Showing posts with label කුමන්ත්‍රණ. Show all posts
Showing posts with label කුමන්ත්‍රණ. Show all posts

Dec 11, 2012

සෝම හිමියන් අපවත් කළේ පොටෑසියම් ලවණ ශරීරගත කිරීමෙන්.


මෑත කාලයේ දැයට පහළ වූ මහා යතිවරයාණෝ අති පූජනීය ගංගොඩවිල සෝම හිමිපාණන් වහන්සේ මූලධර්මවාදී මිසදුටුවන් විසින් අභිරහස් ලෙස අපවත් කර නව වසක් ගෙවුණද මේ වන තාක් එම ඝාතනය පිළිබද පිළිගත හැකි කිසිදු සාධාරණ පරීක්ෂණයක් සිදු වී නැත. තවමත් ඝාතකයන් නිදැල්ලේය. ඝාතනයේ සියලු සාක්ශීන් මේ වන විටත් මකා දමා ඇතුවාට සැකයක් නැත. නිර්මල බුදු දහම මේ බිමෙන් තුරන් කරවීම සඳහා ක්‍රියාත්මක කුරිරු අදිසි බලවේගය එදාටත් වඩා සක්‍රීයව අද අප අතරම සැරිසරයි. අදටත් නිශ්චිතවම නොවිසදුනු සෝම හිමි අභිරහස් අපවත් කිරවීම ගැන වෛද්‍ය බන්දුල සිරිවර්ධන මහතාගේ හෙළිදරව්වයි මේ...

සෝම හිමියන්ගේ අපවත්වීම කුමන්ත්‍රණයක්.

ගංගොඩවිල සෝම හිමියන්ගේ අපවත්වීම පිළිබඳව තවමත් අපගේ මතය වන්නේ එය ස්වාභාවික මරණයක් නොවේය යන්නයි. එය මගේ පමණක් නොව ලංකාවාසී අති බහුතරයකගේත් අදහසයි. මෙම ඛේදනීය සිදුවීමෙහි කොතනක හෝ වරදක් සිදුවී ඇති බව අදටත් ජනතාව සිතති. නිසැකවම සෝම හිමියන් අභාවප්‍රාප්ත වූයේ හෘදයාබාධයකින් විය හැකිය. (කෘතිමව ඇති කරන ලද)

එහෙත් කතාන්දරය එතෙකින් නිමාවට පත් නොවේ. බුද්ධිමත් පාඨකයාට මෙම ලිපිය පදනම් වන තර්ක පැහැදිලි කරදෙනුයේ මම මෙහිදී සරල උදාහරණයක් ගනිමි. ඒ මෙසේය. සුනිල් සහ නිමල් මිතුරු වෙසින් සිටින සතුරන් දෙදෙනෙකි. ඔවුහු දෙදෙනාම එක්ව නාන්නට ගියෝය. නිමල්ගේ ප්‍රමාදයක් බලා සුනිල් නිමල්ව නාන ළිඳට තල්ලු කළේය. අනතුරුව නිමල් මියයන තෙක් බලා සිට කෑ ගසා මිනිසුන් කැඳවා සිරුර ගොඩගෙන හඬා වැලපෙමින් තමාට නිමල් බේරා ගැනීමට බැරි වීම ගැන දුක් වූයේය. අධිකරණ වෛද්‍ය නිලධාරී මහතා ඉතා උනන්දුවෙන් පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකර පෙණහළු සියුම් ලෙස විච්ජේදනය කරමින් නිමල්ගේ මරණය දියේ ගිලී මියයාම බව තීරණය කළේය. නිමල්ගේ ප්‍රකාශය වූයේ මුත්‍රා කිරීම සඳහා තමා ළිඳ ළඟින් මඳකට ඉවත් වූ අවස්ථාවේදී මෙය සිදුවී ඇති බවය. වෙනත් සාක්ෂි තිබුණේ නැත.
මෙහිදී සිදු වූයේ කුමක්ද? මිනී මැරුමකි. මිනී මැරුමක් බව ඔප්පු කිරීම ඉතා අසීරු මිනීමැරුමකි. නමුත් මරණ පරීක්ෂණය සිදු කළ දොස්තර මහතාද කියන්නේ බොරු නොවේ. නිමල් මියගියේ දියේ ගිලීමෙනි. එය මරණයට හේතුවයි. හුස්ම ගැනීම නතර වී මොළය මියයාම සඳහා සිරුර අභ්‍යන්තරයේ ඇතිවන හේතුවයි. එහෙත් මරණ පත්කරු මරණයට පත්වීමේ සැබෑ හේතුව ඔහුව ජලයට තල්ලු කිරීමයි.
මේ අයුරින් මරණයට පත්වීමේ හේතුව සොයා ගැනීම සඳහා ‍පොලිසි සහ බුද්ධි අංශ අවශ්‍ය වේ. තර්කනය සහ සාක්ෂි අවශ්‍ය වේ.

