Dec 20, 2012

අතීතයේ විසූ ප‍්‍රකට රණකාමී


අතීතයේ විසූ ප‍්‍රකට රණකාමීන්

07-2විවිධ වූ කියුම්කෙරුම් මගින් ඉතිහාසයේ නමගිය පුද්ගලයන් අතර, යුද්ධයෙහි දක්ෂවූවන්ට හෙවත් රණකාමීන්ටද හිමිවන්නේ ප්‍රබල ස්ථානයකි. සටනට දක්වන ලද ළැදියාව සේම සටන් බිමෙහි ද සතුරන් අභිමුඛෙහි ප්‍රදර්ශනය කරනු ලබන එඩිතර බව හා උදේ‍යා්ගය නිසාද මෙවැන්නන් ඉතිහාසයේ ප්‍රකට වී ඇත්තේ අභීත රණකාමීන් ලෙසය. . එකී රණකාමීත්වයට මුල්තැන දෙමින්, අතීතයේ සිටි සටනෙහි නිපුණයන් කීප දෙනෙකු පිළිබඳ තොරතුරු මෙසේ ගෙන එන්නෙමු.

ඇස්ටෙක්වරු 

සෙබළුන් ලෙස ප්‍රකට ජන කොට්ඨාසයක් වන ඇස්ටෙක්වරු යුද්ධයෙහිදී අනුකම්පා විරහිත සටන්කාමීන් විය. ජගුවරයන් හා රාජාලියන් වැනි දඩයමෙහි දක්ෂ සතුන් නිරූපණය කෙරෙන සේ සිය සිරුර සරසා ගැනීමට පෙළඹී සිටි ඇස්ටෙක්වරු සතු වූයේ ඉතාමත් පහළ මට්ටමේ වූ ප්‍රාථමික ආයුධ වුවද ඒවා විශ්වාස කළ නොහැකි තරම් වූ අද්විතීය නිපුණතාවකින් යුතුව මෙහෙයවීමට මනා දක්ෂතාවකින් හෙබියෝ වූහ. ගල් මුගුරු, දුනු හී වැනි ආයුධ ඉතා කාර්යශූර ලෙස හැසිරවීමේ සමත් වූ ඇස්ටෙක්වරු, සතුරන් අභිමුවට පැමිණි කල, සටන අත්නොහරින බවට දිවුරා සිටීම ඔවුන්ගේ රණකාමීත්වය සනාථ කරන කදිම සාක්ෂියකි. පසුකලකදී වඩාත් නවීන ආයුධ සහිතව පැමිණි ‘ස්පැනියඩ්වරු’ අතින් ඔවුන් පරාජයට පත් වුවද, ඉතිහාසයේ විසූ ප්‍රබල රණකාමීන් කොට්ඨාසයක් ලෙස ඇස්ටෙක්වරු කිසිදා අමතකව නොයනු ඇත.

මොංගල් රණකාමීන් 

මොංගල්වරු යනු කුරිරු බවින් හිණිපෙත්තටම නැගි අතිශය දරුණු, ම්‍ලේච්ඡ රණකාමීන් පිරිසක් බව පුන පුනා කීම අවශ්‍ය නොවේ. ගෙන්ගිස් කාන්ගේ නායකත්වයෙන් යුතුව අසූ පිටින් යමින් දේශදේශාන්තර ආක්‍රමණය කිරීමේ සා පිපාසාවෙන් පෙළුණු මොංගල්වරු දක්ෂ අශ්වාරෝහකයන් සේම දුනු හී හරඹයේද මනා සමර්ථකම් දැක්වූ පිරිසකි. මොවුන්ගේ රණකාමිත්වයේ සුවිශේෂී දක්ෂතාවක් වූයේ අසු පිටින් ගමනේ යෙදෙද්දී වුවද දුනු භාවිතයෙන් ඉලක්කයට හී සැර යැවීමේ අද්විතීය හැකියාවකි. ඉතිහාසයේ වැජඹුණු තවත් එක් බලවත් එමෙන්ම විශාලතම අධිරාජ්‍යයක් වනුයේ මොංගල් අධිරාජ්‍යයයි.

