Dec 29, 2012

තැඹිලි පොවා මිනීමැරූ යක්‍ෂයා කොටදෙණියාවත් බිලි ගනීවි ද?



කුමන හෝ ආගමක්‌ මුල් කරගනිමින් තම අරමුණු ඉටුකර ගැනීම සඳහා ඇතැම් පුද්ගලයන් කටයුතු කිරීම මේ කාලයේ දක්‌නට ලැබෙන සුලබ කාරණයකි. සමාජයේ අසරණ මිනිසුන්ගේ මොළවලට කුමන හෝ ආගමක නාමයෙන් වැරදි ආකල්ප ඇති කරමින්, මෙකී පුද්ගලයන් කරන්නේ තමන්ගේ ආර්ථික උවමනාවන් ඉටු කර ගැනීම පමණි. විටෙක බෞද්ධ ආගමද විටෙක කතෝලික ආගමද උපයෝගි කරගන්නා සමාජයේ කුමන හෝ ස්‌ථානයකින් මතු වන මෙම පුද්ගලයන් සියලු ධර්මයන්ට පටහැනි දේ සිදුකරමින් අසරණ මිනිස්‌ ජීවිත සමග සෙල්ලම් කරයි. මෙකී තත්ත්වය නිසා අප සමාජයේ වැඩිහිටි මිනිසුන් පමණක්‌ නොව හය හතර නොතේරෙන කුඩා දරුවන් ද තම ජීවිතයෙන් වන්දි ගෙවූ සිදුවීම් කිහිපයක්‌ පසුගිය කාලයේ අපට අසන්නට ලැබිණි.

වර්තමාන ලෝකයේ වෛද්‍ය විද්‍යාව කෙතෙක්‌ දියුණු තැනක පැවැතිය ද වෛද්‍ය විද්‍යාවට පිටින් විවිධ ක්‍රමයන් ඔස්‌සේ ඇතැම් මිනිසුන් ලෙඩ රෝග සුව කිරීමට ගොස්‌ පෙර සඳහන් තත්ත්වයට මිනිසුන් පත්වේ. යාඥා කිරීම මගින් ලෙඩ රෝග සුව කිරීම මෙවැනි එක්‌ ක්‍රමයකි. මෙම යාඥා කිරීම මගින් ලෙඩ රෝග සුව කරගන්නට ගොස්‌ මරණය ළඟා කරගත් පුවත් ද අප කොතෙකුත් අසා ඇත්තෙමු. මෙහි අවාසනාවන්තම තත්ත්වය මෙවැනි සිදුවීමකින් පසුව කාලයාගේ ඇවෑමෙන් අපේ රටේ මිනිසුන්ට එය අමතක වී යැමය. වර්ෂ 2008 ජුනි මාසයේදී දේවගැතිවරයකු ලෙස පෙනී සිටි පුද්ගලයකු විසින් තැඹිලි ගෙඩි 13 ක්‌ සමග අමු කිsරි බෝතලයක්‌ පොවා දියවැඩියා රෝගය වැළඳුණු තරුණයකු සුව කරන්නට ගොස්‌ එම තරුණයාගේ ජීවිතය බිලිගත් කතාව එවකට අපේ රටේ මහත් ආන්දෝලනයකට ලක්‌ වූ සිදුවීමක්‌ විය. එය රටේ සෑම මාධ්‍යයක්‌ම වාර්තා කර තිබිණි. "දිවයින" එය වාර්තා කර තිබුණේ "දෙවියන් වහන්ස මේ මුග්ධයන්ට ප්‍රඥාව දෙනු මැනවි" සිරස්‌තලය යොදාගෙනය.

අප මෙම සිදුවීම මෙම සටහන සඳහා යොදාගත්තේ අන් කිසිවක්‌ නිසා නොව එදා සමීරගේ මරණයට වගකිව යුතු දේවගැතිවරයා යෑයි සඳහන් පුද්ගලයා විසින් දිවුලපිටිය ප්‍රාදේශීය වසමේ කොටදෙණියාව නගරය මුල් කරගනිමින් යාඥා මධ්‍යස්‌ථානයක්‌ ආරම්භ කිරීමට යැමෙන් එම ප්‍රදේශයේ ජනතාවගෙන් එයට එල්ල වන දැඩි විරෝධය මුල් කොට ගෙනය. අපේ රටේ ඕනෑම පුද්ගලයකුට තමන් කැමති ප්‍රදේශයක ඉඩමක්‌ මිලදී ගන්න, ගොඩනැඟිල්ලක්‌ ඉදි කරන්න, පමණක්‌ නොව තමන් කැමැති ආගමක්‌ ඇදහීමේ අයිතියටද අප ගරු කළ යුතුය. එසේ නොමැතිව ආගමක නාමයෙන් මිනිසුන්ට විකෘති අදහස්‌ ඉදිරිපත් කොට මිනිසුන් මුළාවට ලක්‌ කොට තම ආර්ථික අභිලාශයන් ඉටු කර ගැනීමට ඉඩ ප්‍රස්‌ථාව සැලසිය යුතු නොවේ. එම අරමුණ පෙරදැරිව අප කොටදෙණියාව ප්‍රදේශයේ ඉදිකරන්නට සූදානම් වනවායි සඳහන් කරන යාඥා මධ්‍යස්‌ථානය පිළිබඳව තොරතුරු සොයා බලන්නට එම ප්‍රදේශයට ගියෙමු.

එහිදී අප පළමු කොටම කොටදෙණියාව අඹගහලන්ද විවේකාරාමයේ විහාරාධිපති බලගල්ල සරස්‌වතී මහා පිරිවෙනේ ආචාර්ය ශාස්‌ත්‍රපති පනාපිටියේ සුමනවංශ හිමියන්ගෙන් තොරතුරු විමසුවෙමු.

පළමු කොට කිව යුතුයි මෙම විරෝධය කිසිදු ආගමකට එරෙහිව සිදු කරනු ලබන විරෝධයක්‌ නොවන බව. මෙම යාඥා මධ්‍යස්‌ථානය ආරම්භ කරන්න හදන පුද්ගලයා කිසියම් ආගමක දේවගැතිවරයෙක්‌ හෝ පූජකවරයෙක්‌ නොවන බව මා තරයේ කියා සිටිනවා. හුදෙක්‌ මොහු සමාජයේ ජනයාගේ මනස විනාශ කරමින් යාඥා මගින් ලෙඩ රෝග සුවකරනවා කියලා මුදල් හම්බකරන කූට පුද්ගලයෙක්‌. අප මේ පුද්ගලයා ගැන දීර්ඝ ලෙස කරුණු සොයා බැලුවා. එහිදී දැනගන්නට ලැබුණු තොරතුරු අනුව මොහු චතුර කථිකත්වයක්‌ ඇති මිනිසුන් මුළාවේ දැමීමට උපන් හපන්කම් ඇති, පුද්ගලයෙක්‌. මොහුගේ චරිතයද ඉතා පිළිකුල් සහගත එකක්‌. මා මෙහිදී සඳහන් කළ යුතුයි කොටදෙණියාව ප්‍රදේශය කියන්නේ 99% බෞද්ධයන් ජීවත් වන ප්‍රදේශයක්‌. සියයට 1 ක්‌ පමණ කතෝලික දහම අදහන පිsරිසක්‌ ජීවත් වන ප්‍රදේශයක්‌. බෞද්ධ අපත් සමග කතෝලික දහම අදහන සුළු පිරිසක්‌ ඉතාම හොඳ සබැඳියාවකින් මේ වන විට ජීවත් වෙනවා. මේ පුද්ගලයා මේ කරන කටයුතුත් සමග ඉදිරියේදී ඒ සබැඳියාවට යම් හානියක්‌ සිදුවේවිදෝ සැකය අප තුළ තියෙනවා. මොහු මෙම යාඥා මධ්‍යස්‌ථානය ආරම්භ කරන්න පළමු කොට ඉදි කරන්න සූදානම් වූ ගොඩනැඟිල්ල තාවකාලිකව නතර කිරීම සඳහා අවශ්‍ය කටයුතු අප කළා. නමුත් අපට මේ මොහොතේ නැවත ගැටලුවක්‌ මතුවෙලා තියෙනවා. මොහු ඊට යාබදව නිවසක්‌ ආකාරයටම ඉදිකරන ගොඩනැඟිල්ල පිළිබඳව. මෙය එම යාඥා මධ්‍යස්‌ථානය සඳහා ඉදිරියෙදී යොදා ගනීවි යන සැකය අපේ ජනතාව තුළ තියෙනවා. එසේ ඔහු කටයුතු කළොත් ඉතා ප්‍රජාතන්ත්‍රවාදී විදියට මෙම ප්‍රදේශයෙන්ම මොහුව එළවා දැමීමට අප කටයුතු කරනවා. ඔහු එම ගොඩනැඟිල්ලේ ජීවත් වුණාට අපට ගැටලුවක්‌ නැහැ. නමුත් යාඥා මධ්‍යස්‌ථානයක්‌ ලෙස එය භාවිත කොට මේ අසරණ මිනිසුන්ගේ ජීවිත විනාශ කරන්න ඔහුට ඉඩදෙන්න අපට පුළුවන් කමක්‌ නැහැ. මොහු පසුගිය දින කිහිපයේදී මේ ප්‍රදේශයේ බෞද්ධ නිවාස කිහිපයකට නිවාස ආරක්‍ෂා කරන්න කියලා ගිහිල්ලා තියෙනවා. එහිදී එම බෞද්ධ නිවාසවල මිනිසුන්ට කියලා තියෙන්නෙ "මේ ගෙදර යක්‌ෂයෙක්‌ ඉන්නවා වහා ඉවත්කළ යුතුයි කියලා." ඊට පසුව කවුද යක්‍ෂයා කියලා ඇහුවහම ඔහු පෙන්වලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ පිළිම හා පිංතූර. මෙය බෞද්ධ අපට විශාල වේදනාවක්‌. මොහුට මෙවැනි පහත් ක්‍රියාවන්වල යෙදිලා ව්‍යාපාර කරන්න ඉඩ දිය යුතු නැහැ. අප මේ පිළිබඳව ජනාධිපති තුමන්, බැසිල් රාජපක්‍ෂ මැතිතුමා, දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම්තුමා ඇතුළු සියල්ල දැනුවත් කළා.

අප විහාරාධිපති හිමියන්ගෙන් සමුගෙන පන්සලට යාබද බඩල්ගම ශු. ජපමාලා දෙව්මැඳුරේ ප්‍රධාන පියතුමන් වන ඇන්ටන් රංජිත් පියතුමන්ගෙන් තොරතුරු විමසුවෙමු.

මේ කියන පුද්ගලයා ශුද්ධ වූ සෙබස්‌තියන් මුනිතුමාව යොදාගෙන මුදල් ඉපයීමේ ඉතා පහත් වැඩපිළිවෙළක්‌ තමයි මේ සිදු කරමින් ඉන්නේ. කතෝලික සභාව කරන්නෙ සෙබස්‌තියන් මුනිතුමාට ගෞරව කරන එක. මේ පුද්ගලයා තම ව්‍යාපාර කටයුතු සඳහා ඒ ශුද්ධ වූ මුනිතුමාව යොදා ගැනීම ඉතාම කනගාටුදායකයි. පළමු කොට කිව යුතුයි කතෝලික සභාව කිසි විටෙක බලෙන් කිසිවකු තම ආගමට හරවා ගන්නෙ නැහැ. එය ඉතා පැහැදිලිව කිව යුතුයි. මේ කියන පුද්ගලයාව මම දන්නේ රටේ මහත් ආන්දෝලනයක්‌ ඇති වූ තැඹිලි ගෙඩි 13 ක්‌ පොවලා තරුණයකු මිය යැමේ සිද්ධියෙන් පසුව. බෞද්ධ අය පැන් පූජා කරනවා, පැන් බොනවා වගේ කතෝලික සභාවෙත් තියෙනවා පැන් ටිකකට ආශිර්වාද කරලා දෙන සිරිතක්‌. නමුත් මොහු මොනවද මේ කරන්නේ. කතෝලික දහමට පටහැනි ඉතා පහත් ක්‍රියාවන්. ඒ සඳහා අප ඉඩ දිය යුතු නැහැ. මේ පුද්ගලයා කතෝලික සභාවේ ලියාපදිංචි නැහැ. ඒ වගේම දේවගැතිවරයකු හෝ පූජකවරයකු නෙවෙයි. මම දන්නේ නැහැ මේ ඔබ පෙන්වන විස්‌තර අනුව මෙවැනි මස්‌ මාංශ උපයෝගි කරගෙන ලෙඩකුට කරන ආශිර්වාදය මොකක්‌ද කියලා. ඉතාම පිළිකුලෙන් යුතුව හෙළා දකිනවා මේ දේවල්. මොහු තෝප්පුව ප්‍රදේශයෙත් මෙවැනි මධ්‍යස්‌ථානයක්‌ ආරම්භ කරන්න සූදානම් වුණා. එහිදී ඔහු අසාර්ථක වුණා. එය අධිකරණය දක්‌වා ගියා. අධිකරණය ඔහුට දැනුම් දුන්නා මෙවැනි කටයුතු සිදු නොකරන ලෙස. ලංකාවේ කිසිදු තැනක මිනිසුන් මුළා කරමින් සිදු කරන මෙවැනි කටයුතු සඳහා ඉඩ දිය යුතු නැහැ. දැනගන්නට ලැබෙන තොරතුරු අනුව මොහු තවත් ස්‌ථානයක මෙම කටයුතු දැනටමත් කරගෙන යනවා. මෙම පහත් ක්‍රියා නතර කිරීම සඳහා අපගේ සහයෝගය ලබා දෙන බවත් කිව යුතුයි.

