Feb 2, 2013

මුවන්පැලැස්සයි හඳමාමයි


පුරා වසර පනහක් අඛණ්ඩව ප්‍රචාරය කරන ලද 'හඳ මාමා වැඩ සටහන ලොව මතෛක් ප්‍රචාරය වී ඇති ළමා වැඩසටහන් අතර දෙවැනි වනුයේ පිලිපීනයට පමණි. පිලිපීනය හැරුණු විට ලෝක මට්ටමේ අඛණ්ඩව වසර 50ක් ප්‍රචාර වූ එකම ළමා ගුවන්විදුලි වැඩසටහන වනුයේ 'හඳ මාමා' ය. වර්ෂ 1964 පටන් ගුවන්විදුලියට රචනා කරන ලද 'මුවන්පැලැස්ස' ගුවන්විදුලි නාටකය දීර්ඝ කාලයක් තුළ ප්‍රචාරය වූ එකම ගුවන්විදුලි නාටකය ලෙස ලෝක සන්නිවේදන ඉතිහාසයට දැනටමත් එක් වී ඇති බැවිනි. ගුවන් විදුලියේ දෙවන කඩඉම ලෙසින් මුදලිනායක සෝමරත්නයන්ගේ කලා දිවියට වසර පනහක් පිරීමද ඒ හා සමගාමීව සිදුවිය.
ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව එහි අසූහත් වසරක ඉතිහාසය තුළ ඉතා වටිනා කඩඉම් දෙකක් පසුගිය දෙසතියෙහි පසුකරන ලද්දේ ශ්‍රී ලාංකික ශ්‍රාවක පිරිස තුළ පමණක් නොව ලෝක සන්නිවේදන ඉතිහාසය තුළද නොමැකෙන වාර්තාවන් දෙකක් තබමිනි. එහි පළමු වැන්න පසුගිය දෙසැ. 21 දිනද එහි දෙවැන්න පසුගිය දෙසැ. 28 දිනද ගුවන් විදුලි සංස්ථා ආනන්ද සමරකෝන් මැදිරියෙහි කූඨප්‍රාප්තියට පත්වූයේ අතීත මතක සැමරුම් රාශියක්ද ශ්‍රාවක මනසෙහි නොමැකෙන ලෙස තැන්පත් කරවමිනි. ඉන් පළමුවැන්න නම් ශ්‍රී ලංකා ගුවන් විදුලි 26-3සංස්ථාව වර්ෂ 1963 දෙසැ. 12 දින සිට අද දක්වා අඛණ්ඩව නිෂ්පාදනය කරනු ලබන 'හඳමාමා' වැඩසටහන සිය පනස් විය සපිරීමයි. 'හඳමාමා' යනු කුඩා දරුවන්ගේ ලෝකය නිර්මාණාත්මක හැකියාවන්ගෙන් එළිය කරන ලද, ළමා ලෝකය වෙත හරවත් මංමාවතක් පාදා දුන්, එළිපෙහෙළි කරදුන් වැඩසටහනකි. 

     එහි ඉතිහාසය විසින් අප රටට දායාද කොට ඇති බොහෝ පුද්ගලයෝ විවිධ ක්ෂේත්‍රයන්හි දස්කම් දක්වති. එකිනෙක ක්ෂේත්‍රයන්හි ප්‍රවීණයෝ වෙති. එහෙත් එහි විශේෂත්වය වනුයේ එයම පමණක් නොවේ. පුරා වසර පනහක් අඛණ්ඩව ප්‍රචාරය කරන ලද හඳ මාමා වැඩ සටහන ලොව මතෛක් ප්‍රචාරය වී ඇති ළමා වැඩසටහන් අතර දෙවැනි වනුයේ පිලිපීනයට පමණි. පිලිපීනය හැරුණු විට ලෝක මට්ටමේ අඛණ්ඩව වසර 50ක් ප්‍රචාර වූ එකම
ළමා ගුවන්විදුලි වැඩසටහන වනුයේ 'හඳ මාමා' ය. 

ගුවන් විදුලියේ දෙවන කඩඉම ලෙසින් මුදලිනායක සෝමරත්නයන්ගේ කලා දිවියට වසර පනහක් පිරීමද ඒ හා සමගාමීව සිදුවිය. මුදලිනායක සෝමරත්නගේ වසර පනහක සේවාව ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවට වැදගත් වනුයේ ඔහු වර්ෂ 1964 පටන් ගුවන්විදුලියට රචනා කරන ලද 'මුවන්පැලැස්ස' ගුවන්විදුලි නාටකය දීර්ඝ කාලයක් තුළ ප්‍රචාරය වූ එකම ගුවන්විදුලි නාටකය ලෙස ලෝක සන්නිවේදන ඉතිහාසයට දැනටමත් එක් වී ඇති බැවිනි. 'මුවන්පැලැස්ස' ගුවන්විදුලි නාටකය යනු ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව පමණක් නොව, අනිකුත් සියලුම එෆ්.එම්. නාලිකා නිෂ්පාදනය කරන ලද සෑම නාටකයකටම වඩා ‍පොදු ජනයා අතර ජනප්‍රිය වූ එකම ගුවන් විදුලි නාටකයයි. එහි ජනප්‍රියතාව අදද නොනැසී පවතී. සැබවින්ම 'මුවන්පැලැස්ස' ගුවන් විදුලි නාටකය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවට ලබාදුන් ආලෝකය ඉතා විශාලය. එහි ආරම්භක නිෂ්පාදිකාව වූයේ නන්දා ජයමාන්න ඒ සම්බන්ධව කරන ලද කැපවීමද ඉතා විශාලය.

'මුවන්පැලැස්ස' නාටකයෙහි ප්‍රධාන චරිතය වූ 'කෝර‍ලේ මහත්තයා'ගේ චරිතයට පන ‍පොවන විජේරත්න වරකාගොඩ අදද තවමත් එම චරිතය නිරූපණය කරමින් ලෝක ගුවන් විදුලි නාට්‍ය ඉතිහාසය තුළ එකම ගුවන්විදුලි නාට්‍යයක එකම චරිතය වැඩිම වාර ගණනක් රඟපෑ ගුවන්විදුලි ශිල්පියා වශයෙන්ද ලෝක වාර්තාවක් පිහිටුවා ඇත. එම චරිතය එම නාටකයෙහි කේන්ද්‍රීය චරිතය බවට පත්වෙමින් එදා සිට අද දක්වා ශ්‍රාවකයන්ගේ නොමඳ ජනප්‍රියතාවයට පත්වී ඇත්තේ බාල, වැඩිහිටි, මහලු යන සෑම වයස් ඛාණ්ඩයක් තුළම නොමැකෙන මතක සටහන් රාශියක්ද ශේෂ කරවමිනි. 'මුවන්පැලැස්ස' ‍පොදු ජනයාගේ ජනප්‍රියම ගුවන්විදුලි නාටකය වූවා සේම, එහි තේමා සංගීතයද සෑම ශ්‍රාවක මතකයෙන් ගිලිහී නොයන සංගීත ඛණ්ඩයක් වී තිබේ. එම නාටකය ග්‍රාමීය සමාජය පසුබිමෙහි බිහි වුවත් එහි තේමා සංගීතය උත්තර භාරතීය රාගධාරී සංගීතය ඇසුරෙහි බිහිවී ඇති නාද මාලාවකි
26-2න් පිරිපුන්ය. එහෙත් එය ශ්‍රාවකයන් ආදරයෙන් වැළඳගත් අතර එම තේමා සංගීතය ඇසුරෙහි ඔවුන් ලද වින්දනයද අපරිමිතය. අද පවා එම සංගීත ඛණ්ඩය ඇසෙන ඕනෑම මොහොතක අපගේ මතකය ඉතා ඈත අතීතයක් වෙත අපව රැගෙන යනුයේ 'මුවන්පැලැස්ස' නාටකයෙහි චරිත එකිනෙක අපගේ මතකයෙහි පෙළ ගස්වමිනි. 

'මුවන්පැලැස්ස' හා බැඳුණු ඉතා රසවත් අතීතයක්ද ඇත. එය මුල් යුගයෙහි කෙතරම් ජනප්‍රිය වූවාද කිවහොත් එකල ‍පොලිස් වාර්තාවන්ට අනුව වැඩිම සොරකම් ප්‍රමාණයක් සිදුවී ඇත්තේ එය ප්‍රචාරය වන කාල සීමාතුළදීය. එමෙන්ම මහා මාර්ගයන්හී අධික වාහන තදබදයක් පැවතී ඇත්තේද එදිනය. 

