Showing posts with label බුදු දහම හා කුමන්ත්‍රණ. Show all posts
Showing posts with label බුදු දහම හා කුමන්ත්‍රණ. Show all posts

Dec 10, 2012

අපේ ඉතිහාසය බුල්ඩෝසර් කරන්න කිසිවකුට ඉඩ දෙන්නේ නැහැ


බොදු බල සේනා ජාලයේ මහ‍ලේකම්ගලගොඩඅත්තේ ඤාණසාර හිමි

අතීතයේ පටන් අද මේ දක්වාත් විවිධ කණ්ඩායම් වලින් නොයෙකුත් අවස්ථාවලදී සම්බුදු සසුනටත් , සිංහල ජාතියටත්, අප මාතෘභූමියටත් විවිධ තර්ජන අභියෝග එල්ලවූ බව අපි දන්නවා.
වසර දහස් ගණනක අප පේ‍රෟඪ ඉතිහාසය ලොවට කියාපාන අපේ පුරාවිද්‍යාත්මක වටිනා කමින් යුත් ඓතිහාසික ස්ථාන විනාශ කිරීම අද විශාල ව්‍යසනයක් වී තිබෙනවා හාමුදුරුවනේඅතීතයේ සිටම අප රටට, ජාතියට, සම්බුද්ධ ශාසනයට විවිධ අවස්ථාවන්හිදී එල්ල වුණ තර්ජන, ගර්ජන, බලපෑම් ඔබ සිහිපත් කළා. ඉතිහාසය අධ්‍යනය කිරීමේදී ඒ පිළිබඳව අපට මැනවින් පැහැදිලි වනවා. ඒ ඒ වකවානු වලදී අප පුජනීය මහා සංඝරත්නය, හෙළ රජ දරුවන් තම දිවි හිමියෙන් කටයුතු කොට එම අභියෝගයන්ට මුහුණ දුන්නා සේම ජයග්‍රහණයද කලා. ඔබ සඳහන් කළ පරිදිම පසුගිය මාස කිහිපයක සිට සිංහල බෞද්ධයාගේ ඉතිහාසය ලියැවී තිබෙන පුරාවස්තු ඩෝසර් කෙරෙනවා. අදීන වූ ද, අභීත වූද සිංහල ආදි  මුතුන් මිත්තන්ගේ ලෙයින් කඳුලින් ජීවිත පරිත්‍යාගයෙන් ගොඩනැගුණ උතුරු හා නැගෙනහිර දෙපළාත ඇතුළු රටේම පුරාවස්තු දැඩි තර්ජනයකට ලක් වී ඇති කාල පරාසයක් මේ. නිදන් සොරුන් මෙන්ම විවිධ කල්ලි කණ්ඩායම් වල මෙහෙයවීම මත මේ වැනසෙන්නේ හෙළ බොදු උරුමය බව අමතක නොකළ යුතුයි. වරක් දෙවතාවක් නොව ගිනිය නොහැකි තරම් වූ විශාල ප්‍රමාණයක් අපේ පුරාවස්තු සංහාරය වෙමින් පවතින යුගයක් මේ. මාතෘභූමියේ සිවුදෙස මේ සංහාරයට පත්වන්නේ අපේ ඓතිහාසික උරුමයන්. මේ බිමේ උපන් හැම සත්වයකුගේම උරුමය හා අදීනත්වයයි මේ ඩෝසර් වන්නේ.

ඔබ වහන්සේලාගේ නායකත්වයෙන් යුත් බොදු බල සේනා ජාලය පසුගිය දිනවල මීට එරෙහිව හඬක් නැගුවා.

ඔව් දෙමසක් තුළ දාගැබ් කිහිපයක් බුල්ඩෝසර් වුණා. පුරාවිද්‍යා නිලදරුවන් කියන්නේ මේවා ආරක්ෂා කිරීමට විධිමත් භෞතික සම්පත් නොමැති බවයි. වගකිවයුත්තන්ගේ යුතුකම විය යුත්තේ මීට අදාළව පහසුකම් සලසා මේ පුරාවස්තු ආරක්ෂා කිරීමයි. ඒ වැඩපිළිවෙල මගින් අපේ ආනගතය සුරක්ෂිත වනවා. එක නිලධාරියෙක් හෝ ජනතාවගේ ඡන්දයෙන් පාර්ලිමේන්තුවට ගිය ජනතා නියෝජිතයින් ජාතියේ පේ‍රෟඪත්වය හා ඓතිහාසික උරුමය විනාශ වෙන කොට ඒ ගැන කථා කරලා නැහැ. මොට්ටයාගල සෑය විනාශ කළා. සාගම සෑය විනාශ වුණා. අපි බොදු බල සේනා විදියට මේ විපත්තිය මාධ්‍යයෙන් දැනගත් මොහොතේම නැගෙනහිර පළාතට ගියා. අපි දුටුවේ සිත් කම්පා කරවන සුළු සිදුවීම්. අවම තරමින් යුද බිය තුරන් වී අපට සාමය උදාවී ඇති මොහොතේවත් මේ පුරාවස්තු සංරක්ෂණයට පියවර නොගැනීම බලවත් අත්වැරැද්දක් වහාම පුරාවිද්‍යාව සම්බන්ධයෙන් ඇති අණපනත්් සැකසිය යුතුයි. අදටත් සුද්දො හදපු කළු සුද්දො වඩපු අණපනත් කරපින්නාගෙන මේවාට විසඳුම් සෙවිය නොහැකියි. මාධ්‍ය හරහා හෝ ඒ ඒ භාෂා වලින් විශේෂයෙන් මුසල්මානුවන්වත්, දමිළ සහෝදරයන්වත් වහාම දනුවත් කළ යුතුයි. අද වන තුරුත් එවැනි වැඩපිළිවෙළක් නම් අපි දකින්නේ නැහැ. මේ සංහාරය වන්නේ හැම එකකුගේම උරුමය බව කියා දිය යුතුයි.
හාමුදුරුවනේ අවාසනාවකට මෙන් කොයි කාට නොපෙනුනත් දින දින වැනසෙන්නේ අපගේ උරුමයයි
ඔව් මේ රටේ එක වැවක්වත්, එක දාගැබක්වත් සිංහලයන් විසින් හැර අන් කිසිවෙක් හෝ විසින් ගොඩනංවා නැති බව සිහිපත් කළ යුතුයි. පුරාවිද්‍යාත්මකව පිළිගත හැකි ලෝකයේ පළමු බෞද්ධ ස්ථූපය ගොඩනැංවෙන්නෙත් ලංකාවේ. ඒ ලංකාවේ නැගෙනහිර වෙරළේ තිරියාය ප්‍රදේශයේ ගිරිඛණ්ඩණ සෑය හෙවත් ගිරිහඬු සෑයයි. බුදුරජාණන් වහන්සේගේ කේශ ධාතු නිධන් කොටයි එම සෑය තැනවූයේ. ඒ බුදුරදුන් ධරමාන සමයේ දීමයි. කාවන්තිස්ස රජු ලලාට ධාතු නිදන් කොට සේරුවාවිල ෙචෙත්‍යය තනා සේරුවාවිල විහාරය ඉදි කළා. සද්ධාතිස්ස රජු. දීඝවාපී ෙචෙත්‍ය සහ විහාරය කරවූවා. අපේ සිංහල රජවරු අන්න ඒ විදියටයි අපේ උරුමය ආරක්ෂා කර ගත්තේ.
උතුරු පළාතේ බෞද්ධ සිද්ධස්ථාන 130
නෂ්ටාවශේෂද, ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ 81, මඩකලපුව දිස්ත්‍රික්කයේ 22, අම්පාර දිස්ත්‍රික්කයේ 43 ක්ද වශයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් හඳුනා ගෙන තිබෙනවා. දෙවැනි අග්බෝ රජු ගංතලාව හෙවත් කන්ත‍ලේ වැව ඉදි කොට ඒ යටතේ ජනපද පිහිටෙව්වා, සිංහල රජවරු මොරවැව, මහදිවුල් වැව, අල්ලායි, වාකරෙයි, උන්නච්චි, ආදී වැව් තනා ඒ අවට සිංහල ජනපද පිහිටෙව්වා. උතුරු නැගෙනහිර දෙපළාතේ පුරාවිද්‍යා ස්ථාන දෙසීය හැත්තෑ හයකට වැඩි බව අපි දන්නවා. නිලධාරීන් මෙන්ම දේශපාලකයන්ද ඒ බව තිර ලෙස රටවැසියාට අවධාරණය කළ යුතුයි. අතන මෙතන අර කතා මේ කතා විහිළු කතා නොකියා
පළමුවෙන්ම ජාතික උරුමය ආරක්ෂාකර ගැනීමට පෙළගැසී සීරුවෙන් සිට ගත යුතුයි. ‍පොලීසිය, පුරා විද්‍යා නිලදරුවන් මෙය ඉටු නොකරන්නේ නම් අප විසින් එය නිසි ලෙස ඉටු කරන්නම්. මේවා සංරක්ෂණය කොට ආරක්ෂා කිරීමට ඇති අපහසුතාව කුමක්ද? ජාතික උරුමයන් පිළිබඳ ඇමැතිවරයා මේ සම්බන්ධයෙන් විධිමත් ලෙස කටයුතු කළ යුතුයි. අද ඇතැමුන්  ජාතියේ අළුගෝසුවන් බවට පත් වී ඇති බව පෙනෙනවා. නැගෙනහිර පළාතේ විශාල ලෙස  බෞද්ධ පුරාවස්තු සංහාරය වෙනවා.