පියතුමාට සමුදුන් අප අනතුරුව 2008 වර්ෂයේ කිඹුලාපිටිය ප්‍රදේශයේ තැඹිලි ගෙඩි 13 ක්‌ අමු කිරි සමග පොවා යාඥා මධ්‍යස්‌ථානයේදී මියගිය සමීරගේ පියා මුණගැසිණි. කටියල පාර කිඹුලාපිටිය ප්‍රදේශයේ පදිංචි චාල්ස්‌ එරික්‌ ප්‍රනාන්දු (59) මහතා මෙසේ පැවසීය.

දේවගැතිවරයකු ලෙස පෙනී සිටි රංජන් පාලිත නමැත්තා අප ප්‍රදේශයේ යාඥා මධ්‍යස්‌ථානයක්‌ පවත්වාගෙන ගියා. මගේ දරුවා මේ යාඥා මධ්‍යස්‌ථානයේදී 2008 වර්ෂයේ ජුනි මාසයේදී මිය ගියා. අපි එදා මොහුට රුවටිලා මගෙ අහිංසක දරුවව නැති කරගත්තා. මොහු මගේ දරුවට දස වධ දීලා, දරුවගෙ බෙල්ල කඩාගෙන එතනම වැටුනට පස්‌සෙ ඉක්‌මනටම රෝහලකට ගොස්‌ වෛද්‍යවරයකුට පෙන්වන්න කියලා කිව්වා. අප දරුවව රජයේ රෝහලට රැගෙන ගියත් වෛද්‍යවරු එහිදී කිව්වා දරුවා මිය ගියාට පසුවයි ගෙනත් තියෙන්නෙ කියලා. ලෙඩුන් සුව කරනවා කියලා මොහු කරන්නෙ විශාල බොරුවක්‌. මොහු කාන්තාවන් විශාල ප්‍රමාණයක්‌ ඇසුරු කරන ඉතා පහත් පුද්ගලයෙක්‌. එම කාන්තාවන්ට මොහුට දාව දරුවන් පවා ඉන්නවා. මම මේවා කියන්නෙ පුද්ගලයෙකුට මඩ ගහන්න නෙමෙයි. රටේ මිනිසුන්ට මොහු මොනවගේ පුද්ගලයක්‌ද කියලා තේරුම් ගන්න. මම ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිනවා අපේ රටේ ජනතාවගෙන් මේ පුද්ගලයන්ට රැවටෙන්න එපා කියලා. එසේ රැවටුනොත් තමන් හරි හම්බ කරගත් දේ පමණක්‌ නෙමෙයි ජීවිතත් නැති වෙන්න පුළුවන්. අද මට මගෙ දරුවව නැතිවෙලා විඳින වේදනාව හෙට දවසේ තවත් කෙනෙකුට වෙන්න පුළුවන්. ඒ නිසා මේ බොරුකාර වංචාවලට රැවටෙන්න එපා කියලා මම සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා.

අදහස්‌ දැක්‌වූ කොටදෙණියාව ප්‍රදේශයේ පදිංචි කරුණානායක පතිරණලාගේ සෝමසිsරි

මෙම යාඥා මධ්‍යස්‌ථානය ආරම්භ කරන්න සූදානම් වන පුද්ගලයාට කාන්තාවන් පමණක්‌ 4 දෙනෙක්‌ ඉන්නවා. ඇතැම් කාන්තාවන් සඳහා වන්දි ගෙවනවා. මේ පුද්ගලයා ඉතාම දූෂිත පුද්ගලයෙක්‌. ආගම් නාමයෙන් මොහු කරන මේ නින්දිත පහත් වැඩ නතර කර දැමීම සඳහා වගකිව යුතු අංශ වහා මැදිහත් විය යුතුයි. එසේ නොවුණහොත් ඉතාම සාමකාමීව ජීවත් වන මේ ප්‍රදේශයේ ජනතාව බේද භින්න වෙන්න පුළුවන්. රටේ විවිධ තැන්වලින් මෙවැනි බොරුකාරයන් මේ කාලයේ මතු වෙන්න පටන් අරන්. මේ දේවල් නිසා බෞද්ධ ආගම පමණක්‌ නොවෙයි කතෝලික ආගමත් විනාශ වෙන්න පුළුවන්. ඒ නිසා සියලු ආගම් නාමයෙන් ගරු ආගමික නායකයන්ගෙන් මම ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා මේ පුද්ගලයා මේ සිදු කරනු ලබන වංචාවන් වහා නතර කිරීම සඳහා මැදිහත් වන්න කියලා.

තම අදහස්‌ දැක්‌ වූ ඡේ. පී. සුභසිංහ මහතා (34)

තරුණයෙක්‌ හැටියට මේ ප්‍රදේශයේ ජීවත් වෙද්දී සියලු ආගම් අදහන අන් සියලු දෙනා සමගම අපි ඉතා හොඳ සංහිඳියාවකින් ජීවත් වන පිරිසක්‌. මේ අපගේ විරෝධය කිසිදු ආගමකට නොවන බව කිව යුතුයි. මේ යාඥා මධ්‍යස්‌ථානය ආරම්භ කරන්න යන පුද්ගලයා බෞද්ධ විරෝධී වැඩ කරමින් බුදුන් වහන්සේට අපහාස වන අයුරින් කටයුතු කරන බව අපට දැන ගන්නට ලැබුණා. මෙය ඉතා නින්දිත පහත් ක්‍රියාවක්‌. තරුණයෙක්‌ හැටියට අප සියලු දෙනා මේ ක්‍රියාදාමය ඉතා පිළිකුලෙන් යුතුව හෙළා දකිනවා. මේ පුද්ගලයාට මේ ප්‍රදේශයේ නෙමෙයි ඕනෑම ප්‍රදේශයක පුරවැසියෙක්‌ හැටියට ජීවත් වෙන්න තියෙන අයිතිය අප පිළිගන්නවා. නිවසක්‌ ආකාරයෙන් මේ මොහොතේ ඉදිවෙමින් පවතින ගොඩනැඟිල්ල ඉදිරියේදී මොහුගේ මේ පහත් ක්‍රියාවන් සඳහා යොදා ගතහොත් ඉතාම ප්‍රජාතන්ත්‍රවාදී විදියට මොහුව මේ ප්‍රදේශයෙන් එළවා දැමීම සඳහා කටයුතු කරන බව ඉතා ඕනෑකමින් කියනවා. අප රටේ මුළු මහත් ජනතාවගෙන්ම ඉල්ලා සිටිනවා මොවුන් පිළිබඳව අවදියෙන් සිටින්න. මෙය කොටදෙණියාව ප්‍රදේශයට විතරක්‌ ලඝූ ප්‍රශ්නයක්‌ නොවෙයි. හෙට දවසේ මොහු හෝ මෙවැනිම පුද්ගලයන් ඔබ ජීවත් වන ප්‍රදේශයෙන්ද මතු වන්න පුළුවන්. ජනතාව අවදියෙන් සිටින්න.

සැබවින්ම ලෙඩ සුවකරන මුවාවෙන් තම අරමුණු ඉටු කරගැනීමට උත්සාහ ගන්නා මෙවැනි පුද්ගලයන් ගැන රටේ සමස්‌ත පුරවැසියාම අවදියෙන් සිටිය යුතු කාලයක්‌ උදා වී ඇති බව ඉතා පැහැදිලිය.

මොවුන්ට මෙම කටයුතු කරගෙන යැම සඳහා ආගම් විරෝධී කිසියම් සංවිධානයක්‌ මගින් අවශ්‍ය කරන මුදල් පොම්ප කරනවාද විය හැකියි. එබැවින් සමස්‌ත පුරවැසියාගෙන් අපද ඉල්ලා සිටින්නේ මෙවැනි වංචාකාරයන්ගෙන් තම දරුවා පමණක්‌ නොව සියලු ජනී ජනයාගේ ජීවිත රැක ගැනීම උදෙසා මොවුන්ට නොරැවටෙන ලෙසය. අපද මෙවැනි පුද්ගලයන්ගෙන් දෙවියන්ගේ නාමයෙන් ඉල්ලා සිටින්නේ අසරණ මිනිස්‌ ජීවිත සනසනවා වෙනුවට ඔවුන්ගේ අසරණකමින් ප්‍රයෝජන ගෙන තම ආර්ථික උවමනා සහ ලෞකික අවශ්‍යතා ඉටු කර ගෙන අසරණ මිනිසුන්ගේ ජීවිත සමග කරන සෙල්ලම වහා නවතා ඔවුන්ට සරණක්‌ වන ලෙසය. මෙම බොරුවද නවත්වන්නේ නම් එයද එම ජනයාට සරණක්‌ බව අවසාන වශයෙන් අප සටහන් කරන්නෙමු.


නිශ්ශංක සංජීව

තැප්‍රෝබේනය කියන්නේ ඊළඟ ලෝකයටද?



කූටකන්නතිස්ස රජුගේ පුත් භාතිකාභය රජුගේ කාලය අප රට ඉතිහාසයේ ඉතා වැදගත් තැනක් ගන්නේ බටහිර ලෝකය සමඟ කෙළින්ම වෙළෙහෙළ¼දාම් කිරීම ඇරැඹුණේ ඔහුගේ කාලයේ බැවිනි. එහෙත් එම රටවලට අපේ වෙළෙඳ ද්‍රව්‍ය ගියත්, ඒවා ගියේ ඉන්දියාව හරහාය. තැප්‍රොබේනය නමින් බටහිර ලෝකයා අතර ප්‍රසිද්ධව තිබුණු අපේ රට මේ ලෝකයේ අනෙක් පැත්තේ, එසේත් නැත්නම් මේ ලෝකයෙන් එහා පිහිටි රටක්ය යන ප්‍රචාරය සාර්ථකව පවත්වා ගැනීමට වෙළෙඳ ඒකාධිකාරය සියතට ගෙන සිටි අය සමත් වූහ. ක්‍රි.පූර්ව 330 තරම් අෑත කාලයක, ඇලෙක්සන්ඩර්ගේ අද්මිරාල්වරයකු සැබැවින්ම තැප්‍රොබේනය පිහිටා ඇති ඉසව්ව සොයා ගත්තත්, සුළු කලකින්ම බටහිර ලෝකයට එම සිද්ධියද අමතක වී ගොස් තිබිණි.

එහෙත් රෝමයේ ඔගස්ටස් සීසර් අධිරාජයාගේ කාලයේදී රෝම නැවක් මෝසම් සුළඟට හසුවී මෙරට වරායකට ගසාගෙන ආවේය. මෙම සිද්ධිය හේතුකොටගෙන මෝසම් සුළං රටාව පිළිබඳ නාවිකයන් දැනුම්වත් වීම නිසා ඉන් පසු කාලයේ ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු සඳහා මෙය උපකාරි විය. මෝසම් සුළං, වෙළෙඳ සුළං නමින්ද හැඳින්වෙන්නේ මේ නිසාය.

