Jun 3, 2013

ජාතික ගැටලුවලට මැදිහත්වීමට භික්ෂුන්ට ඇති මග පෙන්වීම හා උරුමය.


සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ සමකාලින භාරතයේ කෝසල මහා රාජ්‍යයට අයත් වූ සමුහාණ්ඩු පාලන තන්ත්‍රයක් පැවති කපිලවස්තුවෙහි වැසියෙකි. එසේම උන්වහන්සේ ගෝත්‍රයෙන් ආදිච්ච නම් වූ අතර ජාතියෙන් සාක්‍ය වන්සිකයෙක් ද වූ බව බුදුහු ම සුත්ත නිපාතයෙහි දක්වති. 

"උජුං ජනපදෝ රාජා හිමවන්තස්ස පස්සතෝ
ධනවිරියෙන සම්පන්නෝ කෝසලෙසු නිකෙතිනෝ.
ආදිච්චා නාම ගොත්තෙන සාකියා නාම ජාතියා
තම්හා කුලා පබ්බජිතොම්හි රාජ න කෑමේ අභිපත්තයන්"
  (සුත්තනිපාතය, පබ්බජ්ජා සුත්‍රය, 123 පිට, ත්‍රි.බු.මු.)

මෙම ආදිච්ච නම් ගෝත්‍රයට භාවිත තවත් නමක් වනුයේ ගොතම යන්නයි. බුදුරදුන්ගේ නාමය වනුයේ සිද්ධාර්ථ ගෞතම යන්නයි. භාරතය මුළුල්ලෙහි උන්වහන්සේ ජනප්‍රිය වන්නේ ගෞතම නම් වූ ඒ ගෝත්‍ර නාමයෙනි.


බුදුරජාණන් වහන්සේ සාක්‍ය ජාතිකයකු ලෙස සිය ජාතියට ආදරය කළසේක. එසේම උන්වහන්සේ සිය ජාතිය පිලිබඳ අභිමානයකින්ද පසු වූ බව පෙළ සාහිත්‍ය ප්‍රකට කරයි. බුදු සසුනේ පැවිදි වූවෝ සාක්යයෝම පමණක් නොවෙති. නානා ජනපදවලින් පැමිණි නොයෙක් ගෝත්‍රයන්ට, ජාතීන්ට, කුලයන්ට අයත් වූවෝ සම්බුදු සසුනෙහි පිහිට ලදහ. එය එසේ වුවත් සුත්‍ර පිටකයෙහි මෙන්ම විනය පිටකයෙහි ඇතැම් තැනෙක ද


 '' ඒවමේව ඛෝ භික්ඛවේ චත්තරොමේ වණ්ණා ඛත්තියා, බ්‍රාහ්මණා, වෙස්සා, සුද්දා, තේ තථාගතප්පවෙදිතේ ධම්මවිනයේ අගාරස්මා අනගාරියන් පබ්බජිතා ජහන්ති පුරිමානි නාමගොත්තානි, සක්‍යපුත්තියාත්වෙව සංඛන් ගච්චන්ති.'' සතර දෙසින් පැමිණ සතර කුලයට ම අයත් වූවෝ සසුන් කෙතට වන් කල්හි ''සාක්‍යපුත්‍රීය ශ්‍රමණ'' නම් වන බව දේශනා කරති. 
 (චුල්ලවග්ගපාලී 2,පාතිමොක්ඛටපනක්ඛන්ධකය, 432 පිට)  

