Jun 23, 2013

සිනහවෙන් මරණය වැළඳගත්තෝ

6-2තමා ඇසූ හෝ දුටු හාස්‍යජනක සිද්ධියක් ගැන විස්තර කරන යමෙකු “මට හිනාවෙලා පණ ගියා” යි කියනු අපි කොතෙකුත්  අසා ඇත්තෙමු. එහෙත් සැබෑවටම හිනාව නිසා යමෙකු මිය යා හැකි බව ඔබ දැන නොසිටින්නට ඇත. හෘද රෝගී තත්ත්වයක් නිසා හෝ වෙනයම් තත්ත්වයක් හේතුකොට ගෙන, නවත්වා ගත නොහැකි හිනාවක් මැද දී මෙලොව හැර ගිය පුද්ගලයින් පිළිබඳ ඈත අතීතයේ සිටම වරින් වර අපට අසන්නට ලැබේ. කැල්කස් (calchas) යනු ටේ‍රා්ජන් යුද සමයේ විසූ ග්‍රීක අනාවැකි කියන්නෙකි. දිනක් මිදි පැළ වගයක් සිටුවමින් සිටි කැල්කස් අසලට පැමිණි තවත් අනාවැකි කියන්නෙක් “ඔබට කිසි දිනක ඔය මිදිවලින් පෙරාගන්නා මිදි යුෂ පානය කිරීමට නොලැබෙන්නේය” යි අනාවැකියක් පළ කළේය. මිදි වගාවෙන් අස්වනු නෙළා ඒවායින් වයින් පෙරාගත්  කැල්කස් තමාට අනාවැකි පළ කළ අනෙක් ශාස්ත්‍රකරුවාටද ඔහු හා මිදි යුෂ පානයට ආරාධනා කළේ ඔහුගේ අනාවැකිය වැරදි බව ඔප්පු කිරීමටය. වයින් පානය ඇරඹීමට මිදි යුෂ පුරවාගත් වීදුරුව අතදරා සිටින කැල්කස්  දෙස බලා අනෙක් අනාවැකිකරුවා නැවතත් පෙර කී අනාවැකියම පැවසුවේය. මෙය ඇසූ කැල්කස්ට හිනාව නවතාගත නොහැකි විය . නවතා ගත නුහුනු හිනාව මැදදී හුස්ම හිර වී කැල්කස් මිය ගියේය.
සියුසීස් (ලඥභයඪඵ) යනු බු.ව. 5 වන සියවසේ විසූ ග්‍රීක චිත්‍ර ශිල්පියෙකි. ඔහු විසින් සිතුවමට නගන ලද මැහැල්ලකගේ චිත්‍රය දෙස බැලූ ඔහුට තමාගේම චිත්‍රය දැක මහත්සේ සිනා පහළ විය. සිනහව මැදදී හුස්ම ගැනීමට  අපහසු වූ ඔහු එයින්ම මිය ගියේය.
ක්‍රයිසිපස් (ජඩපරඵඪනනභඵ) යනු බුද්ධ වර්ෂ 3 වන සියවසේ විසූ ග්‍රීක දර්ශනවාදියෙකි. ඔහු වරක් බූරුවකු සමග මිදි යුෂ පානය කළේය. මිදි යුෂ බි මත් වූ  බූරුවා පලතුරු  ගෙඩි කෑමට උත්සාහ ගන්නා ආකාරය දුටු ක්‍රයිසිපස්ට සිනාව නවතා ගත නොහැකි විය. සිනාව මැදදී ඇතිවූ හදිසි සිහි මුර්ඡාව කින් පසු ඔහු මිය ගියේය.
හාසේ‍යාත්පාදක නාට්‍ය ලියූ ග්‍රීක ජාතික පිලෙමොන් ඔහුගේම විහිළුවකට කොතරම් තදින් සිනහවීද යත් සිනහව මැදදී ඔහු මිය ගියේය.
නව ශෘංගාර කාව්‍ය රචනයේ නිර්මාතෘ වූ ඉතාලි ජාතික ග්‍රන්ථ රචක පියෙතේ‍රා්  ඇරිටිනෝ (නඪඥබපධ ඒපඥබඪදධ) ට ඔහුගේ සොහොයුරිය විසින් පවසන ලද එක් නොසරුප් විහිළු කතාවක් අසා කොතරම් තදින් සිනහ පහල වීද යත් ඔහු වාඩි වී  සිටි පුටුවේ පසුපසට වැටීමෙන් ස්නායුවල ආබාධයක් ඇති වී මිය ගියේය.
එමෙන්ම 1660 දී ස්කොට්ලන්ත ජාතික කතුවරයෙකු වූ ශ්‍රීමත් තෝමස් අර්ක්හාට් දෙවන චාල්ස් රජු නැවත
සිහසුනට පත් වූයේ
යැයි අසා හටගත් සිනහව නවතාගත නොහී එයින්ම මිය ගිය බව සඳහන් වේ.
එංගලන්තයේ විසූ
ෆිට්ස් බර්ට් කාන්තාවක් 1782 දී ඩ්රූරි ‍ලේන් රඟහ‍ලේ රඟ දැක්වූ ද ‘බෙගස් ඔපෙරා’ නම් ඔපෙරාවක් නැරඹීමට ගියාය. එවකට ජනප්‍රිය නළුවෙකුව සිටි බැනිස්ටර් ‘‍පොලී’ චරිතයට පණ ‍පොවමින්  වේදිකාවට අවතීර්ණ  වනවාත් සමගම මුළු ප්‍රේක්ෂකාගාරයම සිනා සයුරක ගිලුණි. ෆිට්සර්බර්ට් නම් කාන්තාව සිනාව නවතා ගත නොහී , ඔපෙරාව අවසන් වීමටත් පෙරම ශාලාවෙන් පිට වූවාය. ඊට පසු එළඹි සතියේ පළවූ “ජෙන්ට්ල්මන්ස් මැගසින්” නම් සඟරාවේ පළ වී තිබුණේ, ‍පොලී ලෙස වෙස් ගෙන වේදිකාවට එළඹි බැනිස්ටර්ගේ ස්වරූපය සිය මනසින්  ඉවත්කර ගැනීමට නොහැකි වූ හිට්සබර්ට් මහත්මියට ඊළඟ සිකුරාදා දින ඇය මිය යන තුරුම සිනහව නවතාගත නොහැකිවූ බවයි.
 