මෙවැනි තන්හිදී අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාට කරුණු ඉදිරිපත් කළ හැක්කේ එක්තරා සීමාවක් දක්වා පමණි. ඉදිරිපත් කෙරුණු සාක්ෂිවලින් පෙනී යන්නේ සුව වෙමින් පැවැතැණු හෘදයාබාධයක් හදිසියේ උත්සන්න වීමෙන් සෝම හාමුදුරුවන් අපවත් වූ බවය. හෘදයාබාධයකින් මියයාමත් සුව වෙමින් පවතින හෘදයාබාධයක් හදිසියේ උත්සන්න වීමත් අතර බරපතළ වෙනසක් ඇත. මක්නිසාද යත් දෙවැන්නේ රෝග ප්‍රතිකාර මාලාවෙහි අසාර්ථකභාවයක්ද ගැබ්විය හැකි බැවිනි. අද වන තෙක් කිසිවෙකු අධිකරණ වෛද්‍ය-වාර්තාවට අභියෝග කර නැති බව විශේෂඥ වෛද්‍යවරයා ප්‍රකාශ කරයි. එය සත්‍යයකි. මෙම වෛද්‍ය වාර්තාව සම්බන්ධව අපට ගැටලුවක් නැත. කලින් කී උදාහරණයේ නිමල් දියේ ගිලී මියයෑම පිළිබඳව වෛද්‍ය වාර්තාව පිළිබඳව ගැටලුවක් නැති සේමය.

මෙම වෛද්‍ය වාර්තාවට අභියෝගයක් නැතැයි කීවද හිටපු ජනපතිනිය මේ ගැන සෙවීමට කොමිසමක් පත් කිරීමද ඊට එක්තරා ආකාරයකින් එල්ල වූ අභියෝගයකි. ඇය පත් කළ ත්‍රිපුද්ගල කමිටුවට ප්‍රධාන සාධක පහක් ඔස්සේ කරුණු එක් කිරීමට සිදුවිය. සෝම හාමුදුරුවන්ගේ පෙර අසනීප වල සිට ගමනේදී අසනීප වීමත් අවසානයේ අපවත්වීම දක්වාම සියලුම කරුණුද මෙම වාර්තාවේ උන්වහන්සේට විරුද්ධවාදීන් සිටියේද, එසේ නම් කුමන්ත්‍රණයක් සිදු වූයේද යන්නද මෙහිදී ගැඹුරින් සලකා බැලුණි. කරුණු යෙදුණු ආකාරය පිළිබඳව යම් ආලෝකයක් ලබා ගැනීමට රුසියානු ගමන ආසන්නයේ ලංකාවේදී උන්වහන්සේගේ තිබුණු අරමුණු ගැන මඳක් විමසා බැලීම වටී. උන්වහන්සේගේ අදහස වූයේ බුදු සසුන බේරා ගැනීමට සහ සිංහලයාගේ අභිවෘද්ධිය සඳහා මහා සංඝයාවහන්සේලාට දේශපාලන බලය අවශ්‍ය බවය. මේ සඳහා ක්‍රියාකාරී සැලැස්මක් සෝම හාමුදුරුවෝ වෙත විණි. මේ සැලැස්ම ක්‍රියාත්මක කිරීමට උන්වහන්සේට මුදල්ද අවශ්‍ය විණි. එවකට උන්වහන්සේ ලබා තිබූ බොදු ජනතා ප්‍රසාදයේ කොතෙක්ද යත් ඕනෑම මැතිවරණයකදී උන්වහන්සේට බලය ලබා ගැනීමට හැකි බව මනාව පෙනෙන්නට තිබුණි. එසේම එසේ ලබාගන්නා බලය බෞද්ධයා උදෙසා මනා කැපවීමකින් යෙදවෙන බවද බෞද්ධ ජනතාව සුඛිත මුදිත කිරීමට ස්වාමීන් වහන්සේ එම බලය අනතුරුව යොදවන බවද පැහැදිලි විය. මෙම ලිපියට අදාළ නැති වුවත් මේ ලෙසටම දේශපාලන බලය ලබා ගැනීමට බලා‍පොරොත්තුව සිටි අවස්ථාවක උපාලි විජේවර්ධන මහතාද අබිරහස් ලෙස අතුරුදහන් විය.) උන්වහන්සේගේ මෙම අදහසම උන්වහන්සේට අභිරහස් සතුරන් නිර්මාණය කළ බව වටහාගත යුතුය.

