Dec 11, 2012

ජපනා ජාතික කොඩිය විකෘති කල හැටි


ජාතික කොඩිය මැදට පැන්ඩෙකුගේ රූපයක් යොදා මුද්‍රණය කරන ලද නත්තල් සුබපැතුම්පත් තොගයක් ගල්කිස්ස තැපැල් හලෙන් ජපානයට තැපැල්කිරීමට පැමිණි ජපන් ජාතිකයෙකු ගල්කිස්ස පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත.

අත් අඩංගුවට ගන්න අවස්ථාවේ ඔහු සතුව සුබපැතුම් පත් 44 ක් තිබී ඇති අතර පසුව කල සොයා බැලීමකදී ඔහු නැවතී සිටි හෝටලයේ තවත් සුබපැතුම් පත් 120 ක් හමුවී ඇත.

සින්සිරෝ කවසීමා නම් මෙම සැකකරු පසුගිය 7 දින ලංකාවට පැමිණ ඇති අතර මෙරටට පැමිණෙන අවස්ථාවේ ජපානයේදී මෙම සුබපැතිම්පත් මුද්‍රණයකර ලංකාවට රැගෙනවිත් ඇත.

ඔහුගෙන් කල විමසීමකදී ඔහු ප්‍රකාශ කොට ඇත්තේ සිය හිතවතුන්ට ලබාදීමට මේවා රැගෙන ආ බවයි. මෙම ජපන් ජාතිකයා මෙයට පෙරද ලංකාවට පැමිණි අයෙකු මෙන්ම රජය සමග සම්බන්ධ වී කටයුතු කල අයෙක් බවටද තොරතුරු හෙළිවී තිබේ.

සින්සිරෝ කවසීමා විසින් ජාතික කොඩිය විකෘති කොට තිබුනේ මෙසේය.



2 comments:

  1. mewa gana kauruth balan na ,,okkoma tama thamange wada,,,,,,ane manda..

    ReplyDelete
    Replies
    1. ඔව් මේවා තේරෙනකොට පෙරහැර ගිහින් තියෙයි ..

      Delete