Jun 12, 2013

බොදු බල සේනා හෙළිදරව් කළ, එහෙත් ඔබට මාධ්‍යයෙන් නොඇසෙන ඔබ දැනගත යුතු ඇත්ත

කටාරයේ මූලධර්මවාදී ආධ්‍යාත්මික නායකයකු වන “යූසුෆ් අල් කර්දාවි” ගේ උපදෙස් මත ඔහුගේ ප්‍රධාන අනුගාමිකයකු වන ඉනාමුල්ලා නැමැත්තෙකුගේ මූලිකත්වයෙන් ජමියතුල් උලමා සභාවත් අතික්‍රමණය කරන “ශූරාහ් කවුන්සිල්” නමින් තවත් අන්තවාදී මූලධර්මවාදී සංවිධානයක් ශ්‍රී ලංකාව තුළ පිහිටුවීමට මුස්ලිම් දේශපාලන නායකයින් සැළසුම් සකස් කරමින් සිටින බවත් එහි මූලික අරමුණ වන්නේ භයානක අරාබි වහාබ් අන්තවාදී ආගමික මතවාදය ලංකාවේ ප්‍රචලිත කිරීම බවත්, යම් හෙයකින් මෙකී සංවිධානය ලංකාව තුළ ස්ථාපිත වූවහොත් මොවුන්ගේ සාහසික ක්‍රියා කලාපය නුදුරු අනාගතයේදීම ශ්‍රී ලාංකිකයන්ට දැක බලා ගැනීමට හැකි වනු ඇති බවත් බොදු බල සේනා සංවිධානය පවසයි.
 
එම සංවිධානය මේ බව හෙළි කළේ පසුගිය 5 වැනි දා තුම්මුල්ල සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ දී පැවති විශේෂ මාධ්‍ය හමුවකදීයි. ඒ පිළිබදව වැඩි දුරටත් අදහස් දක්වමින් ‍බොදු බල සේනා මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් මෙසේ පැවසූහ.

“පසුගිය මාස කිහිපය ඇතුළත රටේ ජාතික ආරක්ෂාවට, භෞමික අඛණ්ඩතාවයට, ස්වෛරීත්වයට හානිදායක විය හැකි විශේෂ හෙළිදරව් කිරීම් ගණනාවක් සංවිධානයක් හැටියට අපි කරා. විශේෂයෙන්ම මේ රට තුළ ක්‍රියාත්මක වන මුස්ලිම් අන්තවාදී වැඩපිළිවෙළ පිළිබදව අපි දිගින් දිගටම කරුණු හෙළි කරා. අවාසනාවකට වගේ ඒ හෙළිදරව් කිරීම් එක්ක ආණ්ඩුවේ ඇතැම් ඇමතිවරු, වගේම විපක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුත්, දේශපාලන බලාධිකාරිය තුළ තමන්ගේ දේශපාලන භූමිකාව ගොඩ නගා ගැනීම සදහා ඕනෑම සතුරු බලවේගයක් එක්ක ලගින කණ්ඩායමුත් අපට චෝදනා නැගුවා බොදු බල සේනා සංවිධානය විසින් මෙරට තුළ ජාතිවාදයක් ආගම්වාදයක් නිර්මාණය කරමින් මුස්ලිම් ජන සමාජය අපහසුතාවයට පත් කරමින් තවත් වාර්ගික අර්බුදයකට මේ රට තල්ල කරනවාය කියලා.නමුත් අපි වඩාත් සතුටු වනවා ඒ හෙළිදරව් කිරීම් වලින් පස්සේ විශාල ප්‍රමාණයකට හැකියාවක් ලැබුණා මේ මූලධර්මවාදී කල්ලි කණ්ඩායම් කවුද? ඔවුන්ගේ හැසිරීම් කොහොමද? ඔවුන්ගේ වාසස්ථාන මොනවද? මේ කියන කරුණු ගැන සමාජයේ අවධානය යොමු කිරීමට, ඒ පිළිබදව වඩාත් පුළුල්ව සොයා බැලීමට අවස්ථාව උදා කර දෙන්නට අපට හැකියාව ලැබුණා. අද දවස වෙනකොට අපි කළ ඒ හෙළිදරව් කිරීම් සත්‍යයක් බව පසක් කරමින් අලුත්ම ආකාරයෙන් අන්තවාදයක් රට තුළ ගොඩ නගන්න මේ අවස්ථාව වෙනකොට මුස්ලිම් දේශපාලන නායකයින් ප්‍රමුඛව සැලසුම් සකස් කරමින් ඉන්නවා. 
 
