Dec 14, 2012

“ගෝඨාභය රාජපක්ෂ” නිදහස් ලංකාවේ බිහිවූ විශිෂ්ඨතම රජයේ නිලධරයාය


“ගෝඨාභය රාජපක්ෂ” නිදහස් ලංකාවේ බිහිවූ විශිෂ්ඨතම රජයේ නිලධරයාය


“ගෝඨාභය රාජපක්ෂ” නිදහස් ලංකාවේ බිහිවූ විශිෂ්ඨතම රජයේ නිලධරයාය

කුරුක්ෂේත්‍ර යුද්ධයට මොහොතකට පෙර අර්ජුනගේ සිතෙහි අතිශයින් සාධාරණ ගැටළුවක් මතුවේ. තව මොහොතකින් තමන් මුහුණට මුහුණ ලා සටනට එළඹෙනු ඇත්තේ තම ලේ ඥාතීන් සමඟය. තමන් අතින් මිය යනු ඇත්තේ නෑකමින් මී-මුත්තා වන භීෂ්මය. තමන් මිහි මත දක්ෂතම දුනුවායා බවට පත් කළ ආදරණීය ගුරුවරයා ද්‍රෝණය. මිතුරා අශ්වතමය. ඥාති සහෝදරයන් සිය දෙනාය. යුද්ධය මේ මහා ඥාති සංහාරය සාධාරණීකරණය කරන්නේද? ඔහු මේ උභතකෝටිකය යොමු කරන්නේ තම රථාචාර්යයා වන ක්‍රිෂ්ණාටය.
අර්ජුනගේ ප්‍රශ්න හා ක්‍රිෂ්ණා අර්ජුනට දුන් දීර්ඝ පිළිතුරුය අප භගවත් ගීතාව නමින් අද හඳුනා ගන්නේ.
මහාභාරත විශාරදයකුද, හින්දු බැතිමතකුද වූ මා මිතුරු ජයන්තන් ක්‍රිෂ්ණා අර්ජුනට දුන් අවවාදය මෙසේ වැකි සතරෙකට ගොණු කළේය.

Whatever happened has happened well
Whatever happening is happening well
Whatever will happen will happen well
Do your duty and leave the rest in my hands

සිදු වූ සියල්ල යහපතට සිදුවිය.
සිදුවෙමින් පවතින සියල්ල යහපතට සිදුවෙමින් පවතී.
මතු සිදු වන සියල්ල යහපතට සිදුවනු ඇත.
ඔබේ යුතුකම කරන්න. ඉතිරිය මා බලා ගන්නම්.
ව්‍යංගය ඉවත්කරන ලද්දේ නම් ක්‍රිෂ්ණාගේ ප්‍රකාශයේ හරය මෙසේය.
ධර්මය හා අධර්මය අතර යුද්ධයකදී අන් සියළුම කාරණා අවැදගත්යධර්මය වෙනුවෙන් ඔබේ යුතුකම කරන්න. අන් කිසිම දෙයක් ගැන සිතන්නට එපා.
ප්‍රකාශ කළද නොකළද වසර පහකට මත්තෙන් ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සිතිවිලි ධාරාවන් ගමන් කරන්නට ඇත්තේ මීට සමාන මඟෙකය සිතමි.
ගෝඨාභය රාජපක්ෂ නම් චරිතය මහාභාරතය තුළින් මා දකින එකම තැන මෙය නොවේ.
යුද ශිල්ප පුහුණුවෙහි යම් අවස්ථාවෙක ද්‍රෝණ පංච පාණ්ඩවයන්ට ඉලක්කයට විදීම උගන්වයි. ඉලක්කය ඈත තුරු හිසෙක ඉන්නා ගිරවෙකි.
මුල් අවස්ථාව ලැබෙන්නේ වැඩිමහල්ලා වන යුධිෂ්ඨිරටය.
අර බලන්න ද්‍රෝණ ඔහුට ඉලක්කය පෙන්වයි. තොපට කිමෙක්ද පෙනෙන්නේ?”
ගහක්ගහේ අතුකොළගෙඩිඒ ගහේ ඉන්නා ගිරවෙක්…”
එපමණද?”
නෑ. ඊට පස්සෙන් අහස පෙනෙනවාවළාකුළු පෙනෙනවා…”
ද්‍රෝණ ඔහු විදීම නවතා, දෙවැන්නා භීම කැඳවයි. භීමගෙන් ලබෙන්නේද ඊට සමාන පිළිතුරෙකි.
තෙවැන්නා අර්ජුනය.
අර්ජුනතොප දකින්නේ කිමෙක්ද?”
මට පේනවා ගිරවකුගේ හිසක්…”
හොඳට බලන්න. වෙන මොකවත් පේනවාද කියා
නැහැ. මට පේන්නේ ගිරවාගේ හිස පමණයි