භාතිකාභය රජු රෝම නියෝජිත පිරිස මහත් උනන්දුවෙන් මුණ ගැසුණේය. ඔවුන් සමඟ දීර්ඝ සාකච්ඡාවක්ද කළේය. රෝමය සමඟ වෙළෙඳ ගිවිසුමක් ඇතිකර ගැනීම සඳහා මෙරටින් නියෝජිත පිරිසක් යැවීමටද තීරණය කළේය. මෙම සිද්ධිය ඉතා වැදගත් සිද්ධියක් හැටියට ප්ලිනි නම් රෝම ඉතිහාසඥයා විස්තර කරයි.
ඔගස්ටස් සීසර්, සිංහල නියෝජිත පිරිස මහත් හරසරින් පිළිගත්තේය. මෙම සිද්ධිය වූයේ ක්ලෝඩියස් අධිරාජ්‍යයාගේ කාලයේදී යැයි ප්ලිනි සඳහන් කරතත් එය සැබැවින්ම සිදුවූයේ ඔගස්ටස් සීසර්ගේ කාලයේදී බව පසු කාලයකදී ඊජිප්තුවෙන් සොයාගත් ගී්‍රක රෝම සාක්‍ෂිවලින් පෙනේ. අපේ මහාවංසයෙන්ද මෙම සිද්ධිය වූයේ භාතිකාභයගේ කාලයේදී බව හෙළි වේ. එදා රෝම අධිරාජ්‍යයේම යටත් විජිතයක් වූ ඊශ්‍රායෙල් පෙදෙසෙහි බෙත්ලෙහෙම්හි ක්‍රිස්තුස් වහන්සේ උපන්නේත් අප රට භාතිකාභය රජුගේ කාලයේදීය.


සිංහල නියෝජිතයන් ආපසු එන ගමනේදී පබළු විශාල තොගයක් ගෙන ආ බව මහාවංසය කියයි. එය සීසර්ගෙන් ලැබුණු තෑග්ගක් විය යුතුය. ඉන්දියාවේ හින්දුන් අනාදිමත් කාලයක සිට පුද පූජා අවස්ථාවලදී පූජා භාණ්ඩයක් ලෙස පබළු යොදාගත් බව පෙනේ. එය අද ද ඉන්දියාවේ ඇතැම් පෙදෙස්වල සිදුවේ. ඔවුහු පූජනීය වස්තූන් පබළුවලින් සරසති. මෙම සිරිත අප රට බෞද්ධයන් අතරද මෙම කාලයේදී තිබුණු බව පෙනේ. භාතිකාභය රජු, රෝමයෙන් ගෙනා පබළු ගෙන දැලක් සාදා එම දැලෙන් මහාථූපය වැසූ බව මහාවංසය කියයි. මෑත දී ජේතවන ව්‍යාපෘතියේ කැණීම්වලදීත් ලක්‍ෂ ගණනින් පබළු තොග හමුවූ බව මෙහිදී සැලකිය යුතුය.
තැප්‍රොබේනය ගැන ප්ලිනි සඳහන් කරන මේ කරුණුද ඉතා වැදගත්ය.


'පැරැන්නන් තප්‍රොබේනය දෙවැනි ලෝකයක් යැයි සිතූහ. එහෙත් මහා ඇලෙක්සන්ඩර්ගේ ආක්‍රමණවලදී තප්‍රොබේනය දිවයිනක් බවත්, එය පිහිටා තිබෙන්නේ කුමන ප්‍රදේශයකද යන බවත් සත්‍ය වශයෙන්ම දැන ගැනීමට හැකිවිය. ඇලෙක්සන්ඩර්ගේ ඔනිසික්‍රීටස් නම් අද්මිරාල්වරයා සිය නැව් කණ්ඩායම සමඟ කළ සංචාරකදී ඔහුට මෙම තොරතුරු දැන ගැනීමට හැකි විය.'

ක්‍රි. පූර්ව 6 වැනි ශත වර්ෂයේදී පවා ගී්‍රකයන්ගේ හා රෝමකයන්ගේ නැව් දකුණු ඉන්දියානු වරායවල දක්නට ලැබිණි. මෙම දෙකොට්ඨාසයම දකුණු ඉන්දියානුවන් විසින් හඳුන්වන ලද්දේ 'යවන' යන නමිනි. අපේ පාලි පොත්වල 'යෝනක' නමින් හැඳින්වෙන්නේද මොවුන්මය. පණ්ඩුකාභය රජු යවනයන් වෙනුවෙන් අනුරාධපුරයේ වෙනම වීථියක් වෙන් කළ බවද කියැවේ. මෙයින් පෙනෙන්නේ භාතිකාභයගේ කාලයේදී පැමිණි දූත පිරිසටත් පෙර සිට මෙම ජාතීන් පිළිබඳ දැනීමක්, හැඳිනීමක් අප රට ජනතාවට තිබුණු බවයි. භාතිකාභයගේ කාලයේදී සිදු වූයේ තැප්‍රොබේනයට කෙළින්ම එන මුහුදු මාර්ගය සොයා ගැනීම පමණි.

ඇලෙක්සන්ඩර්ගේ ආක්‍රමණවලින් පසු ඊජිප්තුවේ සිට යුරෝපය හරහා ඉන්දියාවට එන තෙක් පර්සියන් භාෂාව ජාත්‍යන්තර වෙළෙඳ භාෂාව වශයෙන් පැතිරී තිබුණු බව පෙනේ. ශත වර්ෂ ගණනක් තිස්සේම එම තත්ත්වය එසේම පැවැතිණි. ක්‍රි. වර්ෂ 1344දී පමණ මෙරටට පැමිණි ඉබන් බතුතා, ආර්ය චක්‍රවර්ති රජු සමඟ කතා බහ කළේද පර්සියන් භාෂාවෙනි. ක්‍රි. වර්ෂ 1409දී චිං හෝ නම් චීන අද්මිරාල්වරයා ගාල්ලේ පිහිටු වූ ත්‍රිභාෂා සෙල්ලිපියද ලියා ඇත්තේ පර්සියන්, චීන හා දෙමළ භාෂාවලිනි. රාජරාජගේ මහාද්වීපික ආක්‍රමණවලින් පසු දෙමළ භාෂාවද දකුණු ආසියාවේ ජාත්‍යන්තර භාෂාවක් වශයෙන් භාවිත වූ බැවින් මෙසේ දෙමළ භාෂාවද යොදා ගන්නට ඇත.

සිංහලයන් හා රෝමකයන් අතර ඇති වූ සාකච්ඡාවලදී කුමන භාෂාවක් උපයෝගී කරගන්නට ඇත්ද? රෝමයේදී ඇති කරගත් වෙළෙඳ ගිවිසුම කුමන භාෂාවකින් ලියැවෙන්නට ඇත්ද? භාෂා ප්‍රශ්නයක් ඔවුන්ට එතරම් බලාපෑ බවක් නොපෙනේ. එපමණක් නොව චීනය සමඟත් ආසියාවේ අනෙකුත් රාජ්‍යයන් සමඟත් සිංහලයෝ වෙළෙඳ හා සංස්කෘතික සම්බන්ධකම් දිගටම කරගෙන ගියහ. මේ අවස්ථාවලදී ද භාෂා ප්‍රශ්නයක් බලපෑ බවක් නොපෙනේ. අද මෙන්ම එදත් රට රටවල් අතර ගනුදෙනු කර ගැනීමේදී ඔවුන් ජාත්‍යන්තර භාෂා උපයෝගී කරගන්නට ඇත. මේ සෑම රටකම එම භාෂා ඉගෙනීම සඳහා පහසුකම් තිබෙන්නට ඇත. එදා ඇලෙක්සැන්ඩර් අධිරාජයා ඇති කළ මහා අධිරාජ්‍යයේ පොදු ජාත්‍යන්තර භාෂාව පර්සියන් භාෂාව වූ බවයි පෙනෙන්නේ. ඇතැම් විට සිංහලයන් හා රෝමකයන් අතර සන්නිවේදන කටයුතු කෙරෙන්නට ඇත්තේ පර්සියන් භාෂාවෙන් විය හැකිය. ආසියානු ජාතීන් අතර ඇතැම්විට පාලි හා සංස්කෘත භාෂා ජාත්‍යන්තර භාෂා හැටියට යෙදෙන්නට ඇත. මේ හැර සියලුම ඉන්දියානු ජාතීන් අතර කටයුතු කිරීම සඳහා සියලු දෙනාටම පොදු ජීව භාෂාවක් යොදා ගත්තේද යන්න පිළිබඳ පර්යේෂණ පැවැත්විය යුතුය. එක දෙයක් නම් ඉතාම පැහැදිලිය. මුල් යුගයේ සිට අපේ රජවරුන්, ඔවුන් ලැබූ අධ්‍යාපනයේ කොටසක් වශයෙන් ජාත්‍යන්තර කටයුතු සඳහා අවශ්‍ය භාෂා ඉගෙන ගෙන සිටි බවට කිසිම සැකයක් නැත.

මුල් කාලයේ සිටම සිංහලද්වීපය ප්‍රධාන වෙළෙඳ මධ්‍යස්ථානයක් විය. රෝමය සමඟ ඇති කරගත් වෙළෙඳ ගිවිසුමෙන් පසු එම තත්ත්වය විශාල වශයෙන් දියුණු වන්නට ඇති බව පෙනේ. ගොඩවාය, මාතොට ආදී පැරැණි වරායවල් අසල තිබී සොයා ගත් දස දහස් ගණනින් යුත් රෝම කාසි තොග ඊට දෙස් දෙයි. සිංහලයන් මුලින්ම මෙරටට පැමිණියේ ඔවුන්ගේම විශාල නැව්වලිනි. ඔවුන් මුල සිටම නැව් තැනීමේ කර්මාන්තයෙහි දක්‍ෂයන් වූ බව පෙනේ. නැව් තැනීමට අවශ්‍ය වූ දැව වර්ග ඕනෑ තරම් මේ රටේ තිබිණි. නැව් තැනීම සඳහා අවශ්‍ය දැව පිටරට යැවීමද අප රට පැවැති ප්‍රධාන ව්‍යාපාරයකි. සිංහලයන් සතු වෙළෙඳ නැව් සෑම වරායකම දක්නට ලැබුණු බවට ඓතිහාසික සාක්‍ෂි ඇත. චීනයේ යැංසිකියෑං ගඟේ වරායවලද සිංහල නැව් දක්නට ලැබුණු බව කියැවේ. මුතු මැණික් සහ කුළුබඩු අපේ ප්‍රධාන වෙළෙඳ ද්‍රව්‍ය වූ අතර පසු කාලයේදී සහල්ද පිටරට යැවිණි. නැව් තනා පිටරට යැවීමේ මහා පරිමාණ ව්‍යාපාරයක්ද අප රටේ නොයෙක් කාලවල තිබුණු බව පෙනේ.

රාජ්‍ය ගෞරවයට පමණක් නොව සමස්ත ස්ත්‍රී වර්ගයාටම නින්දාවක් ගෙන දුන් කුප්‍රකට අනුලා රැජනගේ ක්‍රියා කලාපය වුවද රටේ ආර්ථික දේහයට හෝ වෙළෙඳ ව්‍යාපාරවලට හෝ එතරම් බලපෑමක් ඇති නොකරන්නට ඇත. එයට හේතුව එදා පණ්ඩුකාභය විසින් මෙහි පිහිටුවන ලද ක්‍රමවත් හා ශක්තිමත් පාලන තන්ත්‍රයයි. එක් එක් ප්‍රාදේශීය නායකයන් තම තමන්ගේ පෞද්ගලික අභිවෘද්ධිය සාදා ගන්නට නම් තම ප්‍රදේශයේ අභිවෘද්ධිය ඇති කළ යුතු විය. වැව් ඕනෑම ප්‍රදේශයක හදවතයි. ඒවා පිළිසකර කිරීම, නඩත්තු කිරීම හා අවශ්‍ය නම් තවත් වැව් ඉදිකිරීම මෙම නායකයන් අතින් අඛණ්ඩවම සිදුවිණි. තමන්ගේ ආදායම වැඩි වන්නේ රටේ ආදායම වැඩි වූ තරමටය. ඔවුන්ට වෙනත් වැටුපක් නොලැබෙන බැවිනි. මෙවැනි ක්‍රමයක් මඟින් රටේ ආර්ථිකය ඉබේම දියුණු වන බව අමුතුවෙන් කිව යුතු නොවේ.
සිංහලයන් පැමිණීමට පෙර සිටම මෙහි පැවැතුණු මුතු හා මැණික් වෙළෙ¼දාම කවදත් රටට ධනය ගෙන එමින් තිබිණි. මුතු පමණක් නොව සක් බෙල්ලන් (හක් ගෙඩි)ද අප රටින් පිටරට යැවුණු වැදගත් වෙළෙඳ ද්‍රව්‍යයක් විය. මේ රටින් පිටරට යැවුණු ප්‍රධාන දැව අතර කළුවර, කළුමැදිරිය, පතඟි ආදිය ප්‍රධාන තැනක් ගති. සුවඳ විලවුන් වශයෙන් හා ඔෟෂධයක් වශයෙන් අවශ්‍ය වූ සඳුන් හා කොකුම් ගස්ද මෙරට වනාන්තරවල සුලබ විය. අපේ වන සම්පත එදා සම්පත් ආකරයක් විය. ඇතුන් කෙසේ වෙතත් අලින් පිටරට යැවීමද ප්‍රධාන වශයෙන් සිදුකෙරිණි.