එමෙන්ම සර්. ජෝන් කෝතලාවල හිටපු අගමැතිවරයා නිවසෙහි රාත්‍රී කෑම නිසි වේලාවට නොලැබෙන්නේද ඔහුගේ අරක්කැමියන් අතින් බත් මුට්ටි කරවෙනුයේද 'මුවන්පැලැස්ස' නිසාය. එහෙයින් එය රාත්‍රී 12.00 ට පමණ විසුරුවා හරින ලෙස ඔහු ගුවන් විදුලියෙන් ඉල්ලීමක්ද කර ඇත. මෙවැනි යුගයක් එකල ගුවන්විදුලි නාට්‍ය කලාව සතුවිය. මුවන්පැලැස්ස එහි අග්‍ර ඵලයයි. එහෙයින් එහි සැබෑ ගෞරවය මුදලිනායක සෝමරත්නයන්ට හා එහි නිෂ්පාදිකා නන්දා ජයමාන්නහට හිමි විය යුතුය.

ඔවුනගේ මෙම සේවාව අගය කරමින් කැලණිය සරසවියෙහි විද්වත් සංසදය සංවිධානය කරන ලද මුදලිනායක සෝමරත්න ඇගයීමේ උළෙල සැබෑ වටිනාකමකින් යුක්තය. එම කර්තව්‍යය වෙනුවෙන් මහාචාර්ය සුසන්ත මහඋල්පත හා ‍‍‍ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ලීල් අධිකාරී විසින් සංස්කරණය කරන ලද 'මුදලිනායක සෝමරත්න රසාභිනන්දන' කෘතියද එවැනිම වටිනාකමකින් යුක්තය. අතීතය අමතක කරමින් සීග්‍රගාමී ගමනක අනාගතය වෙත එළඹීමට සූදානම් වන මොහොතක ගුවන්විදුලි ඉතිහාසයේ අමරණීය වැඩ සටහන් දෙකක් වූ 'හඳමාමා' ද 'මුවන්පැලැස්ස' ද මෙසේ ඇගයීමට පාත්‍ර වීම අප සතුව තිබූ ශක්තිමත් එමෙන්ම නිර්මාණාත්මක ගුවන්විදුලි කලාව නැවත ශක්තිමත් ලෙස ගොඩනැගිය යුතු බව අපට ඉඟි කරයි.
 සුලෝචන වික්‍රමසිංහ 

Jan 31, 2013

සැකකරුවන් පැය 48ක් රඳවා ගැනීමේ නීතිය ගැන විමසුමක්


මසකට දින අටක් රැස්වන පාර්ලිමේන්තුව විවිධ අණ පනත් සම්මත කර ගන්නේය. එසේ සම්මත කරගනු ලබන බොහෝ අණ පනත් ගැන රට්ටුන්ට උනන්දුවක් නැති බව කීම මුසාවක් නොවේ. ඒ තමාට බලපාන නීතිරීති පිළිබඳ ගැඹුරින් හැදෑරීමට වඩා ෙදෙනික දිවියේදී මුහුණදිය යුතු ප්‍රශ්න රැසකින් රට්ටුන් හෙම්බත් වී සිටින නිසාය.
කෙසේනමුදු මෑතක සිට සම්මත වූ අණ පනත් ගැන පෙර නොවූ විරූ ලෙස රට්ටුන් අතර දැඩි ආන්දෝලනයක් ඇති වී තිබේ. එක අතකින් එය හොඳ දෙයකි. මක්නිසාදයත් රටේ වෙන්නේ කුමක්දැයි රට්ටුන් දැනුවත්වන නිසාය. 

දිවි නැගුම පනත මෙන්ම  හිටපු අගවිනිසුරුවරියට එරෙහිව ඉදිරිපත් වූ දෝෂාභියෝගයේදී ද ඒ බව මොනවට පැහැදිලි වූවේය. මේ සිද්ධීන් දෙකින් ඉක්බිතිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූයේ අපරාධ නඩු විධාන සංග්‍රහය (විශේෂ විධිවිධාන) පනත සංශෝධනයට ඉදිරිපත් වූ පනත් කෙටුම්පතය. මේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළු වූ මොහොතේ සිටම දේශපාලන පක්ෂ, මානව හිමිකම් සංවිධාන ඇතුළු සිවිල් ක්‍රියාකාරීහු ඒ ගැන බොහෝ කතා කීවෝය.
අපරාධ නඩු විධාන සංග්‍රහය (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත යන බර වචනයකින් හැඳින්වුවද නව සංශෝධන රට්ටුන් අතර ජනප්‍රිය වූයේ ‍පොලිස් අත්අඩංගුවට පත්වන සැකකරුවෙකු පැය හතළිස්අටක් රඳවා ගැනීමේ නීතිය යනුවෙනි. ආණ්ඩුව මේ නීතිය ගෙනාවේ වසර කීපයකට පෙරදීය.

රටේ ශීඝ්‍රයෙන් වැඩි වූ අපරාධ රැල්ල මර්දනය කිරීමේ අරමුණින් එකල හුන් අධිකරණ ඇමැතිවරයා වූ ජෝන් සෙනවිරත්න කැබිනට් මණ්ඩලයට යෝජනා කළේ ‍පොලිස් අත්අඩංගුවට පත්වන සැකකරුවකු පැය හැත්තෑ දෙකක් රඳවා ගෙන ප්‍රශ්න කිරීමට ඉඩ දිය යුතු බවය. එනමුත් කැබිනට් මණ්ඩලයේ යෝජනාව වූයේ පැය හතළිස් අටක් ඊට හොඳටම සෑහෙන බවය.

මේ නීතිය පාර්ලිමේන්තුවේ සම්මත වූයේ එය දෙවසරකට වරක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර යළිදු වරක් ඊට අනුමැතිය ගත යුතුයැයි කොන්දේසියට යටත්වය. එනමුත් ඉකුත් කාලයේ වූ තාක්ෂණික දෝෂයන් හේතුවෙන් එම පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නොහැකි විය. එහි ප්‍රතිඵලය වූයේ පනත අහෝසි වීමය. මේ නිසා අපරාධ නඩු විධාන සංග්‍රහය (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත යළිදු වරක් ඉදිරිපත් කිරීමට සිද්ධ විය. 

මේ පනත් කෙටුම්පතේ අරමුණු සඳහන් වන්නේ මෙසේය.
විමර්ශන පැවැත්වීම පහසු කිරීම සඳහා වරෙන්තුවක් නොමැතිව සිරභාරයට ගනු ලැබූ තැනැත්තන් රඳවා තබා ගැනීමේ කාලසීමාව දීර්ඝ කිරීම සඳහා විධිවිධාන සැලැස්වීම සඳහා ද ඇතැම් නඩුවල දී ලඝු නොවුන පරීක්ෂණ පැවැත්වීම බැහැර කිරීම සඳහාද පැමිණිල්‍ලේ සාක්ෂිකරුවන්ගේ දිවුරුම් සාක්ෂි ලබාගැනීම සඳහා විධිවිධාන සැලැස්වීම සඳහා ද  ඊට සම්බන්ධ හෝ ආනුෂාංගික කරුණු සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස ද වූ පනත් කෙටුම්පතකි.

