Sep 5, 2013

සිරියානු අර්බුදය තෙවන ලෝක යුද්ධයක් කරා ලෝකයා රැගෙන යයිද?

මේ වෙද්දී සිරියානු අර්බුදය පවතින්නේ එහි උච්චතම අවස්ථාවෙයි. ඔවුන් රසායනික අවි භාවිත කරන බවට ලෝකයා චෝදනා නගයි. ඒ නිසා සිරියාව යළිත් කරලියට පැමිණ සිටියි. ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් සිරියාවට එරෙහිව නැගී සිටිද්දී ඔවුන්ගේ පැත්ත ගෙන කතා කරන්නේ රුසියාව හා 3-1ඉරානයයි. සිරියාවේ රසායනික අවි භාවිතයත් ඔවුන් මැදි කර ගනිමින් ජාත්‍යන්තරයේ බෙදීමත් තවත් යුද්ධයක් කරා ලෝකයා රැගෙන යයිද? 

පසුගිය දිනවල සිරියාවේ සිදු වූ මරණ බොහොමයකට හේතුව රසායනික අවි භාවිතය බව බොහෝ දෙනාගේ චෝදනාවයි. මෙහිදී මිය ගිය පිරිස සිය ගණන ඉක්මවයි. වසර දෙකකට ආසන්න සිරියානු යුද්ධයේදී මේ දක්වා දහස් ගණනක් මිය ගියද සිරියානු යුද්ධය ගැන ජාත්‍යන්තරය කලබල වූයේ රසායනික අවි ප්‍රහාර පිළිබඳ හෝඩුවාවක් මතුව ඒමත් සමගයි. සිරියාවේ ඩැමස්කස් අගනුවර ආශ්‍රිත ප්‍රදේශ තුළ මේ ප්‍රහාර සිදුව ඇති බවට සැක කෙරේ. ඒ සම්බන්ධයෙන් ලැබි ඇති ප්‍රධානතම සාක්ෂි කිහිපයක් වේ. ඒ අතරින් එකක් වන්නේ නියුරෝටොක්සික් රෝග  ලක්ෂණ ඇති පුද්ගලයන් තුන් දහස් හයසියයක් පමණ හමුව තිබිමයි. රෝහල් තුනක ප්‍රතිකාර ලබමින් පසු වූ මේ රෝගීන්ගෙන් තුන්සිය පනස් පස් දෙනකු මේ වන විට මිය ගොස් සිටියි. මේ  අතර දූෂණ විමර්ශන මධ්‍යස්ථානයෙන් ලැබි ඇති තවත් තොරතුරක් වන්නේ රසායනික විෂ හේතුවෙන් ඩැමස්කස් ආශ්‍රිත නගර අටක පුද්ගලයන් හාරසිය පනස් හත් දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි. මේ සංඛ්‍යාව තවත් ඉහළ යනු ඇති බවට වාර්තා ලැබෙමින් පවතී.
3-2
කැරලිකරුවන්ගේ අණසක යටතේ පවතින ඩැමස්කස් අගනුවර වටා පිහිටි කෘෂිකාර්මික කලාපයක් වූ ගෝටා දිස්ත්‍රික්කයේ ඉකුත් අගෝස්තු විසි එක්වනදා දරුණු සටන් පැවැති බව සිරියානු විරුද්ධ පක්ෂය සිය ෆේස් බුක් වබේ අඩවියේ සඳහන් කර තිබිණි. ගෝටා දිස්ත්‍රික්කයට අයත් එයින් ටර්මා ප්‍රදේශයේ රසායනික ශෙල් ප්‍රහාර සිදු වූ බව ඒ වාර්තා තුළ විය. එසේම තවත් වාර්තාවකින් කියවුණේ ගෝටාවලට අයත් සමල්කාවලදී රසායනික අවි භාවිතය සිදු වූ බවයි. තුවාල ලැබූවන් මහ මග වැටී සිටින අයුරු වීඩියෝ දර්ශනවලින් පෙන්නුම් කෙරිනි. මේ සම්බන්ධයෙන් අදහස් දැක් වූ සිරියානු රජය කියා සිටියේ ගෝටාවල හමුදා මෙහෙයුම් සිදු කළද රසායනික අවි භාවිත  නොකළ බවයි.

