තමන් අදහන, විශ්වාස කරන ආගම දහමේ දියුණුව ස්වසමයාභිවෘද්ධියයි. මේ රටේ හැටියට නම්
සිංහල ජාතියේ ආරම්භක කාලයේ පටන් එනම්, වසර දෙදහස් තුන්සිය ගණනක සිටම ලංකාවාසීන්
බෞද්ධයන්ම වූ නිසා මෙහි බුද්ධාගම පිළිබඳ දියුණුව ස්වසමයාභිවෘද්ධිය යැයි සැලකිය
යුතුය. එහෙත්, අද සිදුව ඇත්තේ කුමක්ද? අප කළ යුත්තේ සහ අපට කළ හැක්කේ කුමක්ද? ඉතාම සංකීර්ණ වූත්, තරඟකාරී වූත්, විෂම වූත් සමාජ වටපිටාවක ඉතා ඉවසීමකින්
හා මනා ශික්ෂණයකින් යුතුව අද අප පත්ව ඇති තත්ත්වය විමසා බැලිය යුතු වේ.
ලෝකාමිෂය තරයේ බදාගත් මිනිසුන්ගේ සංඛ්‍යාව එන්න එන්නම වේගයෙන් වර්ධනය
වන මේ යුගයේ හැම ආගමක මිනිසුන්ගේ ආගමික භක්තිය යම් පමණකට පිරිහී ඇතත්, සිංහල බෞද්ධයන්ගේ පිරිහීම අන් හැමටම
වඩා වේගවත් මෙන්ම ඛේදජනකය. මක්නිසාද යත්, සිංහලයන්ගේ සමෘද්ධියත්, සදාචාර හර පද්ධතියත්, ශාස්ත්‍ර ඤාණයත් දේශදේශාන්තරයන්හි
ගෞරවයට හා ප්‍රසිද්ධියට පත්වූයේ උත්තම තථාගත බුද්ධ වචනය හෙවත් ත්‍රිපිටකය පණමෙන්
සුරැකි ථෙරවාදී සම්ප්‍රදාය ඉතා හොඳින් ආරක්ෂා කරගත් කොදෙව්ව මේ දූපත වන නිසාය.
ඉතිහාසය දෙස අපක්ෂපාතීව බලන්නෙකුට සිංහලයන් බුදු දහම දියුණු කිරීමට ණයගැත්තවුන්
මෙන් බැඳී සිටින බව වැටහේ. මන්දයත් සිංහලයාගේ ජීවය හා කොඳුනාරටිය වනුයේ, බුදු දහම හා බුද්ධ ශාසනය වන නිසාය.
එහෙත් අද වනවිට සම්බුද්ධ ශාසනයට, බෞද්ධයාට හා මහා සඟරුවනට අත්ව ඇති ඉරණම
ඛේදජනකය. අතිශය වේගවත් ලෙස මේ පුංචි දිවයිනට ඔරොත්තු නොදෙන තරමේ විද්‍යුත් මාධ්‍ය
කලඑළි බැස ඇති මෙකල සද්ධර්මය විෂයෙහි පවා ඇතිකොට ඇත්තේ මහා තරඟයකි. මේ තරඟය තුළ
ඉතා දරුණු ලෙස බුදු සව්වෝ අතරමං වෙති. බුදුවරු පහළ වෙති. මාර්ගඵල ලාභී සහතිකපත්
නිකුත් කෙරේ. තමන් මෙතේ බුදුන් ලෙසට කල් ගෙවයි. මේ මානසික රොගීන්ට වුව, මාධ්‍ය භාවිතාවේ ඉඩක් සලසාදීමට තරම්
ඇතැම් විද්‍යුත් මාධ්‍ය ඉදිරිපත් වී සිටිති. නොසරුප් ගිහි කටයුතුවල යෙදී ආමිෂගරුකව
කල් යවන්නන් නිසා මෙරට භික්ෂූත්වය පහළ බැස තිබේ. ඇතැම්විට විදේශයන්හි වෙසෙන්නවුන්
භික්ෂූන් දකින්නේ මන්ත්කරුවන් හා කොඩිවිනකරුවන් හැටියටය.