කෙසේ නමුදු එක්දහස් නවසිය හැත්තෑනවයේ අංක පහළොව දරන අපරාධ නඩු විධාන සංග්‍රහයේ තිස් හය වැනි  වගන්තියට අනුව ‍පොලිස් අත්අඩංගුවට පත්වන සැකකරුවෙකු පැය 24 ක් ඉක්මවීමට පෙර මහේස්ත්‍රාත්වරයකුට ඉදිරිපත් කළ යුතුය. එවැනි නීතියක් දමා ඇත්තේ මහේස්ත්‍රාත්වරයකු දැනුවත්ව සැකකරුවෙකු රඳවාගෙන සිටන විට ඔහුගේ ජීවිතාරක්ෂාවට ‍පොලිසිය වගකිව යුතු බැවිනි. ඊට පෙරද සැකකරුවෙකුගේ ජීවිතාරක්ෂාව සඳහා මහේස්ත්‍රාත්වරුන්ට මැදිහත්වීමේ අවස්ථාව තිබුණි. හැත්තෑ එකේ කැරැල්ලට සම්බන්ධව ආරක්ෂක අංශවලට ගත් තරුණ තරුණියන් සිය දහසක් මරා දැමුණද ජනතා විමුක්ති පෙරමුණේ මුල්පෙළේ නායකයකු වූ සුනන්ද දේශප්‍රියගේ ජීවිතය බේරුණි. ඊට හේතු වූයේ අම්බලන්ගොඩ ‍පොලිසියේ තමා අත්අඩංගුවේ සිටින බවට අම්බලන්ගොඩ මහේස්ත්‍රාත්වරයා ‍පොලිසියට පැමිණ සටහන් තබා ගිය නිසා බව සුනන්ද දේශප්‍රිය වෛද්‍ය රුවන් එම්. ජයතුංගගේ 71 කැරැල්ල ‍පොතට දුන් සාකච්ඡාවක සඳහන්ව තිබේ.

දැනට පවතින නීතියේ හැටියට පැය විසිහතරක් ඉක්මවීටම මත්තෙන් සැකකරුවෙකු මහේස්ත්‍රාත්වරයකු හමුවට ඉදිරිපත් කළ විට දින පහළොවකට නොවැඩි කාලයක් සඳහා සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කෙරේ. ඉක්බිතිව සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කළ යුතු නම් ඔහු නැවත  වරක් අධිකරණයට ඉදිරිපත් කළ යුතුය. පරීක්ෂණ පවත්වන ‍පොලිස් නිලධාරීන්ට බන්ධනාගාරයට ගොස් සැකකරුගෙන් ප්‍රශ්න කිරීමට හැකියාව තිබේ.04-2
නඩු විධාන සංග්‍රහයේ ප්‍රතිපාදන මගහැර ගොස් පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට මාර්ග දෙකක් ආරක්ෂක අංශවලට තිබුණේය. එකක් හදිසි නීතිය යටතේය. අනෙක ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේය. හදිසි නීතියක් රටේ දැන් නැති නිසා ඒ යටතේ අත්අඩංගුවට ගැනෙන්නේ නැත. එනමුත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශවලට ඉඩ  තවමත් තිබෙන මුත් යුද්ධය අවසන්වීමෙන් පසු එවැනි සිද්ධින් සුලබව වන්නේ නැත.
යුද්ධය අවසන්වීමෙන් සිවු වසක් කිට්ටුවන අවස්ථාවක මේ සා කාලයක්  (පැය 48ක්) සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමට ඇති අවශ්‍යතාව කුමක්දැයි උද්ගත වී තිබෙන ගැටලුවකි. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ කොමසාරිස්වරයකු වන ආචාර්ය ප්‍රතිභා මහානාම ද පවසන්නේ සැකකරුවෙකු පැය හතළිස් අටක් රඳවා ගැනීමේ නීතියට තමාද විරුද්ධ බවය.

නීති සම්මත කර ගැනීමට පාර්ලිමේන්තුවට බලය තිබෙනවා. එය ප්‍රශ්න කරන්න බෑ. නමුත් නව නීතිය ජාතික මානව හිමිකම්  ක්‍රියාකාරී සැලැස්මට පටහැනියි. මේ නිසා අනිසි ප්‍රතිවිපාකවලට මුහුණ දෙන්න සිද්ධ වේවි. මේ නීතිය නිසා ජාත්‍යන්තර මානව හිමිකම් සමුළුවේදී ප්‍රශ්නයක් ඇතිවේවි. මොකද උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන සංහිඳියා කොමිසමේ වාර්තාවේ නිර්දේශවල තිබෙන්නේ මීට වඩා පරස්පර යෝජනාවක්. එම යෝජනා හැදුවේ අපේ නිර්දේශය අනුවයි. අප කීවේ යම්කිසි සැකකරුවෙකු අත්අඩංගුවට පත් වූ වහාම හැකි ඉක්මනින් මහේස්ත්‍රාත්වරයකු හමුවට ඉදිරිපත් කළ යුතුයි කියලා. රජයත් එම නිර්දේශ පිළිගෙන තිබුණා. හැබැයි මේ නව නීතිය අවංකව ක්‍රියාත්මක වන්නේ නම් ප්‍රශ්නයක් වන්නේ නෑ. ආචාර්ය ප්‍රතිභා මහානාම පෙන්වා දෙන්නේය.

කෙසේනමුදු එජාපය, ජවිපෙ පෙරටුගාමී පක්ෂය ඇතුළු විරුද්ධ පක්ෂ නියෝජිතයන් කියන්නේ ආණ්ඩුව මේ නීතිය ගෙනාවේ සිය පාක්ෂිකයන් අත්අඩංගුවට ගෙන ඔවුන් හිංසාවට ලක්කර මහජන විරෝධය මැඩලීමේ අරමුණින් බවය. එනමුත් අපරාධ නඩු විධාන සංග්‍රහයට සංශෝධන ඉකුත් විසිහතරවැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් පරිසර ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා කීවේ නව පනත නිසා සංවිධානාත්මක අපරාධ මර්දනය කිරීමට හැකිවනු ඇති බවය.
කෙසේ නමුදු නව නීතිය යටතේ වරදවල් දහතුනක් හා වරදකට අනුබල දීම හා වරද කිරීමට කුමන්ත්‍රණය කිරීම යටතේ අත්අඩංගුවට ගන්නා සැකකරුවන් පැය හතළිස් අටක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට හැකියාව ලැබේ. මිනීමැරීම, මිනීමැරුමක් නොවන සාවද්‍ය මනුෂ්‍ය ඝාතනය, මිනීමැරීමට තැත්කිරීම, මිනීමැරීම සඳහා අපහරණය කිරීම හෝ පැහැරගෙන යාම, අයුතු ලෙස සිරකර තැබිමේ ච්ෙතනාවෙන් යම් තැනැත්තකු අපහරණය කිරීම හෝ පැහැරගෙන යාම, බරපතළ තුවාල කිරීම ආදිය සඳහා යම් තැනැත්තෙකු අපහරණය කිරීම හෝ පැහැරගෙන යාම, අපහරණය කරන ලද තැනැත්තන් සඟවා තැබිම හෝ හිරකර තැබිම, ස්ත්‍රී දූෂණය, සොරකම, මරණය කිරීමට සූදානම් වීම ආදිය, මරණය හෝ බරපතළ තුවාල කිරීමට තැත්කර කොල්ලකෑම, මාරක ආයුධවලින් සන්නද්ධව කොල්ලකෑමට තැත්කිරීම, ඉහත සඳහන් වැරැදිවලින් යම් වරදක් කිරීමට තැත් කිරීම,
 පුපුරණ ද්‍රව්‍ය භාවිතා කිරීමෙන් පීඩාකාරී ආයුධ භාවිතා කිරීමෙන් හෝ තුවක්කු භාවිතා කිරීමෙන් කරන ලද යම් වරදක් යන කාරණාය. මේ වරදක් සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වන සැකකරුවෙකු වැඩිදුර විමර්ශන සඳහා පැය හතළිස් අටක් රඳවාගැනීමට අවශ්‍ය නම් සහකාර ‍පොලිස් අධිකාරිවරයකුගේ සිට ඉහළ නිලධාරියකුගේ ඉල්ලීම මත  මහේස්ත්‍රාත්වරයෙකුට කාලසීමාව දීර්ඝ කිරීමට නව පනත යටතේ බලය ලැබි තිබේ. මේ වගන්තියට අනුව කාලය දීර්ඝ කිරීමේ  බලය ඇත්තේ මහේස්ත්‍රාත්වරයාටය. ‍පොලිසිය කරන ඉල්ලීමක් ප්‍රතික්‍ෂේප කිරීමට මහේස්ත්‍රාත්වරයකුට හැකිදැයි සඳහන්වන්නේ නැත. එමෙන්ම සැකකරුවෙකු තවදුරටත් රඳවා තබාගැනීමේදී ඔහු මහේස්ත්‍රාත්වරයාට ඉදිරිපත් කළ යුතු ද නැද්දැයි පැහැදිලි වගන්තියක් නැත. ‍පොලිසියේ කෙරුවාව දන්නා ඕනෑම අයෙකු මේ කාරණාව ගැන සැකසංකා ඇතිකර ගැනීම සාධාරණය. 

