Dec 19, 2012

ක‍්‍රිස්තියානි 32%යි, ඉස්ලාම් 23%යි. ලෝකයේ හයෙන් එකකට ආගමක් නෑ



ක‍්‍රිස්තියානි 32%යි, ඉස්ලාම් 23%යි. ලෝකයේ හයෙන් එකකට ආගමක් නෑක‍්‍රිස්තියානි සහ මුස්ලිම් ආගම් වලින් පසු වැඩිපුරම ඇත්තේ ආගමක් නැති අය වන අතර ඔවුන් ලෝක ජනගහනයෙන් 16% ක් පමණ වේ.
ආගමික හා මහජන ජීවිතය පිලිබඳ PEW ආයතනයේ වාර්තාවක් අනුව ජනගහණයෙන් බිලියන 2.2 ක් (32%) ක‍්‍රිස්තියානිද බිලියන 1.6ක් (23%) මුස්ලිම්ද බිලියන 1.1 ක් (16%)ක් ආගමක් නැති අයද බිලියන 1ක් (15%) හින්දුද, බෞද්ධ ද මිලියන 500 (7%)ක්,  යුදෙවු මිලියන 14 (0.2%)ද වෙති.

ආගම් ව්‍යාප්තිය සැලකීමේදී ක‍්‍රිස්තියානිය ලොව සෑම තැනකම ඇති අතර මුස්ලිම් වරු ආසියා පැසිපික් , මැදපෙරදිග, හා අප‍්‍රිකා කලාපවලද හින්දු ආගම ආසියා පැසිපික් කලාපයේද ව්‍යාප්ත වී ඇත. අගමක් නැති අය බොහෝ දුරට ආසියාවට අයත් වන අතර ඉන් 10න් 6ක් (62%) චිනයේද යුරෝපයේ 18%ක් ද උතුරු  ඇමරිකාවේ 17%ක් ද ලෙස ඇත.
වාර්තාව අනුව සංවර්ධනය වෙමින් පවතින රටවල තරුණ අය වැඩිය. ආගමක් නැති අයගේ මධ්‍යන්‍ය වයස අවුරුදු 34ක්ද යුදෙවුවන්ගේ 36 ද හින්දු වරුන්ගේ 26 ද මුස්ලිම් වරුන්ගේ 23 ද ලෙස වයස අනුව ආගම් අදහන පුද්ගලයන් බෙදී යයි. ක‍්‍රිස්තියානු ආගම අදහන්නන්ගේ මධ්‍යන්‍ය වයස අවරුදු 30කි. ජාතික සංගණන 2500ක තොරතුරු මෙම වාර්තාවට යොදාගෙන ඇත.

රටවල් 230ක ප‍්‍රධාන ආගමික කණ්ඩායම් වල ප‍්‍රමාණය ව්‍යාප්තිය හා මධ්‍යන්‍ය වයස මෙයින් දැක්වේ. ‘පිවු’ වාර්තාව මගින් කාලය සමග ආගමික නැඹුරුතාවයන් වෙනස් වූයේ කෙසේදැයි දක්වා නැත.
මූලාශ‍්‍ර – 01

0 comments:

Post a Comment