මේ තත්ත්වයෙන් උත්තම බුද්ධ ශාසනයත්, භික්ෂූන් වහන්සේලාත් ගලවා ගැනීමට නම් “පටිසෝතගාමී” ව්‍යාපාරයක අශ්‍යතාව මතුව තිබේ. මෙසේ
සංවිධානය වීමෙන් ස්වසමයාභිවෘද්ධිය උදෙසා පටිසෝතගාමී වැඩපිළිවෙල යම් පමණකට හෝ
සාර්ථක කරගත හැකිවනු ඇතැයි කලකිරී සිටින බොදු ජනතාව දැන් දැන් විශ්වාස කරති. එසේ
නොකොට ගිහි ප්‍රජාවට දොස් කීමෙන්වත්, භික්ෂූන් ඔවුනොවුන්ගේ නිකාය භේදාදීන් ඉදිරිපත්
කොට දොස් කියා ගැනීමෙන්වත්, බෞද්ධ සම්ප්‍රදාය විරෝධීව වෙනත් ආගමික මධ්‍යස්ථාන
හෝ ව්‍යාකූල මතභේද ඉදිරිපත් කිරීමෙන් තමන්ට අනුගාමික පිරිස් ගොඩනංවා ගැනීමෙන්වත්
මේ තත්ත්වයෙන් අත්මිදිය නොහැකිය. එහිදී වැඩිහිටියන් පළමුවෙන්ම සංයමයට පත්වුහොත්
අපගේ බාල පරම්පරාව නිසිතැන්හි පිහිටුවිය නොහැකි වනු ඇත.
බෞද්ධ ප්‍රභූන් ශ්‍රද්ධාවකින් තොරව උදාසීනව තමන් නොපුරන වත්පිළිවෙත්
අනුන් ලවා පුරවන්නටත්, තමන් නොඅසන බණ සෙසු අය ලවා අස්සවන්නටත්, තමන් නොරකින සිල් අනුන් ලවා
රක්කවන්නටත්, තමන් තුළ නැති සත්‍ය, ත්‍යාගාදී ගුණයන් අනුන් තුළ උපදවන්නටත්
යාමෙන් ශක්තිමත් සැබෑ ස්වසමාභිවෘද්ධියක් අපේක්ෂා කළ නොහැක්කේය.
ආගම්වල පදනම භක්තියයි. භක්තිය යනු, ගෞරවය හා භය පදනම් කරගත් අවබෝධයෙන් තොර
ඇදහීමයි. බුදු දහමෙහි දැක්වෙනුයේ ශ්‍රද්ධාව හා ප්‍රඥාවයි. ශ්‍රද්ධාව යනු බුද්ධි
ගෝචර පිළිගැනීමයි. බුද්ධිගෝචර පිළිගැනීමට හේතුවන්නේ ප්‍රඥාවයි. ශ්‍රද්ධාව බෞද්ධයාට
අවශ්‍යය. ශ්‍රද්ධාව නැති ගිහියාගේ බෞද්ධකමත්, ශ්‍රද්ධාව නැති භික්ෂුවට මහණකමත් පිහිටන්නේ
නැත. අර්හත්වය දක්වාම පෝෂණය කරගත යුතු ඉන්ද්‍රිය ධර්මයකි, බල ධර්මයකි, ආර්ය ධනයකි, ශ්‍රද්ධාව. එහෙත්, අද දවසේ සසුන තුළම ජනප්‍රියත්වයට
පත්වෙමින් සිටින ශාසනික කඳ පණුවන් ගිහි ප්‍රජාව එක්කරගෙන යන්නේ කිනම් මගකද?
