Dec 30, 2012

හලාල් සම්බන්ධ බොදු බල සේනා මාධ්‍ය නිවේදනය







ශ්‍රී ලංකාවේ හලාල් සහතිකය පිළිබඳව මුලින්ම ශ්‍රී ලංකික ජාතිය අවදි කිරීම පිළිබඳව සමහර ජාතිවාදී හා අන්තවාදී දේශපාලන පක්ෂ හා පුද්ගලයින් විවිධ ස්වරූප වලින් "බොදු බල සේනා" ජාතිවාදී සංවිධානයක් ලෙස දැක්වීමට ගනු ලබන උත්සාහය අප විසින් ඉතා පිළිකුලෙන් යුතුව හෙලා දකින්නෙමු.

බොදු බල සේනා ජාලයේ අරමුණ වනුයේ සදාචාර සම්පන්න ශ්‍රී ලාංකීය ජාතියක් නිර්මාණය කිරීම සඳහා බෞද්ධ හර පද්ධතිය තුලින් අධ්‍යාත්මික නායකත
්වය ලබා දීම සඳහා කටයුතු කිරීමය. ඒ සඳහා ශ්‍රී ලංකාවේ ඉතිහාසය හා ශිෂටාචාරය නිර්මාණය කල සිංහල බෞද්ධයන්ගේ නව පුනර්ජීවයක් ඇති කිරීම සඳහා නව ජාතික පුනරුද ව්‍යාපාරයක් ක්‍රියාත්මක කිරීමේ ඓතිහාසික රාජකාරියේ අප නියලී සිටින්නෙමු. මෙහිදී අප ජාතික වාදීන් වන අතර කිසිදු විටක ජාතිවාදී , වර්ගවාදී නොවෙමු. අප ශ්‍රී ලංකාවේ ජීවත් වන සියලු ආගමික හා ජනවාර්ගික කණ්ඩායම් වල අයිතීන් ගරු කරන අතර කිසිදු විටක ප්‍රචණ්ඩත්වය හෝ සාහසිකත්වය යොදාගෙන කටයුතු කරන ව්‍යාපාරවලට ඉඩ ප්‍රස්ථා ලබා නොදෙමු. අප හැමවිටම සාකච්චාව හා සම්මුතියෙන් ගැටළු විසදීමේ ප්‍රජාතන්ත්‍රීය ක්‍රමය විශ්වාස කරන්නෙමු.

අප යහ පාලනය හා සාධාරණත්වය වෙනුවෙන් හැමවිටම පෙනී සිටින අතර වැරදි කරන පුද්ගලයන්ගේ තරාතිරම, ජාතිය, ආගම පිළිබඳව නොසලකා එම වැරදි විවේචනය කරමු. එය ඕනෑම නවීන ප්‍රජාතන්ත්‍රීය සමාජයක් පිළිගත් චාරිත්‍රයකි.
අප විසින් විවේචනයට ලක් කොට ඇත්තේ අන්‍ය ආගමිකයින් පමණක් නොවේ. අප විසින් අප පිළිබඳව ස්වයං විවේචන වල නිතර යෙදෙමු. බොහෝ බෞද්ධ නායකින්ගේ වැරදි , බෞද්ධ ආයතනවල වැරදි අප විසින් නිර්දය ලෙස විවේචනය කරන ලද බව අපගේ කෙටි ඉතිහාසය තුල පැහැදිලිව දැක ගත හැකි කරුණකි.

හලාල් පිළබඳව අප විසින් කරන ලද හෙලිදරුව්ව අපගේ රටේ ජීවත්වන සාමාන්‍ය බිම් මට්ටමේ මුස්ලිම් වරුන් පිළිබඳ ගැටළුවක් නොවේ. එය ශ්‍රී ලංකාවේ මුස්ලිම් වරුන් පිළිබඳ ගැටළුවක් නොව ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන අන්තර්ජාතික අන්තගාමී මුස්ලිම් ත්‍රස්තවාදය පිළිබඳ ගැටළුවක් බව අපි අවධාරණය කරන්නෙමු.


