Dec 14, 2012

“ගෝඨාභය රාජපක්ෂ” නිදහස් ලංකාවේ බිහිවූ විශිෂ්ඨතම රජයේ නිලධරයාය


“ගෝඨාභය රාජපක්ෂ” නිදහස් ලංකාවේ බිහිවූ විශිෂ්ඨතම රජයේ නිලධරයාය


“ගෝඨාභය රාජපක්ෂ” නිදහස් ලංකාවේ බිහිවූ විශිෂ්ඨතම රජයේ නිලධරයාය

කුරුක්ෂේත්‍ර යුද්ධයට මොහොතකට පෙර අර්ජුනගේ සිතෙහි අතිශයින් සාධාරණ ගැටළුවක් මතුවේ. තව මොහොතකින් තමන් මුහුණට මුහුණ ලා සටනට එළඹෙනු ඇත්තේ තම ලේ ඥාතීන් සමඟය. තමන් අතින් මිය යනු ඇත්තේ නෑකමින් මී-මුත්තා වන භීෂ්මය. තමන් මිහි මත දක්ෂතම දුනුවායා බවට පත් කළ ආදරණීය ගුරුවරයා ද්‍රෝණය. මිතුරා අශ්වතමය. ඥාති සහෝදරයන් සිය දෙනාය. යුද්ධය මේ මහා ඥාති සංහාරය සාධාරණීකරණය කරන්නේද? ඔහු මේ උභතකෝටිකය යොමු කරන්නේ තම රථාචාර්යයා වන ක්‍රිෂ්ණාටය.
අර්ජුනගේ ප්‍රශ්න හා ක්‍රිෂ්ණා අර්ජුනට දුන් දීර්ඝ පිළිතුරුය අප භගවත් ගීතාව නමින් අද හඳුනා ගන්නේ.
මහාභාරත විශාරදයකුද, හින්දු බැතිමතකුද වූ මා මිතුරු ජයන්තන් ක්‍රිෂ්ණා අර්ජුනට දුන් අවවාදය මෙසේ වැකි සතරෙකට ගොණු කළේය.

Whatever happened has happened well
Whatever happening is happening well
Whatever will happen will happen well
Do your duty and leave the rest in my hands

සිදු වූ සියල්ල යහපතට සිදුවිය.
සිදුවෙමින් පවතින සියල්ල යහපතට සිදුවෙමින් පවතී.
මතු සිදු වන සියල්ල යහපතට සිදුවනු ඇත.
ඔබේ යුතුකම කරන්න. ඉතිරිය මා බලා ගන්නම්.
ව්‍යංගය ඉවත්කරන ලද්දේ නම් ක්‍රිෂ්ණාගේ ප්‍රකාශයේ හරය මෙසේය.
ධර්මය හා අධර්මය අතර යුද්ධයකදී අන් සියළුම කාරණා අවැදගත්යධර්මය වෙනුවෙන් ඔබේ යුතුකම කරන්න. අන් කිසිම දෙයක් ගැන සිතන්නට එපා.
ප්‍රකාශ කළද නොකළද වසර පහකට මත්තෙන් ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සිතිවිලි ධාරාවන් ගමන් කරන්නට ඇත්තේ මීට සමාන මඟෙකය සිතමි.
ගෝඨාභය රාජපක්ෂ නම් චරිතය මහාභාරතය තුළින් මා දකින එකම තැන මෙය නොවේ.
යුද ශිල්ප පුහුණුවෙහි යම් අවස්ථාවෙක ද්‍රෝණ පංච පාණ්ඩවයන්ට ඉලක්කයට විදීම උගන්වයි. ඉලක්කය ඈත තුරු හිසෙක ඉන්නා ගිරවෙකි.
මුල් අවස්ථාව ලැබෙන්නේ වැඩිමහල්ලා වන යුධිෂ්ඨිරටය.
අර බලන්න ද්‍රෝණ ඔහුට ඉලක්කය පෙන්වයි. තොපට කිමෙක්ද පෙනෙන්නේ?”
ගහක්ගහේ අතුකොළගෙඩිඒ ගහේ ඉන්නා ගිරවෙක්…”
එපමණද?”
නෑ. ඊට පස්සෙන් අහස පෙනෙනවාවළාකුළු පෙනෙනවා…”
ද්‍රෝණ ඔහු විදීම නවතා, දෙවැන්නා භීම කැඳවයි. භීමගෙන් ලබෙන්නේද ඊට සමාන පිළිතුරෙකි.
තෙවැන්නා අර්ජුනය.
අර්ජුනතොප දකින්නේ කිමෙක්ද?”
මට පේනවා ගිරවකුගේ හිසක්…”
හොඳට බලන්න. වෙන මොකවත් පේනවාද කියා
නැහැ. මට පේන්නේ ගිරවාගේ හිස පමණයි