එමගින් පැහැදිලිවන්නේ මෙසේ නොයෙක් ජාතීන්ට අයත් පිරිස සසුනෙහි පැවිද්ද ලද නමුත් ඒ සියල්ලන්ම සාක්‍ය ජාතික සිද්ධාර්ථයන්ගේ පුත්‍රයන් සේ හඳුන්වන්නට බුදුහු කැමති වූ බවයි. නැතහොත් සිය ජාතියේ නාමයෙන් සිය සව්වන් හඳුන්වන්නට බුදුරදුන් තුළ වූ කැමැත්තයි.
විවිධ ගොත්‍රයනට, ජාතීනට, කුලයනට අයත් පිරිස් මෙම සාසනයෙහි පැවිදිව සිය භාෂාවෙන් ධර්මය උගනිති. විවරණය කරති. එය ධර්මයේ පැවැත්මට තර්ජනයක් විය හැකිය. එබැවින් බුද්ධ වචනය සංස්කෘතයට /වෛදිකය/ නගන්නට වරෙක බුදුන් හමුවට පැමිණි යමෙළු හා තෙකුල යන භික්ෂුහු ඉල්ලා සිටිය හ. ඔවුනට හිස්පුරුෂයන් සේ අමතන බුදුහු සිය භාෂාවන්ගෙන් ධර්මය උගන්වන්නට අනුදත් හ. 

( චුල්ලවග්ගපාලී 2,ඛුද්ධකවත්තුක්ඛන්ධකය, 100පිට ) 

බුදුරජාණන්වහන්සේ සිය භාෂාවෙන් ඉගනීම, ඉගැන්වීම එයට අනුගත වීම, අනුදත් අයුරු ඉන් මනාව හඳුනාගත හැකිය.
සිය සන්තකය, උරුමය නොනසා රැකගන්නට බුදුහු භික්ෂුන්ට නිරන්තරයෙන් ම මග පෙන්වූහ. එයට ඇති අපමණවත් සාධක අතරත චුල්ලවග්ගපාලියෙහි අරඥ්ඥක වත විවරණය කරන තන්හි දක්වන්නේ සොර සතුරන්ගෙන් වන උවදුරුවලින් අවාසයෙහි ඇති භාණ්ඩ ආරක්ෂා කර ගන්නට පිණ්ඩපාතයට මත්තෙන් විහාරය සතු සියලු බඩු ආවාසය තුලට දමා දොර ජනෙල් නිසි පරිදි අගුලු දමා පිටවිය යුතු බව දැක්වීම ද එකකි.

 (චුල්ලවග්ගපාලී 2, වත්තක්ඛන්ධකය, 360 පිට) 

ඉන් පෙන්වා දෙන්නේ සිය සන්තකය, සිය උරුමය රැකගැනීම හා ඒ වෙනුවෙන් අවශ්‍ය කටයුතු ඉටුකිරීම, ඒ වෙනුවෙන් පෙනීසිටීම භික්ෂුන් සතු යුතුකමක් වන බව ම නොවන්නේ ද.

වරෙක ආනන්ද තෙරුන් අමතන බුදුහු '' ආනන්දය මට කිඹුල්වතින් හමන්නා වූ සුළඟ වුවද සැප ය.'' යි වදාරති. ඒ කිම්බුල්වත නම් බුදුරදුන්ගේ ජන්ම බූමියම බව අපි ඉහත දැක්වීමු. සිය ජාතිය වසන සිය ඥාතීන් වසන දෙසින් හමන සුළඟ පවා සැපයක් යයි සලකූ උන්වහන්සේ ජාතියෙහි සුරක්ෂිතතාවය වෙනුවෙන් පැවැත්ම වෙනුවෙන් පෙනීසිටීම වරදක්යයි නොදක්වනවා නිසැක ය. සිය ජාතියට ව්‍යසනයන් පැමිණි විට ඒවා කල් ඇතිව හඳුනාගත් බුදුන් ඒ වෙනුවෙන් පෙනීසිටි අයුරු සාහිත්‍ය තුළ මැනවින් දිස්වේ. රෝහිණී නදියෙහි ජලය වෙනුවෙන් සාක්‍ය කෝලිය දෙපිරිස සටන්වදින්නට සුදානම් වන විට බුදුහු එතනට වැඩ එය සමනය කරලන්නේ යුද්ධය අතිවූයේනම් සිය ඥාති පිරිසට වන හානිය නිසාවෙනි. එය හොඳින්ම පැහැදිලි වන්නේ වෙනත් කිසිඳු අවස්ථාවක යුද්දයක් නවතන්නට බුදුන් ඉදිරිපත් නොවීමෙනි.

