එකම ජීවිත
කාලයක් තුළදී දෙවරක් මිය ගිය පුද්ගලයින් ගැන ඔබ අසා තිබෙනවාද? මොනයම්
හේතුවක් නිසා හෝ මරණයට පත් වූ බොහෝ මිනිසුන් මරණයෙන් පසු නැවතත් එම
සිරුරින්ම ජීවය ලබා උපදින්නේ නම් මැනවයි ඔවුන්ගේ ඥාති මිත්‍රාදීන්ට හැඟෙන
වාර අනන්තය. මෑත ඉතිහාසයේ එබඳු අරුම පුදුම සිද්ධීන් කිහිපයක් , එනම් මිය
ගියා යයි සලකා කටයුතු කළද මිනී පෙට්ටිය තුළ හෝ මෘත ශරීරාගාරයක් තුළ දී හෝ
නැවත ජීවය ලැබූ පුද්ගලයන්
පිළිබඳ සිද්ධීන් කිහිපයක් ලොව පුරා වාර්තා විය. පහත දැක්වෙන්නේ විවිධ
පුවත් වාර්තාවලින් උපුටා ගත් එබඳු සත්‍ය සිද්ධීන් කිහිපයකි.
බ්‍රසීල
ජාතික දෙහැවිරිදි කෙල්වින් සැන්ටෝස් නිව්මෝනියාවට ගොදුරු වී උතුරු
බ්‍රසීලයේ ඇඩර්ලාඩෝ සැන්ටෝස් රෝහලේ ප්‍රතිකාර ලබද්දී 2012 ජූනි 01 වන දින
රෝගය උත්සන්න විය. දරුවා පරීක්ෂා කළ වෛද්‍යවරු ශ්වසන පද්ධතියේ අක්‍රිය වීම
හේතු කොට ගෙන ඔහු මිය ගොස් ඇතැයි ප්‍රකාශ කළහ. ඒ වන විට වේලාව රාත්‍රී 7
පමණ විය. පසුදින දරුවාගේ දෙමාපියන් අවමඟුල් උත්සවය සංවිධානය කළහ. අවමඟුල්
උත්සවය පටන් ගැනීමට පැයක් තිබියදී හදිසියේම අවදිව , විවෘතව තිබූ මිනී
පෙට්ටියේ වාඩි වූ කෙල්වින් “තාත්තේ , මට වතුර ටිකක් බොන්න පුළුවන්දැ” යි
පියාගෙන ඇසුවේය. අවමඟුල් උත්සවයට සහභාගි වී සිටි පිරිස ඒ දැක බියෙන්
ත්‍රස්ත විය. “අපි හිතුවෙ හාස්කමක් සිද්ධ වෙලා දරුවා නැවත ජීවය ලැබුවා
කියා” යි දරුවාගේ පියා පැවැසුවේය. එහෙත් ආපසු හිටි ඉරියව්වෙන්ම පෙට්ටියෙහි
වැතිර ගත් දරුවා නිසල විය. ඔහු මෙවර සදහටම මියගොස් සිටියේය. වෛද්‍ය
ප්‍රතිකාරවලදී කුමන හෝ අකටයුත්තක් සිදුවී ඇති බව අනුමාන කළ දරුවාගේ පියා
නඩුමගට අවතීර්ණ විය.
තවත් එබඳු අරුම පුවතක් ගල්ෆ් කලාපයේ පුවත්පත් කිහිපයක පළ විය. 2012 ජුනි 04 වන දින පළ වූ එම පුවතින් විස්තර කෙරුනේ යේමනයේ ධමාර් ප්‍රාන්තයේ 65 වියැති නම හෙළි කිරීමට අකමැති වූ පුද්ගලයෙකු මිය ගිය පුවතකි. හෘදයාබාධයක් වැළඳී සිහිසුන්ව සිටි ඔහු හුස්ම ගැනීම පවා නොකළ බැවින් මියගොස් ඇතැයි සිතූ ඥාතීන් මුස්ලිම් චාරිත්‍රානුකූලව, පැය 24 ක් යාමට මත්තෙන් අවසන් කටයුතු සිදුකිරීමට සූදානම් වූහ. මිනිය හොඳින් සෝදා සුදු ඇඳුමින් සරසා, ආගමික කටයුතුද නිම වූ පසු මිනිය වළ තුළට බහා එතුළට පස් දැමීම පටන් ගත් විගසම, සිහිලද මිය ගියා යැයි සැලකූ පුද්ගලයා “උඹලාට ඕනෑ කරන්නේ මාව පණ පිටින්
වළලා මරා දමන්නදැයි “ අසමින් කෑ ගෑවේය.
