Dec 25, 2012

මේ වසරට විදේශගත ශ‍්‍රමිකයන්ගේ මළ සිරුරු 461ක



මේ වසරට විදේශගත ශ‍්‍රමිකයන්ගේ මළ සිරුරු 461ක්
විදේශගත ශ‍්‍රමිකයන් ‘රටවිරුවෝ ’ බව පවසමින් ජනතාව අන්දවමින් සිටියත් මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට දෙසැම්බර් 12 වැනිදා දක්වා කාලය තුළ විදේශ රටවලදී මියගිය ශ‍්‍රමිකයන්ගේ සිරුරු 461 ක් මෙරටට ලැබී තිබෙන බව නව සිහළ උරුමයේ නායක සරත් මනමේන්ද්‍ර මහතා සඳහන් කළේය.
කොළඹ පැවැති මාධ්‍ය සාකච්ඡවකදී මේ බව සඳහන් කළ පක්ෂ නායකවරයා වැඩිදුරටත් සඳහන් කළේ, මීට අමතරව ඩුබායි, කුවේට්, අබුඩාබි, සෞදි රටවල රෝහල් තුළ තවත් මළ සිරුරු 20ක් තිබෙන බවට වාර්තාවන බවය.

මෙවන් ශෝකී තත්ත්වයක් විදේශගත ශ‍්‍රමිකයන්ට අත්වී තිබියදීත් රටවිරුවෝ සහ රියැලිටි වැඩසටහන් පවත්වමින් මෙරට ජනතාවත් විදේශගත ශ‍්‍රමික පිරිසත් රවටමින් සිටින බවද සරත් මනමේන්ද්‍ර මහතා සඳහන් කළේය.

මීට අමතරව සෞදි රට තුළ 400කට අධික පිරිසක් සිරගත වී සිටින බවද ඔහු පවසා සිටියේ ය.සෞදි රටට අමතරව ඩුබායි, අබුඩාබි, කුවේට් රටවල තවත් 1300 කට අධික පිරිසික්් සිර ගෙවල්වල දුක්විදින බවද පක්ෂනායකවරයා සඳහන් කළේය.

මෙවැනි තොරතුරු මාධ්‍ය මඟින් වාර්තා කරන විට අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පළමු පන්තියේ ගුවන් ටිකටිපතකින් විදේශ ගත වී තරුපහේ හෝටලයක නැවතී නැවතත් ලංකාවට පැමිණ කියා සිටින්නේ එවැනි දෙයක් නොමැති බව යැයිද සරත් මනමේන්ද්‍ර මහතා පවසා සිටියේ ය.

http://lankacnews.com/sinhala/news/87774/

0 comments:

Post a Comment