සැකකරු මහේස්ත්‍රාත්වරයාට ඉදිරිපත් කිරීම ගැන නිශ්චිත වගන්තියක් නොමැති වීම එහි දුර්වලතාවක්. එනමුත් යම් සැකකරුවෙකු ‍පොලිසියේ රඳවාගෙන ඔහුට වධහිංසා දෙන බවට අපට පැමිණිලි කළහොත් ඒ ගැන වහාම පරීක්ෂා කරන්න අපට පුළුවන්. මේ පනත ගෙනාවේ සැකකරුවෙකු වැඩි කාලයක් රඳවා ගැනීමටයි. ‍පොලිසියේ ඉල්ලීම ප්‍රතික්‍ෂේප කිරීමේ, එනම් සැකකරුවෙකු පැය හතළිස් අටක් රඳවා සිටීමට අනුමැතිය නොදීමට අභිමතානුසාරී බලයක් මහේස්ත්‍රාත්වරයාට දීලා නෑ. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ කොමසාරිස්වරයා කියන්නේය.

ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ පැය හතළිස් අටේ නීතිය වෙනුවට කළ යුතුව තිබුණේ මහජන සහය දිනාගෙන සාක්ෂි එකතුකිරීම මෙන්ම විද්‍යාත්මක සාක්ෂි මගින් අපරාධ ඔප්පු කිරීමේ දියුණු ක්‍රමවේද ගැන මීට වඩා අවධානය යොමුකිරීම බවය. එසේ නැතිව මානව හිමිකම් ගැටලු උද්ගතවී තිබෙන මෙවැනි මොහොතක පැය හතළිස් අටේ නීතිය අනවශ්‍ය ප්‍රශ්නයක් බවද ආචාර්ය ප්‍රතිභා මහානාම කීවේය.
කෙසේ නමුදු නව පනතේ ඇත්තේ පැය හතළිස්අටේ නීතිය පමණක් නොවේ. මතෛක් පැවැති නීතිය අනුව යම් වරදක් සම්බන්ධයෙන් මහාධිකරණයේ නඩු පවරන්නේ මහේස්ත්‍රාත් අධිකරණයේ පැවැති මූලික සාක්ෂි  විභාගයකින් ඉක්බිතිවය. එනමුත් නව නීතිය යටතේ මහජන නොසන්සුන්තාවක් පැන නගින අවස්ථා ඇතුළු වැරදි කීපයක් සම්බන්ධයෙන් මූලික සාක්ෂි විභාගයක් නොපවත්වා කෙලින්ම අධිචෝදනා පත්‍ර මහාධිකරණයට ඉදිරිපත් කිරීමට නීතිපතිවරයාට බලය ලැබේ. මේ ගැන අනුර ප්‍රියදර්ශන යාපා ඇමැතිවරයා කියන්නේ මූලික සාක්ෂි විභාග පැවැත්වීමට විශාල කාලයක් වැයවන බැවින් අනවශ්‍ය ලෙස නඩු ප්‍රමාද වන බවය. එනමුත් ජනතා විමුක්ති පෙරමුණේ මතය වන්නේ නීතිපති දෙපාර්තමේන්තුව දැන් ඇත්තේ ජනාධිපතිවරයා යටතේ බැවින් ප්‍රතිවිරුද්ධ දේශපාලන මත දරන්නන් මර්දනය කිරීමට මේ වගන්තියෙන් බලය ලැබි ඇති බවය. 

අපරාධ රැල්ල මර්දනය කිරීමට යැයි කියමින් ආණ්ඩුව අපරාධ නඩු විධාන සංග්‍රහයට තවත් විශේෂ විධි විධාන රැසක් එකතුකර තිබේ. මෙම පනත ක්‍රියාත්මකවී අවුරුදු දෙකක් ගතවූ කල්හි එය නැවත වරක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර අනුමැතිය ගත යුතුය.
ආණ්ඩුව දිගින් දිගටම කියන්නේ නව නීතිය ගෙනාවේ අපරාධ රැල්ල මැඩලීමේ අරමුණින් බවය. ඒ කතාව අනුව ‍පොලීසියට මතෛක් අපරාධ මර්දනය කිරීමට අපහසු වූයේ ප්‍රමාණවත් නීති නැති නිසා බවය. එනමුත් රටේ කුමන නීති තිබුණද හොරකම් කරති. අල්ලස් ගනිති. මිනී මරති. කුඩු විකුණති. ස්ත්‍රීන් දූෂණය කෙරෙති. එවැනි වරදවල් කර ඇති අයට අධිකරණයේ ඉදිරිපත්වූ අධිචෝදනා රැසක්ම නීතිපති දෙපාර්තමේන්තුවම ඉකුත් කාලයේ ඉල්ලා අස්කර ගත්තේය. අල්ලස් හා දූෂණවලට, මිනීමැරුම්වලට වරදකරුවන් වූ දෙතුන් දෙනෙකුට ජනාධිපති විශේෂ සමාවද ලැබුණි. එසේ චෝදනා ඉල්ලා අස්කරගත්, සමාව ලැබූ සියල්ලෝම දේශපාලනඥයෝය.
එසේ නම් මේ නීතිය, අධිකරණය හා විනිසුරුවන් ක්‍රියාත්මක කරන්නේ සාමාන්‍ය පුරවැසියන් වෙනුවෙන් පමණදැයි ප්‍රශ්නාර්ථයකි.
මිහිරි ෆොන්සේකා 

ලෝක ආර්ථිකයේ අඳුරු සෙවණැලි...


මේ දිනවල එළවළු මිල ගණන් විශාල ලෙස ඉහළ ගොස්‌ තිබේ. ගිය වසරේ (2012) පැවැති නියඟය අපේ කෘෂි නිෂ්පාදිතයට අහිතකර ලෙස බලපාන ලදී. එම නියඟයෙන් පසු ලැබුණු අධික වර්ෂාව නිසාද වගා හානි සිදුව ඇත. පසුගිය "දිවයින ඉරිදා සංග්‍රහය" (27) වාර්තා කොට තිබූ පරිදි ධාරානිපාත වර්ෂාව හේතුවෙන් කුඹුරු අක්‌කර ලක්‍ෂ දෙකක වී අස්‌වැන්න අවදානම් තත්ත්වයට පත්ව ඇත. විශේෂයෙන් අම්පාර හා මඩකලපුව යන දිස්‌ත්‍රික්‌කවල වී අස්‌වනු නෙළීම ඉදිරි සති දෙකේදී සිදු කිරීමට නියමිත බැවින් පැසුණු වී අස්‌වැන්න වර්ෂාවෙන් විනාශ වීමේ අවදානමක්‌ මතුවී තිබේ. මෙලෙස ගිය වසරේ (2012) නියඟය මෙන්ම මේ වසරේ (2013) අධික වැසි ඇදහැලීමද කෘෂි නිෂ්පාදනයට අහිතකර ලෙස බලපා ඇත. එළවළු මිල ගණනක්‌ ඉහළ යැමට ද මේ තත්ත්වය හේතු වී තිබේ. මේ අධික එළවළු මිල ගණන් හමුවේ ජනතාව පීඩාවට පත්ව සිටින අතර මෙයට පිළියමක්‌ වශයෙන් සතොස අලෙවිසැල් හරහා මහජනතාවට සාපේක්‍ෂව අඩු මිලට එළවළු සැපයීමේ වැඩපිළිවෙළක්‌ ද සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ අමාත්‍යංශය විසින් අරඹා ඇත. මෙලෙස කෘෂි නිෂ්පාදනය පැත්තෙන් දේශීය ආර්ථිකයට ඇති වූ අහිතකර තත්ත්වයන් මෙන්ම ලෝක ආර්ථිකයේ පවතින අහිතකර වාතාවරණයන් ද අපේ ආර්ථික ගමන්මගට මේ වසරේ (2013) දී අභියෝගයන් මතු කරනු ඇත.