හාමුදුරුවනේ පෘතුගීසි ඉංග්‍රීසි හා අනෙකුත් පාලන සමයන්හි පැවැති වාතාවරණය සිහිපත් කිරීමද වැදගත් වේවි.

ශ්‍රී ලංකාව 1815 ඉංග්‍රීසි පාලනයට යටත් වන විට වර්තමාන නැගෙනහිර පළාතට අයත් ප්‍රදේශය සපුරාම මහනුවර රාජධානියට අයත්ව පැවතුණා. ඒ බව නැගෙනහිර පළාතේ මහමුදලිව සිටි එස්.ඕ.කනගරත්නම් මහතාද ප්‍රකාශ කොට තිබෙනවා. සිංහල රජ දරුවන්ගේ ආධිපත්‍ය පැවති යුගයේදී මුළු මඩකලපු දිස්ත්‍රික්කයම කන්ද උඩරට පළාතේ කොටසක් වූවා. පෘතුගීසින් විසින් 1626 දී බේරුවල  ආදී බටහිර මුහුදුබඩ පළාත් වලින් මුස්ලිම්වරුන් පන්නා දැමු අවස්ථාවේදී මහනුවර රජු වූ සෙනරත් රජු හාරදහසකට අධික සංක්‍රමණික මුස්ලිම් ජනයා දිගාමඩුල්‍ලේ මුහුදුබඩ ප්‍රදේශයේ පදිංචි කරනු ලැබුවා. දැනට කල්මුණේ ‍පොතුවිල්වල මුස්ලිම් ජනතාව අතරින් වැඩි දෙනා ඔවුන්ගෙන් පැවත එන්නන් - සිංහලයන්ගේ පිළිසරණ ලබා උරුමකරගත් ඒ ඓතිහාසික ඥාතීත්වය හා සබැඳියාවන් මුසල්මා නුවන් බිඳ ගත යුතු නැහැ. ඇතැම් අන්තවාදීන් මේ ඉතිහාසය අමතක කොට අපිව අනවශ්‍ය කලබගෑනියකට පත්කරන්නේ කිනම් අරමුණකින් දැයි විමසා බැලිය යුතුයි.
අතීත හා වර්තමාන සිදුවීම් ද සැලකිල්ලට ගනිමින් අප අනාගතයට මුහුණ දීම සඳහා සවිබල විය යුත්තේ කෙසේ දැයි පහදා දෙන්නේ නම් එය සමස්ත බොදුනුවන්ටම අතිශය වැදගත් වේවි අපේ හාමුදුරුවනේ,
අද වන විට භික්ෂුව හා දේශපාලනය පිළිබඳව බොහෝ ව්‍යාකූල වූ අදහස් රාශියක් සමාජගත වී තිබෙනවා. අතීතය දෙස බලා අතීත පාඩම් මතින් අපි නැගිටිය යුතුයි. මෙරට බුදු දහම හා සසුන සමාජගත වී ඇත්තේ ව්‍යවස්ථාවේ සඳහන් පරිදිම පූර්ණ රාජානුග්‍රහය සහිතවයි. එය මිහිඳු මහ රහතන් වහන්සේ සහ තිස්ස රජතුමා අතර ඇති වූ සියලු ආකාරයේ එකඟතා අනුවම සිදු වූවක්. එය කිසිසේත්ම බලපෑමක් හෝ ආක්‍රමණික ච්ෙතනාවක් අනුව සිදු වූවක් නොවෙයි. අද වන විට අපට ඇති තර්ජන සුළු පටු නොවෙයි. අපමත බලහත්කාරය යොදවා මිත්‍යාව රජ කරවන්නට උත්සාහ දරන මෙවන් යුගයක අප ඉතා අවදියෙන් සිටිය යුතුයි. භික්ෂූන් වහන්සේ එදා සිටම චක්කවත්තී සීහනාද, අග්ගඤ්ඤ, කූඨදත්ත ආදී සුත්‍ර වලින් හෙළි කරන බෞද්ධ දේශපාලිනික ධර්මයෙහි සාරය මත පිහිටා රට - දැය - සමය රැකුමට දිරි දුන්නා. එය මේ දක්වාම මේ රට දේශපාඥන නායකත්වය හා ජනතාව අතර අර්බුදකාරී අවස්ථාවකට යොමු වන හැම විටකම විසඳුම් සඳහා ගෙනහැර දැක්වූ රාජ්‍ය උපදේශක ධර්මයයි. භික්ෂූන් වහන්සේලා එදා සිට අද දක්වාම මේ මෙහෙවර ප්‍රකාශය මත පිහිටා රජයට අනුශාසනා කලා මිස රාජ්‍යභාරයේ කොටස්කරුවන් වී නැති බව අප දැනගත යුතුයි. එය දඹදිව දී බ්‍රාහ්මණ පූජක පංතිය ඉටුකල කාර්යය හෝ යුරෝපයේදී පල්ලි මණ්ඩලාධිකාරීන් විසින් ඉටුකළ කාර්යය හෝ ස්වකීය චර්යාධර්ම නීතිය කර ගත් මුස්ලිම් රටවල ක්‍රියාකාරීත්වයට සමාන වන්නේ නැහැ. අතීතයේදී රජ කළ වළගම්බා රජු ෙජෙනාරාමය බිඳ හෙලා මහා සෑයක් බැඳ එහි බෞද්ධ සිද්ධස්ථානයක් බවට හැඟවුයේ විදෙස් ඔත්තුසේවා මධ්‍යස්ථානයක් වනසා දමා දේශයේ ආරක්ෂාව තහවුරු කර ගැනීමට මිස මූලධර්මවාදී ආගමික හැඟීමකින් නොවෙයි. අද විය යුත්තේද එයම නොවේද? සමස්ත ඉතිහාස ගමන් මග තුළ තවත් නිදර්ශන බොහෝ තිබෙනවා. අද බොදු බල සේනා විදියට අපි කරන්නේද එයයි. රජයටත්, ජනතාවටත් දැහැමිව මග පෙන්වා දීම මහසඟරුවනේ ජාතික මෙහෙවර බැවින් අපි එය ඉටු කල යුතුව තිබෙනවා. වර්තමාන භික්ෂූන් වහන්සේ බලවේගයක් වීමෙන් වියෝ වී තිබෙන බවත් පෙනේ. බලය ඇති තැන වේගයක් නැහැ වේගය ඇති තැන් වල බලය හා සම්පත් නැහැ. දෙපැත්ත එක පිලක් වීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙලක්ද නැති බව පෙනෙන්නට ඇති බැවින් එය එසේ කර ගැනීමට මගක් සාදා ගමු යන්න අපි ඉදිරියේ ඇති ප්‍රධාන කාර්යභාරයක් බව සිහිපත් කල යුතුය.
සාකච්ඡා කළේ - ජනක හෙට්ටිආරච්චි

http://www.lakbima.lk/index.php?option=com_content&view=article&id=5023:2012-12-11-04-51-32&catid=61:2012-08-07-09-39-46&Itemid=77