පසුගිය සති කිහිපය රටම වෙසක් සිරියෙන් අළලිලා ඉදිද්දී මේ අන්තවාදී කණ්ඩායම් තරු පහේ හෝටල්වල ලැගුම් ගනිමින් ඔවුන්ගේ නවතම අන්තවාදී ක්‍රියාදාමය රට තුළ ක්‍රියාත්මක කරන්නේ කෙසේදැයි සාකච්ඡා කොට තිබුණා. ඉස්සර අපි ඇහුවේ “උලමා” සභාව ගැන. උලමා සභාව මුස්ලිම් සමාජය ආධ්‍යාත්මිකව හැඩ ගැස්සවීම සදහා දේවධර්මාචාර්යවරුන් ලෙස කටයුතු කරන ආයතනයක්. ඔවුන්ගේ අන්තවාදී ක්‍රියාකලාපයත් හලාල් බෙදුම්වාදය හරහා අපි පහුගිය දිනවල දැකගත්තා. දැන් මේ උලමා සභාවත් අතික්‍රමණය කරමින් ශුරාහ් සභාව නමින් සභාවක් “ශුරාහ් කවුන්සිල්” ස්ථාපිත කරන්න මේ මොහොත වෙනකොටත් සියළු කටයුතු සාකච්ඡා වෙමින් පවතිනවා. මේක උපන්ගෙයිදීම නැති කරලා දැම්මේ නැත්නම් තව අවුරුදු තුන හතරක් යනකොට මොවුන්ගේ සැහැසිකම් මොන විදිහටද සමාජගත වෙන්නේ කියල මේ ජාතියට, රටට බලාගන්න පුළුවන්.
විශේෂයෙන් ශුරාහ් සභාවේ ප්‍රධානතම කාර්යභාරය හැටියට ඔවුන් තෝරාගෙන තිබෙන්නේ රට පුරා වහාබ් වාදය ක්‍රියාත්මක කරවීමයි. (වහබ්වාදය යනු සෘජු ජන සංහාර වෙනුවට ඉතාමත් සූක්ෂම උපක්‍රම ඔස්සේ ඉස්ලාම් නොවන අන්‍ය ජාතීන් යටපත් කරවන සාහසික ඉස්ලාමීය ආගමික මතවාදයකි. Abal whab – අබ්ද් – අල් වහාබ් (1703-1792) යනු වහාබි න්‍යායේ ආරම්භකයා ය. සෞදි අරාබි ජාතිකයකු වූ ඔහු අනාගත ලෝකය 100% ක්‌ පිරිසිදු ඉස්‌ලාමය අදහන තනි රාජ්‍යයක්‌ විය යුතු බව අවංක ලෙස විශ්වාස කළේය. – ලියුම්කරු)

අද උදේත් (ජූනි 5) රජයේ ගුවන්විදුලිය පාවිච්චි කරලා බේරුවල ප්‍රදේශයේ එක්තරා මුස්ලිම් පල්ලියක පූජකයකුත්, භාරකරුවකුත් “ජමාත් ඉස්ලාම්” දේශපාලන අංශයෙන් නායක නජාබ් මොහොමඩ් සහ බේරුවල ජමියා අරාබි විදුහලේ කථිකාචාර්ය ෆලීල් නම් මහතෙකුත් එකතුවෙලා රටේ මුස්ලිම් ගැටළුවලට විසදුම් හොයන්න උලමා සභාවට විකල්පයක් ලෙස ශුරාහ් කවුන්සිල් හදන්න කටයුතු කරනවා යැයි ප්‍රකාශ කළා. එතකොට අපි දන්නවා පසුගිය දවස් කිහිපය පුරාම මේ ශුරාහ් සභාව ගොඩ නැගීම සම්බන්ධයෙන් පැවැත්වුණු සාකච්ඡාවලට විවිධ ඉස්ලාමීය වෘත්තිකයන්, මාධ්‍යවේදීන් ඇතුළු විශාල ප්‍රමාණයක් සම්මාදම් වෙලා තිබුණා. මේ ශුරාහ් සභාවේ සැලැස්ම අති භයානකයි. 

