Dec 8, 2012


අප ජීවිතයේ ලද විශාලම භාග්‍ය වූ නිර්මල ථෙරවාදී බුදු දහමට වින කටිමින් මිත්‍යාව වපුරවමින් ශ්‍රී ලාංකිකයන් තොග ගණනින් අධර්මයටත් මුලාවටත් රැගෙන යමින් සිටි පිටිදූවේ සිරිදම්මනමින් මුලින් පෙනී සිට චීවරදාරියා පිළිබද ලිවීමට කිහිපවරක්ම සිතුනි. නමුත් කරුණු කිහිපයක් හේතුවෙන් ඒ පිළිබද නොලිය සිටින්නට ඒ හැම වාරයකදීම තීරණය කරන ලදී. එයට ප්‍රදාන හේතුව වුයේ පිටිදූවේ සිරිදම්මයනු එකල සමාජ සම්මතය අනුව භික්ෂුන් වහන්සේ නමක් ලෙස පෙනී සිටි අයකු බැවින් ගිහියකු ලෙස භික්ෂූන් වහන්සේ නමක් විවේචනය කිරීම සුදුසු නැතයි වූ හැගීමයි.
භික්ෂුවක් සංඟ සමාජයට එරෙහිව කටයුතු කරන්නේනම් ඔහුට විරුද්දව කටයුතු කිරීමට පෙරමුණ ගත යුත්තේ සංඝ සමාජය විසින්මය. කල් ගතවී හෝ අවසානයේ එය සිදුවී ඇත. පිටිදූවේ සිරිදම්මහිමි ලෙස පෙනී සිටි මෙම චීවරදාරිය මෙයට වසරකට පමණ පෙර හිටි හැටියේ රටෙනුත් අතුරුදහන් වන්නේ සංඝ සමාජය විසින්, විශේෂයෙන්ම මෙම චීවරධාරියාගේ ගුරු හිමියන් වන පරවාහැර හිමියන් විසින් මොහුව ශිෂ්‍ය බාවයෙන් නෙරපීමත් සමගය.පරවාහැර චන්ද්‍රරතන නායක හිමියන් පවසා තිබුනේ භික්ෂුභාවයට නොගැලපෙන ක්‍රියා රැසක් හේතුවෙන් මිට වසර දෙකකට පෙර තමන්ගෙන් උපසම්පදාව ලැබූ පිටිදුවේ සිරිධම්ම නමැති තැනැත්තා තමන්ගේ ශිෂ්‍ය භාවයෙන් ඉවත්කළ බවද ඒ බව දන්වමින් පුවත්පත් දැන්වීමක්ද පලකල බවය.ගුරුහිමියන් විසින් පැවිද්දෙකු ශිෂ්‍ය බාවයෙන් නෙරපන ලද කල පවත්නා ශාෂණ සම්මතයට අනුව තව දුරටත් පැරණි පැවිදි නම බාවිතා කල නොහැක. 
පැටිකිරිය 
ගාල්ල ප්‍රදේශයේ උපත ලබන පිටිදූවේ සිරිදම්ම හිමි පසුව කැලණිය විශ්ව විද්‍යාලයෙන් විද්‍යාවේදී උපාධිය ලැබූවෙකි. විද්‍යා අධ්‍යාපනය ලබන හීන මානය ඇති බොහෝ ශ්‍රී ලාංකිකයන් මෙන් ඔහුද බුදු සරණට අමතරව බටහිර විද්‍යාවද පරම සත්‍යක් ලෙස  හිස්මුදිනින් පිළිගත් අයෙකි.  සර්වකාලීන සහ ලෝකෝත්තර වූ බුදුදහම සත්‍යයය් පෙන්වීමට හුදු බෞතික සංකල්ප කිහිපයක් තේරුම් ගැනීමට බිහිකර ගන්නා ලද බටහිර විද්‍යාව සමග සම කිරීමට යාම බටහිරට ගැති කොලඹ වෙසෙන ලුම්පන් බෞද්ධයන්ට ආශ්වාදයක් ඇති කිරීමට සමත් විය. මෙයින් සිරිධම්ම නම් චීවරදාරියා යම් ආකර්ෂණයක් ඇතිකර ගත්තේය. මෙහි කූටප්ප්‍රාප්තිය වනුයේ  මොහු සෝමා එදිරිසිංහ ගේ ස්වර්ණවාහිනියේ වැඩසටහන් සමග සම්බන්ද වීමත් සමගය. මෙතෙක් සමූහ ආගමික කතිකාවන් වලට පමණක් අවස්ථා ලැබූ මෙම චීවරදාරියා තමන්ට රිසි පරිදි ස්වර්ණ වාහිනියේ විකාර රූපී නිවේදකයන් සමග එක්ව බුදු දහම විග්‍රහ කරන්නටත් විවිද අර්ථ කතන දෙන්නටත් පටන් ගන්නේය.
උපායමාර්ගය 
බුදුදහම යනු පටිසෝතගාමී පටිපදාව මත අධ්‍යාත්මික විමුක්තිය ලබා ගනු පිණිස ඇති දහමකි. නමුත් පිටිදූවේ සිරිදම්මයනු සමාජයේ රැල්ල හොදින් හදුනන ඉල්ලුමට අනුව සැපයුම ලබාදෙන ශුර ව්‍යාපාරිකයෙකි. සමාජයේ අනුසෝතගාමී ජනප්‍රිය රැල්ල කවදත් පවතිනුයේ කවර හෝ ආකාරයෙන් මුදල් හම්බ කිරීමටත් ආශාවන් පසු පස යාමට පෙලබවීමටත් ය. මෙසේ කපටි කෛරාටික කමින් හෝ මුදල් හරි හම්බ කරමින් ආශාවන් පසු පස දිව යන මිනිසුන්ට තමන් ගත කරන ජීවන රටාවේ හිස් බව පිළිබද අසහනකාරී හැගීමකුත්, ජීවනෝපාය ලෙස කරනා කුප්‍රයෝග සහ බොරුව හේතුවෙන් තමන්ට ඉදිරි සසර තුල ඇතිවන කර්ම ඵල පිළිබද බියකුත් ඇති කරයි.  මෙවැනි ජීවන රටාවකට පුරුදුවන හිස් මිනිසුන්ට ථෙරවාදී බුදු දහම තවත් ප්‍රශ්නයක් බවට පත් වේ.
අප්පමාදෝ අමතා පදං පමාදෝ මච්චුනෝ පදං
අප්පමත්තා න මීයන්ති යේ පමත්තා යථා මතා
නොපමාව, සැලකිල්ල නිවනට කරුණු වේ.  පමාව, නොසැලකිල්ල මරණයට කරුණු වේ. නොපමා වුවෝ නොමැරෙත්. පමා වුවෝ (නොමලත්) මළවුන් වැනිය.
ධම්මපදය ,ගෞතම බුදු රජාණන් වහන්සේ
මොවුන්ට පරම්පරාවෙන් පැමිණි බෞද්ධ ලේබලයත් එකවර අතහැරීමට සමාජීය හේතු මත නොහැකිය. නමුත් දැන දැන කරන තක්කඩි හොර මැර වංචා කම් වලට සසරේදී තමන්ට ලැබෙන කර්ම ඵල ගැන දැනීම හේතුවෙන් ඇතුලතිතින් ඇතිවන අසහනය (guilty conscience) ඔවුන්ව නිරන්තරයෙන් දවාලය්. සරලව කියන්නේනම් මොවුන්ට සමාජීය හේතු මත බෞද්ධයායන රැවුලත්, තමන් කරන ජඩ වැඩ ගැන සසර බිය අමතක කරගැනීම යන කැදත්යන දෙකම බේරා ගතයුතුය. කොලඹ මුදල් පසුපසම හබා යන තුප්පහි සමාජය මෙයට සොයාගත් පිළිතුර වුයේ ථේරවාදී බුදුදහමින් මහායාන බුදු දහමට හෙමින් සීරුවේ පල්ලම් බැසීමය. එවිට මෙම තක්කඩින්ටතමන්ව නිවනට දැක්කවීම අනාගතයේ බිහිවන මෛත්‍රී බුදු හිමියන්ට බාර කර තමන් කරගෙන යන කපටි කෛරාටික ජීවනෝපාය ආදියේ හිතේ සැනසිල්ලෙන් යෙදිය හැක!