මළ මිනිය ඇඳුමින් සැරසී කෑ ගසන මිනිසා දුටු අවමඟුලට සහභාගි වූවෝ මුලදී භීතියට පත් වුවද පසුව ඔහුට අලුත් ඇඳුම් ඇඳ ගැනීමට සලස්වා අවමඟුල් උත්සවය පී‍්‍රති උත්සවයක් බවට පත්කර ගත්හ.
පසුගිය වසරේ අප්‍රියෙල් 03 වනදා උතුරු ආජන්ටිනාවේ පෙරැන්ඩෝ රෝහලේ මවක් නොමේරූ දරුවකු ප්‍රසූත කළාය. මව නමින් ඈනාලියා බවුටර් විය. දරුවා බිහි වන විට දරු ගැබට සති 61/2 ක් පමණක් පිරී තිබුණි. උපදින විට මේ ගැහැනු දරුවාගේ බර රා. 01 කුත් අවු. 07 ක් විය. මුලදී වෛද්‍යවරු එය මළ දරු උපතක් යැයි සඳහන් කළද පසුව උපතින් සුළු වේලාවකට පසු දරුවා මිය ගියේ යැයි පවසා තිබුණි. කෙසේ වෙතත් ජීවත් කරවීමට අපහසු තරමේ කුඩා බිලිඳියගේ මරණය සම්බන්ධයෙන් මරණ සහතිකයක්ද නිකුත් කර මළ සිරුර සුපුරුදු පරිදි මෘත ශරීරාගාරය වෙත යැවිනි. අප්‍රියෙල් 03 අඟහරුවාදා උදේ 10.24ට උපන් බිලිඳියගේ සිරුර එදිනම උදේ 11.05 වන විට මෘත ශරීරාගාරයේ ශීතකරණයේ තැන්පත් කෙරිනි.
එදින රාත්‍රී මිය ගිය දියණියගේ ඡායාරූපයක් ගෙන අවසන් වරට ඇයගෙන් සමුගැනීමට සිතා, මෘත ශරීරාගාරයට ගොස් ශීතකරණය විවෘත කළ මා පිය යුවළට නින්දෙන් පිබිදුනාක් මෙන් ඇඹරෙමින් සිහින් කෙඳිරියක් නගන බිලිඳා දැක ගත හැකි විය. ඒ වන විට බිලිඳු සිරුර අධි ශීතකරණයේ තබා පැය 12ක් ඉක්ම ගොස් තිබිණි. වහා බිලිඳා ආපසු රෝහල් වාට්ටුවට ගෙන ගොස් ප්‍රතිකාර ඇරඹිනි. දරුවා ප්‍රසූත කරන අවස්ථාවේ සිට මරණ සහතිකය නිකුත් කරන අවස්ථාව දක්වා සහභාගි වූ වෛද්‍යවරු කිසිවෙකුත් මෙවැන්නක් සිදුවූයේ කෙසේද යන්න පැහැදිලි කිරීමට අපොහොසත් වූහ.
2011 ජූලි 25 ඕඕඛි ප්‍රවෘත්තිවලද මෙබඳු ප්‍රවෘත්තියක් වාර්තා විය. 2011 ජූලි 23 වන සෙනසුරාදා අවු. 50ක් වයසැති දකුණු අප්‍රිකානු මිනිසෙකු ඇදුම රෝගය උත්සන්න වීමෙන් සිහිසුන් තත්ත්වයට පත් විය. එදින රාත්‍රී ඔහුව සිහි ගැන්වීමට අපොහොසත් වූ ඔහුගේ ඥාතීන් ඔහුව වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කරනවා වෙනුවට , ඔහු මියගොස් යැයි සිතා පෞද්ගලික අවමංගල්‍ය සංවිධානයකට කතා කොට සිරුර ඔවුන්ගේ මෘත ශරීරාගාරයේ අධිශීතකරණයක තැන්පත් කෙරිනි. පසුදින ඉරිදා ද. අප්‍රිකානු වේලාවෙන් සවස 5 ට පමණ සිහි ලද රෝගියා දරුණු ශීතලෙන් ගැහෙමින් අවදිව වටපිට බලද්දී තමා වටකොට තිබෙන මළ මිනී දැක භීතියෙන් කෑ ගැසීමට පටන් ගත්තේය. ඒ වන විට ඔහු ශීතකරණයේ පැය 21ක් ගතකොට තිබිණ. මුලදී එහි සිටි සේවකයින් දෙදෙනා අවතාරයක් යැයි සැක සිතා දිවි බේරා ගැනීමට එතැනින් පලා ගියද, පසුව සෙමින් සෙමින් ආපසු විත් බලා කරුණු වටහා ගැනීමෙන් පසු රෝගියා වහාම ගිලන් රථයක් ගෙන්වා රෝහල වෙත යැවීය.
