Dec 10, 2012

මළ පෙරේතිය පුතාගෙන් පළිගන්න හූ කියාගෙන මහ ගෙදරට එයි


මිනිසා ජීවත්වීමේදී එළැඹෙන අවශ්‍යතාවන් ඉටුකැර ගැනීම සඳහා විවිධ ක්‍රමෝපායන් භාවිත කරයි. දුගතිගාමී වූ අමනුස්සයෝද මිනිස් ලොව ජීවත්ව සිටියදී සිදු කළ අකුසලයන්හි විපාක විඳින්නෝය. මිනිස් ලොව මිනිසකුව සිටියදී කරන ලද කපටි කෛරාටිකකම් සංස්කාරකොට ගත් උපාදාන ඇත්තෝය. ඒ පුරුදු ඇති අමනුස්සයෝද තමන්ගේ වුවමනාවන් ඉටුකැර ගැනීමට කපටිකම් කරති.

හෝමාගමට නුදුරු ගමක පදිංචි නිරෝෂිණී තිස් දෙහැවිරිදි දෙදරු මවකි. ඇය සිය ස්වාමි පුරුෂයාත් පුංචි අම්මාත් සමඟ හෝමාගම ලයනල් ජයතිලක මාවතේ ටී.ජී.ඩී. ලක්‍ෂ්මන් මහතා හමුවීමට පැමිණියේ තෙමස් වියැති බිලිඳු පුතාගේ හඳහන බලවා ගැනීමටය. පුංචි අම්මා කැඳවාගෙන පැමිණියේ ඔවුන් හඳහන බලවා ගන්නා තුරු පුංචි පුතා බලා ගැනීමටය.
 
මේ ජේ‍යාතිෂ කාර්යාලය පිහිටියේ උඩුමහලකය. නිරෝෂිණී සැමියාත් ජේ‍යාතිර්වේදියා සමඟ සාකච්ඡා කරන විට නිරෝෂිණීගේ පුංචි අම්මා (ප්‍රේමා) දරුවා වඩාගෙන ඒ කාමරයෙන් පිටත සිටියාය. ලක්‍ෂ්මන් මහතා හඳහන බලන්නට පෙර තෙරුවනට නමස්කාර කොට ස්තෝත්‍රයක් කියද්දී ප්‍රලය වූයේය. ඔහු නිරෝෂිණීගෙන් ප්‍රශ්න කරන්නට වූයේ දරුවා ගැන නොවේ.

"කවුද අර එළියේ ඉන්නෙ?"
"
පුංචි අම්මා" නිරෝෂිණී පිළිතුරු දුන්නාය.
"
පුංචි අම්මා කසාද බැන්දේ නැහැ නේද?"
"
ඔව්. මහත්තයා. අපේ පුංචි අම්මාව අඳුනනවාද?"
"
නැහැ. මට පෙනෙනවා. මෙයාගෙ විවාහය පමා වුණා විතරක් නෙමෙයි දරුණු හිසරදයකුත් බඩේ අමාරුවකුත් තියෙනවා නේද? එයාට ඇතුළට එන්න කියන්න.
පුංචි අම්මා කාමරයට ආවාය. එසැණින් ඇයද ප්‍රලය වූවාය. දැන් ලක්‍ෂ්මන් මහතා ඇගෙන් ප්‍රශ්න කරන්නට වූවාය.
"
කවුද මේ ශරීරයට රිංගාගෙන ඉන්නේ?"
"
මම මිලිනෝනා"
"
මිලිනෝනා මෙයාගෙ කවුද?"
"
මෙයාට ඥාති සම්බන්ධයක් නෑ"

ඉන්පසු ලක්‍ෂ්මන් මහතා මිලිනෝනා කවුදැයි නිරෝෂණීගෙන් විමසුවේය.
"
අපි පදිංචි වෙලා ඉන්න ගේ හදන්න ඉඩම් කොටසක් ගත්තෙ මිලිනෝනා ආච්චිගෙන් එයාගෙ ගේ තිබුණෙත් ඒ ළඟමයි. මිලිනෝනා ආච්චි අපිව කිට්ටුවෙන් ආශ්‍රය කළා. එතකොට අපේ පුංචි පුංචි අම්මා හිටියේ ලෙබනන්වල. මිලිනෝනා ආච්චි අපේ පුංචිට අනුකම්පා කරලා අඩු මිලකට ඉඩම් කොටසකුත් දුන්නා" යි නිරෝෂණී තොරතුරු පැහැදිලි කළාය. නැවතත් භූතාත්මය කතා කළාය.