මැට්ලක්වරු 

මැට්ලක්වරයෙකු ලෙස හැඳින්වෙනුයේ මධ්‍යකාලීන යුගයේදී මුස්ලිම් කාලිෆ්වරයෙකුට හෝ ‘ආයුබිඩ්’ සුල්තාන්වරයෙකුට සේවය සැලසූ වහල් සොල්දාදුවෙකි. මැට්ලක්වරුන් ඉස්ලාම් දහමට හැරීමෙන් පසු ඔවුහු පාබල භට කණ්ඩායම්වල සේවය කිරීම සඳහා පුහුණුව ලැබූ අතර එතැන් පටන් ‘ෆ්‍යුරුසියා’ ලෙස හැඳින්වෙන විධාන මාලාවට අනුකූලව, ඉන් කියැවෙන ධෛර්යය, පරිත්‍යාගය, හමුදා ශිල්පීය ක්‍රම, අශ්ව විද්‍යාව, දුනු හී හරඹය හා තුවාලවලට ප්‍රතිකාර කිරීම වැනි ගුණාංගයන් පුහුණු කිරීමද අත්‍යවශ්‍ය විය. කාලයත් සමග මොවුහු කුරුස යුද්ධ භටයන්ද (කුරුස යුද්ධවල යෙදුණු මොවුහු කිසිවෙකුට අභියෝග කළ නොහැකි අතිශය ශූර එමෙන්ම තම අරමුණ වෙනුවෙන් සිත්පිත් නොමැති ඕනෑම කුරිරු ක්‍රියාවක නියැලීමට හැකි රණකාමීන් පිරිසක් ලෙස ප්‍රකටය). පරාජයට පත් කොට ඊජිප්තුවේ පාලනය කෙටි කලකට සියතට ගැනීමටද සමත් වූ බව කියැවේ.

07-1
රෝමානු හමුදාව 

ලොව පැවැති අන් කිසිදු අධිරාජ්‍යයකට බලයෙන් හෝ ප්‍රමාණයෙන් සම කළ නොහැකි වූ රෝමානු අධිරාජ්‍යයේ කොඳු නාරටිය වූයේ රෝමානු හමුදාව බව පැවසීම අතිශයෝක්තියක් නොවේ. ආදී ග්‍රීකයන්ගෙන් ලත් ආභාෂයෙන් ඉතා බරැති අවි ආයුධ හා සන්නාහයන් භාවිත කිරීම අතින් ප්‍රචලිත රෝමානු සෙබළුන්, කඩුව, හෙල්ලය හා පලිහ යන තෙවැදෑරුම් ආයුධ එක්ව භාවිතා කිරීමේ මනා දක්ෂතාවකින් යුතු වූවෝය. මනා ලෙස ආයුධ සන්නද්ධ භට පිරිසක් වූ මොවුහු මනා සංයමයකින්ද යුතුවීම සතුරා හට මුහුණ දීමේදී රෝමානුවන්ට වාසි සහගත විය. ධනයෙන්ද ආඪ්‍ය වූවන් බැවින් එකල පැවති හොඳම වර්ගයේ ආයුධවල හිමිකරුවන් වීමටද මොවුන්ට අපහසු වූයේ නැත.

සමුරායිවරු 

ආදි ජපානයේ විසූ නයිට්වරු යන අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන සමුරායිවරු දැඩි ලෙස ආයුධයෙන් සන්නද්ධ වූවා සේම තමා සේවය කරන ස්වාමියා වෙනුවෙන් ජීවිතය පූජා කිරීමට හෝ පසුබට නොවූ මනා ස්වාමි භක්තියකින් හා අභීත බවකින් යුතු රණකාමීන් කොට්ඨාසයක් ලෙස ප්‍රචලිතය. මිනිසකු පවා එක පහරින් දෙපළු කිරීමට සමත් ලොව එතෙක් මතෛක් දුටු මාරාන්තික තියුණු මුවහතින් යුතු කඩු නිර්මාණයේ කෙළපැමිණයවුන් වනුයේ සමුරායිවරුය. වෘත්තීය සෙබළුන් ලෙස තම දිවියම සටනට කැප කළ සමුරායිවරු ඉතා දැඩි නීතිරීතිවලට යටත්ව වුවද කැපවීමෙන් යුතුව සටන් පුහුණුවේ නියැළෙන ලද්දේ ගෞරවය අපේක්ෂාවෙනි. නමුත් පසුකලකදී සමුරායිවරු ප්‍රකට කළ ප්‍රචණ්ඩකාරී පිළිවෙත් නිසාම ජපාන ගැමියන් ඔවුන්ට එරෙහිව නැගීසිටියේ ‘නින්ජාවරුන්ගේ’ උත්පත්තිය සනිටුහන් කරමිනි.