2012 නොවැම්බර් මස 19 වන දින අප මාධ්‍ය සාකච්චාවේදී ප්‍රකාශ කරනු ලැබුවේ 


" හලාල් පිළිබඳව මුස්ලිම්වරුන්ට ඇති අයිතිය අපිට ගැටලුවක් නෑ. මුස්ලිම්වරු ඉලක්ක කොට ජාතික හෝ ජාත්‍යන්තර වෙළඳපළට නිකුත් කරන හලාල් සම්බන්ධයෙන් අපිට ගැටලුවක් නෑ."
මෙම ප්‍රකාශයෙන් ඉතා පැහැදිලි වන්නේ අපට මුස්ලිම් වරුන් ගැන හෝ ඔවුන්ගේ ආගමික කටයුතු පිළිබඳව කිසිදු ගැටළුවක් නැති බවය. 
http://bodubalasena.org/sinhala/2012/11/%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0-%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%94%E0%B6%9B-%E0%B6%B8%E0%B7%84%E0%B7%8F%E0%B7%83%E0%B6%82%E0%B6%9D%E0%B6%BA%E0%B7%8F%E0%B6%A7/ 

අපගේ ගැටලුව වුයේ මේ පිලිබඳ බෞද්ධ ජනතාව දැනුවත් වී නොමැති බැවින් ඔවුන් දැනුවත් කිරීමය. එය අපගේ සුද්ධ අයිතියකි. වෙනත් දෙවියකුට හෝ යමෙකුට කැප කල අහාර වර්ග බුදු රජුනට හෝ මහා සංගරත්නයට පුජා කිරීම අපගේ ආගමික මතවලට අනුව වැරදි බව ප්‍රකාශ කිරීම අපගේ ආගමික අයිතිය වන අතර එය ජාතිවාදී ලෙස හෝ වර්ගවාදී ලෙස හුවා දැක්වීම කිසිදු ලෙසකින් යුක්ති සහගත නොවේ. ඇත්තෙන්ම ජාතිවාදී හෝ වර්ගවාදී වන්නේ අපගේ මෙම අයිතිය පිලිබඳ අදහස් දැරීමට විරුද්ධ වන්නවුන්ය .
අද බොදු බල සේනා විසින් හෙලිදරුව් කරනුයේ ජාතික වශයෙනුත් ජාත්‍යන්තර් වශයෙනුත් ආරක්ෂක අංශ විසින් සැලකිලිමත් විය යුතු ඉතා වැදගත් කාරණයකි. මෙය හලාල් සහතිකය හරහා මස් කඩයේ සිට ජාත්‍යන්තර ත්‍රස්තවාදීන් ගේ අරමුදල් තර කිරීමට ගනු ලබන උත්සහයක් පිලිබඳවය

කැනඩාවේ ක්‍රියාත්මකවන Point de Bascule පර්යේෂණ ආයතනයට අනුව ( http://pointdebasculecanada.ca/) කැනඩාවේ හලාල් සහතිකය නිකුත් කරනු ලබන අදාල මුස්ලිම් සංවිධානය විසින් හමාස් හා අල්කයිඩා වැනි ජාත්‍යන්තර සංවිධාන වලට අරමුදල් සපයා ඇති අතර එම ජාත්‍යන්තර වශයෙන් සංවිධාන සමග ඍජු සම්බන්දතා පවත්වා ඇත. එමෙන්ම හලාල් සහතික මගින් උපයන මුදල් මුස්ලිම් අන්තවාදය හා ත්‍රස්තවාදය පැතිරවීමට යොදාගෙන ඇත. 