පසුගිය කාලයේදී ලෝක ආර්ථික දැවැන්තයන් පසුබෑමට ලක්‌වූ අතරම, ලෝක ආර්ථිකය නොසන්සුන්තාවට පත් කළ එම සාධකයන් තවමත් මුළුමනින්ම පහව ගොස්‌ නොමැත. ඒ නිසාම ගෝලීය ආර්ථිකය යථා තත්ත්වයට පත්වෙමින් තිබෙන්නේ ද මන්දගාමීවය. මේ තත්ත්වය ශ්‍රී ලංකාව ද ඇතුළු නැඟී එන ආර්ථිකයන්ට අහිතකර ලෙස බලපෑම වැළැක්‌විය නොහැකිය. මේ නිසා අපගේ භාණ්‌ඩ සඳහා වන අපනයන ඉල්ලුම දුර්වල වීම මෙන්ම ඛනිජතෙල් සහ වෙනත් භාණ්‌ඩවල මිල ගණන් ඉහළ යැමේ අවදානමක්‌ ද තිබේ. මේ අතරම ගිය වසරේ (2012) පෙබරවාරි මස සිට ශ්‍රී ලංකා මහ බැංකුව සහ රජය විසින් දියත් කළ ප්‍රතිපත්ති ක්‍රියාමාර්ගවල බලපෑම් නිසා රටේ ආර්ථික ක්‍රියාකාරීත්වය ද මන්දගාමී විය. ඒ අනුව ගිය වසරේ (2012) ආර්ථික වර්ධනය සියයට 6.5 දක්‌වා අඩු විය. මෙකී ප්‍රතිපත්ති ක්‍රියාමාර්ගයන්හි අහිතකර බලපෑම්වලට මේ වසර (2013) තුළදී ද මුහුණදීමට අපට සිදුවනු ඇත. මේ පසුබිම තුළ ලෝක ආර්ථිකයේ අඳුරු සෙවණැලි මැද, ශ්‍රී ලංකා ආර්ථිකයේ ඉදිරි ගමන් මග පිළිබඳව අපි මේ ලිපියෙන් සාකච්ඡා කරමු.

මේ වනවිට ලෝකයේ සියලුම ආර්ථික කලාපයන්හි ආර්ථික වර්ධන අපේක්‍ෂා පහත වැටී තිබේ. ඒ නිසා මුල් ආර්ථික වර්ධන පුරෝකථනයන්ට සෘණාත්මක ගැලපීම් සිදුකොට, ආර්ථික වර්ධනය පිළිබඳ සංශෝධිත නව ඇස්‌තමේන්තු ද සකස්‌ කර තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් 2012 වසරේ ඔක්‌තෝබර් මස ප්‍රකාශයට පත් කළ "ලෝක ආර්ථික ඉදිරි දැක්‌ම" (Wold Economic outlook, October 2012) ට අනුව 2011 වසරේ වාර්තා වූ සියයට 3.8 ක ලෝක ආර්ථික වර්ධනය 2012 වසරේදී සියයට 3.3 දක්‌වා අඩුවනු ඇතැයි පුරෝකථනය කර තිබිණි. එසේම සංවර්ධිත රටවල ආර්ථික වර්ධනය සියයට 1.6 සිට සියයට 1.3 දක්‌වාද, නැඟී එන සහ සංවර්ධනය වෙමින් පවතින රටවල ආර්ථික වර්ධනය සියයට 6.2 සිට 5.3 දක්‌වා ද, මධ්‍යම සහ නැගෙනහිර යුරෝපා රටවල ආර්ථික වර්ධනය සියයට 5.3 සිට සියයට 2 දක්‌වා සහ ආසියානු රටවල ආර්ථික වර්ධනය සියයට 7.8 සිට සියයට 6.7 දක්‌වාද 2012 වසරේ දී අඩු වන බව සිය "ලෝක ආර්ථික ඉදිරි දැක්‌ම" වාර්තාව මගින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කර තිබිණි. එහි සඳහන් පරිදි චීනයේ ආර්ථික වර්ධනය සියයට 9.2 සිට සියයට 7.8 දක්‌වා ද ඉන්දියාවේ ආර්ථික වර්ධනය සියයට 6.8 සිට 4.9 දක්‌වා සහ යුරෝ කලාපයේ ආර්ථික වර්ධනය සියයට 1.4 සිට සියයට සෘණ 0.4 දක්‌වාද ගිය වසරේ (2012) දී අඩුවනු ඇතැයි අපේක්‍ෂා කෙරුණි. මේ වසරේ (2013) දී මේ තත්ත්වයෙන් සමනය වී මෙම රටවල ආර්ථික වර්ධනයන් තරමක්‌ ඉහළ යනු ඇතැයි අපේක්‍ෂා කරන නමුත් සංවර්ධිත රටවල පවත්නා ආර්ථික පසුබෑම වෙළෙඳ හා මූල්‍ය ප්‍රවාහ ඔස්‌සේ නැඟී එන සහ සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයන්ට තවදුරටත් අහිතකර බලපෑම් ඇති කිරීමට ඉඩ තිබේ. මේ නිසා එම අහිතකර බලපෑම්වලට මුහුණදීමට ශ්‍රී ලංකාවටද සිදුවනු ඇත.
රජය සහ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ගන්නා ලද ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග හේතුවෙන් ආනයන වියදම් අඩු වී වෙළෙඳ හිඟය ද අඩු විය. ඒ අනුව 2012 වසරේ පළමු මාස නමයේදී වෙළෙඳ හිඟය, 2011 වසරේ මුල් මාස 9 ට සාපේක්‍ෂව සියයට 2.1 කින් අඩුවී තිබේ. මෙලෙස වෙළෙඳ හිඟයේ වර්ධනය වන තත්ත්වය පාලනය වී තිබුණත් අපගේ වෙළෙඳ හිඟයට ඉදිරියේදී අහිතකර ලෙස බලපෑමට ඉඩ තිබෙන අවදානම් සාධකයන් තවදුරටත් තිබේ. පසුගියදා නිකුත් වූ රාජ්‍ය මුල්‍ය කළමනාකරණ වාර්තාවේ 87 වැනි පිටුවේ ඇති පහත සඳහනින්a ඒ බව පැහැදිලිය.

"2011 දී භාණ්‌ඩ හා සේවාවන්ගේ ජාත්‍යන්තර වෙළෙ¹ම් ප්‍රමාණය සියයට 5.8 කින් වර්ධනය වූයේ 2009 දී වූ සියයට 10.4 ක සංකෝචනය වීමෙන් පසු 2010 දී සියයට 12.6 ක සැලකිsය යුතු වර්ධනයක්‌ ළඟා කර ගැනීමෙන් පසුව වේ. 2012 දී ලෝක වෙළෙ¹ම සියයට 3.2 කින් වර්ධනය වනු ඇතැයි අපේක්‍ෂිතය. පසුගිය වසරේදී වූ සියයට 4.4 ක වර්ධනයට සාපේක්‍ෂව සංවර්ධිත ආර්ථිකයන්හි ආනයන සියයට 1.7 කින් වර්ධනය වනු ඇතැයි පුරෝකථනය කර ඇත. එම ආර්ථිකයන් සමග වෙළෙඳ සබඳතා ඇති අපනයන වෙළෙ¹ම මූලික කරගත් ආර්ථිකයන්ට මෙමගින් සෘණාත්මක බලපෑමක්‌ ඇති විය හැකිය. යුරෝපීය මූල්‍ය අර්බුදය සහ එක්‌සත් ජනපද ආර්ථිකයෙහි මන්දගාමීත්වය වර්ෂය පුරාම ක්‍රියාත්මක වුවහොත් ශ්‍රී ලංකාවද ඇතුළුව ආසියානු අපනයන ආර්ථිකයන් හට අඩු විදේශීය ඉල්ලුම සහ ඒ හා සබැඳි අනෙකුත් ගැටලුකාරී තත්ත්වයන්a ඇති කරනු ඇත."

