Dec 7, 2012

ලෝක විනාශයෙන් ගැලවීමට හොඳම තැන් මෙන්න


මායාවරුන්ගේ දින දර්ශනයට අනුව එළඹෙන දෙසැම්බර් 21 දාට ලෝකය සැබෑ ලෙසම විනාශයකට මුහුණ දෙන්නේද යන්නට නොයෙක් මතවාද ඉදිරිපත් වුණද එකී තීරණාත්මක දිනයේදී සත්‍ය ලෙසම කුමක් සිදුවේද යන්නට ලොව බහුතරයක් තුළ වනුයේ අවිනිශ්චිතතාවකි. කවුරු කෙසේ කීවද ලෝක විනාශයෙන් ගැලවීමට බොහෝ දෙනෙකු විවිධ උපක්‍රම යොදන්නේ එම අවිනිශ්චිතතාව නිසාත් තම ජීවිතයට අනතුරක් නොවීනිසාය. මේ නිසාම ඇතැමුන් ලෝක විනාශය සැමරීමට සැමරුම් උත්සව සංවිධානය කරද්දී ජීවිතයට ලොබ බැඳි බහුතරයක් විසින් තම ජීවිතය ගලවා ගැනීමට සුදුසු ආරක්ෂිත ස්ථාන සොයා මෙහෙයුම් ආරම්භකොට තිබේ. එවැන්නන්ට පිහිට පැතිය හැකි ලෝක විනාශයකින් වුවද හානියක් නොවී නිරුපද්‍රිතව පවතිනු ඇති බවට විශ්වාස කරන දැනට ලෝකයේ පවතින වඩාත්ම ආරක්ෂිත බංකරයන් හා සැඟවුම් ස්ථාන කීපයක් පසුගිය දිනකදී අන්තර්ජාලයේ පළකොට තිබිණි. මෙම ලිපියෙන් ගෙනහැර දක්වනුයේ එබඳු ස්ථාන කීපයක් පිළිබඳ තොරතුරුය. යම් හෙයකින් ලෝක විනාශය සැබෑවක් වන බවට ලකුණු මතුවීමට පටන් ගතහොත් මෙබදු අධි ආරක්ෂිත ස්ථානවලට ලැබෙනු ඇති ඉල්ලුම පිළිබඳ අමුතුවෙන් කිව යුතු නොවේ.


මෙබඳු ආරක්ෂිත ස්ථාන අතුරින් ඇමෙරිකාව පුරා භූගතව පිහිටි බංකරයන්ට හිමි වනුවේ සුවිශේෂී ස්ථානයකි. මින් ඇතැම් ස්ථාන අදටද ක්‍රියාකාරී තත්ත්වයේ පවතින අතර තවත් ඇතැමක් ඒවායේ ඇති ඓතිහාසික වටිනාකම නිසාම කෞතුකාගාර බවටද තවත් ඒවා අවන්හල් බවටද පරිවර්තනය කරන ලද ඒවාය.

කියුබාව හා සෝවියට් සමූහාණ්ඩුව සමග හැත්තෑව දශකයේදී    න්‍යෂ්ටික මතභේද උත්සන්නව පැවැති සමයේදී ඇමෙරිකානු ජනපති ජෝන් එෆ්. කෙනඩි විසින් ෆ්ලෝරිඩාහි පිහිටි තම නිවසට ඔබ්බෙන් වූ පීනට් දිවයිනේ ඉදිකරන ලද බංකරයද එවැනි ආරක්ෂිත ස්ථානයකි. එය අද වන විට කෞතුකාගාරයක් බවට පරිවර්තනය කරන ලද්දකි. මාලදිවයින්වල පිහිටි හිල්ටන් හෝටලය විසින් ලෝක විනාශයෙන් දිවි ගලවා ගැනීමට මං සොයන්නන් හට පූර්ණ ආරක්ෂාවද සමග දිවි ඇතිතෙක් අමතක නොවන අපූරු ආශ්වාදනීය අත්දැකීමක්ද සපයන්නකි. එහි මුහුදු පත්‍ලේ පිහිටි ලැගුම්හල් තුළ අමුත්තන් හට ලෝක විනාශය පැමිණෙන තුරු සුපිරි සුඛෝපභෝගී පහසුකම් අත්විඳිමින් කාලය ගත කරන අතරේ දියඹේ පිහිටි චමත්කාරජනක දර්ශනයන්ගෙන් නෙත් සිත් පිනවා ගැනීමටද අවස්ථාව ලැබෙන නිසයි. වෙස්ට් වර්ජිනියා ප්‍රාන්තයේ ග්‍රීන් බයර් හි පිහිටි බංකරය නිර්මාණය කොට ඇත්තේ කඳුකර බෑවුමක් ගැඹුරට හාරා ඒ තුළ ස්ථාපනය කරන ලද සුඛෝපභෝගී අංග රැසකින් යුතු කදිම කුඩා හෝටලයක් ලෙසය.