ද්‍රෝණ අර්ජුනට විදින්නට අණ කරයි. එක ඊතලයෙන් ගිරවා මැරී වැටේ.
උතුරේ යුද්ධය සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ ප්‍රවේශයද මෙබඳුය. ඉලක්කය දුටු පළමුවැන්නා ඔහු නොවේ. ඉලක්කය ගත් පළමුවැන්නාද ඔහු නොවේ. එහෙත් අහක ඇති ගස්කොළඅහස යනාදියෙන් අනෙකුන්ගේ අවධානය බිඳී තිබුණේය. ගිරා හිස පමණක් දුටු ගෝඨාභයගේ ඉලක්කය හරි ගියේය.
ගෝඨාභය රාජපක්ෂ නම් තනි මිනිසා තුළ අර්ජුන හා ක්‍රිෂ්ණා නම් චරිත ද්වයම ජීවත් වීද? ඉතිහාසය විසින් මීට පිළිතුරු සපයා ඇත්තේය.

මම කිසි දිනෙක ගෝඨාභය රාජපක්ෂ මහතා හමුව කතා බහ කොට නැත්තෙමි. අඩු තරමින් රූපවාහිනියෙන්,පුවත්පත්වල ඡායාරූප වලින් හැරුණු විට දැක නැත්තෙමි. නමුත් ඔහුගේ කතාව නොකියා මගේ පරම්පරාවේ කිසිවකුගේ කතාව කිව නොහැකිය. මේ නොදුටු මිනිසා අපේ ජීවිත වලට කොට ඇති බලපෑම අප දන්නා හඳුනන,දිනපතා මුහුණට මුහුණ හමුවන බොහෝ දෙනා කර ඇති බලපෑමට වඩා වැඩිය. උදේ බත්මුළ අතින් ගෙනකුඩා දුවගේ පුතාගේ හිස අතගා නිවසින් එළියට බහිද්දී නැවත සවස ගෙදර එන්නට හැකිවේද සැකය මතුවන යුගය,දරුවන්ට දෙමාපියන් දෙදෙනාම නැතිවේය බියෙන් දෙන්නා දෙමාල්ලාන් එක දුම් රියේ ගමන් නොකළ යුගය නිමා කළේ ඔහුය. තවත් බොහෝ දෙනා ඊට දායකත්වය සපයන්නට ඇත. නමුත් කුරුක්ෂේත්‍ර යුද්ධය නිමා කරන්නේ යුධිෂ්ඨිර හෝ භීම නොව අර්ජුනය. ලංකාවේ තිස් වසෙක යුද්ධයේ නිමාව සනිටුහන් කරන “අදිසි මිනිසාගෝඨාභය රාජපක්ෂය.

මා යුද්ධයට දැඩි සේ විරුද්ධ වූ යුගයක් තිබුණේය. ඒ අයිඩියොලොජියක් හැටියට ප්‍රචණ්ඩත්වයෙන් ප්‍රචණ්ඩත්වය මූලෝත්පාඨනය කිරීම මා විශ්වාස නොකළ නිසාය. සිව් වසරක් දක්ෂිණ භාරතයේ කොනෙක දමිළ පමණක් නොව භාරතයේ සියළු ජනකොටස් වලට අයත් සොයුරු සොයුරියන් ඇසුරු කරන්න ලැබීමෙන් වෙනත් ජන කොටසක් තලා පෙළා අප පමණක් නැඟී සිටිය යුතුය යන මෝඩ කල්පනාව මට නොතිබූ නිසාය. සියළු ජන කොටස් සමගියෙන් හා ආඩම්බරයෙන් හිස ඔසවන දේශයක් භාරතයේ තැනී තිබෙනු මා දුටු නිසාය. හුදෙක් ත්‍රස්තවාදයට පිළිතුරු දීම සඳහා පමණක් “at any cost” ප්‍රවේශය මත එල් ටී. ටිය (හා 1987ට පෙර වෙනත් දෙමළ ත්‍රස්තවාදී කණ්ඩායම්) පරාජය කළ හැකි බව දැන සිටිදද, මෙරට බොහෝ රාජ්‍ය නායකයින්ට සේම මේ cost එක කුමක්ද යන ප්‍රශ්නය මටද තිබිණි. යුද්ධයකින් තොරව එකඟතාවයෙන් මේ ගැටළුව විසඳිය හැකියයි මම කල්පනා කළෙමි. එසේ කිරීම පිණිස චන්ද්‍රිකා කුමාරතුංග වෙනුවෙන් 1994දී ඡන්දය භාවිතා කළෙමි. ඇයට එය කිරීමට නොහැකි වූ විට උරණ වී ඇය ගැන විශ්වාසය අත් හළෙමි.
යම් අවස්ථාවෙක මට වැරදී ඇති බැව් මම වටහා ගතිමි. මේ අවබෝධය ඇතිවූ එකම පුද්ගලයා මා නොවේ.