"මබ මේ දැරියගෙ ඇඟට ආවෙ කරදර කරන්න නොවෙයි. මේ දැරිය අහිංසකයි. අසරණයි. මම ආවේ උදව් කරන්න. පුතේ! (නිරෝෂණී අමතා) උඹලා ආවේ උක්කුවගෙ ත්‍රීවීල් එකෙන් නේද? !උඹලා යනකොට එහෙම ඕකගෙ ඔය හුචක්කුවෙන් යන්න එපා. ගියොත් එහෙම තොපි හතර දෙනත් එක්කම පෙරළනවා."
ලක්‍ෂ්මන් මහතා නිරෝෂණීගෙන් නැවත ප්‍රශ්න කළේය. "කවුද මේ උක්කුවා කියන්නෙ?"
"
මේ මිලිනෝනා ආච්චිගෙ මුනුබුරා. පුතාගෙ පුතා."
නැවතත් භූතාත්මයෙන් ප්‍රශ්න කළේය. "ඇයි මේ තමුන්ගෙ මුනුබුරා සමඟ අමනාප?"

"ඕක මගේ මුනුබුරා වුණාට මට වැඩක් නෑ. ඕකගෙ මහ උන් දෙන්නා මට හරියට වෙනස්කම් කළා. කන්න දුන්නෙ නෑ. මට සිල් ගන්න සුදු රෙදි අරගෙන දුන්නෙ නෑ. මම මළාට පස්සේ මගෙ ඉඩම් විකුණ විකුණ කනවා. මා වෙනුවෙන් දානයක් දීලා පින් දුන්නේ නෑ. ඕකගේ අම්මා ඔය ඇස් දෙක ඇරගෙන හිටියට පෙනෙන්නේ කළුවර. මම ඒකිගේ ඇස් පොට්ට කළා. ඒත් පුතේ මම උඹලට කරදර කරන්නේ නෑ. ආපහු දුක් විඳින්න දෙන්නේ නෑ. පරම්පරා ගණනාවකට ජීවත්වෙන්න දෙයක් දෙනවා. ඒක උඹලට අරගෙන දෙන්න පුළුවන් මේ මහත්තයට (ලක්‍ෂ්මන්) විතරයි. කපටි නෑ. ඒක අරගෙන උඹලට සාධාරණව බෙදා දේවි. එයත් කොටසක් ගනීවි."

"කොහේද ඕක තියෙන්නේ?"
"
මම උඹලට විකුණපු ඉඩමේ කෙසෙල් පඳුර යට. ඔබතුමාට ඒක ගන්න පුළුවන්. මම උදව් කරන්නම්. නිරෝෂිණීලගෙ ගෙදරට ආරක්‍ෂාව දාන දවසට මම ඒක පෙන්වන්නම්. පුතේ! උඹල බයවෙන්න එපා. ඔය දරු පැටියගෙ හදවතේ හිලක් තියෙනවා. ඔපරේෂන් කරන්න ඕනෑ කීවාට දොස්තරට වැරැදිලා. දරුවට කරදරයක් වෙන්නේ නෑ. බය නැතුව හිටපන්. උඹලගෙ ගෙදරට අපල උපද්‍රව තියෙනවා. දැනට ලක්‍ෂ දෙකක් විතර වියදම් කළානෙ. වැඩක් වුණේ නෑ. මේ මහත්තයා ආරක්‍ෂා කර දෙයි."

මේ අනුව හඳහන් බැලිල්ල පැත්තකට ගියේය. ඊළඟ සතියේ නිරෝෂණීගේ නිවෙසට ආරක්‍ෂා දැමීමේ ශාන්තිකර්මයක් සිදුකිරීමට යොදා ගනු ලැබිණි.
එදින ශාන්තිකර්මය ආරම්භයේදීම ප්‍රේමා ප්‍රලය වූවාය.
"
කවුදර මේ?"
"
මම මිලිනෝනා"
"
ඔය ඇඟේ තව කෙනෙක් ඉන්නවා නේද? මිලිනෝනා ටිකකට ඉවත් වෙන්නැ"යි මිලිනෝනා ඉවත් කොට අනිත් ප්‍රේත ජීවියා ආවිෂ්ට කළේය.
"
කවුද මේ?"
"
ලීලාවතී"

"කවුද ලීලාවතී කියන්නේ?"
"
ප්‍රේමා ලෙබනන් යන්න කලින් කුලියට, දැනට අවරුදු තිහකට කලින්, ප්‍රේමා කුලියට හිටපු ගෙදරට උඩ ගෙදරට ගියේ මගේ දරුවෝ. උන් ප්‍රේමා එක්ක තරහයි. ප්‍රේමාගෙන් පළිගන්න ඇදුරෙක් ලවා විනයක් කළා. ඒ වින බන්ධනයේට බැඳුණේ මම. මම දැන් ඒ නියමයට පළිගන්නවා."