උන්වහන්සේගේ මොස්කව් ගමන සංවිධානය කළේ සිසිර ජයසේකරය. ඔහු දේවගැතියෙකි. ඔහු හාමුදුරුවන්ගේ ජන විජයපුවත්පතට පැමිණියේ ලලිත් කොතලාවල ළඟ සිටියදීය. ඔහු මෙම රැකියාවට පැමිණියේ හාමුදුරුවන්ට තමා කවුදැයි සඟවා බවට සාක්ෂි දැකිය හැකිය. හාමුදුරුවන් දිගටම ඔහු ඇමතුවේ මිස්ට ජයසේකර යනුවෙනි. උන්වහන්සේ ආචාර්ය උපාධිය සමග කෝටි දහයක මුදලක් රුසියාවේදී ලබාදෙන බවට සපථ කළේ ක්‍රිස්තියානි මූලධර්ම කණ්ඩායමකි. උන්වහන්සේගේ ධර්ම දේශනා තුළින් දේව විශ්වාසවලට පහර පිට පහර වැදෙමින් තිබූ බව මෙහිදී අප අමතක නොකළ යුතුය. මේ පසුබිම යටතේ උන්වහන්සේ සිටියේත් මෙම රුසියානු ගමන සිදු වූයේ මිතුරන් අතරම නොවන බව පැහැදිලිය. සාමාන්‍ය තත්ත්වයකදී වුවද හෘදයාබාධයකින් සුවය ලැබිම අසීරු කටයුත්තක් වන අතර සතුරන් අතර දී සුවය ලැබිම ඉමහත් අසීරු කටයුත්තකි.

දැන් අපි මෙම සිදුවීමෙහි කාලාන්තරය නිරූපණය කළ යුතුය. උන්වහන්සේට පපුවේ අමාරුව වැලදුනේ මොස්කව් ගමනේ දවෛනි කොටසේදීය. පළමුවෙනි කොටසෙහි දී උන්වහන්සේ සමග මිතුරු මහේස්ත්‍රාත්වරයෙක් සිටියේය. ඔහු සමග සිටි කාලය තුළ උන්වහන්සේට අපහසුවක් නොවූ බව ඔහු පවසයි. 2003-10-11 දින මොස්කව් නගරයට සෙන්දුවනවාත් සමගම හෘදයාබාධය වැලදිනි. නමුත් ප්‍රතිකාර ගැනීමට නතර නොවී උන්වහන්සේ කි.මී. 700 දුරින් වූ පීටර්ස්බර්ග් නුවරට කැඳවාගෙනගොස් එහි රෝහලට ඇතුලත් කරන ලදී. දරුණු හෘදයාබාධයක් වැලඳී ඇති බව දැන ගත් එහි හෘද රෝග ඒකකය ඇන්ජියෝ ප්ලාස්ට් සැත්කම තුළින් Stem කපාටයක් සවි කරන ලදී. ඉන් අනතුරුව දින 3ක් දැඩිසත්කාර ඒකකයේදී අනතුරුව සති 2ක් හෘද රෝග ඒකකයේ උන්වහන්සේ ප්‍රතිකාර ලබා සුව විය. ඉන් අනතුරුව උන්වහන්සේ විවේක සුවයෙන් රැසිනානමැති හෘද රෝග පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිටියේය. 2003-11-30 වන විටත් උන්වහන්සේ සිටියේ රැසිනාහීය. මේ වන විට උන්වහන්සේ උපාධි සහතික පත්‍රයක් ලැබි තිබුණි.

2003/12/2
උන්වහන්සේ නැවතත් නාගරික රෝහලට වැඩම කරන්නේ තව දුරටත් හෘද සැත්කමක් අවශ්‍යදැයි දැන ගැනීමටය. 2003/12/8 උන්වහන්සේව පූර්ණ පරීක්ෂාවකට භාජනය කළ වෛද්‍යවරු උන්වහන්සේගේ තත්ත්වය සතුටුදායක බවත් හදිසි සැත්කමක් අනවශ්‍ය බවත් පැවැසුහ. මෙය ඉතා වැදගත් ප්‍රකාශයකි. මොස්කව් බෞද්ධ සමිතියේ රූපසිරි පෙරේරා මහතාගේත් තානාපතිතුමාගේත් එසේම ච්ප. කරුනාණන්දගේ ප්‍රකාශවලිනුත් උන්වහන්සේ මැනවින් සුවය ලබමින් සිටි බව පැහැදිලි වේ. උන්වහන්සේට ඉතිරිව තිබුණේ සියරටට පැමිණීම පමණි.

