ලෝක සම්භවය සහ අල්ලා අවුල
මිනිසා හෙවත් නරයා මවන ලද්දේ මහා බ්‍රහ්මයා
විසිනි. එබැවින් බ්‍රහ්මට නාරායන යැයි කියනු ලැබේ. නාරායන විෂ්ණු වේශයෙන් පහළ විය.
විෂ්ණුගේ පෙකණිය පලාගෙන නෙළුමක් හට ගත්තේය. ඒ නෙළුමේ නැවත බ්‍රහ්ම හට ගත්තේය.
විෂ්ණු ත්‍රිමූර්තියේ පැවැත්ම යැයි කියන ලද බැවින් මිනිසාගේ (නරයාගේ) පැවැත්ම
විෂ්ණු වශයෙන් සලකා විෂ්ණු පිදීමම බ්‍රහ්මයා සේ සැලකීය. විෂ්ණු පුරාණයේ බ්‍රහ්මට
වඩා විෂ්ණු බලවත් බව හැඟැවීමට උත්සාහ ගෙන ඇති බව එහි විග්‍රහයෙන් පැහැදිලි වෙයි. එයින් මතු, විෂ්ණු සංකල්පය යටපත් කරමින් ඊෂ්වර
සංකල්පය මතුවී ඇත. ඊෂ්වර යනු විනාශයයි. ඊෂ්වරට නළලයේ ඇසත් සමඟ ඇස් තුනකි. එය
විනාශය පිළිබඳ නුවණින් දැකීමයි. ශරීරය පුරා ඇති සර්පයන් විනාශයේ සංකේතයයි. බෙල්ලේ
මිනී ඔළු මාලයකි. එය මරණයේ සංකේතයකි. ඊෂ්වර සොහොනේ වෙසෙයි. කාගේත් අවසානය එතැනයි.
ඔහු නිරුවත්ය. ඒ මරණයේදී සියල්ල අහිමි වන බව හැඟැවීමටයි. ගොනෙකු වාහනය කොට ඇත.
එමඟින් කර්මයේ බර කරට ගන්නා ලෙස ගොනා ගෙන් උපමා කර තිබේ. මජ්ඣිම නිකායේ දේවදහ සූත්‍රයේ මෙම ඊෂ්වර නිර්මාණය
උපහාසාත්මකව ප්‍රතික්ෂේප කොට ඇත. බුදුරදුන් ලොවට හෙළි කළ බ්‍රහ්මකායික සහම්පතී ආදී
සංකල්ප හේතුවෙන් ලොව මැවූ බ්‍රහ්ම සංකල්පය බිඳ වැටෙද්දී ලොව මැවීම විෂ්ණුට ආරෝපණය
කොට විෂ්ණු වෙනම දෙවියෙකු කොට සැලකූ බව නිගමනය කළ හැකිය.
"ලෝක සම්භවය සහ අල්ලා අවුල" පිළිබඳව සෝම හිමියන් දකින ආකාරයයි මේ.
බ්‍රහ්ම පදාර්ථයෙන් සියලු පදාර්ථ හටගත් බව කියන වේදය උගන්වන ලද්දේද පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන සතර ධාතූන් නිසාම විශ්ව නිර්මාණය සිදු වී ඇති බවය. බ්‍රහ්මයා විසින් ලෝකය මවන ලද්දේය යනුවෙන් හින්දු දහම උගන්වන්නේ බ්‍රහ්මයා ලෝකයෙහි ඉබේ හටගත් බවයි. එබැවින් ඔහුට ස්වයංභූ යැයි කියති.
පළමුව ලෝකයෙහි බිත්තරයක් හට ගත්තේය. ඊෂ්වර විසින් එය දෙකඩ කරන ලදී. විෂ්ණු එය රැකගත්තේය. නැවත බ්‍රහ්ම විසින් ඒ බිත්තරයේ උඩ කොටසින් අහස මවන ලදී. යට කොටසින් පොළොව මවන ලදී. මැද කොටසින් ගස් වැල් ජලය වාතය ආදී සියල්ල මැව්වේ යැයි පැවසේ.
බ්‍රහ්මයන් හා බ්‍රහ්ම මැවිල්ල පිළිබඳ බුදුරදුන් විවරණය කරද්දී හින්දූන්ගේ මහා බ්‍රහ්මයන් බ්‍රහ්මවාදයන් පෙර පැවැති උසස් තත්ත්වයෙන් පහතට වැටුණා පහතට වැටුණා පමණක් නොව, විෂ්ණු හා ඊෂ්වර දෙදෙනාගේ බලය උච්චස්ථානයකට නැඟී ලෝක මැවිල්ලේ මූලිකයන් වෙන වෙනම කතා වස්තුද නිර්මාණය විය. මෙම දේව මැවුම්වාදය පිළබඳ විග්‍රහයන් බුදුහමේ කොතෙකුත් සඳහන්ව තිබේ.