"නමුත් ප්‍රේමාගෙන් පළිගන්න මොනවද කළේ?
"
මම මේකිව ලෙඩ කළා. මේකිව කසාද බඳින්න බලන්න ආපු අයට මේකිව එපා කළා. මේකිගෙ තාත්තා තමයි මේකිට උදව්වට ආරක්‍ෂාවට හිටියේ. මම ඒ මිනිහව ලෙඩ කළා. ඒ මිනිහගෙ ඇඟේ මස් ගැලවිලා යන ලෙඩක් හැදුණා. ‍ෙදාස්තරලට ලෙඩේ හොයා ගන්න බැරුව ගිහින් ලෙඩා මළා. ඊට පස්සේ මේකි රට ගියා. මටත් මේකිත් එක්ක රට යන්න අවසර වරම් තිබුණේ නෑ. ඒත් ආයෙත් ලංකාවට ආ ගමන් මම ඇඟට රිංගුවා." ඒ සමඟම මිලිනෝනා නැවත ආවිෂ්ට වූවාය.
"
පුතේ" පුතාට මේ කැහැටු ගෑනිව අයින් කරන්න පුළුවන්. මේකිගෙ අත පය පණ නෑ. අර මිදුලෙ තියෙන අඹ ගහ යටට මේකිව අරගෙන ගිහින් අඹ අත්තක් කඩාගෙන මතුරපං. එතකොට ලීලාවතීව ඒ අඹ අත්තට ගන්න පුළුවන්." ඒක බෝධියක් ළඟට ගිහින් ආපසු ලක්‍ෂ්මන් මහතා එසේ කොට අඹ අත්ත මිදුලෙන් තබා නැවත රෝගියා සමඟ ගෙට ආවේය. රෝගියා නැවත ආවිෂ්ට වූවාය.

"ඒ පාර කවුද මේ?"
"
මම ලීලාවතීමයි"
"
මට දැන් මෙතැන ඉන්න බෑ. මම යන්න ඕනෑ. මම මේ පිරිත් මණ්ඩපය කඩලා කුඩු පට්ටම් කරලයි යන්නේ?"
"
ඒවා කොහේද? එහෙනම් උඹ කරලා බලපං"
"
එහෙනම් මේවා පොළොවේ ගහලා කුඩු කරනවා" යැයි එතැන තිබුණු ප්ලාස්ටික් පුටු දෙකක් දෑතට ගත්තාය.
"
උඹේ හිතේ තියෙන කේන්තිය පිටකර ගන්න ඕනෑ නිසා ඒක කර ගනින්" යැයි කියනවාත් සමඟ පුටු දෙක දෑතින් ඔසවා කුඩු වී යන්න පොළොවේ ගැසුවාය.
අඹ අත්ත ඒ කිට්ටුව තිබුණු බෝධියකට ගිහින් දමන ලෙස නිවැසියන්ට පැවරූ විට නැවත ආවිෂ්ට විය. බිම පෙරළී කියන්නට වූවාය.
"
මට බෝධිය ළඟට ගිහින් නිකං ඉන්න බෑ"

"උඹට මොනවද ඕනෑ?"
"
මට සිල් ගන්න සිල් රෙදි ඕනෑ"
නිරෝෂණීගේ මව ගෙයි තිබුණු සිල් රෙද්දක් ගෙනැවිත් ඇගේ ඇඟට දැමුවාය.
".................. (
කුණුහරුපයෙන් ඇයට බැන) තොපි ඇඳපු ඒවා මට එපා. මට ඕනෑ අලුත් රෙදි."
අඳුනන වෙළෙඳසල් හිමියකු අවදි කොට අලුතෙන් රෙදි යාර තුනක් ගෙන එන ලෙස නිරෝෂණීගේ මව ඥාතියකුට කීවාය.
"....... (
නැවත කුණුහරුපෙන් බැන) ඇයි බොල..... තෝත් ගෑනියෙක් නේද? රෙදි යාර තුනෙන් මොකක් වහගන්නද? මට අඳින්න රෙද්දක් ඕනෑ. යට සායක් ඕනෑ. සලුවක් ඕනෑ. හැට්ටයක් ඕනෑ. රෙදි මීටර් නමයක් ගෙනාපල්ල" ප්‍රේත ජීවියා කීවාය.
ඥාතියා රෙදි ගෙන එන්නට පිටත්ව ගියේය.
"
හී--......හී-- .........හී--.......මේ රෑ ඕකට රෙදි ගන්න ලැබෙන්නේ නෑ. මේ වෙලාවේ කවුද කඩ අරින්නේ? රෙදි දෙනකම් මම යන්නේ නෑ."
"
මේ උඹව සතුටු කරලා යවන්නයි මම හදන්නේ. උඹ වැඩි පණ්ඩිතකම් කරන්න ආවොත් මුකුත්ම නොදී පුච්චලා පන්නනවා. ඔන්න අඟුරු කබලක් ගේන්නැ"යි කීවේය.
"
අනේ අනේ එපා. මම දන්නවා. මම දන්නවා. මම කට පියාගෙන ඉන්නම්."
නිවෙසින් පිටව ගිය ඥාතියා මේ අතර සුදු රෙදි අරගෙන ආවේය. නිරෝෂිණීගේ මව රෙදි මීටර් නමය රෙද්දටත් සායටත්, සලුවටත්, හැට්ටයටත් කෑලි හතරකට කඩා බිම වැතිර සිටින ප්‍රේමාගේ පපුව මතින් තැබුවාය.

