Feb 12, 2013

ජිග්සෝ ප්‍රහේලිකාවන්ට පෙම්බැඳි වනිතාවගේ වික්‍රමය


16-2
එකිනෙක හා සම්බන්ධ කොට අලංකාර පින්තූරයක් මැවිය හැකි කුඩා කුඩා කොටස්වලින් සමන්විත ජිග්සෝ ප්‍රහේලිකාවන් බොහෝවිට සැලකෙනුයේ කුඩා ළමුන්ගේ විසිතුරු ක්‍රියාකාරකමක් ලෙස වුවද බ්‍රිස්ටල් නුවර වෙසෙන පනස් හැවිරිදි “ඇමැන්ඩා වොරිංටන්” ඉවසිලිවන්ත වූ මාස දාහතක කාලයක් දැවැන්ත ජිග්සෝ ප්‍රහේලිකාවක්් නිර්මාණය කිරීමට ගත කරද්දී නම් එවැන්නක් නොසිතුවාට සැක නැත. ය මිතුරු මිතුරියන් පවා ඇගේ මේ අපූරු ඇබ්බැහිය කෙරෙහි විස්මයෙන් ඇළලී යත්දී ඇමැන්ඩා ඇතැම් විට අළුයම තුන තෙක් අවදිව සිටිමින් කැබැලි විසිහතරදහකින් යුතු ජිග්සෝ ප්‍රහේලිකාවේ කොටස් මනා ඉවසීමකින් යුතුව එකින් එක සිය විසිත්ත කාමරයේ බිත්තියේ ඇලවූවාය. මේ සඳහා ඇය සිය විසිත්ත කාමරය තෝරා ගන්නා ලද්දේ අඩි 14*5 ප්‍රමාණයේ දැවැන්ත ප්‍රහේලිකාමය සිතුවම සකස් කළ හැකි අන්් ස්ථානයක් ඇගේ නිවසේ නුවූ නිසාය. ඹ්ඪටඥ - ඊඩඥ ට්පඥචබ ඛිඩචතතඥදඨඥ ලෙස හැඳින්වෙන මෙම දැවැන්ත ජිග්සෝ ප්‍රහේලිකාව මීට කලකට ඉහතදී එනම් 2007 දී පළමු වරට නිකුත් වන විට සැලකෙන ලද්දේ එය වාණිජමය වශයෙන් එවකට පැවැති විශාලතම ජිග්සෝ ප්‍රහේලිකාව ලෙසයි.

 රොයිස් බි. මැක්ලර් නමැති චිත්‍ර ශිල්පියා විසින් නිර්මාණය කරන ලද මෙම දැවැන්ත සිතුවම් ප්‍රහේලිකාව සකස්කොට ඇත්තේ ඔහු විසින් ඊට පෙර ඇඳී සිතුවම් කීපයක් එකට එක් කිරීමෙන් වන අතර, සිය ප්‍රහේලිකාවේ සංකීර්ණභාවය විස්තර කරමින් වරෙක ඔහු පවසා සිටින ලද්දේ ප්‍රහේලිකාවේ පහළ කොටසේ එක් කොණක් පමණක් සකස් කිරීම සඳහා නිර්මාණ ශිල්පීන් හාරසියයක් දායක වූ බවයි. සිවුපාවුන්, මුහුදු ජීවීන් සාගරයේ මෙන්ම සෞර ග්‍රහමණ්ඩලයේ ද විසිතුරු සිතුවම් රැගත් වර්ණවත් ජිග්සෝ ප්‍රහේලිකාව කොටස් කරන ලද කල එහි බර කිලෝ තුනක් පමණ වන බැව් කියැවේ. රැකියා හා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ පූර්ණකාලීන සේවයේ නිරතව සිටින ඇමැන්ඩා මනා ඉවසීමක් හා සංයමයක් අවශ්‍ය වන්නා වූ මෙම දැවැන්ත ව්‍යාපෘතිය නිම කිරීම සඳහා දවසකට සාමාන්‍යයෙන් පැයක කාලයක් වෙන් කර තිබුණද, දැවැන්ත සිතුවම ක්‍රම ක්‍රමයෙන් ඉතා ආකර්ෂණීය ලෙස සිය විසිත්ත කාමරයේ බිත්තියක් පුරා ව්‍යාප්තවත්දී ඒ කෙරෙහි දැඩිව බැඳුණු සිතින් යුතුව රාත්‍රිය පුරා නොනිදා එය නිම කිරීමට උත්සාහ දැරූ අවස්ථාද එමටය. සිතුවම් ප්‍රහේලිකාවන් කෙරෙහි ඇය දැක් වූ මෙම ඇබ්බැහිය ඇගේ මිතුරියන් පමණක් නොව පවු‍ලේ සාමාජිකාවන්ද විමතියට පත් කරලීය. මෙම දැවැන්ත ව්‍යාපෘතිය ඇරඹීමට පෙර ද ඇය විසින් විසඳා තිබුණු ජිග්සෝ ප්‍රහේලිකා සංඛ්‍යාව පනහද ඉක්මවයි. කෙසේවතුදු දෙවසරකට ඉහතදී දැඩි උදේ‍යා්ගයකින් යුතුව  අරඹන ලද ජිග්සෝ ප්‍රහේලිකා ව්‍යාපෘතිය මෙලෙස සාර්ථක ලෙස නිම වීම නිසා තමාට දැනෙන සාංකාවෙන් මිදීමට නම් අසීරු වනු ඇති බව ඇමැන්ඩාගේ විශ්වාසයයි.
16-1
ප්‍රියන්ති රුද්‍රිගු

0 comments:

Post a Comment