Nov 29, 2012

මොට්ටයාගල හා උතුරු නැගෙනහිර වැනසෙන බොදු උරුමයන් වෙනුවෙන් බොදු බල සේනා ජාලය සටනට


•      අද ජාතික උරැමයන් සුරකින්න ඉන්නේ වැඩකට නැති පතෝල වැනි ඇමතිවරයෙක්...
•      මේ හැතිකරේ විනාස කරන්නේ අපේ උරැමේ.......................

බොදු බල සේනා ජාලයේ මහලේකම් රාජකීය පණ්ඩිත පූජ්‍ය ගලගොඩඅත්තේ ඤාණසාර හිමියෝ අවධාරණය කරති.
---------------------------------------------------------------------------------
ඉතිහාසය වළලා දමමින් දිනෙන් දින මේ රට තුළ සිදු වන බෞද්ධ සංහාරයන්හි නිමක් නැති හෙයින්ද, කිසිඳු වගකිව යුතු බලධාරියෙක්ද ඒ වෙනුවෙන් පෙනී නොසිටින හෙයින්ද, සිංහල බෞද්ධයාගේ අයිතීන් උදෙසා යැයි කියමින් බොදු බල සේනා මහසඟරැවන ඊයේ පෙරවරැවේදී ජාතික පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව වැටලීය. අර්බුදකාරී වාතාවරණයක් ඉස්මතු වීමට මත්තෙන් ජාතික උරැමයන් පිළිබඳ අමාත්‍යය ආචාර්ය ජගත් බාලසූරිය මහතා හා පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානයක මහතා ප්‍රමුඛ පුරාවිද්‍යා නිලධාරීහු රුසක් බොදු බල සේනාව සමග සාකච්ඡාවකට එළැඹීය. අදාළ සාකච්ඡාව පැවැත්වුණේ පුරාවිද්‍යා දෙපාර්තුමේන්තු සම්මන්ත්‍රණ ශාලාවේදීය. බොදු බල සේනාව අවධාරණය කර සිටියේ ජාතික උරැමයන් වැනසීම සඳහා වගකිව යුතු බලධාරීන්ගේත් සහාය ලැබෙන්නේද යන්න පිළිබඳව තමන්ට බලවත් සැකයක් පවතින බවත්, ඇමතිවරයාගේ මන්දගාමීත්වය නිසා දිනෙන් දින ජාතික උරැමයන් වැනසී යන බවත්ය. එහෙයින්, මින් ඉදිරියට ජාතික උරැමයන් ආරක්ෂා කර ගැනීම පිණිස අනුගමනය කළ යුතු පියවර කවරේද යන්න සම්බන්ධයෙන් මෙහිදී විශේෂ තීන්දු තීරණ කිහිපයකට එළැඹිණ. මූලික වශයෙන් දැනට පවතින පුරාවිද්‍යා අණපනත් දේශීයත්වයට ගැළපෙන පරිදි සංශෝධනය කිරීමටත්, පුරාවිද්‍යා ස්මාරක ආරක්ෂා වන පරිදි යළිත් උතුරැ හා නැගෙනහිර ප්‍රදේශවල බෞද්ධ ආරාම යථා පරිදි ඉදිකිරීමටත්, සියලුම පුරාවිද්‍යාත්මක ස්ථාන වහාම ලේඛනගත කොට ගැසට් කිරීමටත්, අදාළ ස්ථානයන් පුරාවිද්‍යා ස්මාරකයන් බවට තහවුරැ කිරීම පිණිස නාම පුවරැ සවි කිරීමටත් තීරණය කෙරිණ. අදාළ සියලු කටයුතුවලදී බොදු බල සේනා ජාලයේ නිර්දේශයන් සලකා බැලීමටත්, බොදු බල සේනාවේ පූර්ණ සහාය ඇතිව ජාතික උරැමයන් ආරක්ෂා කිරීමටත් සම්මත කර ගැණින. මෙහිදී අදහස් දක්වමින් පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියේ මෙතෙක් කල් පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව හුදෙකලා ආයතනයක් වශයෙන් තනි වී සිටි බවයි. එවන් වාතාවරණයක් යටතේ බොදු බල සේනා ජාලයේ කාර්යභාර්යය අතිශය ප්‍රශංසනීය බවත්, පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව සමඟ වගකීමෙන් කටයුතු කිරීමට බොදු බල සේනාව ඉතිහාසයේ මුල් වතාවට