawbim- Lanka C News.

මහ රෑ වලව්වේ හොල්මන් කළ මිය ගිය ආච්චිගේ අවතාරය


දිවයිනේ නොයෙකුත් පළාත්වල සේවයේ යෙදී හුන් 'සදාර්' සාජන් මහත්තයාගේ මෙවර නවාතැන වූයේ 'වෑතර'ය. එය පිළියන්දල, හොරණ ප්‍රධාන මාර්ගයේ පිහිටි ගමකි. එවකට දරුවන් සතර දෙනකුගේ දයාබර පියෙක් වූ 'සදාර්' සාජන් මහත්තයාගේ දයාබර බිරිය වූයේ 'රාණි'ය. ඔහු ඇයට ආදරේට කීවේ 'මමී' කියාය.

හැටේ දශකයේ මුල්ම කාලයේ වන මෙම වකවානුව තුළ 'වෑතර' යනු දුෂ්කර පළාතකට සමානය. අඩුපහසුකම්වලින් හෙබි මෙම ප්‍රදේශය තුළ සාජන් මහත්තයාගේ සිත්තැවුලකට යම් හේතුවක් වී නම් ඒ ගොම්මන් යාමයට මත්තෙන් අවට බැහැගන්නා අඳුරය. රාත්‍රිය වන විට අවට පරිසරය කෑලි කපන අඳුරෙන් වැසී යන අතර ඒ කට්ට අඳුර යන්තම් හෝ මකාලන්නට සමත් වන්නේ භූමිතෙල් කුප්පි ලාම්පුවක් පමණි.

රුපියල් විසිපහක් හෝ තිහක කුලී පදනම මත ලබාගත් මෙම නිවෙස පැරැණි වලව්වක. හැඩයෙන් යුක්තය. පඩි දෙකක් ඉහළ නැඟගත් කල ඇති විවෘත කොටස මත රජකාලේ හාන්සි පුටුවකි. එය නිවසේ ඉදිරිපස කොනක කෙටි තාප්පය අසල තිබේ. නිවෙස් හිමියා පැවැසුවේ එය තමා පාවිච්චි කරන පුටුව බවත් එය තැබීමට ගැළපෙන එකම තැන මෙතැන බවත් තමන් පදිංචි වන තාවකාලික කාලය තුළ එය මෙසේ තිබුණාවේ යැයි ඔහු 'සදාර්' සාජන් මහත්තයාට පවසා තිබුණෙන් සාජන් මහත්තයාද සිතුවේ එය තමන්ටද අපූරු වින්දනයක් ගෙනදෙනු ඇතැයි කියාය. ඒ අනුව ඔහුද නිවසේ සිටින විවේකී මොහොතක වැඩි කාලයක් මේ පුටුවට බරදී මෙයට යාර සියයකට පමණ එහායින් දිවෙන කොළඹ - හොරණ මාර්ගය දෙස බලා සිටිමින් අමුතු වින්දනයක් ලැබීය.
සමහරදාට එම රාජකාරිය ඉටු කරන්නේ ඔහුගේ බිරිය 'රාණි'ය. ඔහු නිවසට ඒමට ප්‍රමාද වන මොහොතේ පටන් ඔහු නිවසට එනතුරාත් ඇය මත දරු පැටවුන් නින්දට යවා මේ පුටුවට බරදී ගේට්ටුව දෙසම බලා සිටින්නේ ඔහු එනතුරුය.
මේ ආරම්භ වන්නේ ඔවුන් වෑතරට පදිංචියට පැමිණ දෙවැනි සතියයි. ඒ වගේම 'සදාර්' සාජන් මහත්තයාගේ රාත්‍රි දහයට අවසන් වන වැඩ මුරයය. එදා අද මෙන් පැය අටේ ‍ෙදාළහේ වැනි වැඩමුර තිබුණේ නැත. තිබුණේ රෑ වැඩ දවල් වැඩ කියා වැඩමුර දෙකකි. එහෙත් සාජන් මහත්තයාට රෑ වැඩ කිරීමට අපහසු වූයේ කුඩා දරුවන් සතර දෙනකුත් සමඟ තම තරුණ බිරිය නන්නාඳුනන පළාතක පාළු වත්තක් මැද නිවසක තනියම රාත්‍රිය ගත කිරීම නිසාය. ඒ අනුව ඔහු තමන්ට හැකි උපරිම කාලයක් සේවය කිරීමට විශේෂ අවසරයක් තම ඉහළ නිලධාරියාගෙන් ලබාගෙන තිබිණි.

