Feb 3, 2013

බොදු බල සේනා අරලියගහ මන්දිරයේ.


බොදු බල සේනා අරලියගහ මන්දිරයේ.
අන්‍යාගම් වෙතින් බුද්ධාගමට එල්ලවී ඇති තර්ජන සම්බන්ධයෙන් බොදු බල සේනා සංවිධානය කාලයක් පුරා ටරේ ජනතාව දැනුවත් කරමින්,  ඊට එරෙහිව කටයුතු කල සංවිධානයක් විය . රටේ පිළිගත් ගිහි පැවිදි පිරිස් මෙම සංවිධානයක හරහා බුද්ධාගම ආරක්ෂා කිරීම සඳහා මුලිකත්වය ගෙන තිබු බැවින් කෙටි කාලයක් තුල මහජනතාවගේ අවධානය දිනා ගැනීමට එම පිරිස සමත්කම් දක්වා තිබුණහ . වරෙක ඉතාමත් ආන්දෝලානාත්මක ප්‍රකාශ මෙන්ම ඒ හා සමාන ක්‍රියාකාරකම් කර තිබු හෙයින් පසුගිය සතියේ ජනාධිපති ලේකම්  කාර්යාලයෙන් එම සංවිධානයේ ස්වාමින් වහන්සේලාට පණිවුඩයක් ලැබුණු අතර, ඉන් කියවුනේ ඉරිදා දිනයේදී ජනාධිපතිවරයා එම සංවිධානයේ පිරිස මුණගැසී සාකච්චා කිරීමට සුදානමින් සිටින බවයි.

ඒ අනුව පසුගිය ඉරිදා බොදු බල සේනා සංවිධානයේ හිමිවරු ඇතුළු ගිහි පැවිදි පිරිස් අරලියගහ මන්දිරයට පැමිණියේ පෙරවරු 10.45ට පමණය. කිරම විමලජෝති ,විතාරන්දෙණියේ නන්ද, ගලගොඩ ඇත්තේ ඥනසාර යන හිමිවරුද, දිලන්ත විතානගේද එම පිරිසට අයත්වුහ . මෙම පිරිස සමග දිගු සාකච්චාවක නිරත වීමට ජනාධිපතිවරයාට තිබු අවශ්‍යතාව නිසාම පළමුව උන්වහන්සේලාට දානය පිරිනැමීම ජනාධිපතිවරයා අතින් සිදුවිය.

ආණ්ඩුව නියෝජනය කරමින් ජනාධිපතිවරයාට අමතරව බැසිල්,සුසිල්,දිනේෂ්,එම්.කේ.ඩි.එස්. ගුණවර්ධන,උදය ගම්මන්පිල යන ඇමැතිවරුද, ලලිත් වීරතුංග, ගාමිණි සෙනරත්, ආගමික කටයුතු ලේකම්,පොලිස්පතිවරයා ඇතුළු පිරිසක්ද සහභාගී වී සිටියහ . සාකච්චාව ආරම්භයේදීම බලු බැල්මට පෙනෙන්නට තිබු කරුණක් වුයේ ආගමික අන්තවාදය, ත්‍රස්තවාදී මුලධර්ම ක්‍රියා හා ඒවා තහවුරු කිරීමට අවශ්‍ය  සාධක සියල්ලෙන් සන්නද්ධව ස්වාමින් වහන්සේලා වැඩම කර සිටි බවයි . ඒ බව පසක් කරමින් පළමුව අදහස් දැක්වූ ගලගොඩ ඇත්තේ ඥනසාර හිමියෝ බුද්ධාගම ආරක්ෂා කිරීම සඳහා සිය සංවිධානය ඉදිරිපත් කරන යෝජනා ආදිය පැහැදිලිව ඉදිරිපත් කරමින් බෞදද්ධයන්ට මුහුණ පෑමට සිදුව ඇති අභියෝග පිලිබඳව පුර්ණ විස්තරයක් ඉදිරිපත් කළහ.