අපි කොච්චර කෑගැහුවත් මල්ලියුද්ධ කරනව ඇරෙන්න වෙන මොකද්ද තියෙන ප්‍රායෝගික විසඳුමමස් රාත්තල ඉල්ලීමෙන් පොඩ්ඩක්වත් බැහැර වෙන්න එල්. ටී. ටී එකට බැරි නම් වෙන මොකක් කරන්නද කියෙන්නෙ?”
මාවිල් ආරු සටන් ඇරැඹීමට සති කිහිපයකට පෙර මේ ප්‍රශ්නය මගෙන් ඇසුවේ රාවය” 1986 අගෝස්තු ආරම්භක කලාපයේ සිටම යුද්ධයට එරෙහිව දේශපාලන විසඳුමක් වෙනුවෙන් පෙනී සිටි අතුල අයියා (වික්ටර් අයිවන්) ය. මට ඔහුට දීමට පිළිතුරක් නොවීය.

කුරුක්ෂේත්‍ර යුද්ධයට පෙර ක්‍රිෂ්ණාද මා බඳුම යුද විරෝධියෙකි (pacifist). යුද්ධය ඇතිවීම වැළක්වීමට ඔහු ගත හැකි සියළු පියවර ගත්තේය. සාම දූතයෙකු සේ කෞරවයන් මුණ ගැසීමට හස්තිනාපුරට ගියේය. දුර්යෝධන විසින් ඔහුට අවමන් කොට ඔහු අත් අඩංගුවට ගැනීමට නියම කළ අවස්ථාවේ පටන් ක්‍රිෂ්ණා යුද්ධය හැර අන් විකල්පයක් නැතැයි තේරුම් ගත්තේය. මේ රටේ බහුතරයක් ජනතාව තුළ සේම මා තුළද සිදුවූයේ මේ චින්තනමය වෙනසය. කොයිතරම් යුද විරෝධියකුට වුවද එක දිගට ගහගෙන ගහගෙන ගියොත් යම් අවස්ථාවෙක ඔහු පෙරළා පහර දෙනු ඇත.
යුද්ධය විශ්ලේෂණය කිරීමට මම යුද විශේෂඥයෙක් නොවෙමි. එහෙත් මම රණබිමට සමාන්තරව සයිබර් අවකාශයේ සිදුවෙමින් පවතින සයිබර් යුද්ධයඕනෑකමින් නිරීක්ෂණය කළෙමි. මා ලලිත් වීරතුංහ මහත්තයාට මෙසේ ලිවූයේ 2009 ජනවාරි නව වැනිදාය.

Dear Mr. Weeratunga,
I am no military expert. But I take pride in my expertise in on-line wars – some of them happen parallel to the ones in the battle field.
In Sri Lanka, the best on-line war ever fought was through the site defence.lk. There are no precedents – even remotely close. Starting from scratch it did not take more than two years for this site not only to be the most accessed Sri Lankan website but beat Tamilnet which had an advantage of more than a decade. It can be argued that this happened in an information monopoly – but still dailynews.lk not making anywhere close tells a long story. (Except for the site of Examination Dept, for obvious reasons, defence.lk is the only site that makes top 100 SL sites ranked on traffic)
How great to win a war both in physical and virtual worlds!
Will be grateful if you can convey my congratulations to Mr. Gotabhaya Rajapaksa for his victory in cyberspace. (Do not have his email)
Best Rgds,
Chanuka

වීරතුංග මහත්තයා සති දෙකකට පසු මෙසේ ලියා තිබුණේය.

Dear Chanuka,
I am sorry I did not reply yours earlier. I have today forwarded your mail to Mr Gotabhaya Rajapaksa. As you know he is the first Defence Secretary, or for that matter the first Secretary to a Ministry who has put to good use IT. It may be because he himself is an ICT expert. He is a model public officer because he has set very high standards. His email: xxxxxxxx@xxxx.xxx
Sincerely,
Lalith Weeratunga
Secretary to the President
Presidential Secretariat
Colombo 1.