පිටිදූවේ සිරිදම්මයන චීවරදාරියා  කොලඹ ගෙන්දගම් පොලවේ ඇති මෙම යථාර්තය ශූර බුද්ධියෙන් හදුනා ගත්තේය. මෙම අතමිට සරු කූට වියාපාරික පවුල් ආකර්ෂණය කරගැනීම සදහා මොහු ඉතා ශූක්ෂම ලෙස මහායාන සංකල්ප සමාජයට මුදාහරින්නේය. ගෞතම බුදු රජාණන් වහන්සේගේ දේශනය වූ අප්පමාදෝ අමතපදන්යන අවවාදයට පය්න් ගසා නිවන් දැකීම මෛත්‍රී බුද්ධ ශාසණයට කල් දමනබෝදිසත්වයන්ට යැදීම් සහ පුද පූජා වලට සීමාවූ මහායානික සංකල්ප ක්‍රමයෙන් ඔහු සමාජ ගත කළේය. අත මිට හිමි දේශපාලුවන් සහ කූට ව්‍යාපාරිකයන්ගේ ධන බලයෙන් මෛත්‍රී බෝදිසත්ව පූජා, පෙරහැර ආදිය පැවැත්වීම ඔහුගේ ආශ්‍රමයේ ප්‍රමුක වතාවත් බවට පත් කළේය. බණ දේශනා සදහා මුදල් අයකිරීමත්, විවිද පූජා බාන්ඩ අලෙවියත් මගින් සාර්ථක ව්‍යාපාරිකයකු වීමට මෙම චීවරධාරියට ගතවන්නේ කෙටි කළකි.
කාන්තා හුටපට, ඉඩ කඩම් නඩු, වංචා, මුදලට ධර්ම දේශනා කිරීම ආදී  සකලවිද පැමිණිලි සහ ප්‍රශ්නත් සමග මීට වසරකට පමණ ඉහත හදිසියේ අතුරුදන් වන මෙම චීවරදාරිය මෑතකදී නැවතත් ලංකාවට ගොඩ බසින්නේ  චීවරයට අමතරව කහ පැහැති හැට්ටය්කින්ද සැරසී සිරි සමන්ත බද්‍රයන අලුත් නමකිනි.
පුනරාගමනය  
සිරි සමන්ත බද්‍ර ලෙස මෙම චීවර දාරීයා නැවත මතු වන්නේ නව අලෙවිකරණ උපායමාර්ගයක්ද සහිතවය. මෙවර පුවත් පතකට සම්මුක සාකච්චාවක් ලබා දෙමින් ඔහු පවසා සිටින්නේ තමන් තුල පසුගිය සමය තුල ස්වයං අවබෝදයක් තුලින් අද්‍යාත්මික වෙනසක් ඇති වූ බවය්.
මිට මාස හයකට විතර කලින් මම සිරි සමන්තබද්‍ර ස්වාමින් වහන්සේ ලෙස පෙනී සිටීමට තීරණය කළා. ඊට පස්සේ පසුගිය පෝය දවසේ මෙහෙ විශාල පුජාවක් කරා.ඒකට ලක්ෂයක් විතර මිනිස්සු ආවා. එතැනදී මම සිවුරේ පාට වෙනස් කරලා මම කිව්වා මම අද ඉඳලා පිටිදුවේ සිරිධම්ම හිමි නෙවෙයි. මම අද ඉඳල සිරි සමන්තබද්‍ර කියන නමින් පෙනී සිටිනවා කියලා. ඒකටහේතුව මම දැන් දේශනා කරන විදිය වෙනස්.මට දැන් අවබෝධ වෙන විදිය වෙනස්. මම ඒ දවස්වල දේශනා කරේ පොත්පත් කියවලා දැනුම සංසන්දනය කරලා. නමුත් දැන් මට එහෙම කියන්න අවශ්‍යතාවයක් නැහැ. මට දැනෙන සියලු දේ මට දැනෙන දේ මම කියනවා කියල පටන් ගත්ත. මේක තමයි වුනේ.
