ටුටූ පාරාවන් මිහිදන් කර අවුරුදු 25 පමණ කාලයකින් සොරුන් ඒ භූමි කඩා ඇති බවට සාක්ෂි ඇතැයි පැවසෙයි. එක් වරක් නොව ඒවා කිහිපවරක් සොරුන්ගේ කඩා වැදීම්වලට ඒවා අසුවෙන්නට ඇතැයි සැලකේ හොවාර්ඩ්, කාටර් ගැන පරීක්ෂණ සිදුකළ තියඩෝර් ඩේවිස් විශ්වාස කරන ආකාරයට මිහිදානාගාර තුනක් පමණක් යම්තරමින් හෝ සොරුන් ගෙන් බේරී තිබි ඇත. ඒ ටුටන්කාමම්, ඕකනොටන් හා හෝරම්හබේ යන පාරාවෝ රජුන්ගේය.
තියඩෝර් ඩේවිස් විසින් 1908 දී හෝරම්හබේ රජතුමාගේ ග්‍රැනයිට් පාෂාණයෙන් නිමවන ලද මිහිදානාගාරය සොයා ගන්නා ලද බව සඳහන් වේ. නමුත් එහි ඉතිරිව තිබුණේ මමියේ හිස් කබලත්, අස්ථින් කිහිපයකුත් පමණි. ඒ අතර ඔකනෝටන් රජතුමාගේ මිහිදානාගාරයද හමු වී ඇත. එහිදී ටුටන්කාමම් මුද්‍රාවක් සහිත මැටි භාණ්ඩ කිහිපයක් හමු වූ බව ඩේවිස් කියයි. එබඳු භාණ්ඩයක් එම ස්ථානයේ දක්නට ලැබිම ප්‍රශ්න කිහිපයක් මතු කළ බවත් කියැවේ.
ටුටන්කාමම් පාරාවෝගේ භූමදානාගාරය සොයා ගත්තේ හොවාර්ඩ් කාටර්ය. භූමි කැණීම් කටයුතු 1900 පමණ ආරම්භව, 1922 වන විට මෙම ටුටන්කාමම් මිහිදාන සංකීර්ණය සොයා ගැනීමට හැකි වී ඇත.
රුම්සෙස් රජතුමාගේ මිහිදන් සංකීර්ණයට ඔබ්බෙන් මෙය හමු වූ බව කියයි.
ටුටන්කාමම් පාරාවෝගේ භූමදානාගාරය සොයා ගත්තේ හොවාර්ඩ් කාටර්ය. භූමි කැණීම් කටයුතු 1900 පමණ ආරම්භව, 1922 වන විට මෙම ටුටන්කාමම් මිහිදාන සංකීර්ණය සොයා ගැනීමට හැකි වී ඇත.
රුම්සෙස් රජතුමාගේ මිහිදන් සංකීර්ණයට ඔබ්බෙන් මෙය හමු වූ බව කියයි.
මඪ රුම්සෙස් රජතුමාගේ මිහිදන් සංකීර්ණය ඉදිරිපිට ත්‍රිකෝණාකාර කොටසක් අදටත් කැණීම් නොකර වෙන් කර ඇත. එදා මිහිදන් මිටියාවතේ කම්කරුවන් පදිංචිව සිටි කොටසක් යැයි ඔවුහු කියති. අද එම ස්ථානය සංචාරකයන් කෙටි විවේක ගන්නා ස්ථානයක් සේ සකස් කර ඇත.
1922 නොවැම්බර් 4දා මඪ රුම්සෙස් රජතුමාගේ මිහිදන් සංකීර්ණයට ආසන්නයේ කළ කැණීමකදී පහළට බැස යන පඩිපෙළ 16ක් මතු වූ බව කාටර් කියයි. එතැන් සිට ඉදිරියට කොරිඩෝවක් විවෘත වී ඇත. මේ ටුටන්කාමම් රජතුමාගේ මිහිදන් සංකීර්ණය යයි.
අද අප මෙම පාරාවෝ රජුන් ගැන කතා කරන විට බෙහෙවින් කතා කරන්නේ ටුටන්කාමම් ගැනයි. එයට ප්‍රධාන හේතුව සොරුන්ගේ පහර දීම්වලට කඩා වැදීම්වලට එම භූමදාන සංකීර්ණය ඉතාම අවම මට්ටමෙන් ඉලක්කව තිබූ නිසාය.
