
යමන්ති, අග්නිමාණික්‍ය හා මුතු
ඔබ්බවා නිර්මිත හාරිච්චි කටු දෙකකින්ද, අත්පළඳනා හතරකින්ද, කරමාලයක් හා
මුදුවකින් සමන්විත ආභරණ එකතුව බිරා කුමරු හට ලැබි ඇත්තේ ඔහුගේ ඥාති
සොහොයුරෙකු වන “චුලා” වෙතින් වන අතර එකල සියම් සම්ප්‍රදායට අනුකූලව චුලා
ජීවත්ව සිටින තාක් කල් ආභරණ සිය සන්තකයෙන් ඈත් කිරීම
සෙරිල්ට
තහනම් විය. බ්‍රිතාන්‍යයේ කලා පාසලකදී ඇරඹුනු බිරා-සෙරිල් ප්‍රේමය
පසුකලකදී එනම් 1949 දී ඔවුන්ගේ දික්කසායත් සමග බිඳ වැටුණද අවසානයේදී යළිත්
1983 දී බිරා කුමරු සිය සත්‍ය ප්‍රේමය පිදූ මුල්ම පෙම්වතිය වන සෙරිල් සමග
යළි එක්වන ලද්දේ සෙරිල් කෙරෙහි ඔහු තුළ කවදත් වූ දැඩි සෙනෙහස නිසා බව කිව
හැක. සිය සැමියා තමාගෙන් ඈත්ව ගියද සිය ජීවිත කාලය පුරාම ඔහුගෙන් ලද මිණි
ආභරණ ඉමහත් ගෞරවයෙන් යුතුව සෙරිල් විසින් පැළඳුවා පමණක් නොව, තවත් විවාහයන්
තුනකටද මැදිවූ බිරා කුමරුද සිය පළමු බිරිය වෙතින් මුළුමනින්ම ඈත්ව ගිය
නැති බවද කියැවේ. විවාහය බිඳී ගියද දැඩි ලෙන්ගතු භාවයෙන් පසුවූ සෙරිල් හා
බිරා යුවළ යළි 1983 දී එක් වන්නේ එකිනෙකාගෙන් ඈත්ව තවදුරටත් ජීවත්වීමට
නොහැකි නිසා සේම පළමු ප්‍රේමයේ ගිනිසිළුව තවමත් ඔවුන් දෙපළගේම හදවත් තුළ
නොනිවී දැල්වෙමින් තිබූ නිසා වූවාටද සැක නැත.

මොවුන්ගේ විරල ගණයේ ආදර අන්දරයට බොහෝදුරට සමානවූවක් මීට කලකට පෙරදී සිනමාරූපී අත්දැකීමක් ලෙස ඔබ වෙත ආ අයුරු චිත්‍රපට ලෝලීන්ට අමතක වන්නට හේතුවක් නැත. සුප්‍රකට නළුවෙකු වන යුල් බ්‍රයිනර් හා ඩෙබෝරා කෙර් විසින් අද්විතීය රංගනයක නියැළෙමින් ඉදිරිපත් කළ, සියම් රටේ රජෙකු හා ඉංග්‍රීසි ජාතික ගුරුවරියක අතර ඇතිවන, ලෝකයාට රහසක් වූ ආදරයක් පිළිබඳ කියැවෙන “රජු හා මම” යන සංගීතමය චිත්‍රපටයෙන් දිග හැරෙනුයේද මීට බොහෝ දුරට සමාන කතාවකි.
දහනව වන සියවසේ අග භාගයත්, විසිවන සියවසේ මුල්භාගයත් අතර වූ කාල වකවානුවකට අයත් වන මෙම ආභරණ කට්ටලය බිරා කුමරුගේ ඥාති

චුලාගේ මරණයෙන් පසුව සිය මරණය සිදුවන තෙක්ම තමා සන්තකයේ තබා ගත් සෙරිල්ගේ අභරණ කට්ටලය, ඉන්පසුව ප්‍රවේණි උරුමයක් ලෙස පරම්පරා කීපයක් ඔස්සේ මාරු වීමෙන් පසුව වෙන්දේසි කිරීමට තීරණය කර තිබේ.
තායිලන්ත ජාතිකයෙක් වුවද සෙරිල් හා විවාහයෙන් පසුව බ්‍රිතාන්‍යයේ කෝන්වෝල්හි විසූ බිරා කුමරු ෆෝමියුලා වන් හා ග්‍රෑන්ඩ් ප්‍රික්ස් වැනි තරගවලට සහභාගි වී ජයග්‍රහණද හිමිකර ගත් දක්ෂ රේසින් මෝටර් රථ ක්‍රීඩකයෙකි. ඊටන් හා කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයන්ගෙන් අධ්‍යාපනය ලද ඔහු සෙරිල් හා විවාහයට වසරකට පෙරදී මොනැකෝ ග්‍රෑන්ඩ් ප්‍රික්ස් තරගාවලියේ ජය හිමිකර ගැනීමටද සමත් විය.
1985 දී හදිසි හෘදයාබාධයක් හේතුවෙන් බටහිර ලන්ඩනයේදී බිරා කුමරු මිය යන කල ඔහු හැත්තෑ එක් හැවිරිදි වියේ පසු විය.
ප්‍රියන්ති රුද්‍රිගු
0 comments:
Post a Comment