May 6, 2013

දඹුලු පුජා භුමියේ මුස්ලිම් ආක්‍රමණය


දඹුලු පුජා භුමියේ මුස්ලිම් ආක්‍රමණය 

දඹුල්ලේ පල්ලියේ පැටිකිරිය මෙහෙමයි
ඓතිහාසික රන්ගිරි දඹුලු විහාරස්ථානය ඇතුලත් ප්‍රදේශය පූජා භූමියක් ලෙසට සංවර්ධනය  කිරීමේ බලාපාරොත්තුව  දිගුකාලයක සිට පැවතෙන්නකි. මේ මගින් වන්දනා කරුවන්ට  මෙන්ම භික්ෂූන් වහණ්සේලා උදෙසා ද අගනා කේනද්‍රස්ථානයක් බිහිවෙයි. සම්බුද්ධත්ව ජයන්තිය නොහොත් බුද්ධත්වයට පත් වීමෙන් වසර දෙදහස් හයසීයක් ගත වන මොහොතක මෙම කර්තව්‍යය රජයේ පුමඛතම යුතුකමක් බවට පත් විය යුතුව ඇත.

ඓතිහාසික මාතලේ නිදහස් සටනට නායකත්වය දුන් රන්ගිරි දඹුල්ල ඉතිහාසයේ මහා පීඩනයන්ට ගොදුරු වූ පුණය භූමියකි. ඉංග්‍රීසීන් විහාරස්ථානයේ ඉඩ කඩම් රාජසන්තක කොට රජයේ කැලෑ බවට පත් කළහ. මෑතකදී සංවර්ධනය කළ අන්‍යාගමික දේවස්ථානයක් නිසා මේ පුණ්‍ය භුමිය මෙන්ම එම විහාරස්ථානයේ කැපකරු දායක පිරිස ද මහත් කැලඹීමට පත්විය. පූජා භුමිය වෙන් කිරීමේ දී සළකුණු කරන ලද ඉඩම් වලින් කොටසක් යළිත් නගර සංවර්ධනය සඳහා පවරා ගැනීමක් සිදු වී තිබේ. එයට හේතුව දඹුල්ල ලංකාවේ වැදගත් ආර්ථික මධ්‍යස්ථානයක් වීමයි. රාජකාරියට යටත් ඉඩ කඩම් සහිත මේ භූමිය එලෙස රජයට පැවරීමේ දී එයට හිලවු වශයෙන් ඉඩ කඩම් ප්‍රදානයක් ද සිදු වී නොමැත. පෙර රජ වරුන්ගේ නම් සිරිත එයයි. ශ්‍රී ජයවර්ධන පුර සරසවියට ඉඩ කඩම් ලබා ගැනීමේ දී පැපිලියානේ සුනේත්‍රා දේවී පිරිවෙනට අයත් ඉඩම් ද ලබා ගන්නට සිදු විය .එයට හිලව්වට වෙනත් ස්ථානයකින් ඉඩම් ප්‍රදානය කෙරුණි. නමුත් මෙහිදී සිදු  වූයේ අනෙකකි.  පවරා ගන්නට යෙදුණු ඉඩම් නොයෙකුත් දේශපාලන හිතවත්කම් වලට දේශපාලන පන්දම් කාරයින්ට බෙදා දෙන්නට කටයුතු කෙරිණි. මේ මහා කැලඹීම ඇති වීමේ මූලික හේතුව එයයි.