ලලිත් වීරතුංග මහත්තයා මේ හෙළි කරන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ බොහෝ දෙනකු නොදත් දිවියේ පැතිකඩෙකි. යුද හමුදාවෙන් ඉවත් වීමෙන් පසු කලෙකට ඔහු පරිගණක වෘත්තිකයකු බවට පත්වෙයි. කොළඹ විශ්ව විද්‍යාලයෙන් 1992දී තොරතුරු තාක්ෂණය පිළිබඳ පශ්චාත්-උපාධි ඩිප්ලෝමාවක් ලබා ගන්නා හෙතෙම මුලින් කොළඹ ඉන්ෆොමැටික්ස් ආයතනයේද, පසුව එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලීස් හි ලොයෝලා නීති විද්‍යාලයේද Unix Administrator කෙනෙකු ලෙස සේවය කරයි. 2005දී ඔහු ආරක්ෂක ලේකම් ධුරය භාර ගන්නේ මේ පදවිය අත හැරීමෙන් පසුවයි. ඉන් පසු ඉතිහාසයේ මට අළුතින් විස්තර කිරීමට දෙයක්
 ඉතිරිව නැත.
ගෝඨාභය රාජපක්ෂ මහතා මේ රටේ පහළ වූ විශිෂ්ඨතම රාජ්‍ය නිලධරයා සේ මම දකිමි. නිදහස් ලංකාවේ වෙනත් කිසිම රජයේ නිලධරයකු ඔහු තරම් දැඩි අවදානමක් ගෙනදැඩි අධිෂ්ඨානයෙන් යුතුව යම් කාර්යයකට අතගසා ඒ කාර්යය සාර්ථකව ඉටු කොට නැත.
වසර දෙකකට මඳක් වැඩි කාලයක් නැවැතී සිටි යුද්ධයක් නැවත ආරම්භ කිරීම සුළුපටු අවදානමක් නොවේ. මා එසේ කියන්නේ හේතු ඇතිවය.
උතුරේ සටන් ආරම්භ කළ හැමවිටෙකම එල්.ටී.ටිය විසින් සටන් විරාම ලබා ගත්තේ ප්‍රතිප්‍රහාර වලින් නොවේ. කොළඹ හා අනෙකුත් පළාත් වල අහිංසක ජනතාව බුරුතු පිටින් මරාදැමීමෙනි. මහබැංකු බෝම්බය, පිටකොටුවේ කාර් බෝම්බය, ගලධාරි බෝම්බය උදාහරණය.

මාවිල් ආරු මෙහෙයුම ආරම්භ වෙද්දී මට තිබුණු ලොකුම භීතිය මෙයයි. එල්. ටී. ටිය කොළඹ නගරයේ දැවැන්ත ජන ඝාතනයකට අර අඳින බැව් රහසක් වූයේ නොවේ. ඇත්තටම ඒ සඳහා එල්. ටී. ටිය විසින් එවන ලද බෝම්බ පිරැවූ ලොරි තුනක් පොලීසිය විසින් අනාවරණය කර ගැනීමෙන් පසුව නතර කරන ලද්දේය. (යුද්ධයේ නිමාවට, අනෙකුත් ආරක්ෂක සේවාවන්ට සාපේක්ෂව, පොලීසියේ දායකත්වයට අවම බවය සාමාන්‍ය අදහස. මේ මහා මෙහෙය එය එසේ නොවන බව විදහා පායි.) මේ එක ලොරියක් හෝ කොළඹ නගරය මධ්‍යයේ පිපිරී දැවැන්ත මනුෂ්‍ය ඝාතනයක් වී නම් යුද්ධය අතර මඟ නැවැතී නටපු නැටුමකුත් නැහැ, බෙරේ පලුවකුත් නැහැමට්ටමකට ගමන් කළ හැකිව තිබිණි. එසේම වර්තමාන ආණ්ඩුව ඊළඟ මැතිවරණයේදී පැරැදිය හැකිව තිබුණු අතර එහි සියළු දෝෂාරෝපණ ගෝඨාභය රාජපක්ෂ මහතාට එල්ල වන්නට තිබිණි. එහෙත් ගිරා හිසට ඉලක්කය අල්ලමින් සිටි ඔහු මේ අතුරු කාරණා ගැන වද නොවීය. අද අප භුක්ති විඳින්නේ ඒ අධිෂ්ඨාන ශක්තියේ අස්වැන්නය.

මේ සටහන යුද්ධයේ නිමාවට දායක වූ වෙනත් කිසිම කෙනකුගේ දායකත්වය අවතක්සේරු කිරීමක් නොවේ. කුරු ක්ෂේත්‍ර යුද්ධයේදීද යුධිෂ්ථිරද, භීමද, දෘපද, විරථද, ශිඛණ්ඩිද, සත්‍යකිද, තවත් බොහෝ දෙනෙක්ද පාණ්ඩවයන් වෙනුවෙන් ධීර ලෙස සටන් කළහ. එහෙත් ඉතිහාසය විසින් මුලින්ම සටහන් කරන ලද නම අර්ජුනගේය. ට්‍රෝජන් යුද්ධයේදී එතැන ඇකිලීස්ට ලැබිණි. ලංකාවේ ත්‍රස්තවාදය හා යුද්ධය නිමා කිරීමේ ගෞරවයද ගෝඨාභය රාජපක්ෂ මහතාට ලැබිය යුතුය මා කියන්නේ ඒ අරුතිනි.
ගෝඨාභය රාජපක්ෂ මහතා නිදහස් ලංකාවේ බිහිවූ විශිෂ්ඨතම රජයේ නිලධරයාය. එහි විවාදයක් ඇතිය මම නොසිතමි.

http://sihisatahan.wordpress.com - බ්ලොග්කරුවාගේ අදහසකි

බ්‍රහස්පති උප ග්‍රහයාගෙන් පෘතුවියට ආ අද්භූත යානාව


පෝල් ටෙ‍්‍රන්ට් නිවස තුළ ආහාර ගනිමින් සිටියේය. ගොවිපලේ සිටි බිරිඳ හදිසියේම දුටු දෙයින් විස්මිතව තම සැමියා අමතා බෙරිහන් දෙන්නට වූවාය. බිරිඳගේ හදිසි කෑ ගැසීම අසා පෝල් එලියට එද්දී දුටුවේ තම ගොවිපළට ඉහළින් අමුතු ආකාරයෙන් ගමන් ගන්නා වස්තුවකි. ඔහු වහාම කැමරාව රැගෙනවිත් එහි ඡායාරූප කිහිපයක්ම ගත්තේය. ඒ 1950 මැයි මස 11 වැනි දිනයයි.