එහෙත්, බුදුදහම පිළිබඳ හරිහැටි නොදත්, ලේබල් බෞද්ධයන් දේව මැවුම්වාදය තවමත් හිස් මුදුනින් පිළිගනී. එබැවින් මේ පිළිබඳ සැකෙවින් හෝ මෙහිලා විමසා බලනු වටී. ඒ වෙනත් කරුණක් නිසා නොව, එකල මෙන්ම අද දවසේදීද ලෝකය මහා බ්‍රහ්මයා මැවූ දෙයක් බව විශ්වාස කරන නිසාවෙනි. මෙලෙස මිත්‍යා දෘෂ්ටියෙන් අන්ධ වූ මිනිස්සු අතීතයේදී මෙන්ම බුද්ධ කාලීන සමාජයේද සිටියෝය.
මේ අනුව එකල විසූ සමහරු ලෝකය හතරැස් යැයි කියූහ. එමෙන්ම, විවෘත ඇසකින් ලොව දෙස බලා තවත් පිරිසක් ලෝකය රවුම් ගෝලාකාර යැයි පැවැසීය. එනමුදු, එවැනි විවෘත සත්‍යවාදී නිදහස් අදහස් එළිදැක්වීමට මෙන්ම අසත්‍යය අදහස් විවේචනය කිරීමට ඉඩක් නොලැබිණ. එසේ විවෘත අදහස් එළිදක්වන අය සොයසොයා ඝාතනය කෙරිණි. එහෙත්, එමඟින් සත්‍යය වසන් කර තැබීමට ඔවුනට නොහැකි විය. ලෝකය කිසිවෙකුගේ නිර්මාණයක් හෝ හතරැස් දෙයක් නොවන බව අද ලොවම දන්නා ප්‍රකට රහසකි. සත්‍යය හැමදා වසන් කළ නොහැකි බවට බුදු හිමියන් කළ දේශනාව මෙමඟින් මොනවාට තහවුරු වනු ඇත.
ලොව සියලුම දේ දෙවියන් විසින් මැවූ බවත්, සියල්ල දෙවියන් වහන්සේගේ කැමැත්තට අනුව සිදුවන්නේ යැයි සිතා අප නිහඬව බලා සිටියා නම් සැබැවින්ම මේ සා විද්‍යාත්මක දියුණුවක් අපට ලැබීමට නොහැකිය. වෙසෙසින් ඤාණවන්තයෝ එවැනි මිත්‍යාදෘෂ්ටික විශ්වාස බැහැර කර යථාර්ථවාදී ලෙස කටයුතු කරති.
"දෙවියන් වහන්සේගේ නාමයෙන්...දෙවියන්ගේ පිහිටෙන්...අනේ! දෙවියනේ!" කියමින් යැද යැද සිටියේ නම් අද පරිගණකය නිර්මාණය නොවනු ඇත. අහසට වඳිමින් යදිමින්"ලැබේවා...! ලැබේවා...!" යනුවෙන් සිතසිතා සිටියේ නම් අභ්‍යවකාශ තරණය කිරීමට නොහැකි වීමටත්, ගුවනින් එහා මෙහා යෑමට මිනිසාට කිසිදාක නොහැකි වනු නිසැකය.
කළ යුතු දේ කිරීමටත්, නොකළ යුතු දේ නොකිරීමටත්, හරි දේ හරි වශයෙනුත්, වැරදි දේ වැරදි වශයෙනුත් මෙන්ම, සාරය සාරය වශයෙන් ගැනීමටත්, යථාර්ථය විනිවිද දැකීමටත් ලොවට උගන්වන ලද්දේ අප ගෞතම බුදු හිමියන් විසිනි.
එපමණක්ද නොව, මනසින් උසස් මිනිසාවද මහා බ්‍රහ්මයා විසින් මවන ලදැයි කියනු ලැබේ. එහෙත්, බමුණන් සහ බැමිණියන් විවාහ වීමෙන් පසු බැමණිය ගැබ්බර වෙයි. එයින් මතු, බැමිණිය මේ ලොවට බිහි කළ සිය බිළිඳාව නළව නළවා තම කිරි පොවා ආදරයෙන් හදාවඩා ගනී. මේ ආකාරයෙන් එම දරුවා ටිකකලක් යත්ම ඔවුන්ගේ රැකවරණයේ වැඩිවියට පත්වේ. මෙපමණ පැහැදිලි ලෙසට මිනිසා නිර්මාණය වීම දැකීමට තිබියදී ඇතැම්හු බ්‍රහ්මයාගේ මුඛයෙන් මිනිසා නිර්මාණය වූ බව කියති. මෙය බෞද්ධයින් හට නම් පිළිගත නොහැකි හතරබීරි කතාවකි.
