හලාවත මුන්නේශ්සරම වැලලූ බොදු උරුමය
හින්දු ආගමිකයින්ගේ පූජනීය වූ ශිව දෙවියන්ගේ අනසක පවතින කෝවිලක්
හැටියට පුද සැලකිලි ලබන එහෙත් ඔවුන්ට පමණක් සීමා නොවූ බෞද්ධයින් පවා වදින පුදන
තැනක් ලෙස හලාවත මුන්නේශ්වරම දේවාලය හදුන්වා දිය හැක. මේ මහා දේවලය පිහිටා ඇත්තේ
හලාවත නගරයේ සිට කිලෝ මිටර් 02 ක් පමණ කුරුණෑගල දෙසට
වන්නටය. සරුසාර කෙත්යායකින් හා හලාවත ප‍්‍රදේශයම සරු කිරීමට සමත් රජ දරුවන් තැනූ
මහා වැව් පද්ධතියකින් සෝභා සම්පණ්න වූ මනරම් වටපිටාවකය. හිනන්ගේ අදහස් අනුව මේ මහා
දේවාලයේ ඉතිහාසය රාම-රාවණා කාලය දක්වා දිව යයි. නමුත් මෙහි පවතින නිර්මාණ එතරම්
පැරණි නොවන බව පෙනේ.
මෑතකදී මෙහි කළ අනවසර කැණීමකදී දේවාලයට පිවිසෙන ප‍්‍රධාන
දොරටුව අභියසින් පුරාණ සදකඩ පහනක් මතු විය. මිට පෙර ද දේවාල භූමිය අභ්‍යන්තරයේ
පසෙකට දමා තිබූ මුරගල් යුගලයක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පැමිණ පරීක්ෂා කරන ලදුව මෙම
මුරගල් යුගලය අනුරාධපුර යුගයට අයත් කලා ලක්ෂණ වලට නෑකම් කියන මුරගල් යුගලයක් බව
තහවුරු කළහ. දේවාලයේ වර්තමාන පාලකයින්ගෙන් මේ පිළිබදව විමසීමේදී දැනට දශක 03 කට පමණ පෙර මෙම මුරගල් යුගලය
දේවාලයට පිවිසෙන ප‍්‍රධාන දොරටුව අභියස පැවති බවත් පසුව ඒවා ගලවා ඉවත් කළ බවත් එය
අසළ පැවති අර්ධ කවාකාර ගල් පුවරුවක් සිමෙන්ති දමා වසා දැමූ බවත් ඔවුන් පැවසීය.
මෙසේ මෙම අනවසර කැණීම් වලදී මතු වූයේ එම දශක 03 කට පමණ පෙර වසා දැමූ සදකඩ
පහනයි.
හින්දු දේවාලයක මුරගල් හා සදකඩ පහන් පවතින්නේ කෙසේද? මෙම දේවාලයට බෞද්ධ සබදතාවයක් ඇත්ද? යන ප‍්‍රශ්නය මේ ඔස්සේ ජනිත
වන දහසකුත් එකක් ප‍්‍රශ්න අතරින් කිහිපයකි. එයට පිළිතුර නම් ඔව් යන්නයි.
මුන්නේස්වරම දේවාලයේ දැනට පවතින භූමියේ අතීතයේ පැවතියේ බෞද්ධ විහාරයකි. එනම් මුලසෝ
වෙහෙර හෙවත් තුමුලසෝම පිරිවෙනයි. මෙහි ඉතිහාසය දේවානම්පියතිස්ස රාජ සමය දක්වා දිව
යයි.
දේවානම්පියතිස්ස රාජ්‍ය සමයේදී අනුරාධපුර විජයශ‍්‍රී ජය ශ‍්‍රී මහා
බෝධීන් වහන්සේ රෝපණය කිරීමේදී පැණ නැගි දෙතිස් ඵල රුහ බෝධීන් වහන්සේලාගේ එක් නමක්
මෙම භූමියේ රෝපණය කළ බව ජනප‍්‍රවාදයේ ස`දහන් වේ. අදටත් මුන්නේශ්වරම
දේවාලයට පිවිසෙන ප‍්‍රධාන දොරටුව ඉදිරිපිට මෙම පුරාණ බෝධීන් වහන්සේ වැඩ වෙසේ.
අතීතයේ මෙම ස්ථානයේ බුදු පිළිමද පැවති බව ප‍්‍රදේශයේ පැරැුණ්නන් පවසයි.
දේවානම්පියතිස්ස රාජ්‍ය යුගයේදී ආරම්භ වූ මෙම විහාරය මුලසෝ වෙහෙරයි. තුමුලසෝම
විහාරය, මුල්ආශ‍්‍රම විහාරය ආදී නම් වලින්ද මෙම විහාරය හැ`දින්වීණි. දැනට ව්‍යවහාර වන
මුන්නේශ්වරම යන නාමය මෙම බෞද්ධ මුල් ආශ‍්‍රමය එසේ නොමැති නම් මුලසෝ වෙහෙර යන
නාමයෙන් බිදී ආවෙකැයි සිතිය හැකිය. දේවානම්පියතිස්ස රාජ්‍ය සමයෙන් පසු රජ පැමිණ
සද්ධාතිස්ස රාජ්‍ය යුගයේ දී මෙම ස්ථානය තව දුරටත් දියුණු විය.
අනුරාධපුර යුගයෙන් පසු පැමිණි පොළොන්නරු යුගයේදීද ( 13 වන හා 14 වන සියවස් වලදී) ශ‍්‍රී
ලංකාව අවලෝකිතේශ්්වර නාථ නමැති ආරෝග්‍ය දෙවියන් වැඩ විසූ (බෝසතාණන් වහන්සේ) දිවයින
ලෙස ජාත්‍යන්තර කීර්තියක් ඉසිලීය. අතීතයේ හලාවත ද ප‍්‍රසිද්ධ නැව් තොටකි . නැව්
තොටවල් ආශ‍්‍රිතව වරායන්ගේ් පාලක දෙවියන් ලෙස නාථ දේවාල ඉදිවිය. මෙම යුගයේදී මෙම
මුලසෝ වෙහෙරට ද නාථ දෙවියන්ගේ බැල්ම වැටුණි. එනම් මුලසෝ වෙහෙරේ නාථ දේවාලයක්
ඉදිවීමයි. එකල ලංකාව යම් කිසි මට්ටමක මහායාන බුදුදහමේ බලපෑමකට ලක් වෙමින් පැවතුණි.
පොළොන්නරුවේ මහා පරාක‍්‍රමබාහු රජතුමා දැනට දේවාලය ඉදිරිපිට දක්නට ලැබෙන
මුන්නෙශ්වරම් මහ වැව ඉදි කළ බව ස`දහන් වේ. එතුමාණන්ගේ අනුග‍්‍රහය
ද මුලසෝ විහාරයට ලැබුණි.
ඉන් පසු පැමිණි දඹදෙනි යුගයේදී දඹදෙනි රාජධානියේ රජ කළ පණ්ඩිත
පැරකුම්බා රජතුමාගේ පුත‍්‍රයාට චර්ම රෝගයක් සෑදුනි. කුමන පිළියම් යෙදුවද සුව
කිරීමට නොහැකි විය. මේ අතරවාරයේ ලක් දිවට පැමිණ සිටි බමුණන් කීප දෙනෙකු ගේ මාර්ගයෙන්
රජතුමාට උපදෙසක් ලැබුණි. එනම් මුලසෝ විහාර, දේවාලයේ භාරයක් වන ලෙසයි.
රජතුමා ඔවුන් කැ`දවා දේවාලයේ යාගයක් පවා කරවීය. ආශ්චර්යයක් ලෙස රජතුමාගේ පුත‍්‍රයාගේ
රෝගය සුව විය. මෙම කරුණ සනාථ කරමින් අද පවා චර්ම රෝග උදෙසා මුන්නේස්සරම දේවාලයට
බාර හාර වීම් සිදු කරයි. රජතුමා මෙයට කළගුණ සැලකීමක් වශයෙන් දේවාලයේ පුද පූජා
පැවැත්වීම් බ‍්‍රාහ්මණයන්ට පැවරීය. හලාවත ප‍්‍රදේශයේ ඇති බ‍්‍රාහක්මණ
ද`ඵව ග‍්‍රාමය ඔවුන් ලද ගම් වරයකි. අද දක්වාම මුන්නේශ්සරම දේවලයේ
පූජා පැවැත්වීමේ අයිතිය පමණක් මොවුන්ට එසේ හිමි විය.