ඉදිරිපත්ව තිබීම සතුටට කාරණයක්ද බවයි. එසේම, ජාතික උරැමයන් පිළිබඳ අමාත්‍යවරයා විසින් මේ රටේ ජාතික උරැමයන් වැනසීම සඳහා උග්‍ර අන්‍යාගමික මූලධර්මවාදයක් ක්‍රියාත්මක වන බව පිළිගත් අතර, විශේෂයෙන් ඓතිහාසික උරැමයන් පවතින ප්‍රදේශවලට එල්ලවන මුස්ලිම් ආක්‍රමණයන් මේ වනවිට උග්‍ර වී ඇති බවත්, රාගම තේවත්ත බැසිලිකාව විසින් ඉතිහාසය විකෘති කොට විශාල ඓතිහාසික මංකොල්ලයක් සිදුකර ඇති බවත් පිළිගත්තේය. මේවා වළක්වාලීම පිණිස තවමත් බාධා කිහිපයක් පවතින බව අවධාරණය කළ අමාත්‍යවරයා, මේ සම්බන්ධයෙන් කඩිනම් පියවරක් අනුගමනය කරනු ලබන බවටත්, අල්ලස් හා දූෂණ වංචා සම්බන්ධයෙන් චෝදනා ලත් පුරාවිද්‍යා නිලධාරීන්ට එරෙහිව බලවත් පියවරක් අනුගමනය කරනු ලබන බවටත්, ලබන වසරේ වෙසක් පොහෝ දිනය වනවිට අන්‍යාගමිකයන් විසින් බෞද්ධයන්ගෙන් මංකොල්ලකාගත් සියලු බෞද්ධ සිද්ධස්ථාන යළිත් බෞද්ධයන්ට යථා පරිදි ලබා දීමට තමන් තීරණය කළ බවටත් පවසා සිටියේය. බොදු බල සේනා ප්‍රධානී, පූජ්‍ය කිරම විමලජෝති හිමියෝ කියා සිටියේ මේ සිද්ධ වන විනාශයන් සම්බන්ධයෙන් ජනාධිපති උපදේශක හිමිවරැ මුනිවත රුකීම විශාල ගැටලුවක් බවත්, ජාතික ශාසනික හැඟීමක් නැති වැලිමිටියාවේ කුසලධම්ම වැනි හිමිවරැන් වහාම සිවුරැ හරවා යැවිය යුතු බවත්ය. කෙසේ වෙතත්, අවසාන වශයෙන් අදහස් දක්වා සිටි බොදු බල සේනා මහලේකම් ගලගොඩඅත්තේ ඤාණසාර හිමියෝ මෙසේ පවසා සිටියේය.
විශේෂයෙන් අපි කියන්න ඕන මේ රටේ උරැමය, සිංහල බෞද්ධයගෙ උරැමය, ඒ වගේම පරපුරක උරැමය දවසින් දවස උතුරැ හා නැගෙනහිර දෙපළාතේ සංහාරයට ලක්වෙමින් තිබෙන වෙලාවක අපේ ප්‍රෞඪත්වය, අපේ අදීනත්වය, අපේ ජාතිකත්වය මේ බිමේ අයිතිකරැවන්ගේ මූලබීජයන් මුලිනුපුටා දමනකල් මේ පුරා විද්‍යා දෙපාර්තුමේන්තුවේ බත් බැලයො, ඒ වගේම සුද්දො මේ රට දාල යද්දි හදලා ගියපු පුරාවිද්‍යා අණ පනතින් සුද්දන්ගෙම සපත්තු ලෙවකන මේ බත්බැලයන්ට බැරි වෙලා තියෙනව අද නැගෙනහිර පළාතේ ඩෝසර් වෙමින් තියෙන එක චෛත්‍යයක් වත් බේරාගන්න. අපි වගකීමෙන් කියනව මීට දවස් දෙකකට එහා පැත්තෙදි අම්පාරේ තිරැක්කෝවිල් පොලිස් බල ප්‍රදේශයට අයිති මොට්ටයාගල ප්‍රදේශයට බොදු බල සේනා සංවිධානය හැටියට අපි ගියා. අපි විශේෂයෙන් ස්තූතිවන්ත වෙන්නට ඕන මේ තිරැක්කෝවිල් පොලීසියේ රත්තරන් නිලධාරී මහත්තුරැ තමන්ට යන්නට වාහනයක්වත් නැතිව අවම පහසුකම් යටතේ, පයින් ඇවිදලා දාගැබ සම්බන්ධයෙන් එළිදරව්ව කළා විතරක් නෙමෙයි, මේ අපරාධය සිද්ධ කරපු හත් දෙනෙකුගෙන් යුක්ත කල්ලියක් අත්තඩංගුවට ගන්නට සමත් වුණා. ඒ හත් දෙනාගේ කල්ලියේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සේවය කරන නිලධාරීන් දෙදෙනෙකුත් ඉන්නවා. මේ හත් දෙනා එක්ක අඩි පනහක් පමණ උසැති මහා දාගැබ බුල්ඩෝසර් කළා. මේ දාගැබ බුල්ඩෝසර් කරන්න