දැන් ඉතින් අපි මෙම ජාතික ව්‍යසනයේ අවසාන දින වෙත පමිණෙමින් සිටිමු. දෙසැ. 8,9,10 උන්වහන්සේ යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් සිටි බව පෙනේ. එහෙත් දෙසැ. 12 තත්ත්වය හදිසියේ වෙනස් විණි. ඒ සමගම උන්වහන්සේ දැඩිසත්කාර ඒකකයට ඇතුල් කරන ලදී. මම සිතන ආකාරයට කුමන්ත්‍රණයේ උග්‍රම අවස්ථාවට පැමිණියේ දෙසැ 11 වනදා බවය, උන්වහන්සේ ස්වාභාවික අපවත්වීමකට ගමන් කරන්නේ ද යන්න පිළිබඳව කුමන්ත්‍රණකරුවන් විමසිලිමත් වන්න ඇති. එසේ නොවන තැන යම්කිසි මැදිහත් වීමක් සිදු කළ බව පෙනේ. මෙවැනි ඉතා නවීන රෝහලකදී කෘතහස්ත වෛද්‍යවරුන් අතරේ ඉතා මැනවින් උන්වහන්සේ ප්‍රතිකාර ලද බව පැහැදිලිය. දියවැඩියාව, රුධිර පීඩනය පාලනය කර රුධිරය කැටි නොගැසෙන Clopidogrel වැනි බෙහෙත් උන්වහන්සේ ලබාගන්නට ඇත. මේ වෙන විට Stem එකක් දමා මාස දෙකක් ඉක්මගොස් ඇත. දෙසැ 8 වනදා උන්වහන්සේ පරීක්ෂා කළ වෛද්‍යවරු උන්වහන්සේගේ තත්ත්වය සතුටුදායක බව පැවැසූහ. සියල්ල උඩු යටිකුරු වුයේ 11 වනදා රාත්‍රියෙහිය. සිදු වුයේ කුමක්ද යන්න නිශචිතවම කිව නොහැකි නමුත් මගේ පෞද්ගලික මතය එය ‍පොටෑසියම් ලවණය ශරීර ගත කිරීමක් විය හැකි බවයි.

- වෛද්‍ය බන්දුල සිරිවර්ධන

Dec 10, 2012

අපේ ඉතිහාසය බුල්ඩෝසර් කරන්න කිසිවකුට ඉඩ දෙන්නේ නැහැ


බොදු බල සේනා ජාලයේ මහ‍ලේකම්ගලගොඩඅත්තේ ඤාණසාර හිමි

අතීතයේ පටන් අද මේ දක්වාත් විවිධ කණ්ඩායම් වලින් නොයෙකුත් අවස්ථාවලදී සම්බුදු සසුනටත් , සිංහල ජාතියටත්, අප මාතෘභූමියටත් විවිධ තර්ජන අභියෝග එල්ලවූ බව අපි දන්නවා.
වසර දහස් ගණනක අප පේ‍රෟඪ ඉතිහාසය ලොවට කියාපාන අපේ පුරාවිද්‍යාත්මක වටිනා කමින් යුත් ඓතිහාසික ස්ථාන විනාශ කිරීම අද විශාල ව්‍යසනයක් වී තිබෙනවා හාමුදුරුවනේඅතීතයේ සිටම අප රටට, ජාතියට, සම්බුද්ධ ශාසනයට විවිධ අවස්ථාවන්හිදී එල්ල වුණ තර්ජන, ගර්ජන, බලපෑම් ඔබ සිහිපත් කළා. ඉතිහාසය අධ්‍යනය කිරීමේදී ඒ පිළිබඳව අපට මැනවින් පැහැදිලි වනවා. ඒ ඒ වකවානු වලදී අප පුජනීය මහා සංඝරත්නය, හෙළ රජ දරුවන් තම දිවි හිමියෙන් කටයුතු කොට එම අභියෝගයන්ට මුහුණ දුන්නා සේම ජයග්‍රහණයද කලා. ඔබ සඳහන් කළ පරිදිම පසුගිය මාස කිහිපයක සිට සිංහල බෞද්ධයාගේ ඉතිහාසය ලියැවී තිබෙන පුරාවස්තු ඩෝසර් කෙරෙනවා. අදීන වූ ද, අභීත වූද සිංහල ආදි  මුතුන් මිත්තන්ගේ ලෙයින් කඳුලින් ජීවිත පරිත්‍යාගයෙන් ගොඩනැගුණ උතුරු හා නැගෙනහිර දෙපළාත ඇතුළු රටේම පුරාවස්තු දැඩි තර්ජනයකට ලක් වී ඇති කාල පරාසයක් මේ. නිදන් සොරුන් මෙන්ම විවිධ කල්ලි කණ්ඩායම් වල මෙහෙයවීම මත මේ වැනසෙන්නේ හෙළ බොදු උරුමය බව අමතක නොකළ යුතුයි. වරක් දෙවතාවක් නොව ගිනිය නොහැකි තරම් වූ විශාල ප්‍රමාණයක් අපේ පුරාවස්තු සංහාරය වෙමින් පවතින යුගයක් මේ. මාතෘභූමියේ සිවුදෙස මේ සංහාරයට පත්වන්නේ අපේ ඓතිහාසික උරුමයන්. මේ බිමේ උපන් හැම සත්වයකුගේම උරුමය හා අදීනත්වයයි මේ ඩෝසර් වන්නේ.

