Dec 12, 2012

හරිම බඩු දෙකක්


ලෝක ඉතිහාසයේ සඳහන් අතෘප්තිකර කාම ආශාවන්ගෙන් පෙළුණු අතිශය භීෂණ ස්ත්‍රීන් දෙදෙනා ලෙස සලකනු ලබන්නේ ලංකාවේ අනුලා බිසව සහ රෝමයේ වැලරිනා මෙසලිනා රැජනන්ය.

දෙදෙනාම සිංහාසනයේ හිඳගත් අය වූහ.
දෙදෙනාම මියගියේ හිස කඳෙන් වෙන්වන්නට එල්ල වූ කඩු පහර දෙකකින්ය.
අනුලා බිසව සැමියන් තිස් දෙනකු පමණ තම වසඟයට ගත්තත් දරු ඵල නැත.
වැලරිනා මෙසලිනා බිසව සිය ගණනක් දෙනාගෙන් තම කාම ආශාවන් ඉටුකර ගත්තත් ක්ලෝසියස් අධිරාජයාට දාව උපන් දරු දෙදෙනා හැර වෙනත් දරුවෝ නොසිටියහ.
අනුලා බිසව ලංකාවේ රජකම් කළේ ක්‍රිස්තු පූර්ව 47 සිට 42 දක්වා වූ කාලයේය.

මෙසලිනා බිසව රෝමයේ රජකම් කළේ ක්‍රිස්තු වර්ෂ 41 සිට 48 දක්වා වූ කාලයේය. මෙම රාජනියන් දෙදෙනාම තම තමන් වසඟයට ගත් මනා පුරුෂ දේහ ශක්තියෙන් යුත් තරුණයන් කිසිවකුගෙන් වත් සෑහීමකට පත් නොවූහ.
මෙම රාජනියන් දෙදෙනාම එසේ හැසුරුණේ මදන පිස්සුව හිසට ගැසීම නිසාය. එදා කෙසේ වෙතත් අද වෛද්‍ය මතය එයයි.

ස්ත්‍රීන්ගේ මෙම තත්ත්වය වෛද්‍ය විද්‍යාවට අනුව "නිම්පෝමේනියා" නමින්ද "මදනෝන්මාදය" නමින්ද හඳුන්වනු ලබයි. මානසික රෝගයක් ලෙස හඳුන්වා දෙන මෙම රෝගයෙන් පෙළෙන්නෝ බහුතරයක් පුරුෂයෝ වෙති. එහෙත් ස්ත්‍රීන්ට මෙම රෝගය වැලඳුණු විට ඇතිවන තත්ත්වය ඉතාමත් භයානකය.
මදන පිස්සුවෙන් පෙළෙන ස්ත්‍රීහු තමාගේ හිත ගිය ඕනෑම පුරුෂයකු සමඟ තරාතිරම නොබලා තම අතෘප්ති කර කාම ආශා සංසිඳුවා ගනිති.

ශරීරයේ කාම රසෝජා හෙවත් න්‍යාසර්ග නම් රස ධාතුව ගර්භ වූ ග්‍රන්ථින් නිසි පමණට වඩා තදින් ක්‍රියා කිරීම නිසා "නිම්පෝමේනියාව" නොහොත් මදන පිස්සුව සෑදෙයි. වෛද්‍ය විද්‍යාඥයන් මේ තත්ත්වය පැහැදිලි කරන්නේ එසේය. වර්තමානයේ මේ සඳහා වෛද්‍ය ප්‍රතිකාර ඇත. එදා දවස මේ සඳහා ලොව කිසියම් රටක හෝ "නිම්පෝමේනියාව" සඳහා ප්‍රතිකාර තිබුණේද යන්න සැක සහිතය.
වැලරිනා මෙසලිනා කුමරිය අතෘප්තිකර කාම රාගයන්ගෙන් පෙළෙන තැනැත්තියක ලෙසට රෝම රටවැසියාගේ විශේෂ අවධානයට යොමුවූයේ ඇය රෝම අධිරාජනිය ලෙස ඔටුනු පැලඳීමෙන් පසුවය. කුඩා කල සිටම තම ආශා සංසිඳුවා ගැනීමට යම් යම් ක්‍රියාකාරකම් කර ඇතත් එය රෝම රටවැසියාට හෙළි නොවීය. රජ පවුලට පමණක් සීමා වූ රහසක් විය.

