Dec 16, 2012

සඟවා දැමූ අරාබිකරයේ බෞද්ධ උරුමය පිළිබඳ ආන්දෝලනාත්මක හෙළිදරව්වක්



සඟවා දැමූ අරාබිකරයේ බෞද්ධ උරුමය පිළිබඳ ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

“තවත් සිරිපතුලක් මක්කම තියෙනවා“

“මුස්ලිම්වරු මක්කම යන්නේ බුදුසිරිපා වැඳීමටයි“

(කොළඹ පධානඝර මහා විහාරාධිපති, රුහුණු විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති, භාෂාන්තර විශාරද ශ්‍රී වජිරඥාණ, ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය, මහෝපාධ්‍යය, කොළඹ නව කෝරළයේ ප්‍රධාන සංඝනායක මහාචාර්ය පරවාහැර පඤ්ඤානන්දාභිදාන මාහිමි)

           ත්‍රිපිටක සාහිත්‍යයෙහි විශාරදයෝ වන අප නාහිමියෝ දීර්ඝ කාලයක් සිදුකරන ලද පර්යේෂණයක ප්‍රතිපලයක් ලෙස අරාබිකරයේ සැඟවී තිබූ බෞද්ධ උරුමය ලොවට කියාපෑමට සමත් වූහ. ප්‍රථම වරට ඒ බව ප්‍රකාශකර ඇත්තේ ද උන්වහන්සේ ය. මේ හේතුවෙන් ලොවපුරා සිටිනා ඉතිහාසඥයන් සහ පුරාවිද්‍යාඥයන් ඒ පිළිබඳව තම අවධානය යොමු කොට ඇත. ජාත්‍යන්තර කීර්තියට පත් පර්යේෂකයන් උන්වහන්සේ සොයා නිතර පැමිණ උපදෙස් ලබා ගනියි. එහෙත් මාධ්‍ය හරහා ජනප්‍රිය වන්නට උත්සාහ නොකරන උන්වහන්සේගේ මෙම සේවාව නිහඬව කරන්නකි. මේ, ඒ ජාත්‍යන්තර කීර්තියට පත් පඬිරුවන විසින් අරාබිකරයේ බෞද්ධ උරුමය සම්බන්ධයෙන් කරනු ලබන ආන්දෝලනාත්මක ශාස්ත්‍රීය හෙළිදරව්වයි..

             ලෝකයෙහි විශාලතම අර්ධද්වීපය වන අරාබි රට ඉතිහාස යුගයේ ආරම්භය තෙක් විද්වත් ජනයා විසින් හඳුනාගත් පෙදෙසක් හෝ රටක් නොවී ය. මෑතකදී ඉතිහාසඥයන්, පුරාවිද්‍යාඥයන් සහ දේශගවේෂකාදීන් විසින් ඉපැරණි ප්‍රාග් ඓතිහාසික ශිෂ්ටාචාරයක් මේ අර්ධද්වීප‍යෙහි පැවති බවට සාක්ෂීන් සොයා දැනගන්නා තුරු අරාබි දේශය ඉපැරණි ලෝකයේ ජනාවාස නොපැවති පියසක් ලෙස පිළිගැනීමට ලක්ව පැවතියේ ය. මෙසේ සොයාගත් ප්‍රාග් ඉස්ලාමීය ශිෂ්ටාචාරයකට අයත් අරාබි රාජ්‍යයන් බටහිර ආසියාවේ වෙනත් මධ්‍යධරණී පෙදෙස්වලින් මතුවූ ප්‍රාග් ඓතිහාසික ශිෂ්ටාචාරයන් සේම ඉතා වැදගත් කරුණු එලි පෙහෙළි කොට දක්වන පෙදෙස් බවට ඉතිහාසඥයෝත් පුරාවිද්‍යාඥයෝත් පෙන්වා දුන්හ. ඓතිහාසික වූත්, පුරාවිද්‍යාත්මක වූත් සාධක අනුසාරයෙන් මේ ඉපැරණි අරාබි ශිෂ්ටාචාරයන්ගේ යට ගියාව තව තවත් සොයා එළිදරවු කිරීමට මේ ප්‍රවීණයෝ සමත් වූහ.

            අප විසින් මෑතදී පැරණිතම බෞද්ධ සාහිත්‍යය ට අයත් ග්‍රන්ථයන් අළලමින් කරන ලද පර්යේෂණයන් අනුසාරයෙන් මේ බටහිර ආසියාකරයේ තිබූ ඉරණි මානව ශිෂ්ටාචාරයන් අතුරෙන් බෞද්ධ ශිෂ්ටාචාරය ට හිමිකම් කියන කරුණු රැසක් හෙළිදරවු කරගැනීමට හැකිව ඇත. එනම් මැදපෙරදිග පැරණිම අරාබි රාජ්‍යයන් ගේ බිහිවීම බුදුදහමේ ආභාසයෙන් සිදුවූ බවට පිළිගතහැකි සාක්ෂීන් හෙළිදරවු කරගැනීමට ලැබීමයි. බෞද්ධ සාහිත්‍ය යෙහි එන පැරණිතම බෞද්ධ ග්‍රන්ථයන් හි සඳහන් වන සාධක අපගේ මේ නවතම සොයාගැනීමට පාදක වූ බව සඳහන් කළ යුතුවේ.