"අෑ බොල කෝ හැට්ටේ? ඔය රෙදි කෑල්ල හැට්ටෙට දා ගත්තාම තන් දෙක එළියනෙ. තන් දෙක එළියෙ දාගෙන පන්සල් යන්න පුළුවන්ද? මට හැට්ටයක් ඕනෑ."
"
මේ රෑ කොහොමද හැට්ට මහන්නේ?"
"
ඇයි බොල ප්‍රේමා අර මඟුල් ගෙදරක යන්න මහලා අල්මාරියෙ දාගෙන ඉන්න අලුත් ලේස් හැට්ටෙ අරගෙන වර. ඒක දාපිය මගේ ඇඟට."
ප්‍රේමා මංගල උත්සවයකට යෑමට මසා තිබූ අලුත් ලේස් හැට්ටය ඇගේ අම්මා ගෙනවිත් ඇඟට දැම්මාය.
"
අන්දපිය ඕක"
"
ඇයි බොල මෙහෙම යන්න පුළුවන්ද? හැට්ටෙට කටු ගහපියව්." ඒ අනුව කටුද ගැසුවාය.
"
හරි .... හරි ....දැන් මට සන්තෝසයි. දැන් මේ ඇඳුම් ටිකයි අඹ අත්තයි බෝගහ ළඟට ගිහින් දාපියව්, මම යනවා." ප්‍රේතිය ශරීරයෙන් ඉවත් වූවාය.
සුදු රෙදි ටිකත් අඹ අත්තත් ඒ රාත්‍රියේම බෝධීන් වහන්සේ නමක අසලට යැව්වේය. ඊළඟට නැවතත් මිලිනෝනාගේ භූතාත්මය ප්‍රේමාට ආවිෂ්ට විය.
"
ඉහි......ඉහි......ඉහි......." ප්‍රේතිය හඬන්නට පටන් ගත්තාය.
"
ඇය මේ අඬන්නේ?"
"
මාවත් පන්නා ගන්න නේද හදන්නේ?"
"
ඔව්. ඔව්. දැන් තමනුත් යන්න සූදානම් වෙන්න ඕනෑ. තමුන් අපිව රවටලා මෙතැන නතර වෙන්නයි හැදුවේ නේද?"
"
මම කෙහේද රැවටුවේ ඔබතුමාව?

"ඇයි මතක නැද්ද? නිධානයක් ගැන අපට අදහස් දීලා රවටලා මෙතන නතර වෙන්න නේද හැදුවේ."
"
අනේ මට සමාවෙන්න"
"
යමුද ඒ නිධානය ගොඩ ගන්න. කෙසෙල් ගහ යට හාරමුද?"
"
ඉහි......ඉහි.... අනේ මට සමාවෙන්නැ"යි වැඳවැටී විලාප දෙන්නට වූවාය. "අනේ පන්නන්න එපා. මට ප්‍රේමා එක්ක ඉන්න ඉඩදෙන්න."
"
මේ... මේ...... මනුස්සයන්ටයි අමනුස්සයන්ටයි එකට ඉන්න බෑ. වහාම පිටවෙලා යන්න ඕනෑ."
"
හොඳයි හොඳයි මම යනවා"
"
කොහේද යන්නේ?"
"
මම පුතාලගෙ ගෙදරට යනවා. ඒ දේපළ මගේනෙ. මම උන් ළඟට යනවා. ගිහින් පළි ගන්නවා"යි යටි ගිරියෙන් හූවක් තියාගෙන ප්‍රේතිය ප්‍රේමාගේ ශරීරයෙන් ඉවත්ව ගියාය.

මතුගම - මහින්ද විජේතිලක
http://www.mawbima.lk/55-8962-news-detail.html

2 comments: