තොටගමුවේ රාහුල හිමියන්ගේ පුනරුත්පත්තිය හික්කඩුවේ සුමංගල හිමියන්ද?
අතීත උරුමයන් සියල්ල තවමත් අපට අහිමිවෙලා නෑ. සමහර දේවල්වල යම් යම් අවස්ථා දනවන සාක්ෂි යම් පමණකින් ඉතිරිවී තිබෙනවා. තොටගමුවේ රාහුල හිමියන් සම්බන්ධයෙන් ගත්තත් එහෙමයි.
රොෂාන් චානක තිසේරා රාහුල හිමි මතකය අවදි කරමින් කියනවා.
රාහුල හිමියන්ගේ භාවිතයෙන් ඉතිරි වූ දේවල් තවමත් අප සතුයි. අපි අද රාහුල හිමියන් දකින්නෙ, බලන්නෙ, කතා කරන්නේ, අහන්නෙ ඒ ඉතිරි වූ කොටස් මතින්. මෙතැනදී එක දෙයක් කිව යුතුයි. ඒ, ඒ කොටස්වලින් රාහුල හිමි ගැන සම්පූර්ණ විස්තරයක් මැවෙන්නෙ නෑ. නමුත් ඒ මැවෙන විස්තරය මතින් අපට හිස්තැන් සහිතව කතාවක් ගොඩනඟා ගත හැකියි. අපේ මේ වෑයම ඒ සඳහායි.
රාහුල හිමි භාවිතයේ වූ දේවල්වලින් උන්වහන්සේගේ ජන්ම පත්‍රය, එහෙමත් නැත්නම් කේන්ද්‍ර සටහන තවමත් ඉතිරිවී තිබීම වාසනාවක්. මේ කේන්ද්‍ර සටහන පිළිබඳ විමර්ශනයකින් නොදත් දේ විමසා දැනගත හැකියි. මන්ද යත් කේන්ද්‍ර සටහන යනු පුද්ගලයකු පිළිබඳ වන නිවැරැදි කියැවීමක්, හඳුනාගැනීම් පත්‍රයක් වන නිසා. රාහුල හිමිගේ කේන්ද්‍ර සටහනේ මේ විදියට සටහන් වෙනවා.
ශක වර්ෂ 1330 (ක්‍රි.ව. 1408) රවි මේෂ රාශියේ සිටි බක් මාසයේ පුර පසළොස්වක දසවක දින උදයේ මේෂ ලග්නයෙන් මිථුන නවාංශකයෙන් මිථුන රාශියේ සඳුද නවවැන්නේ ගුරුද අඟහරුද මකරයේද සෙනසුරු හා සිකුරු කුම්භ රාශියේද කේතු හා බුධ ෙදාළොස්වැනි රාශියේද, සිටියදී වීර වූ රාජ ගුරුහු උපන්නාහ."
මෙතැනදී අපට රාහුල හිමි ගැන තවත් අපූරු කතාවක් ඇහෙනවා. ඒ රාහුල හිමියන් නැවත උත්පත්තිය ලබා ඇති බව. ඒක කියැවෙන්නේ මේ විදියට.
මේ කතාවේ කතා නායකයා දඹදිව සතිස්චන්ද්‍ර විද්‍යාභූෂණ ප¾ඩිවරයා. එතුමා වරක් විදේයාදය පිරිවෙනට ශිෂ්‍යයකු විදියට ඇතුළත් වුණා. ඒ ආවේ කල්කටා විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යත්වලාභියකු විදියට. හැබැයි ඒ වෙනකොටත් එතුමා ආචාර්ය උපාධිය ලබලා ඒ විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙක් විදියට උගන්වමින් සිටියා.
මේ මහා ප¾ඩිවරයා ඉගෙනීම අවසන් කරලා සමුගන්නා උත්සවයේදී හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියන් ගැන ප්‍රකාශයක් කළා. ඒ ප්‍රකාශයට ඒ කාලේ ඉන්දියාවේ පුවත්පත් ලොකු ප්‍රචාරයක් ලබලා දුන්නා. මේ ඔහුගේ කතාව.
"ගුරු දේවයාණෙනි, ඉගෙනීම පිණිස මා මෙරටට පැමිණෙන බව අසා මගේ ඥාති මිත්‍රාදීහු එය විහිළුවක් සේ සිතූහ. ඒ දුෂ්ට රාවණාගේ රටේ වෙළෙ¼දාමක් කරනවා මිස ඉගෙනගන්න දෙයක් හෝ උගන්වන්න කෙනකු හෝ නැතැයි කීහ.
ගුරු දේවයාණෙනි, එහෙත් ඔබගෙන් තබා ඔබගේ ශිෂ්‍ය මගේ සහෝදර ඥානේස්වර යතිවරයාණන්ගෙන් අපේම භාෂාව වූ සංස්කෘත පවා ඉගෙනීමට මට සිදුවිය.
