Jun 14, 2013

උලමාවරු පුහුණු කරන විශ්වවිද්‍යාලයක්


‘කාත්තන්කුඩියට එක නීතියක්, කල්මුණේට එක නීතියක් සමන්තුරේට එක නීතියක් සහ අම්පාරට එක නීතියක් වෙන්න බැහැ. නීතිය නම් හැමතැනම එකක් විය යුතුයි’

යැයි බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥණසාර හිමියෝ පැවසූහ.

උන්වහන්සේ එසේ ප‍්‍රකාශ කළේ බොදුබල සේනා සංවිධානයේ අම්පාර සමුළුව අමතමිනි.
මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ ඥණසාර හිමියෝ,

‘නැගෙනහිර පමණක් නෙවෙයි, අද රටපුරාම ඉතාම දරුණු මුස්ලිම් අන්තවාදයක් ක‍්‍රියාත්මක වෙනවා. ඒක නැහැයි කියන්න කාටවත් හැකියාවක් නැහැ. අපේ ජාතියත්, රටත් අනතුරුදායක තැනකයි තිබෙන්නෙ. අපේ දේශපාලඥයන්ට මේවා නොතේරුණාට අපිට හොඳහැටි තේරෙනවා.

කාත්තන්කුඩි හිස්බුල්ලා මණ්ඩපයේදී විශ්වවිද්‍යාලයක් හදන්න ගිවිසුම් අත්සන් කරනවා. ඒ විශ්වවිද්‍යාලය හදන්නෙ උලමාවරු පුහුණු කරන්න. ඒකෙ නම මලික් අබ්දුල්ලා විශ්වවිද්‍යාලය. මලික් අබ්දුල්ලා කියන්නෙ සෞදි අරාබියේ රජු. උලමාවරු පුහුණු කරන්න විශ්වවිද්‍යාලයක් අවශ්‍ය නම් අලූත් විශ්වවිද්‍යාලයක් හදන්න අවශ්‍ය නැහැ. ඔලූවිල් අහ්නිදිග විශ්වවිද්‍යාලයේ පීඨයක් හැටියට ඒක ආරම්භ කරන්න පුළුවන්. අපි ඒකට විරුද්ධ නැහැ.

මේ දරුණු අන්තවාදයෙන් නැගෙනහිරත්, මුළු රටත් බේරාගැනිමේ සටන අම්පාරෙන් ආරම්භ කළ යුතුයි. ත‍්‍රිකුණාමලයේ මන්ත‍්‍රීවරයෙක් පාර්ලිමේන්තුවට පනතක් ගේනවා රාජ්‍ය නොවන සංවිධාන 03 ක් පාසල් හැටියට සංස්ථාපිත කරන්න. ඒ පනතේ පරමාර්ථය හැටියට යොදල තියෙන්නෙ මොකක්ද? ඉස්ලාමීය ෂරියා නීතිය යටතේ සමාජයට මඟපෙන්වීම සඳහා දේවධර්මාචාර්යවරුන් බිහිකිරීම. හැබැයි 225 ක් ඉන්න පාර්ලිමේන්තුවේ 180 ක් වන සිංහල මන්ත‍්‍රිවරුන්ගෙන් එක්කෙනෙක්වත් මෙම පනත ගැන ප‍්‍රශන කළේ නැහැ’ යයිද පැවසූහ.

0 comments:

Post a Comment