කුරුඳුවලට සංස්කෘත භාෂාවෙන් 'සිංහල' යන වචනයද යෙදේ. එයට හේතුව සිංහලද්වීපයෙන් හඳුන්වා දෙන ලද කුළුබඩු වර්ගය වීමයි.
ඩබ්ලිව්.එස්. බණ්ඩාර මහතාගේ 'යටගියාවේ යට ගිය තැන්' ග්‍රන්ථයෙනි

Dec 28, 2012

වසර දහස් ගණනකට පෙර නියං කාලයේ ගොඩබිම වැවූ "ස්වයංජාත" වී


ලංකාව යනු නිතර වෙනස්වන කාලගුණික තත්ත්වයන් සහිත රටක් වන නිසා දිගු නියං කාලයන් වලදී වගාවන්ගෙන් අස්වනු ලබාගැනීම දුෂ්කරය.

නමුත් වසර දහස් ගානකට පෙර භාවිතා වූ "ස්වයංජාත" ලෙස හඳුන්වන වී වර්ගයෙන් වියලි නියං තත්ත්වයකදී වුවද අස්වනු ලබාගත හැකිය.

මෙම වී විශේෂය වගා කිරීමට කුඹුරක්ම අවශ්‍යය නොවේ. ගොඩබිමක හෝ වගා කළ හැක.

නියං සමයක අවම ජල පරිභෝජනයෙන් ආහාර නිෂ්පාදනය කළ හැක්කේ කෙසේද? යන්න පිළිබඳව හම්බන්තොට, අනුරාධපුරය, තන්තිරිමලේ ප‍්‍රදේශයන් ආශි‍්‍රතව සිදුකළ පර්යේෂණයක දී ශී‍්‍ර ලංකා සබරගමුව විශ්ව විද්‍යාලයේ කෘෂි විද්‍යාපීඨ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙක්වූ ආචාර්ය පි‍්‍රයන්ත යාපා මහතාට තන්තිරිමලේ ප්‍රදේශයේදී කාන්තාවක් විසින් වී ඇට 24 ක් ලබාදී තිබේ.

එම කාන්තාවට වැඩිහිටි ගොවියෙක්ගෙන් පුරාවිද්‍යා කැණීමකදී එම ධාන්‍ය ඇට ලැබී තිබුණු බව පැවසුනද ගොවීන් විසින් කරන පුරාවිද්‍යා කැනීමක් නොමැති නිසා ඒවා නිධානයකින් ලබාගත් ඒවා විය හැකිය.

ගොයම් ගස අඩි 10ක් පමණ උසට වැඩෙන "ස්වයංජාත" නමින් හඳුවන මෙම වී වර්ගය දැනට ලංකාවේ පවතින්නේ ප‍්‍රදේශ තුනක පමණක් වන අතර එම ප‍්‍රදේශවල පවතින වියළි දේශගුණික තත්ත්වය අනුව වැඩෙමින් උස තීරණය වේ.

ඉදල් ඉරිඟු ශාඛයක ස්වභාවය ගන්නා මෙම වී විශේෂය ඉදල් ඉරිඟු ගසක් මෙන් තනි ගසක් නොව පඳුරකි. පත‍්‍ර ඉරිඟු කොළයක හැඩය ගන්නා නමුදු එතරම් පළල් නොවන අතර සිහින් දිගැටිය. අනෙක් විශේෂත්වය නම් සාමාන්‍ය ගොයම් ගසකට වඩා මෙය අඩි 09 ක් තරම් උසට වැඩේ
ඒ අනුව කෑගල්ලේ අඩි 09ක්ද, බෙලිහුල්ඔය දී එය අඩි 09ක්ද, කොළඹගෙආරේ දී අඩි07ක්ද උසකින් ඒවා වැඩේ. මේ පිළිබඳව ආචාර්ය පි‍්‍රයන්ත යාපා මහතා පවසන්නේ මෙවැන්නක්.

"මා තන්තිරිමලේල හම්බන්තොට ආශි‍්‍රත ප‍්‍රදේශයේ පර්යේෂණ කටයුත්තක නියැලූනා. ඒ ඉතා දැඩි නියඟ කාලයක්. බොන්නවත් වතුර නැති කාලෙක වගා කළ හැකි බවභෝග මොනවාද යන්න ගැනයි පර්යේෂණය සිදු කළේ. එහෙම වැඩ කරද්දී එක් කාන්තාවක් මට ඉපැරැණි වී ඇට කීපයක් ගෙනැවිත් දුන්නා.

ඇයට වැඩිහිටි ගොවියෙක්ගෙන් පුරාවිද්‍යා කැණීමකදී ඒවා ලැබී තිබුණු බවයි කීවේ. ඒ ගැන ලිඛිත සාක්ෂි තිබුණෙත් නැහැ. මා අන්තර්ජාලයෙන් සොයා බැලූවත් කිසිම තොරතුරක් ලබා ගැනිමට හැකි වුණේ නැහැ. ශී‍්‍ර ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යාව හැදෑරූ ගුණතිලක නම් මහත්මයෙක්ගෙන් මේ ගැන මා විමසීම් කළා. ඔහු පැවසුවා පුරාවිද්‍යා කැණීම්වලින් මෙවැනි ධාන්‍ය හමුවු බව.

සබරගමුව විශ්ව විද්‍යාලයට පැමිණි ආචාර්ය ශිරාන් දැරනියගල මහතා සමග දිනක් මට කතා කරන්නට ලැබුණා. එහි දී ඔහු කීවා හෝටන්තැන්නේ කැණීම්වලදී අවුරුදු දහස් ගණනක් පැරැණි හමුවූ බව. මේ වී විශේෂය තියෙන්නේ රාජාංගණයේ හා තන්තිරිමලේ පමණයි.

වී ඇට 24 ක් කියන්නේ පර්යේෂණයකට ප‍්‍රමාණවත් සංඛ්‍යාවක් නොවෙයි. සීමිත ඇට ප‍්‍රමාණයකින් එවැනි පර්යේෂණ කළ නොහැකියි. එම බීජ කෑගල්ලල බෙලිහුල්ඔය හා කොළඹගෙආර ප‍්‍රදේශවල පැළ කිරීමට කටයුතු කළා. එහෙම කිරීමට හේතු වුණේ එක පළාතක අසාර්ථක වුණොත් කියන බය නිසයි.

ඒත් පුදුමයි. එක ඇටයක් හැරෙන්නට අන් සියලූ ඇට පැළ වෙලා තිබුණා. බොහෝ බීජවල උපරිම ප‍්‍රරෝහණය පවතින්නේ 80%ක් පමණයි. සමහර බීජවල 10% ක් විය හැකියි. ඒත් මෙම වී විශේෂය ඉතා ඉහළ ම ප‍්‍රරෝහණයක් පෙන්නුම් කළා. මෙම විශේෂයට ඉහළ දැරීමේ හැකියාවක් තියන බව ඔප්පු වුණා. මෙහි විශේෂත්වය නම් නියඟයට ඔරොත්තු දීමයි.
කිසිම රසායනික පොහොරක් මෙම වී පඳුරට එක්කොට නැහැ. ඒ වගේම කිසිම රසායනික පළිබෝධ නාශකයක් යොදා නැහැ. එළු පොහොර ටිකක් පමණක් එක්කළා. කෘමි හානි ශාඛයට තිබුණේ නැහැ. සාමාන්‍ය ගොයමට මැක්කන්ගෙන් දැඩි හානි තිබුණත් මෙම විශේෂයට එවැනි බලපෑමක් තිබුණේ නැහැ.

පත‍්‍රවලට සුලූ බලපෑමක් තිබුණා මැක්කන්ගෙන්. ඒත් එය ශාඛයට දැනෙන තරම් හානියක් නෑ. ඊට ගඳපාන, කොහොඹ හා කළුවැල් කොල ඉස්ම එක් කළා. නිරෝගීකමින් ද ඉතා ඉහළ මට්ටමේ වී ප‍්‍රභේදයක්.

වී ඇට අත්ලට ගෙන පිරිමැද්ද විට පොත්ත ඉතා පහසුවෙන් ඉවත් වීමත් මෙහි විශේෂ ලක්ෂණයක්. පොත්ත තද හා කෙටීමට වෙහෙස ගත යුතු නැත. එමෙන්ම රක්ත වර්ණ මා වී විශේෂයක් වන අතර බීජ සිටුවා අස්වැන්න නෙලීමට මාස 06 ක් ගතවේ."

ප‍්‍රදේශ තුනක සිටුවා ඇති මෙම වී විශේෂය එම ප‍්‍රදේශවල පවතින වියළි දේශගුණික තත්ත්වය අනුව වැඩෙමින් උස තීරණයවේ. කෑගල්ලේ අඩි 09 කට වැඩි උසකින්දල බෙලිහුල්ඔය දී එය අඩි 09ට ආසන්න උසකින්දල කොළඹගෙආරේ දී අඩි07ට ආසන්න උසකින් මෙම වී ගස් වැඩී තිබේ

තන්තිරිමලේ ගොවියන් මෙම වී ප‍්‍රභේදය හඳුන්වා ඇත්තේ 'ස්වයංජාත’ යන නමින් වන අතර ඉන් අදහස් වන්නේ ඉබේ ජනිතවු වැනි අදහසකි.

ආදි කාලේ අපේ රටේ දැන් වගේ පිටරටින් ආහාර ගෙන්වූයේ නැහැ. ස්වාභාවික විපතකදීල අසාමාන්‍ය නියඟයකදී ආහාර නිපදවා ගන්න තිබුණ ආරක්ෂිත ක‍්‍රමයක් කියලයි මට හිතෙන්නේ. ආරක්ෂාකාරීව තැන්පත් කළේ නම් අවුරුදු දහස් ගණනකට පසු වුවද එම බීජ පැළ වීම සිදුවෙනවා.

අනෙක මේ දේත් කිව යුතුයි. ලංකාවට පැහැදිලිවම නියඟය කියන එක එන්න එන්නම වැඩිවෙනවා. ගිය වසරට වඩා මේ වසරේ නියං සමය දිගයි. මේ ආකාරයෙන් දේශගුණික තත්ත්වයන් වෙනස් වෙනවා. එනිසා නියං සමයට ඔරොත්තු දෙන බෝග වගා කිරීමට සිදුවන කාලයක් ඉදිරියට එනවා.
"





Read more: http://www.gossip9.com/2012/12/blog-post_2813.html#ixzz2GQB4WXyj

මුස්ලිම්වරු අවි අත ගන්නා තැනට පත් කරන්න එපා


azath-sali-1බොදු බලසේනා යන සිංහල සංවිධානය මගින් සහ අනිකුත් සිංහල ජාතිවාදීන් මගින් මුස්ලිම්වරුන්ට එරෙහිව සිදුකරන අරාජික කටයුතු දෙස රජය නිහඬව බලා සිටින්නේ මුස්ලිම්වරුන් තම අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීමට අවි අතට ගන්නා තෙක්ද යන්න යනුවෙන් විමසා සිටින මුස්ලිම් දෙමළ ජාතික පෙරමුණ, මුස්ලිම්වරුන්ව එම තත්වයට පත් කරන්න එපා යැයි ඉල්ලීමක් කර ඇත.
                                                                                         
 මෙය පුංචි ප්‍රශ්නයක් යැයි සිතා රජය එය නොසලකා හැරිය හොත් එහි ප්‍රථිඵල අනතුරුදායක වනු ඇති බව මුස්ලිම් දෙමළ ජාතික පෙරමුණේ සභාපති මෙන්ම කොළඹ මහ නගර සභාවේ හිටපු නගරාධිපති වන අසාද් සාලි රජයට අනතුරු අඟවා ඇත.