ද්‍රෝණ අර්ජුනට විදින්නට අණ කරයි. එක ඊතලයෙන් ගිරවා මැරී වැටේ.
උතුරේ යුද්ධය සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ ප්‍රවේශයද මෙබඳුය. ඉලක්කය දුටු පළමුවැන්නා ඔහු නොවේ. ඉලක්කය ගත් පළමුවැන්නාද ඔහු නොවේ. එහෙත් අහක ඇති ගස්කොළඅහස යනාදියෙන් අනෙකුන්ගේ අවධානය බිඳී තිබුණේය. ගිරා හිස පමණක් දුටු ගෝඨාභයගේ ඉලක්කය හරි ගියේය.
ගෝඨාභය රාජපක්ෂ නම් තනි මිනිසා තුළ අර්ජුන හා ක්‍රිෂ්ණා නම් චරිත ද්වයම ජීවත් වීද? ඉතිහාසය විසින් මීට පිළිතුරු සපයා ඇත්තේය.

මම කිසි දිනෙක ගෝඨාභය රාජපක්ෂ මහතා හමුව කතා බහ කොට නැත්තෙමි. අඩු තරමින් රූපවාහිනියෙන්,පුවත්පත්වල ඡායාරූප වලින් හැරුණු විට දැක නැත්තෙමි. නමුත් ඔහුගේ කතාව නොකියා මගේ පරම්පරාවේ කිසිවකුගේ කතාව කිව නොහැකිය. මේ නොදුටු මිනිසා අපේ ජීවිත වලට කොට ඇති බලපෑම අප දන්නා හඳුනන,දිනපතා මුහුණට මුහුණ හමුවන බොහෝ දෙනා කර ඇති බලපෑමට වඩා වැඩිය. උදේ බත්මුළ අතින් ගෙනකුඩා දුවගේ පුතාගේ හිස අතගා නිවසින් එළියට බහිද්දී නැවත සවස ගෙදර එන්නට හැකිවේද සැකය මතුවන යුගය,දරුවන්ට දෙමාපියන් දෙදෙනාම නැතිවේය බියෙන් දෙන්නා දෙමාල්ලාන් එක දුම් රියේ ගමන් නොකළ යුගය නිමා කළේ ඔහුය. තවත් බොහෝ දෙනා ඊට දායකත්වය සපයන්නට ඇත. නමුත් කුරුක්ෂේත්‍ර යුද්ධය නිමා කරන්නේ යුධිෂ්ඨිර හෝ භීම නොව අර්ජුනය. ලංකාවේ තිස් වසෙක යුද්ධයේ නිමාව සනිටුහන් කරන “අදිසි මිනිසාගෝඨාභය රාජපක්ෂය.