සාජන් මහත්තයා වැඩ ඇරී නිවසට එමින් සිටියේය. තම පොලිස් ස්ථානයේ සිට නිවසට ඒමට සැතපුම් තුනක පමණ දුරක් තිබූ අතර ඔහු ඒ දුර සමහරදාට ගෙවා එන්නේ පයින්ය. ඔහු නිවස ආසන්නයට එන විට රාත්‍රි එකොළහ පසුවී තිබෙන්නට ඇත. ඔහු අෑත තියාම දුටුවේ තම ආදරණීය බිරිය ඉස්තෝප්පුවේ හාන්සි දුටුවට බරදී පාර දෙස බලා සිටින අයුරකි. නමුත් ඇය කෙරෙහි ඔහුට පුංචි කේන්තියක් දැනුණේය. මන්දයත් කුප්පි ලාම්පුවක්වත් තමන්ගේ තනියට ළඟ තබා නොගැනීම ගැනය.
සාජන් මහත්තයා ඇය අසලට ළංවන්නට යාර කිහිපයක් තියෙද්දී 'මමී' යනුවෙන් ඇමැතුවේය. එහෙත් ඇය කිසිත් නො‍ෙදාඩා හාන්සි පුටුවෙන් නැඟිට පිළිකන්න දෙසට ගමන් ගත්තාය. ඒ සමගම අවට පැතිර ගියේ 'සඳුන්' සුවඳකි. සාජන් මහත්තයා දෙනෙත් පොඩිකර නැවත අවට විපරම් කළේය. වවුලකු සට....සට.....ගා එහා මෙහා දිවෙන හඬක් මිස අමුත්තක් දැනුණේ නැත.

ඔහු ‍ෙදාරට ගැසුවේය. ඔහුගේ බිරිය පැමිණ ‍ෙදාර ඇරියාය. කිසිදු අමුත්තක් පෙනෙන්නට නැත. ඔහු කිසිත් නො‍ෙදාඩා පසුවදා පටන් ඉස්තෝප්පුවේ කෙටි බිත්තිය මත භූමිතෙල් ලාම්පුවක් තබන ලෙස බිරියට නියෝග කළාය. තවත් දින කිහිපයක් ගතවිය. හැලහොල්මනක් නැත. සාජන් මහත්තයාට සිතුණේ තමන් 'මනස් ගාතයක්' දකින්නට ඇතැයි කියාය. සැනසුම් සුසුම් හෙළුෑ ඔහු තම රාජකාරි නිමකොට නිවසට එමින් සිටියේය. එදින ලාම්පුව නිවී තිබිණ. ඔහු එකවර බැලුවේ හාන්සි පුටුව දෙසය. ඔහුගේ සියොලඟම දහදියෙන් තෙත්ව ගියේය. කවුරුන් හෝ හාන්සි පුටුව මත වාඩිවී සිටියේය. ඔහු පත අඹ ගසකට මුවා වූවාය. විනාඩි කිහිපයක් බලා සිටියේ වන්නේ කුමක්ද කියාය.