නමුත් කෞතුක භාණ්ඩවලට බරපතළ හානි සිදු වී නොතිබූ බව කාටර් සඳහන් කරයි. කාටර්, ටුටන්කාමම් මිහිදානාගාරය සොයා ගෙන අඩක් කැණීම්කර ප්‍රධාන මිහිදානාගාරය විවෘත කිරීමට පෙර මෙම ව්‍යාපෘතිය සඳහා මුදල් ආධාර සැපයූ කැනවරන් සාමිවරයා එම ස්ථානයට කැඳෙව්වේය. ඔහුගේ දියණිය වූ එව්ලින් හර්බට් ද පැමිණි බව ඔහු සටහන් තබා ඇත.
කාටර් මෙම මිහිදානාගාරය ගැන මෙසේ කියයි. ප්‍රධාන පිටත ශාලාවට ඇතුළු වන දොරටුවේ මුද්‍රා කැඩී තිබුණේය. දොර අඩුම වශයෙන් දෙවරක්වත් බිඳින්නට ඇත. මේ දොරවල්වල මුද්‍රා අප ඡායාරූප ගත කළා. පළමු දොරටුව විවෘත කර ගත්තේ 1922 නො.25 දා ඊළඟ දොරටුව විවෘත කරගත්තේ නොවැ. 26 දා ඉන් ඇතුළු වූයේ විශාල දිග ශාලාවකටයි. එය ව්‍යුහාත්මක කුටීරයටයි. මේ කුටියෙත් උතුරේ හා දකුණු දෙකෙළවරේ දොරටු දෙකක් තිබුණා. ඉන් එකක් තුන්වන දොරටුවයි. විවෘත කළේ 1923 (පෙබරවාරි) 23 දා ඒ භූමදානාගාරයයි. එම ස්ථානයෙන් දකුණුට විවෘත වූ දොරටුව ධන සම්පත් කුටියයි. 4 වන දොරටු ව්‍යුහාත්මක කුටියේ බටහිර වන්නට තිබුණා. එම දොරටුවෙන් ඇතුළු වූ විට පැති කුටියත් හමුවුණා.
හොවාර්ඩ් කාටර් විසින් මේ ටුටන්කාමම් මිහිදන් සංකීර්ණයේ සැලසුම් සටහනක් ඇඳ ඇත.
“කුටීර 4ම විවිධ වටිනා භාණ්ඩ තැන්පත් කර තිබිණි. මැද ව්‍යුහාත්මක කුටියේ රන්,රදී,මැණික්, කිරිගරුඬ ආදියෙන් නිමවන ලද විවිධාකාර භාණ්ඩ දුටු විට මට මගේ ඇස් අදහගත නොහැකි විය. මෙම කොටසේ පමණක් කෞතුක භාණ්ඩ කැබලි 7000 පමණ වූවා. එකිනෙක වෙන් වෙන්ව හඳුනා ගෙන සුචි ගත කරා. ඒ ඒ කෞතුක වස්තුව හඳුනා ගැනීම සඳහා විස්තරද ලියා සටහන් තැබුවා. ඒ හැම භාණ්ඩයක්ම වෙන වෙනම ඡායාරූප ගත කළා. කැඩී බිඳී ගිය මාල, වළලු, පපු පළඳනා නැවත එකට ඇමුණුවා. මෙය වෙහෙසකර කටයුත්තක් වූවා”.
සමහර ලී භාණ්ඩ කොටස් කර මිලයට ගත් බවද ඔහු පවසයි. මෙහි මල් පෙට්ටි බොහොමයක් තිබිණි. එලෙසම කල්තබාගත හැකි වන සේ සකස් කරන ලද ආහාර වර්ගද තිබිණි. කිරිගරුඬ භරණි හා මල් පෝච්චි හමු වූ බවද රත්‍රනින් කළ කවිච්චියක්, සතුන්ගේ හිස්වලින් අලංකාර කර තිබුණි. කිරිගරුඬ පාෂාණවලින් නිම වූ පිළිමද රනින් කළ කරත්ත, මැණික් ඔබ්බවා රනින් කළ ඔටුනු හා හිස් පළඳනා ද දක්නට ලැබුණු බව පැවැසේ.
මේ සෑම භාණ්ඩයක්ම ස්වාභාවික පරිසරයට විවෘත වීමත් සමග ඇතිවිය හැකි ස්වරූපයේ වෙනස්කම් ගැන විද්වතුන්, සුපරීක්ෂාකාරී වූහ. ජීවී හා සත්ව විද්වතුන්, රසායන විද්වතුන්, ශාක විද්වතුන්, ශරීර ව්‍යුහ විද්වතුන්, ඉතිහාසඥයින් මේ කාර්යය මෙහෙය වීමට දායක විය.
