දශකයකට අධික කාලයක් ලොවපුරා රූපවාහිනී ප්‍රේක්ෂකයන්ගේ හද බැඳ ගනිමින් රහස් පරීක්ෂක
කතා, ඉතිහාසයේ කිසිදා නොමැකෙන නව පරිච්ජේදයක් සටහන් කළ සුප්‍රකට X ෆයිල්ස්
කතා මාලාවේ විසිවන සංවත්සරය පසුගියදා ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ
‘සැන්ඩියේගෝ’ නුවරදී පවත්වන ලද්දේ, X ෆයිල්ස් කතාමාලාවට ජීවය පෙවූ එහි
ප්‍රධාන චරිත ද්විත්වය නිරූපණය කළ ජනප්‍රිය හොලිවුඩ් නළු නිළි දෙපළක් වන
‘ඩේවිඩ් ඩච්හොව්නි’ හා ‘ජිලියන් ඇන්ඩර්සන්ගේ සහභාගිත්වයෙනි.

FBI නිලධාරී ෆොක්ස් මෝල්ඩර් හා ඔහුගේ සහායක නිලධාරිනී ඩේනා ස්කලි අතර වූ එහෙත් ප්‍රසිද්ධියේ ප්‍රකාශ නොවුණු අනේයාන්‍ය ආකර්ෂණය හා සබැඳියාව X ෆයිල්ස් කතා මාලාව, මාලා නවයක් ලෙස ඉතා දීර්ඝ කාල පරාසයක් ඔස්සේ විකාශය වීමට හේතු වූ මූලිකම සාධකය බව X ෆයිල්ස් රසිකයින් අවිවාදයෙන් පිළිගන්නා
සත්‍යතාවකි. කතා මාලාව මුළුමනින්ම විකාශය වී වසර ගණනාවක් ගතවුවද ජිලියන්
ඩේවිඩ් යුවළට සේම X ෆයිල්ස් කතා මාලාවටද හිමිව තිබූ රසික ආකර්ෂණයේ කිසිදු
අඩුවක් සිදුව නැති බව උත්සවයට සහභාගි වූ රසික පිරිසෙන් මොනවට පැහැදිලි විය.
එහි විසිවන සැමරුම වෙනුවෙන් මෙලෙස පුවත්පත් ලිපියක් වෙන් වන්නේ ද ඒ
ජනප්‍රියත්වය නිසාමය.
කතා මාලා නවයේම මෙන්ම X ෆයිල්ස්, චිත්‍රපට ද්විත්වය වන ෆයිට් ද ෆියුචර් හා අයි වෝන්ට් ටු බිලීව් හිද රඟපෑ ජිලියන් එහිදී X ෆයිල්ස් රසික රසිකාවියන්ගේ පී්‍රතියටත් පුදුමයටත් හේතුවන නිවේදනයක් සිදු කරමින් කියා සිටින ලද්දේ ඉදිරියේදී තවත් X ෆයිල්ස් චිත්‍රපටයක් නැරඹීමේ අවස්ථාව ඔවුන්ට හිමිවනු ඇති බවය. ‘සත්‍ය ඔබ ඉදිරියේ ඇත’ (Truth is out there) යන තේමා

මේ අතර රසිකයන්ට ප්‍රශ්න ඇසීමේ අවස්ථාව හිමිකර දෙමින් පැවැති මණ්ඩල සාකච්ඡාවේදී X ෆයිල්ස් නිර්මාතෘ ක්‍රිස් කාටර් අදහස් දක්වමින් කියා සිටින ලද්දේ එය විකාශය වූ අතීතයට වඩා X ෆයිල්ස් කථාංගයන් වඩාත් උචිත වන්නේ වර්තමානයට බවයි. එකල ජනතාව දැඩි ලෙස ඇමෙරිකානු රජය කෙරෙහි විශ්වාස කිරීම හේතුවෙන් එකී විශ්වාසය හා රජයේ අවංකභාවය අභියෝගයට ලක් කෙරෙන සිදුවීම් X ෆයිල්ස් හරහා ඉදිරිපත් කිරීම තමාටද අභියෝගයක් වූ බව ක්‍රිස් කාටර් අවධාරණය කළේය. මණ්ඩල සාකච්ඡාවෙන් අනතුරුව මෝල්ඩර් හා ස්කලී දෙපළගේ දැවැන්ත කාඩ්බෝඩ් අනුරුවක් වෙන්දේසි කිරීමටද ජිලියන් ඉදිරිපත් වූවාය. X ෆයිල්ස් කථාමාලවේ වැඩි කොටසකදීම රතුපැහැ කෙස් කලඹින් යුතුව පෙනීසිටි ජිලියන් උත්සව අවස්ථාවට දුඹුරු පැහැති කෙස් කලඹින් යුතුව පැමිණ සිටීම කැපී පෙනිණි.
පයිපර්, ඔස්කාර් හා ෆීලික්ස් නමැති දරුවන් තිදෙනෙකුගේ මවක වන ජිලියන්, ද හවුස් ඔෆ් මර්ත්, බ්ලීක් හවුස් යන නාට්‍යවලටද රංගනයෙන් දායක වූ අතර මෑතකදී සිට බි.බි.සී. නාලිකාව ඔස්සේ විකාශය වන ‘ද ෆෝල්’ නමැති නාට්‍යයේ ස්ටෙලා නම් රහස් පරීක්ෂකවරියකගේ චරිතයට පණපොවන්නීය. තමා මීට පෙර නිරූපණය කළ කිසිදු චරිතයකට වඩා ස්ටෙලාගේ චරිතය තමාට සමීප බව ඇය විසින් කියා තිබිණි.
ප්‍රියන්ති රුද්‍රිගු
0 comments:
Post a Comment