Dec 2, 2012

ධාතූන් වහන්සේලාට නිගා කිරීමට, පල්ලිය නින්දිත ප්‍රයත්නයක







ධාතූන් වහන්සේලාට නිගා කිරීමට, පල්ලිය නින්දිත ප්‍රයත්නයක
------------------------------------------------------------
කතෝලික පල්ලිය විසින් අනාදිමත් කාලයක පටන් මේ රටේ සිංහල බෞද්ධ සංස්කෘතිය විනාස කිරීම සඳහා නොයෙක් කුමන්ත්‍රණයන් සිදු කරනු ලබයි. එහි එක් අවස්ථාවක් ලෙස ඔවුන් ධාතුන් වහන්සේලාට නිගා කිරීමේ අරමුණින් නොයෙක් පාදිලියන්ගේ මිනි අළු හෝ ඊට අදාල දේ මෙරට ගෙනවිත් ඒවා රටපුරා රැගෙන යාම සිදුකරනු ලබයි. 
ඒ සඳහා රටේ ප්‍රථම  කාන්තාව කියන මිත්‍යා දෘෂ්ටික තැනැත්තියගේ නොමද දායකත්වයද අප දුටුවෙමු. මේ දිනවල බොස්කෝ පාදිලි තැනගේ ඇට කටු මෙරට ගෙනවිත් යලි සිද්ධ කරන්නේද එම නිගා කිරීමය. බලපිටිය ප්‍රෙදේශයේ ජනතාව මිට විරෝදතාවය පල කර තිබෙන බව වාර්තා වේ.
මේ දිනවල ප්‍රවුර්තියක්  වන්නේ ශා. දොන් බොස්කෝ මුනිදුන්ගේ ශු වූ ධාතු සිරිලකට වැඩම කරයියන්නයි ධාතු යන වචනය බොදුනු අප භාවිතා කරන්නේ මහත් ගෞරවයෙන්ය . ඒය භාවිත කළ හැක්කේ බුදුරජාණන් වහන්සේගේ හා සියලු කෙලෙසුන් ප්‍රහින කළ මහරහතන් වහන්සේලාට පමණයි. ගුණසේන මහා සිංහල ශබ්ද කෝෂයේ ධාතු යන වචනයේ අර්ථය දක්වා ඇත්තේ බුද්ධ ආදී උත්තමයන්ගේ ශරීරයෙන් ඉතිරි වූ කොටස, පාරිභෝගික, උද්දේශික පුජනිය වස්තුව යනුවෙනි. එම අර්ථ දැක්වීම අනුව පැහැදිලි කරුණක් නම් ධාතු යන වචනය භාවිතා කරන්නේ අරහත් බුද්ධාදී උත්තමයන්ට පමණක් බවයි අපේ රටේ හෝ වෙනත් රටක වැඩසිටි සංඝාරජවරයෙකුට හෝ ගැමනු වැනි ශ්‍රේෂ්ට නිරිදෙකුගේ ශරීරයේ ශේෂව ඇති කොටස් සඳහා මෙම ධාතු යන වචනය භාවිතා නොකරයි. එවැනි අය ආධාහනය කළ විට ඉතිරි වන කොටස් වලට භාවිතා කරන්නේ භෂ්මාවශේෂ යන්නයි. යමෙකුට ඉන්ග්රිශියේ ඇති relic යන වචනයට ඇති අර්ථය ධාතු යන්න බව තර්ක කළ හැක මන්ද යත් විදේශීය චින්තනයක් ඇති කතෝලික පල්ලියට සිංහල භාෂාවේ ඇති ද්විරුපතාව ආදී භාෂා භාවිතාය පිළිබඳව නොදන්නවා විය හැකි බැවිනි එබැවින් එම relic වචනයට සිංහල භාෂාවේ භාවිතා කළ හැකි පර්යාය පද වන මිනි අළු, භෂ්මාවශේෂ, ශරීර අස්ථි පටක ආදී වශයෙනි. මෙවැනි වචන අවැසි තරම් ඇත. අනික සිංහල භාෂාවේ ශාරීරික කොටස් සඳහා ධාතු යන වචනය භාවිතා වන්නේ සැයක වීමකින් පමණක් ඉතිරිවන කොටස සඳහා පමණි. එබැවින් ශා. බොස්කෝ ආධාහනයද කරනැති බැවින් ධාතු යන වචනය භාවිතා කළ නොහැක. එබැවින් අප කාරුණිකව කතෝලික පල්ලියට දැන්ව සිටින්නේ ඊනියා දේශීයකරණයේ නාමයෙන් බෞද්ධයන්ගේ සිත් නොරිදවන ලෙසය. බෞද්ධයන මහත් ගෞරවයෙන් භාවිතා කරන වචන නොකෙලසන ලෙසය. නියම ආගමික සහජීවනය යන්නේ අර්ථය අනෙක් ආගම් කෙරෙහි එකිනෙක දක්වන ගෞරවයයි. දොන් බොස්කෝ තුමන් යනු 1815 අගෝස්තු 16 වන දින ඉතාලියේ ටියුරින් නුවර බෙක්කි ග්‍රාමයේ උපත ලබා සිය අද්‍යපනයෙන් පසු පුජකවරයට ඇතුලත්ව පල්ලියෙන් ඉවත්වන තරුණයන් කතෝලික පල්ලිය වෙත ලංකර ගැනීමේ කාර්ය වෙනුවෙන් සිය ජීවිතය කැපකරනු ලැබිය . මේ හේතුවෙන් 1929 දී භාගය වරයටත් දි ශාන්තුවරයටත් පත්කරන ලද අතර 1988 දී 2 වන ජුවාම් පාවුළු පාප්තුමන් එතුමන්ව තරුණයන්ගේ පියා, ගුරුවරයා බවට නම් කරනු ලැබිය. ශ්‍රී ලංකාවේ ද තරුණයන් වෙනුවෙන් කාර්මික පුහුණුව ලබාදෙන දොන් බොස්කෝ නම් ආයතන රාශියක් රට පුර පිහිටුවා ඇත්තේ තරුණ පිරිස් පල්ලියට ලංකර ගැනීමටයි . තවද අනාථ, අසරණ දිළිදු දරුවන් පුනරුත්ථානය කිරීමේ අරමුණද එම පිරිස් කතෝලික ආගමට ගැනීමයි. දොන් බොස්කෝ ආයතන වල අරමුණ වෘතිය  පුහුණුව ලබාදෙන අතර ආගම් ප්‍රචාරය කිරීමයි. මෙම ආයතන සමහරවිට ආරම්භ කරන්නේ පන්සල් ආශ්‍රිතව වන අතර එමගින් ප්‍රතිරෝදතාවක් ඇති නොවීමට මග සලසා ගනු ලබයි . මේ සියලු කටයුතු සඳහා ඒවාට ප්‍රචාරාත්මක වාසි ලබා ගැනීම සඳහා මෙරටට ගෙන එන ලද බොස්කොගේ ශරීරයේ දකුණු අශ්තිය හා පටක කොටස් සහිත දොන් බොස්කෝ අනුරුව රට පුර ප්‍රදර්ශනය කිරීමට කටයුතු ඉතා නින්දිත ලෙස සුදානම්ව පවතී .