ශුරාහ් සභාව හා ඒ පිටුපස ක්‍රියාත්මක වන මතවාදය භයානක වන්නේ ඇයි?

ජාත්‍යන්තර මුස්ලිම් ලෝකය තුළ ඉතාම ජනප්‍රිය දැවැන්ත චරිතයක් “යුසුෆ් අල් කර්දාවි. Yusuf al-Qaradawi” කටාරයේ මූලධර්මවාදී ආධ්‍යාත්මික නායකයකු වන මොහු පසු ගිය සමයේ අරාබි වසන්තය වගේ කාරණා වලදී තදින් සක්‍රීයව සම්බන්ධ වුණ කෙනෙක්. ඒ වගේම මොහු ‘ඊජිප්තු මුස්ලිම් ස‍හෝදරත්වය’ සමග සම්බන්ධ වෙලා ලිබියාවේ ගඩාෆිට මරණය ගෙන්න ආගමික ආඥා නිකුත් කළ පුද්ගලයෙක්. ඒ වගේම මොහු සිරියාවේ අද ඇතිවී තිබෙන ආගමික ගැටුම්වලට වග කිව යුතු මුල් පුරුකක්.
(යුසුෆ් අල් කර්දාවී යනු අරාබි වහාබ්වාදයේ නූතන න්‍යයාචාර්යවරයකු මෙන්ම මුස්ලිම් මූලධර්මවාදය ලෝක ව්‍යාප්ත කරවීම සදහා ආගමික නායකත්වය සපයන ප්‍රධාන පෙළේ පුද්ගලයෙකි. මොහු ඊශ්‍රායල් කාන්තාවන්ගේ කුසේ ඉන්නා දරුවන් පවා ඝාතනය කළ යුතු යැයි කළ ප්‍රකාශ නිසා බටහිර මාධ්‍යයේ දැඩි වෛරයට පාත්‍ර වූවෙකි – ලියුම්කරු)
 

යුසුෆ් අල් කර්දාවීගේ විශේෂ නියෝජිතයා ‘ඉනාමුල්ලා’ නමැති පුද්ගලයෙක්. ඉනාමුල්ලා, අමාත්‍ය රවූෆ් හකීම් මහත්මයාගේ ලගම ඥාතියෙක් වගේම මධ්‍යම පළාත් සභා මන්ත්‍රී එම්.නයිමුල්ලාගේ සහෝදරයෙක්. ඉනාමුල්ලා තමයි ශුරාහ් සභාවේ ප්‍රධාන භූමිකාව රට තුළ නියෝජනය කරන්න සැලසුම් කරල තියන්නේ. ජාත්‍යන්තරයේ දැවැන්ත මුස්ලිම් මූලධර්මවාදියෙකු වන, ලිබියාව, සිරියාව අඩපණ කරන්න ආගමික ආඥා නිකුත් කරපු කර්දාවිගේ අවවාද අනුශාසනා ලබන ඉනාමුල්ලා වැනි අයකු හරහා මේ ගෙන්න හදන්නේ තවත් අරාබි වසන්තයක් නෙවෙයි. සාම්ප්‍රදායික මුස්ලිම් සහෝදරත්වයත් විනාශ කරලා මේ රට තුළ කවදාවත් නොතිබුණු ප්‍රචන්ඩ වහාබ්වාදයක් තමයි මේ අය දැන් මේ ගේන්න උත්සහා කරන්නේ…”
ත්‍රිකුණාමල දිස්ත්‍රික් මුස්ලිම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දෙදෙනෙක් විසින් ෂාරියා නීතියට අනුකූල ආයතන තුනක් සංස්ථාපිත කිරීම සදහා පාර්ලිමේන්තු පනතක් සම්මත කරන බවට 2013-04-19 දින රජයේ ගැසට් පත්‍රයෙන් නිවේදනය කර තිබිණි. ඒ පිළිබදවද උන් වහන්සේ අදහස් දක්වා සිටියහ.