ව්‍යුහාත්මක කුටියේ පරීක්ෂණ අවසන් වූ පසු 3 කුටිය, ටූටන්කාමම් පාරාවෝගේ මිහිදන් කුටිය පරීක්ෂාවට ලක්විය.
මෙම දොරද සොරුන් විසින් බිඳ ඇති බවත් පෙනේ. ජීවප්‍රමාණයෙන් නෙලූ ටුටන් රජතුමාගේ පිළිරූ දෙකක් දොර දෙපැත්තේ දක්නට ලැබිණ. පාරාවො මමිය, රත්‍රං වැස්මකින් හිස, දෙඋර හා පපුව වැසෙන සේ ආවරණය කර තිබිණ. අද මෙම වැස්ම ඊජිප්තු ජාතික කෞතුකාගාරයේ දෙවන මහලේ තැන්පත් කර ඇත.
ටුටන්කාමම් පාරාවෝ තැන්පත්කර තිබූ බහාලනය රනින් නිමවා තිබිණ. එය රාත්තල් 2500ක් (1130 කිලෝ) බර විය. ඒ බහාලනය අසලම ලිනන් රෙදි වලින් ඔතන ලද කෞතුක වස්තුන් 143 ක් හමු විය. මාල, වළලු, අත්ආවරණ පපුතැල්ල ආදී වූ රන් මැණික් ආභරණ මෙහි දක්නට ලැබිණ.
“ඊළඟට විවෘත කර ගත්තේ භාණ්ඩාගාර කුටියයි. එයට මිහිදන් කුටියෙන් දකුණු දෙස දොරටුවෙන් ඇතුළු විය යුතුය. එහි විශාල පෙට්ටගමක් තිබුණි. ටූටන් පාරාවොගෙන් ඉවත් කරන ලද ශරීරයේ අභ්‍යන්තර ඉන්ද්‍රියයන් නරක් නොවෙන ආකාරයට භරණිවල තැන්පත්කර තිබිණි. දේවතාවියන් 4ක් මෙහි ආරක්ෂාවට පිළිමකර නිමවා තිබිණ. එක් දේවතාවියගේ නම සර්කෙට්ටය. මේ ධනසම්පත් කුටිය අර්ථ ගැන්වෙන්නේ කුමන අර්ථයෙන්දැයි පැහැදිලි නැත. මේ භාණ්ඩවලට අමතරව නැවක අනුරුවක් විසිතුරුව සකස් කරන ලද පෙට්ටගම් රනින් කළ ඇඳ අසුන් හමු විය.
ව්‍යුහාත්මක කුටියෙ කෙළවර දකුණු අත්පසට වූ දොරෙන් ඇතුල්වන්නේ පැති කුටීරයටයි. මෙය 4 වන දොරටුවයි. මෙහි දොරටුවද බිඳ ඇත. බොහෝ භාණ්ඩ සැම තැන විසිර තිබිණ”. පුරා විද්‍යාඥයින් විශ්වාස කරන ආකාරයට ටුටන්කාමම් මිහිදන් කර අවුරුදු විසිපහකට පමණ පසු මේ කුටි බිඳ ඇත. සොරුන් සමහර විට දෙවරක් මෙය බිඳින්නට ඇත. දෙවන වර අසුවීමෙන් මේ භාණ්ඩ මෙසේ විසිර යන සේ දමා පලා යන්නට ඇතැයි විශ්වාස කළ හැකිය.
හොවාර්ඩ් කාටර් කියන ආකාරයට ටුටන්කාමම් මහා පාරාවෝ කෙනෙක් නොවේ. ඊජිප්තු ඉතිහාසයේ සිටි දුර්වලම රජතුමායි. ළාබාල රජතුමායි. ඔහුටත් මේ තරම් ධන සම්පත් රාජ්‍ය ගෞරව හිමි වූවා නම් මහා පාරාවෝ කෙනෙකුට මොනතරම් ගෞරවයක් ලැබුණාද, ධන සම්පත් ප්‍රමාණයක් මිහිදන් වන විට තැන්පත් කරාද යන්න අපට සිතා ගන්නටවත් බැරි තරම්ය. අද ඒ කිසිවක තොරතුරු දක්නට නැත.
කේ.ඩබ්ලිව්. චන්ද්‍රරත්න