ප්‍රතාපවත් ජුලියස් සීසර් රජ පෙළපතින් පැවත ආ මෙසලිනාගේ මවද දුරාචාරයට ගොදුරු වූ දූෂිත ඇත්තියක් ලෙස එදා දවස රෝමය පුරා ප්‍රසිද්ධව සිටියාය. මෙසලිනා ද තම බාල වයසේ සිටම සම්භෝග ක්‍රියාවලට ගොදුරු වූවාය. තරුණ වියට එළැඹෙනවාත් සමඟ මෙසලිනා තම සොයුරා සමඟ කාමුක ක්‍රියාවන්හි යෙදුණු බවද පසු කලෙක රජ ගෙදරින් රටට අනාවරණය වී තිබේ. එකල රෝම නීතියට එම ක්‍රියාව තදබල දඬුවම් ලැබිය යුතු ක්‍රියාවක් වුවත් රාජ්‍ය බලය නිසා එදා ඒ වරද රටේ අධිකරණය ඉදිරියට ගියේ නැත.

රෝම ඉතිහාස විචාරකයන් පවසන්නේ මෙසලිනා රැජන හැඩි දැඩි පෙනුමක් ඇති ජවසම්පන්න දේහයක් ඇති තැනැත්තියක මිස රූපසම්පත්තියෙන් අගතැන්පත් තැනැත්තියක නොවන බවයි. ඒ බව තහවුරු කරන්නේ රෝමයේ ලූවර් නගරයේ අදටත් දකින්නට ඇති මෙසලිනා රැජනගේ කිරිගරුඬ ප්‍රතිමාවේ ලක්‍ෂණ අනුවය.
වැලරිනා මෙසලිනා කුමරිය ඇගේ ඇවැස්ස මස්සිනා වන ක්ලෝඩියස් කුමරු සමඟ විවාහ වන විට ඇයගේ වයස අවුරුදු 35ක් වූ අතර ක්ලෝඩියස්ගේ වයස අවුරුදු 51ක් විය. ක්ලෝඩියස් කුමරු වයසටත් වඩා මහලු පෙනුමකින් යුක්ත නැණ හීන පුද්ගලයෙක් විය. එසේ වුවත් මෙසලිනා කුමරිය ක්ලෝඩියස් කුමරා සමඟ විවාහ වූයේ ඔහුගේ තුන්වැනි බිරිය ලෙසය. මෙම විවාහයෙන් ඇයට ක්ලෝඩියස්ට දාව ගැහැනු දරුවකු සහ පිරිමි දරුවකු ලැබිණ.

එකල රෝමයේ අධිරාජ්‍යයා වූයේ ක්ලෝසියස් කුමරාගේ බෑනා කෙනකුන් වූ තරුණ කුලිගුලාය. මෙසලිනා ක්ලෝඩියස් සමඟ විවාහ වී ගත වූයේ කෙටි කාලයකි කුලිගුලා රජු යම්කිසි කුමන්ත්‍රණකාරී පිරිසක් විසින් ඝාතනය කරන ලදී. කිසිවකු බලාපොරොත්තු නොවූ ආකාරයට රාජ්‍ය ඉහළ නිලධාරීන්ගේ කැමැත්තෙන් ක්ලෝඩියස් රජකමට පත් වූවේය. ක්ලෝඩියස් රජු දුර්වල අයකු වුවත් කීර්තිමත් රජ පෙළපතකින් පැවැත ආ මෙසලිනාගේ සහාය එම අඩුපාඩුව දුරු කළේය. මෙසලිනා රාජ්‍ය නායක පදවිය අතට ගෙන රට පාලනය කිරීමට පටන් ගත්තාය. මේ අතර සීසර් රජ පෙළපතට අයත් ජුලියා නමැති කුමාරිකාවක් ක්ලෝඩියස් රජු සමඟ මිත්‍ර වී මෙසලිනාගේ රහස් එළිකරමින් මෙසලිනා සමඟ බිඳවීමට උත්සාහ ගත්තාය. එහි ප්‍රතිඵලය වූයේ මෙසලිනාගේ රාජ පුරුෂයන් ලවා ජුලියා කුමරියගේ හිස ගසා මරාදැමීමයි.