ප්‍රවාහනය මෙන්ම බලශක්‌ති ජනනය සඳහා ද අප විසින් ආනයනික ඛනිජතෙල් යොදා ගන්නා බැවින් ඉහළ යන තෙල් මිල මෙන්ම තිරිඟු මිල ගණන් ඉහළ යැමද ආනයන වියදමේ සැලකිය යුතු ඉහළ යැමකට හේතු විය හැකි අතර එය අපගේ වෙළෙඳ හිඟය වැඩි වීමටද හේතු විය හැකිය. එසේම මේ වසරේ (2013) දී දේශීය ආර්ථික කටයුතු ඉහළ මට්‌ටමකින් වර්ධනය වනු ඇතැයි අපේක්‍ෂා කෙරෙන බැවින් අන්තර් භාණ්‌ඩ සහ ආයෝජන භාණ්‌ඩ වඩා විශාල ප්‍රමාණවලින් ආනයනය කිරීමට ඉඩ තිබෙන බව මහ බැංකුව පෙන්වා දෙයි. එසේ වුවහොත් මේ වසරේදී ද ඉහළ වෙළෙඳ හිඟයේ අභියෝගයට අපට තවදුරටත් මුහුණු දීමට සිදු වේ. ලබන වසරේ (2013) වෙළෙඳ හිඟය ඇමරිකානු ඩොලර් බිලියන 9 ක්‌ පමණ වනු ඇතැයි මහ බැංකුව විසින් ඇස්‌තමේන්තු කර ඇත.

විශේෂයෙන් ඉරානයෙන් අඩු මිලට ඛනිජතෙල් මිලදී ගැනීමට ඇති වී තිබෙන බාධාකාරී තත්ත්වය හමුවේ අපට වෙනත් මාර්ගවලින් ඛනිජ තෙල් මිලදී ගැනීමට වැඩි වියදමක්‌ දැරීමට සිදුවීමද වැළැක්‌විය නොහැකිය. මේ අනුව ඇමරිකානු ඩොලර්Êබිලියන 1.5 ක පමණ විශාල මුදලක්‌ ඛනිජ තෙල් මිලදී ගැනීමට අතිරේකව වැය කිරීමට සිදුවනු ඇතැයි අපේක්‍ෂා කරන අතර එසේ වුවහොත් මේ වසරේ (2013) මුළු ඛනිජ තෙල් ආනයන වියදම ඇමෙරිකානු ඩොලර් බිලියන 6 ක්‌ පමණ දක්‌වා ඉහළ යනු ඇතැයිද ගණනය කර ඇත. මෙය වෙළෙඳ ශේෂයට, මේ වසරේදී තවදුරටත් පීඩනයක්‌ ඇති කරන තත්ත්වයකි.

ගිය වසරේදී ආනයන වියදම් අඩුවුවත්, අපනයන ආදායම ද පහත වැටුණි. ගිය වසරේ (2012) ජනවාරි ඔක්‌තෝබර් කාලයේදී අපගේ අපනයන ආදායම් ඇමරිකානු ඩොලර් මිලියන 8163.8 ක්‌ දක්‌වා සියයට 6.4 කින් පහත වැටුණි. අපනයන පහත වැටෙමින් පවතින මේ ප්‍රවණතාව වළක්‌වාගෙන අපනයන වර්ධනය කර ගැනීමට අප විසින් දිගුකාලීන තිරසාර ක්‍රියාමාර්ග ගැනීම අත්‍යවශ්‍යය. එක රැයකින් හෝ කෙටි කලකින් අපනයන වර්ධනය කර ගැනීම ප්‍රායෝගික යථාර්ථයක්‌ නොවුණත් ඒ සඳහා අප දැඩි අවධානය යොමු කර ඵලදායි ක්‍රියාමාර්ග ගැනීම අත්‍යවශ්‍ය මොහොතකට අපි දැන් එළඹ සිsටිමු. මෙහිදී සාම්ප්‍රදායික අපනයන භාණ්‌ඩ හා අපනයන වෙළෙඳපොළවලට අමතරව අපනයන භාණ්‌ඩ සහ අපනයන වෙළෙඳපොළ (රටවල්) විවිධාංගීකරණයද අත්‍යවශ්‍ය වේ. අපනයන තුළින් අපට ලැබෙන්නේ ඩොලර් ආදායම්ය. විදේශ මුදල් වර්¨ගවලට සාපේක්‍ෂව අපේ රුපියලේ අගය ශක්‌තිමත්ව තබා ගැනීමට නම් අපට විදේශ විනිමය ආදායම් අත්‍යවශ්‍යය. ඒ සඳහා ඕනෑ තරම් අවස්‌ථා (විභවතා) තිබුණත් ඒවායින් නිසි ප්‍රයෝජන ගත හැකි සාර්ථක වැඩපිළිවෙළක්‌ නොමැතිකමේ අඩුවද අපට පෙනෙන්නට තිබෙන බව කනගාටුවෙන් වුවත් කිව යුතුය. 


ශ්‍යාම් නුවන් ගනේවත්ත

Jan 29, 2013

ආගමික කල්ලිවලින් බෞද්ධ ජනතාව බේරා ගැනීම හැර මුස්‌ලිම් ආගමට එරෙහි කිසිදු කැරළි ගැසීමක්‌ නැහැ

ආගමික කල්ලිවලින්
බෞද්ධ ජනතාව බේරා ගැනීම හැර
මුස්‌ලිම් ආගමට එරෙහි
කිසිදු කැරළි ගැසීමක්‌ නැහැ

බොදු බල සේනා ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ
තුෂාරී කළුබෝවිල

බෞද්ධාගමිකයන්ට එරෙහිව නැගී එන ආගමික කල්ලිවලින් බෞද්ධ ජනතාව බේරා ගැනීම හැර මුස්‌ලිම් ආගමට එරෙහි කිසිදු කැරළි ගැසීමක්‌ නොකරන බව බොදු බල සේනා ලේකම් ගලගොඩඅත්තේ ඥනසාර හිමියෝ පැවැසූහ.

එහිමියෝ මෙසේ පැවැසුවේ ඊයේ (28 වැනිදා) කොළඹ සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය. එහිදී ඥානසාර හිමියෝ තවදුරටත් මෙසේ ද පැවසූහ.

"අපි මුස්‌ලිම් ආගමිකයන්ට විරුද්ධ නැහැ. නමුත් මුස්‌ලිම් මූලධර්මවාදී අන්තයක්‌ මේ රටේ ක්‍රියාත්මක වෙනවා. එයින් විශාල අසහනයක්‌ බෞද්ධයින්ට ඇතිවී තිබෙනවා. මූලධර්මවාදී සංවිධාන 400 ක්‌ පමණ මේ රටේ ක්‍රියාත්මකව පවතිනවා. අපි ඔවුන්ට විරුද්ධව ක්‍රියා කරලා නැහැ. බෞද්ධ ජනතාවට අගතියක්‌ ඇතිකරවන ආකාරයේ මුස්‌ලිම් අන්තවාදී ක්‍රියාවන් පිළිබඳව අපි සොයා බලමින් ඒවා සමාජයට හෙළිදරව් කරනවා. එසේ කිරීමෙන් මුස්‌ලිම් ජනතාවට අපහාස කිරීමක්‌, විරුද්ධවීමක්‌ සිදුවන්නේ නැහැ. ලොව පිළිගත් සම්මුතීන්ට අනුව රටක බහුතර ආගමිකයන්ට, ප්‍රවේණි උරුමය ඇති ජාතියට ආතතියක්‌ ඇතිවන ආකාරයට ඒ රටේ කුඩා ආගම් ක්‍රියා නොකළ යුතුයි. අද මේ සම්මුතීන් බිඳ වැටෙමින් තිබෙනවා. අපි කතා කරන්නේ ඒ ගැනයි. මේ රටේ එදා කාලේ පටන් පැවතගෙන ආ සාම්ප්‍රදායික මුස්‌ලිම්වරු අපි ආරක්‌ෂා කර ගත යුතුයි. ඔවුන් රැක ගැනීම මහා ජාතිය හැටියට අපේ වගකීමයි. ලොව පුරා පවතින අන්තවාදී ගැටුම් නිසා මුස්‌ලිම් ආගමිකයන් 200 ක්‌ පමණ දිනකට මිය යනවා. අන්තවාදය සිංහල - බෞද්ධ වෙසින් ආවත්, දෙමළ - හින්දු වෙසින් ආවත්, ඉස්‌ලාම් - මුස්‌ලිම් වෙසින් ආවත් අපි එය පරාජය කළ යුතුයි. සිංහල බෞද්ධයින් භාර ගන්න ලෝකයේ කොහේවත් වෙන රටක්‌ නැහැ. අපට යන්න වෙන තැනක්‌ නැහැ. මේ නිසා සිංහල බෞද්ධ රට ඒ හැටියෙන්ම අපි රැකගත යුතුයි. මේ නිසා සිංහල බෞද්ධයන්ගේ රැකවරණය උදෙසා පාර්ලිමේන්තු තේරීම් කාරක කමිටුවක්‌ පත් කිරීම පිළිබඳව බොදු බල සේනා කෘතවේදිත්වය පළකරනවා.