මෙසේ කෝට්ටේ යුගය වනතුරුම බලපෑම් මධ්‍යයේ වුවද මුලසෝ වෙහෙර නිරුපද්‍රිතව
පැවතුණි. කෝට්ෙටි රාජධානිය මුල් කරගෙන ලක් රජය මෙහෙය වූ 6 වන ශ‍්‍රී පරාක‍්‍රමබාහු
රජතුමා විසින් මෙම දේවාලයට ගම් බිම් පුද කළ බව වර්තමාන මුන්නේශ්සරම දේවාලය උතුරු
කෙළවරේ බිත්තියට සවි කොට ඇති ගල් සන්නසක සදහන් වේ. සංස්කෘතයෙන් ලියා ඇති එම ගල්
සන්නසේ මෙසේ සදහන් වේ. ”උත්තම ශ‍්‍රී සංඝබෝධි පරපුරෙන් පැවත එන සයවැනි ශ‍්‍රී
පරාක‍්‍රමබාහු නරේන්ද්‍රයන් රාජාභිෂේක ලත් තිස්වන අවුරුද්දේ බක් මස සදනැග එන දස වන
දිනයේදී ජයවර්ධනපුර කෝට්ටේ නගරයට ආරාධනා කරන ලදුව තම්පියර් නම් පූජකයන් අතුරින්
උගත් බ‍්‍රාහක්මණ පණ්ඩිතයා සම`ග සාකච්ජා කරනුයේ දේවාලය ගැන
ප‍්‍රශ්න කරන ලදුව කලින් පූජකයන්ට අයත්ව තිබූ මුන්නේස්සරම දිස්ති‍්‍රක්කයේ ඉඩම් ශ‍්‍රද්ධා නාමයෙන් දෙවියන්ගේ
ඉඩම් වශයෙන් පවරා දෙන ලදී. ඉලිදෙනියේ පිහිටි කුඹුරු අමුණු 30 ක් ද තික්කදායි අමුණු 8 ක්ද මීට යාව පිහිටි ජනාකීර්ණ
පෙදෙස් හා කැළෑ ඉඩම් ද උවමනායි නම් ප‍්‍රධාන පූජකයින්ට දෙන ලදී. දිනපතා පිදීම සදහා
සහල් එළව`ඵ සුව`ද වර්ග ඉර හද පවත්නා තෙක් පරම්පරාවට අයත් වන
පරිද්දෙන් පවරා දෙන ලදී. යමෙක් මෙම ඉඩම් වලට අනතුරක් කරන්නේ නම් හේ පංචමහා කර්මයට
හසුවන්නේය. මේ කැළෑ රක්නා තැනැත්තෙක් දේවාශිර්වාද ලබන්නෝය. පරාක‍්‍රම බාහු රජතුමා
විසින් ඥානයට සාගරයක් බදු අනේක විද දෙවිවරුන්ගේ ස්වාමි වූ මුන්නේස්සරම දෙවි උතුමන්
වෙනුවෙන් මේ නියෝගය පනවන ලදී.”යනුවෙනි.
කෝට්ටේ යුගයේදී ඉරුගල් පරිවේනාධිපතිගේ කෝකිල සන්දේශය ද
මෙම මුන්නේශ්සරම් දේවාලය ගැන සදහන් ව තිබේ. එයින් පවා පැහැදිලි වන්නේ
එවකට මෙම විහාරයේ දෙවොල දියුණුවෙන් හා ප‍්‍රසිද්ධියෙන් යුක්ත වුවක් බවයි.