මදක් ඇලවී තිබූ මේ රවුම් තැටි ආකාර වස්තුව කිසිදු ශබ්දයක් හෝ දුමක් නොනගා දීප්තිමත්ව දිලිසෙමින් නොපෙනී යන ආකාරය ඔවුහු බලා සිටියහ. තමන් ලබාගත් මේ අපූරු වස්තුවේ ඡායාරූප පෝල් මිතුරන් කිහිප දෙනකුට පෙන්නුවේය. එහෙත් ඒ ගැන ඔහුගේ වැඩි උනන්දුවක් තිබුණේ නැත. මැක්මින්විලේ ග‍්‍රාමයේ සිටි පුවත්පත් වාර්තාකරුවකුට මේ ඡායාරූප ගැන අසන්නට ලැබිණි. ඔහු වහාම සිදුවීම පසු පස හඹා ගියේය. අවසානයේ ටෙ‍්‍රන්ට් ගේ දරුවන් සෙල්ලම් කිරීම සඳහා භාවිත කරමින් සිටි ඡායාරූප කිහිපයක් ඔහුට හමුවිය.

එය තම සගරාවේ පල කිරීමට ඔහු සමත් වූවේය. අවසානයේ මේ ඡායාරූප ලයිෆ් සගරා අතට ද පත්විය. එයින් වසර 14 ට පමණ පසු ඇමෙරිකාවේ රාජ්‍ය ආරක්ෂක අංශයේ අනුග‍්‍රහයෙන් කොලරාඩෝ විශ්වවිද්‍යාලයේ පර්යේෂකයෝ පිරිසක් ද එහි ගොස් වැඩි විස්තර එකතු කළහ.

1954 අගෝස්තු මස 23 වැනි දිනයේ හිමිදිරියයි. පැරිස් නගරයේ සිට කිලෝ මීටර 80 ක් පමණ ඈත ගංගාවක් අසළ තම නිවසේ සිටි බර්නාඞ් අපූරු දෙයක් දුටුවේය. තම නිවසට මදක් ඈතින් අහසේ එල්ලෙමින් සිටින දීප්තිමත් අපූරු දිගැටි වස්තුවකි. මේ තුලින් ගිනි බෝල වැනි යමක් වරින් වර එළියට පැමිණෙන ආකාරය ද එහු දැක තිබිණි. මේ කි‍්‍රයාව තුන් වතාවක්ම සිදුවනවා ඔහු දැක ඇත. බර්නාඞ් මේ බව පොලීසියට කීමට ගිය විට දැනගත්තේ රාතී‍්‍ර මුර සංචාරය නිමවා කාර්යාලයට යමින් සිටි පොලිස් නිලධාරින් දෙදෙනකු ද මෙම සිදුවීම දැක ඇති බවයි.

පිටසක්වළ ජීවීන් සම්බන්ධ තවත් කතාවක් අසන්නට ලැබෙන්නේ 1968 වර්ෂයේ සැප්තැම්බර් 01 දිනයේදීය. කැසිනෝ ආයතනයක හිමිකරුවන් වූ ජුවාන් කාලෝ පෙසිනෙට්ටි සහ ෆර්නැන්ඩෝ ජෝස් විලේගස් මිතුරන් දෙදෙනා සිය නිවෙස් බලා යමින් සිටියහ. වේලාව අලූයම 3.30 පමණ වී ඇත. මොවුන් දැඩි අඳුරක් සහිත ස්ථානයකින් යමින් සිටියදී හදිසියේම ඔවුන්ගේ රථය නතරවූයේ කිසිවක් කරකියා ගත නොහැකි ආකාරයෙනි. කිහිප වරක් එය පණ ගැන්වීමට උත්සාහ කළ ද ඒ සියළු උත්සාහයන් ව්‍යර්ථ වී ගියේය. ඔවුන් හදිසියේම දුටු දෙයින් ත‍්‍රස්ත වී ගියේය.