ඔබ වහන්සේලාගේ නායකත්වයෙන් යුත් බොදු බල සේනා ජාලය පසුගිය දිනවල මීට එරෙහිව හඬක් නැගුවා.

ඔව් දෙමසක් තුළ දාගැබ් කිහිපයක් බුල්ඩෝසර් වුණා. පුරාවිද්‍යා නිලදරුවන් කියන්නේ මේවා ආරක්ෂා කිරීමට විධිමත් භෞතික සම්පත් නොමැති බවයි. වගකිවයුත්තන්ගේ යුතුකම විය යුත්තේ මීට අදාළව පහසුකම් සලසා මේ පුරාවස්තු ආරක්ෂා කිරීමයි. ඒ වැඩපිළිවෙල මගින් අපේ ආනගතය සුරක්ෂිත වනවා. එක නිලධාරියෙක් හෝ ජනතාවගේ ඡන්දයෙන් පාර්ලිමේන්තුවට ගිය ජනතා නියෝජිතයින් ජාතියේ පේ‍රෟඪත්වය හා ඓතිහාසික උරුමය විනාශ වෙන කොට ඒ ගැන කථා කරලා නැහැ. මොට්ටයාගල සෑය විනාශ කළා. සාගම සෑය විනාශ වුණා. අපි බොදු බල සේනා විදියට මේ විපත්තිය මාධ්‍යයෙන් දැනගත් මොහොතේම නැගෙනහිර පළාතට ගියා. අපි දුටුවේ සිත් කම්පා කරවන සුළු සිදුවීම්. අවම තරමින් යුද බිය තුරන් වී අපට සාමය උදාවී ඇති මොහොතේවත් මේ පුරාවස්තු සංරක්ෂණයට පියවර නොගැනීම බලවත් අත්වැරැද්දක් වහාම පුරාවිද්‍යාව සම්බන්ධයෙන් ඇති අණපනත්් සැකසිය යුතුයි. අදටත් සුද්දො හදපු කළු සුද්දො වඩපු අණපනත් කරපින්නාගෙන මේවාට විසඳුම් සෙවිය නොහැකියි. මාධ්‍ය හරහා හෝ ඒ ඒ භාෂා වලින් විශේෂයෙන් මුසල්මානුවන්වත්, දමිළ සහෝදරයන්වත් වහාම දනුවත් කළ යුතුයි. අද වන තුරුත් එවැනි වැඩපිළිවෙළක් නම් අපි දකින්නේ නැහැ. මේ සංහාරය වන්නේ හැම එකකුගේම උරුමය බව කියා දිය යුතුයි.
හාමුදුරුවනේ අවාසනාවකට මෙන් කොයි කාට නොපෙනුනත් දින දින වැනසෙන්නේ අපගේ උරුමයයි
ඔව් මේ රටේ එක වැවක්වත්, එක දාගැබක්වත් සිංහලයන් විසින් හැර අන් කිසිවෙක් හෝ විසින් ගොඩනංවා නැති බව සිහිපත් කළ යුතුයි. පුරාවිද්‍යාත්මකව පිළිගත හැකි ලෝකයේ පළමු බෞද්ධ ස්ථූපය ගොඩනැංවෙන්නෙත් ලංකාවේ. ඒ ලංකාවේ නැගෙනහිර වෙරළේ තිරියාය ප්‍රදේශයේ ගිරිඛණ්ඩණ සෑය හෙවත් ගිරිහඬු සෑයයි. බුදුරජාණන් වහන්සේගේ කේශ ධාතු නිධන් කොටයි එම සෑය තැනවූයේ. ඒ බුදුරදුන් ධරමාන සමයේ දීමයි. කාවන්තිස්ස රජු ලලාට ධාතු නිදන් කොට සේරුවාවිල ෙචෙත්‍යය තනා සේරුවාවිල විහාරය ඉදි කළා. සද්ධාතිස්ස රජු. දීඝවාපී ෙචෙත්‍ය සහ විහාරය කරවූවා. අපේ සිංහල රජවරු අන්න ඒ විදියටයි අපේ උරුමය ආරක්ෂා කර ගත්තේ.
උතුරු පළාතේ බෞද්ධ සිද්ධස්ථාන 130
නෂ්ටාවශේෂද, ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ 81, මඩකලපුව දිස්ත්‍රික්කයේ 22, අම්පාර දිස්ත්‍රික්කයේ 43 ක්ද වශයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් හඳුනා ගෙන තිබෙනවා. දෙවැනි අග්බෝ රජු ගංතලාව හෙවත් කන්ත‍ලේ වැව ඉදි කොට ඒ යටතේ ජනපද පිහිටෙව්වා, සිංහල රජවරු මොරවැව, මහදිවුල් වැව, අල්ලායි, වාකරෙයි, උන්නච්චි, ආදී වැව් තනා ඒ අවට සිංහල ජනපද පිහිටෙව්වා. උතුරු නැගෙනහිර දෙපළාතේ පුරාවිද්‍යා ස්ථාන දෙසීය හැත්තෑ හයකට වැඩි බව අපි දන්නවා. නිලධාරීන් මෙන්ම දේශපාලකයන්ද ඒ බව තිර ලෙස රටවැසියාට අවධාරණය කළ යුතුයි. අතන මෙතන අර කතා මේ කතා විහිළු කතා නොකියා
පළමුවෙන්ම ජාතික උරුමය ආරක්ෂාකර ගැනීමට පෙළගැසී සීරුවෙන් සිට ගත යුතුයි. ‍පොලීසිය, පුරා විද්‍යා නිලදරුවන් මෙය ඉටු නොකරන්නේ නම් අප විසින් එය නිසි ලෙස ඉටු කරන්නම්. මේවා සංරක්ෂණය කොට ආරක්ෂා කිරීමට ඇති අපහසුතාව කුමක්ද? ජාතික උරුමයන් පිළිබඳ ඇමැතිවරයා මේ සම්බන්ධයෙන් විධිමත් ලෙස කටයුතු කළ යුතුයි. අද ඇතැමුන්  ජාතියේ අළුගෝසුවන් බවට පත් වී ඇති බව පෙනෙනවා. නැගෙනහිර පළාතේ විශාල ලෙස  බෞද්ධ පුරාවස්තු සංහාරය වෙනවා.