  (මැදගම වජිරඥාන හිමි, විද්යාසුදනී සඟරාව, සංස්කරණය- විලඔයේ විමලජෝති හිමි ආදී, ලන්ඩන් බෞද්ධ විහාරීය ප්‍රකාශනයක් )

 සාක්‍යයන්ගේ අවමානය නිසාවෙන් උරණ වූ විඩුඩබයන් සාක්‍යයන් නසන්නට යන්නට සැරසෙන්නේ බුදුහු මැදිහත් වී එය වලකා ලති. මේ සියල්ලෙන් පෙනෙන්නේ බුදු රදුන් සිය ජාතියට ආදරය කළ බව හා එයට ව්‍යසනයන් පැමිණුන අවස්ථාවල ඒවා හැඳින ඒවා වළකන්නට ඉදිරිපත් වූ ආකාරයම වේ.
සිංහලයා නම් බෞද්ධයාම ය. මෙම සිංහල රාජ්‍යයෙහි රජවන්නට පුළුවන් වන්නේද එවැන්නන්ට පමණකි. මෙය අනුරාධපුර යුගයෙහි ජේතවන විහාර සෙල්ලිපියක හතරවන මිහිඳු රජ දක්වන්නකි. එය නිස්සංක මල්ලයන් සිය පොළොන්නරු ගල්පොත ශිලා ලිපියෙහි දී තහවරු කරලයි. එයින් පෙනෙන්නේ සිංහලයාගෙන් බුදු සමයත් , බුදු සමයෙන් සිංහලයාත් වෙන්කරන්නට නොහැකි බවයි. බෞද්ධයාටම සිංහලකම හා සිය ජාතිය පිලිබඳ අභිමානය ජනිත වේ. එය එසේ හෙයින් බුදුන් පළමු ධර්මප්‍රචාරක පිරිසට දක්වූ අයුරින්ම තවමත් අඛණ්ඩව ධර්මප්‍රචරණයෙහි යෙදෙන භික්ෂුන් සසුන සුරකින්නේනම් සිංහලයා සුරකින්නට ඉදිරිපත්විය යුතු ම ය. ඉඳින් යමෙක් බුදුරදුන් මෙන් සිය ජාතියෙහි ව්‍යසනයන් දැන එය රකින්නට පෙරට නොයෙන්නේ ද, සිය මව් බසට ගරහන්නේ ද, සිය ජාතියට වඩා අනෙකක් උසස්කොට සලකන්නේ ද, ජාතිය පිලිබඳ ආදරයක් හා අභිමානයක් නොවන්නේ ද, ඔහු බෞද්ධයකු නොවන්නා සේම බුදු මග යන්නෙක්ද නොවන්නේ ම ය.


උක්ත විහාර භාණ්ඩ සුරකින්නට භික්ෂුන්ට කළ මග පෙන්වීම අනුව සලකන විට සිංහලයාගේ උරුමය  සිය උරුමය , අතීතය කියා පාන්නේ බොදු අභිමනම නොවන්නේද, බලන්න පැරණි රාජධානි දෙස නැවත හැරී. වෙනුවෙන් භික්ෂුව පෙනී නොසිටින්නේ ද හේ සිය චර්යාවෙන් බැහැර වේ, විනය කඩ කරන්නේ ද වේ. බුදු වදනට අණට පිටු පාන්නෙක් ද වන බව වටහා ගත හැකිය. 