තම රථයට ඉදිරියෙන් පොළොවට සමීප වූ අද්භූත ආලෝකයක් විහිදුවන පීරිසියක් වැනි යානයකි. එයින් බැසගත් මිනිසුන් වැනි එහෙත් විකෘති රූපකායක් සහිත පස් දෙනකු ඔවුන්ට දක්නට ලැබිණි. එයින් තිදෙනකු ටිකෙන් ටික තමන් ආසන්නයට පැමිණ ඇත. මේ අද්භූත මිනිසුන් ඔවුන්ගේ අත් අල්ලාගෙන ඇ`ගිලිවලින් රුධිර සාම්පල ලබාගෙන තිබේ. මොවුන් දෙදෙනා පවසන්නේ තමන් කාරයෙන් බසිනවාත් සමගම අංශ භාගයට ගොදුරු වූ රෝගීන් මෙන් අතපය සෙළවීමට නොහැකි වූ බවයි. ඔවුන්ගේ අත් ඔරලෝසු ද අලූයම 3.42 ට නැවතී තිබුණු බව පසුව දැනගන්නට ලැබිණි.

ඔවුන් දෙදෙනා සඳහන් කරන්නේ මේ අද්භූත මිනිසුන් මීටර 1.5 ක් පමණ උසැති බවයි. එමෙන්ම ශරීරය උණුසුම් කරවන ඇඳුම් හැඳ සිටිය ද කෙස් නොමැති විශාල හිසකින් යුතු වූ බව ද පවසයි. තමන් ඉදිරියට පැමිණි මේ අද්භූත මිනිසුන් කුඩා රේඩියෝවකින් පිටවන ආකාරයේ ශබ්දයකින් කතා කළ බවත් ‘‘ බිය නොවන්න’’ ‘‘ බිය නොවන්න ’’ යන ශබ්දය තමන්ට ඇසුණු බවත් ඔවුහු පවසති. ඉන් පසු තමන් හමුවේ තවදුරටත් හඩ අවදිකළ අද්භූත මිනිසුන් මෙසේ කියූ බව පැවසේ.

‘‘ අපි සූර්යයා වටා තවමත් සංචාරය කර ඇත්තේ තුන්වරක් පමණි. සූර්යයා නොමැතිනම් ජීවයක් පවතින්නේ නැත. මේ ගමනේදී අපි සෞරග‍්‍රහ පද්ධතියේ ජීවීන්ගේ සංස්කෘතිය හා භාෂාව පිළිබඳ හදාරන්නෙමු. විශ්ව භාෂාව වන්නේ ගණිතයයි. ’’

මේ ශබ්දය මිතුරන් දෙදෙනාගේ සවනට වැදෙත්ම එක් අයකු පෑස්සුම් උපකරණයට සමාන ආකාරයේ උපකරණයක් ගෙන කාරයට ලංවී එහි දොර ජනෙල්වල යම් යම් දේ කුරුටු ගෑවේය. නමුත් පසුව කාරය පරීක්ෂා කිීමේදී එහි කිසිදු සීරීම් ලකුණක් හෝ දක්නට නොවිණි.

මොවුන් මේ විස්තර කීවේ එදින උදෑසනම ඒ අසළ වූ එස්පෙජෝ ජාතික යුද හමුදා අභ්‍යාස විද්‍යාලයට සිහි විකල්වූවන් මෙන් පැමිණීමෙනි. ඔවුන් භියෙන් තැතිගෙන පැවසූ මේ වදන් පිළිගන්නට එහි නිලධාරීන් වැඩි කැමැත්තක් නොදැක්වූ අතර ඔවුන් දෙදෙනාම ළගම ඇති ලැගොමැජියා රෝහලට යොමු කිරීමට කටයුතු කැර තිබිණි.

මොවුන් උන්මත්තකයන් යැයි සිතූ හමුදා නිලධාරීන් ඔවුන් දෙදෙනා රෝහලක්වෙත යොමු කළහ. රෝහලේදී වෙන් වෙන්ව තබා ගත් අතර වෛද්‍යවරුන්ගේ මතය වූයේ මේ දෙදෙනා දැඩි කම්පනයකට ලක්ව ඇති බවයි.

කාරයේ තිබූ අමුතු සටහන් පරීක්ෂා කළ මෙන්ඩෝසා අභ්‍යාවකාශ කේන්ද්‍රයේ විද්‍යාඥයන් කියා සිටියේ මෙම ජීවීන් විසින් අඳින ලදැයි කියන සංකේතයන්හි ප‍්‍රධාන ග‍්‍රහ පද්ධති දෙකක් දක්වා ඇති බවයි. ඉන් එකක් බුද, සිකුරු සහ පෘථිවිය අයත් වන්නකි. අනෙක් පද්ධිතියේ නිරූපනය වන්නේ බ‍්‍රහස්පති සහ අයෝ, යුරෝපා, ගැනිමීඞ් යන උපග‍්‍රහයන්ය. ගැනිමීඞ් සහ පෘථිවිය අතර සමාන්තර රේඛා දෙකක් ඇඳ තිබේ. ඔවුන්ගේ සටහන අනුව මේ ආගන්තුකයන් පැමිණ ඇත්තේ ගැනිමීඞ් නමැති බ‍්‍රහස්පතීගේ උප ග‍්‍රහයාගෙනි.

