Nov 27, 2012

ශ්‍රී පාදස්ථානය වැනසීමේ කුමන්ත්‍රණයක්...!!!




ශ්‍රී පාදස්ථානය වැනසීමේ කුමන්ත්‍රණයක්...!!!

සියවස් ගණනාවක් තිස්සේ අප බොදුනු ජනතාවගේ අප්‍රමාණ වූ ගෞරවාදාරයට පාත්‍ර වූ අප තිලෝගුරු බුදු පියාණන් වහන්සේගේ වම් සිරිපා ඇතැයි යන පරම විශ්වාසයෙන් සියවස් ගණනක් පුරා අතිමහත් වූ ශ්‍රද්ධාවෙන් නෙක දුෂ්කරතා ඉවසමින් වන්දනා කරනු ලැබූ ශ්‍රී පාද පියුම වෙක විදෙස් සංචාරකයන්ගේ ආකර්ශණය ලබා ගැනීම පිණිස යැයි පවසමින් කුරුවිට එරත්න මාර්ගයේ (අතිශය ප්‍රියංකර වූ පාරිසරික විවිධත්වයකින් අනූන වූ මාර්ගයයි) කේබල් රථ සේවාවක් ආරම්භ කිරීමට අදහස් කර ඇතැයි (නේපාල තානාපතිවරයාගේ ඉල්ලීම පරිදි) දිවයින පුවත්පක 20 - 11 - 2012 දරන දින පළවූ කලාපයේ ජෝන් සෙනෙවිරත්න අමාත්‍යවරයා සඳහන් කර තිබුණි. පඔහු වැඩිදුරටත් පවසා තිබුණේ ලබන 2013 දී ඇරැඹෙන සිරිපාවාරයේදී මේ සේවාව ඇරැඹීමට අපේක්ෂා කරන බවයි. ශ්‍රීපාදය සංචාරකයන්ගේ තිප්පොලක් කරනු පිණිස මොවුන් මෙවැනි අදූරදර්ශී පියවරකට එලැඹ ඇත. මේ උවමනාව කලක පටන් මතුවී යටපත් වූ කරුණක් වන අතර මේ වතාවේදී ද එම යටපත් වූ අවශ්‍යතාව ඉටුකොට ගැනීමට ශක්තිය යොදවනු ඇත. එය නොඅනුමානය. ශ්‍රී පාදය රක්ෂිතයක් පවට පත්වූයේ 1940දී බ්‍රිතාන
්‍යය පාලකයන් අතිනි. ශ්‍රී පාද අඩවියේ (රක්ෂිතයේ) ඇති ඉඩම් යම් යම් දේශපාලකයින්ගේ පෞද්ගලික අයිතියට නතුවී ඇ.ි බව ගම්වාසීන් පවසති. වසර දහසකට වඩා පැරණි උරුමයක් සහිත ශ්‍රී පාද අඩවිය මේවනවිට විනාශ මුඛයට පත්වෙමින් ඇත. පුද්ගලික විදුලිබලාගාරය උදෙසා පරිසරය විනාශකොට දමා ඇති අතර රක්ෂිතය තුළ මාර්ග ඉදිකරමින් පර්වත පද්ධතියට දැඩි හානි පමුණුවමින් වාහන ගමනාගමනයට පවා අවස්ථාව සලසා ඇත. ඉදිරියේදී තවත් විදුලිබලාගාරයක් ඉදිකර මේ මාර්ගය රක්ෂිතය තුළ තවත් විශාල විනාශයක් ඇතිකරමින් දීර්ඝ කිරීමට අදහස්කර ඇති බව ගම්වාසීන් පවසයි. ධම්මික පෙරේරා නම් ප්‍රසිද්ධ කැසිනෝ ව්‍යාපාරිකයා (කැසිනෝ මණ්ඩල සභාපති) මුල් වී ඇති බව සුප්‍රසිද්ධ කරුණකි. මොවුන් මේ උත්සාහ කරන්නේ සිංගප්පූරුවේ ඇති සැන්තුසා දූපත (Santhusa Island) වැනි සංචාරක පාරාදීසයත් සිරිපා අඩවිය මූලික කොට ඇරැඹීමට අදහස් කරන බවයි. ගණිකාවන් හා මත්ද්‍රව්‍යය ජාවාරම් කරුවන්ගේ දඩයම්බිමක් බවට මේ සුන්දර පූජනීය ප්‍රදේශය පත්වනු නිසැකය. මේ සම්බන්ධයෙන් බොදු බල සේනා ජාලය අවදියෙන්!!!
(දිලාන් පන්චන ජයසිංහ )

4 comments:

  1. එහෙම විනාස කරලා දාන්ඩනං ඉඩ නොදිය යුතුයි

    "අටම්පහුර" සහ "මහන මැසිම" ලියන ලක්මාල්

    ReplyDelete
  2. අනිවා අටම් අයියා අපි එකයි මේ ජාතික ව්‍යපරේට බැහැල ඉන්නේ . අපිත් සේරම බලන් ඉන්නේ සහ අපිට කරන්න පුළුවන් උපරිමෙන් අපි අපේ ජාතියට වෙන්න ඕනේ යුතුකම් ඉටු කරනවා.

    ReplyDelete
  3. බලයෙන් මත්ව කරනා අසීමිත මෝඩකම් නිසා නැතිවන වටිනකම් පෙන්වයි විනාසයක පෙරනිමිති.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම සහෝදරයා මෙයාලට තේරෙයි එත් පමා වෙලා වැඩි වෙයි ..

      Delete