2012
මාර්තු 03 ඩේලි මේල් පුවත් පතෙහි තවත් එබඳු සිදුවීමක් වාර්තා විය. වැටීම
නිසා හිසෙහි තුවාල සිදු වී තිබුණු හුදකලාව ජීවත් වූ චීනයේ ගුවන්ෂයි පළාතේ
95 වියැති මහලු කාන්තාවක් (ලී සියු ෆෙං) ඊට සති 2කට පසු සිහිසුන්ව වැටී
සිටිනු අසල්වැසි කාන්තාවක් දුටුවාය. ඇයව සිහි ගැන්වීමට කළ සියලු උත්සාහ
ව්‍යර්ථ විය. හුස්ම ගැනීමද නැවතී තිබිණ. ස්ථීරවම ඇය මියගොස් ඇතැයි සිතූ
අසල්වැසි කාන්තාව තම පුතා හා එකතුව අවසන් කටයුතු සූදානම් කළාය. අසල්වැසියන්
හට අවසන් ගෞරව දැක්වීම සඳහා දේහය සහිත මිනී පෙට්ටියක හුදකලාව ජීවත් වූ
කාන්තාවගේ නිවසේ තැන්පත් කර තැබිණි.අවසන්
කටයුතු සිදුකිරීමට නියමිත දිනට පෙරදා දේහය තැන්පත් කර තිබූ නිවසට ගිය අසල්
වැසි කාන්තාව මිනී පෙට්ටිය හිස්ව තිබෙනු දුටුවේය. ඒ වන විට මහලු කාන්තාවගේ
මරණය සිදුවී දින 6ක් ඉක්ම ගොස් තිබිණි. කලබලයට පත් අසල්වැසියන් නිවස හා
අවට විපරම් කිරීමේ දී දුටුවේ මුළුතැන් ගෙහි ආහාර පිසිමින් සිටි මිය ගියා
යැයි සිතූ කාන්තාවය. ඔවුන් දුටු කාන්තාව මෙසේ පැවසුවාය. “මම හුඟ වේලාවක්
නිදා ගත්තා. හරිම බඩගිනියි ඒ නිසා කෑම ටිකක් පිළියෙළ කරන්න හිතුවා.”
පසුව ඇයව රෝහලට ගෙන ගිය විට වෛද්‍යවරු පැවසුවේ ඇය “කෘත්‍රිම මරණය” කට ගොදුරු වී ඇති බවය. අවසන් කටයුතුවලට පෙර දින කීපයක් සිරුර නිවසේ තබා තිබිමේ සම්ප්‍රදායානුකූල චීන චාරිත්‍රයට පින් සිදු වන්නට ඇය පණ පිටින් ආදාහනය වීමෙන් වැළකිනි. එහෙත් එම සම්ප්රදායම හේතු කොට ගෙන සියු ෆෙංට ඇගේ යැයි කිව හැකි බඩු බාහිරාදිය කිසිවක්ම නැති විය. මන්ද චීන සම්ප්‍රදායට අනුව යමකු මිය ගිය විට ඔහු හෝ ඇය පරිහරණය කළ සියලු භාණ්ඩ පුළුස්සා විනාශ කරන බැවිනි.
තමන්ගේම අවමඟුල් උත්සවය මධ්‍යයේ අවදිවීමට ලැබිම කාන්තාවකට මහත් බිය උපදවන අවස්ථාවකි. එහෙත් 49 වියැති රුසියානු කාන්තාවක වූ ෆැගිල් යූ (ජ්චඨඪතරභ) ඒ අවස්ථාවට මුහුණ පෑවාය. 2011 ජූනි 24 ඩේලි මේල් පුවත් පත වාර්තා කළ පරිදි තදබල හෘද රෝගී තත්ත්වයකින් පසු ඇය මිය ගිය බවට වෛද්‍යවරු සනාථ කළහ. එහෙත් අවමංගල්‍ය උත්සවය මධ්‍යයේ දී ඇය අවදි වූවාය. තමන්ගේ ඥාතීන් තමන් වෙනුවෙන් යාච්ඤා කරනු ඇසුණු කල්හි , තමා මිනී පෙට්ටියක බහා අවමංගල්‍ය ඇඳුමින් සරසා තිබෙනු දුටු කල්හි ඇය භීතියෙන් මුසපත්ව කෑගෑවාය. ඇගේ සැමියා වහාම ඇයව රෝහල් ගත කළද දැඩි සත්කාර ඒකකය තුළ ඇය ජීවත් වූයේ මිනිස්තු 12ක කාලයක් පමණි. එවර ඇය ස්ථීරවම මියගොස් සිටියාය. හදිසියේ තදින් බියවීම හේතු කොට ගෙන හෘද රෝගී වී ඇය මිය ගිය බව වෛද්‍යවරු පවසා තිබිණ.