        ත්‍රිපිටකයේ මජ්ඣිම නිකායට අයත් උපරිම පණ්ණාසකයේ, 5වන සළායතන වග්ගයට අයත් තුන්වන සූත්‍රයපුණ්ණෝවාද සූත්‍රය‘ නමින් ප්‍රකට වේ. ඒ සූත්‍රයේ අටුවා කතාවෙන් ඉහතින් දුටු පුවත සනාථ කිරීමට සෑහෙන තරම් සාක්ෂි සපයා ගත හැකිවෙයි. භාග්‍යවතුන් වහන්සේ විසින් සමථ විපස්සනා භාවනා කමටහනක් ලෙස පුණ්ණෝවාද සූත්‍රය දේශනාකරන ලදුයේ අරාබි ජාතික භික්ෂුනමකට ය. ක්‍රිස්තු පූර්ව සවන සියවස වූ බුද්ධ කාලයට ඈත අතීතයේ දැන් ‘සීනායි‘ නමින් හඳුන්වනු ලබන ක්ෂේමභූය ඇතුළු මුළු අරාබි අර්ධද්වීපයත් ඉන් ඔබ්බෙහි පිහිටි ජනපද සියල්ලත් ‘සුණාපරන්ත ජනපද‘ නමින් ප්‍රකට වූහ.
           වො, වාල, වාලුකා, අමනුෂ්‍ය, නිරුදක කාන්තාරයන්ගෙන් ගහණ වූ මේ විශාල ප්‍රදේශය ‘සීනායි‘ නමින් පටන්ගෙන මුළුමහත් බටහිර ආසියාව තුලත් ඉන් ඔබ්බේහිත් පැතිර ගියේ ය.  එහෙයින් සුණාපරන්ත ජනපද නාමයෙන් පුරාණයෙහි හැඳින්විණි. උතුරු ඉන්දියාවේ සිට විහිදී ගිය උත්තරාපථ නැමැති මහා වෙළඳ මාර්ගය සුණාපරන්ත මහා ජනපද රාජ්‍යයන් තුළ විහිදී ගියේ ය. නැගෙනහිර සිටත් බටහිර සිටත් දේශගවේෂකයෝ ද සාත්තුවාහකයෝ ද (ගැල්කරුවන්), ධර්ම ගවේෂීහු ද මේ මහමග ඔස්සේ ගමන්කොට සුණා (Suna) හෙවත් සීනායි හිදී අභිමත පරිදි අවශ්‍ය ආදාන -ප්‍රධාන (ගණුදෙනු) හුවමාරු කොට ගත්හ. බෞද්ධ ජාතක කතාවලින් ඒ බව තවදුරටත් තහවුරු වෙයි (අපණ්ණක ජාතකය). සුණාපරන්ත අර්ධද්වීපය එහි ‘යවනදේශ‘, ‘යෝනකදේශ‘, ‘යවනලෝක‘, නමිනුදු හැඳින්වෙයි. පූර්වයෙහි ‘සුණාපරන්ත රට‘ නමින් ගැනුණු අරාබි ලෝකය නූතන සමයෙහි ‘මැදපෙරදිග‘ යනුවෙන් ගැනෙයි. පෙරදිග සිට කෙමෙන් කෙමෙන් ආර්ය සභ්‍යත්වය මැදපෙරදිගටත්, යුරෝපයටත් පැතිරගියේ මුල සඳහන් කළ ‘උත්තරාපථ මාර්ගයෙහි‘ ය. ඒs වනාහී බෞද්ධ යුගයටත් සියවස් බොහෝ ගණනකට පෙර සිට ඇරඹීමෙනි. මහාකාරුණික තථාගත ගෞතම සම්බුදුරජාණන්වහන්සේ අනුත්තර සම්‍යක් සම්බෝධි ඥාණාධිගමයෙන් පසු ලොකානුකම්පායෙන් ලොවින් ලොවට රටින් රටට වැඩ නිවන් සුව මගට නිසි පුගුලන් තෝරාගෙන බණ දහම් දෙසූ සැටිත්, බොහෝ දෙන බඹ - සුර - නර ලොවින් තමන්වහන්සේ වෙතැ පැමිණ බණ දහම් අසා නිවන් සුව ලද සැටිත් තෙවළා පෙල දහමෙහි එයි. ‘ජම්බුද්වීපය‘, ‘පූර්ව විදේහ‘, ‘අපරගෝයාන‘, ‘උතුරුකුරු‘ යන සිව් දිවයින් හි නා නා ජාතික නා නා ගෝත්‍රික මිනිසුන් සම්බුදුරජාණන්වහන්සේ වෙත පැමිණ බණ දහම් අසා නව ලොවුතුරු දහම් පසක්කොට ගත් අතර තවත් බොහෝ දෙන දඹදිවට පැමිණ ශිල්ප ශාස්ත්‍ර, ශබ්ද ශාස්ත්‍ර, දර්ශන ශාස්ත්‍ර ආදිය උගෙන ගියහ. වෙළෙන්දෝ වාණිජ කර්මයන් හි නිරත වූහ. ථේරවාද, මහායාන බෞද්ධ ධර්ම ශාස්ත්‍රීය ග්‍රන්ථයන්ගෙන් ඒ පිළිබඳව අගනා වාර්තා උපුටා ගතහැකි වෙයි. සූත්‍ර පිටකයෙහි එන ‘පුණ්ණෝවාද සූත්‍රය‘ මේ කියූ දෑ සනාථ කරන කදිම සාක්ෂියකි.
        
 ශාක්‍යසිංහ සම්මා සම්බුදුරජාණන්වහන්සේ ගේ ශ්‍රාවක මහතෙර නමක් වූ පුණ්ණ හිමියෝ සුණාපරන්ත ජනපදය ට අයත් මෙකල ‘පූනාන්‘ නමින් හැඳින්වෙන ගමේ වෙළඳ නායක පවුලක උපන් දෙටු පුත් වූහ. ගම්දෙටු පවුලට අයත් වූ හෙයින් ගමේ නමින් හෙතෙම ‘පුණ්ණ‘ විය. ඔහුගේ කනිටු බෑයා (බාල සොහොයුරා)  ‘චූල පුණ්ණ‘ යනුවෙන් ප්‍රසිද්ධ විය. වියපත් දෙසොහොයුරෝ ගැල්වර පන්සීයක් ගෙන රටින් රට යමින් වෙළඳාම් කළහ. බඩු පුරවා ගැල් පන්සීයයක් රැගත් වැඩිමහල් පුණ්ණ සපරිවාරව වෙළඳාම් කරමින් උත්තරාපථ මහාගෝයානය ඔස්සේ ඉන්දියාවට සැපත්ව කොසොල් රට අගනුවර වූ ‘සැවැත්නුවර‘ ට පැමිණ වාඩිලාගෙන වෙළඳාම් කරමින් විසීය.

 දිනක් පුණ්ණ කෙලෙඹි පෙරවරුයෙහි ආහාර පිස නිමවා සිය පිරිස සමග පිළිසඳරෙහි යෙදීසිටින අතරතුර සාවත්ථි නගරවාසීන් උදයේ ආහාර, පැන් ගෙන සුදුවත් හැඳ, සුදු සළු එකස්කොට පොරොවා සිවුපස ද රැ‍ගෙන ශාන්තව මහමග පෙළගැසී සැවැත් නුවර ‘ජේතවනාරාමය‘ දෙසට ගමන් කරනු දිටීය.  “ඔවුහු කවරහුද ?“ “කොහි යෙද්දැ?“ යි හෙතෙම විචාලේ ය. “මොවුහු ගෞතම බුදුරජාණන්වහන්සේ වෙතැ බණ ඇසුමට යන්නාහ“ යි අසා ඉමහත් සොම්නසින් උත්තේජිතවූ ‘පුණ්ණ‘  වෙළඳ නායක ද ජේතවනාරාමය බලා එපිරිස සමග ගොස් බුදුන් දැක බණ අසා ඉමහත් සේ පිනා ගියේය. උවසු - උවැසි පිරිස තෙරුවන් පුදා වැඳ ගිය පසු ‘පුණ්ණ‘ සම්බුදුරදුන් වෙතැ හුදෙකලාවැ ගොස් බුදුන් වැඳ හෙට දවස් හි තමාගේ වාඩියට පන්සිය නමක් සමග වැඩ දන් පිළිගත් මැනවැයි ආරාධනා කොට ගියේ ය. පසුදින මහ දන්හලක් ඉදිකරවා දන් පිළියෙල කොට බුදුපාමොක් මහසඟනට දන් වළඳවා තිසරණ පන්සිල් සමාදන්ව බෞද්ධ උපාසකයෙක් විය. එයින්ම සෑහීමට නොපත් අරාබි ජාතික පුණ්ණෝපාසකතුමා තමා සතු සියළු වස්තුව සෙසු වෙළඳුන් අතැ සිය මලණුවන්ට දී “තමා ගෞතම බුද්ධ ශාසනයෙහි පැවැදි වූ බව කියවයි“ දන්වා යැවී ය. සම්බුදු සස්නෙහි මහණ උපසම්පදා ලත් ප්‍රථම යෝනක භික්ෂු තෙම අරාබියේ පූනාන් හි උපන්පුණ්ණ තෙර ය. එය ඓතිහාසිකව වැදගත් සිදුවීමකි. සැවැත්නුවර දෙව්රම් වෙහෙරේ නැවතී ධර්ම විනය මැනැවින් උගත් පුණ්ණ හිමි දිවා රෑ දෙකෙහිම සීල - සමාධි - ප්‍රඥා යන ත්‍රිශීක්ෂායෙහි යෙදෙමින් කමටහන් ලැබීය. කොතෙක් වත් පිළිවෙත් පිරුවද මහණදම් පිරුවද පුණ්ණ හිමියෝ අධිගම ලාභයට අසමත් වූහ. ඒ ඔහුට දඹදිවෙහිදී නිසි උතුසප්පාය, සේනාසනසප්පාය, භෝජනසප්පාය, ආදිය නියමිත පරිදි නොලැබුණ හෙයිනි.