“ඒ වගේම අපි දන්නවා මේ වෙනකොට ඉතාමත් දරුණු විදිහට ෂාරියා නීතිය සමාජගත කරන්න වැඩ සියල්ලම සැළසුම් කරල තියනවා. 2013.4.19 වෙනි දා නිකුත් කරපු ගැසට් නිවේදනයේ දක්වලා තියනවා “රිල්වානියා අරාබි විදුහල සංස්ථාගත කිරීම සදහා පනතකි” – “අබූ හුරෛරාහ් අරාබි විදුහල සංස්ථාගත කිරීම සදහා වූ පනතකි” යනුවෙන්. එකම පනතකින් පිටරටින් ඕනෑ තරම් මුදල් ආධාර ගෙන්වා ගත හැකි රාජ්‍ය නොවන සංවිධාන දෙකක් සංස්ථාපිත කරන්න කටයුතු සූදානම් කරල තියනවා. ඔවුන් මොකක්ද මේ පනතෙන් බලාපොරොත්තු වන්නේ…..?
2013.4.19 දින ගැසට් නිවේදනය බලන්න

 https://fbcdn-sphotos-c-a.akamaihd.net/hphotos-ak-pr/969137_394671213984495_1115455965_n.jpg
 
මේ පනතේ අරමුණු අංක 1,2,3 යටතේ පැහැදිලිවම දක්වා තිබෙනවා “ඉස්ලාමීය ෂරීයා නීතිය යටතේ සමාජයට මග පෙන්වීම” “ඉස්ලාම් දේවධර්මවාදීන් බිහිකිරීම” “ඉස්ලාම් ධර්මය ආරක්ෂා කිරීම” යනුවෙන්. ඉස්ලාම් දේවධර්මවාදීන් බිහි කරල ඉස්ලාම් ධර්මය ආරක්ෂා කරගත්තට කමක් නෑ. ප්‍රශ්නය එය නෙවෙයි. මේකෙ කිසිම අයුරකින් විග්‍රහ කරන්නේ නෑ ෂරීයා නීතිය අනුව මග පෙන්වන්නේ මොන සමාජයට ද කියලා. බෞද්ධ සමාජයද, හින්දු සමාජයද, මුස්ලිම් සමාජයද එහෙමත් නැත්නම් සමස්ථ සමාජයම ද කියල විග්‍රහ කරල නෑ. ඒක බරපතල ගැටළුවක්. අපට ෂරීයා නීතියෙන් වැඩක් නෑනේ. මේ රටේ අවුරුදු 2500 ක් බුදු දහම ආරක්ෂා කරගෙන ආපු හාමුදුරුවරු ඉන්නවා ඕන තරම් සිංහල බෞද්ධ සමාජයට මග පෙන්වන්න. ඉස්ලාම් ෂරියා නීතිය යටතේ ඉස්ලාම් සමාජයට මග පෙන්වනව මිසක් අපට මොන බම්බුවක්ද…” 

ඉස්ලාම් ෂරියා නීතිය ගැන අපට ප්‍රශ්නයක් නෑ. නමුත් අර රිසානාට දඩුවම් දුන්න ආකාරයේ තලේබාන් සවරූපයේ ෂාරියාවට අපි විරුද්ධයි. මේ එන්නේ ඒ තැනට. ඒ නිසා මේ අන්තවාදය ට අපි දැඩි ලෙස විරෝධය පල කරනවා. ෂරීයා නීතිය සමාජගත කරන්න මේ රාජ්‍ය නොවන සංවිධාන දෙක හදන්න ගෙනාපු මේ පනත සම්මත කරන්න අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අත් උස්සනවද කියල අපි බලාගෙන ඉන්නවා. වාසු ලා, බාහු ලා, එස්.බී ලා, විමල් ලා මේ බොහොම සරළව ජාතිකවාදය පෙන්නගෙන කඩේ යන නරි රැළ මොකද කරන්නේ කියල අපි බලන් ඉන්නවා. 