බුදුහිමියන් මේ පිළිබඳව දේශනා කර ඇත්තේ මෙසේය. "බ්‍රහ්මාති මාතා පිතරෝ" බ්‍රහ්ම යනු ඔබේ ආදරණීය අම්මා සහ තාත්තායි. මෙය අන්තගාමී බ්‍රාහ්මණවාදයේ ආත්ම - නිත්‍ය සුඛය යන සංකල්පයෙන් වෙනස් වූවකි. බුදුහිමියන් දේශනා කළේ අනිත්‍යය - දුක්ඛ - අනාත්ම යන ත්‍රිලක්ෂණය වේ.මේ බව යථොක්ත බුදුවදනින්ම පැහැදිලි වේ.
ඉනික්බිතිව "සබ්බේ සංඛාරා අනිච්චා" යනුවෙන් සියලු සංස්කාර ධර්මයෝ අනිත්‍යය බව බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළ සේක. එම හේතු ප්‍රත්‍ය යනු එකක් හෝ ඊට වැඩි ගණනක් ඔවුනොවුනට ප්‍රත්‍ය වෙමින් යම් ක්‍රියාකාරීත්වයක යෙදෙන්නේ නම් ඒ සියලු දෙයම එකම ආකාරයකින් පවතින්නේද නැත. මෙහි අනිත්‍ය බව වූ කලි එයයි.
අප ශරීරයේ පංචේන්ද්‍රියයන් වන ඇස - කන - නාසය - දිව - ශරීරය යන සියල්ල මෙම හේතු ප්‍රත්‍යය නිසා හටගත් දේවල්ය. බාහිර රූප - ශබ්ද - ගන්ධ - රස - ස්පර්ශ යන දෑද එම හේතු ප්‍රත්‍යය නිසා හටගත් දේවල් වේ. සැබැවින්ම මේ සියල්ල හේතු ප්‍රත්‍යයන්ගේ ක්‍රියාදාමයක් තුළින් ඇතිවෙමින්. පැවැතෙමින්, නැතිවෙන ක්‍රියාවලියක ප්‍රතිඵලයකි. බුදුදහම අනුව එය ලෝක ස්වභාවයට අනුව සිදු වන්නක් මිස මහා බ්‍රහ්මයාට අනුව සිදුවන්නක් නොවේ.
"යදනිච්චං තං දුක්ඛං"
යන බුදු වදනින්ම එය මොනවාට පසක් වෙයි. මෙම ස්වභාවය මහා බ්‍රහ්මයාට හෝ දෙවියන් වහන්සේට මෙන්ම බුදුරජාණන් වහන්සේටද වෙනස් කිරීමට හෝ නතර කිරීමට නොහැකි දෙයකි. යථාර්ථය වූ කලි එයයි. බුදු දහමෙහි මේ බව පැහැදිලිවම දක්වා ඇති ධර්මතාවකි.
එයින් මතු රජ පදවියද දේව නිර්මාණයක් ලෙස හින්දු ග්‍රන්ථවල සඳහන් වේ. එහෙත්, බෞද්ධ ග්‍රන්ථ අනුව ලෝකයේ මුල්ම රජතුමා තෝරා ගනු ලැබුවේ මහජනයාගේ කැමැත්තෙනි. දීඝ නිකායේ අග්ගඤ්ඤ සූත්‍රයේ සඳහන්වන පරිදි, මිනිසුන් සොරකම් කිරීම, මිනී මැරීම වැනි සමාජ විරෝධී වැරදි වැඩ කරන කාලයකදී එබඳු වැරදි වැඩ කරන්නන් මර්දනය කිරීමට නායකයෙකුගේ අවශ්‍යතාව මහජනයාට පෙනී ගොස් ඇත. ඒ අනුව, සාකච්ඡා කොට "මහා සම්මත'' නමින් රජෙකු තෝරා පත්කර ගත්බව බෞද්ධ ග්‍රන්ථවල සඳහන් වේ. සැබැවින්ම මේ තුළ පැහැදිලි සත්‍යතාවක් ගැබ් වී ඇති බව පැහැදිලිය. එහෙත්, හින්දු ග්‍රන්ථවල දැක්වෙන පරිදි රජතුමා ද දේව නිර්මාණයක් බව පැවසීම දෙවියන් වහන්සේ ලෝකය මැව්වා යැයි කීම වැනි විහිළු කථාවකි.
