Dec 27, 2012

හලාල් සහතිකයට අමාත්‍යංශ අනුමැතියක් නෑ


හලාල් සහතිකයට අමාත්‍යංශ අනුමැතියක් නෑ
හලාල් සහතිකය ලබාදීමට තම අමාත්‍යංශය අවසර ලබා දී නැති බව වෙළඳ හා පාරිභෝගික කටයුතු අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා පවසයි.
‘පාරිභෝගික කටයුතු අමාත්‍යංශය වශයෙන් නීත්‍යනුකූලව එවැනි සහතිකයක් නිකුත් කරන්න අවසර ලබා දී නෑ. එය වෙනම හදා ගත් එකක්. වැඩිදුර කියන්න තියෙන්නේ මෙම සහතිකය හා අප අමාත්‍යංශය අතර සම්බන්ධතාවයක් නැති බවයි.’ යයි මේ සම්බන්ධයෙන් කල විමසීකදී අමාත්‍යවරයා අවධාණය කළේය.





‘හලාල්’ සහතිකය බලෙන් දෙන්නෙ නෑ – ජමියතුල්ලා උලමා
ශ‍්‍රී ලංකාව තුල සාමය සහජීවනය ඇති කිරීම මිස ප‍්‍රශ්න ඇතිකිරීමට තම සංවිධානය කටයුතු නොකරන බවත් හලාල් සහතිකය කිසිවෙකුටත් බලහත්කාරයෙන් දීමට කටයුතු කර නැති බවත් සිලෝන් ජමියතුල්ලා උලමා සංවිධානය සඳහන් කරයි.

තම සංවිධානය විසින් හළාල් සහතිකය පිරිනමනුයේ මහජනයාට ප‍්‍රමිතියෙන් යුතු, සෞඛ්‍ය සම්බන්න භාණ්ඩ පරිභෝජනය කිරීමේ අවස්ථාව උරුමකර දීමට බවත් කිසිවිටෙකත් එම සහතිකය බලෙන් ලබාදීමට කටයුතු නොකරන බවත් ඔවුන් පවසයි.


මේ දක්වා ශ‍්‍රී ලංකාවේ සමාගම් 200කට වඩා වැඩි ප‍්‍රමාණයකට එම සහතිකය ලබා දී ඇති බවත් සහතිකය ලබාදීමට අයකරන ගාස්තුව බද්දක් නොවන අතර එය ලංකාවේ අනෙකුත් තත්ව සහතික ලබාදීමට ලබාදීමට අයකරන ගාස්තුවට වඩා අඩු මුදලක් බවත් එම සංවිධානය පෙන්වා දෙයි


0 comments:

Post a Comment