උපුටා ගැනීම http://www.facebook.com/photo.php?fbid=507722422574731&set=a.501853353161638.133505.501848876495419&type=1&theater

Nov 27, 2012

බුදු දහමට මුවා වී සිංහල සංස්කෘතියට කරන විනාශය



බුදු දහමට මුවා වී සිංහල සංස්කෘතියට කරන විනාශය හෙළා දකිමු. 

නක්ඛත්තං පතිමානෙන්තං
අත්ථො බාලං උපච්චගා
අත්තො අත්ථස්ස නක්කත්ථං
කිං කරිස්සන්ති තාරකා

නැකැත් බලමින් තටයුත්ත පසුකරන්නා වූ මෝඩයා හට අර්ථය ඉක්මවා යන්නේය. බලාපොරොත්තවන අර්ථය සිදුවෙනම් එයම නැකතය. අහසේ තරු කුමක් කෙරේද?

පින්වත් යාලුවනේ බුදුහිමියන් ජ්‍යෝතිෂ්‍යය ගැන සදහන් කලේ ඔන්න ඔය විදිහට. අපිට පුලුවන්නම් යමක් ස්ථිර සිතින් කරන්න ආයිත් නැකැත් තරු අවශ්‍ය නෑ. එහෙත් බුදුහාමුදුරුවො කොතනකවත් ජ්‍යෝතිෂ්‍යය, නැකැත් තරු බොරුවක් බව පෙන්වල නෑ නේද? බැහැර කිරීමක් පමණයි කරල තියෙන්නෙ. පළමුවෙන්ම පැහැදිලිවම කියන්න ඕනි කාරණයක්.
මොකද ජෝතිෂ්‍යය බොරුවක් කියල පෙන්වන්න බැරි තරම් සාධක ශාසන ඉතිහාසය තුල ඕනිතරම් තියෙනව. මේ බලන්නකො. වණ්ණුපථ ජාතකයෙ පැහැදිලිවම තියෙනව බෝසතාණන් වහන්සේ නැකැත් තරු අනුව කාන්තාරය මැදදෙන් ගිය බව. මහා මායාදේවිය මවු කුස පිළිසද ගත් වෙලාවෙ බමුණන් ඇවිත් සිහිනයේ ඵල විපාක බලල කීව පින්වත් පුතෙක් කුසට පහල වෙලා කියල. ඒක බොරුවක් උනාද? ඊලගට බමුණන් 108 දෙනෙක් ගෙන්වල සිද්ධාර්ථ කියන නම තියන්න හේතු උනේ ඇයි? මතු දිනකදි ලෝකයට අර්ථයක සිදු කරනව කියපු නිසා නෙවෙයිද? අජසත්ත කුමාරය තාත්ත මරණව කිය ‍ජෝතිෂ්‍යවේදීන් කීවෙ නැද්ද? අපේ රට ගන්න, පණ්ඩුකාභය කුමාරය උපදින බවත් මාමල මරා දමල රජවෙනව කියල කියපු දේවල් නිවැරදි උනේ නැද්ද? යාලුවනේ එක් අවස්ථාවක යම් තරමකට හෝ නැකැත් තරු ගැන ඉගෙන ගන්න කියල බුදු හාමුදුරුවො භික්ෂූන් වහන්සේලාට කීවලු. මොකද පොහොය දින ගණනය කරගන්න අවශ්‍ය නිසා. මේබව සදහන්වෙනව පොහොය වර්ණනාව කියන පොතේ. මිරිස්සේ සෝමිස්සර වාමුදුරුවො ලියපු පොතේ මඩිහේ පඤ්ඤාසීහ හාමුදුරුවො පෙරවදනක් ලියල තියෙනව. ඔයාලත් කියවල බලන්න. එහෙනම් ජෝතිෂ්‍යය බොරු කියල බුදුහාමුදුරුවො කියයිද? නෑ යාලුවනේ. බොරුකීවෙ නෑ. ඒක ඇතුලෙ වැරදි දැකීම් තියෙනව.

උදාහරණයක් විදිහට රාහු කාලය කියල වැඩපල කල්දමන එක මොනතරම් මෝඩ කමක්ද? නැකැත් නෑ කියල වැඩ පසුකරල දාන එක මොනතරම් මෝඩ කමක්ද? යාලුවනේ සමකාලීන ඉන්දියාවෙදි මේවගේ ශාස්ත්‍ර බොහොමයක් තිබුන. මට හරියටම නම මතක නෑ. ඔය බන්ධුමතී කියල වගේ නමක් තියෙන ශාස්ත්‍රයක් මගින් මැරුණ කෙනාගෙ හිස් කබලට තට්ටු කරල එයා නැවත උපන් තැන කියන්න පුලුවන් කම තිබුන කියනව. ( ශාසන ඉතිහාසයේ සදහන් වෙනව එක් පිරිනිවන් පෑ රහතන් වහන්සේ නමකගෙ හිස්කබලක් දීල බුදුහාමුදුරුවො ඇහුවලු එයා උපන් තැන. නමුත් හිතින් ආයෙ ඉපදීමක් නැති නිසා හොයන්න බැරි වෙලා. )
තව විවිධ ඍද්ධි ප්‍රාතිහාර්යය කරන දේවල් තිබුන කියනව. ඉතින් ඒවයින් දෙලොවටම පලක් ප්‍රයෝජනයක් නැති නිසා ඒවත් බුදු දහම තුලින් ප්‍රතික්ෂේප උනා. අන්න ඒනිසය කියන්නෙ ඒව ප්‍රතික්ෂේප උනාට ඒව බොරු කියල කොතනකවත් කියල නෑ. ඒව සත්‍යයි. ඒවයින් වැඩ කල කට්ටිය ඉන්නව. ඒත් මිසදිටුයි. ඒවයින් ප්‍රයෝජනයක් නෑ. කියන දෙයයි සදහන් වෙන්නෙ. වරක් බුදු හාමුදුරුවො ගමනක් යන්න භික්ෂු සංඝයා එක්ක ගගකින් එතෙරවෙන්න බලන් හිටිය ඔරුව එනකල්. ගොඩක් වයස්ගත උන පුද්ගලයෙක් ගග ලගට ඇවිත් අත තිබුන රෙදිකඩ වතුරෙ එළල ඒමත වාඩිවෙලා ගගින් එතෙරට ගියා. ඍද්ධි බලයක් එයා පෙන්නුවෙ. ඔය අවස්ථාවෙ භික්ෂූන් වහන්සේල කියනව ස්වාමීනී අපිත් ඇයි මේ විදිහට නොයන්නෙ කියල. ඒවෙලාවෙ එතනට ආපු තොටියගෙන් බුදුහාමුදුරුවො ඇහුව ගගින් එතෙර වෙන්න ගාන කීයද කියල. ඔහු අඩු ගණනක් කීව. අපි කියමුගො අදකාලෙ හටියට රු. 10ක් කියල. මහණෙනි මේ මිනිසා මුලු ජීවිතයම කැප කලේ මේ සුලු මුදල වෙනුවෙන් කියල බුදුහිමියන් දේශනා කලා. මේවයින් පැහැදිලි වෙනව බුදු හාමුදුරුවො හැම විටම අදහස් කලේ දෙලොවටම වැඩදායී වැඩ කරන්න කියලයි‍.
යාලුවනේ මේ තරම් පැහැදිලි කලේ මේ ජෝතිෂ්‍යය සත්‍යයි කියන තර්කය ඉදිරිපත් කරන්න නෙවෙයි. අපි හිතමු ජෝතිෂ්‍යය නිෂ්ඵලප ශාස්ත්‍රයක් කියල. ඒත් ඒ දේවල් අපේ ජන ජීවිතයට සම්බන්ධ වෙලයි තියෙන්නෙ. අපිට ඒව එකවරම ප්‍රතික්ෂේප කරන්න අවශ්‍යතාවයක් නෑ. මොකද එහෙම කලා කියල අපිට ක්ෂණිකව ලබන නිවනක් නෑ. ඒව ඔලුවට නොගෙන තමන්ගෙ ගමන නිසි අයුරින් යන්න පුල්වන්නම් එච්චරයි.
අයි මම මෙහෙම කියන්නෙ? පිංවත් යාලුවනේ ලෝකෙ උත්තම ජාතිය උනේ සිංහල බොදුනුවායි. ලෝකෙ අනික් රටවල් වලටත් බුදු දහම රැගෙන ගියා කියල අපි දන්නව. කාශ්මීරයේ ගාන්ධාර රට, මහිස මණ්ඩලය, වනවාසී දේශ්‍ය, අපරන්ත දේශය, යෝණකය ... ... ... ආදී ‍බොහෝරටවල්වලට බුදු දහම රැගෙන ගියා නේද? ඒත් ඒ කිසිම රටක මේතරම් උත්තම ජාතියක් ජනිත උනාද ? නෑ නේද? එහෙනම් බුදු දහම විතරක් නෙවෙයි සිංහල කමත් අපිට මේ ශ්‍රේෂ්ඨත්වයට පත් වෙන්න හේතු උනා. බුදු දහම එන්නත් ඉස්සර කලගුණ සලකපු ජාතියක් අපි. කුවේනි ඒ නිසයි විජය කුමාරයට සලකන්න ඉදිරිපත් උනේ.( අන්තිමට අමාරුවෙ වැටුන එක වෙනම කථාවක්. නමුත් ආගන්තුක සත්කාරය තිබුන. ) ඒ උත්තම සංස්කෘතිය බුදු දහමත් එක්ක එකතුවෙලා රත්තරන් වලට බෙහෙත් කලවම් කරල දඹ රත්තරන් වෙනව වගේ මහා පූජනීය ජාතියක් බවට පත් උනා. අපි අපේ සංස්කෘතික අංගත් එක්ක බුදු දහම ඒකාබද්ධ කරගත්ත. ඔය අලුත් සහල් මංගල්‍යය, දියවර මංගල්‍යය, ඇසළ මංගල්‍යය ආදී මේ සියලු දේවල් අපේ සංසකෘතියත් එක්ක බද්ධ වෙච්ච දේවල්. නමුත් ඒකෙන් කිසිම විටක බුදු දහමට බාධාවක් උනේ නෑ. නිවන් අවබෝධයට බාධාවක් උනේ නෑ. ඔයාල අහල ඇති ගොයම් කවි කියනව අහල රහත් උන හාමුදුරුවරු ගැන. එහෙනම් ඔය අපේ එදිනෙදා සංස්කථිතික අංග අපිට නිවනට බාධාවක් නෙවෙයි නේද?