ඒ කියන්නේ ඔබවහන්සේ පළමුවැනි මාර්ගපල ඥානය ඒ කියන්නේ සෝවාන් තත්වයට පත්වෙලා කියලද?
දෙවැනි එකට. සකෘදාගාමි තත්වයට පත්වෙලා ඉවරයි කියල මට සක්සුදක්සේ පැහැදිලියි.මට බොරු කියන්න උවමනාවක් නැහැ.මෙහෙම බොරු කියනවානම් මම මේ බොරු කියන්න ඕන මට මිනිස්සු බනිනකොට.කවදාවත් මම බොරු කියල නැහැ.
එතකොට ඔබ වහන්සේගේ සම්ප්‍රදාය මහායානාද ථෙරවාද ද?
එහෙම එකකුත් නැහැ මට තේරෙන්නේ, මට දැනෙන විදියට මම කියන්නේ. …… ලෝකේ මේවගේ දර්ශන පහළවෙන ඔක්කොම ය ගුරුවරු ප්‍රතික්ෂේප කල. ඒ ගුරුවරු ප්‍රතික්ෂේප කරහම තමයි ඒ ගොල්ලෝ ශ්‍රේෂ්ටත්වයට පත් වෙන්නේ. එක ලෝක සිද්දාන්තයක්.
-  රන්දිව පුවත්පත (Oct 8, 16, 2011)
මොහුට මෙම බොරුව ගොතන්නට සිදු වන්නේ කරුණු දෙකකට පිළිතුරු දීමට වන බැවිනි. එනම් වසරක් පමණ කාලයක් අතුරුදන් වී සිටියේ කුමන හේතුවක් නිසාද යන්නත්, අලුත් නමකින් සහ වේශයකින් පෙනීසිටින්නට සිදුවුයේ ඇයිද යන්නත් ය. මෙම අද්‍යාත්මික විපර්යාසය යන අතේ පත්තුවන බොරුවෙන් ඉහත සදහන් පැන දෙකටම මෝඩ අනුගාමිකයන්ට නම් පිළිතුරක් ලැබෙන්නේය. නමුත් අපටනම් මෙම පිළිතුරැ දැක ඇතිවන්නේ අතිශය ජුගුබ්ශාවක් සහ අනුකම්පාවක් පමණි. එක අතකින් ඔහු තම මහායානික මතය වන මෛත්‍රී බුදුන්ට පූජා පැවැත්වීම සහ එම සමයකදී ධර්ම අවබෝධය කරගැනීම යන්න තවදුරටත් දේශනා කරය්. අනෙක් අතින් තමන්ට ස්වයං අවබෝදක්ඤානයක් ඇති වූ බවට ඉගි පල කරය්. අබ ඇටයක තරම් හෝ මොලයක් ඇති ඕනෑම අයකුට දැන් ඔහුගෙන් අසන්නට ඉතා සරල පැන කිහිපයක් ඇත.
(1) ඔබට ඇතිවුයේ සෝවාන්සකෘදාගාමි ආදී මාර්ගඵල ඤානයක් ද?
(1-
අ) එසේනම් ඔබ නැවත උපදින්නේ උපරිම වසයෙන් තව එක ආත්ම භාවයක් පමණක් නේද? ඔබ ඔබේ අනුගාමිකයන් ට ධර්ම අවබෝධය මෛත්‍රී බුද්ධ ශාසනයට අතපසු කරවා ඔබ හෙමින් සීරුවේ සසරින් මිදුනිදදැන් තව දුරටත් ඔබ ඔවුන්ට මෛත්‍රී බෝදිසත්වයන් වන්දනා කරමින්සසර දිගු කරගනිමින්
එතුමන්ගේ පහල වීම යදින්නයයි දේශනා කරනවද?, ඔබ මෙන් වහ වහා ධර්මය අවබෝධ කරගෙන සසරින් මිදෙන ලෙස උපදෙස් දෙනවාද?
(2) ඔබට ඇතිවුයේ සෝවාන්සකෘදාගාමි ආදී මාර්ගඵල ඤානයක් නම් එය ඔබ තනිව ලබාගත් ඤානයක් ද? නැතහොත් ගෞතම බුදුන් වහන්සේගේ දේශනා භාවිතයෙන් ලබාගත් ඤානයක්ද?