ඒ සඳහා පහත දැක්වෙන වෙබ් අඩවි වලට පිවිසිය හැක 

http://pointdebasculecanada.ca/articles/10002592-muslim-association-of-canada-a-contributor-to-hamas-fund-collector-controls-halal-certification-in-quebec.html
https://www.youtube.com/watch?feature=player_embedded&v=5UvWzzOhugU
http://www.youtube.com/watch?v=th5QTXf1UM0


මෙහිදී බොදු බල සේනා ජාලය පහත දැක්වෙන කරුණු ඉදිරිපත් කරනු ලැබේ.
1) හලාල් අහාර පාන බුද්ධ පුජාවට හා සංඝික දාන වලට අකැප බව
2) හලාල් අහාර පාන බෞද්ධයින්ට නුසුදුසු බව.
3) හලාල් සහතිකය කිසිම ආකාරයකින් පාරිභෝගික අමාත්‍යංශයෙන් අවසරයක් ලබා නොගෙන නීතිවිරෝධීව ක්‍රියාත්මක වන බව.
4) හලාල් සහතිකය නිකුත් කරන ආයතනය සඳහා පර්ලිමෙන්තුව්න් සම්මත වී ඇති අරමුණු වල හලාල් සහතිකය පිලිබඳ සඳහන් නොවන බව.
5) හලාල් සහතික හරහා උපයන මුදල් වල භාවිතය් පිලිබඳ විනිවිදභාවයක් නොමැති අතර එය මුස්ලිම් අන්තවාදය සඳහා යොදා ගත හැකි බව.
6) ජාත්‍යන්තර වශයෙන් හලාල් මුදල් විනාශකරී ත්‍රස්තවාදීන්ගේ කටයුතු සඳහා යොදවන බව.
7) හලාල් පිලිබඳ අපගේ ප්‍රකාශ පිලිබඳ සාමාන්‍ය මුස්ලිම් ජනයා කලබල වියයුතු නැති අතර පොදුවේ සාමාන්‍ය ජනතාව වශයෙන් අපි සියලු දෙන අන්තවාදයට හා ත්‍රස්තවාදයට විරුද්ධව එකතු විය යුතු බව.
8) සියලු සිංහල බෞද්ධ ව්‍යාපාරිකයින් හලාල් සහතික ගැනීම නැවැත්විය යුතු බව.
9) යුරෝපය හා ඇමරිකාවේ පවා හලාල් නොවන අහාර වලට දක්වන උනන්දුව ගැන සැලකිලිමත් වන ලෙස
10) සියලුම බෞද්ධ ස්ථානවල හලාල් නොවන අහාර පමණක් භාවිත කිරීම බෞද්ධ ප්‍රතිපත්තිය බව ජනතාවට පැහැදිළ කිරීම සඳහා දැන්වීම් පල කිරීම

එමෙන්ම අප විසින් රජයෙන් හා පාර්ලිමේන්තුවෙන් පහත කරුණු ඉල්ලා සිටිමු

1) හලාල් සහතික නිකුත් කිරීමේ නීතිමය තත්වය සොයා බල රටේ වාර්ගික කලබලයකට පත් වීමට ඇති තත්වය අවම කිරීමට කටයුතු කිරීම
2) හලාල් මුදල් පිළිබඳව රහස් පොලිසිය හා දේශීය අදායම් දෙපාර්තමේන්තුව විසින් සොයා බැලීම
3) ජාත්‍යන්තර ත්‍රස්තවාදය සඳහා හලාල් මුදල් භාවිතයට ඇති ඉඩකඩ සොයා බැලීම.
4) බෞද්ධ ජනතාවට හලාල් නොවන අහාර පාන ගැනීමට ඇති පාරිභෝගික අයිතිය ආරක්ෂා කිරීමට කටයුතු කිරීම
5) රජය හා රජයේ නියෝජිතයින් බුද්ධ පුජා හා සංඝික දාන දීමේදී හලාල් නම්වූ බෞද්ධයින්ට අකැප අහාර පාන යොදා නොගැනීම 

https://www.youtube.com/watch?feature=player_embedded&v=th5QTXf1UM0
 — with Lalani Pathirana and Chaminda Ariyarathna.