තවත් දින දෙක තුනකින් පෝය ලබන නිසාදෝ හඳ එළිය යන්තමින් ඒ මේ අත එළිය කරමින් සිටියේය. ගස් අතු අතරින් ඉස්තෝප්පුව දෙසට කඩා වැටුණු සිහින් සඳ එළිය අමුත්තාගේ රුව දර්ශනය කළේය. ඇඳුමෙන් පැලඳුමෙන් පමණක් නොව පස්සට පීරා කරුංකා ගෙඩියක් තරමට බැඳ තිබූ කොණ්ඩයට ඉහළින් කුඩා දිස්නයක් පෙන්නුම් කළ ඉත්තෑ කූරු පනාවක් හා කළුවරේ වුවද මුහුණ හරහා ඇඳී ගොස් තිබූ පත රැවුල නියමාකාර ලෙසම ඔහු ආරච්චිල හැඩයක් ගෙන තිබිණි.
සාජන් මහත්තයාට තවත් හිතන්නට දෙයක් ඉදිරිව තිබුණේ නැත. ආරච්චිල හැඩය ගත් අමුත්තාත්, තමන් පදිංචිව සිටින වලව්වක හැඩය ගත් මෙම නිවසත් අතර සම්බන්ධය තවත් තේරුම්කර ගත යුතුව තිබුණේ නැත. නියත වශයෙන්ම මේ වලව්වේ අයිතිකාරයාගේ හොල්මන බව ඔහුට සිතුණේය. ඒ ක්‍ෂණයකින් බිමට නැමී අතට ගත් වැලි අහුර වෙත යමක් මැතිරූ ඔහු එයට කෙළබෙට්ටක් ගසා අවතාරය දෙසට දමා ගැසුවාය. අවතාරය නොපෙනී ගියේය.

අඩියට දෙකට ගෙට ගොඩවුණු සාජන් මහත්තයා ‍ෙදාරට පතබෑවේය. එහෙත් වෙනදා වේගයෙන් ‍ෙදාර ඇරුණේ නැත. විනාඩි කිහිපයකට පසු ගැහෙන සිරුරෙන් යුතුව බිරිය පැමිණ ‍ෙදාර ඇරියාය.
'
ම....මමී....! ඔයා බය වුණාද....?
මීට විනාඩි කිහිපයක කලින් ඇය දරුවන් නිදිකරවා එළියේ තබන ලාම්පු කුප්පිය පත්තුකරන්නට සැරසුණා පමණි. 'චුරුස්'.... හඬක් ඇයට ඇසුණේ පිළිකන්න දෙසිනි. එය යමෙකු බුලත් කෙළ ගසන හඬට සමානය. ඒ සමගම පිළිකන්න දෙස සිට ඉදිරිපසට යමෙකු ගමන් කරන අඩි ශබ්දයක් ඇයට ඇසී තිබේ. එය නතර වුණේ තම ගෙපිළට ගොඩවීමෙනි.

ගතටත්, සිතටත් දිරියගත් ඇය යතුරු හිලෙන් ඉස්තෝප්පුව දෙස බැලුවේය. පිළිකන්නේ සිට පැමිණි රුව නිවසේ ඉදිරිපස ඇති හාන්සි පුටුවට බරදී දෙපා ඔසවා පුටුවේ ඇඳි දෙක මත දිගහැර තේජසින් යුතුව පාර දෙස බලා සිටියේය. කුප්පි ලාම්පුවවත් තබා ගන්නට නොහැකිව අය බිරාන්තව බලා සිට ඇත්තේ සාජන් මහත්තයා මේ අවතාරය දැක බියවන්නට හැකි නොවේදැයි සිතමින්ය. එහෙත් සාජන් මහත්තයාට හොල්මන් අවතාර අමුතු දේවල් නොවේ.

ඔහු සිතුවා සේම මේ සැරිසරන්නේ මෙම වලව්වේ අයිතිකරුවාය. දැන් මේ වලව්ව අයිති ඔහුගේම පුතකුට වුවත්, ඔවුන්ටද මේ දසුන අමුත්තක් නොවේ. බැරිම තැන ඔවුන් මෙම වලව්ව පාළුවට අතැර දමා ටික කාලයක් ගතවී තිබිණ. ඊට පසු පවුල් කිහිපයක් සඳහා කුලී පදනම මත බාරදී තිබුණත් හාන්සි පුටුව නම් තමන් ළඟට ගෙන ගියේ නැත්තේ තමන්ගේ පියාගේ හැටි දන්නා නිසාය. පොඩි දේකටත් උරණ වන ඔහු ඒ වෙනුවෙන් දැඩි දඬුවම් පමුණුවන්නේය.