හාමුදුරුවනේ පෘතුගීසි ඉංග්‍රීසි හා අනෙකුත් පාලන සමයන්හි පැවැති වාතාවරණය සිහිපත් කිරීමද වැදගත් වේවි.

ශ්‍රී ලංකාව 1815 ඉංග්‍රීසි පාලනයට යටත් වන විට වර්තමාන නැගෙනහිර පළාතට අයත් ප්‍රදේශය සපුරාම මහනුවර රාජධානියට අයත්ව පැවතුණා. ඒ බව නැගෙනහිර පළාතේ මහමුදලිව සිටි එස්.ඕ.කනගරත්නම් මහතාද ප්‍රකාශ කොට තිබෙනවා. සිංහල රජ දරුවන්ගේ ආධිපත්‍ය පැවති යුගයේදී මුළු මඩකලපු දිස්ත්‍රික්කයම කන්ද උඩරට පළාතේ කොටසක් වූවා. පෘතුගීසින් විසින් 1626 දී බේරුවල  ආදී බටහිර මුහුදුබඩ පළාත් වලින් මුස්ලිම්වරුන් පන්නා දැමු අවස්ථාවේදී මහනුවර රජු වූ සෙනරත් රජු හාරදහසකට අධික සංක්‍රමණික මුස්ලිම් ජනයා දිගාමඩුල්‍ලේ මුහුදුබඩ ප්‍රදේශයේ පදිංචි කරනු ලැබුවා. දැනට කල්මුණේ ‍පොතුවිල්වල මුස්ලිම් ජනතාව අතරින් වැඩි දෙනා ඔවුන්ගෙන් පැවත එන්නන් - සිංහලයන්ගේ පිළිසරණ ලබා උරුමකරගත් ඒ ඓතිහාසික ඥාතීත්වය හා සබැඳියාවන් මුසල්මා නුවන් බිඳ ගත යුතු නැහැ. ඇතැම් අන්තවාදීන් මේ ඉතිහාසය අමතක කොට අපිව අනවශ්‍ය කලබගෑනියකට පත්කරන්නේ කිනම් අරමුණකින් දැයි විමසා බැලිය යුතුයි.
අතීත හා වර්තමාන සිදුවීම් ද සැලකිල්ලට ගනිමින් අප අනාගතයට මුහුණ දීම සඳහා සවිබල විය යුත්තේ කෙසේ දැයි පහදා දෙන්නේ නම් එය සමස්ත බොදුනුවන්ටම අතිශය වැදගත් වේවි අපේ හාමුදුරුවනේ,
අද වන විට භික්ෂුව හා දේශපාලනය පිළිබඳව බොහෝ ව්‍යාකූල වූ අදහස් රාශියක් සමාජගත වී තිබෙනවා. අතීතය දෙස බලා අතීත පාඩම් මතින් අපි නැගිටිය යුතුයි. මෙරට බුදු දහම හා සසුන සමාජගත වී ඇත්තේ ව්‍යවස්ථාවේ සඳහන් පරිදිම පූර්ණ රාජානුග්‍රහය සහිතවයි. එය මිහිඳු මහ රහතන් වහන්සේ සහ තිස්ස රජතුමා අතර ඇති වූ සියලු ආකාරයේ එකඟතා අනුවම සිදු වූවක්. එය කිසිසේත්ම බලපෑමක් හෝ ආක්‍රමණික ච්ෙතනාවක් අනුව සිදු වූවක් නොවෙයි. අද වන විට අපට ඇති තර්ජන සුළු පටු නොවෙයි. අපමත බලහත්කාරය යොදවා මිත්‍යාව රජ කරවන්නට උත්සාහ දරන මෙවන් යුගයක අප ඉතා අවදියෙන් සිටිය