9 comments:

  1. ///බොදු බල සේනා" ජාතිවාදී සංවිධානයක් ///

    බොදු බල සේනා ජාතිවාදී සංවිධානයක් විදියට හංවඩු ගැහෙන්න එකම හේතුව බෞද්ධයන්ට නොසුදුසු අන්දමින් කරන සමහර කටයුතු නිසා විතරයි... ඒවාට බෞද්ධයෝ උනත් එකඟ ‌නොවෙන නිසා...

    පළවෙනි දේ හාමුදුරුවරු සිවුරු කරේ තියාගෙන පාරට බැහීම නැවැත්විය යුතුයි.. ඒක අවශ්‍ය වේ නම් එය ක්‍රියාමර්ගයේ අවසාන විකල්පය විය යුතුයි...

    දෙවනි එක ඉදිරිපත් කරන හැම කරුණක්ම සාධක සහිතව ඉදිරිපත් කළ යුතුයි... අරම වෙනවා මෙහෙම වෙනවා කියලා කෑ ගහන්නේ නැතුව පිලිගත හැකි සාක්ෂි එක්ක තර්කානුකූලව සාකච්ඡා කළ යුතුයි...

    සමාජයේ හිනාවට ලක් වෙන මෝඩ තර්ක ඉදිරිපත් කිරීම නවත්තලා ( සිංහල ජාතිය වඳවෙන නිසා කියලා ගිහින් රෝහල් ඉදිරිපිට පිස්සු කරන්නේ නැතුව ) රටේ සහ සමාජයේ දැන් තියෙන තත්වය අනුව කළ හැකි, විකල්ප සහිත වැඩ පිළිවෙලක් ගැන කතා තළ යුතුයි... පරණ මෝඩ මතවාද ඔලුව උඩ තියාගෙන යන්නේ නැතුව අද සමාජයට ගැලපෙන විසඳුම් ගැන කතා කරලා ( උපත් පාලනය, අන්තර්ජාලය, ඇඳුම් පැළදුම් වගේ දේවල් ගැන අන්තවාදී අදහස් පළ කරන්නෙ නැතුව ) ගැලපෙන විසඳුමක් ගැන කතා කරන්න ඕනේ..

    බොදු බල සේනා යනු මුස්ලිම් විරෝධී නොවන, අන්තවාදී නොවන, ජාතිවාදී නොවන, ලාංකීය සමාජයේ ජීවත් වෙන සියලුම දෙනා වෙනුවෙන් කතා කරන සංවිධානයක් විදියට හැසිරිය යුතුයි..

    පන්සල් වල කෙරෙන බුද්ධ ධර්මයේ මුලික හරයන් විනාශ කරන වැඩ පිළවෙල් ගැන සැලකිලිමත් විය යුතුයි...

    කිසිම ආකාරයක විනාශකාරී කටයුතු වලට පෙළඹවීම නොකළ යුතුයි... වෙනත් ජාතිකයන්, ආගමිකයන් පිඩාවට පත් කිරිම, වෙළඳ සල් විනාශ කිරිම වගේ දේවල් බොදු බල සේනා සංවිධානය නොකළ යුතුයි සහ හෙළා දැකිය යුතුයි...

    මේ ටික කරගත්තොත් බොදු බල සේනා වල සංවිධානාත්මක බව, වැදගත් බව සහ පිළිගත හැකි බව ඇති වෙනවා... ( Credibility )

    අවසාන වශයෙන් බොදු බල සේනා ආරම්භ කරපු හලාල් පිළිබඳ කතාව බොහොම වැදගත්.. මමත් සම්පූර්ණයෙන්ම එකඟ වෙනවා...

    නමුත් මෙතනදි බොදු බල සේවා වලට සාමකාමීව කළ හැකි දේවල් ටිකක් තියෙනවා.. එකක් තමයි රට පුරා වෙළඳ සංගම් එක්ක සාකච්ඡා කරන එක... වෙළඳ සංගම් දැනුවත් කිරීමෙන් හලාල් වෙළඳ භාණ්ඩ වර්ජනය පටන් ගන්න පුළුවන්..