මා යුද්ධයට දැඩි සේ විරුද්ධ වූ යුගයක් තිබුණේය. ඒ අයිඩියොලොජියක් හැටියට ප්‍රචණ්ඩත්වයෙන් ප්‍රචණ්ඩත්වය මූලෝත්පාඨනය කිරීම මා විශ්වාස නොකළ නිසාය. සිව් වසරක් දක්ෂිණ භාරතයේ කොනෙක දමිළ පමණක් නොව භාරතයේ සියළු ජනකොටස් වලට අයත් සොයුරු සොයුරියන් ඇසුරු කරන්න ලැබීමෙන් වෙනත් ජන කොටසක් තලා පෙළා අප පමණක් නැඟී සිටිය යුතුය යන මෝඩ කල්පනාව මට නොතිබූ නිසාය. සියළු ජන කොටස් සමගියෙන් හා ආඩම්බරයෙන් හිස ඔසවන දේශයක් භාරතයේ තැනී තිබෙනු මා දුටු නිසාය. හුදෙක් ත්‍රස්තවාදයට පිළිතුරු දීම සඳහා පමණක් “at any cost” ප්‍රවේශය මත එල් ටී. ටිය (හා 1987ට පෙර වෙනත් දෙමළ ත්‍රස්තවාදී කණ්ඩායම්) පරාජය කළ හැකි බව දැන සිටිදද, මෙරට බොහෝ රාජ්‍ය නායකයින්ට සේම මේ cost එක කුමක්ද යන ප්‍රශ්නය මටද තිබිණි. යුද්ධයකින් තොරව එකඟතාවයෙන් මේ ගැටළුව විසඳිය හැකියයි මම කල්පනා කළෙමි. එසේ කිරීම පිණිස චන්ද්‍රිකා කුමාරතුංග වෙනුවෙන් 1994දී ඡන්දය භාවිතා කළෙමි. ඇයට එය කිරීමට නොහැකි වූ විට උරණ වී ඇය ගැන විශ්වාසය අත් හළෙමි.
යම් අවස්ථාවෙක මට වැරදී ඇති බැව් මම වටහා ගතිමි. මේ අවබෝධය ඇතිවූ එකම පුද්ගලයා මා නොවේ.

අපි කොච්චර කෑගැහුවත් මල්ලියුද්ධ කරනව ඇරෙන්න වෙන මොකද්ද තියෙන ප්‍රායෝගික විසඳුමමස් රාත්තල ඉල්ලීමෙන් පොඩ්ඩක්වත් බැහැර වෙන්න එල්. ටී. ටී එකට බැරි නම් වෙන මොකක් කරන්නද කියෙන්නෙ?”
මාවිල් ආරු සටන් ඇරැඹීමට සති කිහිපයකට පෙර මේ ප්‍රශ්නය මගෙන් ඇසුවේ රාවය” 1986 අගෝස්තු ආරම්භක කලාපයේ සිටම යුද්ධයට එරෙහිව දේශපාලන විසඳුමක් වෙනුවෙන් පෙනී සිටි අතුල අයියා (වික්ටර් අයිවන්) ය. මට ඔහුට දීමට පිළිතුරක් නොවීය.

කුරුක්ෂේත්‍ර යුද්ධයට පෙර ක්‍රිෂ්ණාද මා බඳුම යුද විරෝධියෙකි (pacifist). යුද්ධය ඇතිවීම වැළක්වීමට ඔහු ගත හැකි සියළු පියවර ගත්තේය. සාම දූතයෙකු සේ කෞරවයන් මුණ ගැසීමට හස්තිනාපුරට ගියේය. දුර්යෝධන විසින් ඔහුට අවමන් කොට ඔහු අත් අඩංගුවට ගැනීමට නියම කළ අවස්ථාවේ පටන් ක්‍රිෂ්ණා යුද්ධය හැර අන් විකල්පයක් නැතැයි තේරුම් ගත්තේය. මේ රටේ බහුතරයක් ජනතාව තුළ සේම මා තුළද සිදුවූයේ මේ චින්තනමය වෙනසය. කොයිතරම් යුද විරෝධියකුට වුවද එක දිගට ගහගෙන ගහගෙන ගියොත් යම් අවස්ථාවෙක ඔහු පෙරළා පහර දෙනු ඇත.
යුද්ධය විශ්ලේෂණය කිරීමට මම යුද විශේෂඥයෙක් නොවෙමි. එහෙත් මම රණබිමට සමාන්තරව සයිබර් අවකාශයේ සිදුවෙමින් පවතින සයිබර් යුද්ධයඕනෑකමින් නිරීක්ෂණය කළෙමි. මා ලලිත් වීරතුංහ මහත්තයාට මෙසේ ලිවූයේ 2009 ජනවාරි නව වැනිදාය.