මෙම සිදුවීම අසත්‍යයකැයි බොහෝ දෙනකු බැහැර කිරීමට උත්සාහ ගත්ත ද රෝහලේ සහ ආරක්ෂක විද්‍යාලයේ දී මේ දෙදෙනා දුටු බොහෝ පිරිස් කියා සිටියේ ඔවුන් පවසන දෙය සත්‍යයක් බවයි. කෙසේ වෙතත් මේ මිතුරන් දෙදෙනා සඳහන් කරන එදින අලූයම 3.30 ආසන්න කාලයේ දී මෙන්ඩෝසාවේ දුම්රිය පොළ සේවකයකු අලූයම 3.40ට පමණ විශාල ආලෝක ධාරාවක් නිරීක්ෂණය කර තිබේ. එමෙන්ම එදින පෙරවරු 3.45 ට සොනෝරා මරියා නමැති කාන්තාවක් පොලීසියට දුරකථනයෙන් පවසා ඇත්තේ ඉතාමත් දීප්තිමත් වස්තුවක් පහතින් ගමන් කරන බව තමන් දුටු බවයි.

ජුවාන් කාලෝ පෙසිනෙට්ටි සහ ෆර්නැන්ඩෝ ජෝස් විලේගස් දෙදෙනා අභ්‍යාවාකාශයෙන් පැමිණි අමුතු මිනිසුන්ට මුහුණ දුන්නායැයි පැවසෙන ස්ථානයත් මෙම කාන්තාවගේ නිවසත් අතර ඇත්තේ සැතපුම් හතරක් පමණ දුරකි.

1978 දෙසැම්බර් මස 30 දා නවසීලන්තයේ වෙලින්ටන් නගරයෙන් ගුවන්ගත වූ යානයකි. ගුවන්යානා පැදවීමේ කෘතහස්තයකු වූ කපිතාන් බිල් ස්ටාටප් එහි නියමුවා වූවේය. සහායක නියමුවා ලෙස කපිතාන් බොබ් ගාර්ඞ් කටයුතු කළේය.  ඕස්ටේ‍්‍රලියාවේ රූපවාහිනී නාලිකාවක කණ්ඩායමක් මෙම යානයේ සිටීම ද විශේෂත්වයකි.

යානය පැසිපික් සාගරයට ඉහළින් ගමන් කරමින් තිබිණි. හිටිහැටියේම යානයේ නියමුවන් දුටුවේ විශාල දීප්තිමත් අලෝක ලප පහකි. නියමුවන් කළේ යානයේ සිටි රූපවාහිනී කණ්ඩායම මේ දර්ශනය පටිගත කිරීම සඳහා කැඳවීමයි. ඒ සමගම පාලක මධ්‍යස්ථානයෙන් ද පණිවිඩයක් ලැබිණි. ඒ හඳුනානොගත් යමක් මෙම යානාව ලූහුබදින බවයි. එම ලූහුබදින වස්තුව ක‍්‍රමයෙන් විශාල වෙමින් පවතින බව ද පාලක මැදිරියෙන් දිගින් දිගටම කියන්නට විය.

නියමුවන් යානය යළි හැරවූවේ ලූහුබදින්නා වඩාත් හොඳින් දර්ශනය කැර ගැනීමේ අදහසිනි. එහෙත් යානයෙන් පිටවන ආලෝකය හේතුවෙන් පිටත ඇති ආලෝක වස්තූන් හොඳින් ඡායාරූපයට නැගීමේ හැකියාවක් ලැබී නැත.

මේ යානයේ සිටියවුන් ආලෝකය විහිදුවන අද්භූත වස්තූන් දුටු ආකාරයටම එම මොහොතේ එම ස්ථානයේම යම් පියාසර වස්තූන් කිහිපයක් ගමන් කරමින් තිබූ බව රේඩාර් පද්ධතිවල මනාව සටහන්ව තිබිණි. විනාඩි විස්සක පමණ කාලයක් පැයට කිලෝ මීටර 100 ත් 200 ත් අතර වේගයකින් ගමන් කරන ලද මේ අරුම පුදුම පියාසර වස්තූන් පියාඹන පීරිසි ද යන්න නිශ්චිතවම කිව නොහැකි වුව ද ඒ පිළිබඳ කරුණු සොයා බැලූ ගුවන් බලධාරීන් කියා සිටියේ එම අවස්ථාවේ වෙනත් කිසිදු යානයක් ගුවන්ගත වී නොතිබූ බවයි. එසේනම් මේ අද්භූත යානා සියල්ල පිටසක්වල යානා ද යන්න සොයා බැලිය යුතුය.