හලාල් හරහා සමාජගත කෙරූ සමාජ බෙදුම්වාදී ව්‍යාපාරය සිංහල ජාතික බලවේගය මගින් අකර්මන්‍ය කර දමා ඇති අවස්ථාවක හලාල් හරහා ව්‍යාප්ත කිරීමට උත්සහා කෙරූ ආකාරයේම මූලධර්මවාදී අන්තගාමී වැඩපිළිවෙලක් ඊටත් වඩා බිහිසුණු ලෙස”මද්රසා” නමින් හැදින්වෙන් ඉස්ලාමීය දහම් පාසල් ක්‍රමය තුළින්ද සමාජගත වෙමින් පවතී. රජයේ කිසිදු නියාමනයක් නොමැතිව අරාබියෙන් හා පාකිස්ථානයෙන් සංක්‍රමණය වූ මූලධර්මවාදී ගුරුවරුන් යටතේ ක්‍රියාත්මක වන මෙම පාසල් තුලින් බිහි වන්නෙත් ආගමික මත වලින් මොළ ශෝධනය කරගත් අන්තවාදීන් පිරිසකි. ඒ පිළිබදවද උන්වහන්සේ දීර්ඝ වශයෙන් කරුණු දක්වා සිටියහ.
“අපි රජයෙන් ඉතාම බල කරල ඉල්ලනවා වහාම රජය මැදිහත්‍ වෙලා ඉතාම ඉක්මනින් මේ මද්රසා ආයතනවලට ජාතික ප්‍රතිපත්තියක් හදුන්වා දිය යුතුයි කියලා. මොකද හේතුව. මේ රටේ නීති දෙකක් තියෙන්න බෑ. වෙනදා මද්රසා දහම් පාසල් පවත්වාගෙන ගියේ පල්ලිවල. අද මොකද වෙලා තියන්නේ. හැමතැනම මද්රසා පාසල් ව්‍යාප්ත කරල තියනවා. උදේ පාන්දර ඉදන් හැන්දෑව වෙනකල් ඒ දරුවන්ව බාහිර සමාජයෙන් සම්පූර්ණයෙන්ම ඈත් කරල තනිකරම වෙනස්ම විදිහට හිතන අන්තවාදී ආගමික මූලධර්මවාදී කල්ලි කණ්ඩායම් බිහිකරන තැනට අද මද්රසා පාසල් පත් කරල තියනවා. මේ මද්රසා පාසල් ක්‍රියාත්මක වන විදිහ හරි භයානකයි. මොකද නොයෙකුත් මූලධර්මවාදී ආගමික මතවාද තමයි ඒවායේ උගන්වන්නේ. කවුද මේවා මෙහෙයවන්නේ. කවුද මේව ගැන හොයන්නේ. අපේ මහලොකු අධ්‍යාපන ඇමතිවරු ඉන්නවා. පදුරකට ගහපුවහම ඇමතිවරුම තිහ හතලිහක් විසි වෙනවා. මේවා ගැන ඔය එක්කෙනෙක්වත් අධ්‍යනය කරල තියනවද? නෑ….. හැබැයි අපි දන්නවා නැගෙනහිරට ගියාම අපට අද උදාවෙලා තියන තත්වය. ඒ නිසා අපට සාතිශය බයක් තියනවා. මේ සාම්ප්‍රධායික මුස්ලිම් සමාජය විනාශකරගෙන ගොඩ නගන මුස්ලිම් මූලධර්මවාදය අතිශය භයානකයි. දැන් ඒවත් එක එක මූලධර්මවාදයන්ට බෙදිලා. සාම්ප්‍රධායික මුස්ලිම් සමාජයත් වහාබිසම්, සලාෆිසම්, තලේබාන්, අල් කයිදා වැනි විවිද මතවාද විශාල ප්‍රමාණයකට බෙදිලා. මුලින්ම පවුල බෙදනවා. ඊළගට ගම බෙදනවා. ඊළගට එන්නේ කොතනටද? ඊළගට එන්නේ රට බෙදන තැනට. මේක ඉතාම බරපතල තත්වයක්. මේ තත්වය එදා දැක්කා පාකිස්ථානේ හිටපු ජනරාල් පර්වේශ් මුෂරාෆ්.