මෑතක සිට මුස්ලිම් ජාතිකයන්ට එරෙහිව සිදුකරන මර්දනයන් වර්ධනය වී ඇත. උදාහරණයක් ලෙස පසුගිය ඉරිදා ඇඹිලිපිටියේදී සිංහල කණ්ඩායමක් විසින් මුස්ලිම් ව්‍යාපාරිකයෙකුට පහරදීමේ සිද්ධිය පෙන්වාදිය හැක. ඇඹිලිපිටිය පොදු වෙළඳ පොලෙහි මුස්ලිම් වෙළඳ සැල් දෙකක් ඇත. ඉන් එක් වෙළඳ සැලක සිටි ව්‍යාපාරිකයින්ට සිංහල කණ්ඩායම් විසින් පහරදී ඇත. එම පහරදීම කලේ ඇයි? කුමක් වෙනුවෙන්ද? බොදු බලසේනා යන සිංහල සංවිධානයත් අනෙකුත් සිංහල ජාතිවාදීනුත් මුස්ලිම් ජනතාවට එරෙහි මර්දනය අඛණ්ඩව සිදුකරයි. නමුත් ඔවුන්ට එරෙහිව රජය කිසිඳු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැත. මේ පිළිබඳව රජය ක්‍රියාමාර්ගයක් ගනීවිදැයි දන්නේ නැත.

දඹුල්ල පල්ලියට එල්ල කල ප්‍රහාරයට මූලික වී කටයුතු කළ භික්ෂුන්ට එරෙහිව රජය කිසිඳු ක්‍රියාමාර්ගයක් ගත්තේ නැත. ඔවුන්ව අත් අඩංගුවට ගැනීමට ප්‍රමාණවත් සාක්ෂි ඇත. නමුත් රජය කිසිඳු ක්‍රියාමාර්ගයක් ගත්තේ නැත. මුස්ලිම් ජනතාවට එරෙහි ප්‍රචණ්ඩත්වයන් සිදුවන අවස්ථාවල පාලක පක්ෂයේ සිටින මුස්ලිම් අමාත්‍යවරුන්, මන්ත්‍රීවරුන් ආරක්ෂක ලේකම්වරයා වෙත ගොස් පැමිණිලි කරයි. ඔහුට පැමිණිලි කිරීමේ ඇති ප්‍රයෝජනය කුමක්ද? මුස්ලිම් පල්ලි කඩා දැමීම, මුස්ලිම් ව්‍යාපාරිකයින්ට පහරදීම, මුස්ලිම් ජාතිකයින්ගේ හලාල් ආහාර තහනම් කළ යුතුය යන සිංහල ජාතිවාදීන් සිදුකරන අරාජික කටයුතු සියල්ල සුළු සිද්ධීන් යැයි ආරක්ෂක ලේකම් පවසයි. අපේ ආගම සමඟත්, ජනතාවගේ ජීවනය සමඟත් සෙල්ලම් කිරීම සුළු කටයුත්තක්ද? මෙම සුළු කටයුතුවල ප්‍රථිවිපාක රටට අනතුරු දායක වනු ඇත. එබැවින් මුස්ලිම් ජනතාවට එරෙහි මර්දනයන් මෙරට තුළ මින් ඉදිරියට සිදු නොවිය යුතුය.

ඒ සඳහා රජය නිසි ක්‍රියාමාර්ග ගත යුතුය. එවැනි කටයුතු සිදුකරන අයට එරෙහිව දඬුවම් ලබාදිය යුතුය. මුස්ලිම් ජනතාවට එරෙහිව ක්‍රියාත්මක කර ඇති මර්දන කටයුතු දෙස රජය නිහඬව බලාසිටීම තුලින් රජය බලාපොරොත්තු වන්නේ මුස්ලිම් ජනතාවද තම අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීමට අවි අතට ගත යුතු බවද? එපා. කිසි විටෙකත් අපව එම තත්වයට තල්ලු කරන්න එපා යනුවෙන් මුස්ලිම් ජාතිකයින්ට එරෙහිව රජය සිදුකරන මර්දනයට විරෝධය දක්වා අදහස් දැක්වීමේදී අසාද් සාලි පවසා ඇත.

SRILANKAXNEWS


Dec 27, 2012

ගුගල් වලින් "SEX" සොයා ලංකාව පළමු තැනට


ගුගල් වලින් "SEX" සොයා ලංකාව පළමු තැනට

අප්‍රේල් , දෙසැම්බර් නිවාඩු සමයේ වැඩිම සෙවුම් ප්‍රමාණයක් 

ලෝකප්‍රකට සෙවුම් යන්ත්‍රයක් වන ගුගල් සෙවුම් යන්ත්‍රය විසින් එලි කරන ලද දත්ත වලට අනුව 2012 වසරේ ලිංගිකත්වය පිලිබඳ වඩාත් සොයා ඇත්තේ ශ්‍රී ලංකාවය.

මෙහිදී අසල්වැසි ඉන්දියාව ශ්‍රී ලංකාවට පරාද වෙමින් දෙවන ස්ථානයේ රැඳී ඇත. 2012 වසරේ ලාංකිකයන් විසින් ලිංගිකත්වය පිලිබඳ වැඩිපුර සොයා ඇත්තේ 2012‍ අප්‍රේල් මස 15 වනදා සිට අප්‍රේල් 21 දක්වාත් 2012 දෙසැම්බර් මස 23 වන දින සිට දැනට ගතවන සතිය බව හෙළිවී ඇත.

ඒ අනුව පෙනී යන්නේ නිවාඩු සහිත කාල වකවානු වල එම යෙදුම ගුගල් ඔස්සේ සෙවීම ඉහලගොස් ඇති බවය.

එසේම ඉන්දියාවේ අන්තර්ජාල පරිශීලකයන් විසින් 2012 නොවැම්බර් 11 වනදා සිට 17 දක්වා අතර සතියේදී මෙන්ම 2012 ඔක්තෝබර් 21 සිට 27 දක්වා සතියේදී ශ්‍රී ලාංකිකයින්ට වඩා මේ පිළිබඳ තොරුතුරු සොයා ඇත.

එම වාර්තාවට 2012 වසරට අදාළව ලිංගිකත්වය පිළිබඳ තොරතුරු සෙවු රටවල් අතර ඉදිරියෙන් සිටින රටවල් 10 හා ගුගල් ඔස්සේ වැඩිපුරම සොයා ඇති යෙදුම් වන්නේමෙසේය.

මෙසේ ගුගල් ඔස්සේ සොයන ලද සෙවුම් වදන් වැඩිපුරම සොයා ඇති රටවල් පිලිබද අවබෝධයක් ලබාගැනීමට පහත සබැඳියෙන් පිවිස අදාළ යෙදුම ඇතුලත් කරන්න

http://www.google.com/trends/


Read more: http://www.gossip9.com/2012/12/sex.html#ixzz2GJjvoyOf

හලාල් සහතිකයට අමාත්‍යංශ අනුමැතියක් නෑ


හලාල් සහතිකයට අමාත්‍යංශ අනුමැතියක් නෑ
හලාල් සහතිකය ලබාදීමට තම අමාත්‍යංශය අවසර ලබා දී නැති බව වෙළඳ හා පාරිභෝගික කටයුතු අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා පවසයි.
‘පාරිභෝගික කටයුතු අමාත්‍යංශය වශයෙන් නීත්‍යනුකූලව එවැනි සහතිකයක් නිකුත් කරන්න අවසර ලබා දී නෑ. එය වෙනම හදා ගත් එකක්. වැඩිදුර කියන්න තියෙන්නේ මෙම සහතිකය හා අප අමාත්‍යංශය අතර සම්බන්ධතාවයක් නැති බවයි.’ යයි මේ සම්බන්ධයෙන් කල විමසීකදී අමාත්‍යවරයා අවධාණය කළේය.





‘හලාල්’ සහතිකය බලෙන් දෙන්නෙ නෑ – ජමියතුල්ලා උලමා
ශ‍්‍රී ලංකාව තුල සාමය සහජීවනය ඇති කිරීම මිස ප‍්‍රශ්න ඇතිකිරීමට තම සංවිධානය කටයුතු නොකරන බවත් හලාල් සහතිකය කිසිවෙකුටත් බලහත්කාරයෙන් දීමට කටයුතු කර නැති බවත් සිලෝන් ජමියතුල්ලා උලමා සංවිධානය සඳහන් කරයි.

තම සංවිධානය විසින් හළාල් සහතිකය පිරිනමනුයේ මහජනයාට ප‍්‍රමිතියෙන් යුතු, සෞඛ්‍ය සම්බන්න භාණ්ඩ පරිභෝජනය කිරීමේ අවස්ථාව උරුමකර දීමට බවත් කිසිවිටෙකත් එම සහතිකය බලෙන් ලබාදීමට කටයුතු නොකරන බවත් ඔවුන් පවසයි.


මේ දක්වා ශ‍්‍රී ලංකාවේ සමාගම් 200කට වඩා වැඩි ප‍්‍රමාණයකට එම සහතිකය ලබා දී ඇති බවත් සහතිකය ලබාදීමට අයකරන ගාස්තුව බද්දක් නොවන අතර එය ලංකාවේ අනෙකුත් තත්ව සහතික ලබාදීමට ලබාදීමට අයකරන ගාස්තුවට වඩා අඩු මුදලක් බවත් එම සංවිධානය පෙන්වා දෙයි