ගුරු දේවයාණෙනි, මින් වසර පන්සීයකට පෙර ලක්දිව විසූ ශ්‍රී රාහුල තෙර ඔබ වහන්සේමය. එදා ඔබ අතවැසි රාමචන්ද්‍ර කවි භාරතී වූයේ මමය."
මේ ප්‍රකාශයෙන් කියන්නේ රාහුල හිමි හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියන් ලෙස නැවත ඉපදුණු බවයි.
මම මේ කතාවෙන් කියන්න අදහස් කළේ මේකයි. පර්යේෂණ කරනවා නම් විමර්ශන කරනවානම් මේ තරම් වටිනා අවස්ථාවක් තවත් නෑ අපට. අප ළඟ තියෙන රාහුල හිමිගේත්, සුමංගල හිමිගේත් තොරතුරු ඒකරාශී කරලා වෙන් වෙන්ව ඒ චරිත කියැවීම, හැදෑරීම තුළ අපට මේ ගැන බොහෝ සම තැන්, අසම තැන් ගැන නිවැරැදි හැඟීමක් ලබාගත හැකිවේවි. ඒක අපට හොඳ අනාගත ආයෝජනයක් වේවි ඉතිහාසය ලබාදෙන.
රාහුල හිමි හඳුන්වපු නම් රැසක් තියෙනවා. ෂඩ්භාෂා පරමේශ්වර, විජයබා පිරිවෙන්පති, විජයබා තෙරිඳුතුමා, විජයබා පිරුවන් හිමි, විජයබා පිරුවන්තෙර, ශ්‍රී විජයබාහු පිරුවන් තෙර, රාහුලභද්ද, වාචීස්සර, මහා විජයබාහු නිවාස වාසී, විජයබාහු සංඝරාජ, විජයබාහු පරිවෙණාධි, රාහුල යතින්දා, රාහුල මුනින්දා, ශ්‍රී රාහුල සඟිමි, ශ්‍රී මත් රාහුල පාද, තොටගමුවේ හාමුදුරුවෝ, තොටගමුවේ සිරි රහල්, ත්‍රිපිටක වාගීශ්වර, සිරිසඟබෝ, ශ්‍රී විජයබාහු, පිරිවන් තෙරපාමින් වහන්සේ, රාහුල සංඝරාජ, රහල්, ගතාර.
ඒ කාලෙ රාහුල හිමියන් ගැන තිබුණෙ ලොකු ප්‍රසිද්ධියක්. ඒ ප්‍රසිද්ධිය කියා පෑවේ දහඅට විද්‍යාවන් ඉගැන්වීමට ලොව එකම සමතා වූයේ රාහුල හිමි බව.
අද විශ්වවිද්‍යාලයක් වගේ තමයි එදා විජයබා පිරිවෙන. රාහුල හිමියන් මේ පිරිවෙනේ අධිපතිකම දරනකොට උන්වහන්සේට සංඝරාජ පදවියත් ලැබිලා තිබුණා. ඒ කාලෙ තමයි ලෝකයේ ගොඩාක් රටවලින් විදේශ ශිෂ්‍යයො ඇවිල්ලා විජයබා පිරිවෙනේ ඉගෙන ගත්තේ. උන් වහන්සේගේ පිරිවෙනේ උගන්වපු
විෂයයන් වුණේ මේවා.
ව්‍යාකරණ, වෛද්‍ය ශාස්ත්‍රය, ගණිත මිණිත, සංස්කෘත, දෙමළ ෂඩ්භාෂා, අට වියරණ, අටළොස් පුරාණය, අෂ්ට දශවිද්‍යා, කලා ශිල්ප, ආගම, දර්ශනය, ඡන්දස්, අලංකාර පාඨමාලා. ඒ වගේම තමයි දෙමළ භාෂාව උගන්වපු එකම සිප්හල වුණෙත් විජයබා පිරිවෙන.
රාහුල හාමුදුරුවො භූත විද්‍යාව ඉතා හොඳින් දැනගෙන හිටියා. මේ ගැන ජන කතාවක් හොඳින් අපට කියලා දෙනවා. ඒ හැම කතාවක්ම උන් වහන්සේ භූතයන්ගෙන් වැඩ ගත්තු බව කියන කතා.
ඒ වගේම රාහුල හාමුදුරුවො යක්කුගෙන් වැඩ ගත්තා. ඒ විතරක් නෙවෙයි යකුන් රඳවාගෙන කොටු කරගෙන හිටියා. අද ඒ ස්ථානය යක්කොටුව එහෙමත් නැත්නම් යක්කටුව කියලයි හඳුන්වන්නේ. රාහුල හාමුදුරුවො යන්ත්‍ර මන්ත්‍රවලට ඕන බෙහෙත් වර්ග ගෙන්නා ගත්තේ යකුන් ලවා.
