Dec 23, 2012

ඇෆ්ගන් මළ සිරුරුවලට මුත‍්‍රා කල ඇමරිකා සෙබළුන්ට දඬුවම්


ඇෆ්ගන් මළ සිරුරුවලට මුත‍්‍රා කල ඇමරිකා සෙබළුන්ට දඬුවම්
ඇමරිකානු මැරීන් භටයෙක් උතුරු කැරොලිනාවේ විශේෂ යුද්ධාධිකරණයක් හමුවේ ඇෆ්ගනිස්ථානයේ මියගිය තලේබාන් සටන් කරුවන් මත මුත‍්‍රා කිරීමේ වරදට නිලයෙන් පහල හෙලා ඩොලර් 500ක් දඩගසා ඇත. යුද්ධයේ තුවාල කරුවන්ගේ ඡුායාරූප ගැනීම හා පහල නිලධාරීන් නිසි ලෙස අධීක්ෂණය නොකිරීම නිසා සාජන්ට් ජෝෂප් චැම්බ්ලින් මෙසේ වරදට ලක්ව ඇත.

ඇෆ්ගනිස්ථානයේ හෙල්මන්ඞ් පලාතේ ක‍්‍රියාන්විතයකදී මිනිසුන් තිදෙනෙක් මත මුත‍්‍රා කරමින් සිනා වෙන දර්ශනයක් ජනවාරි මස අන්තර්ජාලයේ පලවීමෙන් සිද්ධිය ඇවිලී ගියේය. ඔවුන් 4 වන ස්කවුට් ස්නයිපර් බල ඇණියේ සාමාජිකයන් බව හඳුනා ගන්නා ලදී.
ඇෆ්ගන් ජනපති හමිඞ් කර්සායි මෙම ක‍්‍රියාව අමානුෂික බව කියා සිටි නිසා ඇමරිකානු ආරක්ෂක ලේකම් ලියොන් පනෙටා මෙන්ම හිලරි ක්ලින්ටන් ද ඒ පිලිබඳ සොයා බලා සෙබළුන්ට දඬුවම් කරන බව කියා සිටිහය. මාස 8ක් තිස්සේ පැවති පරීක්ෂණ වලින් පසු සෙබළුන් තිදෙනා වරදකරුවන් බවට පත් කර අනාවරණය නොකල පරිපාලනමය දඬුවම් ලබා දී ඇත.

විශාමික හමුදා කර්නල්වරියක හා තානාපතිනියක වන ඈන් රයිට් කියා ඇත්තේ මෙම මෘදු දඬුවම නිසා ඇෆ්ගනිස්ථානයේ ඇමරිකානුවන්ට එරෙහි ප‍්‍රචණ්ඩ ක‍්‍රියා වැඩිවනු ඇති බවයි. වරදකරුවන්ගේ අනාගත සියළු උසස්වීම්ද අත්හිටුවනු ඇත. චැම්බ්ලින් හා සාජන්ට් එඞ්වර්ඞ් ඩිප්ටෝලා එට පමණක් අපරාධ චෝදනා නගා ඇති අතර ඩිප්ටෝලා ගේ සිද්ධිය තවම විභාග වෙමින් පවතී. චැම්බ්ලින් දින 30ක සිරදඬුවමක් හා ඩොලර් 2000ක දඩයකට යටත් කල නමුත් පසුව එය ශේණි 3 ක් නිලයෙන් පහත හෙලීම සහ ඩොලර් 500 ක දඩයක් දක්වා අඩු කරන ලදී.

රයිට් කියන්නේ මෙම තින්දුවෙන් එරට ජනයා කෝප වනු ඇති බවයි. එසේම මෙවැනි තවත් චෝදනා ගණනාවක් සටන් ප‍්‍රදේශවල ඇමරිකානු සොල්දාදුවන්ට එරෙහිව නැගී ඇත.

http://rt.com/news/us-marine-urinate-afghans-596/

1 comments:

  1. මොනව උනත් සතුරෙකුට වුනත් මේ කරන වැඩේ නම් වැරදියි. මිනිස් කමට නින්දාවක්...

    ReplyDelete