වත්මන් දඹුල්ල නගරය මෙලෙස දියුණට පත් වූයේ අසූව දශකයේ දී එහි පැවැත්වූණූ ගම් උදා ව්‍යපාරය නිසාවෙනි. විහාරස්ථනය අවට කඩ අටක් තානායමක් පොලිස් ස්ථානයක් වැනි ස්ථීර ගොඩනැගිලි කීපයක් පිහිටා තිබූ බව 1961 මිනුම්දෝරු සිතියම දක්වයි. ඉන්පසු ක්‍රමයෙන්  දඹුල්ල නගරය කුරුණෑගල හන්දියට සංක්‍රමණය විය. මහවැලි ව්‍යාපාරයේ ප්‍රතිලාභ නිසා ගොවීන් ඉතා ඉක්මනින් දියුණට පත් විය. මිරස් රට ලූණූ මෙන්ම එළවුළුද ඔවුන්ට වාසනාව ගෙනා පාරිභෝගික භාණ්ඩයන් විය. නමුත් ඒ සමගම මේ ප්‍රදේශයේ පාරම්පරික ගොවීන්ට අවාසනාවද නොඅඩුව ලැබුණි. මේ ප්‍රදේශයේ තිබූ කුඩා වැව් රාශියක් උලුප්පා ඩෝසර කරන ලද අතර පාරම්පරික ගම් බිම් අහිමි වූ සිංහලයින්ට නැවතත් ඉඩම් කට්ටි මැන වෙන්කර දෙන ලදහ.අන්‍ය ජන වර්ග මේ ප්‍රදේශයේ නොසිටි නමුත් ඔවුන්ට ද මේ භූමිය තුල ඉඩම් වෙන් කර දෙන ලද්දේ ජන වර්ග අනුපාතයට අනුවයි. මඩාටුගම කැකිරාවට ආසන්නයේ තිබෙන ගම්මානයකි. එහි මහ වැව ගබඩා වැවක් ලෙස ඉතිරි කර තබන ලදහ. එසේම එහි ගම්මානයේ ඉඩම් මුස්ලිම් ජන කොටසටද බෙදා දෙන ලදහ. කවදත් සහන ශීලී පිරිසක් වූ සිංහලයින් තමන්ගේ පාරම් පරික ඉඩම් මේ අන්‍ය ජාතිකයින් සමග බෙදා හදා ගන්නට කිසිම අකමැත්තක් නොදැක්වූහ.

ඓතිහාසික රන්ගිරි දඹුලු විහාරස්ථානයට ඉඩ කඩම් පූජා කරන ලද්දේ වලගම්බා රජු දවස සිටය.බුදු පිළිම වහණ්සේ ගේ හිසට නිකටට මෙන්ම වැලමිටටද මෙසේ ඉඩ කඩම් ප්‍රදානය කර දී ඇත. නිකවටවන යනු නිකටට පූජා කරන ලද ගමකි. වැලමිටියාව යනු වැලමිටට පූජා කර න ලද ගමකි. බඩ ගමුව හා පාදෙණිය ද එලෙසම ප්‍රසිද්ධය. මෙලෙස නිකටට පූජා කරන ලද නිකවටවන කලක් සිංහල බෞදධයින් ගේ පරවේණියක් විය. එහි මුල් නම නිකපටුනයි. මුගලන් රජු කළ ඔහුගේ සෙනපතියන්ගේ නින්දගමක් විය. මේ ඓතිහාසික පුරාණ  ගම්මානයන් එකල වෙළෙදාමෙන් සම්බන්ධකර න ලද්දේ නැගෙනහිර මුස්ලිම් වෙළෙන්දන් විසිනි. සෙනරත් රජු ගේ රාජ්‍ය කාලයේ දී පරංගීන්ගෙන් ගැහැට ලත් මේ වානිජයින් රජු ගේ අනුග්‍රහය මත කන්ද උඩරටට ඇතුලු වී සිංහලයින්ට රෙදිපිළි ලුණු ආදී ය වෙළෙදාම් කළහ. එක් මුස්ලිම් තවලමක් මේ නිකවටවන ගමේ නවාතැන් ගැනීමේ සිරිතක් විය. පෙර කී සෙන්පතියන්ගේ පරපුරකින් පැවත එන ගම්ප්‍රදානියෙකු ජීවත් වූ මේ ගම්මානයේ ඔහුගේ කරුණාව ලැබ යටකී වෙළෙන්දා ඔහුගේ නිවස අසලම සියඹලා ගසයට සිය තවලම ලිහා දමා විවේක ගැනීමේ පුරුද්දක් විය. කාලයාගේ ඇවෑමෙන්  ගම් ප්‍රධානියා හදිසියේ මරු වසඟයට පත් විය. දරුවන් නෙමැති ඔහුට සිටියේ සිය ආදරණීය බිරින්දෑ පමණි.  ගම්පති ගේ මරණයෙන් පසුව ඔහුගේ නිවසට පැමිණි මුස්ලිම් වෙළෙන්දා  ගම්පති නිවස උකසට සින්න වී ඇති බව කියා පෑවේය. මේ කිසිවක් නොදත් අසරණ භාවයට පත් ගම්පති වැන්දඹුව මේ ඉඩම වෙළෙන්දාට සින්න වන්නට ඉඩදී පිටමං විය. අවසානයේ දී මුස්ලිම් වෙළෙන්දා කපටි කමින් මේ ගැහැනිය ද රවටා ගෙන තම භාර්යාව බවට පත් කර ගත්තේය. එම පුරාණ ඉඩම අදත් හඳුන්වන්නේ කේනිවත්ත(ගෑනි වත්ත) යනුවෙනි.වර්තමානය වන විට මෙහි සිංහල ගමක් නැත. ඇත්තේ මුස්ලිම් ගම්මානයකි. එහි සිටි සිංහල පිරිස් එම ගමෙන් පිටව ගොස් ලේනව අසල පදිංචි විය. විහාර රාජකාරියද නැවතුණි. 1966 සැප්තැම්බර් මස 16 දින නිකුත් කරන ලද ගැසට් පත්‍රය අනුව ලේනව  කුඹුක්කඳන්වල  පාරම්පරික ඉඩම් ද ඉඩම් නිරවුල් කිරීමේ ආඥා පණත යටතේ රාජ සන්තක කර ඇති බව මෙහි සඳහන් කළ යුතුය. පාරම්පරික සිංහල ජනතාව කාලයක් තිස්සේම මෙලෙස මහත් සේ පීඩාවට පත් වෙමින් සිටී.