යාලුවනේ මම මේ ගැන ලිපියක් ලියන්න ගත්තෙ සමහර භික්ෂු වේෂධාරියො අපේ සංස්කෘතික අංග විනාශ කරන්න උත්සාහ දරණ නිසයි. බලන්න මේ අය සිංහල අලුත් අවුරුද්ද බැහැර කරනව, අනිකුත් සංස්කෘතිකාංග ප්‍රතික්ෂේප කරනව.
පාංශුකූලය පවා ප්‍රතික්ෂේප කරනව. පාංශූකූලය වැඩක් නැතිලු. නමුත් අවුරුදු දහස් ගණනක් තිස්සේ අපේ රටේ කෙරීගෙන ආපු චාරිත්‍රනෙ මේව. අපිට ඒව ප්‍රතික්ෂේප කලා කියල එක් වරම නිවන හම්බ වෙනවද? සමාජයේ කැපීමෙනෙන්න හදන මානසික අසනීපකාරයො මොඩිෆයි කල බුදුදහම ගමට ගෙනැල්ල අර මෝඩ මිනිස්සුත් රවට්ටගෙන මේ සංස්කෘතික විනාශය ආරම්භ කරල තියෙන්නෙ. දැන් බලන්න බුදුහාමුදුරුවො මළ මිනිය ගැන කියල තියෙන දේ.

අචිරං වතයං කායො
පඨවිං අධිසෙස්සති
ඡුද්ධො අපෙත විඤ්ඤාණො
නිරත්ථංව කලිංගරං

මේ සිරුර නොබෝ කලෙකින් ඒකාන්තයෙන් පහ වූ සිතැතිව ඉවතලන ලදුව, දිරා ගිය දඬු කඩක් මෙන් පොළොව මත හෝනේය

දැන් මේ ගාථාව අපිට විද්‍යාත්මක යුගයෙ ලැබුන එකක්ද? මේක බුදු දහමත් එක්ක ලංකාවට ආපු දෙයක්. මේක අපිට ලැබුන කියල අපි ඒ අනුව අපි මිනිහෙක් මැරුණ ගමන් ගිහින් විසිකරනවද? නෑ. අපි දවස් දෙක තුනක් ගෙදර තියන් අවසන් ගෞරව දක්වනව. වැඩක් නෑ තමයි. ඒත් මේක අපේ සංස්කෘතික අංගයක්. ගෙදරට හැමෝම ඥාතියො එකතුවෙලා හඩල වැලපිල, මතක වස්ත්‍ර පූජා කරල, පැන් වඩල අවසන් කරනව. පැරණි ඥාති මිතුරුකම් අලුත් කරගෙන ඒ අයට කන්න බොන්න දීල ආගන්තුක සත්කාර කරල තමයි එයාල යන්නෙ. බලන්න ඒතුල මොනතරම් වටිනා සංස්කෘතික අංග ඇතුලත් වෙලාද කියල. පින්වත් යාලුවනේ මේව ‍සිදුකලේ අදඊයෙ ඉදල විතරද? රහත්න් වැඩසිටි කාලෙ ඉදල එන දේවල්. කාටද රහත් වෙන්න, නිවන් දකින්න බාධා උනේ.
ඊලගට හත් දවසෙ බණ කියල, හැමොම එකතුවෙලා දානෙ බෙදල එයාලත් බත්කාල සමු අරගෙන යනව කියන්නෙ මොනතරම් නම් වටින දේවල්ද මේව. ඊලගට මේ තැන් වලදි භාවිත කරන සංස්කෘතික අංග බලන්න. මළබත උයන එක, දෙහි කපල වතුර භාජනවල දාන එක, මිනියට ඉහලින් පහණක් පත්තු කරන එක වගේ දේවල් මොනතරම් නම් අපිට වැදගත්ද? පිරිත් ගෙවල්වල ගොප්කොළ වලින් වෙනම කළාවක් කියෙනව, ඒවයින් අපිට මොන තරම් වටිනාකමක් ඇතිවෙලා කියෙනවද? ඇයි මේ සංස්කෘතිය විනාශ කරන්න හදන්නෙ. ඒවයින් ලැබෙන නිවන මොකක්ද?