"අල්ලා අවුල"

අල්ලා දෙවියන් පිළිබඳව විද්වත්හු
විවිධ අදහස් දක්වති. අල්ලා යනු රහතන් වහන්සේනමක බවයි ඇතැමුන්ගේ අදහස වනුයේ. එහෙත්, තවත් සහරක් පවසන්නේ අල්ලා යනු බුදුහිමියන් බවයි. එමෙන්ම, තවත් සමහරු මීට වෙනස් අදහස්ද ඉදිරිපත් කරති. මෙයින් වඩාත්ම නිරවද්‍ය
අදහස තෝරා බේරා ගැනීම පාඨක ඔබේ කාර්යභාර්යයකිත අල්ලා අවුල ගංගොඩවිල සෝම හිමියන්
දකින ආකාරයයි මේ.
අරාබියට බුදු දහම රැගෙන ගොස් ඇත්තේ රහතන් වහන්සේලාය. එහෙත්, ඊට පෙර ගෞතම බුදුරදුන් අරාබියට වැඩිය බවට සලකුණුද නැත්තේ නොවේ. යෝනක පුරයෙහි ඇති සිරිපා සලකුණ ඊට සාක්ෂි දරයි. එයින් මතුව, ධර්මාශෝක රජු දවස අරාබි දේශයට පිටත්කර යැවූ රහතන් වහන්සේලා නිසා එරෙට් බුදු දහම යළිත් ව්‍යාප්ත වූ බව ඉතිහාසයේ සඳහන් වේ. ඒ අනුව, එම රහතන් වහන්සේලාගේ දර්ශනය එම ප්‍රදේශවල මුල්බැස ගත්තේය. "අර්හත් ධර්මය" හෙවත්, "අරහාදී බුද්ධ ධර්මය" පසු කාලීනව "අරහා ධර්මය", "අල්ලා ධර්මය" බවට පත්ව ඇත. මුස්ලිම් ආගමට අනුව අල්ලා යනු සර්වබලධාරී දෙවියන් වහන්සේ කෙනෙකි. නොනෙන දෙයකි. නොපෙනෙන දෙයක් යනු කිසියම් ගුණයක් නොවේද? බුදු දහමට අනුව අරහාදී යනු නොපෙනෙන ගුණයකි.

"අරහා" යන වදනේ "ර", "ල" බවට පෙරැළී තිබේ. එමෙන්ම එහි "හා", "ලා" බවට භාෂා ව්‍යවහාරය
පෙරැළි තිබේ. මෙය භාෂා පඬිවරු පවා පිළිගන්නා රීතියකි. මේ අනුව, අරහා යන්න අල්ලා යනුවෙන් ක්‍රමිකව උච්චාරණය කිරීමට පුරුදු වී තිබේ.
එලෙස මූලිකව තිබූ අරහාදී බුදු සමය පසුකාලීනව ක්‍රිස්තු ධර්මය සමඟ සම්බන්ධ වී පසුව
එය මිත්‍යා දෘෂ්ටි ක්‍රියාවලියක් බවට පත්විය නිරායාසයෙන්ම සිදු විය. අද පවා අතැම්
බෞද්ධයන් බුදුදහම සේ වටහා ගන්නේ ඇතැම් මිත්‍යා දෘෂ්ඨීන්ය.
මහායාන බුදුදහමට අනුව බුදුරදුන් තවමත් ජීවමාන යැයි සලකන්නේද එවැනි මිත්‍යා විශ්වාස නිසාවෙනි. අරහා තත්ත්වයට පත්වූ නමුදු බුදුරදුන් පිරිනිවන් පෑවේය. එහෙත්, මහායාන බෞද්ධයෝ අදටත් බුදුරදුන් ජීවමාන යැයි සලකති. මේ අනුව අරහා යන තත්ත්වයද ජීවමාන කොට සලකා දෙවියන් වහන්සේ අල්ලා යනුවෙන් සලකති. එහෙත් අප "අරහා", "අල්ලා"වීම අවුලක් කරගත යුතු නොවේ.
(2012 දෙසැම්බර් 12 වැනි දිනට යෙදෙන අපවත් වී වදාළ අතිපූජ්‍ය ගංගොඩවිල සෝම හිමියන්ගේ නව වැනි ගුණානුස්මරණ පිංකම නිමිත්තෙනි.)

http://panchanajayasinghe.blogspot.com/2012/12/blog-post_11.html#more
0 comments:
Post a Comment