6-11975 දී ඉංග්‍රීසි ජාතික ඇලෙක්ස් මයිකල් හා ඔහුගේ බිරිඳ ඔවුන්ගේ ජනප්‍රියතම ටෙලි වෘත්තාන්තය වන ද ගුඩීස් (ඊඩඥ ට්ධධඤඪඥඵ) නරඹමින් සිටියේය. එහි ආ එක් දර්ශනයක , කෙටි සායක් ඇඳි ස්කොට් ජාතිකයෙකු, බියකරු පෙනුමක් ඇති කළු පැහැ පුඩිමකට තම සංගීත භාණ්ඩයෙන් පහර දෙන දර්ශනය නැරඹීමේ දී මයිකල්ට සිනාව නවතා ගත නොහැකි විය. අවසානයේ අධික වෙහෙස නිසා හෘදය අකර්මණ්‍ය වී ඔහු මිය ගියේය. ඔහුගේ බිරිඳ “ද ගුඩීස්” නිෂ්පාදකයින් වෙත ලිපියක්  යවමින් ඇගේ සැමියාගේ  අවසන් මොහොත  ඉතා ප්‍රීතිමත් එකක් බවට පත් කිරීම සම්බන්ධයෙන් ඔවුනට ස්තූතිය පුද කළාය.
1989 දී ඩෙන්මාක් ජාතික ශ්‍රව්‍යාබාධ විශේෂඥයෙකු වූ ඔ‍ලේ බෙන්ට්සන් “වැන්ඩා නම් මාළුවා” නමැති  චිත්‍රපටය නරඹමින් සිටියේය. එහි ජෝන් ක්ලීස් රඟපෑ දර්ශනයක් නැරඹීමේ දී සිනහවීමට පටන් ගත් ඔ‍ලේගේ හෘද ස්පන්දනය විනාඩියකට වාර 250ත් 500ත් අතර ප්‍රමාණයකට වැඩිවිය. එයින්ම හෘද අකරණීය ඇති වී ඔහු මිය ගියේය.
 
2003 දී බැංකොක් හි ට්‍රක් රථ රියැදුරෙකු නින්දෙන් සිනහවීමට පටන් ගත්තේය. ඔහුගේ බිරිඳ  පැවසූ පරිදි  ඔහු නොකඩවා විනාඩි 2ක් සිනහ විය. ඔහුව අවදි කිරීමට ඇය උත්සහ දැරුවද නොහැකි විය. විනාඩි දෙක අවසානයේ සිනහව  මෙන්ම හුස්ම ගැනීමද නැවතිනි. මරණ පරීක්ෂණයේදී හෙළි වූයේ ඔහු හෘදයාබාධයක් සෑදී මිය ගොස් සිටි බවයි.
මේ සිදුවීම්වලින් කියැවෙන්නේ සිනහවීම හොඳ නැති බවක් නොවේ. ‘ඇත්ත වශයෙන්ම සිනහ වීමෙන් ලැබෙන වාසි ඉන් සිදුවන අවාසිවලට වඩා බෙහෙවින්  වැඩිය. හැකි සෑම විටම සිනහ වීමට උත්සාහ කරන්න. මිය යාමට  සිදුවීම අවාසනාවක්  වුවත් මරණයට හේතුවන වෙනත් කරුණු කාරණා හා සසඳා බැලීමේ දී සිනහ වී මිය යාමට ලැබිම කෙතරම් අගනේද?

සීතා අබේසේකර

0 comments:

Post a Comment