(2-
අ) මෙය ඔබ තනිව ලබාගත් ඤානයක් නම් ඔබ බුදු වරයෙක්ද? මන්දයත් අපට නම් ගෞතම බුදු රජාණන් වහන්සේ යනු අපගේ ශාස්තෘ වරයාණන් ය. අප බුදුන් සරණ යන්නේය. ඔබ තවමත් බුදු සරණ අය්ති තිසරණය පිලි ගන්නේද?
මෙය ඔබ තනිව ලබාගත් ඤානයක් නම් (බුදුවරයෙක් නම්) ඔබ එය අනෙක් අයට කියා දෙනු මිස තව දුරටත් ඔවුන් මෛත්‍රී බොධි සත්ව වන්දනාවට යොමුකරන්නේ ඇයි?
(2-
ආ) ඔබ සකෘදාගාමි වුයේ ගෞතම බුදු රාජාණන් වහන්ස ගේ ධර්මය සාශ්‍තෘත්වයේ තබාගෙන නම් ඔබගේ අනුගාමිකයන්ව මෛත්‍රී බෝධිසත්ව වන්දනාවට යොමු කරන්නේ ඇයි?
You can fool all the people some of the time, and some of the people all the time, but you cannot fool all the people all the time. (යම් පුද්ගලක් සෑම අයෙකුම ටික කලකට රැවටීමට හැක,  අතෙමෙකුව සැමදාම රැවටිය හැකිද වනු ඇත. නමුත් කිසිවකුට සෑම පුද්ගලයකුම සැමදාම රැවටිය නොහැක.) - Abraham Lincoln
සකෘදාගාමි පුද්ගලයා හදුනාගන්නේ කෙසේද
ගෞතම බුදු රජාණන් වහන්සේගේ සද්ධර්මයට අනුව සෝවාන් වූ තැනැත්ත තුලින් පහත සදහන් සංයෝජන ධර්මයන් නැති වී යයි.
(1)
සක්කාය දිට්ටි ආත්ම දෘෂ්ටිය
(2)
විචිකිච්චා -  බුදු රජාණන් වහන්සේ ගැන හා උන්වහන්සේගේ ඉගැන්වීම් ආදී අට තැන් ගැන ඇති සැකයය්.
(3)
සීලබ්බත පරාමාස – (බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිද රත්නයට අයත් නැති) පුජා විධි සහ වෘත ආදියෙහි නොබැඳිම.
මීට අමතරව සකෘදාගාමි පුද්ගලයා තුල පහත ලක්ෂණ දෙක බොහෝ සේ අඩුවනබව සධ්දර්මයේ සදහන්ය.
(4)
කාම රාග දැඩි ආශාව සහ රාගය
(5)
පටිඝ ද්වේශය
අපට ඉතාමත් සරලව හැගෙන දෙයනම් යමෙක් මෛත්‍රී බොධි සත්වයන්ට පුද පූජා කර මින් එම සාශනයේ නිවන පතන්නේ ගෞතම බුදුරජානන් වහන්සේ ගේ ශාශනය ඇසුරින් ධර්මාවබෝදය පිළිබද විශ්වාසයක් නැති හේතුවෙන් බවය්. එබැවින් ඔහු විචිකිච්චවෙන් මිදුනා යය් පැවසීම ධර්මානුකූලව විග්‍රහ කරගැනීම පාටකයන්ට බාර දෙමි.
තමන්ගේම අද්‍යාත්මික බන්කොලොත් බාවය ලෝකෙට වසාගන්න ලෞකික බුදු දහමක් සොයා එන ආත්ම වංචාකරුවන් කපටින් සහ හිස් මිනිසුන් ඔබ කියන ඕනෑම බොරුවක් පිලි ගන්න සැදී පැහැදී සිටින බව අපි දනිමු. නමුත් අව්‍යාජ සහ අහිංසක මිනිසුන් හැමදාමත් බොරුවෙන් රැවටීමට ඔහුට නොහැකිය. එක බොරුවක් වසා ගැනීමට බොරු සියයක් කීමට ඔහුට සිදු වන්නේය. මෙවර ඔහු ගොතාගත් බොරු වැල එකකට එකක් හෝ නොගැලපේ.  සරලව කියන්නේනම් මෙවර ඔහුගේ marketing ගැටය හත්පොලේ ගාගෙන ඇති සෙයකි.