ඇතමෙක් මෙය කියවා එසේනම් බුදුන් දෙසු මෛත්‍රිය, සමානාත්මතාවය කොතැනදැයි විමසන්නට බැරි නැත. එයට පවසන්නට ඇත්තේ මෙයයි. මෙය නිගණ්ඨ දහම නොව. එබැවින් මෙහි පරම අවිහිංසාවාදය නොවන බවයි. චුල්ලවග්ගපාලි සේනාසනක්ඛන්ධකයේ අවාසයෙහි බැඳී මකුළු දැල් කඩා ඉවත් නොකරන භික්ෂුවට ඉන් ඇවතක් වන බව දක්වයි. ඉන් පැහැදිලි වන්නේ සිය වාසභූමිය තමන්ට වසන්නට නොසුදුසු තැනක් වන්නට මත්තෙන් පිරිසිදු කරගත යුතු බවයි. මෛත්‍රිය සිය පැවැත්මට හානිකර නොවන්නට යොදාගත යුතුය. එයම ඉහත මකුළු දැල් පිලිබඳ පැනවීමෙන් නොපෙනේද. සර්පයා වලිගයෙන් හෝ කඳින් අල්ලා ගත්තේ නම් උ ඔහුටම දසට කරනවා ඇත. ධර්මයද වරදවා ගත්තේනම් වන්නේ විනාසයක්ම ය. එය මානව වටහා ගත යුතුය. එනිසාවෙන් ජාතියට බැඳී මකුළු දැල් වැනි උපට්‍රාව හඳුනාගෙන එය කඩා ඉවත් කරලන්නට ඉදිරියට නොයෙන්නේද සිය ජාතියට, ආගමට, බසට ආදරය නොකරන්නේ ද, ඒවා පිලිබඳ අභිමානයක් නොවන්නේ ද, ඔහු බොදුනුවකු හෝ බොදු මග යන්නෙක් ද නොවන බව සියල්ලෝ වටහා ගත යුතු ය.


පූජ්‍ය.සපුගස්යායේ ධම්මසාර ස්වාමින් වහන්සේ.

විද්‍යාවට අභියෝග කළ පැහැදිලි කළ නොහැකි අද්භූත සිදුවීම්

12-1 

කුතුහලය වඩවන අද්භූත දෑ සොයා යාමටත්, මූලාශ්‍ර පීරමින් අද්භූත දෑ පිළිබඳ වන විස්තරයක්ම හඹා යාමටත් මිනිසුන් ලෙස අප මෙතරම් පෙළඹෙන්නේ නිසඟයෙන්ම එබඳු පැහැදිලි කළ නොහැකි ගුප්ත සිදුවීම් කෙරෙහි අප තුළ වන පැහැදිලි කළ නොහැකි ආශාව නිසාය. වාසනාවකට මෙන් එවැන්නන්ගේ මනදොළ සැපිරීම සඳහා එබඳු ගුප්ත අබිරහස්මය දෑ ද අඩුවකින් තොරව සොයා ගැනීමට ලැබේ. මන්ද අතීතයේදීත් වර්තමානයේත් මෙන්ම අනාගතයේදීත් එබඳු අත්භූත දෑ සිදු නොවීමට ඉඩක් නැති නිසාය. කෙතරම් තාක්ෂණයෙන් දියුණු වුවද, අද වන තුරුත් විද්‍යාවට විසඳා ලිය නොහැකි වූද, විද්‍යාවේ බල මහිමය අභියෝගයට ලක් කළාවූ ද එබඳු සිදුවීම් පෙළක් මෙම ලිපියෙන් ගෙන එන්නේ ඔබේ කුතුහලාත්මක රසවින්දනය තීව්‍ර කිරීමේ අරමුණිනි.