ස්වීඩනයේ රහසිගත කන්දක මධ්‍යයේ ගැඹුරට වන්නට පිහිටා ඇති විකිලීක්ස් වබේ අඩවියට අයත් ගබඩාගාරයද අධි ආරක්ෂිත උපක්‍රම රැසකින් යුතු කදිම ආරක්ෂිත ස්ථානයකි. එකම ගැටලුව නම් එබඳු ස්ථානයකට ඇතුළුවීමට ලැබෙන අවසරය සිහිනයක්ම පමණක් වීමයි.
බටහිර ජර්මනියේ පිහිටි (The Bad Neuenahr - Ahrweiler) නමැති බංකරය විශාල මිදි වත්තක් යට කිසිවෙකුට දෑසට අසුනොවන ආකාරයෙන් ඉදි කරන ලද්දේ අනාගතයේදී ඇති විය හැකි න්‍යෂ්ටික යුද්ධයකට එරෙහිව ජර්මානු රජයේ ආරක්ෂාව තහවුරු කර ගැනීම සඳහායි. එමෙන්ම ඇමෙරිකාවේ නිව්යෝක් නගරයෙන් ඔබ්බෙහි පිහිටි ඇඩ්රොන්ඩැක් කඳු වැටියේ අක්කර දහනවයක භූමි ප්‍රදේශයක් ආවරණය කරමින් පිහිටි පැරණි මිසයිල (ශීතල යුද සමයේ ඉදිකරන ලද්දකි.) කඳවුරද ලෝක විනාශයෙන් ගැලවීමට සිතන්නෙකුට පිහිට පැතියහැකි කදිම ආරක්ෂිත ස්ථානයකි


5 comments:

  1. ලොව තතු කෙසේ සොයාගත්තත්, යමෙක් නිතර අකුසල් කරයි නම්.. කර ඇත්නම් , යමෙකුගේ ආයු කාලය ඉවරනම් .. පහනක් දැල්වීමට තෙල් ,දැල්ල ,හා වායුව උපකාරවන්නාසේ.. එම පහනේ තෙල්,දැල්ල, වායුව නොමැතිව පහන නිවී යන්නාසේ.. මොන ගිරි ශිඛරයක, ගුහාවක /වලාකුලක හැංගී මරණයෙන් බේරීමට වෙර දරුවත් , යමෙකුගේ කුසල /අකුසල කර්මවල ප්‍රති විපාකයක් ඔහු/ඇයගේ අකුසල විපාකයන් හී බලය ශක්තිමත් බවෙන් වැඩිනම් ඔහුට හෝ ඇයට හැටියට මරනය්නේ මිදී යාමට නොහැක . එයට හොඳම උදාහරණය නම් සුනාමි ව්‍යසනයෙන් වැඩි පුරම ජීවිතක්ෂයට පත්වූවන් අතර බොහෝ දෙනා ඒ පෙදෙස්වලට ගෙන ගොස් තිබුනේ ඔවුන්ගේ අකුසල කර්මවල ශක්තිය බල වැඩි කම නිසාය. සමහරු මුහුදුබඩ පදිංචි කරුවන් නොවීය .. කඳුකර පළාතෙන් මුහුද අවට සිරි නරබන්නට ආ පිරිස් එම වෙලාවේම එතැනට යාමට හිත වුයේද ඒ නිසාය, 911 ලෝක කොටස් වෙළඳපොල නිව් යෝර්ක් නගරයෙහි විනාශ වුදා එදා සමහරු කාර්යාලයට එන ප්‍රවාහන සේවයේ වෙලාව මදක් පසු කොට ආ නිසා එම විනාශයට මුහුණ නොදුන්හ. එම world Trade center ගොඩනැගිලි වල මළවුන් අතර කිසිදු බෞද්ධයෙකු සිටියේ නැත.. ලංකාවෙන් මුස්ලිම් කාන්තාවක් මරුමුවට පත් විය.මගේ කලන මිතුරියකගේ සැමියා එම ගොඩනැගිල්ලේ 45 වෙනි තට්ටුවේ ජපාන බැංකුවක ණය දෙන අංශයේ කළමනාකාරවරයා විදියට සේවය කරයි, නමුත් එදින ඔහු සුපුරුදු වෙලවට ගන්නා staten Island Ferry passenger බෝට්ටුව නොගෙන ඊට පයකට පසුව තිබෙන බෝට්ටුවට යාමට තීරණය කල නිසා ඔහු එම අනතුරට මුහුණ දුන්නේ නැත.. කුමක් හෝ හේතුවක් මත තමන්ගේ ඉරනම එසේ වෙනස් කරයි.. බෞද්ධයන් විදියට පිළිවෙත් රකිමින් , දැහැමි ජීවිත ගත කරයි නම්..එහි ප්‍රතිපල වලින් අපව ආරක්ෂා කරයි

    ReplyDelete
  2. උපතින් ගෙනාපු ආයුශ ඉවරනම් අපි කොහෙ හිටියත් මැරෙනව. ඒක නවත්තන්න කොහොමටවත් බැහැ. මොනා උනත් අසාවෙන් කියෙව්වා :)

    ReplyDelete
  3. @ respect buddhist..very true,,,,,

    ReplyDelete