පිංවත් යාලුවනේ ඔයාල දන්නවද බුදුහාමුදුරුවො ශික්ෂාපද වැඩි ප්‍රමාණයක් පැනෙව්වෙ සමාජයේ සම්මතයන් දිහා බලල. ඔය වස්සාන කාලය පැනෙව්වෙ වැසි කාලෙ ඇවිදිනකොට පැලෑටි, පුංචි සත්තු පෑගිල විනාශ වෙනව කියල. ඇත්තමට මේකෙන් පවක් සිදුවෙන්නෙ නෑ. ඒත් සමාජ සම්මතයට ගරු කලා. වතුර පෙරන්නෙ නැතිව බොනකොට සත්තු බඩට ගිහින් මැරෙනව කියල කරන චෝදනාවෙන් බේරෙන්න පෙරහන අනුමත කලා නේද? එකෙන් පවක් වෙනවද? ඒක වැරදි දැකීමක් නැතිනම් මිත්‍යා දෘෂ්ඨියක් නෙවෙයිද? ඒත් ඒක විනය නීතියක් විදිහය අනුමත කලේ නැද්ද? ගහක අත්තක් කපන එකෙන් පවක් වෙන්නෙ නෑ. ඒත් විනය නීතියක් දැම්මෙ නැද්ද උපසම්පදා භික්ෂූන්ට ගස්වලට හානිකිරීම වලක්වමින්. ගස් කැපීමෙන් පව් සිද්ධවෙනව කියන එක මිත්‍යා දෘෂ්ඨියක් නෙවෙයිද? ඒත් විනය නීතියක් දැම්මෙ ඇයි? සමාජ සම්මතයන් නිසා නෙවෙයිද? නමුත් සමාජ සම්මතයන්ට ගරුකිරීමක් නේද මේ. මිහිදු හාමුදුරුවො ලංකාවෙ සංස්කෘතිය පෝෂණය කලා මිස විනාශ කලේ නැත්තෙ මේ නිසා නේද? සමාජයට ඍජුව හානි කරන බිලිපූජා වගේ දේවල් කෙලින්ම ප්‍රතික්ෂේප කලේ ඒව නිවනට, සීලයට ඍජුවම බාධා කරන නිසයි. පිංවත් යාලුවනේ පාංශුකූලයක් තිබ්බ කියල නිවනට වෙන බාධාව කියන්න මට, කැඩෙන සිල්පදේ කියන්න මට. මේ ලගදි මට ඇමරිකාවෙ ඉන්න අක්ක කෙනෙක් කථා කලා. ( අක්ක ඔයා මේ ලිපිය බලල කොමෙන්ට් එකක් දාන්න. ) එයා කියනව එහෙ ඉන්න අපේ ලාංකිකයෙක් මැරිනලු. වැඩ ඉවර කරල පාංශුකූලය දෙන්න හදකොට ඔය අසපුවකට යන ගෑණු මනුස්සයෙක් ඔරෝල ගස්සගෙන ගියාලු. ඔවයින් වැඩක් නෑ කිය. පේනව නේද විහාශයෙ බරපතලකම. ඔය අසපුවල කිසිකෙනෙක් එන්නෙ නෑ පාංශුකූලය දෙන්න. දැන් ඔයාලට පේනව නේද අපේ සංස්කෘතිය විනාශකරල දාන්න දගලන කදපණුවො නේද මේ විනාශය ගේන්නෙ.

යහලුවනේ කිරි කියන්නෙ අපිට සිතේ සතුට වඩවන දෙයක් නේද? කිරි උතුරවනව කියන්නෙත් හිතේ ඒ ඒ අවස්ථාවලදි සුභදායි හැගීම් ඇති කරවන දෙයක්නෙ. ඉතින් නිවසකට යනකොට කිරි උතුරුවන එකත් මිත්‍යාදෘෂිඨිකයිද?. එහෙමනම් ඒමගින් නවනට ඇතිවන බාධාව මොකක්ද? මේව බමුණු මත වෙන්න පුලුවන්. නමුත් දැන් මේ දේවල් සංසකෘතික අංග විදිහට අපේ ජීවිතයට සම්බන්ධ වෙලයි තියෙන්නෙ.
බලන්න අපි අගහරුවාද, සිකුරාද දිනවලට මිනී උස්සන්නෙ නෑ. පැහැදිලිවම මිත්‍යාදෘෂ්ඨිකයි. බමුණු මතයක්. ඒත් දැන් ඒක සමාජ සම්මතයක්. අපි ඒකට විරුද්ධ වෙන්න ගියොත් එතන ගැටුමක් ඇතිවෙනව. බුදු දහම කියනවිදිහට ගැටුම ඇතිකරගන්න එකද, හොද සහජීවනයද හොද? මේ දේවල් වෙනස් කරන්න යන එක අපේ සංස්කෘතියට ඍජුව බලපෑම් කරනව. හොදයි, ඒක කලා කියල නිර්වාණයට ඇතිවන බාධාව කුමක්ද? චිත්ත පාරිශුදධියට ඇතිවන බාධාව කුමක්ද? ඒ ඔක්කොම පැත්තකින් තියමු. ඔබට පිනක් හෝ පවක් දිදුවෙනවද? නෑ නේද? එහෙනම් මේ සංස්කෘතික අංග විනාශ කරන්න එපා එක එක ශාසන විලෝපිකයො කියන විදිහට.

පිංවත් යාලුවනේ බුදු හාමුදුරුවො පැහැදිලිවම කියනව තමයි මිත්‍යාදෘෂ්ඨිය දස අකුසලයක් කියල. ඒත් ඒ කියන්නෙ සංසාර ගමන විනාශවන දේවල්. ඔය බිලිපූජා පැහැදිලිවම මිත්‍යාවක්. ඒකෙන් දෙලොවටම සිදුවෙන්නනෙ අයහපතක්. තමන්ගෙ හෝ අනුන්ගෙ මෙලොව හෝ පරලොව ජීවිතයට අයහපතක් වෙන දෙයක් නම් ඒවයින් වලකින්න ඕනි. ඒත් අගහරුවාද. සිකුරාද ඇරල මිනියක් ඉස්සුව කියල ඔයාගෙ ‍මෙලොව හෝ පරලොව කියන කොයි ජීවිතයටද අයහපතක් වෙන්නෙ කියන්න බලන්න. එහෙනම් ගහක අත්තක් කඩන එකත් මේකට අයිතියි නේද? වතුර බෙනකොට සත්තු මැරෙනව කියන එකත් මෙතෙන්ට අයිතියි නේද? ඒවට එහෙමනම් ශික්ෂා පද පනවන්න ඕනි නෑනෙ. මේව සමාජ සම්මත නිසයි එහෙම වෙනස් කරන්න එපා කීවෙ.

ඊලගට සිංහල අලුත් අවුරුද්ද. පැහැදිලිවම බුදුදහමට අනුව ප්‍රතික්ෂේප වෙන ජෝතිෂ්‍ය අංගයක්. ඒත් අපිට මොනතරම් වටිනා සංස්කෘතික අංගයන් රාශියක් මේතුල අන්තර්ගත වෙනවද බලන්න. අන්න ඒනිසයි බිලිපූජා ආදිය මිහිදු හිමියන් බැහැරකලත් මේවගේ දේවල් බැහැර නොකලෙ. මොකද බුදු දහම එන්නත් ඉස්සර නැකැත් සැනකෙලිය තිබුන ලංකාවෙ. සිංහල අලුත් අවුරුද්ද සමාජ සහජීවනයට මොනතරම් අපිට උදව්වක්ද බලන්න යාලුවනේ.