මහා සඝ රුවනට නිගා කිරීම
දෙවැනිවර මතුවන මෙම චීවර දාරියා තමන් වටා ඇති දේශපාලන හය්යද ගෙන මේ රටේ පිළිගත් ථෙරවාදී හිම වරුන්ට අපහාස කරන්නටත් වහසි බස් දොඩන්නටත් විය. 2011 නොවම්බෙර් 8 වන දින ආචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියන් සහ දෙහිවල බෞද්ධ මධ්‍යස්ථානාධිපති කිරම විමලජෝති හිමියන් ප්‍රමුක සඟ රත්නය ”සිරි සමන්ත බද්‍රනම් චීවරදාරියාගේ නිවහනට වඩිනුයේ කරනලද අබියෝගයන්ට පිළිතුරු දීමටත් තවදුරටත් මෙලෙස නොහික්මුණු ලෙස හැසිරෙන චීවරදාරිය දමනය කිරීමටත්ය. මෙය භික්ෂූන් වහන්සේ ලෙස උන්වහන්සේලාගෙන් කලකට ඉහතදී වීමට තිබු යුතුකමක් කල්ගතවී හෝ ඉටු වීමකි.
මර්වින් භූමිකාව
මේ අවස්ථාවේ මිනිසුන් ගස් බැදිම, ප්‍රසිදියේ පුරවැසියන්ට පහර දීම වැනි වැඩ වලට ප්‍රසිද්ද  මර්වින් සිල්වාද  මෙම චීවර දාරියගේ ආරක්ෂාවට එම ස්ථානයට පැමිණි බව වාර්තා වුනි. ඔහු භික්ෂුන් වහන්සේලාට ගෝෂා කරමින් බිය වැද්දීමට උත්සහ ගත්තද  භික්ෂුන් වහන්සේලා විසින් ඔහුට සාශනය සම්බන්දව සිදුවෙන මේ  කටයුත්ට සම්බන්ද නොවී ඉවත්ව යන ලෙස දන්වා ඇත.
අවසානයේ සිරි සමන්ත බද්‍රනම් චීවර දාරියා මින් ඉදිරියට බුද්ධ ශාස්හනයට සහ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට අපහස නොකරන බවට පොරොන්දු වී ඇති බවද වාර්තා උනි.අවසාන වසයෙන් කිව යුත්තේ මෙය ප්‍රශ්නය නිරාකරණය වීම ක් නොවන බවත්, බටහිර ආර්ථික ක්‍රමය මත පදනම් වූ අප සමාජයේ ඉල්ලුමක් පවතින තුරු මෙවැනි චීවර දාරීන් අනාගතයේද බිහිවීම ස්වබාවික සංසිද්දියක් බවය්. නමුත් මෙවැනි වංචනිකයන්ට සීමාව ඉක්මවා බුදු දහමට අපහාස කිරීමට සහ එය විකුර්ති කිරීමට විරුද්දව අප දැඩිව පෙළගැසිය යුතුය.
Two things are infinite: the universe and human stupidity; and I’m not sure about the the universe. ( ‘ලොව අසීමිතව ඇති දෑ දෙකකිවිශ්වය සහ මුලාවයි. පළමුව සදහන් දේ ගැන මට නිශ්චිටවම කිව නොහැක. ‘) - Albert Einstein
හිතන්න යමක්
අද කඩා වැටෙමින් පවතින බටහිර අර්ථ ක්‍රමයේ ප්‍රදානතම සතුරා බවට ථෙරවාදී බුදු දහම පත් වී ඇත. සැබෑ ථෙරවාදී දර්ශනය හදුනාගත් පුද්ගලයාට හුදු ලාභය (profit) සහ අලෙවිකරණය (marketing ) මත පදනම් වූ, හරසුන් දෙයට පෙලබවීම සහ එකිනෙකා අතර තරගකාරීත්වය මත රදා පවතින මෙම අර්ථ ක්‍රමය හුදු විහිළුවක් පමණි. අනෙක් අතට යථාර්තවාදී දර්ශනයක් වන ථෙරවාදී බුදු දහම හුදු ලාබ ඉපයීම සදහා බාවිතයද අතිශය දුෂ්කර කටයුත්තකි. මෙම චීවරදාරි ව්‍යාපාරිකයන් මහායාන දහමට වැඩි ඇල්මක් දක්වන ප්‍රමුඛතම කාරණය එයය්.