මීට කලින් පදිංචිව සිටි පවුලේ කෙනෙක් මෙම හාන්සි පුටුව නිවස පිටුපස දර මැස්ස ළඟ තබාවිත් අපූරු දඬුවමක් වින්දේය. ඒ රාත්‍රියේ ඇති වූ ශරීර අවශ්‍යතාව කියා එළියට ගිය ඔහු කිසිදු හේතුවක් නොමැතිව රෑ එළිවෙන තුරා එම හාන්සි පුටුව මත දිගාවී සිටීමය. තවත් දිනක් ඔහු ඉස්තෝප්පුවේ මෙම හාන්සි පුටුව මත දිගාවී සිටියේ තරමක් බමන මතිනි. ඒ හේතුවෙන් ඔහු නින්දට වැටුණේය. එහෙත් රාත්‍රියේදී නිවැසියන්ට 'දඩස්' ගාන හඬක් ඇසුණු නිසා ඔවුන් ‍ෙදාර ඇර බලන විට එකී පුද්ගලයා සිටියේ හාන්සි පුටුවට අඩි කිහිපයක් එහාට විසිවී ගොසින්ය. ඔවුන්ද මෙම නිවස අතහැරදමා දිව්වේ සියැසින්ම ආරච්චිල අවතාරය දැකීම නිසාය.

අද එම ස්ථානයේ සුවිසල් මන්දිර පවා තැනී ඇත. ජනවහරේ පැවැතෙන්නේ වස්තු දේපළ තන්හා ඇත්තවුන්ගේ මිය ගිය ප්‍රාණය මෙසේ මළපෙරේතයන්ගේ වෙස් ගෙන කල්ප කාලාන්තරයක් තිස්සේ වුවද හොල්මන් වැඩ කරන්නට හැකියාව ඇති බවය. එහෙත් දැන් හොල්මන්වලට ඇති තැන බිංදුවට බැස ඇත. ඒ පසුගිය කාල වකවානුව තුළ සිදුවූ මිනිස් සංහාරය නිසා විය යුතුය. විනාඩියෙන් විනාඩිය, අඩියෙන් අඩිය මළමිනී උඩින් ගමන් ගිය අපට අද හොල්මනකට තියා මහසෝනාවටත් බය හිතෙන්නේ නැත.

එහෙත් මෙකී සිදුවීම් බොහොමයක් හෝ සියල්ලක්ම පාහේ අතීතයේ සිදුවීම් ලෙස අතීතයට බැර කිරීමට හැකියාවක් නැත. තම දේපළ අතැරදමා යෑමට අකැමැත්තක් ඒ ගෘහය වටා, නැතිනම් ඒ භූමිය වටා සැරසරන මියගිය ප්‍රාණකාරියක් ගැන මා මීට මාස කිහිපයකට පෙර අසා දැනගත්තේ එකී අයගේම පවුලේ උදවියගෙන්මය. එබැවින් හොල්මන් අවතාර ගැන කතා කිරීම පවා විහිළුවකට ගන්නා සමාජයක් තුළ හොල්මන් වැඩ නොකළත් මළගිය ප්‍රාණකරුවන් සැරිසරන්නට ඇති ඉඩකඩ නම් තවමත් නැත්තේ නොවේ යන්න පසක් වන්නේ මෙකී සිදුවීම පමණක් නොව පසුගිය කාලය තුළ වාර්තා වූ විවිධ සිදුවීම් හරහාය.

 නිශාන් මල්ලවාරච්චි

http://www.mawbima.lk/55-8963-news-detail.html

Dec 12, 2012

හරිම බඩු දෙකක්


ලෝක ඉතිහාසයේ සඳහන් අතෘප්තිකර කාම ආශාවන්ගෙන් පෙළුණු අතිශය භීෂණ ස්ත්‍රීන් දෙදෙනා ලෙස සලකනු ලබන්නේ ලංකාවේ අනුලා බිසව සහ රෝමයේ වැලරිනා මෙසලිනා රැජනන්ය.

දෙදෙනාම සිංහාසනයේ හිඳගත් අය වූහ.
දෙදෙනාම මියගියේ හිස කඳෙන් වෙන්වන්නට එල්ල වූ කඩු පහර දෙකකින්ය.
අනුලා බිසව සැමියන් තිස් දෙනකු පමණ තම වසඟයට ගත්තත් දරු ඵල නැත.
වැලරිනා මෙසලිනා බිසව සිය ගණනක් දෙනාගෙන් තම කාම ආශාවන් ඉටුකර ගත්තත් ක්ලෝසියස් අධිරාජයාට දාව උපන් දරු දෙදෙනා හැර වෙනත් දරුවෝ නොසිටියහ.
අනුලා බිසව ලංකාවේ රජකම් කළේ ක්‍රිස්තු පූර්ව 47 සිට 42 දක්වා වූ කාලයේය.