මේ රසායනික අවි ප්‍රහාර සිරියානු රජය විසින් සිදු කළ බවට විරුද්ධ පක්ෂය චෝදනා නගද්දී රාජ්‍ය පාක්ෂිකයෝ එය වෙනම පැත්තකට හරවා තිබේ. ඔවුන් කියන්නේ කැරලිකරුවන් විසින් ඒ ප්‍රහාර සිදු කර එය රජය පිට පැටවීමට උත්සාහ දරන බවයි. කෙසේ වුවද මේ රසායනික අවි භාවිතයේ කතාව මතෛක් කලක් නිසොල්මනේ ගලා ගිය සිරියානු යුද ගැටුම්වල හැරවුම් ලක්ෂයක්ව පවතී. මේ ප්‍රහාර මාලාවත් සමග කවුරුත් කතා කරන්නේ සිරියාවේ රසායනික අවි භාවිතය ගැනයි.මෙහිදී සිරියාවේ ගැලවුම්කරුවන් වී ඇත්තේ රුසියාව හා ඉරානයයි. ජාත්‍යන්තරයෙන් එල්ල වන විරෝධතාවලින් සිය අරාබි මිතුරා බේරා ගැනීමට ඔවුන් ප්‍රබල සටනක යෙදේ. මේ අතර ඇමෙරිකාව අර අදින්නේ කෙසේ හෝ සිරියාව මැඩලීමටයි. මේ සඳහා බ්‍රිතාන්‍ය ප්‍රමුඛ බටහිර රටවලින් ඇමෙරිකාවට හොඳ තල්ලුවක් ලැබෙමින් පවතී. පසුගිය දිනවල සිරියාවේ සිදු වූ බව කියන රසායනික අවි ප්‍රහාරවල කතාව කන වැකීමත් සමග නිවේදනයක් නිකුත් කරමින් ඇමෙරිකානු ජනපති බරක් ඔබාමා කියා සිටියේ ඒ පිළිබඳ දැඩි පියවරක් ගැනීමට තමන් සූදානමින් සිටින බවයි. බ්‍රිතාන්‍යයේ ඩේවිඩ් කැමරන්ද වහා ක්‍රියාත්මක වෙමින් නිවේදනය කර සිටියේ සිරියාවේ රසායනික ප්‍රහාර සිද්ධිය ගැන තමන් දැඩි විමසිල්ලකින් පසුවන බවයි. කොහොමටත් සිරියාව වැනි මැද පෙරදිග රටක් රසායනික අවි භාවිතයේ ඉදිරියට එනවාට ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් විරෝධය පායි. එහිදී විශේෂයෙන්ම ඇමෙරිකාව කැපී පෙනේ. ඔවුන් කවදත් වෙනත් රටක් තමන්ට වඩා ඉහළින් යනවාට අකමැති වන්නේ ලෝක බලවතා යන ලෝගුව දාගෙන සිටින නිසා වන්නට ඇත. කෙසේ වුවද කිනම් හෝ රටක් රසායනික අවි භාවිත  කරන්නේ නම් එහි අවදානමක් වේ. එබැවින් ඊට එරෙහිව හඬක් නැගිය යුතුව ඇත.
3-3
සිරියානු යුද්ධයෙන් කැරලිකරුවන් ජය ගනු දැකීම බටහිර රාජ්‍යයන්ගේ අභිප්‍රාය නොවේ. එහෙත් සිරියාවට රසායනික අවි භාවිත  කිරීමට ඔවුන් ඉඩ නොදේ. යම් හෙයකින් සිරියාව රසායනික අවි භාවිතයේ ඉදිරියට ආවහොත් එය ඔවුන්ටද තර්ජනයක් වේ. ඒ නිසා සම්බාධක පනවා හෝ එය නතර කිරීමට ඔවුන් පෙළ ගැසී සිටියි. ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වීමට එක්සත් ජාතීන් පෙළඹවීමටද ඔවුන් උත්සුක වී තිබේ. නිය‍පොත්තෙන් කඩන්නට හැකි දේ ‍පොරොවෙන් කපන්නට වෙන තෙක් බලා නොසිටිය යුතුවාක් මෙන් සිරියාව රසායනික අවි භාවිත  කරන්නේ නම් එය දැන්මම නැවැත්විය යුතුව ඇත. මේ ප්‍රශ්නයේදී රුසියාවත් ඉරානයත් සිරියාවේ පැත්ත ගනිද්දී ඇමෙරිකාව හා බ්‍රිතාන්‍ය ඇතුළු බටහිර රටවල් ඊට විරුද්ධව නැගී සිටිමින් දෙපිරිසකට බෙදී තිබේ. මේ බෙදීම එදා හටගත් දෙවන ලෝක යුද්ධයේ මතකය අවදි කරන්නකි. එබැවින් සිරියානු අර්බුදය ඉක්මන් විසඳුමක් කරා යා යුතු වේ. නැතහොත් තෙවන ලෝක යුද්ධයක උණුසුම නුදුරේදීම අපට දැනෙණු ඇත.

0 comments:

Post a Comment