කපටි කෛරාටික මාර්ග ඔස්සේ කෙටිකලකින් පොහොසත් වීමට ගොස් සසර බියකරු කරගත් හිස් මිනිසුන්ට අවසාන වසයෙන් කිව යුතු දෙයක් ඇත. තමන්ගේ ඇති අද්‍යාත්මක බංකොලොත් බාවය වසාගැනීම පිණිස මහායාන දහම පිසුපස යමින් තමන්ගේ සසරේ බියකරු බාවය තාවකාලිකව අමතක කරගත හැකිවනු ඇත. නමුත් එය තාවකාලික සහනයක් පමණක්මය. හොරි කසනවිට තාවකාලික සනීපයක් දනිය හැකි නමුත් එය තමන් විසින් තමන්මව රවට ගැනීමක් සහ අනාගතයේ විශාල වනයක් ඇතිකරගැනීමට අත වැනීමක් මිස සුව වීමක් නොවන බව මහායාන සංකල්ප පිටුපස යන මෙම කෛරාටික මිනිසුන් සහ හිස් අම්මන්ඩිලා දැන්වත් තේරුම් ගත යුතුය.
ගෞතම බුදුරජාණන් වහන්සේ වරක් පැහිදීලිවම දේශනා කරනු ලැබුවේ අනාගතයේ දිනක බුද්ධ ශාශනය විනාශ වනුයේ පිටින් එන ආක්‍රමණ නිසා නොව ඇතුලතින් ඇති වන පිළිල නිසාම බවයි. අතීතයේදී බුදු රජාණන් වහන්සේ උපන් භාරතයෙන් බුදු දහම විනාස වුයේද මුලින් මහායානිකරණය වීමෙනි. මහායානි වූ අඳ බාල බෞද්ධයා පසුව හින්දූන්ගේ ආක්‍රමණයට යටවිණි. ශ්‍රී ලංකාවෙ අනුරාධපුර යුගයේදී  අභයගිරි විහාරවාසි නොහික්මුණු බික්ෂු පිරිසක් රාජ්‍ය අනුග්‍රහයද ඇතිව මහායානය පතුරවන්න උත්සහ කරන ලදී. නමුත් එදා අපේ රටේ සිටි ධර්මදර විනයදර සහ එඩිතර භික්ෂූන් වහන්සේලා එක්වී එම උත්සාහය පැරදවීය. එදා උන්වහන්සේලාගේ කැපවීම හේතුවෙන් අදටත් අපට නිර්මල ථෙරවාද බුදු දහම රැකි ඇත. විනාශය හමුවේ එඩිතරව පෙරට එන ථේරපුත්තාභය පරපුරේ භික්ෂූන් වහන්සේලා අදටත් වැඩ සිටීම අප ලැබූ භාග්‍යකි.
සැ. යු. 
මෙම පුද්ගලයා තමන් විසින්ම යමක් අවබෝද කරගත් බවත්, ගුරුවරයකු තමන්ට නැති බවත්, තමන් ගේ දර්ශනය ථෙරවාද හෝ මහායාන ද නොවනබවත් ආදී දෑ පවසන බැවින් ඔහුට සමාජ සම්මතය අනුව භික්ෂුන් වහන්සේ ලෙස හැදින්විය නොහැකි බැවිනුත්, ඔහුව බුදු කෙනෙක් වශයෙන් හැදින්වීම අප ගෞතම බුදුරජාණන් වහන්සේට වන අගව්රවයක් ලෙස හැගෙන නිසාත්,  ‘චීවර දාරියාලෙස හැදින්වූ බව කරුණාවෙන් සලකන්න.

0 comments:

Post a Comment