පෑල දිගු වෙනුර සරහන කොතබු මිණි ලෙසින්
දිලි රිවි බිඩු බබළන වෙසෙස සහ
රසින්
දළ ස`ද පිහිටි මුන්නේස්සරම දැක
තොසින්
ලෙළතුබු තුරෙක වැ`ද සැතපෙව සිතු
විලසින්
යනුවෙනි. කෝකිල සන්දේශයේ ද මෙම දේවාලය ගැන ස`දහන් වේ. කෝට්ටේ 8 වන වීර පරාක‍්‍රම බාහු රජ
දවස හලාවත මාදම්පේ ප‍්‍රදේශය පාලනය කළ තනියවල්ලභ රජු ද මෙම දේවාලයට ගම් බිම් පුද
කළ බව ද මෙම රාජ්‍ය යුගයේදී ම සිදු වූ මුක්කර හටනේදී
රජුගේ සහයට පැමිණි උඩුගම්පල සිටි සොහොයුරු සකල කලා වල්ලභ ප‍්‍රාදේශීිය රජුද සටන
නිම වී යළි ගම් බිම් බලා යන අතර තුරදී මුන්නේශසරම දේවාලය කෙරෙහි පැහැදී ගම් බිම්
පුද කළ බවද පැවසේ. 1505 දී ලක් දිවට පැමිණි පෘතුගීසි න් 1597 දී හලාවත අල්ලා ගැනීමෙන් පසු
1605 ඔක්තෝම්බර් 22 මුන්නේශ්සරම විහාරය හා
පිරිවෙන (තුමුලසෝම) විනාශ කොට දේවාලය දේපළ කොල්ලකෑ අතර දේවාලයට අයත් ගම්බිම් 64 ක් ද කොල්ල කන ලදී. එයින්
නොනැවතුන ඔවුන් දේවාලය පිහිටි තැන ඔවුන්ගේ දේවස්ථානයක් ඉදි කළහ. දේවාලයේ වස්තුව හා
කොල්ලකෑ ගම් 64 හලාවත ජේසු නිකායේ පූජකයින්ට පැවරීය. දේවාලයට අයත් ගම් 64 ප‍්‍රධාන වූයේ දේවාලය පිහිටි
මුන්නේශ්සරමටයි. නැගෙනහිරින් සේනා නම් දේවමැදි කෝරළය කුසල නම් ගම ද දකුණින්
සිරතලබෝ නම් වැවද මීට මැදි වූ බව සදහන් වේ. පෘතුග‍්‍රීසි යුගය වන විට දේවාලයට අයත්
ගම් 64 සිට 106 දක්වා වර්ධනය විය. 1617 නිකපිටිය බණ්ඩාරගේ පිරිස්
විසින් මෙහෙය වන ලද කැරලිකාර පිරිස දේවාලය කඩා ඒ මත සාදන ලද පල්ලිය විනාශ කරන ලදී.
නමුත් ටික කලක නිහැඩියාවෙන් පසු යළිත් ඔවුන් තම දේවස්ථානය ඉදිකරන්නට විය. නමුත්
මෙවරද උඩරට රාජධානිය නායක්කාර වංශික විජය රාජසිංහ රජුතුමා 1745 දී යළි එම පල්ලිය විනාශ
කරවීය. රජු විසින් මුන්නේශ්සරම දේවාලය යළි ඉදිකරනු ලැබීය. අද දක්නට ලැබෙන්නේ හින්දු ආභාෂයක් පැවති මෙම රජු
විසින් ගොඩනැගූ දේවාලයයි. මෙහිදී පල්ලව ගෘහ නිර්මාණ ශිල්පය ගෙඩිගෙය සම්ප‍්‍රදායෙන්
නව දෙව් මැ`දුර ඉදිවිය. අද දක්නට ලැබෙන හින්දු ගෘහනිර්මාණ ශිල්පීය ලක්ෂණ වලට
මූලික අඩිතාලම වැටුණේ එපරිදිය. ඉන් පසුව මහනුවර රජ පැමිණි කීර්ති ශ‍්‍රී රාජසිංහ, ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ
රජතුමන්ලා විසින් දේවාලයේ උන්නතිය උදෙසා කටයුතු යෙදීය. ක‍්‍රි.ව. 1755 රජ පැමිණි කීර්ති ශ‍්‍රී
රාජසිංහ රජතුමා විසින් දේවාලයේ මහා ප‍්‍රතිසංස්කරණයක් සිදු කර වීය.
අතීතයේ මුලසෝ විහාර වර්ණාව නම් පද්‍ය සංග‍්‍රහයක් තිබී ඇති අතර එහි
ඇති එක් පදයක මෙසේ සදහන් වේ.