ජනපති හදිසියේ හඩ්සන් කැඳවයි.
“ඔය යෝජනා වලට නම් මගේ විරුද්ධත්වයක් නැහැ. බුද්ධාගම රැකගැනීම හොඳ වැඩක්. හැබැයි ප්‍රචණ්ඩ ක්‍රියාවලටයි, වෙනත් ආගම් වලට අපහාස කරන එකටයි මම විරුද්ධයි. දැන් බලන්න අර කුලියාපිටියේ තිබ්බ උද්ඝෝෂණයකදී මම දැක්ක එක ස්වාමින් වහන්සේ නමක් අල්ලා දෙවියන්ට අපහාස වෙන ආකාරයේ බෝඩ් එකක් උස්සාගෙන ඉන්නවා. ඒ වගේ දේවල් මම අනුමත කරන්නේ නැහැ . බුද්ධාගම ආරක්ෂා පෙනී හිටියට කමක් නැහැ . හැබැයි අනවශ්‍ය ගැටුම් හදාගන්න මුස්ලිම් ආගමට අපහාස කරන්න යන්න එපා...” යනුවෙන් කි ජනාධිපතිවරයා ඉන් ඇතිවිය හැකි අනිටු ප්‍රතිපලයක් ගැනද අනතුරු ඇඟවීමක් කළේය.

“ දැන් එන මාර්තුවල ජිනීවාවල එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මන්ද්හල රැස්වීම පටන්ගන්නවා. මේ පාරත් ලංකාව ගැන යෝජනාවක් ඉදිරිපත් කරන්න ඇමෙරිකාව බලාගෙන ඉන්නවා. හැම පාරම අපිට මේ ප්‍රශ්නේ එද්දී බටහිර රටවල් අපිට විරුද්ධ වෙද්දී අපි වෙනුවෙන් මුස්ලිම් රටවල් පෙනී සිටිය. ඒ නිසා අනවශ්‍ය මුස්ලිම් විරෝධයක් මතු කරන්න යන්න එපා...” යනුවෙන් ජනාධිපතිවරයා එල්ලිමක්ද එහිදී කළේය .
එවිට ඥනසාර හිමියන් සඳහන් කලේ තම සංවිධානයේ නම පාවිච්චි කරමින් කටයුතු කරන කණ්ඩායම් රට පුරා බිහිවී ඇති බවකි.
“මුස්ලිම්වරුන්ගේ සමහර වැඩවලින් අපට හොඳටම රිදිලයි ඉන්නේ. හැබැයි ආගමික නායකයකුට ඒ වගේ අපහාස කළා අන්තිමේදී අපහාස වෙන්නේ අපිටමයි” යනුවෙන් කිවේ ගම්මන්පිලයි.
ඊට පිළිතුරු දුන්නේ  කිරම විමලජෝති හිමියන්ය.
“අපිත් ඒ සිදුවීම් හෙලා දකිනවා. අපේ සංවිධානයේ නමින් වෙනත් වෙනත් කණ්ඩායම් ක්‍රියාත්මක වෙනවා කියලා අපිටත් තොරතුරු ලැබිලා තියනවා. අපි මේ ගැන ඉදිරියේදී ප්‍රවෘත්ති සාකච්චාවක් තියලා රට දැනුවත් කරන්න කටයුතු කරනවා.. “ යන්න උන්වහන්සේගේ පිළිතුර විය.

දෙපැත්තෙන් ප්‍රශ්න පිට ප්‍රශ්න
ඉන් අනතුරුව ඥනසාර හිමියන් බරපතල  චෝදනාවක් එල්ල කරමින් කියා සිටියේ ශ්‍රී ලංකා ගුවන් විදිලි සංස්ථාව සිය සේවය ඔස්සේ උදෑසන 8 සිට සවස 5 දක්වා “වහාබි” මතවාදය පමණක් ප්‍රචාරය කිරීමට කටයුතු කරමින් සිටින බවකි. ඥනසාර හිමියයන්ගේ මේ කතාවේ ඇත්ත නැත්ත තහවුරු කරගැනීමට ජනාධිපතිවරයා කලේ ඒ අවස්ථාවේම ගුවන් විදුලි සංස්ථාවේ සභාපති හඩ්සන් සමරසිංහට දුරකථන ඇමතුමක් දී වහාම පැමිණ තමා හමුවන ලෙසට දැනුම් දීමයි. හැරෙන තැපෑලෙන් හඩ්සන් එහි පැමිණි අතර, ජනාධිපතිවරයා ඒ පිලිබඳ විමසද්දී හඩ්සන්ද  කිවේ එය සත්‍යක් බවකි. තමන්ද එය නැවත්වීමට උත්සාහ කල අවස්ථාවකදී මාලිගාවත්තේ පිරිසක් පෙළපාලියකින් පැමිණ ඊට විරෝධය පල කරන්නට කටයුතු කල බවද හඩ්සන් කීය . එවිට ජනාධිපතිවරයා කියා සිටියේ එසේනම් සියලු ආගම්වලට එක හා සමාන ආකාරයේ ප්‍රචාරයක් ලබා දීමට කටයුතු කරන ලෙසත්, එක ආගමකට පමණක් විශේෂ සැලකීමක් සිදු කිරීමට කටයුතු නොකරන ලෙසත්ය.
ඉන් අනතුරුව බොදු බල සේනාවෙන් තවත් කරුණක් ඉස්මතු කෙරිණි. ඒ විවිධ පාර්ශවයන්ගේ මැදිහත් වීම මත සිදුකෙරෙන නීති විරෝධී වන්ධ්‍යාකරණයක් පිලිබඳවය. ඊටද වහාම ක්‍රියාත්මක වූ ජනාධිපතිවරයා ඒ පිලිබඳ විමසීමට දුරකතනයට සම්බන්ධ කර ගත්තේ සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයාය. ඔහුට කරුණු පැහැදිලි කල ජනාධිපතිවරයා රට පුරා සිදුකෙරෙන අවිධිමත් ගබ්සාවන් පිලිබඳ වහාම සොයා බලා ඊට අවශ්‍ය පිළියම් යොදන ලෙසට සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයාට නියෝගයක්ද කළේය.