අදත් මේ ප්‍රදේශය ජනවහර තවමත් පොහොසත්. කටවහරින් ජන සමාජයේ තවමත් භාවිත වන මේ කවි ටික කියන්නේ උන්වහන්සේගේ කවීත්වය ගැන. මේ වීදාගම හිමි හා රාහුල හිමි අතර සංවාදයක්.
මමත් දුවේ එක දීගෙක හුන්නෙමි
සැටක් පිරෙන තුරු දුටුවන් වැලැන්දෙමි
නුඹලා වගේ අඩුකෝඩුත් නොම කෙළෙමි
එකදා රැයක තුන්සිය හැටකට උනිමි
වීදාගම හිමිගේ අම්මාගේ චරිතය රඟමින් කී එම කවියට රාහුල හිමියන් ගුරුවරයකුගේ චරිතය රඟමින් දුන් කවි පිළිතුරයි මේ.
චී චී අම්මෙ මට නොකියන් එවැනි කතා
බාලේ පටන් දෑලේ දෙන්නා තොර නැතා
ගාලේ හරක් මොන අලුයම නැඟිට සතා
කනුත් සොරුත් හැර තුන් සිට හැටක් වෙතා
මේ වීදාගම හිමියන්ගේ කවි දහම් ගැටයයි.
අටසියයක් කඩ සත්දිත් ඇති පයියා
අටසියයක් වැල් බානින් බැඳි පයියා
කරු දෙකකින් උෟලා ගෙන යන පයියා
කොතන දමන්දෝ නොදැනෙයි කයි පයියා
ශෘංගාර රසය ඉහවහා ගිය මතුපිටින් බැලූ කල දෙපිට කැපෙන අර්ථයක් කුළුගන්වන, අසා සිටින්නන්ට තහනම් රසයක් එක්කරමින් හිත කිති ගන්වන එම කවි දහම් ගැටය රාහුල හිමියන් මනා කොට ලිහා දමමින් දුන් පිළිතුර මෙයයි.
කව සියයක් වැලි බානින් කළ ගෙත්තම්
අට සියයක් සත්දින් රටටම වත්කම්
කපායියා මළුලා කරපුව ගෙත්තම්
මොලොව කුමන නාටකදෝ අනිත්තම්
ඉන් නොනැවතුණ රාහුල හිමි දුන් උපහාසාත්මක කවිය මෙයයි.
මාළු අටක් තඹ සැළියක් පෙර ගන්නේ
සැරයටි දෙකයි තඹ හැළියයි ඒ එන්නේ
සැදි කවු දෙකෙකි ගිනි කටුවකි ඉතුරුන්නේ
මෙලොව කුමට නාටක දැයි අනිත්තේ
රාහුල හිමි උගතෙක්. ශිල්ප ශාස්ත්‍ර ශිල්ප ශාස්ත්‍ර කෙළ පැමිණයෙක්. ග්‍රන්ථ පරිශීලකයෙක්. මේ කවි සංවාදය දිහා අප බැලිය යුත්තේ මතුපිටින් හෝ ගැඹුරින් කියැවෙන අර්ථ රසය, ගෘංගාරය සඟවා කියන අර්ථ හෝ වෙනත් රස මිහිරියාවක් ගැන විතරක් නෙවෙයි. වීදාගම හා රාහුල හිමියන්ගේ විශිෂ්ට බුද්ධිය, ප්‍රඥාව ගැන විමසමින්.
අප ළඟ දැනට තියෙන කරුණු අනුව භාෂාවට, ලේඛනයට, කවිත්වයට, ග්‍රන්ථකරණයට, යන්ත්‍ර මන්ත්‍රවලට අමතරව වෛද්‍ය ශාස්ත්‍රයත් පරතෙරටම දැන සිටි හිමිනමක් තමයි රාහුල හාමුදුරුවෝ. දැන් අපේ මේ උත්සාහය උන්වහන්සේ ලියා තැබූ වෛද්‍ය ශාස්ත්‍ර ඇතුළත් වෛද්‍ය ග්‍රන්ථ සොයා බැලීම.
අද අපිට හමුවෙනවා තවත් වැදගත් සාක්ෂියක්. ඒ රාහුල හිමිගේ ශිෂ්‍ය පරපුර හා සබඳකම් තිබූ බව කියැවෙන වියතෙක් ගැන. ඔහු ජීවත් වුණේ ඇමෙරිකාවේ ලොස්ඇන්ජලීස්වල. ඒ මහා කෝටිපතියකු විදියට. ඔහුගේ ගම වුණේ හික්කඩුවේ අම්බන ප්‍රදේශය. ඒ ෙදාස්තර පී.එම්. සරත්චන්ද්‍රයන්.