පහරදීම හෝ බිය ගැන්වීම අපේ ක්‍රමය නොවෙයි. අපි කරන්නේ දැනුවත් කිරීමයි. ඒ දැනුවත් කිරීම හරි ප්‍රබලයි. හැබැයි සාමකාමීයි. අපේ ඉවසීම නිවටකමක්‌ ලෙස සලකනවා නම් අපි ඒකට විරුද්ධයි. මහා ජාතියට බලපෑම් කරන මුස්‌ලිම් මැති ඇමැතිවරුන්ට පකිස්‌තානයට ගිහින් බලපෑම් ඇතිකරන්න බැහැ. එහිදී ඔවුන්ව මරා දමාවි. රට ගැන, ජාතිය ගැන කිසිම හැඟීමක්‌ නැති, කුහක විදිහට හිතන හා හැසිරෙන සිංහල මෝඩයින්ට කතා කරලා රට ගැන හැඟීමක්‌ ඇති කරලා ඔවුන්ව නින්දෙන් පිබිදීම තමයි බොදු බල සේනා සංවිධානයේ අරමුණ වන්නේ.

අපි පසුගියදා ජනාධිපතිතුමා හමුවී විශේෂ සාකච්ඡාවක්‌ පවත්වමින් යෝජනා 5 ක්‌ ඉදිරිපත් කළා. ජනගහනය සීමා කිරීමේ පනත සංශෝධනය කිරීම, බුද්ධ ශාසනය කියන වචනය නිර්වචනය කිරීම, බෞද්ධ ප්‍රකාශන නියාමන පනත සංශෝධනය කිරීම, විහාර දේවාල සංශෝධිත පනත සම්මත කර ගැනීම ඇතුළු කාරනා ඊට ඇතුළත් වුණා. ඒ සඳහා ජනාධිපතිතුමාගෙන් ඉහළ ප්‍රතිචාර ලැබුණා. බොදු බල සේනා මුවාවෙන් රට පුරා තැන තැන පැවැත්වෙන හුදෙකලා ව්‍යාපෘති නැවැත්වීමට මැදිහත් වන ලෙස ජනාධිපතිතුමා ඉල්ලීමක්‌ කළා.

ජනාධිපතිතුමා පැවැසුවේ මේ රටේ මහා ජාතියක්‌ නැහැ. ශ්‍රී ලාංකික කියන හැඟීමෙන් කවුරුත් රටේ දියුණුවට වැඩ කළ යුතුයි කියායි. එහෙමයි කියලා ජාතික ගීය භාෂා තුනකින් නැවත නිර්මාණය කරන්න තරම් එතුමා අදූරදර්ශී තීරණ ගන්න එකක්‌ නැහැ. ජාතීන් අතර සමගිය ඇති කරන්න, ජාතික ගීය වෙනස්‌ කරලා වැඩක්‌ වෙන්නේ නැහැ. මීට වඩා ජාතීන් වෙසෙන රටවල්වලටත් එහෙම දේවල් වෙලා නැහැ.

බෞද්ධයන් තානාපති කාර්යාලවලට කේළාම් කියන්නවත්. පිටරටවලින් සල්ලි ගෙන්නා ගන්නවත් ක්‍රියාකරලා නැහැ. ජාතිවාදි අර්බුද ඇති කිරීමෙන් ඒවා පෙන්නලා අරාබියෙන් සල්ලි ගෙන්වා ගන්න නොයෙක්‌ සංවිධාන මේ රටේ බිහිවෙලා තියෙනවා. අපි ඒවාට ඉඩ නොදිය යුතුයි.

බුද්ධ ශාසනය, බෞද්ධ ජනතාව, සිංහල ජාතිය අපහාසයට පත්කරවන, සමච්චලයට පත්කරවන, විනාශ කරන ක්‍රියාවන්ට අපි ඉඩදෙන්නේ නැතැයි ඥානසාර හිමියෝ පැවැසූහ.

මෙහිදී අදහස්‌ දැක්‌වූ බොදු බල සේනා සභාපති කිරම විමලජෝති හිමියෝ මෙසේ පැවැසූහ.

"හැම නිෂ්පාදනයකටම "හලාල්" යෙදීම ගැන අපි විරුද්ධයි. ඉස්‌සර හලාල් යොදා තිබුණේ ආහාර වර්ග කිහිපයකට පමණයි. අද බොහෝමයක්‌ භාණ්‌ඩවල මෙය ඇතුළත් වෙනවා. අල්ලා දෙවියන් වෙන් කළ කෑම මුස්‌ලිම් උදවිය ගත්තාට කමක්‌ නැහැ. ඒවා බෞද්ධ ජනතාවට අවශ්‍ය නැහැ. ඒවා බුද්ධ පූජාවට තියන්න ඕනේ නැහැ. අද 4500 කට වැඩි භාණ්‌ඩ ප්‍රමාණයකට මෙම ලකුණ යොදලා බෞද්ධ ජනතාවට අල්ලා දෙවියන් වෙනුවෙන් කැප කළ දේවල් බලෙන් කවනවා. නියම බෞද්ධයන් නම් ඒවා වර්ජනය කළ යුතුයි.

බොදු බල සේනා නම පාවිච්චි කරලා රට පුරා විවිධ සංවිධාන බිහිවී තිබෙනවා. ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමේ අයිතිය පොලිසියට තිබෙනවා. එම කුඩා කණ්‌ඩායම් අපේ නම් භාවිත කරලා මුස්‌ලිම් ආගමට, එම ජාතීන්ට අපහාස වන ආකාරයට ක්‍රියාකරනවා. අපි ඒකට විරුද්ධයි. අපට අවශ්‍ය වන්නේ බෞද්ධ, මුස්‌ලිම්, හින්දු, කතෝලික කුමන හෝ ආගමිකයන් වුවත් ශ්‍රී ලාංකිකයන් හැටියට සහයෝගයෙන් ජීවත්වීමටයි. එයට බාධා කිරිම බරපතළ වරදක්‌ යෑයි එහිමියෝ පැවැසූහ.

මෙහිදී අදහස්‌ දක්‌වමින් එම සංවිධානයේ වැඩසටහන් සම්පාදක ඩිලන්ත විතානගේ මහතා පැවැසුවේ මේ අයුරිනි.

"මේ රටේ සිදුවන ගබ්සාවන් පිළිබඳව බොදු බල සේනා හඬක්‌ නැගුවේ හේතු ඇතුවයි. අදටත් මහා රෝහලේ ගබ්සා කිරීම් 80 ක්‌ පමණ සිදුවෙනවා. මෙයින් කාන්තාවන්ට, සිංහල ජාතියට වන හානිය ගැනයි අපි කතා කළේ. ඒවා විකෘති කර දක්‌වමින් ඇතැම් දේශීය හා ජාත්‍යන්තර මාධ්‍ය රාජ්‍ය නොවන සංවිධානවලින් මුදල් ගරන බවට අපට තොරතුරු ලැබී තිබෙනවා යෑයි කීවේය.

මෙම අවස්‌ථාවට විතාරන්දෙනියේ නන්ද, ඇඹිලිපිටියේ විජිත යන ස්‌වාමීන් වහන්සේලාද සහභාගි වූහ.

Jan 27, 2013

ගිරිමානන්ද උපදේශය



“ගිරිමානන්ද සූත්‍රයෙන්” කයෙහි දුබලබව දුරු කර, සිතෙහි සහනය ඇති කර ගැනීමට දෙන උපදේශාර්ථය කුමක්ද?
වරක් දෙව්රම් වෙහෙරේදී ආනන්ද හිමියන් විසින් දැඩි ලෙස රෝගීව ගිලන්ව හිටි ගිරිමානන්ද තෙරුන් පිළිබඳව බුදුරදුන්ට සැලකර සිටිනු ලැබුවා. එවිට බුදුරදුහු අනිත්‍ය,අනාත්ම, අශුභ, ආදීනව, ප්‍රහාණ, විරාග, නිරෝධ,අනභිරත, සර්ව සංසාරයන්හි අනිත්‍ය හා ආනාපනාසති යන සංඥා අසා ගිරිමානන්ද මහණුන්ගේ රෝගාබාධ හේතු විසින් සන්සිඳෙන්නේය යැයි ආනන්ද හිමියන්ට කීහ. ඒ මෙසේය.