    දෙවනි එක විකල්ප නිශ්පාදන ගුණාත්මක බවින් යුතුව වෙළඳ පොළට නිකුත් කරන්න නිශ්පාදකයෝ පොළඹවන්න ක්‍රමයක් හදන්න ඕනේ.. සිංහල ජාතිය පාරිභෝගිකයන් විතරක් නොවී නිෂ්පාදකයන් වශයෙනුත් ඉදිරියට යන්න පටන් ගන්න ඕනේ.. ( හැම එකම හලාල් නම් පරිභෝජනය නොකර ඉන්න කියන්න බැරි බවත් , එහෙම කියන එකේ සාර්ථක කමක් නැති බවත් තේරුම් ගන්න පුළුවන් නේ..)

    මේ ලාංකීය නිෂ්පාදකයන්ව සම්බන්ධීකරණයක් කරන්න ඕනේ.. මවුබිම ලංකා පදනම වගේ සංවිධාන එක්ක එකතු වෙලා වැඩ කරන්න පුළුවන්... එතකොට විකල්ප නිශ්පාදන තියෙන‌ෙකාට හලාල් වර්ජනය සාර්ථක කරගන්න පුළුවන්...

    අන්තිම දේ.. බොදු බල සේනා වෙබ් සයිට් එක අප්ඩේට් වෙන්න ඕනේ.. ඒකෙ ගොඩක් දේවල් තිබුනට ගිහින් බැලුවම මෙලෝ දෙයක් නෑ...

    ReplyDelete
    Replies
    1. අදහස් හොඳයි නමුත් මම දැනුවත්ව බොදු බල සේනා අන්තවාදී කියන ස්ථාවරේ නැහැ මොකද එකට හොඳම උදාහරණය නීති විද්‍යාල සිද්ධියේදී බොදු බල සේනා රම්සි බාවා කියන මුස්ලිම් ශිෂ්‍යා සමග වැඩ කරනවා . අනික බොදු බල සේනා කතෝලික සභාවෙන් කලයුතු වැඩ කොටසකුත් කරන බවක් පෙනී යනවා උදාහරණයක් වශයෙන් ගත්තොත් ඉවන්ජලික කණ්ඩායම් පිලිබඳ කතෝලික සභාව ක්‍රියාත්මක විය යුතු නමුත් බොහෝ විට කතෝලිකයන් වෙනුවෙන් උනත් පෙනී සිටින්නේ බොදු බල සේනා සංවිධානය . අනික බොදු බල සේනා කොයිම වෙලාවකවත් මුස්ලිම් විරෝධී වත් කතෝලික විරෝධිවත් කියල තමන්ගේ ස්ථාවරය පැහැදිලි කරලා නැහැ ඔවුන් සැමවිටම කියන්නේ ඔවුන් " අන්තවාදී විරෝධී සංවිධානයක්" කියල විතරයි නමුත් ගොඩාක් සර්වාගමික සහ යටින් උගුල් අටවන මිනිස්සු උත්සහ කරන්නේ බොදු බල සේනා සංවිධානයට අන්තවාදී හංවඩුව ගහන්න .. විශේෂයෙන් NGO සල්ලි මත යැපෙන නපුන්සක කුමාරවරු .. ඔවුන් එදා කොටින්ට කත ඇද්ද අද අන්තවාදීන්ට කත අදිනවා.. අපි තේරුම් ගන්න ඕනේ මේකයි..

      Delete
    2. ඒක තමයි කිව්වේ බොදු බල සේනා වල පිළිගත හැකි තත්වය හදා ගන්න ඕනේ කියලා.. මම ගොඩක් එයාලා කරන වැඩ වල අන්තවාදී වීමක් දකින්නේ නැති උනාට ආවේගශීලී විදියට හැසිරෙනවා දකිනවා... අන්න ඒකත් වැරැද්දක්...