එතුමා වහාම නීතියක් සම්මත කරලා පාකිස්ථානය තුළ ක්‍රියාත්මක වුන මද්රසා පාසල් වහල දැම්මා. ඒ තුළින් පාකිස්ථානයේ මුස්ලිම් අන්තවාදය යම් පමණකට හෝ සීමා කර ගැනීමට හැකි වුණා. මේ මද්රසා පාසල් වලින් බිහි වෙන්නේ දැඩි මතධාරී අන්තවාදී කණ්ඩායම්. ඒ අය තමයි බොහෝ වෙලාවට මේ අන්තවාදී මතවාද වලට පෙළඹිලා සාමාජීය බෙදුම්වාදය ගෙන එන්න උත්සහා කරන්නේ. ඒක හලාල් වලදීත් අපි දැක්කා. උලමා කෙනෙක් බිහිවන්නේ මද්රසා ක්‍රමය යටතේ.
අපි අද දකිනවා එංගලන්තයේ, ස්වීඩනයේ ඇතිවෙලා තියන අර්බුධකාරී තත්වය. රටවල් 52ක් තුළ අද ඇතිවෙලා තියන අර්බුධකාරී තත්වය පිටුපස ක්‍රියාත්මක වන්නේ නියම ඉස්ලාමය නෙවෙයි. “ඉස්ලාමය කියන්නේ සාමය” එහෙම එකක්නම් අපට පෙන්න නෑ. මේ මද්රසා පාසල් හරහා වහාබිසම්, සලාෆිසම්, තලේබාන්, අල්කයිදා වැනි මතවාද වලින් සන්නද්ධ වෙලා එලියට ආපු අයත් එක්ක මොන සාමයක්ද. ඒ නිසා අපි මේවා කතා කළ යුතුයි. සෞදියෙන් මැදපෙරදිගින් ආපු එක එක රාජ්‍ය නොවන සංවිධාන වලින් පවත්වාගෙන යන මද්රසා පාසල් පිළිබදව වහාම සොයා බලා ඒ සදහා ප්‍රතිපත්තියක් සැකසිය යුතුයි කියල අපි නැවතත් රජයට බල කරනවා.
ඒ නිසා අපි මේ කතා කරන්නේ මේවයේ අනාගත අනතුර හැදිනගෙනයි. එහෙම නැතුව අර මෝඩ වංශ කියනා විදිහට කාගෙවත් කොන්තරාත්තුවක් අරගෙන උතුරේ හරි නැගෙනහිර හරි ඡන්දයක් බලාගෙන නෙවෙයි. මුන් බලන්නේ ම් ඊළග ඡන්දයෙන් බලයට එන එක ගැන විතරයි. එහෙම නැතුව රටට ජාතියට සැබෑ ආදරයක් තියන බවක් අපට පේන්නේ නෑ. අපි මේ රටේ අනාගතය ගැන දැකල දරුණු අන්තවාදය ගැන කතා කරනවා, මුන් සිංහලයෝ රවට්ටගෙන ජාතික හම පොරවගෙන තැන් තැන් වල ගිහින් මේ අපට විරුද්ධව වහසි බස් දොඩවනවා. මේවා ගැන පාර්ලිමේන්තුවේ එක වචනයක් කතා කරන්නේ නෑ… යැයිද උන්වහන්සේ පැවසූහ.
උපුටා ගැනීම වෙනුවෙන් විශේෂ ස්තුතිය – The Sword-කඩුව ‍|facebook Magazine‍|‍

0 comments:

Post a Comment