ඇතැමෙකුට මේ සසුන තුළම කෙටිමං ඔස්සේ නිවන් දැක්කවීමට හරි පුදුම
හදිස්සියකි. තවකෙක් මෙත් බෝසතුන්ගේ ආසනයත් රත්වන ආකාරයේ බේගල් ඇදබාමින් “සමන්තභද්රලා” වෙති. තවත් අයෙක් සසුන රඟ මඬලක් කරමින්
විකාර කරති. බුදු මාළිගා පහලව බුදුන් වහන්සේ, දේවදූතයන් සේ පෙළගස්වති. අභිධර්ම පිටකය අබුද්ධ
දේශිතයකැයි නොදන්නා කර්ක ඉදිරිපත් කරමින් දහමෙහි මූලය වනසති. චිරාත් කාලයක් තිස්සේ
පැවැත ආ සිංහල බෞද්ධ චාරිත්‍ර වාරිත්‍ර හා සංස්කෘතිකාංග බැහැර කරමින්, බුද්ධ ශාසනය වෙනුවට විකල්ප ශාසන ඇති
කරමින්, භික්ෂුව කෙරෙහි බෞද්ධයා කලකිරවා, සිතේ වෛරයක් ඇතිකරවා පල්ලියේ පිල්ලි සේ
ක්‍රියා කරති. මේවාට ඉතා ඉක්මනින් විසඳුම්, පිළියම් යොදා නොගතහොත් අංගොඩ, මුල්ලේරියාවේත් තවත් මන්ද මානසික හෝ
මානසික රෝහලක් පිහිටුවිය යුතු වෙයි. මන්දයත් අවසානයේදී බොහෝ දෙනා මෙකී ප්‍රදර්ශන
කාමයන් පසුපස්සේ හඹා ගොස් ව්‍යාකූල තත්ත්වයට පත්ව පිස්සන් වන බැවිනි.
බුදු සමය හැර වෙනත් සමයන් සියල්ලක්ම, කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා පැත්තට යොමුව අනුසෝතගාමී
(වැල යන අතට මැස්ස ගසන්නාක් මෙන් ගලා යන පැත්තට උදව් කරන) සමයන්ය. එහෙත්, බුදු සමය සියලු ආකාරයේ තණ්හාව, ද්වේෂය, මෝහය දුරු කිරීමට උපදෙස් දෙන
පටිසෝතගාමී (පහලට ගලන ගඟ ඉහළට හැරවීම හෝ පහළට ගලන ගඟින් ඉහළට පීනන) ධර්මයකි.සැබෑ
වෙනසක් අත්විඳිනු කැමති කැමති තරුණයන් බුදු දහම වටා ඒකරාශී වන්නේ මේ නිසාය.
අනුසෝතගාමී ආගමත්,
දහමත් ඇදහීම පහසුය. බුදු දහම වැනි පටිසෝතගාමී ධර්මයක පිහිටා කටයුතු
කිරීම අපහසු බැවින් අවබෝධයෙන් තොර බෞද්ධයා අනුසෝතගාමීව, සම්ප්‍රදාය විරෝධීව, බුද්ධ වචනයට පටහැනිව වෙනත් ස්ථාන කරා
යොමු වීම සුලභ දර්ශනයකි. බොදු බල සේනා සංවිධාන ජාලය ගොඩනැඟෙන්නේ ඊට උත්තරයක්
වශයෙනි.
අන් කවරදාකටත් වඩා අපේ රට බටහිර ආධිපත්‍යයට යටත් වෙමින් පවතී. ලෝක
බලවතුන්ගේ බල අරගලය උමතු ආගමික මූලධර්මවාදීන්ගේ බල අරගල අපේ ලෝකය තුළට කඩා වැදී
ඇත. දිගින් දිගටම සිංහල බෞද්ධයා ඉලක්ක කරගනිමින් දෙස් විදෙස් වශයෙන් එල්ලවන
කුමන්ත්‍රණ හා කෙනෙහිලිකම් එමටය. මෙවන් මොහොතක දෙපා වාරු ඇත්තවුන් සේ සිට ඍජුව සිට
නොගතහොත් අනාගතයේදී අත්වන ඉරණම කාටවත් නිශ්චය කළ නොහැක්කේය. එකී අභියෝගය නිසි
පරිදි හඳුනා ගනිමින් බොදු බල සේනා සංවිධාන ජාලය ඉදිරියට ඇදෙන්නේ රටේ ජාතික සම්පත
බඳු තරුණ බල මුළු එක්තැන් කරමිනි.
සම්පත් හිඟය, තිබෙන සම්පත් නිසි අයුරින් පරිහරණය නොවීම, නාස්තිය, නිසි අයුරින් සම්පත් බෙදී නොයාම වැනි
තත්ත්වයන් තුළ සියල්ල විනාශ වීමද ස්වභාවිකය. ජාතිවාදී පදනමින් ආරම්භ වූ විනාශකාරී
යුද්ධය හා දේශපාලන බල අරගලය තුළ රාජ්‍ය අවිනිශ්චිතව ඇති අතර දේශයේ කඩා වැටීම
වේගවත් වෙමින් පවතී. ඒ අතරින් මතුව එන ආගමික උමතුව පැතිර යන අතර එය දේශපාලනික
කොටස් බවට පත්වෙමින් හා හැසිරෙමින් බෞද්ධ සමාජය අවුල් කරමින් සිටී. මේ සියලු
තත්ත්වයන් හමුවේ ඍජු තර්ජනයට ලක්ව ඇත්තේ සිංහල ජාතියත්, බුදු දහමත්ය.