Dec 25, 2012

කොළඹ ආරක්ෂාවට හැදු කොළඹ කොටුව


එදා අද කොළඹ

එදා කොළඹ ගැන කතා බහ කරනවිට පෘතුගීසි හා ලන්දේසි යුගවල කොළඹ පැවැති ආරක්ෂක විධි විධාන ගැන සොයා බැලීමට අපි මේ සතියේ තීරණය කළෙමු.
මෙරටට ප‍්‍රථම වරට පැමිණි යුරෝපීය ජාතිය වූ පෘතුගීසීහු ස්වකීය ශක්තියෙන් තනාගත් කොළඹ බළකොටුව සතුරන්ගෙන් රැක ගැනීමටද ඒ සා ශක්තියක් හා යුද ශිල්ප දැක්වූහ.
ආහාර හිඟයෙන් ශරීර ශක්තිය දියව ගියද චිත්ත ශක්තිය නිසා ලන්දේසීන් සමඟ හත් මාසයක් යුද වැදෙමින් තම බළකොටුව රැක්මට එදා පෘතුගීසි සෙබළු 90 දෙනෙක් සමත්වූහ. ඒ අතරතුරදි කොටුවේ සිටි බල්ලන්, බළලූන්, මීයන් ආදී සතුන්ගෙන් තම ආහාර වේල පිරිමසා ගැන්මටද පෘතුගීසින්ට සිදුව ඇත. ඔවුන් ඒ සියලූ ශක්තිය ගත්තේ පෙරදිග ධාන්‍යාගාරයේ ආර්ථික මර්මස්ථානය වූ කොළඹ බළකොටුව රැක ගැන්මටය.
එවන්වූ බල කොටුවේ ඔවුන් එදා පවත්වාගන ගිය ආරක්ෂක විධි විධාන කවරේදැයි මීළඟට විමසා බලමු.
පෘතුගීසි පාලන සමයේදී එවකට තිබූ ප‍්‍රාදේශීය රාජධානිවලින් එල්ලවන අභියෝග නිසාම කොළඹ ප‍්‍රදේශයේ විශාල භූමි ප‍්‍රදේශයක බළකොටුවක් නිර්මාණය කරන ලදී.
එහි මුහුද දෙසට තිබූ කොටස එනම් ”ගල්බොක්ක” ලෙස හඳුන්වන ප‍්‍රදේශය ගල් පවුවකින් වැසී තිබූ නිසා ස්වභාවික රැකවරණය ලැබී තිබිණි. මුහුදු බොක්කේ ගැටිය වටා ඉදිව තිබූ උතුරු බැම්මේ යුද අට්ටාල පහක් ඉදිකර තිබිණි.
නව දිය කඩනය ආරම්භ වන ස්ථානයේ කෙළවරක ශාන්ත කෲස් හෙවත් වෝටර් කාසල්ද අනෙක් කෙළවර ශාන්ත ජො ආ ඕ හෙවත් ශාන්ත ජෝන් අට්ටාලයද, කියුරාංක් හෙවත් කවුරුස් ලෙස ද හැඳින්වූ ශාන්ත ෆ්රැන්සිස් සේවියර් යුද අට්ටාලයද පිහිටියේය.
මේ හැර ශාන්ත ස්ටීවන් ශාන්ත සෙබස්තියන් හා මැඩි‍්‍රඩියෝස් ලෙස තවත් යුද අට්ටාල තුනක්ද පිිහිටා තිබිණි.
ගොඩබිම් ප‍්‍රදේශ නිතරම පාහේ ආක‍්‍රමණයන්ට ලක්වූ නිසාම දැවැන්ත බැම්මක් ඉදිකර ඒ වටා ආරක්ෂාව තර කර තිබිණි.
කොටුවේ නැගෙනහිර සීමාව දිගේ ගලා ගිය දිය අගලකින්ද නැගෙනහිර දොරටුවට අමතර ආරක්ෂාවක් ලැබිණි.
කොටුවේ දකුණු දිශාව ආරක්ෂාවට ලැගෝප් යන පෘතුගීසි නමින් හැඳින්වූ කිඹුලන්ගෙන් පිරි ජල තටාකයක් පැවතිණි. එයින් ලැබෙන ආරක්ෂාව මඳ හෙයින් දෝ නාවික බළ ඇණි භාර සෝනි ජේකබ් ලියන්ස් ඇතුළු යුද බළ ඇණි දෙකක සොල්දාදුවන් මුරට යොදා තිබුණි. ඊටත් අමතරව චැංපොන් නම් චීන බෝට්ටුද ආරක්ෂාව පිණිස යොදා ගැනීමට පෘතුගීසීන් කටයුතු කර තිබිණි.
මේ ලෙස ආරක්ෂාවුණු කොළඹ ඇතුළත කොටුව බාහිර ආක‍්‍රමණවලට කොතෙකුත් ලක්වුවද කිසිදු දිනක සතුරන් අතට පත් නොකරන්නට එදා සිටි පෘතුගීසිහු වග බලා ගත්හ.
1655 සැප්තැම්බර් මාසයේදී පමණ නැව් දහසයක නැගී සෙබළුන් 3000ක් පිරිවරාගෙන පැමිණි ලන්දේසි ජාතික හර් ජෙරාඞ් හල්ෆට් නම් යුද සෙනෙවියා ගාලූ වරායට පැමිණෙන තෙක්ම පෘතුගීසීන්ගේ බළකොටුවල ආරක්ෂාවට එතරම් තර්ජනයක් නොවීය.
එවකට උඩරට රාජ්‍යය පාලනය කළ සෙනරත් රජුගේ හා දෝන කතිරිනා හෙවත් කුසුමාසන දේවියගේ පුතුවන අස්ථාන කුමරු හෙවත් දෙවැනි රාජසිංහ රජතුමා සමඟ හල්ෆට් සෙනෙවියා එදා මිත‍්‍ර සන්ධානයක් ගොඩනගා ගත්තේ මෙරටින් පෘතුගීසින් පන්නා දැමීමටය. ”ඉඟුරු දී මිරිස් ගත්තා” යැයි පසුව ප‍්‍රචලිත වූයේද දෙවැනි රාජසිංහ රජුගේ එම තීරණයත් සමඟය.
කෙසේ හෝ ඉන් මසකට පමණ පසු ලන්දේසි සේනා කොළඹ දක්වා පැමිණියේ කොටුවට පහර දී එහි බලය අල්ලා ගැනීමටය.
මේ බැව් සැළවූ පෘතුගීසින් කළේ තම කොටුව තුළ සිටි නිත්‍ය හමුදා සෙබළුන් 500 දෙනා ඇතුළු 1300 ක සේනාවක් සූදානම් කිරීමය. එම සේනාවට සිංහල පවුල්වලින් ආවාහ විවාහ වී පැවතුණු පවුල්වල තරුණයන් 300ක්ද අයත්ව ඇත. කෙසේ හෝ එම සෙබළු තම කොටුවේ ප‍්‍රධාන දොරටු 03 ඉබියතුරුලා වසා දමා යුද අට්ටාලවලට වී ලන්දේසීන් එනතුරු බලා සිටියහ.
මෙඞ් ඔෆ් කුයිසන් නම් ලන්දේසි නැව මුහුදෙන් ආරක්ෂාව ලැබූ කොටුවේ වෝටර් කාසල් දොරටුව බිඳීමේ අරමුණින් කාලතුවක්කු ප‍්‍රහාරයන් දියත් කරගන දොරටුව සමීපයටම ආවත් එහි රැකවල්ලා සිටි පෘතුගීසිහු එය විනාශ කළහ. එයට වූ විනාශය දුටු අනිකුත් ලන්දේසි නැව් ගැඹුරු මුහුදේ නැංගුරම්ලා බලා සිටි බවද ලන්දේසි හා පෘතුගීසි මූලාශ‍්‍රවල සඳහන්ය.
කපිතාන් කයිලන් බර්ග් හා මේජර් වොන් වැන්ඩර් ලෑන් යන ලන්දේසි යුද හමුදා නිලධාරීන් ප‍්‍රමුඛ සේනාවන් කියුරාස් හා ශාන්ත ජොආ ඕ යුද අට්ටාලවලට පහර දුන්න ද ඒවා යටත් කරගත නොහැකි විය.
ඒ අතර හර්ෆට් සෙනෙවි තෙමේ සෙබළුන් අටසිය දෙනකු පිරිවරා පුර්ටේ රෙයිනා හෙවත් බිසෝ දොරටුව ලෙස හැඳින්වූ නැගෙනහිර දොරටුව බිඳීමට වෑයම් කළේය. රද්ජුවා හෙවත් කයිමන් දොරටුව ලෙස වහරේ පැවතුණු එම නැගෙනහිර දොරටුවේ බලය අල්ලාගෙන බැම්මට ඉනිමං තබා කොටුවට ඇතුළුවීමට ද ලන්දේසීහු උත්සාහ කළහ.
එහෙත් යුද ශක්තියෙන් හෝ සේනා බලයෙන් ලන්දේසි හමුදාව හා සම තත්ත්වයක නොවුවද පෘතුගීසිහු තම බළකොටුව රැක්මට දිවි පරදුවට තබා සටන් කළහ. ඒ නිසාම පුරා මාස හතක් පමණ කොටුව තුළ සිරව සිටිය ද සිය කොටුවට සතුරාට ඇතුළුවීමට ඉඩක් නොදීමට එදා පෘතුගීසීහු කි‍්‍රයා කළහ. සවි ශක්තිමත් ලෙස බළකොටුවේ ද්වාර මෙන්ම ප‍්‍රාකාරද ඉදිකර තිබීමත් එයට හේතුවී ඇත.
කෙසේ වෙතත් පෘතුගීසි මූලාශ‍්‍ර රැසකට යස අගේට විස්තර කර ඇති පෘතුගීසින්ගේ බළකොටුවේ නැගෙනහිර දොරටුව හා බැම්ම ලන්දේසීන්ගේ කාල තුවක්කුවල බල මහිමයෙන් කුඩා ගල් කැබලි ගොඩකට කැඞී තිබුණි.
1655 ඔක්තෝබර්වල පරංගීන්ට එරෙහිව  ඕලන්දක්කාරයන් කොළඹදී ඇවිලවූ සටනේ ලන්දේසීන්ට ජයක් අත්කර ගන්නට ලැබුණේ ඉන් මාස හතකට පසු එනම් මැයි හත් වැනිදාය. එදා ශාන්ත ජෝන් හෙවත් ශාන්ත ජෝ ආ ඕ දොරටුවේ බලය ලන්දේසීන් අල්ලා ගත්තේ තම සේනාංකයේ සෙබළුන් හාරසියයකගේ ජීවිත කැප කරමිනි. ඊටත් වඩා පිරිසක් තුවාලකරුවන් බවට ද පත් කර ගනිමිනි.
ඒතරම් විනාශයක් ලන්දේසීන්ට අත්කර දුන් පෘතුගීසි හමුදාවේ සෙබළුන් කී දෙනෙක් එවකට ජීවත්ව සිටියාදැයි ලන්දෙසීන් දැන ගත්තේ ඉන් දින පහකට පසුවය.
ඒ කඩු කස්තාන තුවක්කු එල්ලාගෙන වැරැහිලි ඇඳුම්වලින් යුක්තවූ වැහැරී ගිය සිරුරෙන් හැරමිටි ගසමින් ආ සෙබළුන් හා තවත් පෘතුගීසි ජාතිකයන් අනූ දෙනෙක් මැයි දොළොස් වැනි දින යටත් වීමට පැමිණීමෙන් අනතුරුවය.
සාගතයෙන් මෙන්ම රෝග පීඩාවෙන්ද පෙළෙමින් සිටි මෙම පෘතුගීසීන්ගේ විලාසය දුටු ලන්දේසීන් පවා විස්මයට පත්ව ඇත. කෙසේ හෝ ලන්දේසීන්ට යටත්වීමට මෙලෙස පැමිණියේ කොටුවේ රැක්මට කළ හැකි කිසිවක්ම නුවූ තැනය.
සෞඛ්‍යයෙනුත් ශරීර ශක්තියෙනුත් සාගතයෙනුත් දරුණු ලෙස පීඩාවට පත්ව සිටි පෘතුගීසීන් පරාජය භාර නොගෙන මුළු නගරයම පුපුරුවා හරිමින් දිවි නසා ගන්නටද වෑයම් කර ඇත. එහෙත් නගරය පිපිරවීමට අවි ආයුධ පිරවීමට තරම්වත් වෙඩි බෙහෙත් නුවූ තැන මොවුන් මෙසේ සටන් නවතා යටත්වීමට පැමිණ ඇත.
පරංගීන් සිටි බළකොටු උඩරට රජුට කරදෙන පොරොන්දුව මත ලන්දේසීන් යුද වැදුනද යුද්ධයෙන් මිය ගිය සෙබළුන්ගේත් විනාශවූ යුද ආම්පන්න හා ඊට වැයවූ මුදලටත් සරිලනසේ රජුගෙන් ඊට අදාළ වන්දිය ඔවුහු ඉල්ලා සිටියහ. මෙයින් ෂෂ රාජසිංහ රජු දරුණු ලෙස කිපුණු බැව් දත් ලන්දේසීහු කොළඹ නගරයේ ඇතුළත පෘතුගීසින්ටද වඩා සවිමත් බළ කොටුවක් නිර්මාණය කළෝය.
පෘතුගීසින්ගේ කොටුවට වඩා ඉතාමත් කුඩා භූමි ප‍්‍රමාණයක මෙම කොටුව ඉදිවිණි. කොටින්ම එය පෘතුගීසීන්ගේ බළකොටුවෙන් තුනෙන් එකක් තරම්වත් නොවීය. ශක්තිමත් කොටු බැමි හා ගැඹුරු දිය අගල්ද එහි වටා ඉදිවූයේය.
එම බළකොටුවේ නැගෙනහිර මායිමේ ලෙයිඩන්, ඩෙල්ප්ට්, හූන් යන යුද අට්ටාලත් දකුණු මායිමේ රොටර් ඩෑම්, මිඞ්ල් බර්ග්, ක්ලිපන්බර්ග් හා එන් කුයිසන් යන යුද අට්ටාලත් බටහිර කොටසේ බ්‍රෙයිල් හා ඇම්ස්ටර්ඩෑම් යන යුද අට්ටාලත් ඉදිවීය.
වෝටර් පාස් හා සීබර්ග් යන යුද අට්ටාලද මෙයට අමතරව කොටුවේ ආරක්ෂාවට යොදා ගැනිණි. ”කාසල්” ලෙස පොදුවේ හැඳින්වූ කොටුවේ නැගෙනහිර මායිමේ තිබූ හිස් තැනිතලා භූමියක් වූ බෆලෝස් ලේන් හෙවත් මී හරක් තැන්නද ආරක්ෂාවට යොදා ගත්තේ වතර බැහැර කිරීමට තැනූ සොරොව්වකින් එය වතුරෙන් යට කිරීමට හැකිවන පරිදි නිර්මාණය කිරීමෙනි. ”බියර්” නම් ඉංජිනේරුවකු විසින් මෙම දිය අගල් හා ආරක්ෂක ජලාශ ක‍්‍රමයන් ඉදිකළා යැයි සලකනු ලැබීය. ඇතැම්හු මේ ”බියර්” ඉංජිනේරුවා සිහිවීමට එම වැව ”බේරේ වැව” ලෙස නම් කර ඇතැයිද කියති.
කෙසේ හෝ ඉහත යුද අට්ටාලවලට අමතරව මහ මුහුද හෝ වැව අසු නොවූ ස්ථානවල ගැඹුරු දිය අගල්ද තැනීමට  ඕලන්දකාරයෝ එදා පියවර ගත්හ.
කොටුවේ සිට කැලණිගඟ දක්වා ඇළක් සාදා එයද බළකොටුවේ ආරක්ෂාවට යොදා ගති.  ඕලන්ද ඇළ හෙවත් ”කැනල් රොව්” ලෙස නම් වූයේ මේ ඇළය. එහි වපසරිය එදාට වඩා අද බෙහෙවින් පටුවී ඇත.
1550 වනවිට තාප්පවලින් වටව තිබූ පෘතුගීසි බළකොටුව ලන්දේසීන් සමඟ කළ සටනේදී විනාශව ගිය නිසා එය ගොඩ නංවන්නට ලන්දේසීන්ට බොහෝ කාලයක් ගතවීය. කැඞී බිඳී සුනු විසුනු වූ නැගෙනහිර කොටු පවුර ඉදිකිරීමට පමණක් විසි වසරකටත් වඩා වැඩි කාලයක් ලන්දේසීන්ට ගතව ඇත. අති විශාල ධනස්කන්ධයක් ඊට වැයවූ නිසාම  ඕලන්දයේ පාලකයන් කොටුවේ භූමි ප‍්‍රමාණය සීමා කිරීමට අණ දී ඇත.
ඒ නිසාම වර්තමාන කොටුවට සමාන භූමි කොටසක ලන්දේසි බළකොටුව ඉදිව ඇත. කෙසේ හෝ ලන්දේසීන්ගේ මේ සවිමත් බළකොටුව බිඳ පැමිණි එක් අයෙක් ගැන පමණක් එකල ලන්දේසීන් තම දෛනික වැදගත් සිදුවීම් සනිටුහන් කළ කොළඹ නිල වාර්තාව හි සඳහන්ය.ඒ 1751 නොවැම්බර් 27 දින පෙරවරු දෙකට පමණ කොටු බැම්මක් බිඳගෙන බේරේ වැවෙන් පිහිනා රොටර්ඩ‍්‍රෑම් අට්ටාලය විනාශ කළ දළ ඇතෙකිය. මෙම ඇතා රොටර් ඩෑම්හි සේවය කළ සෙබළුන් තුන් දෙනෙකුගෙන් එකෙකු මරා දමා තවකකුගේ අතපය බිඳ දැමූ බවද කොළඹ නිල වාර්තාවේ මැනවින් විස්තර කර ඇත.
18 වැනි සියවස වෙද්දී මෙම බළකොටුවේ වපසරිය වර්ග සැතපුමක් දක්වා අඩුවී තිබිණි. 1807 දී සන්නද්ධ තුවක්කු හතක් හා යෝධ ආධාරක කාල තුවක්කු 30 ක්ද බළකොටුවේ ආරක්ෂාවට යොදා තිබුණි.
1871 වනවිට ඝනකම් බිත්ති සහිතව දිගු උස ප‍්‍රාකාරවලින් සමන්විතව තිබූ බළකොටුවේ තාප්ප බොහෝමයක් කඩා දමා තිබිණි.
1796 පෙබරවාරි දහසය වැනි දින කොළඹ කොටුවේ බලය ලන්දේසීන් විසින් ඉංගී‍්‍රසීන්ට පවරා යන්නේ දෛවෝපගත සිද්ධියක් පරිද්දෙනි. මන්දයත් එයට වසර 140 පෙර පෘතුගීසීන්ගෙන් කොටුවේ බලය උදුරා ගත්තාටත් වඩා නින්දිත ලෙසය.
රටේ සෙසු  ඕලන්ද බළකොටු ක‍්‍රමයෙන් අල්ලාගන එන බි‍්‍රතාන්‍යයන්ට සටනක් නුදුන් මේ  ඕලන්දක්කාරයෝ මැලේ සෙපොධිවරුන් හා එක්ව පලා ගියහ. හූන් හා ඩෙල්ප්ට් යුද අට්ටාල අතර ඇති නැගෙනහිර දොරටුවෙන් එලෙස ගියේ කැලණි ගං මෝය අසල ඒ වනවිටත් නැංගුරම් ලා තිබූ බි‍්‍රතාන්‍ය ජාතික ආර්. එන්. ගාඞ්නර්ගේ යුද නැව් හා කර්නල් ජේම්ස් ස්ටුවට්ගේ යුද සේනාංක කොළඹ කොටුව වැටලූ පසුය. එදා නැගෙනහිර මළුව ලෙස හැඳින්වූ අද ලෝටස් මාවත ප‍්‍රදේශයේදී ලන්දේසීහු තම කඩු හැර අනිකුත් අවි ආයුධ බි‍්‍රතාන්‍යයන්ට භාර දුන්නෝය.
එදා ලන්දේසීන්ගේ යුද අට්ටාල තිබූ තැන්වල අද පවතින්නේ මොනවා දැයි අපි ඊළඟට විමසා බලමු.
නැගෙනහිර මායිමේ තිබූ හුන් අට්ටාලය අද ට‍්‍රාන්ස්වර්ක් ගොඩනැගිල්ල පිහිටි තැන පැවතිණි. එදා ඩෙල්ෆ්ට් අට්ටාලය පිහිටියේ අද ”මේන් ස්ටි‍්‍රට් හෙවත් කෙළින් වීථිය හා ගෆුර් ගොඩනැගිලි පිහිටි තැනය. ලෙයිඩන් යුද අට්ටාලය අද ගෆුර් ගොඩනැගිල්ල පිටුපස පිහිටියේය. වරායට යාබද ”ලේඩන් බැස්ටියන්” මාවත ඒ නෂ්ටාවශේෂයයි.
දකුණු මායිමේ එදා තිබූ යුද අට්ටාලය වූ එචිලන් බැරැුක්ක කෙළවර පිහිටි රොටර් ඩෑම් පිහිටියේ අද රීගල් සිනමාහල තිබූ තැනය. මිඞ්ල් බර්ග් තිබුණේ රැජිණ වීදියේ දකුණු කෙළවර ගාලූ මුවදොර පිටිය පෙනෙන පරිදිය. කොඩිගහ වීදියේ එන්කුයිසන් පිහිටියේය. රේගුවේ ප‍්‍රධාන දොරටුව අසළ ඇම්ස්ටර්ඩෑම් පිහිටා තිබිණි.
(විශේෂ ස්තුතිය - පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය රෝහිත දසනායක මහතාට)
කයිමන් දොරටුව තිබෙන ප‍්‍රදේශයේ ට‍්‍රෑම් කාර් ගිය හැටි
එදා ඩෙල්ෆ්ට් යුද අට්ටාලය තිබූ තැන මහ වීදිය පසු කලෙක දිස් වූ අයුරු.
පැරැණි කොටුවේ ඕලන්ද ඇළ එදා තිබූ අයුරු.
එදා ශාන්ත සෙබස්තියන් ඇළ තිබූ අයුරු.
ශාන්ත ජෝන් යුද අට්ටාලය තිබූ තැන ශාන්ත ජෝන් මාළු වෙළෙඳ පොළ තිබූ ගොඩනැගිල්ල අද
අද ශාන්ත ජෝන් වීදිය දිස්වන අයුරු.
එදා රොටර්ඩෑම් යුද අට්ටාලය තිබූ තැන අද ඇති රීගල් සිනමා හල