      අර මම ඊයේ පෙන්නුවා වගේ වැරදි වල ඉඳලම එයාලා හදාගන්න ඕනේ... බැරි කමක් නෑ නේ.. උගත් අය ගොඩක් එතන ඉන්නවා...

      NGO කියන්නේ පිළිලයක් කියන එක අපි දන්නවනේ... සල්ලි නම් ප්‍රශ්නේ සල්ලි තියෙන මිනිස්සු එකතු කරගන්න පුළුවන් වෙන්න ඕනේ... අන්න එතනදි තමයි Credibility එක වැදගත් වෙන්නේ.. සිවිල් සංවිධානයක් උනාම සමාජයේ වැඩි පිළිගැනීමක් ලැබෙන්නේ සාධාරණ සහ සාමකාමී කියලා පේනවා නම් විතරයි.. මොකද අපි යුද්ධයෙන් අවුරදු ගානක් බැට කාපු නිසා ආයිත් ඒ වගේ තැනකට යන්න මිනිස්සු බයයි... ...

      Delete
    3. අනික සහෝදරි හාමුදුර්වරු පාරට බැස්සේ අද ඊයේ නෙමේ ..දුටු ගැමුණු රජ්ජුරුවන්ගේ කාලේ උනත් මාගමින් ආපු හාමුදුරුවරු දළදාව හෙල්ලයක තියාගෙන සටන් පෙරමුණට වැඩියා කියල ඉතිහාස පොත් වල තියනව . අනික ආණ්ඩු ක්‍රම ව්‍යවස්තානුකුලව බුද්ධාගම මුල්තනේහිලා සැලකිය යුතුයි එය පෝෂණය කල යුතුයි කියල තියන දේ පවතින රජයවල් වලින් ඉටු නොවෙද්දී අතීතයේ වගේම හාමුදුරුවරු පාරට නොබහ කොහොමද.. අනික ගොඩාක් වෙලාවට හාමුදුරුවරු පාරට බහින්න අවසන් විසඳුම විදියට තමයි . හලාල් ප්‍රශ්නේ නීති විද්‍යාල ප්‍රශ්නේ සම්බන්ධව සාහෙන්න්න ක්‍රියා මාර්ග අරන් තියනවා එත් පෙන විදියට රජයෙන් ධනාත්මක ප්‍රතිචාරයක් නැහැ ඉතින් පාරට බහින එක තමයි දැනට තියන එකම විකල්පේ..

      Delete
    4. //දුටු ගැමුණු රජ්ජුරුවන්ගේ කාලේ//

      පරණ කතා ගැන කතා කරලා දැං වැඩක් නෑ කියලා මං හිතන්නේ.. නුමත් ඔය තර්කේ එනවා කියලා මම දැනගෙන හිටියා..

      පරණ කතාව කියපු නිසා කියන්නම්.. හාමුදුරුවරු මුලින් කළේ රජ්ජුරුවන්ව හරි මාර්ගයට ගන්න එක.. ඒකට කරපු දේවල් දන්නවා ඇති නේ.. රජ්ජුරුවෝ සනසන්න, රජ්ජුරුවෝ උඩ නග්ගන්න බණ කියන්නේ නැතුව කරන්න ඕනේ දේ පැහැදිලි කරපු එක.. ඊට පස්සේ රජ්ජුරුවන්ට කරන්න පුලුවන් හැම උදවුවම කළා... පිය රජතුමා උනත් හරි දේ හරියට කරන්න ඕනේ නිසා වැඩේ කල් දැම්මේ... හොඳට ඒ කතාව කියෙව්වා නම් තේරුම් ගන්න පුළුවන් ස්ට්‍රැටර්ජි එක මොකද්ද කියලා...