පුණ්ණ හිමියෝ සිය රට යති

        තමන්වහන්සේට සුපුරුදු ඍතු ගුණයක් භෝජනාවාස භූමියක් නොලැබූ නිසා ස්වකීය ජන්ම භූමිය වන අරාබි දේශයට ගොස් මහණදම් පුරා ලොව්තුරා සැප උපදවාගෙන එරට වෙසෙන ස්වජාතිකයන් අතර සම්බුදු දහම පතුරුවා ලීම මැනවැයි පුණ්ණ තෙරණුවෝ සිතී ය. හෙතෙම දවසක් බුදුරජාණන්වහන්සේ වෙතැ ගොස් වැඳ “ස්වාමීනි මම සියරට ගොස් මහණදම් පුරන්නෙමි“ යැයි ද, “ඒ පිණිස රහත් මග ඵල ලබාගැනීමට සුදුසු භාවනාත්මක කර්මස්ථානයක් සැකෙවින් උගන්වා සුණාපරන්ත ජනපදයට ආපසු යාමට අවසර දී වදාළ මැනවැ“යි ද සැළ කළහ. තම අසමසම වූ බුද්ධ ඥාණයෙන් පුණ්ණ තෙරුන්වහන්සේ ගේ චිත්තාචාරය අතැඹුලක් සේ දැන වදාළ සර්වඥයන්වහන්සේ පුණ්ණ හිමියන් ට අෂ්ට සමාපත්ති සහිත නව ලෝකොත්තර මාර්ග ඵල උපදවා ගැනීමට හැකිවන පරිදි සමථ විපස්සනා යන උභය කර්මස්ථාන සැකෙවින් උගන්වා වදාළ සේක.

කර්මස්ථානය

  පුණ්ණයෙනි, පුද්ගලයාගේ ඇස, කණ, නාසය, දිව, ශරීරය සහ සිත යන ඉඳුරන් සයට ඉෂ්ට වූද, මනාප වූද, සිත් අලවන්නාවූ ද, රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ඨම්භ, ධම්ම යන අරමුණු සයෙක් ඇත. ඒ ඉෂ්ට කාන්ත මනාප රජනීය වූ අරමුණු නිත්‍ය - සුඛ - ශුභ ආත්ම භාව වශයෙන් උසස් ලෙස පිළිගෙන, උසස් ලෙස ගුණ කියමින් ඒ තුලට බැසගෙන අයෝනිසෝ මනසිකාරයෙන් එහි සිත් රැඳවූවොත් ‘නන්දි‘ නැමැති කාම - තෘෂ්ණා උපදින්නේ ය. ඒ තෘෂ්ණාවෙන් පස්කඳ නැමැති සසර උපදින්නේ ය. මෙසේ අයෝනිසෝ මනසිකාරයෙන් ‘තණ්හා‘ නම් වූ සමුදය සත්‍යයත් එහි ප්‍රතිපල වශයෙන් ‘දුක්ඛ‘ ආර්ය සත්‍යයත් පහළ වන්නේ ය. අයෝනිසෝ මනසිකාරයෙන් ‘තණ්හා‘ නම් වූ සමුදය සත්‍යයත් එහි ප්‍රතිපලය වශයෙන් ‘දුක්ඛ නිරෝධ‘ සත්‍යයත් පහළ වන්නේ ය.  
     “මේ හේතුඵල ධර්ම ලෙසත්, කර්ම ඵල ලෙසත් සංසාරයේ පවත්නේ ය. පුණ්ණයෙනි, සසර භය දක්නා පුද්ගලයාගේ පෙර කියූ ඉන්ද්‍රීය සයට ගොදුරුවන ඉෂ්ට කාන්ත මනාප කාමෝප සංහිත රාජනීය වූ රූපාදී අරමුණු සය අනිත්‍ය, අසුබ, දුක්ඛ, අනාත්ම විසින් යෝනිසෝ මනසිකාරයෙන් යෙදී ඉහත සඳහන් කළ දොළොස් ආයතන සෑම අනිත්‍ය වෙයි. අසුබ වෙයි. දුක්ඛ වෙයි. අනාත්ම වෙයි. එහෙයින් ඒ හැම නොවෙයි. ඒ හැම මට ද නොවෙයි. මාගේ නිත්‍යාව ද නොවෙයි යනුවෙන් අනිච්චානුපස්සනා, විරාගානුපස්සනා, නිරෝධානුපස්සනා, පටිනිස්සග්ගානුපස්සනා, යන සත් වැදෑරුම් අනුපස්සනායෙන් මෙනෙහි කරත්ම, විදසුන් වඩත්ම අනුක්‍රමයෙන් භාවනානුයෝගියාගේ සිත කාම - භව - දිට්ඨි - අවිද්‍යා යන චතුරාස්‍රව ධර්මයන්ගෙන් මිදේ. සියලු කර්ම ක්ලේශයන්ගෙන් සිත මිදුනු විට හෙතෙම දැන් මාගේ සිත මිදී යැයි පස්විකුම් නුවණින් දැනගන්නේ ය. මාගේ පුනර්භවය ක්ෂීණ විය. මත්තෙහි මට පුනර්භවයක් නැත. මා විසින් මාගේ බඹසර වැසීම නිමාවන ලද ය. සිවුමග නැණින් කලමනා කිස නිමාවට ගියේ ය. මින් මත්තෙහි මේ පිණිස වෙන කලමනා දෙයක් නැතැයි දැනගත් විට ඔහුගේ ‘නන්දි‘ නැමැති ලෝකෝත්තර අරමුණු නිත්‍ය - සුභ - සුඛ ආත්ම වශයෙන් පිළිගන්නා තෙවැදෑරුම් තෘෂ්ණාව ගෙවී යයි. තෘෂ්ණා නිරෝධයෙන් සසර දුක් ගෙවයි. මෙසේ යෝනිසෝ මනසිකාරයෙන් අනුත්තර විමුක්ති සුවය ලබන්නේ“ බුදුරදුන් සැකෙවින් වදාළ සේක.