යුතුයි. භික්ෂූන් වහන්සේ එදා සිටම චක්කවත්තී සීහනාද, අග්ගඤ්ඤ, කූඨදත්ත ආදී සුත්‍ර වලින් හෙළි කරන බෞද්ධ දේශපාලිනික ධර්මයෙහි සාරය මත පිහිටා රට - දැය - සමය රැකුමට දිරි දුන්නා. එය මේ දක්වාම මේ රට දේශපාඥන නායකත්වය හා ජනතාව අතර අර්බුදකාරී අවස්ථාවකට යොමු වන හැම විටකම විසඳුම් සඳහා ගෙනහැර දැක්වූ රාජ්‍ය උපදේශක ධර්මයයි. භික්ෂූන් වහන්සේලා එදා සිට අද දක්වාම මේ මෙහෙවර ප්‍රකාශය මත පිහිටා රජයට අනුශාසනා කලා මිස රාජ්‍යභාරයේ කොටස්කරුවන් වී නැති බව අප දැනගත යුතුයි. එය දඹදිව දී බ්‍රාහ්මණ පූජක පංතිය ඉටුකල කාර්යය හෝ යුරෝපයේදී පල්ලි මණ්ඩලාධිකාරීන් විසින් ඉටුකළ කාර්යය හෝ ස්වකීය චර්යාධර්ම නීතිය කර ගත් මුස්ලිම් රටවල ක්‍රියාකාරීත්වයට සමාන වන්නේ නැහැ. අතීතයේදී රජ කළ වළගම්බා රජු ෙජෙනාරාමය බිඳ හෙලා මහා සෑයක් බැඳ එහි බෞද්ධ සිද්ධස්ථානයක් බවට හැඟවුයේ විදෙස් ඔත්තුසේවා මධ්‍යස්ථානයක් වනසා දමා දේශයේ ආරක්ෂාව තහවුරු කර ගැනීමට මිස මූලධර්මවාදී ආගමික හැඟීමකින් නොවෙයි. අද විය යුත්තේද එයම නොවේද? සමස්ත ඉතිහාස ගමන් මග තුළ තවත් නිදර්ශන බොහෝ තිබෙනවා. අද බොදු බල සේනා විදියට අපි කරන්නේද එයයි. රජයටත්, ජනතාවටත් දැහැමිව මග පෙන්වා දීම මහසඟරුවනේ ජාතික මෙහෙවර බැවින් අපි එය ඉටු කල යුතුව තිබෙනවා. වර්තමාන භික්ෂූන් වහන්සේ බලවේගයක් වීමෙන් වියෝ වී තිබෙන බවත් පෙනේ. බලය ඇති තැන වේගයක් නැහැ වේගය ඇති තැන් වල බලය හා සම්පත් නැහැ. දෙපැත්ත එක පිලක් වීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙලක්ද නැති බව පෙනෙන්නට ඇති බැවින් එය එසේ කර ගැනීමට මගක් සාදා ගමු යන්න අපි ඉදිරියේ ඇති ප්‍රධාන කාර්යභාරයක් බව සිහිපත් කල යුතුය.
සාකච්ඡා කළේ - ජනක හෙට්ටිආරච්චි

http://www.lakbima.lk/index.php?option=com_content&view=article&id=5023:2012-12-11-04-51-32&catid=61:2012-08-07-09-39-46&Itemid=77

Nov 27, 2012

ශ්‍රී පාදස්ථානය වැනසීමේ කුමන්ත්‍රණයක්...!!!