      මම දන්න තරමට රට පුරා වෙළඳ සංගම් වල එකමුතුවක් හදන්න උත්සාහ කරලා නෑ... නිෂ්පාදකයෝ එකතු කරගන්න උත්සාහ කරලා නෑ.. අඩු ගනේ එහෙම දෙයක් මම නම් මේල් එකක් වත් දැක්කේ නෑ... අඩු ගානේ හලාල් නොමැති නිශ්පාදන ගැන දැනුවත් කිරිමත් වත් කෙරිලා නෑ... ( තමන්ගේ නිශ්පාදන වලට ඉල්ලුම වැඩි කරගන්න ඕනේ නිෂ්පාදකයෙක් කැමති වෙයි.. එහෙම එකේ නොමිලේ ලැබෙන ප්‍රචාරය වටිනවනේ..) ඉන්ටනෙට් එක කියන පහසුකම කියන්නේ මෙ රටේ දැන් තියෙන බලවත්ම මාධයයක්.. ඇයි ඒ යොදා ගන්නේ නැත්තේ මේ වැඩ පිළිවෙලවල් වලට.. මං දැක්ක විදියට වෙබ් සයිට් එක වැදගත් විදියට නිර්මාණය වෙලා තියෙනවා... හැබැයි ගොඩක් අංශ හිස්.. විශේෂයෙන් නීති අංශය එහෙම... ඒවා කොච්චර වැදගත්ද...

      රජය පෙරළන්න උත්සාහ කරන්න කලින් සිවිල් සමජය හරියට සංවිධානය වෙන්න ඕනේ.. ඉස්සර ව‌ෙග් නෙවෙයිනේ දැං... මර්දනයට ඕනේ තරම් ක්‍රම තියෙනවා... රට හුදකලා නෑ... ඒක නිසා විදේශ බලපෑම් වැඩියි.... ඒවත් රජයට බලපානවා...

      මං මේක කිව්වේ වලියකට නෙවෙයි හොදේ... මේ ගැන මගේ අදහස කියන්න.. අනිත් එක පුළුවන් නම් මේ අදහස් බොදු බල සේනා වලට ඉදිරිපත් කරන්න..

      Delete
    5. කමක් නැහැ වලියක් උනත් හොඳ දෙයක් නම් මමත් ඉඳල හිටලා කාත් එක්ක හරි පැටලෙන්න හරි කැමති නැත්තම් ජිවිතේ වැඩක් නැහැ.

      Delete
    6. අමතක වෙච්ච දෙයක්..සුද්ද කියනව වගේ Point Taken එත් මතක තියා ගන්න අතීතයෙන් තොර වර්තමානයක් නැහැ . History is repeating .

      Delete
  2. yak puraye sinhalaya , :) mama hiruta denna hitapu tolks tika oya dunna.niyamayi. ;) api ada mehema jeevath wenne ape rajawaru vada akrapu vidyatayi ape ahmduruwaru kriyakala vidiyatayi.issara aakle yuddhayak awama hamduruwaruth siwra thiyala yuddha kara.passe ayeth siwra dagaththa.ekayi ape rate budu dahama sinahalauo tama inne me vidiyata.jathiyata agamata adare akrana minihek nam bodu bala senawa wenuwen amrenna unath lasti wenna one.apita thiyana ekama pihita ekayi :) ape hadmuruwaru athin varaddak unath ape sinhalayo athin varaddak unath api ewa hithanna honda naha.api ewa ahdagena issarahata ayannayi one mama hithanne.namuth me velawe jathiyak hatiyata sinhalayo ekathu karaganna one.ekathu wenna one.natinam eke bayanaka prathi vipaka labayi ikmanatama.apeth kona kapala thoppiya dala.lol.darmapala thuma , somahadmuruwo kwiwa deval ape ess panapitama wenawa.thamath ape sinhalayo nidi.dukayi.jayaweva.Nambuddhaya.

    ReplyDelete
    Replies
    1. ස්තුති සහෝදරයා හිරු කියන එකෙත් ගන්න දෙයක් තියනවා..

      Delete