පුණ්ණ තෙරුන්ගේ සිංහ නාදය

     මෙසේ සැකෙවින් විදසුන් කමටහන් උගන්වා වදාළ තථාගත සම්මා සම්බුදුරජාණන්වහන්සේ තෙරුන්ගේ සිත් හසර විමසා බලනු පිණිස “පුණ්ණ ඔබ උපන් මව් රට වූ සුනාපරන්ත ජනපදයේ වෙසෙන මිනිස්සු බොහෝ සැඩ පරුෂ වෙති. ඔබ පැවිදිව එහි ගොස් මහණදම් පුරන විට ඔවුන් ඔබට ආක්‍රෝෂ පරිභව කරතොත් කුමක් කරවුද“යි විචාල සේක.
        “ස්වාමීනි, මේ සුණාපරන්ත ජනපදවාසීහු මට සැඩපරොස් බසින් බැණ දොඩති. එහෙත් අතින් බැට නොදෙති. ඒ කරුණින් මේ මිනිස්සු මනාවෙතැයි ද මොපශවයෙන් (ඉවසීමෙන්) යුක්ත වෙමැ“ යි තෙරණුවෝ පිළිතුරු දුන්හ.
“හොඳයි පුණ්ණ ඔවුන් ඔබට අතින් ගුටි බැට දුනහොත් කුමක් කරවු ද?“
       “ස්වාමීනි මේ සුණාපරන්තවාසී මනුෂ්‍යයෝ හොඳයි බොහෝ හොඳයි ඔවුන් මට අතින් ගසතත් ගල් මුල් දමා නොගසත්. ඒ කරුණින් ඔවුහු මනා වෙතැයි සිතා ඉවසමි“ යි කීය.
      “හොඳයි පුණ්ණ ඔවුන් ඔබට ගල් මුල් වලින් පහර දෙතොත් කුමක් කරවුද ?“
   ස්වාමීනි ඔවුන් මට ගල් මුල් වලින් ගැසුවද ඔවුහු මට දඬු මුගුරින් නොගසත්. ඒ කරුණින් සුනාපරන්ත ජනපද වැසියෝ භද්‍ර වෙතියි, සුහද වෙතියි ඉවසම් ය. පිළිතුරු දුන්නේ ය.
      “ඉදින් පුණ්ණ ඒ මිනිසුන් දඬු මුගුරින් පහර දෙතොත් ?“
      “භාග්‍යවත් සුගතයන් වහන්ස, මොවුන් මට දඬු මුගුරින් ගසතත් අවියෙන් නොගසන හෙයින් ඔවුන් හොඳයි සිත සිතා ඉවසමි“යි කීය.
    “ඉතා මැනවි පුණ්ණය, ඉදින් අවියෙන් පහර දුනහොත් කුමක් සිතවු ද? “
      “එවිටත් සැබැවින් මේ සුනාපරන්තයේ මිනිසුන් මාගේ දිවි තොර නොකරන බැවින් මනා වෙතැයි සිතා ක්ෂාන්තිවාදී වෙමැයි“ කීය.
   “හොඳයි පුණ්ණ ඉදින් ඒ මිනිස්සු ඔබට තියුණු මුවහත් ඇති අවියෙන් ගසා කොටත් නම්, ඔබගේ දිවි තොරකරත් නම් කරවුද? “
      “ස්වාමීන් වහන්ස, සුගතයන් වහන්ස, ඔබ වහන්සේ වෙතින් බණ දහම් අසා උගත්, නිවන් සුව පසක් කොට ගැණුමට දිවා රෑ දෙකෙහි වැර වඩන, තමන්ගේ කයටත්, ජීවිතයටත් පිළිකුල් කරන, බොහෝ ශ්‍රාවකයෝ ද, මනදොළ සපුරා ගැනුමට උපාය මාර්ග සොයන බොහෝ බුදු සව්වෝ ද ඇත. සතරමග, සතරපල, නිවන් යන නව ලෝකෝත්තර ධර්මය ලබා ගැනුමට සිය කයත්, දිවියත් කැපකොට වැරවඩන මට මේ සුණාපරන්ත ජනපද වාසී මනුෂ්‍යයන් ගේ අවිපහර මා දිවි ගලවති. සියදිවි තොරකොට ගැනුමට තියුණු අවි සෙවීමේ ගැහැටක් දැන් මට නැතැයි සිතා ක්ෂාන්තියම උපසමය ම දරමැ“යි කීය.
             පුණ්ණ හිමියන්ගේ මේ සිංහ නාදය (අභීත නාදය) ඇසූ මහාකාරුණික තථාගතයන් වහන්සේ පුණ්ණ තෙරුන්ට තෙවරක් සාදු නාද දී “පුණ්ණයෙනි, ඉතා යහපති, ඉතාම යහපති. ඔබ මේ සුණාපරන්ත දේශයේ විසුමට සමත් වෙහි ය. දැන් සිය රට යව“යි. පුණ්ණ හිමියන්ගේ ගමනට අනුමැතිය දී වදාළ හ. ගෞතම තථාගත සම්මා සම්බුදුරජාණන්වහන්සේ ගේ භාෂිතය සතුටින් පිළිගත් සුණාපරන්තික පුණ්ණ හිමියෝ තමන් විසූ සෙනසුන සකසා තබා බුදුන් වැඳ පැදකුණු කොට පා සිවුරු රැගෙන උත්තරාපථ නැමැති මහගැල් මග ඔස්සේ මැදපෙරදිග සුණාපරන්ත දේශය බලා ගමනාරම්භ කළහ.

         දුරුකතර රට රාජ්‍යයන් පසුකරමින් දිගුකල් ගෙවා තමා උපන් සුණාපරන්ත මහ ජනපදය වූ අරාබි අර්ධද්වීපයට පැමිණි ප්‍රථම අරාබියානු ජාතික භික්ෂුව වූ පුණ්ණ මහතෙරපාණෝ උපන් ගමට ආසන්නයේ පිහිටි අම්බට්ඨ (Ambattha)   නැමැති පර්වතයේ විහාරයක් ඉදිකරවා ගෙන වෙසෙමින් දිනපතා සිය කනිටු සොහොයුරු චුල්ල පුණ්ණ කෙලෙඹිහුගේ නිවසින් පිඞුසිඟා යැපෙමින් සිය මලණු හට බොදු උවසු ගිහිවත ඇතුලු බුද්ධ ධර්මය ඉගැන්වූහ.  බෞද්ධ ඉතිහාසයට අනුව ක්‍රිස්තු වර්ෂයට පෙර හයවන සියවසෙහි, දැන් මැදපෙරදිගට අයත් අරාබි මහා ජනපදයෙහි මුල්ම බෞද්ධ මහා තෙර වූයේ පුණ්ණ මහ තෙරණුවෝ ය. උන්වහන්සේ ගේ කනිටු වෙළඳ කෙලෙඹි තෙම (බාල සොහොයුරා) අරාබි දේශයේ ආදිතම බෞද්ධ උපාසක තුමා වීය. අරාබියේ ඉදිකරන ලද ප්‍රථම බෞද්ධ විහාරය අම්බට්ඨ විහාරය යි. පුණ්ණ තෙරුන්වහන්සේ ගේ අනුශාසනා ගෙන ඉන්පසු චූල පුණ්ණ උපාසක තුමා ප්‍රමුඛ බෞද්ධයන් විසින් කරන ලද දෙවන විහාරය සමුද්දගිරි විහාරය (Samuddagiri) නමින් ප්‍රකට විය.
         පුණ්ණ හිමියන් ට සක්මන් කරනු පිණිස අයස්කාන්ත පාෂාණයෙන් (මෙය කාන්දමි පාෂාණ විශේෂයකි.) වටකොට මහ සක්මන් මළුවක් ඒ විහාරයෙහි තනවන ලද්දේ ය. ඒ කාන්දම් ගල්වැටියේ මුහුදු රළ තරඟ පෙළ අවුත් වදින නිසා සක්මන් මළුවේ භාවනානුයෝගී ව වසන අයට සිත එකඟ කරගැනීමේ පහසුව තකා පුණ්ණ මාහිමියෝ ඍද්ධි බලෙන් මුහුදු රළගොස නිහඬ කොට අන් මගෙකට හැරවූහ. එතැන් පටන් ඒ මුහුද මළ මුහුද (Dead Sea) නමින් ප්‍රසිද්ධියට පත් විය. මළ මුහුද අසබඩ පිහිටුවන ලද සමුද්දගිරි විහාරය අරාබියේ පිහිටි දෙවන බෞද්ධාරාමය විය. ඉන්පසු පුණ්ණ මාහිමියන් සුණාපරන්තයෙහි තුන්වන විහාරයක් ද ඉදිකරවූහ. එය මාතුලගිරි විහාරය (Matulagiri) නම් විය. එහි ද කලක් වැඩහිඳ, රෑ දවල් මුළු පෙදෙස කුරුළු හඬින් පැතිර ගිය හෙයින් චිත්ත සමාධිය ලැබිය නොහැකි යැයි දැන, පුණ්ණ මහ තෙරපාණෝ මාතුලගිරි විහාරයෙන් නික්ම මකුලකාරාම (Makulakarama)   විහාරයට වැඩියහ. මෙය අරාබියේ පිහිටුවන ලද සතරවන බෞද්ධ විහාරයයි. මකුලකාරාම විහාරයෙහි වස් කාලය ගත කළ හිමිපා‍‍ණෝ එහි ලැගුම් ගෙවල් විහාරස්ථාන, සක්මන් මළු ආදිය කරවා අරාබි දේශයේ පිහිටි විහාරස්ථානයන්ගෙන් ප්‍රමුඛ විහාරස්ථානය කොට දියුණු කරවූහ. 