වෙනිසියුලාවේ කාලෝස් කැමේජෝ 2007 සැප්තැම්බර් මස අධිවේගී මාර්ගයකදී සිදුවූ රිය අනතුරකින් පසු රෝහල් ගත කෙරිණි. සිහිසුන්ව සිටි ඔහු පරීක්ෂා කළ වෛද්‍යවරු ඔහු මිය ගොස් ඇතැයි ප්‍රකාශ කළහ. 2007 සැප් 21 ඩේලි මේල් පුවත් පත වාර්තා කොට තිබූ පරිදි මිනිය හඳුනා ගැනීමට ඔහුගේ බිරිය පැමිණීමට පෙර වෛද්‍යවරු පශ්චාත් මරණ පරීක්ෂණය ආරම්භ කළහ. මෘත ශරීරාගාරය තුළදී පරීක්ෂණය ආරම්භ කරමින් කාලෝස්ගේ මුහුණ කැපූ වෛද්‍යවරු උණුසුම් රුධිරය ගලා ඒම නිසා මවිතයට පත්විය. කැපුම් තුවාලයෙන් ඇතිවූ දරුණු වේදනාවත් සමග කාලෝස් සිහි ලැබිය. කැපුම් තුවාලය වහාම මසා බෙහෙත් ගැල්වූ වෛද්‍යවරු ඔහුව මෘත ශරීරාගාරයෙන් පිට කළහ. තම සැමියාගේ මළ සිරුර හඳුනා ගැනීමට රෝහලට පැමිණි ඔහුගේ බිරිය දුටුවේ තමා එන පෙරමග බලමින් කොරිඩෝවේ වාඩි වී සිටින තම සැමියාය.
මෙබඳු සිදුවීම් ඈත ඉතිහාසයේ මෙන්ම මෑත ඉතිහාසයේ ද වරින් වර අසන්නට ලැබි තිබේ. සිඩ්නි මෝනිං හෙරල්ඩ් පුවත් පත 2008 ජනවාරි 21 පළ කළ 81 වියැති ඇංගෝලානු ජාතික මහලු මිනිසාගේ මරණයෙන් නැගිටීමත්, ඉන්ටනැෂනල් බිස්නස් ටයිම්ස් , වර්ල්ඩ් හා තවත් පුවත් පත් 2013 පෙබරවාරි 01 වනදා වාර්තා කළ අවු. 101 වියැති මහලු චීන කාන්තාවගේ මරණයෙන් නැගිටීමත් ඒ අතර වෙයි. මේ සිදුවීම් දෙකෙහිදීත් අප ඉහත විස්තර කළ සමහර අවස්ථාවලදීත් මිය ගියා යැයි සිතූ පුද්ගලයින්ගේ ඥාතීන් වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමු නොකොට කෙළින්ම අවමඟුල් කටයුතු සංවිධානය කළද අනෙක් සිද්ධීන්වලදී රෝගියා මියගොස් ඇති බවට වෛද්‍යවරු සනාථ කොට තිබුණි. එවන් පුද්ගලයින් මරණයෙන් නැගිටි කල්හි ඔවුන්ගේ ඥාතීන් අදාළ වෛද්‍යවරුනට එරෙහිව නීතිමගට පිළිපන්නේ වුවද මේ අසාමාන්‍ය තත්ත්වය පිළිබඳව වෛද්‍ය විද්‍යාවේද යම් පැහැදිලි කිරීමක් කර තිබෙනු දැකිය හැක.
සාමාන්‍ය ජනයාට මෙය අරුම පුදුම සිදුවීමක් ලෙස පෙනුණද වෛද්‍ය විද්‍යාවේ මේ තත්ත්වය හැඳින්වෙන්නේ සස්පෙන්ඩඩ් ඇනිමේෂන් (Suspended animation) නමිනි. මේ තත්ත්වයේ දී පුද්ගලයෙකුගේ හෘද සපන්දනය නාඩි හා ස්වසන යන මූලික සජිවී ලක්ෂණ සම්පූර්ණයෙන්ම නැවතී තිබෙනු දැකිය හැක. සිරුරේ උෂ්ණත්වයද ඉතා පහළ මට්ටමකට වැටේ . එවිට ඒ පුද්ගලයා ජීවත්ව සිටින්නේ දැයි බාහිරින් පරීක්ෂා කොට බලා වෛද්‍යවරයෙකුට වුව නිගමනයකට එළඹීම අපහසුය. මෙබඳු අවස්ථා සුලබ නොවන නමුදු, මරණයක් සිදුවී ඉතා ඉක්මනින්ම අවසන් කටයුතු සිදු නොකිරීම සමහර අවස්ථාවන්හි වාසිදායක තත්ත්වයක් ඇතිකරන බව ඉහත සිද්ධි සනාථ කරයි.
0 comments:
Post a Comment