මෙසලිනා බිසව රෝමයේ රජකම් කළේ ක්‍රිස්තු වර්ෂ 41 සිට 48 දක්වා වූ කාලයේය. මෙම රාජනියන් දෙදෙනාම තම තමන් වසඟයට ගත් මනා පුරුෂ දේහ ශක්තියෙන් යුත් තරුණයන් කිසිවකුගෙන් වත් සෑහීමකට පත් නොවූහ.
මෙම රාජනියන් දෙදෙනාම එසේ හැසුරුණේ මදන පිස්සුව හිසට ගැසීම නිසාය. එදා කෙසේ වෙතත් අද වෛද්‍ය මතය එයයි.

ස්ත්‍රීන්ගේ මෙම තත්ත්වය වෛද්‍ය විද්‍යාවට අනුව "නිම්පෝමේනියා" නමින්ද "මදනෝන්මාදය" නමින්ද හඳුන්වනු ලබයි. මානසික රෝගයක් ලෙස හඳුන්වා දෙන මෙම රෝගයෙන් පෙළෙන්නෝ බහුතරයක් පුරුෂයෝ වෙති. එහෙත් ස්ත්‍රීන්ට මෙම රෝගය වැලඳුණු විට ඇතිවන තත්ත්වය ඉතාමත් භයානකය.
මදන පිස්සුවෙන් පෙළෙන ස්ත්‍රීහු තමාගේ හිත ගිය ඕනෑම පුරුෂයකු සමඟ තරාතිරම නොබලා තම අතෘප්ති කර කාම ආශා සංසිඳුවා ගනිති.

ශරීරයේ කාම රසෝජා හෙවත් න්‍යාසර්ග නම් රස ධාතුව ගර්භ වූ ග්‍රන්ථින් නිසි පමණට වඩා තදින් ක්‍රියා කිරීම නිසා "නිම්පෝමේනියාව" නොහොත් මදන පිස්සුව සෑදෙයි. වෛද්‍ය විද්‍යාඥයන් මේ තත්ත්වය පැහැදිලි කරන්නේ එසේය. වර්තමානයේ මේ සඳහා වෛද්‍ය ප්‍රතිකාර ඇත. එදා දවස මේ සඳහා ලොව කිසියම් රටක හෝ "නිම්පෝමේනියාව" සඳහා ප්‍රතිකාර තිබුණේද යන්න සැක සහිතය.
වැලරිනා මෙසලිනා කුමරිය අතෘප්තිකර කාම රාගයන්ගෙන් පෙළෙන තැනැත්තියක ලෙසට රෝම රටවැසියාගේ විශේෂ අවධානයට යොමුවූයේ ඇය රෝම අධිරාජනිය ලෙස ඔටුනු පැලඳීමෙන් පසුවය. කුඩා කල සිටම තම ආශා සංසිඳුවා ගැනීමට යම් යම් ක්‍රියාකාරකම් කර ඇතත් එය රෝම රටවැසියාට හෙළි නොවීය. රජ පවුලට පමණක් සීමා වූ රහසක් විය.

ප්‍රතාපවත් ජුලියස් සීසර් රජ පෙළපතින් පැවත ආ මෙසලිනාගේ මවද දුරාචාරයට ගොදුරු වූ දූෂිත ඇත්තියක් ලෙස එදා දවස රෝමය පුරා ප්‍රසිද්ධව සිටියාය. මෙසලිනා ද තම බාල වයසේ සිටම සම්භෝග ක්‍රියාවලට ගොදුරු වූවාය. තරුණ වියට එළැඹෙනවාත් සමඟ මෙසලිනා තම සොයුරා සමඟ කාමුක ක්‍රියාවන්හි යෙදුණු බවද පසු කලෙක රජ ගෙදරින් රටට අනාවරණය වී තිබේ. එකල රෝම නීතියට එම ක්‍රියාව තදබල දඬුවම් ලැබිය යුතු ක්‍රියාවක් වුවත් රාජ්‍ය බලය නිසා එදා ඒ වරද රටේ අධිකරණය ඉදිරියට ගියේ නැත.