පසුව ප්‍රශ්න කිරීම ආරම්භ වුයේ ජනාධිපතරයාගෙනි. පළමුව ඉදිරිපත් වුයේ චෝදනාවකි.
“ අයි ඔබ වහන්සේ මහ නායක හාමුදුරුවන්ව ප්‍රසිද්ධියේ විවේචනය කරන්නේ මම කීප අවස්තාවකදීම දැක්ක ඔබ වහන්සේ මහා නායක හාමුදුරුවන්ව තදින් විවේචනය කරනවා. එහෙම කරනන් එපා. එක හරි නැහැ ..” යනුවෙන් ජනාධිපතිවරයා කියද්දී ඥනසාර හිමි කිවේ රටේ මහානායක ස්වාමින් වහන්සේ නිගරුවට පත් කිරීමේ කිසිදු වෑයමක් තමන් වහන්සේට නොමැති බවකි.
“රටේ මහනායක හිමිවරුන් අපහසුතාවට පත් කරන්න අපි මොනවත් කියන්නේ නැහැ. හැබැයි බුද්ධාගමට මේ තරම් තර්ජන එල්ල වෙද්දී උන්වහන්සේලා මොකුත් නොකර මොකුත් නොකියා ඉන්නවානම් අපිට කියන්න වෙනවා උන්වහන්සේ බුදියගෙන ඉන්නවා කියලා . උන්වහන්ස්සේ මේකට එරෙහි වෙලා නැගිටලා ප්‍රකාශ නිකුත් කරනවානම් අපි එහෙම කියන්නේ නැහැ .. “
“එතකොට මොකක්ද මේ බුද්ධා බාර් කියන්නේ .. “ යනුවෙන් ජනාධිපතිවරයා තවත් පැනයක් ස්වාමින් වහන්සේගෙන් විමසා සිටියේය. ඒ සම්බන්ධ සියලු තොරතුරැ ජනාධිපතිවරයාට ලබාදීමෙන් අනතුරුව ජනාධිපතිවරයා වහාම කලේ සංචාරක ආයතනයේ ප්‍රධානියෙකුට දුරකථන ඇමතුමක් ලබා දී මෙය බෞද්ධ රටක් බවත්, මින් ඉදිරියට එවැනි කටයුතු සිදුකිරීමට ඉඩ නොතැබිය යුතු බවත් අවධාරණය කර සිටීමය.

යෝජනාව මරු: ගෙදර අයගෙන් තමයි ප්‍රශ්නෙ
මේ ආකාරයට පය තුනකට ආසන්න කාලයක් පුරා ආදී ගිය සාකච්චාව අවසන් වුයේ ජනාධිපතිවරයා ගලගොඩ ඇත්තේ ඥනසාර හිමියන් කර තිබු ආන්දෝලාත්මක පුවතක් පිලිබඳ කල අපුරු සඳහනකිනි . මුස්ලිම් ජාතිකයන්ට බහු විවාහයට අවසර දී ඇතිවාක් මෙන්ම සිංහල බෞද්ධයන්ටද විවාහ පහක් කරගැනීමට අවසර ලබා දිය යුතු බව ඥනසාර හිමියෝ ප්‍රවෘත්ති සාකච්චාවකදී අවධාරණය කර සිටියහ. ඒ බව දිනපතා ‘මව්බිම’ පුවත්පත් සිය මුල් පුවත් මගින්ම අනාවරණය කර සිටියේය. මේ බව මතක් කරමින් ජනාධිපතිවරයා “ ඔබ වහන්සේ හොඳ යෝජනාවක් කරලා තියනව . මම පත්තරේ දක්ක්කා . යෝජනාව නම් හොඳයි හාමුදුරුවනේ . එත් ඉතින් ගෙදර ගෑනු කැමති වෙන එකක් නම් නැහැ...” යයි කියද්දී සියල්ලන්ටම සිනා නොවී සිටිය නොහැකි විය.