(පැරණි  අරාබි නැවක් )
ඒ වස් කාලය පූනාන් වෙළඳ ගමේ විසූ පන්සියයක් වෙළඳ ව්‍යාපාරිකයෝ නැව් වල බඩු පටවාගෙන තෙරුන් වහන්සේට වැඳ “ හිමියනි අපි වෙළඳාම් පිණිස නැව් නැග විදේශයනට යන්නෙමු. මහමුහුද කෙරෙහි විශ්වාස තැබිය නොහෙන්නෙමු.  ඒ මහමුහුද නොයෙකුත් අනතුරුවලින් ගහණව ඇති හෙයිනි.  අප යනවිට සොයාබැලුව මනා යැයි“ පවසා නැව්නැග ගියේය. නැව් මහ මුහුදේ ඉහළම වේගයෙන් ගමන් ගෙන එක්තරා කුඩා දිවයිනකට සේන්දු විය. යාත්‍රිකයෝ ඒ දිවයිනට ගොඩ බැස දිවා බොජුන් ගැනීමට සැරසුන හ. ඒ දූපතේ රත්සඳුන් බහුල හෙයින් ද, රත්සඳුන් සුන් කැබැල්ලක වටිනාකම මුදලින් ලක්ෂයක් පමණ වන හෙයින් ද,  ඔවුන් රත්සඳුන් ගස් කැබලි කොට කපා නැවේ පටවාගෙන යාත්‍රාවෙහි යෙදුණ හ. එයින් කිපුණු ඒ වනයෙහි විසූ අමනුෂ්‍යයෝ මුහුදේ මහා කුණාටුවක් මවා නැව ගිල්වාලීමට සැරසී ගත්හ.  ඒ මොහොතෙහි පුණ්ණ හිමිපාණෝ ඍද්ධි බලයෙන් අහස්කුස්හි පෙනී සිට අමනුෂ්‍යයන් පළවා ලූහ. “තෙපි දැන් කොහි යනු කැමැත්තහු දැයි“ වෙළෙන්දන්ගෙන් ඇසූහ. “හිමියනි ආපසු සුණාපරන්තයටම යනු කැමැත්තෙමු“ යි කීහ. තෙරණුවෝ ඍද්ධි බලයෙන් නැව ආපසු අරාබියට ම යේවායි අධිෂ්ඨාන කළහ.

         වෙළඳ පිරිස සහිත නැව නිරුපද්‍රිතව ආපසු සුණාපරන්තයට ම පැමිණියේ ය. වෙළඳ පිරිස ගොඩබැස රත් සඳුන් රැස ද ගොඩබාගෙන කොටස්කොට විකුණා විශාල ධනස්කන්ධයක් උපයා ඉන් කොටසක් පුණ්ණ හිමිපාණන්ට ද වෙන්කොට ලූහ. තෙරණුවෝ එය නොපිළිගෙන “තෙපි බුදුරජාණන්වහන්සේ දකිනු රිසිනම් මකුලකාරාමයේ මහා මණ්ඩල මාලයක් ඉදිකරවව්. එවිට මම අපගේ බුදුරදුන් වැඩමකරවාගෙන අවුත් තොප හැමට දක්වන්නෙමු“ යි ඔවා දුන්හ. පූනාන් වෙළඳ ගමේ වෙළඳ පවුල් පන්සියයක විසූ ස්ත්‍රී පුරුෂයෝ බුදුදහම වැළඳගෙන බුදු පාමොක් මහරහතුනට වැඩහිඳිනු සඳහා මහා මණ්ඩලයක් තනා ඒ බව පුණ්ණ හිමියන් ට දැන්වූහ. ඒ වස් කාලය තුලම භාවනා කොට විදසුන් වඩා ත්‍රිවිද්‍යා සහිත රහත් පලය ලැබූ උන්වහන්සේ ඍද්ධි බලයෙන් සැවැත්නුවර ජේතවනාරාමයට වැඩ බුදුන් වැඳ, සුණාපරන්තයට වැඩ එරට වෙසෙන උපාසක උපාසිකාවන ට අනුකම්පාවෙන් දහම් දෙසන්නැයි අයැදූහ.

 බුදුහු පන්සියයක් රහත් මහණුන් සමග සුණාපරන්තය ට වැඩියහ. මකුලකාරාම විහාරයෙහි මණ්ඩල මාලක මහා මන්දිරය ඉදිකිරීම ඇරඹූ තැන් සිට බුදුහු අප්‍රකටව වරින් වර ඍද්ධි බලයෙන් සුණාපරන්තය ට වැඩ මකුලකාරාම විහාරය බුද්ධ පරිභෝගයෙන් පරිභෝග කළ සේක. රාත්‍රී කාලයේ විහාර භූමිය රැකබලා ගැනීමේ නියුතු මිනිස්සු රාත්‍රියෙහි එහි පැවති බුද්ධාලෝකය දැක එහි සැබැවින් ම මහේශාඛ්‍ය දෙවියෙකු අරක්ගෙන ඇතැයි සිතූහ. පුණ්ණ මහරහතන්වහන්සේ ගේ ආරාධනාව ඉවසා වදාළ මහා කාරුණික තථාගත සර්වඥයන් වහන්සේ සැරියුත් - මුගලන් දෑගසව්වන් ඇතුළු ආකාශගාමී මහරහතන් පන්සිය දෙනෙකුන් කැටිවලාගෙන දෙවියන් විසින් මවාපෑ කුඩා අහස් යානා පන්සියයකින් ප්‍රසිද්ධියේ ම සුනාපරන්ත දේශය බලා නික්මියහ. අතරමගදී සච්චබද්ධ පර්වතයේ විසූ, මිසදිටු දහම් උගන්වා මහජනතාව නොමග යවමින් සිටි සච්චබද්ධ තාපසයා වෙත වැඩි සෑසී මුණිරජාණන් වහන්සේ සිවුසස් දහම් දෙසා පැවිදි කොට රහත් මග පල ගන්වා ඔහුද සමග මැදපෙරදිග සුණාපරන්ත ජනපදය ට වැඩමකළ සේක.අහස්යානා පන්සියය මහජනයාට නොපෙනේවා යි ඉටා තබා එයින් බට සම්බුදුරජාණන් වහන්සේ රහත් සඟ පන්සිය දෙනා සමග පා ගමනින් පූනාන් නැමැති වෙළඳ ගමට වැඩි සේක. එහි දන් වළඳා අවසන් හි අනුමෙවෙනි බණ දෙසා මහජනයා සමග මකුලකාරාම විහාරයට වැඩ අභිනවයෙන් ඉදිකරවන ලද ‘මණ්ඩල මාලයට‘ වැඩ එහි වැඩහුන් සේක. ජනතාව පෙහෙවස් සමාදන් ව මණ්ඩල මාලකයෙහි රැස්ව අසුන්ගත් හ. මහමුනිරජාණෝ ඔවුන්ට සදහම් දෙසූහ.


(Stupa in the Khitan city Bars-Hot)
            එයින් මහජනයාට බන්ධනමෝක්ෂය විය. මහසඟරුවන ඇතුළු සම්බුදුරජාණන්වහන්සේ දැක වැඳපුදා ගැනුමට මහජනයා අතර මහා කලබගෑනියක් විය. ඔවුන්ට අනුකම්පායෙන් ධර්ම සංග්‍රහ පිණිස උන්වහන්සේ සුණාපරන්ත ජනපදයේ ටික දිනක් විසූ සේක. එහි සැරිසරා පුණ්ණ මහරහතන් වහන්සේ එහි නවත්වා වාණිජ ග්‍රාමයෙහි පිඬුසිඟා වළඳා බික්සඟුන් කැටිවලාගෙන ආපසු සැවැත් නුවර දෙව්රම් වෙහෙර බලා පිටත් වූහ. ආපසු වඩනා අතරමග ඉන්දියාවේ වින්ධ්‍යා කඳුවැටියෙන් දකුණු දිග්හි පිහිටි දක්ෂිණපථයේ නාග රාජධානියට අයත් ‘නර්මදා‘ නදීබඩ ගල්තලායෙහි සැදැහැවතුන් ගේ වන්දනාමාන සඳහා තමන් වහන්සේ ගේ සිරිපා ලකුණු පිහිටුවා ලූ සේක. ඒ දීර්ඝ චාරිකාවෙහිදී ධර්මරාජයාණන් වහන්සේ මහජනානුකම්පායෙන් ඔවුනට සගමොක් සුව පිණිස වැඳපුදා පිං රැස්කරගනු අටියෙන් සුණාපරන්ත ජනපදයේ පිහිටි මකුලකාරාම මහා විහාරයේත් (වර්තමානයේ මක්කම), සච්චබද්ධ පර්වතයේත්, නර්මදා නදී තීරයෙහිත් සිරිපා ලකුණු පිහිටුවා වදාළ සේක. තෙවන ශ්‍රී ලංකාවතරණයේදී සුමන දේවරාජයාගේ ඉල්ලීම නිසා සුමන කූට පර්වතයෙහි ද සිරිපා ලකුණු තැබූ සේක.