12-4

අයිස් කාන්තාව

දරුණු ශීතදේශගුණයක් පැවැති වකවානුවක උදාවූ එක් ෙදෙවෝපගත දිනයකදී මිනෙසෝටා හි ‘ලෙන්ග්බි’ ප්‍රදේශයේ විසූ මිනිසෙකුට දක්නට ලැබුණේ සිය අසල්වැසියෙකු වූ දහනව හැවිරිදි ‘ජීන් හිලියර්ඩ්’ නමැති කාන්තාවගේ හිම මිදුණු අප්‍රාණික සිරුර ශීත හිම මත නිසලව වැටී ඇති ආකාරයයි. පෙරදා රාත්‍රියේදී උෂ්ණත්වය - 25ංඛි ටත් වඩා අඩු අගයක් ගත්තක් වූ අතර, එදින සිය ධාවනයේ යෙදෙමින් සිටියදී සිදු වූ අවාසනාවන්ත හදිසි අනතුරකට මුහුණදුන් ජීන්ගේ මෝටර් රථය අක්‍රිය වී තිබිණි. දරුණු ශීතලෙන් බැටකමින් උදව් ඉල්ලායාමේ අසාර්ථක උත්සහයක නියැළුණු ජීන්ගේ ගල් ගැසුණු සිරුර කඩිනමින් රෝහල වෙත ගෙන යනු ලැබූ අතර, ඇය කෙතරම් ගල් ගැසී, සිටියාද කිවහොත් ඇය ජීවත් වනු ඇති බවට වෛද්‍යවරුන් තුළ කිසිදු විශ්වාසයක් නොවීය. ඇගේ සිරුරම අධිශීත වී අළු පැහැ ගැන්වී තිබූ අතර, අධික ශීතල කරණකොටගෙන තුවාල හටගත් ඇගේ දෑත් හෝ දෙපා චලනය කිරීමට හෝ නොහැකි විය. ඇය යළි සිහි ලබනු ඇති බවට බලා‍පොරොත්තුවක් නොවූවද, යම් හෙයකින් හෝ සිහි ලැබූවද ඇගේ මොළයේ ක්‍රියාකාරීත්වය මුළුමනින්ම අක්‍රිය වනු ඇති බවද, දරුණු ලෙස තුවාල වූ ඇගේ දෙපා යුවළම කපා ඉවත් කිරීමට සිදුවනු ඇති බවට කිසිදු සැකයක් 12-3නොවීය. ඇගේ පවු‍ලේ සාමාජිකයින් හට කිරීමට ඉතිරිව තිබූ එකම දෙය වූයේ යාච්ඤා කිරීම පමණි.
ඔවුන්ගේ යාච්ඤාවට පිළිතුරු ලැබිණි. පැය දෙකකට පසුව ජීන්ගේ සිරුර දැඩි ගැස්මකට ලක් වූ අතර, ඉන් අනතුරුව ඇය පියවි සිහිය ලැබුවාය. පුදුමය වනුයේ කායික, මානසික වශයෙන් ඇය පූර්ණ නිරෝගී තත්ත්වයෙන් පසුවීමත්, ශරීරයේ එකදු ඇඟිල්ලක් හෝ කපා ඉවත් කිරීමේ අවශ්‍යතාවයකින් තොරව ඇය යථා තත්ත්වයට පත් වීමත්ය. තුවාල පවා ක්‍රමයෙන් ඇගේ සිරුරින් ඉවත්ව යන ලද්දේ වෛද්‍යවරුන් මවිතයට පත් කරමිනි.

නවදිල්ලියේ යකඩ ස්ථම්භය ලෝහ වර්ග අතර රජු ලෙස අවිවාදයෙන් හැඳින්වෙන යකඩ, ශක්තිමත් බවයෙන් හා ස්ථාවරභාවය අතින් කෙතරම් තෙදබල පෑවද මල කෑමේ ස්වභාවික ක්‍රියාවලිය අභිබවා යෑමට ඊට නුපුළුවන. එනමුදු නවදිල්ලි නුවර පිහිටි මීටර හතක් උසැති වූද ටොන් හයක බරකින්ද යුතු දැවැන්ත යකඩ ස්ථම්භය වසර එක්දහස් හයසියයකට අධික කාලයක් නොසැලී නැගී සිටින්නේ ඒ සියලු සම්මතයන් බිඳ හෙලමිනි. 98ක් යකඩ සංයුතියකින් යුතු, යමක් සහස්‍රයකට අධික කාලයක් විඛාදනයට ගොදුරු නොවී පැවැතීමේ රහස විද්‍යාඥයින් අනාවරණය කොට ගෙන ඇතිවුවද, පුදුමය වනුයේ එතරම් ඈත අතීතයක විසූ අපගේ මුතුන් මිත්තන් එය සොයා ගන්නා ලද්දේ කෙසේද යන්නය.

කැරොල් ඒ. ඩීරීන් නෞකාව
 
මේරි සෙලෙස්මේ නෞකාවේ කාර්ය මඬුල්ල අබිරහස්මය ලෙස අතුරුදන්වීමේ සිදුවීමෙන් අඩසිය වසකට පසුව, එනම් 1921 ජනවාරි 31 දා එයාකාරයේම සිදුවීමක් වාර්තා වූයේ උතුරු කැරොලිනා වෙරළ අසලින් ‘කැරොල් ඒ. ඩීරීන් නම් රුවල් නෞකාව සොයා ගැනීමත් සමගය. පුදුමයකින් තොරවම එහිද කාර්යමණ්ඩලය මුළුමනින්ම අතුරුදන්ව පැවැති අතර නැවේ ලොග් සටහන්ද ඇතුළු සියලුම ‍ලේඛනද අතුරුදන්ව පැවතිණි. පසුදිනය සඳහා ආහාරද පිළියෙළ වී පැවැතියේ අතුරුදන් වීම අනපේක්ෂිත ලෙස සිදුවූවක් බව මොනවට කියා පාමිනි. මේරි සෙලෙස්මේ මෙන්ම මෙයද සොයා ගන්නා ලද්දේ අත්භූත අතුරුදන් වීම් සිදුවන බවට ප්‍රකට බර්මියුඩා ත්‍රිකෝණයේ තිබියදී වන අතර, එයද කිසියම් අස්වාභාවික / අධිඅසාමාන්‍ය සිදුවීමක ප්‍රතිඵලයක් බවට මත පළ වූ අතර, තවත් ඇතැමුන් කියා සිටින ලද්දේ එය මුහුදු කොල්ලකරුවන්ගේ, නැතහොත් රුසියානුවන්ගේ ක්‍රියාවක් බවය.

හඩ්සන් ඵලය
 
ජෝන් හඩ්සන් නැමැත්තා විසින් නිකොලා ටෙස්ලා නමැති විද්‍යාඥයාගේ පර්යේෂණ යළි සිදුකිරීමට ගත් උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස බිහි වූ දෑ ‍පොදුවේ හැඳින්වෙනුයේ ‘හඩ්සන් ඵලය’ ලෙසයි. ඔහු විසින් සිදුකළ පර්යේෂණයන්හිදී සිදුවූ ඉතාම පුදුමාකාර සිදුවීම් අතර, නිදැල්‍ලේ පාවීම, මුළුමනින්ම එකිනෙකට වෙනස් ද්‍රව්‍යයන් (ලී හා ලෝහ) එකිනෙක සංයෝජනය කිරීම, කුඩා වස්තූන් අතුරුදන් කිරීම, ඒ අතර වුවද ඒ සියල්ලටම නොදවෛනි පුදුමය වනුයේ එකී අස්වාභාවික ක්‍රියාකාරකම් යළිත් සිදුකිරීමට හඩ්සන් අ‍පොහොසත් වීමයි. ඔහුගේ මෙම පර්යේෂණය විද්වත් ලෝකය තුළ කෙතරම් කැළඹීමක් ඇති කළේද යත්, නාසා ආයතනය පවා හඩ්සන් පර්යේෂණ ප්‍රතිඵල ලැබිමේ අසාර්ථක උත්සහයක නිරත වූ බව කියැවේ.

බෙල්මෙස්හි මුහුණු
 
මෙහි දැක්වෙන ඡායාරූපයෙන් නිරූපණය කෙරෙන “මුහුණු” සැබවින්ම නිවසක බිත්තියක් මත අස්වාභාවිකව හටගත් පැල්ලම් බව පැවැසුවහොත් ඔබ පුදුම වනු ඒකාන්තයි. විසිවසරකට අධික කාලයක සිට බෙල්මෙස්හි පිහිටි ‘පෙරෙයිරා’ පවු‍ලේ නිවහනේ වරින්වර මෙයාකාරයේ විවිධ හැඟීම් නිරූපණය කරන කාන්තා හා පුරුෂ මුහුණු දැක්වෙන පැල්ලම් හට ගැනීමේ අබිරහස අදටද විසඳාගත හැකිවී නැත. වරින්වර මතුවන මෙම මුහුණු ඉබේම අතුරුදන්වී යන්නේද පුදුමාකාර ලෙස ඒ පිළිබඳ කිසිදු සාක්ෂියක් ඉතිරි නොකරමිනි. මේ පිළිබඳ සිදු කෙරුණු එක් විමර්ශනයකදී නිවස යට වළදා තිබූ මෘත සිරුරක් ද ගොඩ ගැනීමට සමත්ව තිබුණද, අබිරහස් මුහුණු මතුවීමේ ක්‍රියාවලිය ඉන් අවසන් වූයේ නැත.

අතුරුදන් වූ විල
 
2007 වසරේ මැයි මාසයේදී චිලී රටේ පෙන්ටගෝනියා ප්‍රදේශයේ පිහිටි සැතපුම් පහක දිගකින් යුතු විලක් යම් පැහැදිලි කළ නොහැකි හේතුවක් නිසාවෙන් අතුරුදන් වූයේ, මීටර තිහක් ගැඹුරු දැවැන්ත ආවාටයක් පමණක් ඉතිරි කරමිනි. විල අවසන්වරට දකින ලද්දේ ඉන් දෙමසකට පෙර වන අතර, ඒ වන විටද එහි කිසිදු අමුත්තක් නොතිබූ බව කියැවේ. නමුත් දෙමසක කාලය තුළදී විල කිසිදු සලකුණකින් තොරව සිඳී ගියා පමණක් නොව ඉන් ගලා ගිය ගංගාවද, කුඩා දොළ පහරක් බවට පත්ව තිබුණේ ඒද තවත් නොවිසඳුණු අබිරහසක් බවට පත් කරමිනි. එකී ප්‍රදේශයේ කිසිදු භූමිකම්පාවක් 12-2හෝ හටගෙන නොතිබූ අතර පිටසක්වලින් පැමිණි හඳුනා නොගත් යානයක් (ඛිභජ්ධ) මගින් විල සිඳ දැමූ බවටද කටකතා ව්‍යාප්තව තිබේ.

ජල්ලි වැස්ස
 
1994 අගෝස්තු 7දා වොෂිංටන් නුවර ඕක්විල් ග්‍රාමයට ධාරානිපාත වර්ෂාවක් ඇද හැලීමට පටන් ගන්නා ලද්දේ අසාමාන්‍ය ලෙසය. එය සාමාන්‍ය වර්ෂාවක් නුවූ අතර දිය බිඳු වෙනුවට අහසේ සිට පතිතවන ලද්දේ ජල්ලිමය ද්‍රව්‍යයකි. ඊටත් වඩා පුදුමය වනුයේ ජල්ලි වැස්සත් සමග ඕක්විල් ප්‍රදේශයේ සියලුම වැසියන් පාහේ දරුණු උණ රෝගයකට ගොදුරුවීමයි. ඒද සාමාන්‍ය උණක් මෙන් නොවූ අතර එය වැළඳුණු විට සතියක සිට මාස තුනක කාලයක් රෝග ලක්ෂණ පැවැතුණු බව කියැවේ. විද්‍යාගාර
පර්යේෂණයන්ගෙන් හෙළිකර ගන්නා ලද්දේ ජල්ලි තුළ මිනිස් ආහාර මාර්ගයේ වෙසෙන බැක්ටීරියා වර්ග දෙකක් පමණක් නොව, මිනිස් සුදු රුධිරාණු ද අඩංගු වූ බවකි. එනමුදු ජල්ලි යනු සැබැවින්ම කුමක්ද කියාත් එය කරණකොටගෙන රෝගී වූයේ කෙසේද කියා හෝ කිසිදා අනාවරණය කර ගැනීමට හැකි වූයේ නැත.

පාෂාණ තුළින් මතුවන ජීවීන්
 
පාෂාණ තුළින් පණ ඇති ගෙම්බන්, ඉස්ගෙඩියන් වැනි කුඩා සතුන් සිට හමු වූ අවස්ථා පිළිබඳ විස්මිත වාර්තා අඩුවක් නොවේ. ගල් තුළ පමණක් නොව කපා දැමූ ගස් තුළද, මිනිසා විසින් තැනූ කොන්ක්‍රීට් නිර්මාණ තුළද මෙයාකාරයේම පණ ඇති සතුන් සිට හමු වූ අවස්ථා පිළිබඳ පුදුමාකාර සිදුවීම්වල අඩුවක් නැත. පුදුමය වනුයේ ඔවුන් එවැනි දෑ තුළට යන ලද්දේ කෙසේද යන්නත්, බාහිර ලෝකය හා කිසිදු සම්බන්ධයකින් තොරව ඒ තුළ ජීවත්ව සිටියේ කෙසේද යන්නත්ය. 1976 වසරේදී ඊට වසරක පෙරදී සකසන ලද කොන්ක්‍රීට් තට්ටුවක් බිඳහෙළමින් සිටි ටෙක්සාස් නුවර ඉදිකිරීම් ශිල්පීන් පිරිසකට දැක ගත හැකි වූයේ දෙනෙත් අදහා ගත නොහැකි දර්ශනයකි. කොන්ක්‍රීට් තට්ටුවේ පිහිටි සිය ශරීර ප්‍රමාණයටම අනුරූප වූ සිදුරක් තුළ පණපිටින් සිටි කැස්බෑවෙකි. කොන්ක්‍රීට් තට්ටුව මධ්‍යයේ වූ එකී සිදුර හැරුණු කළ එහි අන් පිපිරීමක් හෝ පළුද්දක් හෝ නොවූ අතර, කැස්බෑවෙකු එතරම් කාලයක් ඒ තුළ ජීවත් වූයේ කෙසේද යන්න අදටද විසඳාගත නොහැකි අබිරහසක් ලෙස ඉතිරිව තිබේ.

ඩොනී ඩෙකර් 
 
‘වැසි දරුවා’ ලෙස විරුදාවලී ලද ‘ඩොනී ඩෙකර්’ නැමැත්තා 1983 වසරේ සිට එනමින් ප්‍රකට වූයේ, සිය අභිමතය පරිදි ඕනෑම අවස්ථාවකදී වැසි ගෙන ඒමට ඔහු සතු වූ අධිඅසාමාන්‍ය හැකියාව නිසාය. වරෙක සුළු වරදක් හේතුවෙන් සිරගත වූ ඩොනී සිරමැදිරිය තුළද වැසි වැස්සීම මගින් ඉමහත් කලබලයක් ඇතිකිරීමට සමත්ව තිබිණි. පසුකලෙක සිරෙන් නිදහස් වූ ඩොනී කෝකියෙකු ලෙස සේවයට බැඳුණු නමුදු ඔහුගේ වත්මන් තොරතුරු සේම වැසි හටගැන්වීමේ අසාමාන්‍ය හැකියාවද රහසක්ව පවතියි.

ප්‍රියන්ති රුද්‍රිගු