ආජන්ටිනාවේ ටුකුමාන් ප‍්‍රදේශයේ යුවතියන් දෙදෙනකු 1963 ඔක්තෝබර් මස 21 වැනි දින රාති‍්‍රයේ අපූරු දෙයක් දැක තිබිණි. එම ප‍්‍රදේශයේ විදුලිය විසන්ධි වීම නිසා බොහෝ දෙනකු වේලාසනින්ම නින්දට ගොස් තිබිණි. මේ අතර ඩෝරා මාටිනා සහ යොලී ඞී. වැලේ අවදිව සිටියේය. ඔවුන් හදිසියේම දුටුවේ තම නිවෙසට තරමක් ඈතින් ඇති දුම්රිය මාර්ගයට ඉහළින් ගෝලාකාර වස්තූන් දෙකක් විශාල ආලෝකයක් නිකුත් කරමින් එකිනෙක යා කරමින් පවතින බවයි. මේ ගෝලාකාර වස්තූන් දෙක දිලිසෙන දිගැති නාලයකින් එකිනෙක යා වූ පසු මේ නාලය හරහා මිනිස් ඡායා ගමන් කරන ආකාරය මේ යුවතියන් දෙදෙනා හොඳින්ම දැක තිබේ.

කෝච්චියක් පීලි පැන ඇතැයි සිතූ මේ දෙදෙනා ඒ දෙසට යන්නට සූදානම් වෙද්දී දුටුවේ තම නිවසේ ඉදිරිපසට ආලෝක කදම්භයක් ඇති බවයි. කිසිවෙකු රථයකින් නිවස දෙසට පැමිණෙමින් සිටිනවායැයි සිතූ ඔවුන් නිවස ඉදිරිපිටට යද්දී දැක ඇත්තේ යම් ගෝලාකාර වස්තුවක් වාතයේ පාවෙමින් තිබෙන ආකාරයකි. මීටර නමයක් පමණ පළල වූ එම අද්භූත වස්තුව ජනේල හයකින් සමන්විත වූ බව ද ඔවුන් පවසයි.

මේ වස්තුව වේගයෙන් කැරකෙමින් මීදුම වැනි දුමක් පිටකළ බවත් ඒ සමගම සල්ෆර් දුර්ගන්ධය දැනුනු බවත් ඔවුහු කියති. එම යානයෙන් අලෝක කදම්භ වරින් වර විවිධ දිශාවන්ට එල්ල කළ බවත් හිරු එළියට බොහෝ සෙයින් සමාන වූ එම ආලෝකය නිවෙස් තුළට පවා ගමන් කළ බවත් මෙම තරුණියන් දෙදෙනාගේ දෙමාපියන් පවා දැක තිබේ. අනතුරුව තවත් යානා හයක් එම ස්ථානයේ දක්නට ලැබුණු බවත් පැයකට ආසන්න කාලයක් තිබූ යානාය හය අසළ ඇති කඳුවැටිය දෙසට ගමන් කැර තිබේ.

පසුදා උදෑසන එම ස්ථානයට පැමිණි පර්යේෂකයන් දැක ඇත්තේ යානය කැරකෙමින් තිබූ ස්ථානයේ මීටරයක් පමණ ගැඹුරට හෑරුණු කේතුකාකාර වළක් ඇති බවයි. මේ වළේ තිබී සුදු පැහැති කුඩා බෝල කිහිපයක් හමුවී ඇත.

අධික පීඩනයක් යෙදුව ද කඩා දැමිය නොහැකි වූ මේ බෝල පිළිබඳ පර්යේෂණ කළ ටුකුමාන් විශ්ව විද්‍යාලයේ රසායනික ඉංජිනේරු අංශය පවසන්නේ මේවායේ සියයට 96.48 ක් කැල්සියම් කාබනේට් අඩංගු බවයි. එමනේම ඉතිරි සියයට 3.51 පොටෑසියම් කාබනේට් වලින් සැකසී ඇති බව ද පර්යේෂකයෝ පවසති.

මේ ප‍්‍රදේශය දැඩි සෝදිසියකට ලක්කිරිමේදී පෙනී ගොස් ඇත්තේ දුම්රිය මාර්ගයේ යානා රැඳ තිබුණායැයි කියන ස්ථානයේද එවැනි සුදු පැහැති බෝල තිබූ බවයි.

මේ පිටසක්වළ ජීවීන් පැමිණි අවස්ථා කිහිපයක් පිළිබඳ ඇති වාර්තා පමණි. මෙයට අමතරව තවත් ස්ථාන බොහොමයකින් පිටසක්වළ ජීවීන් පැමිණි බවට සාධක තිබෙන බවත් ඇතැම් ඒවා ඒ ඒ රටවල පාලන අධිකාරිය විසින් යටපත් කැර ඇති බවත් පැවසේ.

මෙවැනි අද්භූත යානා දුටුවහොත් ඒ පිළිබඳ ප‍්‍රසිද්ධ නොකරන ලෙස බොහෝ රටවල් තම ගුවන් නියමුවන්ට, පොලීසි වලට හා ආරක්ෂක අංශවලට දැනුම් දී තිබේ. එබැවින් පිටසක්වළ යානා පිළිබඳ වැදගත් තොරතුරු බොහොමයක් යටපත්වී යයි.

http://www.medaperadiga.com/index.php/tes/5960-2012-11-28-17-51-16.html