මෙසලිනා රැජන රාග කාමයෙන් මෙන්ම බලකාමයෙන්ද පෙළුණාය. ඉතා සුළු වරදට පවා රාජ්‍ය නිලධාරීන් මරා දැමුවාය. ධනවතුන් නොයෙකුත් වැරැදිවලට පටලවා ඔවුන් සතු වස්තුව රාජසන්තක කර තමා වෙතපවරා ගත්තාය. රටේ ප්‍රාදේශීය පාලකයන් තුළද මෙසලිනා රැජන කෙරෙහි විශ්වාසයක් නොවීය. මේ අතර ඇය තම අතෘප්තිකර කාම ආශාවන් සංසිඳවා ගැනීම සඳහා රාජ මාලිගාවේ සේවය කළ රූමත් හැඩිදැඩි පුරුෂයන්ගේ පහස ද ලබමින් සිටියාය. රජකම් කරද්දීම ඇය තම ආශා සංසිඳවා ගැනීම සඳහා කදිම කටයුත්තකට හොර රහසේම පිවිස සිටියාය. ඒ වෙස්වළාගෙන "ලිසින්කා" නමින් රෝම නගරයේම ගණිකා මඩමකට ගොස් එහි එන කාමාතුරයන් සමඟ හැසිරීමයි. මෙහිදී ඇය කළේ මුදලට ඇඟ විකිණීමකට වඩා ඒ අය ලවා තම ආශාවන් සිතූ සිතූ පරිදි සංසිඳවා ගැනීමයි. 'ලිසින්කාටප්‍රිය කළ කාමාතුර පුරුෂයෝ ගණිකා මඩමට 'ලිසින්කාසොයා ආහ.

ගණිකාවකගේ වේශයෙන් ක්‍රියාකිරීමෙන් වත් මෙසලිනා රැජනට තමාගේ බලාපොරොත්තු අතෘප්තිකර අනුරාගය තෘප්තිමත් කර ගැනීමට නොහැකි වූ බව මෙසලිනාගේ චරිතය පිළිබඳ ලියැවුණු ග්‍රන්ථයක සටහන් වී තිබේ. ක්ලෝඩියස් අධිරාජ්‍යයා මෙසලිනා බිසවගේ ක්‍රියාකලාපය ගණනකට නොගත්තේය. ඔහ නිතරම අසනීප තත්ත්වයෙන්ද පසුවිය.

මේ අතර 'ගේයස් සිලියස්නමැති උසස් රාජ්‍ය නිලධාරියකු බලහත්කාරයෙන්ම තම වසඟයට ගෙන තිබිණි. ඔහුට ඇතිවූ මරණ බය නිසාම මෙසලිනා රැජනගේ අතෘප්තිකර කාම ආශා සංසිඳවීමට සිදුවිය. මෙසලිනා රැජනගේ ඉල්ලීම් ඉටු නොකළ නිලධාරීන්ට සිදු වූ විපත ගේයස් දැන සිටියේය.
මෙසලිනා රැජනගේ කාමුක හැසිරීම නිසාත්අත්තනෝමතික රාජ්‍ය පාලනය නිසාත් රෝම රාජ්‍යයට සිදුවේගෙන යන මහා විනාශය වටහාගත් 'නාසියස්නමැති රෝම රාජ්‍ය අනුශාසකවරයා ඒ බව ක්ලෝඩියස් අධිරාජයාට සැල කර සිටියේය. ක්ලෝඩියස් අධිරාජ්‍යයා ඔහුගේ කීම කනකටවත් ගත්තේ නැත.
කෙසේ හෝ "නාසියස්" ක්ලෝඩියස් අධිරාජ්‍යයාට රැජනගේ සැබෑ තත්ත්වයේ යම් කොටසක් තේරුම් කර දීමට සමත්   විය. ඇය ඝාතනය කිරීමේ කටයුත්ත 'විරිබියුන්නමැති හමුදා නිලධාරිවරයා වෙත පැවරිණි. සවස් කාලයේ රෝම නගරයේ උද්‍යානයක විවේකයක් ගතකරමින් සිටියදී මෙසලිනා රැජනගේ බෙල්ලට එල්ල කරන ලද කඩු පහරකින් ඇගේ හිස කඳින් වෙන්වී මරණයට පත්වූවාය. මෙසලිනාගේ කාමරාගී ජීවිතය එතෙකින් අවසන් විය. ලොව අතිශය භීෂණ කාම රැජනක ලෙස ඇගේ නම ඉතිහාස පොතට එක්විය.