     එලෙසින් ම සම්බුදුරජාණන්වහන්සේ ගේ ධරමාන යුගයෙහිම සුණාපරන්ත නමින් පෙර හැඳින්වුනු මැදපෙරදිග ජනපදයන් හි සම්බුදු දහම පැතිරගිය සැටිත්, අර්ධද්වීපය ට බුදු රජුන් වැඩ දහම් දෙසූ සැටිත් පුණ්ණෝවාද අට්ඨකතාවෙහි අන්තර්ගතව එයි. එය ශතවර්ෂ දශකයකටත් වැඩි කාලයක් ම ධර්ම විනයධර වියතුන්ගේත්, පුරාවිද්‍යාඥයන්ගේත්, ඉතිහාසඥයන්ගේත් දෘෂ්ටිගෝචර නොවී පැවතෙයි. සාරාර්ථ කතා, ත්‍රිපිටක ධර්මය නැවත කියවා බලත් ම අනූ එක්වෙනි වියෙහි පසුවන මට එය නැවත බොදු වියත් ගණ හමුවේ තැබීමට පිං පලදීමකින් දෝ මං සැලසිනි. බුදුන්වහන්සේ, පුණ්ණ මහරහතන් වහන්සේ උපන් මැදපෙරදිග බෞද්ධයනට වැඳපුදා ගැනීමට මකුලකාරාමයෙහිත්, නර්මදා නදී තීරයෙහිත්, සච්චබද්ධ පර්වතයෙහිත් පාද ලාංඡන චේතිය පිහිටුවා වදාරා ආපසු භික්ෂු සංඝයාවහන්සේ සමග සැවැත්නුවර ජේතවනාරාමය ට වැඩි සේක. එයට පෙර සිංහලද්වීපය ට වැඩි තෙවන ගමනෙහි සමන්තකූට පර්වතයට වැඩ සුමන දෙවුරජුන්ගේ ආරාධනයෙන් කඳුමුදුනෙහි සිරිපා ලකුණු පිහිටුවාලූහ.
Footprint of Buddha withDharmacakra and Triratna, 1st century,Gandhāra.

යන්නම්මදාය නදියා පුලිනේච තීරේ
යං සච්චබද්ධ ගිරිකේ සුමනාච ලග්ගේ
යංතත්ථ යෝනක පුරේ මුනිනොච පාදං
තං පාද ලාංඡන මහං සිරසා නමාමි


           ඉහත දැක්වුනු පාලි වන්දනා ගාථායෙහි ‘යෝනක පුර‘  යන්නෙන් අරාබි ජනපදය අර්ථ ගැන්වෙයි. තථාගත සර්වඥයන් වහන්සේ විසින් මහා කරුණායෙන් පිහිටුවා වදාළ සතරවන සිරිපා ලකුණ දැන් ‘මැකා‘ හෙවත් ‘මක්කම‘(Mecca or Makkama) (මහමදික ආක්‍රමණියන්ගෙ ග්‍රහණයට නතුවීමට පෙර මකුලකාරාම බෞද්ධ විහාරය) මුස්ලිම් මහා දේවස්ථානය තුල ඇති ‘කාබා‘ 


කුටියෙහි ඇතැයි පැවසෙයි.

  ( විනාශ කරන ලද බාමියන් ප්‍රතිමා තිබු ස්ථානය )                     

සුණාපරන්ත දේශයෙහි සම්බුද්ධ ධර්මය දිවිහිමියෙන් පතුරුවමින් විසූ පුණ්ණ මහරහතන්වහන්සේ සුණාපරන්ත ජනපද නම් වූ සෞදි අරාබි මහා ජනපදයෙහි ම පිරිනිවන් පා වදාළ සේක. බැතිමත්හු සුවඳ දැවයෙන් දර සෑයක් තනා උන්වහන්සේ ගේ සිරුර දවා භෂ්මාවශේෂ නිදන්කොට ස්ථූප කරවා වැඳුම් පිඳුම් කළහ. පුණ්ණ මහරහතන්වහන්සේ ගේ ආදාහනෝත්සවය ට දඹදිවින් ද මහ රහත් භික්ෂූන්වහන්සේ වැඩි බව අට්ඨකථා වාර්තාව පවසයි. මේ කරුණු ගෙන විමසා බැලීමේදී මැදපෙරදිග රටවල් සමග දඹදිව ආර්ථික සම්බන්ධය පමණක් නොව ආගමික හා සංස්කෘතික සම්බන්ධය ද හරසරව පැවති බව පෙනී යයි.
     අප විසින් ඉතා සැකෙවින් ඉදිරිපත් කළ මේ පුවත තවදුරටත් ඉතිහාසඥයන්ගේත්, පුරාවිද්‍යාඥයන්ගේත් සියුම් පිරික්සුමට ලක්වේවායි පතමි.
විශේෂ ස්තුතිය - ගෞරව ශාස්ත්‍රවේදී එච්. එම්. චානක නිලන්ත මහතා ට.

සිංහලේ නව නිදහස් සටන සහෝදරයාගේ වැඩක් 

(උපුටා ගැනීමේදී උපුටනය සඳහන් කිරීමට කාරුණික වන්න.)

70 comments:

  1. good article..thanks for posting my friend..

    ReplyDelete
    Replies
    1. thanks my friend this compliment should go to "සිංහලේ නව නිදහස් සටන " brother..

      Delete
    2. http://www.youtube.com/watch?v=CbfY7WYEJZc

      Delete
  2. මේ කරුනු කියවනවිට එන්නේ මොනතරම් වේදනාවක්ද ? මේ මුස්ලිමනුවන් කියන්න ලොවටම පිළිලයකි..මක්කම ගොස් ගල් ගසන්නේ භික්ෂුන් වහන්සේ නමකට බවද.. එම කළු පෙට්ටිය ඇතුලට සුද්ද පවිත්‍ර කිරීමට යවන්නේ මන්ද බුද්ධික පිරිස බවද කියයි.. ඒ මන්ද.. නැවත එය පිරිසිදු කර ආවිට යමෙක් ඇතුලත ඇත්තේ කුමක්ද කියා අසු විට නිරුත්තර වන නිසාවෙනි.. ලොව අවාසනාවන්ත දවස උදාවුයේ ඉස්ලාම් ධර්මය අදහන්නන් ලොවට පය තැබූ දිනයයි

    ReplyDelete
    Replies
    1. ස්තුති ඔබගේ දැනුවත් කිරීම ඔබලාගේ ලිපි සඳහාද මෙහි ඉඩකඩ ඇත..