බුද්ධ රත්නයේ වැඩ හි`දිනා නිවන්
පුරෙන්
ධම්ම ධාතු වැඩියා වජිරා පව්වෙන්
නිවන් මගට මග පෑ මහ නුවන් තොටින්
මුලසෝමෙට එති රොඩියෝ දැදුරු
තොටින්
මෙම පද්‍යයේ සදහන් ධම්ම ධාතු වැඩම කිරීම සිදු වූයේ අනුරාධපුර යුගයේ
ශිලා කාල රජු දවසය. මෙම ධම්ම ධාතු මුල් වරට වැඩම කෙරුවේ මුලසෝ වෙහෙරටද? මෙසේ වරින් වර හැල හැප්පීම්
මැද මුලසෝ විහාරය වෙනස් විය. මෙහි ඇති බෞද්ධ උරුමය සියැසින් දුටු පුද්ගලයින් අද
පවා මෙහි වෙසේ. මෙහි අද දක්නට ලැබෙන හින්දු ගෘහ නිර්මාණයේ මෑතකදී නිර්මාණය වූ
ඒවාය. එම නිර්මාණයන් අවුරුදු 100 කට වඩා අඩු ඉතිහාසයකට නෑකම්
කියන නිර්මාණයන්ය. 1988 ගරු හිටපු ජනාධිපති රණසිංහ පේ‍්‍රමදාස මැතිතුමා ආණමඩුව ගම් උදාව
පැවති අවධියේ මුන්නේශ්සරම දේවාලයද අවට සංවර්ධනය කොට අවට ප‍්‍රදේශය පූජා භූමියක්
බවට පත් කරවීය. මේ යටතේ පැරණි පොකුණ ප‍්‍රතිසංස්කරණය බෝධීන් වහන්සේට රන් වැටක් ඉදි
කිරිම හා පැරණි නටබුන් මතු කර ගැනීම ආදී වැඩ පිළිවෙළක් ක‍්‍රියාත්මක කිරිම සැලසුම්
විය. මේ දක්වා එම සැලසුම ක‍්‍රියාත්මක නොවන අතර මෙම පූජා භූමිය වැඩ
පිළිවෙළ හෝ බෞද්ධ උරුමය නොතකා වර්තමාන පාලන අධිකාරිය විසින් අනවසර ඉදිකිරීම්
ඉදිකෙරෙමින් පවතී.
2009.01.25 වන දින ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත‍්‍රයේ
106 පිටුව 47 වන වගන්තියට අනුව ”වයඹ පළාතේ පුත්තලම දිස්ති‍්‍රක්කයේ
හලාවත ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශය අංක 568 මුන්නේශ්සරම ග‍්‍රාම නිලධාරි
වසමේ පිහිටි මුන්නේශ්සරම් ශිව දේවල භූමියට අයත් ගර්භ ගුහය, අන්තරාලය, මණ්ඩපය සහිත ශිව දේවාල
ගොඩනැගිල්ල ගෝපුරය සහිත ශිව දේවාලය වට වූ ප‍්‍රකාරය, පැරණි ළි`ද, පුරාවිද්‍යා වටිනාකම් සහිත පැරණි පොකුණ”
යන වගන්තිය උල්ලංඝනය කරමින් පුරාවිද්‍යාත්මක වටිනාකම් සහිත භූමිය
අනවසර ඉදි කිරිම් කිරිමට සූදානම් වූ මොහොතක වැලලූණ බොදු උරුමය සදකඩ පහනක් ම`ගින් මතු විය. මෙම සදකඩ පහන
පමණක් නොව මෙම භූමයේ තවදුරටත් ගවේෂණ කටයුතු සිදුකළහොත් තවත් බොදු උරුමය මතු වනු
ඇත. ඉතිහාසයේ කුමක් කෙසේ සිදු වුවද වැදගත් වනුයේ ඉතිරිව ඇති එම උරුමයන් රැුක අනාගත
පරපුරට දායාද කිරීමයි. සැමදෙනා පිළිගත යුත්තේ මෙම භූමියට බෞද්ධ උරුමයක් ද පවතින
බවයි. නමුත් ඔවුන් කලබල විය යුතු නැත. මක් නිසාද යත් ඉන්දියාවේ අයෝධ්‍යාවේ
මුස්ලිම් පල්ලියක් අරභයා මුස්ලිම් හා හින්දුන් අතර ඇති වූ ගැටුමක් මෙන්
ගැටුමක් බෞද්ධයින් හිනදුන් හෝ වෙනයම් ආගමික කණ්ඩායමක් සම`ග මේ අරබයා ගැටුම් ඇති නොවන
බවයි. බෞද්ධයන් කිසි දා අන්‍යආගමික ස්ථාන මත තම ආගමික ස්ථාන ඉදි කර නොමැත. එය
බෞද්ධයින් බුදු දහම තුළින් ලැබූ බෞද්ධ ශික්ෂණයයි. බෞද්ධයින් වශයෙන් අප ඉල්ලා සිටින්නේ
අපට සාධාරණයක් පමණි.
- හලාවත ඬේවිඞ් ගයාන් ඉන්දික
0 comments:
Post a Comment