කලින් හරියටම මාස එකහමාරකට එහා පැත්තෙදි මොට්ටයාගල තවත් දාගැබක් මේ රටේ මුස්ලිම් අන්තවාදීන් විසින් සම්පූර්ණයෙන්ම විනාශ කරනු ලැබුවා. අද ඒ ස්ථානවල එකදු පුරාවිද්‍යාත්මක සාධකයක් හෝ ඉතිරි වී නෑ. ඒවායෙහි තිබූ නිධන්වස්තුවලට සිදු වූයේ කුමක්ද යන්න පිළිබඳවත් කවුරැවත් දන්නේ නෑ. මේ සිද්ධ වෙන සංහාරය පිළිබඳ තිරැක්කෝවිල් පොලීසියේ පුරාවස්තු ආරක්ෂණ විශේෂ පොලිස් ඒකකය මාස දෙකකට එහා පැත්තෙදි මේ පරයින්ට දැනුම් දුන්නා, පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවේ බැලයන්ට දැනුම් දුන්නා, මේ සුද්දගෙප සපත්තු ලෙවකන බූරැවන්ට දැනුම් දුන්නා... ඒත් මේ ඉන්න එකෙක්වත් ඒ තැන්වලට මේ වෙනකොට එක අඩියක්වත් තියලා නෑ... අඩුම තරමින් ඒ ස්ථානවල පුංචි බෝඩ් කෑල්ලක් ගහලා පුරාවිද්‍යාත්මක ස්ථානයක් බවට සහතික කරන්න බැරි වෙලා තියෙනවා. මේ රටේ ජනාධිපතිවරයා ඇතුළු ඇමති මණ්ඩලයෙන් අහන්න ඕන මේ රටේ ඉතිහාසය වළලා දමලා උඹලා ඔය රකින්නේ අහවල් බම්බුවක්ද කියලා. උතුරැ හා නැගෙනහිර දෙපළාත කියලා කියන්නේ මේ රටේ සිංහලයන්ගේ අභිමානය කියා පාන තැන. අපේ වැඩිපුර උරැමය තියෙන්නේ උතුරැ හා නැගෙනහිර පළාත්වල. මේවා ගැන තැකීමක් නැති මේ වගේ පරයින්ට %පරයා^ කියනවා හැර වෙන කියන්න වචනයක් නෑ. පරයා කියන්නේ අනුන්ගෙන් ජීවත් වෙන එකාට. මුන් පඩි ගන්නේ මේ රටේ ජීවත් වෙන ජනතාවගේ බදු මුදලින්. ඒත් හරියට වගකීම ඉෂ්ඨ කරන්න සමත් වෙලා නෑ. කොටින්ම වැඩකට නැති පතෝල වැනි ඇමතිවරයෙක් ඉන්නවා. එකයි දෙකයි කියලා ගණින්න බැරි මොවුන්ව වහාම ඉවත් කරන්න ඕන. පුරාවස්තු මංකොල්ලකනකොට,අපේ උරැමය ඩෝසර් කරන කොට මුං එකෙක්ටවත් බැරි වුණා කටක් ඇරලා මේකට විරෝධය පළ කරන්න. ඒත් අනවසර මුස්ලිම් පල්ලියක් ඉවත් කරද්දී මුන් ඔක්කෝටම කකියනවා. අනුරාධපුරේ ගිනිගත්තු අනවසර මුස්ලිම් පල්ලියක් යළිත් ඉදිකරන්න ජනාධිපතිවරයාට ලක්ෂ පහක් වෙන්කරන්න පුළුවන්. අපේ වැනසෙන එක උරැමයක් වෙනුවෙන් කටක් අරින්න බෑ. බෞද්ධ පුරාවස්තු වැනසෙද්දී අනිත් පැත්තෙන් ඉස්ලාමීය කෞතුගාර ඉදි වෙනවා. රජය අනුග්‍රහය දක්වනවා. මේ රටේ සෑම බිම් අඟලකම වැළලිලා තියෙන බොදු උරැමය ඉස්ලාම් කෞතුකාගාරයකට අරගන්නේ කොහොමද කියලා අපි අහන්න ඕනි. නැවත වරක් මේ රටේ බෞද්ධ උරැමය වළලන්න, ඉතිහාසය යටපත් කරන්න එක පරයෙක් හරි උත්සාහ කළොත් එතැනින් එහාට අපි ඉතුරැ ටික බලාගන්නම්. මොකද මේ රටේ සිංහල බෞද්ධයින් වෙනුවෙන් නිල නොවන පොලීසිය අපි...!


පන්චන ජයසිංහ

3 comments:

  1. නියමයි අපිත් පනදෙන්න උනත් ලැස්තී දහම වෙනුවෙන්

    ReplyDelete
    Replies
    1. ඔව් සිංහලයන්ට පෙරට එන්න කාලය හරි දැන්

      Delete
  2. 2013 labuwa dan sinhalunta amathakay neda mottayagala? danwath ape urumaya wenuwen wada arabamu

    ReplyDelete