      Delete
    2. නිකන් පලයන් බන් මෝඩ චූන් දෙන්නේ නැතිව. ඔය ගල් පැලෙන බොරුව අරාබියේ පැහැදිලි ඉතිහාසයෙන් හා හා එකල භාවිතා කල නාමයන්ගෙන් උඹලගේ බොරු ප්‍රලාප සුනු විසුනුවී යනවා. ඒ මෝඩකම අවබෝධය ක් නැති දහමෙන් හා සම්ප්‍රදායෙන් ලැබුනු තෑග්ගක්. ඒකය් යුරෝපයෙත් තමන්ගේ ඓතිහාසික සනිටුහන් තිබුනා කියන්නෙත්. ඕකට හොදම උත්තරය කොළඹ විශ්ව විද්‍යාලයේ හිටපු මහාචාර්ය වරයෙක් වුනු බෞද්ධ බික්ශුවක් වූ හෑගොඩ විපස්සි හිමියන් පැහැදිලි කරනවා. මකුලකාරාමය තියෙන්නේ මක්කම නොව හලාවත බවත් එහි විහාරයක් නටබුන්ව අදටත් වල් වැදී ඇති බවත්. ඉතින් අපේ රටේ මුස්ලිම් මිනිස්සු එදා මක්කම වන්දනා වේ ගියේ අසල්වැසි සින්හල සොහොයුරන්ට පවසලා ඉතින් ඇවෑමෙන් මක්කම යන නාමය සින්හලයන් අතරේ පට බැදුනත් මක්කම යන නාමය මෑතක සිට ආමණ්ත්‍රනය කරන්න යෙදුනු නාමයක්. මෙතැනින්ම මේ ජාතිවාදී න්ගේ ගල් පැලෙන මේ අමු බොරුව සුනු විසුනුවී යනවා. සිහින ලෝකයේ ජීවත් වෙමින් අනෙකාගේ සුර සැප පමණක් නොව ඔවුන්ගේ වැදුම් පිදුම් ස්ථාන ද තමන්ගේ කරගන්නට සම්ප්‍රදාය ආගම කරගත් කොටසකගේ අපැහැදිලි කෑදරකම මිස අන් කිසිවක් නොවේ.

      Delete
  3. නැවතත් මෙම බෞද්ධ උරුමයන් අත්පත් කරගත නොහැකිද?

    ReplyDelete
    Replies
    1. පුළුවන් අපි හැමෝම එකතු වෙන්න ඕනේ

      Delete
    2. anunge daruwanta nam daanna epa , anunge awrudda tamange kiyala samaranawa wage ,

      Delete
    3. meka anunge deyak nemei bauddayabge deyak ithihasaya wenas karanna baha

      Delete
    4. මේක අනුන්ගේ නොවෙයි ,, බටහිරයන් පවා මේ ගැන දන්නවා නමුත් දැන් මේ දේවල් කතා කිරීමෙන් හානියක් වන නිසයි නිහඩව ඉන්නේ ,, අමික ජේසුස් වහන්සේ කියන්නෙත් පුන්නතිස්ස හාමුදුරුවෝ කියන්න බටහිරයන් දන්නවා ,, එය වතිකානුවෙනුයි සගවන්නේ කතෝලික දහම යට යන නිසා ,,

      Delete
    5. Hithata ena hemadema comment karanne ganja gahalada inne... jesus ay danne ne wena dharshanayak deshana kale...

      Delete
  4. පර හම්බයෝ ලංකාවත් අරාබියක් කරන්න තටමනවා.....

    ReplyDelete
    Replies
    1. ඔව් මුන් සේරටම ඕනේ මේක පකිස්ථානයක් අරාබියක් කරන්න දෙමළුන්ට ඕනේ මේක ඉන්දියාවක් කරන්න

      Delete
  5. THATS IS MESSENGER ABRAHAM S FOOT PRINT WHO BUILT KA'BA NOT BUDDHAS LABBA

    ReplyDelete
    Replies
    1. සුපුන් පෙරේරාDecember 17, 2012 at 10:09 AM

      ඔප්පු කරලා පෙන්නනවකෝ පුලුවන්නම්!

      Delete
    2. Dude you can say stuff but the problem is you guys don't have miracles this whole religion stuff is Maniac call Nabi's fiction . To write Quran He used Old testament and some Arabic fictions if i give you an example you can take Punishment in the Grave it's a very funny story made out of Fictions

      Delete
  6. Bohoma sthuthie....

    ReplyDelete
  7. afagan pilima eka oppukaranawa. ei ewa kadanne. lankawe sri pagaya gena quranwala thiyenawada.

    ReplyDelete
  8. danwath ape rate urumayan reka ganna unandu wemu mun nathnam ape ratath arabiyak karanawa

    ReplyDelete
  9. islam all ritual taken from others
    1.mecca
    2.fasting
    3.5 times pray
    4.circumision
    5.haj

    what they practice now not their. only they know recite the quran. they don't know mean of it.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. You are correct ISLAM is not that Mohammed PBUH brought, he just renewed. also Kahbba build by Adam & Abraham PBU THem not Mohammed PBUH, according to MUSLIMS JEESES Is also Muslim,

      Delete
  10. they copy jews and bible add rape and terrorism.
    it can prove by quran

    ReplyDelete
  11. supiri
    wedak machan ...karagena yamu...mehema lipi kiyavanna aaasai.rata gana godak adaraya athi wenava

    ReplyDelete
  12. I remember once another historian claimed in 70s that Shakespeare was born at Hambanthota and taken to England. Come on guys be real. If we try to prove those things from books, Muslims also can prove their points from Quran and Christians from Bible (which they always do). I think Buddhists won't go down to their level, if they think Buddhism is superior to those religions. But from what happen in Sri Lanka and comments from the younger generation, I sense they are not much different to others.

    ReplyDelete
    Replies
    1. There is a sinhala book called " Allahu Akbar", it has lot of information about Makkama and Buddhist relation. When I was in Sri Lanka I read it. If you read it you can get more proved information. Thanks,

      Delete
    2. Both religions born so many centuries after Buddhism. So they really can copy and acquire early religious places and claim it is their. And they really had copied in their books written so many centuries after Thripitakaya. So before you challenge see what is told.

      Delete
  13. This comment has been removed by the author.

    ReplyDelete
  14. One more thing, if Buddhists believe in this article, they also can go to Macca and worship that beautiful foot print.

    ReplyDelete
    Replies
    1. Mecca does not allow to worship by other religious people. the watch their birth certificate and let to go. But we have one grate foot print in Sripada. Not only Buddhist, everyone can go their and worship it. thatz the way of we doing.
      {proud to be a Buddhist}

      Delete
    2. well said Lal wijesiriwardana, why not go to macca and worship

      Delete
    3. After putting Mohamed before his name, Mohamed Lal Wijewardene and after do the circumcision and proved he is an Islamic. Otherwise if he goes to Mecca they will behead him.

      Delete
  15. අගෙයි අපේ උරුමය ලොවට හෙලිකිරීම ගැන ඔබට ස්තූතිවන්ත වෙමි

    ReplyDelete
  16. waht is source of the article ..pls give the source otherwise no validity

    ReplyDelete
  17. Sunaparanthawasin edha wagema adhath dharunu pirisak bawa sunaparanta therunge kathawen therum ganta puluwan.E wagema eka muslim kenek kiyala thiyenawa arabiye mecca dhewasthanaya hadhanta polowa sudhdha karadhdhi ethana thibila budhupilima wage dhewal hambawela thiyenawa kiyala.Quranayeth sadhahan wenawa nabi athulu pirisa pilima wandhana karamin siti pirisakwa maradhamma kiyala.

    ReplyDelete
  18. Worshiping stones and dead peoples. You are stupid people.

    ReplyDelete
  19. බුදුන් වහන්සේගේ එක් සිරිපතුලක් මක්කම පිහිටා ඇති බව සත්‍යක්ද?
    http://www.youtube.com/watch?v=CbfY7WYEJZc

    ReplyDelete
  20. Mama meka kalin ahala thiyenawa. makkama thiyenne budu hamuduruwange pilima. Awa dan kadila bindila kiyla tama aaranchiya. A pilima wala hisa wenwela hariyata api anuradapure natabun wuna pilima wage. Bhawananuyogiwa sitina budu himiyange pilima ehe daknata labenawa.(Makkamata yanna anika agamikayanta awasara naha. Akata hethuwa me hama deyakma eli wena nisa)

    ReplyDelete
  21. all of these people have lost the plot fighting over religion doesn't make you a good human being/or even a religious person, only if you could follow what lord Buddha/prophet Mohammad/Jesus has preached. I'm a Muslim and my husband is a Buddhist and we have the perfect relationship and respect for each other, for us what's happening in srilanka is a damn joke you guys are only wasting your precious time. P:S when a loved one in need of (Type- negative) blood you wouldn't check the religion now do you? I my self is a blood donor at the blood bank of sri lanka I've helped many someone might be surviving with my blood. love life and while you live help others around you that's the way to go.