රට –
දැය –
සමය සුරැකීම සඳහා භික්ෂු – භික්ෂුණී – උපාසක – උපාසිකා යන සිව්වණක් පිරිස
අධිෂ්ඨානශීලීව පෙළ ගැස්විය යුත්තේය. පක්ෂ දේශපාලනයෙන් තොර වූ, බුද්ධ වචනයම ව්‍යවස්ථාව කොටගෙන පස්වග
මහණුන්ගෙන් ඇරැඹුණු අසූමහා ශ්‍රාවකයින් වහන්සේලාගෙන් ස්ථාපිත වූ, කාශ්‍යප මහ රහතන් වහන්සේ, මොග්ගලීපුත්තතිස්ස මහ රහතන් වහන්සේ
වැනි මහා සංඝපීතෘන් වහන්සේලා විසින් සංරක්ෂණය කරන ලදුව, මහා මහින්ද හිමියන් විසින්අප වෙත දායාද
කළ අරිට්ඨ මහරහතන් වහන්සේ විසින් අපේ දෙයක් බවට පත්කළ ශාසනික පිළිවෙත අප විසින්
ඉදිරියට ගෙන යා යුත්තේය. කුප්පික්කුල තිස්ස මහා තෙරුන්, දිඹුලාගල කාශ්‍යප තෙරුන්, ධර්මකීර්ති, ධර්මසේන, ශ්‍රී රාහුල තෙරවරු සේම, වැලිවිට සංඝරාජයන්, වාරියපොල සුමංගල හිමියන්, මිගෙට්ටුවත්තේ හිමියන් වැනි මහතෙරවරුන්
ගිය මග අපිද අනුගමනය කළ යුත්තෙමු. අනගාරික ධර්මපාල, වලිසිංහ හරිශ්චන්ද්‍ර, වීර පුරන් අප්පු, කැප්පෙටිපොළ, විහාර මහ දේවිය, සෝමා දේවිය වැනි උදාර ලක් දූ පුතුන්
ආදර්ශයට ගත යුත්තෙමු. ඔවුහු අපට ඉතිහාසය තුළ පාඩම් කියා දුන්නෝය. අපි ඒවා උගෙන අපේ
අනාගතය සකසා ගත යුත්තෙමු.
බෞද්ධකම යනු ප්‍රතිවාදී මත ඉවසීමයි. අන්මතවලට, ඇදහිලිවලට ගරු කිරීමයි. එසේම, සරු දෙය සරු ලෙසත්, නිසරු දෙය නිසරු ලෙසත් දකිමින් නිසරු
දෙය පමණක් තෝරා ගෙන සරු දෙය බැහැර කිරීමයි. බොදු බල සේනා බල ගැන්වීම අන්‍යාගමිකයන්ට
තර්ජනය කිරීමක් නොවේ. මෙහි වෑයම වනුයේ තර්ජනයට ලක්ව ඇති බුදු දහමත්, බුදු සසුනත් බෞද්ධයනුත් ආරක්ෂා
කරගැනීමයි. එහෙයින් කිසිවෙකුත් කලබල විය යුතු නැත.