ක්‍රිස්තු වර්ෂයට පෙර අවුරුදු 47 සිට 42 දක්වා ලංකාවේ රජකම් කළ අනුලා බිසවද "මෙසලිනා" පෙළුණු විකෘති වූ කාම ආශාවන්ට සමානකම් ඇති උන්මාදයකින් පෙළුණු තැනැත්තියකි. අනුලා බිසව වරින්වර වල්ලභයන් තිස්දෙනකු පමණ තම යහනට එක්කර ගත් බව ඇගේ ඉතිහාස කතා අනාවරණය කරයි.
අනුලා බිසව ස්වකීය ස්වාමි රාජයා වූ චෝරනාග රජුගෙන් සෑහීමකට පත් නොවූ බැවින් ඇගේ සිත මාලිගයට නිතර යන එන පැහැපත් තරුණයන් කෙරෙහි යොමු විය.
ඇගේ කාම ආශාවන් සංසිඳවීමට මුලින්ම ඉදිරිපත් වූයේ මාලිගයේ සිටි සිව නම් ‍ෙදාරටු පාලකයාය. මේ සම්බන්ධයත් සමඟ චෝරනාග රජුට විෂ කවා මැරවූවාය. සිව ‍ෙදාරටු පාලකයා විවාහ කර ගත් අනුලා බිසව ඔහු රජකමට පත්කර ගත්තාය. ඇය රජ මෙහෙසිය වූවාය. ගතවූයේ වසරක පමණ කාලයකි. අනුලා බිසවට සිව එපා විය. මාලිගාවේ සේවය කළ මනාව වැඩුණු අඟපසඟින් යුත් පැහැපත් වටුක නමැති දමිළ දේහධාරියා සමඟ එක් වූවාය.

ගතවූයේ තවත් මාස කීපයකි රජ ගෙදරට ඉඳහිට දර ගෙන එන තිස්ස නමැති තරුණයකු කෙරෙහි අනුලා බිසවගේ සිත ඇදී ගියාය. පසුව අනුලාගේ කැමැත්තෙන් තිස්ස හට රජකම ලැබෙයි. තිස්සගෙන් ද සෑහීමක පත්නොවූ අනුලා බිසව නීලිය නම්වූ පුරෝහිත බමුණා සමඟ මිත්‍රවී යහන්ගත වෙයි. නීලිය කෙරෙහිද අනුලාගේ සිත වෙනස් වෙයි. ඔහු නොයෙකුත් ආකාරයෙන් අනුලා බිසවගේ රාග ආශාවන් ඉටුකරන්ට උත්සාහ කළත් ඇය සෑහීමකට පත් නොවූවාය. නීලිය ද අනුලා බිසවගේ මාරාන්තික ආහාර වළ¼දා මිය ගියේය.

මේ ආකාරයට අනුලා බිසව රජ මාලිගයේ නොයෙකුත් සේවා කටයුතුවල යෙදුණු ජවසම්පන්න තරුණයන් තිස්දෙනකු පමණ දෙනා සමඟ රමණයෙහි යෙදුණු බව ඉතිහාසගත චරිත කතාවන්ගෙන් අනාවරණය වෙයි.
අනුලා බිසවගේ හොර සැමියාට ලැබෙන පදවිය ඔහුගේ මරු කැඳවීමක් විය. ඇය කොතෙක් පුරුෂයන් ඇසුරු කළත් ඇයට දරු ඵල නොවිණ.
අනුලා බිසවගේ සල්ලාල ජීවිතයට එරෙහිව නැඟී සිටියේ අනුලා බිසවගේ ප්‍රථම ස්වාමිපුරුෂයා වූ චෝරනාග රජුට පෙරාතුව රජකම් කළ මහා චූල මහා තිස්ස රජුගේ දෙවැනි පුත්‍රයාය. ඔහු මකලන් තිස්ස කුමාරයා විය. ඔහුගේ කඩු පහරකින් අනුලා බිසවගේ හිස කඳින් වෙන් විය. අතෘප්තිකර කාම ආශාවන්ගෙන් තම සිත කය සනසාගත් අනුලා බිසවට අත්වූ ඉරණම ඒ ආකාර විය. මෙසලිනා බිසවට ක්ලෝඩියස් රජුට දාව දරුවන් දෙදෙනකු සිටියත් වෙනත් පුරුෂයන් සිය ගණනක් ඇසුරු කළ ඇයට ඒ අයගෙන් එක් අයකුටවත් දාව දරු උපතක් සිදු නොවීම විස්මයට හේතුවකි. අනුලා බිසවට එවන් ආකාරයකින්වත් දරු ඵලයක්
නොලැබීම තවත් පැත්තක
දෛවයේ සරදමකි.

කරුණාදාස විදානගමගේ

http://www.mawbima.lk/55-8156-news-detail.html

0 comments:

Post a Comment