(උපුටාගැනීම 03/02/2013 ඉරිදා මව්බිම පුවත්පතේ කපිල පුංචිමාන්නගේ ලියන ලද  කැබිනට් එක නම් ලිපියෙනි. )

2 comments:

  1. බාමියන් පිළිම වගේම අවුකන,‍රැස් වෙහෙර,මාලිගාවිල පිළිමත් වනසාවි, මම ඒ ගැන කතා නොකරමි. මට නිවන් දැකීමට පිළිම වුවමනා නැති නිසාය.

    උන් හෙට දීඝවාපිය,පල්ලේකඩුව,පොතුවිල්,කුරගල වගේම මගේ ගමේ පන්සලත් වනසාවි.මම ඒ ගැන කතා නොකරමි. මක් නිසාද යත්, මට අසපු මිස ගමේ පන්සල ඕනෑ නැති නිසාය.

    ඔවුන් හෙට මගේ මවටත් සොහොයුරියටත්,මිතුරියටත්,මගේ බිරිදටත්,මගේ දියණියන්ටත් කළු රෙදි අදින්නට බල කරාවි, ළමා සාරිය ඔසරිය විතරක් නොවේ දහම් පාසල, විශ්වවිද්‍යාලය ඇයට තහනම් වේවි.

    ඒ විතරක් නෙවෙයි දුප්පත් පොහොසත් බේදය අනූව ඇයට මිලකුත් නියම කරාවි. අපේ රටේ අපි අතපල්ලෙන් වැ‍ටුණවුන් බවට පත් කරාවි.

    එතකොට කවුරුවත් මම ගැන කතා කරයිද? මම ගැන කතා කරන්නට කවුරුවත් ඉතුරු වෙලා ඉදීද? හිටියත් මම ගැන කතා කරන්න උවමනාවක් තියේවිද? මොකටද මට මං ගැන නැති අමාරුවක් වෙන කාටවත් කොයින්ද? මම නිකමටවත් අපේ හෙට දවසේ අවදානම ගැන කතා කරනවාද? මම තවමත් ඒ ගැන කතා නොකරමි. මට හිතන්නට මොළයක් නැති නිසාද? මට ඒ ගැන හිතන්නට වෙලාවක් නැති නිසාද? මම මගේ ජාතියේ සංස්කෘතියේ වටිනාකම නොදන්න නිසාද? මට ඒ ගැන හැගීමක් නැති නිසාද? සරලව කියනවනම් මම ජාතියක් ජම්මයක් නැති එකෙක් නිසාද? නැහැ මම මගේ මොළය හෝදාගෙන ඉන්න නිසා. මම දිරව ගන්න බැරි ලණු ගිලල ඉන්න නිසා...නැහැ ඒ එකක්වත් හින්ද නෙවෙයි..උඹල උඹලගේ සතුරන් මිතුරන් හදුනන්නෙ නැති නිසා.

    උඹල උඹලගෙ මොළ හෝදගෙන ඉන්න හින්දා. උඹල උඹලගෙ ජාතිය,සංස්කෘතිය,ආගම එක්ක වෛර බැදගත්තු උන් දෙන ළණු තවම ගිලින හින්දා. උඹලට තවම කල් තියෙනවා හිතපල්ල, කතා කරපල්ල, කොන්ද කෙලින් තියල දෙපයින් හිට ගනිල්ලා, සිංහලකම, බෞද්ධකම හිතට ගනිල්ල, එතකොට උඹලාට දිනන්න පුළුවන්, සිංහලයෝ කවදාවත් පැරදුනේ නෑ

    ReplyDelete
  2. මුස්ලිම් විරෝධී ජාතිවාදීන්ගේ අඬු කඩනවා --එස් බී දිසානායක
    මුස්ලිම් විරෝධී ජාතිවාදීන්ගේ අඬු කඩනවා
    --එස් බී දිසානායක
    ubala thama nidida sinhalayani

    ReplyDelete