නින්ජාවරු 

මහජන දේපළ කොල්ල කෑ සමුරායිවරුන්ට එරෙහිව අහිංසක ගැමියන්ගේ ආරක්ෂාව තහවුරු කර ගැනීමේ අරමුණින් බිහි කෙරුණු නින්ජාවරු පසුකලකදී ඉතිහාසගත ඝාතකයන් කොට්ඨාසයක් බවට පත්වූයේ, සතුරාට නොදැනෙන සේ අනපේක්ෂිත මොහොතකදී අසුරුසැණින් ප්‍රහාර එල්ල කිරීමට ඔවුන් සතු වූ අසාමාන්‍ය හැකියාව නිසාය. කඩු හරඹයේ අතිදක්ෂයන් වූ නින්ජාවරුන්ටම සුවිශේෂී ආයුධ ලෙස ‘නින්ජා තරු’, ‘පිඹින තුවක්කු’ හා ‘කුසාරිගාමා’ වැනි ඒවා ප්‍රමුඛ වේ.
රාත්‍රී අඳුරේ සෙවණැලිවලට මුවා වෙමින් රහසේ පැමිණ අසුරුසැණින් ප්‍රහාර එල්ල කොට නිමේෂ-යකදී යළිත් අඳුරට වැද පලා යාමට මොවුන් සතු වූ අසාමාන්‍ය දක්ෂතාව නිසා ඉතිහාසයේ නමගිය රණකාමීන් කොට්ඨාසයක් ලෙස මොවුන්ට හිමිවන්නේ ප්‍රමුඛස්ථානයකි.

ස්පාටක්වරු 

07-3
ස්පාටක්වරුන්ගේ සමස්ත සංස්කෘතියම බද්ධ වී තිබෙන ලද්දේ, ඔවුන්ගේ මුළු ජීවිත කාලය පුරාවටම යුද්ධයට මුහුණදිය යුතු ආකාරය පුහුණු කිරීම හා සමගය. සටන් වැදීමට ජීවිත කාලය පුරාවටම පුහුණුවීම ස්පාටක්් සංස්කෘතියේ මූලික මෙන්ම එකම අංග ලක්ෂණයද විය. මෙය හොඳින්ම පැහැදිලි වන්නේ ස්පාටක්්වරු අතර ප්‍රකටව තිබූ එක්තරා ජන වහරක් නිසාය. එනම් “පළිහ පෙරටුකොටගෙන පැමිණෙන්න. නැතහොත් ඒ මතින් පැමිණෙන්න” ලෙසයි. එනම් ඉන් හැඟවෙනුයේ යුද්ධයකින් ජය ලැබුවහොත් මිස නැතහොත් යළි නොපැමිණෙන්න යන්නයි. හෙල්ලය හා පළිහ යන දෙකේ සංයෝජනයෙන් අතිශය දක්ෂ ලෙස සටනේ නියැළුණු ස්පාටක්වරු අවසන් වරට සහභාගි වූ සටන ලෙස සැලකෙනුයේ ‘තර්මෝපයිලී’ සටනයි.

නයිට්වරු 

සම්පූර්ණ සන්නාහයෙන් සැරසී අසුපිටින් ගමන් කළ රණකාමීත්වයෙන් ඔදවැඩුණු සටන්කාමීන් පිරිසක්වන නයිට්වරු වැඩවසම් ක්‍රමය පැවතුණු පුරාණ යුරෝපයේ රජවරුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කැපවූවන්ය. බරැති ලෝහමය සන්නාහයෙන්ද, ආයුධවලින් හා අසුන්ගෙන්ද සන්නද්ධ වූ නයිට්වරු මරා දැමීමට ඉතාමත්ම අපහසු සෙබළුන් කොට්ඨාසයක් ලෙස ඉතිහාසගතව සිටිනුයේ ඔවුන් සතු වූ එකී සන්නාහයේ අධි ආරක්ෂිත ශක්තිමත් ස්වභාවය නිසාමය. පුරාණ නයිට්වරුන් හට නූතනයේදී පවා ඉහළ පිළිගැනීමක් හිමිව ඇත්තේ ඔවුහු සටනෙහි නිපුණයන් වූවාසේම සදාචාරාත්මක නීතින්ට ඔබින ලෙසද කටයුතු කිරීම නිසයි. කෙටියෙන් කිවහොත් නයිට්වරුන් යනු නියම මහත්මා ගතිගුණ ඇති රණකාමියෙකු ලෙසද හැඳින්වීමේ වරදක් නැත. 