අපි අවුරුද්දට සූදානම් වෙන්නෙ කොයිතරම් කාලයක ඉදලද? අම්මල ගේ ගොම පිරියම් කරල ලක ලැහැත්ති වෙනව. කැවුම් කොකිස් ගෙවල්වල ඉදෙනව. බලන්න කැවුම් ගෙඩියක මොනතරම් පොෂණයක් අන්තර්ගත වෙනවද තියල. මුන්කැවුම් ගෙඩියක තියෙන දේවල් බලන්න. මුං, සහල්, සීනි, කහ, වගේ දේවල් වලින් සිරුරට ලැබෙන පොෂණය බලන්න. සිංහල අවුරුද්දක් නැතිනම් අපිට මේ දේවල් ලැබෙයිද? ඊලගට අපි ගෙදර අලුත්වැඩියා කරනව, වත්ත ශුද්ධ පවිත්‍ර කරනව. ගෙදර අස්පස් කරනව. නැවත ජීවිතය අලුත් වීමක් නේද මේ වෙන්නෙ. මේව මොන තරම වටිනා දේවල්ද. අවුරුද්දකට සැරයක් වත් ජීවිතය අලුතින් පටන් ගැනීම, නැත්නම් අඩුපාඩු හදාගන්න එක මොනතරම් උතුම් දෙයක්ද බලන්න. ඒ විතරක්ද දරුවන්ගෙ පාසුල් නිවාඩුවත් එක්ක අම්මල තාත්තල එක්ක අම්ම ආච්චිල බලන්න,සීය තාත්තල බලල ආශිර්වාද ගන්න එන්නෙ මේ අවුරුද්දෙ. හැමදාම පත්තු වුන ලිපට පැය ගාණක හරි නිදහසක් දෙන්නෙ මේ දවසෙ. හැමදාම අපට වතුරටික දීපු ලිදට වැදල කළගුණ සලකන්නෙ මේ දවසෙ. අපිට කන්න බොන්න දුන්න කැත්ත උදැල්ලට, හරකබානට වැදුම් පිදුම් කරන්නෙ මේ දවසෙ. ඔය මේව වැඩක් නෑ කියන උදවිය හරකබානට වැදුම් පිදුම් කරනකොට හිනාවෙනව ගොන්නුන්ට වදින්නෙ ගොන්නු කියල. හැබැයි බුදුහාමාදුරුවො ජීවිතයක් නැති හිතක් පපුවක් නැති ජයසිරිමහ බෝධින්වහන්සේ දිහා සතියක් තිස්සෙ බලා ඉදල කලගුණ සැලකුව කියන ඒක මේ කදපණුවො මහා ඉහලින් වර්ණනා කරනව. ඒක වර්ණනා කරන්න ඕනි කාරණයක් තමයි. ඒතරම් කළගුණයක් සැලකුවෙ බුදුවෙන්න හෙවන සදපු හින්දයි. එහෙමනම් අපිට කන්න බොන්න දෙන හරක බානට වැදුම්පිදුම් කලා කියල පවක් වෙන්නෙ නෑ. අරදේ වර්ණනා කරල මේවට අගරු කරනව. මේවට තමයි මේ අය මිත්‍යාදෘෂ්ඨික දේවල් කියනව. ඒකෙන්ම පේනව දෙබිඩි හැසිරීම. බලන්න අලුත් අවුරැද්දෙ දරුමුණුපුරෝ එකතුවෙලා, වැඩිහිටියන්ට වැදුම් පිදුම් කරල, තෑගිබෝග හුවමාරුකරල, කිරිබත් ටිකක් කාල, තමන්ගෙ හිත්වල තිබුන පරණ තරහ මහ අමතක කරල දානව කියන්නෙ මොනතරම් උතුම් දෙයක්ද? මේව බුදු දහමට අනුකූල නැද්ද? ඊලගට නොනගතය වෙලාව. නැකැත් නැති කථාව පැත්තකින් තියමුකො. ගමේ හැමෝම පන්සලට එකතුවෙලා බුදුන් පුදල හාමුදුරුවන්ටත් අවුල්පත් අරන් ඇවිත්, බුලත් දුන්කල දීල කථාකරනව කියන්නෙ මොනතරම් දෙයක්ද? සමහර වෙලාවට බරපතල විදිහට සහෝදර පවුල් දෙකක් තරහ වෙලා ඉන්න වෙලාවට හාමුදුරුවො ඒ දෙගොල්ල සමගි කරල ගෙදර යවනව. මොනතරරම් නම් වටිනවද? ඊලගට නැකතට වැඩ අල්ලන එක, රැකී රක්ෂා සදහා පිටත්ව යනව කියන්නෙ වෙලාවට වැඩකරන හැටි අපට උගන්වන දේ නෙවෙයිද?
යාලුවනේ අපට අලුත් අවුරුද්ද නිසා මෙන්න මේ දේවල් ලැබෙනවද නැත්ද කියල ඔයාලම හිතන්න.


1.
අනවශ්‍ය දේවල් ඉවතට ගෙන පරිසරයට හානියක් නොවෙන පරිදි විසි කර දැමීම
2.
අවශ්‍ය දේවල් නිසි පිළිවෙලට තැබීම. එවිට ඒවා පාවිච්චිය සඳහා පහසුවෙන් ගත හැක
3.
කුණු රොඩ්ඩක්වත් නො තිබෙන ලෙස ඔ‍බේ වැඩපොල හා නිවස සම්පූර්ණයෙන්ම පිරිසිදු කරගැනීම
4.
සෑම විටම මනා ගෘහ පාලනයක් සහ වැඩපොළෙහි මනා පිළිවෙලක් තබා ගැනීම
5.
මනා ගෘහ පාලනය පිළිබඳව විනය රීති නිදහසේ අනුලමනය කිරිමට පුහුණු කිරිම.

මේව ලැබෙනව කියල ඔයාල දන්නව. එහෙනම් මේ කාරණා පහට නමක් තියෙනව. මොකක්ද? S5 සංගල්පය කියන්නෙ මේකටම නේද? මේ බලන්න.

1)
සෙයිරි
2)
සෙයිටෝන්
3)
සෙයිමෙසෝ
4)
සෙයිකෙත්සු
5)
ෂිත්සුකේ
කියන කාරණා පහේ සිංහල තේරුම් තමයි උඩින් දක්වල තියෙන්නෙ
මේ බලන්න අපිට මේ නිසා ලැබෙන වාසි.
එස් 5 කෙනෙකුගේ කාර්යස්ථානය වඩාත් ප්‍රියජනක කරයි.
එස් 5 වැෙඩහි කාර්යක්ෂමතාව ලබා ගැනීමට උපකාරි ෙව්
එස් 5 සහ අාරක්ෂාව ඒකිෙනකට බැදි පවති.
එස් 5 උසස් තත්ත්වයෙ නිෂ්පාදනවලට සහ ඉහළ මට්ටමෙ ඵලදායිතාවයකට හේතු වෙනව.