ඔහු ගැන පූජ්‍ය රැකවහේනේ චන්ද්‍රජෝති හිමියන් වරක් මෙහෙම කියා තිබුණා. සරත්වතී ගම බුද්ධ ශාසනයට ඉමහත් සේවාවක් ඉටුකළ බව. මේ ෙදාස්තර සරත්චන්ද්‍රයන් පවසා තිබූ දෙයක්.
අප තොටගමුවේ රාහුල හාමුදුරුවන්ගේ ගෝලයන්. ඇබිත්තයන්. එම නිසා අප අද ආඩම්බරයෙන් අපේ පෙළපත පාවිච්චි කරන්නේ ඇබිත්තගොඩගේ කියලා.
රාහුල හිමියන් ගුප්ත විද්‍යාවට දක්ෂ බව අමුතුවෙන් කියන්න ඕන නෑ. ගුප්ත විද්‍යාවෙන් බොහෝ වැඩ කරගත් රාහුල හාමුදුරුවෝ ඒ ගුප්ත විද්‍යාවම වර්තමානයේ ඉතා දියුණු තාක්ෂණ ක්‍රමයක් බවට හරවාගත්තා. ඒ, ගුප්ත විද්‍යා ක්‍රමයෙන් පණිවුඩ හුවමාරු කරගනිමින්. ඉතා මෑතකදී ඉතා දියුණු තත්ත්වයට පත්කරගත් චන්ද්‍රිකා තාක්ෂණයේ පියා වන්නේ ශ්‍රී ලාංකික රටවැසි භාවය ලබාගත්ත ශේ්‍රෂ්ඨ තාරකා විද්‍යාඥයකු වන ආතර් සී. ක්ලාක්. නමුත් අපේ වහරේ තොරතුරුවලට අනුව චන්ද්‍රිකා තාක්ෂණයේ පියා විදියට අපට හඳුන්වන්න පුළුවන් අපේ රටේ උපන්න අපේ ජාතියේම කෙනකු වන අපේ බුදු දහම පෝෂණය කළ තොටගමුවේ ශ්‍රී රාහුල හාමුදුරුවෝ. මේ ඒ ගැන ජනවහරේ තිබෙන කතා බහක්.
රාහුල හාමුදුරුවෝ දිවි ගෙවූ ආවාස ගෙයට ටිකක් එහායින් තිබූ උස පොල් ගසක එක පැත්තකට වෙන්න ලොකු කටක් තිබිච්ච දෙයක් හයි කරලා තිබුණා. ඒක හරියට බෙරයක් වගේ. ඒකෙ එළියට ඇරිච්ච පැත්තෙ ලොකු කුල්ලක් වගේ එකක් තිබුණා. ඒක හරියට හුළඟ ඇදලා ගන්න එකක් වගේ. ඒකට කම්බියක් හයි කරලා තිබුණා. ඒකෙ අනිත් කොටස උන්වහන්සේ සැතපෙන ගෙයි ඇතුළට අරගෙන තිබුණා. ඒ කොන තවත් යන්ත්‍රයකට හයි කරලයි තිබුණේ. ජනවහරේ මේ ගැන කියැවෙන්නේ ඒ යන්ත්‍රය හරහා දඹදිව විස්තර එදා ලබාගත්තා කියල.
සමහරු මේ කතා විහිළු කතා විදියට සලකනවා. නමුත් අද තරම් ගමනාගමන පහසුකම් නොතිබුණු, දියුණු ප්‍රවාහන ක්‍රම නොතිබුණු, පැය තුන හතරකින් පිටරටකට යාගන්නට නොහැකි වුණු කාලවල පිටරටවල් එක්ක තොරතුරු හුවමාරු කරගත් ඉක්මන මොකක්ද කියලා හොයලා බලන්න වටිනවා.
රාහුල හිමි චරිතය කියවීමෙන් අපි ලබාගත යුත්තේ එවැනි පරමාදර්ශයක්.
අරුණඩේල් විජේරත්න
ඡායාරූප - ජේ. වීරසේකර
Dec 9, 2013
තොටගමුවේ රාහුල හිමියන්ගේ පුනරුත්පත්තිය හික්කඩුවේ සුමංගල හිමියන්ද?
3:48 AM
2 comments
Subscribe to:
Post Comments (Atom)
වහල් භාවයෙන් මිදුන මනසින් නිදහස්ව බලන්න යන්න අනියමින් ලබා දෙමින් ඔබ ලියන ලිපි ඉතාම වටිනවා
ReplyDeleteහිකඩුවෙනම් අම්බන කියලා ගමක් නෑ.
ReplyDelete