ක්‍රිස්ටෝපර් කොලොම්බස්
ට පෙර ඇමරිකාව තරණය කළ බෞද්ධ භික්ෂූහු
(‘සිංහලේ නව නිදහස් සටන‘ විසිනි )
ස්පාඤ්ඤයේ ෆර්ඩිනන්ඩ්ස් රජුගේ සහ ඉසබෙලා
බිසවගේ අනුග්‍රහය ලැබ නැව් තුනක් සමගින් බටහිර බලා යාත්‍රා කළ ක්‍රිස්ටොපර්
කොලොම්බස් විසින් 1492 දී ප්‍රථම වරට ඇමරිකාව (America) සොයාගන්නා
ලදැයි යන මතය බිඳහෙලනු ලබන පුවතක් කලකට පෙර පුවත්පත් වල පළවිය. කොලොම්බස් ඇමරිකාව
සොයාගැනීමට අවුරුදු දහස් ගණනකට පෙර මෙම මහද්වීපය චීන බෞද්ධයන් විසින් සොයාගන්නා
ලදැයි ඒ ප්‍රවෘත්තියේ සඳහන් විය.

දූත ගමන්
රෝමයේ සිට චීනයට ගිය දූත ගමන් කිහිපයක් පිළිබඳව ද චීන ඉතිහාසයේ දැක්වෙයි.
එවක රෝමයේ සිටි එම්ප්‍රදෝරු රජුන්ගේ නම් නිවැරදිව චීන ඉතිහාසයේ සඳහන් වෙයි.
(අලුශියන් ගෝත්‍රිකයෙක් )
ඇලස්කාවේ සිට ගිනිකොනින් පිහිටි ගොඩබිමක් පස්වෙනි ශතවර්ෂයේ අවසාන භාගයේ දී චීන
ජාතිකයන් විසින් සොයාගන්නා ලදි. ඔවුන් සොයාගන්නට ඇත්තේ වර්තමාන ‘මෙක්සිකෝව‘ (Mexico) හෝ මධ්‍යම ඇමරිකාව වියයුතු යැයි විශ්වාස
කරනු ලැබේ. මේ සොයාගැනීම සම්බන්ධයෙන් දැනට චීනයේ පාසැල් ශිෂ්‍යයන්ට ද උගන්වන බව
සඳහන් වෙයි.
පූසාන් රට ගැන මින් පසු කිහිප තැනකම සඳහන් වෙතත් ඉන්පසු එහි ගිය කෙනෙකු
සම්බන්ධයෙන් සටහනක් නැත. එහෙයින් ඒ රට පිළිබඳව චීන ඉතිහාසයෙහි සඳහන් වන්නේ හෝයි ෂිං
භික්ෂුව කළ විස්තරය පමණකි.
ධර්ම ප්‍රචාරය
බුද්ධ ධර්මය පතුරුවාලීම පිණිස බෞද්ධ භික්ෂූන්වහන්සේලා
දුරු කතර ගෙවා යාම සිරිතක් ව පැවති බවට ඉතිහාසය සාක්කි දෙයි. එහෙයින් චීන
භික්ෂූන්වහන්සේලා ධර්ම ප්‍රචාරය පිණිස පූසාන් රට බලා ගියහයි කීම අසත්‍යය කැයි
සිතිය නොහැක. පූසාන් නමින් හැඳින්වෙන මේ රට ඇමරිකාව නොව ජපානය වියයුතු යැයි සමහරු
කියති. එහෙත් කරුණු කිහිපයක් නිසා ඒ තර්කය බිඳවැටේ. ජපානයේ ඉතිහාසය අනුව ඒ රටට
බුදුදහම ගෙන යන ලද්දේ ක්‍රි.ව. 458 දී නොව 522 දී ය.
පූසාන් රට ජපානයේ ඇතැම් ඉතිහාසඥයන් විසින් පූසෝ
නමින් හැඳින්වීම තවත් කරුණකි. ජපන් ඉතිහාසඥයන් සඳහන් කරඇති අන්දමට පූසෝ රට පිහිටා
ඇත්තේ මධ්‍යම ඇමරිකාවේ හෝ මෙක්සිකෝවේ විය යුතු ය.
චීන ඉතිහාසයේ සඳහන් වන කාල වකවානුව
මෙක්සිකෝව ස්පාඤ්ඤ ජාතිකයන් ගේ ආධිපත්‍යය ට නතුවීමට ශතවර්ෂ දහයක ට පමණ පෙර යුගයක්
විය හැකි ය. එහෙයින් හෝයි ෂිං භික්ෂුවක එහි යනවිට තිබෙන්නට ඇත්තේ ඇස්බක් පරපුර හෝ
ඊටත් පෙර වූ බැල්ටික් රජ පරපුර ද විය නොහැක. මෙය ඊටත් පෙරාතුව තිබී විනාශව ගිය
ශිෂ්ටාචාරයක් විය යුතු ය. මෙක්සිකෝවේ තවමත් දක්නට ලැබෙන නටබුන් නගර මේ යුගයේ ඒවා
වියහැකි බව ඇතැම් පුරාවිද්‍යාඥයන්ගේ මතයයි.