1. ආනන්දය, රූප වේදනා, සංඥා සංස්කාර,හා විඥානය යන පංචස්කන්දය අනිත්‍යවේ. එබැවින් ඊට ‘අනිත්‍ය සංඥා’ යැයි කියනු ලැබේ.

2. චක්‍ෂුස, රූප, ශ්‍රොතස, ශබ්ද, ඝ්‍රාණය, ගන්ධ, ජිහ්වා, රස, කය හා ධර්ම යන දස වැදෑරුම් අධ්‍යාත්මික බාහිර ආයතනයන්හි අනාත්මානුදර්ශීව වාසය කරයි මේවා “අනාත්මසංඥා’ වේ.

3. පාතලින් උඩ කෙස්මතුයෙන් යට සමහිම් කොට ඇති නානා ප්‍රකාර අශූචියෙන් පිරි මේ කය ප්‍රත්‍යවේක්‍ෂා කරන්නේය.මේ ශරීරයේ හිස කෙස් ය.රෝමය. නිය පොතුය, දත් ය. සම් ය. මාංසය , නහරය ඇටය, ඇට මිදුලුය, වකුගඩුය, හෘදය, අක්මාව, බඩ, දිවය, පපු කැණය, අතුනුය, අතුනුබහනය, පුරීෂය, පිත්ය. ශ්ලෙස්මාය, පුයාය,ලේය,සෝදියය,මේ දස්ය, කඳුළුය, වුරුණූ තෙල්ය,කෙලය මුකුනය හා මුය යන මේ කයෙහි අශූ®භානුදර්ශීව වාසය කරයි. එය ‘අශුභ සංඥා’ වේ.

4. මේ ශරීරයෙහි විවිධ ආබාධ හට ගනියි. චක්ඛූ (ඇස්) රෝග, සෝත (කන්) රෝග, ඝාණ (නාසයෙහි) රෝග, ජිව්හා, (දිවෙහි) රෝග සීස (හිසෙහි) රෝග, කණ්ණ (පිට කණෙහි) රෝග, මුඛ රෝග , දන්ත රෝග, කාස රෝග, ස්වාස රෝග, පීනස් රෝග, කෘෂ්ඨ රෝග, පිළිකා රෝග, පිත් රෝග, සෙම රෝග ක්‍ෂය රෝග, වාත රෝග, ඍතු විපර්යාස රෝග හා විෂම හැදීම රෝග ඒ අතර වේ.ශරීර දාහය ජරාපත් වීම වධ බන්ධන පරෝක්‍රම හා කර්ම විපාක ආබාධ ඊට ඇතුළත්ය. මේවාට ‘ආදීනව සංඥා’ යැයි කියනු ලැබේ.

5. උපන් ව්‍යාපාද විතර්ක නොඉවසයි දුරලයි, අනභාවයට යවයි. උපනුපන් ලමු අකුසල් දහම් නො ඉවසයි. මේ ‘ප්‍රහාණ සංඥා’ යි

6. සියලු සංස්කාරයන්ගේ යම්බඳුශමථයෙක් ස්වෝපධීන්ගේ දුරලීමක් තෘෂ්ණා ක්ෂයයෙක්, විරාගයෙක් හා නිර්වාණයෙක් වේ නම් හෙතෙම ශාන්තය, ප්‍රණීතය, මේ ‘විරාග සංඥා’ නම්වේ.

7. එසේම, සියලු සංස්කාරයන්ගේ යම්බඳු ශමථයෙක් (සමර්ථයෙක්) සවෝපධීන්ගේ දුරලීමෙක්, තෘෂ්ණා ක්‍ෂයයෙක්, විරාගයෙක්, නිරෝධයෙක්, නිර්වාණයෙක් වේ නම් ශාන්තය. ප්‍රණීතය, එය ‘ නිරෝධ සංඥා’යි

8. තවද තෘෂ්ණා – මාන දෘෂ්ටීහු වෙත් ද, කාමුපදානාදී උපාදානයෝ වෙත්ද, චිත්තාධිටඨාන සංඛ්‍යාත ශාශ්වත උච්ඡේද කෙනෙක් වෙත්ද අභිනිවෙස සංඛ්‍යාන අත්තානුදිට්ඨයෙක් වේද අනුසය සංඛ්‍යාත ථාමගත ක්ලේශයෝ වෙත්ද ඔවුන් දුරලීමෙන් දැඩිව නොගනිමින් නොඇලෙයි. මේ සර්ව ලෝකයෙහි ‘අනභිරත සංඥා”යි

9. මේ සස්නෙහි මහණ හැම ප්‍රත්‍යුත්පන්න ධර්මයන්ගෙන් පෙළෙයි. හිරිකෙරෙයි, පිළිකුල් කෙරෙයි.මේ සර්ව සංසාරයන්හි ‘අනිත්‍ය සංඥා’ වෙයි.

10. සිහියෙන් ආශ්වාස ප්‍රශ්වාස කිරීමෙන් ආනාපාන සතියට මඟ පෑදෙයි.

එමෙන්ම අනිත්‍යානුදර්ශී වූයෙම් ආශ්වාස ප්‍රශ්වාස කිරීමෙන් හික්මෙයි. විරාගානු දර්ශී වූයෙම් එසේ (ආශ්වාස ප්‍රශ්වාස, කිරීමෙන් හික්මෙයි. නිරෝධානු දර්ශි වූයෙම් එසේ කිරීමෙන් හික්මෙයි. ප්‍රතිනඞ සර්ගානුදර්ශී වූයෙම් එසේ (ආශ්වාස , ප්‍රශ්වාස) කිරීමෙන් නික්මෙයි. මේ ‘ආනාපානසති’ යැයි කියනු ලැබේ.
මෙලෙස ඉහත ‘දස සංඥා’ කියනු නම් යම් හෙයකින් මේවා අසා අවබෝධ වී ගිරිමානන්ද තෙරුන්ගේ ආබාධයන් හේතූ®න් විසින් සංසිදෙයි යනුවෙන් බුදුරදුන් විසින් ආනන්ද හිමියන් වෙත දේශනා කොට වදාරනු ලැබුවා. එමගින් ගිරිමානන්ද තෙරුන්ගේ එම රෝගාබාධ සමනය වී සිතට සහනය ළඟා කෙරුණා.
 

ගෝටා රජ වැඩක, රට පුරා පාරම්පරික වී වගාව ඇරඹේ



ගෝටා රජ වැඩක, රට පුරා පාරම්පරික වී වගාව ඇරඹේආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයක් අනුව රට පුරා පාරම්පරික වී වගාව ශක්තිමත් කිරීමට රජයේ අවධානය යොමුව ඇති අතර පාර්ලිමේන්තුව ආසන්නයේ අක්කර 200ක පාරම්පරික වී වගා කිරීම සම්බන්ධයෙන් සූදානම් කෙරෙමින් තිබේ.

මේ අතර සහල් ඇතුළු ආහාර වර්ගවලට ආසනික් සංයෝජනය වී ඇත්තේ පොහොර භාවිතය නිසා නොව කෘමිනාශක හා වල් නාශක යෙදීම නිසා බැවින් ඒ පිළිබඳව අධ්‍යයන වාර්තාවක් සකස් කර නව නීතිරීති පාර්ලිමේන්තුවට ගෙන ඒමටද රජයේ අවධානය යොමු වි ඇත.

වල්නාශක හා කෘමිනාශක වැළැක්වීමේ නීතිරීති ගෙන ඒමෙන් නොනැවතී එමගින් පැන නගින අතුරු ප‍්‍රශ්න සම්බන්ධයෙන් මාධ්‍ය මගින් ප‍්‍රචාරයක් ලබා ගැනීමේ අවශ්‍යතාව ද පොහොර භාවිතයෙන් ආසනික් සම්බන්ධ ගැටලූ ඇති නොවන බව ජනතාවට පැහැදිලි කර දීමේ අවශ්‍යතාව ද රජයේ බලධාරීන් අතර සාකච්ඡවට ලක්ව ඇත.

January 24, 2013 at 2:33 pm | lanka C news