රෝම ඉතිහාස විචාරකයන් පවසන්නේ මෙසලිනා රැජන හැඩි දැඩි පෙනුමක් ඇති ජවසම්පන්න දේහයක් ඇති තැනැත්තියක මිස රූපසම්පත්තියෙන් අගතැන්පත් තැනැත්තියක නොවන බවයි. ඒ බව තහවුරු කරන්නේ රෝමයේ ලූවර් නගරයේ අදටත් දකින්නට ඇති මෙසලිනා රැජනගේ කිරිගරුඬ ප්‍රතිමාවේ ලක්‍ෂණ අනුවය.
වැලරිනා මෙසලිනා කුමරිය ඇගේ ඇවැස්ස මස්සිනා වන ක්ලෝඩියස් කුමරු සමඟ විවාහ වන විට ඇයගේ වයස අවුරුදු 35ක් වූ අතර ක්ලෝඩියස්ගේ වයස අවුරුදු 51ක් විය. ක්ලෝඩියස් කුමරු වයසටත් වඩා මහලු පෙනුමකින් යුක්ත නැණ හීන පුද්ගලයෙක් විය. එසේ වුවත් මෙසලිනා කුමරිය ක්ලෝඩියස් කුමරා සමඟ විවාහ වූයේ ඔහුගේ තුන්වැනි බිරිය ලෙසය. මෙම විවාහයෙන් ඇයට ක්ලෝඩියස්ට දාව ගැහැනු දරුවකු සහ පිරිමි දරුවකු ලැබිණ.

එකල රෝමයේ අධිරාජ්‍යයා වූයේ ක්ලෝසියස් කුමරාගේ බෑනා කෙනකුන් වූ තරුණ කුලිගුලාය. මෙසලිනා ක්ලෝඩියස් සමඟ විවාහ වී ගත වූයේ කෙටි කාලයකි කුලිගුලා රජු යම්කිසි කුමන්ත්‍රණකාරී පිරිසක් විසින් ඝාතනය කරන ලදී. කිසිවකු බලාපොරොත්තු නොවූ ආකාරයට රාජ්‍ය ඉහළ නිලධාරීන්ගේ කැමැත්තෙන් ක්ලෝඩියස් රජකමට පත් වූවේය. ක්ලෝඩියස් රජු දුර්වල අයකු වුවත් කීර්තිමත් රජ පෙළපතකින් පැවැත ආ මෙසලිනාගේ සහාය එම අඩුපාඩුව දුරු කළේය. මෙසලිනා රාජ්‍ය නායක පදවිය අතට ගෙන රට පාලනය කිරීමට පටන් ගත්තාය. මේ අතර සීසර් රජ පෙළපතට අයත් ජුලියා නමැති කුමාරිකාවක් ක්ලෝඩියස් රජු සමඟ මිත්‍ර වී මෙසලිනාගේ රහස් එළිකරමින් මෙසලිනා සමඟ බිඳවීමට උත්සාහ ගත්තාය. එහි ප්‍රතිඵලය වූයේ මෙසලිනාගේ රාජ පුරුෂයන් ලවා ජුලියා කුමරියගේ හිස ගසා මරාදැමීමයි.

මෙසලිනා රැජන රාග කාමයෙන් මෙන්ම බලකාමයෙන්ද පෙළුණාය. ඉතා සුළු වරදට පවා රාජ්‍ය නිලධාරීන් මරා දැමුවාය. ධනවතුන් නොයෙකුත් වැරැදිවලට පටලවා ඔවුන් සතු වස්තුව රාජසන්තක කර තමා වෙතපවරා ගත්තාය. රටේ ප්‍රාදේශීය පාලකයන් තුළද මෙසලිනා රැජන කෙරෙහි විශ්වාසයක් නොවීය. මේ අතර ඇය තම අතෘප්තිකර කාම ආශාවන් සංසිඳවා ගැනීම සඳහා රාජ මාලිගාවේ සේවය කළ රූමත් හැඩිදැඩි පුරුෂයන්ගේ පහස ද ලබමින් සිටියාය. රජකම් කරද්දීම ඇය තම ආශා සංසිඳවා ගැනීම සඳහා කදිම කටයුත්තකට හොර රහසේම පිවිස සිටියාය. ඒ වෙස්වළාගෙන "ලිසින්කා" නමින් රෝම නගරයේම ගණිකා මඩමකට ගොස් එහි එන කාමාතුරයන් සමඟ හැසිරීමයි. මෙහිදී ඇය කළේ මුදලට ඇඟ විකිණීමකට වඩා ඒ අය ලවා තම ආශාවන් සිතූ සිතූ පරිදි සංසිඳවා ගැනීමයි. 'ලිසින්කාටප්‍රිය කළ කාමාතුර පුරුෂයෝ ගණිකා මඩමට 'ලිසින්කාසොයා ආහ.