මේ වසරට විදේශගත ශ‍්‍රමිකයන්ගේ මළ සිරුරු 461ක



මේ වසරට විදේශගත ශ‍්‍රමිකයන්ගේ මළ සිරුරු 461ක්
විදේශගත ශ‍්‍රමිකයන් ‘රටවිරුවෝ ’ බව පවසමින් ජනතාව අන්දවමින් සිටියත් මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට දෙසැම්බර් 12 වැනිදා දක්වා කාලය තුළ විදේශ රටවලදී මියගිය ශ‍්‍රමිකයන්ගේ සිරුරු 461 ක් මෙරටට ලැබී තිබෙන බව නව සිහළ උරුමයේ නායක සරත් මනමේන්ද්‍ර මහතා සඳහන් කළේය.
කොළඹ පැවැති මාධ්‍ය සාකච්ඡවකදී මේ බව සඳහන් කළ පක්ෂ නායකවරයා වැඩිදුරටත් සඳහන් කළේ, මීට අමතරව ඩුබායි, කුවේට්, අබුඩාබි, සෞදි රටවල රෝහල් තුළ තවත් මළ සිරුරු 20ක් තිබෙන බවට වාර්තාවන බවය.

මෙවන් ශෝකී තත්ත්වයක් විදේශගත ශ‍්‍රමිකයන්ට අත්වී තිබියදීත් රටවිරුවෝ සහ රියැලිටි වැඩසටහන් පවත්වමින් මෙරට ජනතාවත් විදේශගත ශ‍්‍රමික පිරිසත් රවටමින් සිටින බවද සරත් මනමේන්ද්‍ර මහතා සඳහන් කළේය.

මීට අමතරව සෞදි රට තුළ 400කට අධික පිරිසක් සිරගත වී සිටින බවද ඔහු පවසා සිටියේ ය.සෞදි රටට අමතරව ඩුබායි, අබුඩාබි, කුවේට් රටවල තවත් 1300 කට අධික පිරිසික්් සිර ගෙවල්වල දුක්විදින බවද පක්ෂනායකවරයා සඳහන් කළේය.

මෙවැනි තොරතුරු මාධ්‍ය මඟින් වාර්තා කරන විට අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පළමු පන්තියේ ගුවන් ටිකටිපතකින් විදේශ ගත වී තරුපහේ හෝටලයක නැවතී නැවතත් ලංකාවට පැමිණ කියා සිටින්නේ එවැනි දෙයක් නොමැති බව යැයිද සරත් මනමේන්ද්‍ර මහතා පවසා සිටියේ ය.

http://lankacnews.com/sinhala/news/87774/

කොරල් මාළිගය තුළ සැඟවී ඇති ප්‍රති ගුරුත්වයේ රහස



කොරල් මාළිගය තුළ සැඟවී ඇති ප්‍රති ගුරුත්වයේ රහස

ඔන්න කතාව බොහොම සරලයි. 1887 ජනවාරි 27 වෙනිදා ලත්වියාවේ දී එඩ්වර්ඩ් ලීඩ්ස්කින් කියලා මනුස්සයෙක් ඉපදුනා. එතරම් පොහොසත් නොවුණු පවුලක ඉපදුණු ඔහු අධ්‍යාපනය ලැබුවේ හතර වෙනි පන්තිය තෙක් පමණයි. ඔහුට අවුරුදු 26 දී ඔහුට වඩා වසර දහයකින් බාල ඇග්නස් ස්කෆ්ස් කියලා ගැහැණු ළමයෙන් සමග පෙමින් වෙලෙනවා. නමුත් ඔවුන්ගේ මංගල දිනයට කලින් දවසේම ම පෙම්වති‍යගේ මවගේ දැඩි විරෝධය නිසාම ඔවුන්ගේ මංගල්‍ය සිදුවන්නේ නැහැ.
තනිවුණු එඩ්වර්ඩ් ක්ෂය රෝගයෙන් පීඩා විදීම නිසා හොද කාලගුණික තත්වයක් සොයා ගෙන 1919 දී පමණ ඇමරිකාවේ ෆ්ලොරීඩා ප්‍රාන්තයට පැමිණෙනවා. එඩ්වර්ඩ් බාල කාලෙ‍යේ ඉදන් කලු ගල් ආදියෙන් විවිධ නිර්මාණ කරන්නට ඉගෙන ගෙන තියෙනවා. ෆලොරීඩාවට පැමිණීමෙන් පසු ඉතිරි අවුරුදු විස්සක කාලය තුළ ඔහු විසින් කරන්නේ එකම එක දෙයයි. ඒ තමයි ඔහුගේ අහිමි වුණු පෙම්වතිය වෙනුවෙන් කොරල් ගල් වලින් උද්‍යානයක් නිර්මාණය කිරීම. කවදා හෝ ඔහුගේ පෙම්වතිය තමුන් වෙනුවෙන් පැමිණෙනු ඇතැයි ඔහු බලාපොරාත්තු වෙමින් මේ නිර්මාණය කළත් කවදාවත්ම ඔහු‍ගේ අහිමි වුණු පෙම්විතය නැවත පැමිණෙන්නේ නෑ. තනිකඩයකු ලෙස ජීවත් වන ඔහු උද්‍යානය අවසන් කර න ඔහු 1951 දෙසැම්බර් හත් වන දින හැට හතර වන වියේදී ආබාධයකින් මරණයට පත් වනවා.