ශ්‍රී පාදස්ථානය වැනසීමේ කුමන්ත්‍රණයක්...!!!

සියවස් ගණනාවක් තිස්සේ අප බොදුනු ජනතාවගේ අප්‍රමාණ වූ ගෞරවාදාරයට පාත්‍ර වූ අප තිලෝගුරු බුදු පියාණන් වහන්සේගේ වම් සිරිපා ඇතැයි යන පරම විශ්වාසයෙන් සියවස් ගණනක් පුරා අතිමහත් වූ ශ්‍රද්ධාවෙන් නෙක දුෂ්කරතා ඉවසමින් වන්දනා කරනු ලැබූ ශ්‍රී පාද පියුම වෙක විදෙස් සංචාරකයන්ගේ ආකර්ශණය ලබා ගැනීම පිණිස යැයි පවසමින් කුරුවිට එරත්න මාර්ගයේ (අතිශය ප්‍රියංකර වූ පාරිසරික විවිධත්වයකින් අනූන වූ මාර්ගයයි) කේබල් රථ සේවාවක් ආරම්භ කිරීමට අදහස් කර ඇතැයි (නේපාල තානාපතිවරයාගේ ඉල්ලීම පරිදි) දිවයින පුවත්පක 20 - 11 - 2012 දරන දින පළවූ කලාපයේ ජෝන් සෙනෙවිරත්න අමාත්‍යවරයා සඳහන් කර තිබුණි. පඔහු වැඩිදුරටත් පවසා තිබුණේ ලබන 2013 දී ඇරැඹෙන සිරිපාවාරයේදී මේ සේවාව ඇරැඹීමට අපේක්ෂා කරන බවයි. ශ්‍රීපාදය සංචාරකයන්ගේ තිප්පොලක් කරනු පිණිස මොවුන් මෙවැනි අදූරදර්ශී පියවරකට එලැඹ ඇත. මේ උවමනාව කලක පටන් මතුවී යටපත් වූ කරුණක් වන අතර මේ වතාවේදී ද එම යටපත් වූ අවශ්‍යතාව ඉටුකොට ගැනීමට ශක්තිය යොදවනු ඇත. එය නොඅනුමානය. ශ්‍රී පාදය රක්ෂිතයක් පවට පත්වූයේ 1940දී බ්‍රිතාන
්‍යය පාලකයන් අතිනි. ශ්‍රී පාද අඩවියේ (රක්ෂිතයේ) ඇති ඉඩම් යම් යම් දේශපාලකයින්ගේ පෞද්ගලික අයිතියට නතුවී ඇ.ි බව ගම්වාසීන් පවසති. වසර දහසකට වඩා පැරණි උරුමයක් සහිත ශ්‍රී පාද අඩවිය මේවනවිට විනාශ මුඛයට පත්වෙමින් ඇත. පුද්ගලික විදුලිබලාගාරය උදෙසා පරිසරය විනාශකොට දමා ඇති අතර රක්ෂිතය තුළ මාර්ග ඉදිකරමින් පර්වත පද්ධතියට දැඩි හානි පමුණුවමින් වාහන ගමනාගමනයට පවා අවස්ථාව සලසා ඇත. ඉදිරියේදී තවත් විදුලිබලාගාරයක් ඉදිකර මේ මාර්ගය රක්ෂිතය තුළ තවත් විශාල විනාශයක් ඇතිකරමින් දීර්ඝ කිරීමට අදහස්කර ඇති බව ගම්වාසීන් පවසයි. ධම්මික පෙරේරා නම් ප්‍රසිද්ධ කැසිනෝ ව්‍යාපාරිකයා (කැසිනෝ මණ්ඩල සභාපති) මුල් වී ඇති බව සුප්‍රසිද්ධ කරුණකි. මොවුන් මේ උත්සාහ කරන්නේ සිංගප්පූරුවේ ඇති සැන්තුසා දූපත (Santhusa Island) වැනි සංචාරක පාරාදීසයත් සිරිපා අඩවිය මූලික කොට ඇරැඹීමට අදහස් කරන බවයි. ගණිකාවන් හා මත්ද්‍රව්‍යය ජාවාරම් කරුවන්ගේ දඩයම්බිමක් බවට මේ සුන්දර පූජනීය ප්‍රදේශය පත්වනු නිසැකය. මේ සම්බන්ධයෙන් බොදු බල සේනා ජාලය අවදියෙන්!!!
(දිලාන් පන්චන ජයසිංහ )