තවත් සාධක
එවැනි දුරාතීතයේ යුගයක මිනිසුන් තුල පැවති
සිරිත් විරිත් කලින් කල වෙනස්වීම නියතයෙන් ම සිදුවන්නකි. ස්පාඤ්ඤ ජාතිකයන්
මෙක්සිකෝව ආක්‍රමණය කරන අවධියෙහි ඒ සිරිත් විරිත් ස්වදේශිකයන් තුලින් ඉවත් වී ගොස්
තිබුණි නම් එය පුදුමයට කරුණක් නොවේ. එහෙත් පුදුමයට කරුණ වන්නේ හෝයි ෂිං භික්ෂුන්වහන්සේ
විසින් විස්තර කරන සිරිත් - විරිත් සහ ගති
- පැවතුම් ද වැඩිකොටසක් එවක ඇමරිකානු ස්වදේශිකයන් අතර නොවෙනස් ව තිබීමයි.
හෝයි ෂිං භික්ෂුව විසින්, පූසාන් රාජ්‍යය
පාලන ක්‍රමය, පන්ති භේදය, කාලය මැනීම, පෙරහැරවල් පැවැත්වීම සහ අනෙකුත් සමාජ සිරිත්
ආදිය විග්‍රහ කොට තිබෙයි. ස්පාඤ්ඤ ජාතිකයන් මෙක්සිකෝව ආක්‍රමණය කළ අවස්ථාවේ එහි
සිටි ස්වදේශිකයන් අතර පැවති සිරිත් විරිත් සියල්ල හෝයි ෂිං භික්ෂුව විසින් කරනු ලැබූ විස්තර වලට
සමාන ය.
පූසාන් රටේ යකඩ පරිහරණයක් නොවී යැයි හෝයි ෂිං
භික්ෂුව පවසන අතර යුරෝපීය යන් යනතුරු ම ඇමරිකාවේ ස්වදේශිකයන් යකඩ පරිහරණය පිළිබඳව
දැන නොසිටි බව ඉතිහාස වාර්තා සඳහන් කරයි. තඹ, රිදී හෝ රත්‍රන්වල ද අගයක් පූසාන් වැසියන්
ට නොවී යැයි සඳහන් කරන හෝයි ෂිං භික්ෂුවගේ ප්‍රකාශය ද සත්‍යය කි.
මේ රට හෝයි ෂිං භික්ෂුව විසින් පූසාන් යැයි නම්කර ඇත්තේ එහිදී හමුවුණු
එක්තරා බෙහෙත් පැළෑටියක් අනුව ය. චීනයේ වැවෙන පූසාන් නමැති ඖෂධීය පැළෑටියකින්
ගන්නා ප්‍රයෝජන එරට ස්වදේශිකයෝ මේ ගසින් ද ලබාගන්නා හෙයින් හෝයි ෂිං භික්ෂුව ඒ රට පූසාන්
නමින් හැඳින්වී ය. මේ ගස අගිල් ගස යැයි උපකල්පනය කළ හැකි ය. පූසාන් ගසින්
ඇමරිකානුවෝ ලබාගන්නා ප්‍රයෝජන හෝයි ෂිං භික්ෂුව විසින් සවිස්තර ලෙස සඳහන් කර තිබේ.
අදත් මෙක්සිකානුවෝ ඒ ගසින් හෝයි ෂිං භික්ෂුව විස්තර කළ ප්‍රයෝජන ලබති.
හෝයි ෂිං භික්ෂුව කරන විස්තර අනුව සලකා බලන
විට ඇමරිකාව සොයාගැනීමේ ගෞරවය ක්‍රිස්ටෝපර් කොලොම්බස් ට නොව චීන ජාතිකයන් ට හිමිවිය
යුතුබව අවිවාදයෙන් ම පිළිගත හැකි ය.
(Paul Brockවිසින් Pate සඟරාවට ලියූ ලිපියක් ඇසුරිනි.)
(විශේෂ
ස්තුතිය කේ. චන්ද්‍ර ශ්‍රී කුලරත්න මහතා ට)
(කරුණාකර උපුටා
ගැනීමේදී උපුටනය සදහන් කරන්න)
කොහොමත් යුරෝපයට දීර්ඝ ඉතිහාසයක් නෑ... පෙරදිග රටවලට තරම්... යුරෝපයේ නූතන ඉතිහාසය ගොඩනැඟෙන්න පටන් ගන්නේ 1453 දි ඔටෝමන් තුර්කීවරුන් විසින් කොන්ස්තන්තිනෝපල් නගරය අල්වා ගත්තාට පස්සේ... ෆර්ඩිනන් හා ඉසබෙලා යටතේ ස්පාඤ්ඤය එක්සත් වුණා... ස්පාඤ්ඤය ජාතික රාජ්‍යයක් වශයෙන් සංවර්ධනය වෙන්න පටන් ගන්නේ මේ යුවළ යටතේයි... එතන ඉඳලා සැලකිය යුතු ජයග්‍රහණ රාශියක් ඔවුන් විසින් අත්පත් කරගත්තා. නමුත් ඊට එහා ගිය ඉතිහාසයක් පෙරදිග රටවලට තියෙනවා... ඒවා ඕනැමකමින්ම බොහෝ විට සඟවා දැමූ ඒවා...
ReplyDeleteඔව් ඔවුන් ඒවා සඟවා තිබෙන්නේ පරමාර්ථයක් ඇතුව.. ඔවුන්ට ඕනේ අපේ කොන්ද කඩන්න උන් දන්නවා ඒවා එලියට අවොත් උන්ගේ පරමාර්ථ ඉෂ්ට කර ගන්න බැරි වෙන බව.
Deleteniyama article ekak
ReplyDelete