ගණිකාවකගේ වේශයෙන් ක්‍රියාකිරීමෙන් වත් මෙසලිනා රැජනට තමාගේ බලාපොරොත්තු අතෘප්තිකර අනුරාගය තෘප්තිමත් කර ගැනීමට නොහැකි වූ බව මෙසලිනාගේ චරිතය පිළිබඳ ලියැවුණු ග්‍රන්ථයක සටහන් වී තිබේ. ක්ලෝඩියස් අධිරාජ්‍යයා මෙසලිනා බිසවගේ ක්‍රියාකලාපය ගණනකට නොගත්තේය. ඔහ නිතරම අසනීප තත්ත්වයෙන්ද පසුවිය.

මේ අතර 'ගේයස් සිලියස්නමැති උසස් රාජ්‍ය නිලධාරියකු බලහත්කාරයෙන්ම තම වසඟයට ගෙන තිබිණි. ඔහුට ඇතිවූ මරණ බය නිසාම මෙසලිනා රැජනගේ අතෘප්තිකර කාම ආශා සංසිඳවීමට සිදුවිය. මෙසලිනා රැජනගේ ඉල්ලීම් ඉටු නොකළ නිලධාරීන්ට සිදු වූ විපත ගේයස් දැන සිටියේය.
මෙසලිනා රැජනගේ කාමුක හැසිරීම නිසාත්අත්තනෝමතික රාජ්‍ය පාලනය නිසාත් රෝම රාජ්‍යයට සිදුවේගෙන යන මහා විනාශය වටහාගත් 'නාසියස්නමැති රෝම රාජ්‍ය අනුශාසකවරයා ඒ බව ක්ලෝඩියස් අධිරාජයාට සැල කර සිටියේය. ක්ලෝඩියස් අධිරාජ්‍යයා ඔහුගේ කීම කනකටවත් ගත්තේ නැත.
කෙසේ හෝ "නාසියස්" ක්ලෝඩියස් අධිරාජ්‍යයාට රැජනගේ සැබෑ තත්ත්වයේ යම් කොටසක් තේරුම් කර දීමට සමත්   විය. ඇය ඝාතනය කිරීමේ කටයුත්ත 'විරිබියුන්නමැති හමුදා නිලධාරිවරයා වෙත පැවරිණි. සවස් කාලයේ රෝම නගරයේ උද්‍යානයක විවේකයක් ගතකරමින් සිටියදී මෙසලිනා රැජනගේ බෙල්ලට එල්ල කරන ලද කඩු පහරකින් ඇගේ හිස කඳින් වෙන්වී මරණයට පත්වූවාය. මෙසලිනාගේ කාමරාගී ජීවිතය එතෙකින් අවසන් විය. ලොව අතිශය භීෂණ කාම රැජනක ලෙස ඇගේ නම ඉතිහාස පොතට එක්විය.