    ReplyDelete
    Replies
    1. Very Funny ... Can you give us your real name .. you must be boy..

      Delete
  22. can you give this artical in Tamil language, we can send this among than 10000 Muslim people because more Muslim people don't know truth

    please do it past

    ReplyDelete
  23. මාර දිගු බොරුවක්.

    ReplyDelete
  24. හම්බයන්ට ඇත්ත පේන්නේ බොරු විදියට.ගෑනුන්ට බුරුකාව අන්දන්නේ පිරිමින්ගෙන් වෙන වැරදි වලින් වලකින්නලු.ඒ උනාට මුං ඇත්තෙන්ම මේ කරන්නේ මෙයාලගෙ ලිංගික ආශාව වැඩිකරගන්න.මෙයාලගෙ මූලික පරමාර්ථය ලිංගිකත්වය යයි පටවු බෝකිරීම පමනයි.ලිංගිකත්වයට මුල්තැනදීපු ආගම

    ReplyDelete
  25. SINHALA BAUDDHAYA

    https://plus.google.com/111333990409016152092/posts
    look at this profile. this is fake profile and post against to Buddhism

    ReplyDelete
  26. පට්ට පල් බොරුවක්

    ReplyDelete
    Replies
    1. බොරුවක් කියලා ඔයාට ඔප්පු කරන්න පුළුවන්ද? මම දැනගන්න ආසයි.මේක බොරුවක් නම් මෙතනම කොමන්ට් කරලා පෙන්නන්න යාලුවේ. එහෙම කරගන්න බැරි උනොත් වෙන්නේ ඔයත් මේකට එකඟ උනා කියන එක තමයි. උත්සහ කරලා බලන්න. එතකොට ඔයත් බුද්ධාගමේම කෙනෙක් වගේ තමයි අපිට හැ‍ෙඟෙන්නේ. පුලුවන්නම් තමන්ගේ ආගම බේරගන්න. ඔබට සුබ පැතුම්.

      Delete
    2. If you have any furthur doubt pl. read Buddhisn in Iran written by Mostafa Vasiri.

      Delete
    3. එහෙනම් ඔබට ශාක්ෂි තිබේද එය අල්ලගෙ කියන්න

      Delete
  27. හම්බයාගේ කනට ගැහුවා වගේ....පර හම්බයා මකබෑවිලාම පල....

    ReplyDelete
    Replies
    1. වගේ නෙමෙයි ගැහුවම තමයි යාලුවේ. සදත් අන්වර් කියන කෙනාට මම රිප්ලයි එකක් දැම්මා . බලමු මොකද කරන්නේ කියලා.

      Delete
    2. niyamai yaluwe uba niyama sinhala kollek.thambi meke raganna heduwoth hema dema atherala unwa maragena merenawa.ape duwanne sinhala le

      Delete
  28. i have heard about the story before, bt today i got the complete story,
    thanks for the article

    ReplyDelete
  29. අගෙයි අපේ උරුමය ලොවට හෙලිකිරීම ගැන ඔබට ස්තූතිවන්ත වෙමි. දිය යට සැගවූ රබර් බෝලයක් මෙන් බොරුව කවදාහෝ නිරාවරණය වේ. මෙම ලිපිය සම්පාදනය කල උතුමන්ට තව තවත් ලොවට සත්‍ය පෙන්වා දීමට ශක්තිය, දෛහිර්‍යය ලැබේවා! ප්‍රාර්ථනය කරමු. මෙය වැරදි මතයක් නම් ඉහත දක්වා ඇති ආකාරයේ අදහස් දක්වනවාට වඩා මහත්මා ගති ඇතිව එය නිවැරිදි කිරීම සදහා මුස්ලිම් ජනයාට ආරාධනා කර සිටිමු. ඒ අතර මෙම ලිපිය කියවා තම දැනුම පෝෂණය කරගත් මුස්ලිම් ජනයාට සත්‍ය අවබෝධ වේවා කියා ප්‍රාර්ථනය කරමු.

    ReplyDelete
  30. BUDU DAHAMA CHIRATH KALAYAK PAWATHITHA..............

    ReplyDelete
  31. මමත් මේ විස්තරය අහලා තිබුනා ඒත් මේතරම් පැහැදිලව නෙවෙයි.වටිනා වැඩක්.

    ReplyDelete
  32. ඇත්තටම ඉස්ලාම් වගෙ මනුශ්ශයාගෙ විනාසයටම පහල උනු ආගමක් මෙ ලෝකෙ නැත්තම් ලෝකෙ කොච්චර සුන්දරද? බුදු දහම වගෙ අහින්සක කුරා කූබියෙක්ට වත් නපුරක් නැති ආගමක් මෙ මිත්යා දුශ්ටික මුසල්මානුවන් ඇදහුවා නම් ලෝකෙ කොච්චර සුන්දරද?? සියලු මුස්ලිම්වරුන්ට ව්ද්යාව පහල වෙවා..!!

    ReplyDelete
  33. muslim sahodarayan kiyana akarayata allha deviyan arabiya athulu afagnisthanaya mauve muslimwaruntai. ahenam iparani bodhu urumayaka wa thibu apage bamiyan budu pilima mauveth allha deviyanmada??? ahenm allha deviyanuth budun sarana giyekda?
    kase uvath budu dharmaya anuva siyalu sanskara dharamayan nasena suluya...
    enam me vahera vihara adi siyaluma de kavada ho vinashatama path vei...
    ithin apa vishin kalauthu vanne budu dahama pilipada nopamava kusal ras kirima noveda????

    ReplyDelete
  34. All Sri Lankan students (Sighala,Tamil, Muslims,Buddhis, Hindu, Catholic) / (sighala, Tamil, English, medium) should be learn Buddhis philosophy as school subject from grade 1 to O/L. O/L syllabus should be little Changed. there should be kiribthgoda danasara thera and renukane thera written two books for study. This subject should be compulsory for O/L and to pass O/L there should be credit pass for this subject. # Without doing this today, we don't have future, we will be able to face lot of difficulties near future # we will try to get done this, bargaining new government. JYAWEWA

    ReplyDelete
  35. buddha is fucker and buddhist is mother fucker

    ReplyDelete
    Replies
    1. ai .. allata paiyak nadda ? ... Nabiyat ponneyekda ? .. topilage ganunta huka ganna onenam .. sinhala kollanta kiyapalla .. kari hambaya

      Delete
  36. මට පේන්නේ කොමේන්ට් වල වෛරයයි ක්‍රෝධ්‍යයි. සත්‍ය වශයේන්ම බුද්ධ දර්ශනය අනුගමනය කරන අය කොහොමද මෙහෙම හැසිරෙන්නේ? තථගතයන් වහන්සේ ධර්මය දේශනා කළේ ඉන්දියාවේ වෙනත් දර්ශන ගොඩක් පවතින අවස්ථාවක, කවදා හරි අහාලා තියනවාද වෙන අයගේ විශ්වාස වැරදි කියලා බලේන් වාද කරලා ඔප්පු කරන්න ගියා කියලා. ලෝකය ධර්මතාවයන්ට යටයි. යමක් කරන්න ඕන නම් මානුෂිය විදියට නීතියානුකුල ව කරන්න.නැතිනම් වන්නේ ඔබටත් අන් අයටත් අයහපතක් විතරයි.

    ReplyDelete