.
එතකොට නැකැත් සැනකෙලියක් උනත් එකෙන් අපට යහපතක් වෙනවනම් බුදුහාමුදුරුවොවත් මිහිදු මහ රහතන් වහන්සේවත් මේ දේවල් බැහැර කරයිද? පිලිවෙල කියන දේ නිවන් මගෙහි යන්න වැදගත් දේවල් නේද? අපිට දැන් පැහැදිලි නේද මේ අපේ සංස්කෘතිය විනාශ කරන්නයි මේව බැහැර කරන්නෙ කියල. සමහර අසපු වල අලුත් අවුරුදු දාට නොයෙක් ආගමික වැඩ සටහන් දාල ආගමික වැඩ. මෙතන ගැටලුව තියෙන්නෙ ආගමික වැඩ කරන එක නෙවෙයි. මේ දිනයම තෝරා ගානීම. මොකක්ද මේකෙ යටි අරමුණ සංස්කෘතිය විනාශ කරල දැමීම. සුද්දට මහරුජින කීවෙ ලංකාවෙ මිනිස්සු ක්‍රිස්තියාණි ආගමට හරවන්න කියල. සුද්ද ආපහු කියල ඇරියෙ ක්‍රිස්තියාණි කරන්නනම් බෑ. නරක බොදුනුවො කරන්නම් කියල. ඒකට පළවෙනියෙන්ම කල දේ තමයි පන්සල මිනිසුන්ගෙන් ඈත් කිරීම. අදත් වෙන්නෙ මේ දේ නෙවෙයිද? ගමේ පන්සලට දානෙ ටිකක් දෙන්න කවුරුත් නෑ. සමහරු පන්සලේ දානෙ වේල අමතක කරල අසපු බුදුන් වදින්න ගිහින්. වැඩියෙන් පින් කරන්න ගිහින් ගමේ පන්සලේ හාමුදුරුවො බඩගින්නෙ තියල ගෙවා ගන්න බැරි පවක් කරගන්නව. එක අතකට ඒකෙ වැරැද්දකුත් නෑ. ගමේ පන්සල්වල ඉන්නෙ බාල උපසම්පදාවක් තියෙන අයියල‍නෙ එංගලන්තෙ විතරයි නියම උපසම්පදාව තියෙන්නෙ. රටම විනාශ කරපු, රටට කසිප්පු බොන්න පුරුදු කරපු, හාමුදුරුවරු කඩුවලින් පෙති ගහපු, පුන්චි ළදරුවො උඩදාල කඩුව අල්ලපු සුද්ද ගාවයි නියම උපසම්පදාව තියෙන්නෙ. මේ තරම් ‍සංස්කෘතියට විනාශයන් කරද්දි ඇයි මේ අපේ බත්කන වෘෂභයන්ට මේක තේරෙන්නෙ නැත්තෙ කියන එකයි ගැටලුව.
බලන්න පින්වත් යාලුවනේ, අපේම මිනිස්සු අපේම සංස්කෘතිය බාල්දු කරන හැටි. අපි නොයෙක් ලෙඩරෝග හැදුනම ශාන්ති කරර්ම කරගත්ත නේද? යකෙක් වැහුනම, හොල්මනක් දැක්ම, වසංගත රෝගයක් ගමට ආවම අපි හැමෝම එකතුවෙලා තොයිලයක් නටල බලියක් ඇරල ඒ දෙවල් ගමෙන් අතුගාල දැම්ම. තොලොන්චි තරල ඇරිය. එහෙම නේද? සමහර විට මේවගෙ ඇත්තක් තියෙන්නත් පුලුවන්. සමහර විට සම්පූර්ණම විද්‍යාත්මක දේවල් වෙන්නත් පුලුවන්. ඔය අතර වැඩක් නැති දෙයක් වෙන්නත් ඉඩ තියෙනව. ඒත් යාලුවනේ ඒ ඕස්සේ මොනතරමි විශිෂ්ඨ සංස්කෘතික අංග අපිට එකතු උනාද? බලන්න අපිට තියෙ ශාන්තිකර්ම කන්දරාව.
දෙවොල් මඩු, හැල්ලුම් මඩු, කිරි මඩු, පූජා මඩු, පහන් මඩු, දේවාල මඩු, තුන් දා ගී මඩු, හත් දා ගම් මඩු, ගරා මඩු, දනු මඩු ආදී වශයෙන් බොහෝ මඩු ශාන්තිකර්ම පවතින අතර පත්තිනි දෙවියන් මුල්කරගෙන මේ සියළු යාගයන් සිදු වෙනව. මේවට ගන්න බෙර වර්ගත් මොනතරම් තියෙනවද? යත්බෙර, දෙවොල් බෙර, තම්මැට්ටම්, දවුල්, ආදිය අපිට තියෙන මෙනාතරම් වස්තුන්ද? උඩරට, පහතරට, සබරගමු ආදී විදිහට මොනතරම් කලා සම්ප්‍රදායන් අපිට තියෙනවද? ලෝකයේ ඉහලම නර්තන කලාව අපිට ති‍යෙන්නෙ. මේව විනාශ කරන්න නේද මේ හදන්නෙ. මේව තිබ්බ කියල, මෙව ඉගෙන ගත්ත කියල නිවන මග ඇරුන එක්කෙනෙක් කියන්න බලන්න. එහෙමනම් බුදු හාමුදුරුවන්ට මාලිගා හදන්න ඕනිත් නෑ. ඊලගට දෙවියන් කෙරේ කරන යම් යම් ශාන්ති කර්ම මොනතරම් ඉහල සංස්කෘතික වටිනා කමක් ගන්නවද? යාලුවනේ බුද්ධිමත්ව කල්පනා කරන්න. මේ මම කියන්නෙ බොරුද කියල. මේව ඔයාල වෛරයෙන් බැහැර කරන්න එපා. හදවතින් අහන්න මේ කියන්නෙ මොනවද කියල.
මේ ශාන්තිකරම හැම දේකටම පන්සලෙන් සහයෝගය ලැබුන. ඒ කියන්නෙ හාමුදුරුවො ඔතන නටන්න ආවෙ නෑ. ඒත් මේව මිත්‍යා මත කියල හාමුදුරුවො සමහර වෙලාවට දැන දැනත් ඒවට කිසිම බාධාවක් කලේ නෑ. උන්වහන්සේල තමන්ගෙන් කෙරෙන්න ඕනි යුතුකම් ඒ විදිහටම කලා.මේවටත් හැකි පමණින් උදව් කලා. ඒ මොකද? මේව අපේ උත්තරීතර කලා ශ්ලිප නිසා. මේව නොතිබුනානම් අද දළදා පෙරහැරක් තියෙයිද?
ඔය සංස්කෘතිය විනාශ කරන ඇත්තො ක්‍රිස්තියාණි ආක්‍රමණයන්ට විරුද්ධව වචනයක්වත් කියන්නෙ නෑ. මුස්ලිම් ආක්‍රමණයන්ට විරුද්ධව වචනයක් වත් කියන්නෙ නෑ. දැන් අපිට පැහැදිලි නේද මේ අපිට අටවපු උගුලක්.
බුදුහාමුදුරුවො ශාසනේ ඇතුලට මේ සංස්කෘතික අංග ගන්න දුන්නෙ නෑ. නමුත් බාහිර සමාජයෙ තියෙන දේවල් වලක්වන් උත්සාහ කලෙත් නෑ. අපිට ශාසන ඉතිහාසයෙ පැහැදිලිවම ඉගෙන ගන්න තියෙනව ඒකාලෙ තිබුන නොයෙක් නැකැත් සැනකෙලි ගැන. ඒත් බුදු හිමියන් ඒවට විරුද්ධව වචනයක් වත් කනීවෙ නෑ. සසරේ භයානක කම පමණක් වටහල දීල ඒ ඒ අයට ඒවගෙ නිස්සාරකම අවබෝධ වෙන්න ඇරිය.
අද අපේ රට තුල ක්‍රියාත්මකවන මේ සංස්කෘතික සොදාපාලුවට වඩා ඉස්සර තිබුන සංස්කෘතිය මොනතරම් වැදගත්ද? අද තරම් ස්ත්‍රී දූෂණ, මංකොල්කෑම්, සොරකම් ඉස්සර තිබුනද? නෑ නේද? ඒ ඔය කියන මිත්‍යාදෘෂ්ඨින් තිබුන කාලෙ. මිනිස්සු ඒවත් කරගෙන ආගම දහමත් අදහගෙන නිවන් දැකපු කාලයක් ඒක. අද ‍බුදු දහම මොඩිෆයි කරල සංස්කෘතික විනාශය කරනවට වඩා එදා සමාජය මොනතරම් උසස්ද කියල ඔයාලම හිතාගන්න. මිහිදු හාමුදුරුවො පවා නොකරපු පිරිත් සිංහල කිරීම්, දෙපිටකයක් ගැන කියල ඒකත් සරළ කරල කරන මේ විනාශයට වඩා ඔය කියන නැකැත් සැනකෙලි හොදයි. අලුත් අවුරුද්ද හොදයි. මොකද ඒකෙන් බුදු දහමටවත් සංස්කෘතියටවත් කිසිම හානියක් සිදු නොවුන නිමා.
මේ ඔබ වෙනුවෙන් අපමණ මෙත් සිතින් මේ ඉල්ලීම කරන්නෙ. කරුණාකරල අපේ සංස්කෘතිය විනාශ වෙන්න දෙන්න එපා. මේ තිබුන විදිය හොදයි. මොඩිෆයි බුදු දහම තව කල් යනකොට දළදා පෙරහැරත් මිත්‍යාදෘෂ්ඨිකයි කියයි. එදාටත් ඉතින් වෙනද වගේම සාධු සාධු සාධු කියමු.
උපුටා ගැනීම සමිඳු වරුණ බ්ලොග් අඩවියේ එරන්ද ලක්මාල් සොහොයුරගෙනි