විවිධ වූ කියුම්කෙරුම් මගින් ඉතිහාසයේ නමගිය පුද්ගලයන් අතර, යුද්ධයෙහි දක්ෂවූවන්ට හෙවත් රණකාමීන්ටද හිමිවන්නේ ප්‍රබල ස්ථානයකි. සටනට දක්වන ලද ළැදියාව සේම සටන් බිමෙහි ද සතුරන් අභිමුඛෙහි ප්‍රදර්ශනය කරනු ලබන එඩිතර බව හා උදේ‍යා්ගය නිසාද මෙවැන්නන් ඉතිහාසයේ ප්‍රකට වී ඇත්තේ අභීත රණකාමීන් ලෙසය. පසුගිය සතියේදීද මෙබඳු ලිපියකින් ඔබ හමුවට ගෙන එන ලද අතීතයේ පැවති ශිෂ්ටාචාර කීපයක විසූ ඇස්ටෙක්වරු, වයිකිංවරු, මොංගල්වරු, රෝමානුවන් වැන්නවුන් මෙම ලිපියටද ඇතුළත් වී ඇත්තේ, පසුගිය සතියෙත් විස්තර කරන ලද ඔවුන්ගේ බිහිසුණු භාවයට හේතුවූ ප්‍රධානම සාධකය වූ යුද්ධයෙහිදී ඔවුන් ප්‍රකට කළ අභීත රණකාමීත්වය නිසයිි. එකී රණකාමීත්වයට මුල්තැන දෙමින්, අතීතයේ සිටි සටනෙහි නිපුණයන් කීප දෙනෙකු පිළිබඳ තොරතුරු මෙසේ ගෙන එන්නෙමු.
ප්‍රියන්ති රුද්‍රිගු 

9 comments:

  1. fatta mcn sapartans la gana 300 kyla film 1k gya neda?'

    ReplyDelete
    Replies
    1. ඔව් ඉතා විශාල සෙනාවකට විරුද්ධව ඔවුන් සටන් කල විදිය තිබුනේ..

      Delete
  2. සුපුන් පෙරේරාDecember 21, 2012 at 5:29 AM

    ලංකාවේ හිටිය යෝධයින් මේ වගේ සටන්කාමි ය නොවෙයිද?

    - දස මහා යෝධයින්
    - නිල මහා යෝධයා
    - බුලතා

    ReplyDelete
    Replies
    1. ඔව් නමුත් අපේ සටන්කාමින් මනා සංයමයක් විනයක් තිබුන කට්ටියක් අනික අපේ සටන්කාමින් ආක්‍රමණිකයෝ නෙමෙයි .

      Delete
  3. තරංග රත්නායකDecember 21, 2012 at 10:21 PM

    කෝ යක් පරපුරේ සිංහලයෝ ගැන දාලා නෑනේ?? රාවණ,ඉන්ද්‍රජිත්,පණ්ඩුකාභය,මහසෙන්,පරාක්‍රමභාහු වගේ ඉතිහාසය බබලවපු ශ්‍රේෂ්ඨ සටන් කාමියෝ ගැන දාලා නෑනේ?

    ReplyDelete
    Replies
    1. අපෝ අපේ සිංහලයන්ට අලගු තියන්නවත් මේ කට්ටියට බහ .

      Delete
  4. තරංග රත්නායකDecember 21, 2012 at 10:34 PM

    අනිත් කරුණ නම් මේ සියලුම රණකාමි ජාතීන් ඉතිහාසයේ යම්කිසි කලෙක විනාශ වී යනවා.නමුත් අප්‍රමාණ සංහාරයන් හා ආක්‍රමණ කෙතරම් තිබුනත් අපේ ජාතිය තවමත් නිරූපද්‍රිතව ජීවත් වෙනවා.දන්නා තරමින් මහාවංශයෙන් පටන් ගන්න ඉතිහාසයේ සිට ඉංග්‍රීසින් අල්ලා ගන්නා යුගය තෙක් ශ්‍රී ලංකාවේ යුද්ධයක් නොපැවතුනු සාමකාමි කාලසීමාව අවුරුදු 250කට අඩුයි.

    ReplyDelete