ක්‍රිස්තු වර්ෂයට පෙර අවුරුදු 47 සිට 42 දක්වා ලංකාවේ රජකම් කළ අනුලා බිසවද "මෙසලිනා" පෙළුණු විකෘති වූ කාම ආශාවන්ට සමානකම් ඇති උන්මාදයකින් පෙළුණු තැනැත්තියකි. අනුලා බිසව වරින්වර වල්ලභයන් තිස්දෙනකු පමණ තම යහනට එක්කර ගත් බව ඇගේ ඉතිහාස කතා අනාවරණය කරයි.
අනුලා බිසව ස්වකීය ස්වාමි රාජයා වූ චෝරනාග රජුගෙන් සෑහීමකට පත් නොවූ බැවින් ඇගේ සිත මාලිගයට නිතර යන එන පැහැපත් තරුණයන් කෙරෙහි යොමු විය.
ඇගේ කාම ආශාවන් සංසිඳවීමට මුලින්ම ඉදිරිපත් වූයේ මාලිගයේ සිටි සිව නම් ‍ෙදාරටු පාලකයාය. මේ සම්බන්ධයත් සමඟ චෝරනාග රජුට විෂ කවා මැරවූවාය. සිව ‍ෙදාරටු පාලකයා විවාහ කර ගත් අනුලා බිසව ඔහු රජකමට පත්කර ගත්තාය. ඇය රජ මෙහෙසිය වූවාය. ගතවූයේ වසරක පමණ කාලයකි. අනුලා බිසවට සිව එපා විය. මාලිගාවේ සේවය කළ මනාව වැඩුණු අඟපසඟින් යුත් පැහැපත් වටුක නමැති දමිළ දේහධාරියා සමඟ එක් වූවාය.

ගතවූයේ තවත් මාස කීපයකි රජ ගෙදරට ඉඳහිට දර ගෙන එන තිස්ස නමැති තරුණයකු කෙරෙහි අනුලා බිසවගේ සිත ඇදී ගියාය. පසුව අනුලාගේ කැමැත්තෙන් තිස්ස හට රජකම ලැබෙයි. තිස්සගෙන් ද සෑහීමක පත්නොවූ අනුලා බිසව නීලිය නම්වූ පුරෝහිත බමුණා සමඟ මිත්‍රවී යහන්ගත වෙයි. නීලිය කෙරෙහිද අනුලාගේ සිත වෙනස් වෙයි. ඔහු නොයෙකුත් ආකාරයෙන් අනුලා බිසවගේ රාග ආශාවන් ඉටුකරන්ට උත්සාහ කළත් ඇය සෑහීමකට පත් නොවූවාය. නීලිය ද අනුලා බිසවගේ මාරාන්තික ආහාර වළ¼දා මිය ගියේය.

මේ ආකාරයට අනුලා බිසව රජ මාලිගයේ නොයෙකුත් සේවා කටයුතුවල යෙදුණු ජවසම්පන්න තරුණයන් තිස්දෙනකු පමණ දෙනා සමඟ රමණයෙහි යෙදුණු බව ඉතිහාසගත චරිත කතාවන්ගෙන් අනාවරණය වෙයි.
අනුලා බිසවගේ හොර සැමියාට ලැබෙන පදවිය ඔහුගේ මරු කැඳවීමක් විය. ඇය කොතෙක් පුරුෂයන් ඇසුරු කළත් ඇයට දරු ඵල නොවිණ.
අනුලා බිසවගේ සල්ලාල ජීවිතයට එරෙහිව නැඟී සිටියේ අනුලා බිසවගේ ප්‍රථම ස්වාමිපුරුෂයා වූ චෝරනාග රජුට පෙරාතුව රජකම් කළ මහා චූල මහා තිස්ස රජුගේ දෙවැනි පුත්‍රයාය. ඔහු මකලන් තිස්ස කුමාරයා විය. ඔහුගේ කඩු පහරකින් අනුලා බිසවගේ හිස කඳින් වෙන් විය. අතෘප්තිකර කාම ආශාවන්ගෙන් තම සිත කය සනසාගත් අනුලා බිසවට අත්වූ ඉරණම ඒ ආකාර විය. මෙසලිනා බිසවට ක්ලෝඩියස් රජුට දාව දරුවන් දෙදෙනකු සිටියත් වෙනත් පුරුෂයන් සිය ගණනක් ඇසුරු කළ ඇයට ඒ අයගෙන් එක් අයකුටවත් දාව දරු උපතක් සිදු නොවීම විස්මයට හේතුවකි. අනුලා බිසවට එවන් ආකාරයකින්වත් දරු ඵලයක්
නොලැබීම තවත් පැත්තක
දෛවයේ සරදමකි.

කරුණාදාස විදානගමගේ

http://www.mawbima.lk/55-8156-news-detail.html