ඒ වෙනුවෙන් විශේෂ වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කොට ඇත්තේය. බෞද්ධ
සමාජයක් ස්ථාපිත කිරීම, අභීත අදීන භික්ෂු පරපුරක් නිර්මාණය කිරීම, භික්ෂු අධ්‍යාපනය නවීකරණය කිරීම හා ප්‍රතිසංස්කරණය
කිරීම, බෞද්ධ වෙහෙර විහාරස්ථාන ප්‍රාදේශීය
සංවර්ධන මධ්‍යස්ථාන ලෙස දියුණු කිරීම, මෙහෙණි සසුන සංවර්ධනය කිරීම,දුෂ්කර තත්ත්ව යටතේ කටයුතු කරන
බෞද්ධයන්ගේ හා බෞද්ධ සිද්ධස්ථානවල සංවර්ධන කටයුතු සිදු කිරීම, නැති වී ගිය බෞද්ධ සිද්ධස්ථාන යළි
බෞද්ධයන් වෙත පවරා ගැනීම, ධර්ම ප්‍රචාරය හා ශ්‍රී ලංකාවේ කීර්තිය ගොඩ නැංවීම, බෞද්ධ සංවර්ධනය සඳහා සහයෝගය දක්වන
සංවිධාන ගොඩනැංවීම හා ජාලගත කිරීම, බෞද්ධ සංවර්ධනය සඳහා අරමුදල් ස්ථාපිත කිරීම, බෞද්ධ ව්‍යාපාර / ව්‍යවසායකත්වය
ගොඩනැඟීම හා ආරක්ෂා කිරීම, බෞද්ධ පුරාවිද්‍යාත්මක ස්ථාන සුරැකීම, බෞද්ධ විරෝධී අභියෝගවලට මුහුණ දී
ආරක්ෂා වීම සඳහා පියවර ගැනීම ආදී අභිමතාර්ථ රැසක් මුල් වී තිබේ. මෙකී කර්තව්‍යය
සාර්ථක කරගැනීම සඳහා බෞද්ධ නායකත්ව පුහුණු ආයතන, බොදු බල සේනා සෞඛ්‍යය වැඩසටහන්, බොදු බල සේනා නීති ආධාර අංශය, බෞද්ධ බැංකුව, බොදු බල සේනා බෞද්ධ සංවර්ධන භාර අරමුදල, බොදු බල සේනා සමාජ ඒකාබද්ධතා වැඩසටහන
හා බෞද්ධ ව්යාපාර සම්මේලනය ආදිය ක්‍රියාත්මක වේ. විශේෂයෙන් සිංහල බෞද්ධ තරුණ
තරුණියන්ගේ කාලීන අවශ්‍යතා සපුරාලීම පිණිසත්, පවතින විශ්වීය අභියෝග ජය ගැනීම පිණිස ඔවුන්ව
පෙළගැස්වීමත්, ඔවුන්ගේ ව්‍යවසායකත්ව හා වාණිජ දැක්ම
ස්ථාවර කරමින් ශක්තිමත් ආර්ථික පදනමක් ඇති සිංහල බෞද්ධයින් බිහි කිරීමටත්, අඹු දරුවන් රකින සදාචාරවත් පවුල්
සංස්ථාවක් ගොඩ නඟා ගැනීම පිණිස අවශ්‍යය සියලු උපදේශන කාර්යයන් හා දිරිගැන්වීම් ලබා
දීමටත් බොදු බල සේනා සංවිධාන ජාලය සැදී පැහැදී සිටිති. එසේම, සිංහල බෞද්ධ වීම නිසාම අසරණ වූ ඔබේ
දුක් ගැනවිලි දැනුම් දී පිළිසරණක් ලැබිම සඳහා බෞද්ධ
දුක්ගන්නාරාල(ඔම්බුඩ්ස්මන්වරයෙකු) පත්කොට ඇති අතර 011 2 599 808 හෝ 011 – 2 949 653 අමතා සේවාව ලබා ගත හැකිය. බොදු බල
සේනා ජාතික මූලස්ථානය අංක 32 දරන කොළඹ 05 ශ්රී සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ
පිහිටුවා ඇති අතර දැයේ – සසුනේ ආරක්ෂාව උදෙසා පෙළ ගැසීමට කැමති ජවයෙන් පිරි ඔබට ඉහත දුරකථන
අංකයන්ම අමතා ඒ වෙත සම්බන්ධ විය හැකිය. මීට අමතරව info@bodubalasena.org යන ඊ තැපෑල හරහාද ඔබේ අදහස් උදහස්
ඉදිරිපත් කළ හැකිය. සැබෑ වෙනසක් වෙනුවෙන් කැමති ජාතියේ දූ පුතුන්ට බොදු බල සේනා
ජාලය සමඟ අත්වැල් බැඳ ගැනීමට එම සංවිධාන ජාලය සෙනෙහසින් ඇරයුම් කොට සිටී.
උපුටා
ගැනීම www.bodubalasena.org
0 comments:
Post a Comment