රන්ගිරි දඹුල්ල විහාරස්ථානය අවට තිබෙන සියලුම ඉඩම් පමණක් නොව හේවිසි හඬක් ඇසෙන මානයේ තිබෙන සිලුම ඉඩම් පූජාකරන ලද්දේ විය. වාර්ෂිකව මේ රාජකාරි ඉඩම් වල ඉන්නවුන් ඉටුකළ යුත් රාජකාරි විය.තල මල් පිපෙන කාලයට තල මල් පූජා කිරීමද තල අස්වැන්නෙන් විශාල තල බෝල සාදා පූජා කිරීම ද විය. විසිවන සියවසේ මැද භාගයේ කොළඹ වන්දනා කරුවන් නිරන්තරයෙන් දඹුල්ලට ඇදෙන්නට වන්හ. ඔවුන් වෙනුවෙන් දඹුල්ලේ විහාරය ආසන්නයේ කඩපිල් ඉඳි විය. විහාරස්ථානයේ නායක හිමියන් ගේ අවසරය පරිදි සිංහල දෙමළ පමණක් නොව මුස්ලිම් වරුද මෙහි වෙළෙදාම් කලේ පැරණි සම්බන්ධකම් මතය. මඩකලපුවේ සිට පැමිණි උහුමදුන් ලෙබ්බේ නම් පුද්ගලයෙකු මෙලෙස විහාර හන්දියේ සිල්ලර කඩයක හිමිකාරයෙකු විය. නායක හාමුදුරුවන්ට පින්සෙන්ඩු වී මේ කඩය ලබා ගත් අතර හැටේ දශකයේ මේ කඩය ජයටම තිබූ බව පැරණියන්ට මතකය. නමුත් කලක දී ඔහු ගේ මරණයෙන් පසුව මේ කඩය අභාවයට ගියේය. ඥාතීන් ආපසු මඩලපුවටම ගියහ. නමුත් හැත්තෑව දශකයෙන් පසුව නැවතත් අකුරණින් පැමිණි මුසලිම් වරු මේ ස්ථානය නැවතත් අල්ලා ගෙන වෙළෙදාම් කර ගෙන ගියහ. ඔවුන්ගේ ආගමික වතාවත් සඳහා ද මේ ස්ථානයේ කුඩා යාඥා මඩුවක් පැවති බව පැරණියන් පවසති.

අසූව දශකයේ ගම් උදාව පැවැත්වූ පසු දඹුල්ල දියුණුවිය. මහවැලි පෙදෙස් වලින් ලැබෙන අස්වැන්න මෙන්ම නෙයෙකුත් වෙළෙඳ බඩු සඳහා දඹුල්ල විවෘත විය. ඒ නිසා කුරුණෑගල හන්දියට නගරය විතැන් විය. මෙහිදී පූජාභූමි සංවරධන සැලැස්මක් ද ක්‍රියාත්මක වූ අතර විහාර ආසන්නයේ තිබූ සිංහල වෙළෙඳ ස්ථාන සියල්ල ඉවත් කරන ලදී. නමුත් අකුරණ මුස්ලිම් වරුන් ගේ කඩ ඉවත් නොකරන ලදී.  ගලේ වෙල පුවක් පිටිය ආදී පෙදෙස් වල් සිටි මුස්ලිම් වරුන්ට සිංහල අයට වඩා සලකන ලදහ. ආර්ථික මධ්‍යස්ථානයේ ද කඩ ඔවුන් වෙත බහුලව ප්‍රදානය කෙරුණි.

සියවස් තුනක පමණ සිට මෙලෙස දඹුල්ලේ සිංහල බෞදධයින් ගේ අයිතිවාසිම් ක්‍රම ක්‍රමයෙන් ක්ෂය වන ආකාරය මේ සිදු වීම් මාලාවෙන් තේරුම් ගත හැකිය. අන්‍ය ජාතීන් ගේ ආගමික නිදහස වෙනුවෙන් තමන්ගේ උරුමය නැති කර ගත් පිරිසක් බවට අද සිංහල බෞද්ධයින් පත්ව ඇත. දඹුල්ලේ පමණක් නොව පොතුවිල් මූදූ මහා විහාරය කූරගල අනුරාධපුර මහ මෙවුනා උයන ආදී සෑම ස්ථානයකින් ම වාර්තා වන්නේ මේ තත්වයයි. නමුත් මෙහිදී වුවත් සිංහලයින්ගේ සහනශීළීත්වය ඉස්මතු වෙයි. ඉවත් කරන යාඥාමඩුව සාදා දෙන්නට මුදල් පවා දෙන්නට කරුණාව පහළ වෙන තරමට අපගේ නායක ස්වාමීන්වහණ්සේලා පරිත්‍යාගශීළී වෙති. එහෙත් මේ සම්බුද්ධ ජයන්ති වර්ෂයේ රජයේ පාර්ශවයෙන් ඉටු කර ගත යුතු බෙහෝ දේවල් ගැන උන්වහණ්සේලාට කල්පනාවක් නැත. උතුර සහ නැගෙනහිර බොහෝ සිද්ධස්ථාන තිබුණත් ඒවා තවමත් අනාරක්ෂිතය. පුරා වස්තු නිධන් වස්තු මංකොල්ල කෑමේ නිරත වන්නන් සිංහල බෞද්ධ උරුමයන් ද හිතාමතාම වනසති.
මේ තත්වය සැලකිල්ලට ගෙන රජය උනන්දු කර ප්‍රශ්ණ සමහන් කර ගැනීම සඳහා මැදිහත් වන සිංහල දේශපාලනඥයින් ඉතා විරලය. සිංහල බෞද්ධයින් ගේ චන්ද වලින් බලයට පත්ව ඔවුන්ටම අකෘතඥ වන මේ පිරිස රටට ශාපයක් වී අහවරය. සිංහල දෙමළ මුස්ලිම් කිතුණූ සමගිය යනු ජාතියක් වශයෙන් නිවරදිව එකතු වීමයි. එහිදී ප්‍රධාන සංරචකය විය යුත්තේ සිංහල බෞද්ධ සංස්කෘතියයි. එයට හානි නොවන පරිදි ජීවත් වීමට අන්‍ය ජාතිකයින් පෙළ ගැස්විය යුතුය. සිංහල පාර්ශවයෙන් කරුණාව ලැබ පවත්වා ගෙන ගිය දඹුල්ලේ යාඥාමඩුව ගැනද තත්වය එසේමය. එසේ නොවුණහොත් සිංහල බෞද්ධයින් ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ඉදිරියට එන පිරිස කිසිවෙකුටත් වළක්වාලිය නොහැකිවන බවද සැලකිය යුතුය.

- මතුගම සෙනෙවිරුවන් / seneviruwan.blogspot.com

0 comments:

Post a Comment