Dear Mr. Weeratunga,
I am no military expert. But I take pride in my expertise in on-line wars – some of them happen parallel to the ones in the battle field.
In Sri Lanka, the best on-line war ever fought was through the site defence.lk. There are no precedents – even remotely close. Starting from scratch it did not take more than two years for this site not only to be the most accessed Sri Lankan website but beat Tamilnet which had an advantage of more than a decade. It can be argued that this happened in an information monopoly – but still dailynews.lk not making anywhere close tells a long story. (Except for the site of Examination Dept, for obvious reasons, defence.lk is the only site that makes top 100 SL sites ranked on traffic)
How great to win a war both in physical and virtual worlds!
Will be grateful if you can convey my congratulations to Mr. Gotabhaya Rajapaksa for his victory in cyberspace. (Do not have his email)
Best Rgds,
Chanuka

වීරතුංග මහත්තයා සති දෙකකට පසු මෙසේ ලියා තිබුණේය.

Dear Chanuka,
I am sorry I did not reply yours earlier. I have today forwarded your mail to Mr Gotabhaya Rajapaksa. As you know he is the first Defence Secretary, or for that matter the first Secretary to a Ministry who has put to good use IT. It may be because he himself is an ICT expert. He is a model public officer because he has set very high standards. His email: xxxxxxxx@xxxx.xxx
Sincerely,
Lalith Weeratunga
Secretary to the President
Presidential Secretariat
Colombo 1.

ලලිත් වීරතුංග මහත්තයා මේ හෙළි කරන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ බොහෝ දෙනකු නොදත් දිවියේ පැතිකඩෙකි. යුද හමුදාවෙන් ඉවත් වීමෙන් පසු කලෙකට ඔහු පරිගණක වෘත්තිකයකු බවට පත්වෙයි. කොළඹ විශ්ව විද්‍යාලයෙන් 1992දී තොරතුරු තාක්ෂණය පිළිබඳ පශ්චාත්-උපාධි ඩිප්ලෝමාවක් ලබා ගන්නා හෙතෙම මුලින් කොළඹ ඉන්ෆොමැටික්ස් ආයතනයේද, පසුව එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලීස් හි ලොයෝලා නීති විද්‍යාලයේද Unix Administrator කෙනෙකු ලෙස සේවය කරයි. 2005දී ඔහු ආරක්ෂක ලේකම් ධුරය භාර ගන්නේ මේ පදවිය අත හැරීමෙන් පසුවයි. ඉන් පසු ඉතිහාසයේ මට අළුතින් විස්තර කිරීමට දෙයක්
 ඉතිරිව නැත.
ගෝඨාභය රාජපක්ෂ මහතා මේ රටේ පහළ වූ විශිෂ්ඨතම රාජ්‍ය නිලධරයා සේ මම දකිමි. නිදහස් ලංකාවේ වෙනත් කිසිම රජයේ නිලධරයකු ඔහු තරම් දැඩි අවදානමක් ගෙනදැඩි අධිෂ්ඨානයෙන් යුතුව යම් කාර්යයකට අතගසා ඒ කාර්යය සාර්ථකව ඉටු කොට නැත.
වසර දෙකකට මඳක් වැඩි කාලයක් නැවැතී සිටි යුද්ධයක් නැවත ආරම්භ කිරීම සුළුපටු අවදානමක් නොවේ. මා එසේ කියන්නේ හේතු ඇතිවය.
උතුරේ සටන් ආරම්භ කළ හැමවිටෙකම එල්.ටී.ටිය විසින් සටන් විරාම ලබා ගත්තේ ප්‍රතිප්‍රහාර වලින් නොවේ. කොළඹ හා අනෙකුත් පළාත් වල අහිංසක ජනතාව බුරුතු පිටින් මරාදැමීමෙනි. මහබැංකු බෝම්බය, පිටකොටුවේ කාර් බෝම්බය, ගලධාරි බෝම්බය උදාහරණය.