මේ කථාවේ විශේෂත්වය මොකද්ද? ඒ කමයි මේ එඩ්වර්ඩ් ලීඩ්ස්කින් කිය මනුෂ්‍යයා තමුන්ගේ පෙම්වතිය වෙනුවෙන් ඇමරිකාවේ ෆ්ලෝරීඩා ප්‍රාන්තයේ සිදු කරපු ඒ කොරල් වලින් කරපු උද්‍යානය. කොරල් මාලිගය නැතිනම් පාෂාණ මාලිගය ලෙස මෙය ලෝක ප්‍රසිද්ධයි. අක්කර දහයක් පුරා පැතිරුණු මේ උද්‍යානය සදහා ටොන් 1100 පමණ කොරල් පාෂාණ යොදා ගෙන තිබෙනවා. ටොන් ගණන් බර පාෂාණ අඩි ගණන් උසට ඔසවලා නැතිනම් ඒමේ අත හරවලා නැතිනම් තැන් තැන් වලට ගෙනිහිල්ලා අපූරු නිර්මාණ සිදු කරලා තියෙනවා. නමුත් මෙහි විශේෂත්වය මොකද්ද? ඒ තමයි අඩි පහකට මදක් වැඩියෙන් උස වුණු මහ විශාල ශක්ති වන්ත සිරුරකට හිමි කම් නොවූ මේ මනුස්සයා මේ සියලු නිර්මාණ කරන්නේ තනියම වීම. ඔව් ටොන් ගණන් බර කොරල් පාෂාණ ඉහළට ඔස වන්නෙත් ඒවා තැන් තැන් වලට ගෙනි යන්නෙත් ඒවායින් විවිධ නිර්මාණ කරන්නෙත් මේ මනුස්සයා තනියමයි වෙන කිසිවකුගේ සහයක් නැතුවයි. අනික ඒ සදහා කිසිම නවීන තාක්ෂණික උපකරණයක් භාවිතා කරන්නෙත් නැහැ ලී තුනකින් හදපු කරුවක් විතරයි භාවිතා කරන්නේ. නමුත් මේ ලී ඇටවුමට එතරම් විශාල බර පාෂාණ වල බර දරා සිටින්න පුළුවන් කමක් නැහැ. අනික මේ මනුස්සයා අනික් අය තමුන් වැඩ කරන විධිය දකී කියලා වැඩ කරෙත් බොහෝ විට රෑට විතරයි.

දැන් ප්‍රශ්නේ ඔහු මෙහෙම වැඩක් කරේ කොහොමද කියන එක. කාලයක් ඒ පැත්තේ පුස්තකාලයක දවසකට පැය හතරක් විතර ගත කරපු එඩ්වර්ඩ් කියලා තියෙනවා තමුන් පුරාණ මිසර ජාතිකයින් පිරමිඩ් නිර්මාණ සදහා ටොන් සිය ගණන් බර ගල් කුට්ටි එසවූ තාක්ෂණය තමුන් සොයා ගත් බව. තමුන් ප්‍රති ගුරුත්වය සොයා ගත් බවත් ඔහු පවසලා තියෙනවා. ඒ කාලේ කුඩා ළමයින් හැටියට අවට හිටපු සමහර අය කියලා තියෙනවා ඔවුන් සමහර වෙලාවට හොරෙන් බලන කොට ඔන්න එඩ්වර්ඩ් අර ටොන් ගණන් බර ගල් කුට්ටියක් පා කරන හැටි දැකලා තියෙනවා. ඔහුගේ කොරල් මාලිගයේ දොරට දාලා තිබිලා තියෙන්නෙත් මේ ටොන් ගණනක් බර කොරල් පාෂාණයක්. නමුත් එහි නිර්මාණයේ නිවැරදි සමමිතිය නිසාම කුඩා ළමයකුට වුණත් ඇගිල්ලෙන් ඇනලා වුණත් දොර විවර කර ගන්න පුළුවන්ලු. නමුත් එක් දහස් නවසිය අසූ ගණන් වල මෙහි ඇති හානියක් නිසා නවීන තාක්ෂණය උපයෝගී කර ගෙන මෙය නැවත සවිකරන්න කට්ටියකට සිදු කළා. ඒ සදහා ලේසර් මිනුම් ක්‍රම භාවිතා කරන්නත් ඔවුන් තීරණය කළා.ඒ සදහා ටොන් විස්සේ දොඹකරයකුත් භාවිතා කරන්න වුණා. නමුත් අති නවීන සියලු තාක්ෂණික මෙවලම් භාවිතා කරන් අර පෙර තිබුණු නිවැරදි තත්ත්වයට එම දොර ගෙන ඒමට ඔවුන් අපොහොසත් වුණා. 1920 දී පමණ කොරල් උද්‍යානය මුලින්ම ඉදි කරන්න හදපු තැනින් 1930 ගණන වල මැදදී එය එතැන ඉදන් සුතපුම් දහයක් පමණ ඈත තැනකට ගෙන යන්න එඩ්වර්ඩ් තීරණය කළා. ටොන් සිය ගණනක ගල් අරන් යන එක පහසු වැඩක් නෙමෙයි. නමුත් ඔහු මේ සදහා එක් බර ගෙන යන ට්‍රක් එකකට පමණක් කථා කළා. ට්‍රක් රථයේ රියදුරුට ගැටලුවක් ඇති වුණා මේ ගල් ‍ලොරියට  පටවන්නේ කොහොමද කියන එක. එඩ්වර්ඩ් ඔහුව මදවේලාවකට රියදුරුව එතනින් යැව්වා. පැයකින් පමණ ආපහු ආපු රියදුරා දැක්කේ ට‍්‍රක් රථය ඉතාම සුලු කාලයකින් අර බර ගල් වලින් පිරිලා තියෙන හැටි. අචටත් ලොව පුරා විද්‍යාඥයින් පුදුමයට පත් කරවන ස්ටොන් හෙන්ජ් පිරමීඩ ඒ වගේම තනි පර්වත හාරා ඉදිකර ඇති ඉන්දියාවේ කෝවිල් වගේ නිර්මාණ සිදු කරපු ආකාරයේම නිර්මාණ මේ කොරල් මාළිගාවේ දක්නට ඇති බව පැවසෙනවා. කිසිම කෙනෙක් ඔහු මේවා සිදු කරපු විධිය දන්නේ නැහැ.

දැන් ප්‍රශ්නේ ඔහු මේ ගැන කිසිම හෝඩුවාවක් වත් තියලා නැද්ද කියන එක., නැහැ. තියෙනවා. 1945 මේ මනුස්සයා “magnatic current” කියලා පොතක් පල කළා. එඩ්වර්ඩ්ට අනුව ගුරුත්වාකර්ෂණය කියන්නෙත් චුම්භක ශක්තිය මයි. පොළවේ සියලු දේ බැද තබා ගන්නේ මේ චුම්භක ශක්තිය නිසයි. චුම්භක දෙකක් එකිනෙක ආකර්ෂණය කරන්නේ ඒවයේ උතුරු දකුණු පැති මාරුවට තිබ්බොත් විතරයි. චුම්භක දෙකම එකම අතට උතුරු දකුණු පැති එන විදියට තිබ්බොත් ඒ දෙක විකර්ෂණය වනවා. මේ පොතේම අග ඔහු කියලා තියෙනවා සද පොළවට නොවැටෙන්නේ සඳේ හා පොළවේ මේ චුම්භක ක්ෂේත්‍ර අර විකර්ෂණය වන පිලි වෙලට තිබෙන නිසා බව.සද උඩු යටිකුරු කළොත් සද පොළවට ආකර්ෂණය වී පොළවට ඇද වැටෙන බවත් ඔහු කියලා තියෙනවා. නමුත් මේ පෙත හරිම සාමාන්‍ය විස්තරයක් කරන පොතක්. සෑම පරිච්ඡේදයක් අවසානයේම ඔහු හිස් කොළයක් ඉතිරි කරලා තියෙනවා එය කියවන්නාට තමුන් තේරුම් ගත යමක් එහි සටහන් කර තැබීමට වගේ. ඒ කියන්නේ ඔහුගේ රහස මේ පොතේ කොහොම හරි සගවලා ලියවිලා ඇති. කොහොම නමුත් එය කරන හැටි ඉගෙන ගත් විට එය එතරම් දෙයක් නොවන බව තේරේවි යැයිද එඩ්වර්ඩ් පවසා තිබෙනවා. ඔහුගේ මරණයෙන් පස්සේ මේ උද්‍යානයේ ඔහු වැඩ සදහා භාවිතා කරපු ගොඩක් උපකරණ අතුරදහන් වුණා. ඔහු සමහර විට ඒවා කලින්ම සගවන්න ඇති. නමුත් ඉතිරි වුණු සමහර සක්ෂි තිබෙනවා.

මේ රූපයේ දැක්වෙන උපකරණය යූ හැඩයේ චුම්භක 24 කින් සමන්විත වෙන කැරකැවිය හැකි ආකාරයේ එකක්. නමුත් මේකෙත් සමහර කොටස් අතුරුදහන් . මේ උපකරණය ගැන වරක් එඩ්වර්ඩ් කිසිවකුට පවසා තිබුණේ රොකට් යානයක මුදුනේ මේ උපකරණය තැබුවොත් දවල් වන කොට ප්ලූටෝ ග්‍රහයා වෙත ගිහිල්ලා රෑ කෑමට ‍ගෙදර ඇවිල්ලා ඉන්න පුළුවන් කියලා.
මේ එඩ්වර්ඩ් බර ඔසවන්න භාවිතා කරපු උපකරණය. මෙහි උඩ ඇති කලු පෙට්ටයකුත් ඉන් පහළට ආපු වයරයකුත් දැක් ගන්න පුළුවන් . නමුත් මේ කලු පෙට්ටියත් අතුරුදහන් වෙලා. නමුත් මේ කරු තුන එඩ්වර්ඩ් මිනිසුන් නොමග යැවීමට හිතා මතා කල දෙයක් බවටත් කථා තිබෙනවා.
මෙම ලකුණ තේරුම් ගත් තැනැත්තාට විශ්වයේ රහස නිරාවරණය කර ගත හැකි බව එඩ්වර්ඩ් පවසා තිබෙනවා.
එඩ්වර්ඩ් ගේ මාළිගාවේ තැනක සදහන් කර ඇති මේ ඉලක්කම් පෙළ විශ්වයේ රහස් වලට යතුර ලෙසද එඩ්වර්ඩ් දක්වා තිබෙනවා. එදා මෙදා තුර මෙය විසදීමට බොහෝ දෙනා උත්සාහා ගත්තත් අද වන තුරුත් කිසිවකු සමාර්ථ වුණේ නැහැ .මෙහි එක් ඉලක්කම් ‍කොටසකින් කින් ඔහු සිටි ප්‍රදේශයේ අක්ෂාංශ හා දේශාංශ දැක්වෙන බව පැවසෙනවා.

කොහොම නමුත් අද ලෝකයේ ඇති බලසශක්ති ගැටලුවට අභ්‍යාවකාශ තාක්ෂණයට මිනිසා වෙත විශ්වයේ දොර පියන් හැර දීමට හැකියාව තිබුණු අති විශිෂ්ටම රහසක් ඔහුත් සමගම පොළවට වැළලුනා. සමහර විට එදා මෙදා තුර විසශිෂ්ටම සොයා ගැනීම වන්නට ඇති. ඒ වගේම ඒ එදා මෙදා තුර ‍විද්‍යා ‍ලෝකයේ කිරුළු පලන් අයින්ස්ටයින් බොර් හයිසන්බර්ග් වැනි විද්‍යාඥයින් සිටින කාලයේදීමයි. ඔවුන් අහස පොළව ගැටලමින් අවකාශ කාලය වක්‍ර කරමින් ගුරුත්වය හා විද්‍යුතය එක් කිරමට නිදිමරන කාලයේදීමයි. අනෙක් අතට සාමාන්‍ය මිනිසෙකු ලෙසින්.
කට්ටිය මොකද මේ ගැන හිතන්නේ මේක බොරුවක් කියලාද?, නමුත් අන්තර් ජාලය පිරික්සන්න, මේ සදහා සාක්ෂි දහස් ගණන් සොයා ගන්න පුළුවන් වේවි. සම්මුඛ සාකච්ඡා වීඩියෝ ඕනෑ තරම් දැක ගන්න පුළුවන් වේවි. තව විස්තරත් හොයා ගන්න පුළුවන් වේවි. මොකද කරන්න පුළුවන් මේ ගැන. සමීකරණ විසඳමින් අවකාශ කාලය මගින් මෙය තේරුම් ගන්න උත්සාහ ගන්නවාද නැතිනම් කාන්දම් කෑලි ටිකක් ‍හොයා ගෙන පරීක්ෂණ කරන්න පටන් ගන්නවාද? අදටත් ලොව පුරා දහස් ගණනක් මෙය සොයා ගන්න පර්යේෂණ කරනවා. සමහර සමාගම් එඩ්වර්ඩ් මෙම උපකරණ ආකෘති හදමින් පරීක්ෂණකරනවා. අනික හොදින් මතක තියා ගන්න කාන්දම් එකිනෙක ආකර්ෂණය වන්නේ ඇයිද කියන එකටවත් අද දක්වා නිවරදි පිළිතුරක් නැහැ. චුම්භක ක්ෂේත්‍ර…? එකම දිශාවට චලනය වන ඉලෙක්ට්‍රෝන…? නමුත් ඇයි ආකර්ෂණය වන්නේ…?????