මාවිල් ආරු මෙහෙයුම ආරම්භ වෙද්දී මට තිබුණු ලොකුම භීතිය මෙයයි. එල්. ටී. ටිය කොළඹ නගරයේ දැවැන්ත ජන ඝාතනයකට අර අඳින බැව් රහසක් වූයේ නොවේ. ඇත්තටම ඒ සඳහා එල්. ටී. ටිය විසින් එවන ලද බෝම්බ පිරැවූ ලොරි තුනක් පොලීසිය විසින් අනාවරණය කර ගැනීමෙන් පසුව නතර කරන ලද්දේය. (යුද්ධයේ නිමාවට, අනෙකුත් ආරක්ෂක සේවාවන්ට සාපේක්ෂව, පොලීසියේ දායකත්වයට අවම බවය සාමාන්‍ය අදහස. මේ මහා මෙහෙය එය එසේ නොවන බව විදහා පායි.) මේ එක ලොරියක් හෝ කොළඹ නගරය මධ්‍යයේ පිපිරී දැවැන්ත මනුෂ්‍ය ඝාතනයක් වී නම් යුද්ධය අතර මඟ නැවැතී නටපු නැටුමකුත් නැහැ, බෙරේ පලුවකුත් නැහැමට්ටමකට ගමන් කළ හැකිව තිබිණි. එසේම වර්තමාන ආණ්ඩුව ඊළඟ මැතිවරණයේදී පැරැදිය හැකිව තිබුණු අතර එහි සියළු දෝෂාරෝපණ ගෝඨාභය රාජපක්ෂ මහතාට එල්ල වන්නට තිබිණි. එහෙත් ගිරා හිසට ඉලක්කය අල්ලමින් සිටි ඔහු මේ අතුරු කාරණා ගැන වද නොවීය. අද අප භුක්ති විඳින්නේ ඒ අධිෂ්ඨාන ශක්තියේ අස්වැන්නය.

මේ සටහන යුද්ධයේ නිමාවට දායක වූ වෙනත් කිසිම කෙනකුගේ දායකත්වය අවතක්සේරු කිරීමක් නොවේ. කුරු ක්ෂේත්‍ර යුද්ධයේදීද යුධිෂ්ථිරද, භීමද, දෘපද, විරථද, ශිඛණ්ඩිද, සත්‍යකිද, තවත් බොහෝ දෙනෙක්ද පාණ්ඩවයන් වෙනුවෙන් ධීර ලෙස සටන් කළහ. එහෙත් ඉතිහාසය විසින් මුලින්ම සටහන් කරන ලද නම අර්ජුනගේය. ට්‍රෝජන් යුද්ධයේදී එතැන ඇකිලීස්ට ලැබිණි. ලංකාවේ ත්‍රස්තවාදය හා යුද්ධය නිමා කිරීමේ ගෞරවයද ගෝඨාභය රාජපක්ෂ මහතාට ලැබිය යුතුය මා කියන්නේ ඒ අරුතිනි.
ගෝඨාභය රාජපක්ෂ මහතා නිදහස් ලංකාවේ බිහිවූ විශිෂ්ඨතම රජයේ නිලධරයාය. එහි විවාදයක් ඇතිය මම නොසිතමි.

http://sihisatahan.wordpress.com - බ්ලොග්කරුවාගේ අදහසකි

2 comments: