අතීත ජපානයේ සමුරායිවරු වැජඹුණු අවධියේ නිමාව
සටහන් වී බොහෝ කල්ය. කලකදී ජපානය හඳුනාගනු ලබන අනන්‍යතා සලකුණක් බවට පත්ව තිබූ
සමුරායිවරු සේම නින්ජාවරුද මිහිමතින් තුරන්ව යන දිනය වැඩි ඈතක නොවන බව වේදනාත්මක
වූද එහෙත් පිළිගත යුතු වූද සත්‍යයකි. තම සතුරාට කිසිදු සැකයක් ඇති නොවන ආකාරයෙන්
විනිවිද යා නොහැකි තරම් වූ අතිශය නිහඬ බවකින් යුතුව ඔත්තු බැලීමේ හා පුද්ගල ඝාතනවල
නිරත වීමට ඔවුන් සතු වූ අසාමාන්‍ය හැකියාව නිසාම ‘නින්ජා’ යන වදන පවා
අසන්නන් භීතියෙන් මුසපත් කිරීමට සමත් වූවක් බවට කලකදී පත්ව තිබිණි. පියාගෙන් පුතුට
උරුම වෙමින් පැවැත ආ නින්ජා සටන් ශිල්පයද නුදුරු අනාගතයේදීම නෂ්ඨව යනු ඇති බවට සැකයක් නැත්තේ නින්ජා
පරම්පරාවන් බොහෝමයක් අද වනවිට අවසානය කරා එළඹ ඇති හෙයිනි.
එබඳු ඉරණමකට මුහුණ දී සිටියද නින්ජාවරු යනු
අදටද බොහෝ දෙනෙකුට අබිරහස්මය ගුප්ත හැඟීමක් පමණක් ජනිත කරවන බිහිසුණු සටන්කාමීන්
කොට්ඨාසයක් බවට සීමා වී සිටීම ඇත්තෙන්ම කනගාටුවට කරුණකි. සමුරායි
සටන්කාමීන් විසින් මිනීමැරුම් කටයුතු සඳහා කුලියට ගනු ලැබූ නින්ජාවරු දෙනෙත් පමණක්
බාහිරට නිරාවරණය වනසේ මුළුමනින්ම කාල වර්ණැති ඇඟලුමින් සැරසීම කරණකොටගෙන අඳුරට
මුවා වී පැමිණ සතුරා නොසිතන මොහොතක අනපේක්ෂිත ලෙස ප්‍රහාර එල්ල කිරීමට ඔවුන් සතු
වූයේ මවිත කරවන සුළු හැකියාවකි. ඒ සඳහා ඔවුන්ට ආවේණික වූ මාරාන්තික ආයුධවලින්
නින්ජාවරු සන්නද්ධව සිටියහ. දුර සිට ඉලක්කයට විසි කිරීම මගින් වුවද සතුරාට
මාරාන්තික ප්‍රහාරයක් එල්ල කළ හැකි තියුණු කැපුම් දාර සහිත තරු හැඩැති ‘ෂුරිකන්’ තල හා විෂකටු
පිඹීමට යොදා ගන්නා ‘ෆුකියා’ නල නිහඬවම සතුරාට
නියත මරණය ළඟා කිරීමට සමත් වූ පෙනුමෙන්් අවිහිංසක වූ අවිය.
කඩු සරඹයේද අති දක්ෂයින් වූ නින්ජාවරු සිය ආයුධ භාවිතා කරන ලද්දේ මිනී මැරුම් සඳහා පමණක් නොවේ. සිය සතුරන් පිළිබඳ ඔත්තු බැලීම සඳහාද රහසින් සතුරු බලකොටු තුළට ඇතුළුවීම සඳහාද සිය සූක්ෂම ආයුධ මනා
දක්ෂතාවයකින් යුතුව යොදා ගත් නින්ජාවරු පිළිබද ගැඹුරු හැදෑරීමක් සිදු කිරීමට තරම් ප්‍රමාණවත් ලිඛිත ලේඛන සොයා ගැනීමට නොහැකි වී ඇත්තේ සටන් ක්‍රම පිළිබඳ රහස් මුඛ පරම්පරාගතව පමණක් පැවැත විත් ඇති හෙයිනි. මේ නිසාම නින්ජාවරු යනු මායාමය හැකියාවකින් යුතු සටන් ශිල්පීන් කොට්ඨාසයක් ලෙස අතිශයෝක්තියෙන් හුවා දැක්වීමට සිනමා හා නවකතාකරුවන් පෙළඹී ඇති බව පසක් වන්නේ ‘ජ්දබඥප බඩඥ ව්ඪදණච’ හා ඒථඥපඪජචද ව්ඪදණච’ වැනි චිත්‍රපට නැරඹීමේදීය. දිය මත ඇවිදීමටත්, ඇසිපිය ගසන නිමේෂයකදී අතුරුදන් වීමේ අධි අසාමාන්‍ය හැකියාවකින් යුතු පිරිසක් ලෙස මෙබඳු නිර්මාණ හරහා නින්ජාවරු අබිසෙස් ගැන්වුණද ජපානයේ සිටින අවසාන නින්ජා ‘ග්‍රෑන්ඩ්මාස්ටර්’ වරයා වන ජිනිචි කවකාමී හාස්‍යයෙන් යුතුව පවසා සිටින්නේ නින්ජාවරු යනුද සුවිශේෂී සටන්ක්‍රම ප්‍රගුණ කළ පෘථග්ජන මිනිසුන් මිස අසාමාන්‍ය සුපිරි මානව කොට්ඨාසයක් නොවන බවයි.
කොකා නින්ජා කණ්ඩායම සමන්විත වන කුල පනස්තුනෙන් එකක් වන ‘බන්’ පවුලේ විසි එක්වන නායකයා වන කවකාමී සිය ගුරුවරයා වන ‘මසාසෝ ඉපිෂීඩා’ යටතේ නින්ජා සටන් කලාවට අත්‍පොත් තබන ලද්දේ යන්තම් හයවන වියට පා තබද්දීය. හඬ නොනැගෙන සේ ඇවිදීමටත් නිවෙස් බිඳ ඇතුළුවීමටත් තම ගුරුවරයා යටතේ ඉගෙන ගත් කුඩා කවකාමීගේ සිතේ පැලපැදියම් වූ සිතිවිල්ල වූයේ තම ගුරුවරයා තමාව සොරෙකු කිරීමට පුහුණුව ලබා දෙන බවයි. තමා ‘නින්ජුට්සු නමැති පාරම්පරික බිහිසුණු නින්ජා සටන් ශිල්පය ප්‍රගුණකරමින් සිටින බව අවබෝධ කර ගැනීමට තරම් හේ වයසින් හා දැනුමෙන් මුහුකුරා නොගොස් සිටියාය.
කවකාමී සටන් ශිල්පයට අමතරව නින්ජාවරුන්ගේ සෙසු රහස් ශිල්පීය ක්‍රමයන් මත පදනම් වූ පුපුරණ ද්‍රව්‍ය හා විෂ සංයෝග සකස් කිරීම පිළිබඳවද මනා පුහුණුවක් ලැබිය. වයස අවුරුදු දහඅට සැපිරීමත් සමග ඔහුට සිය ‘පරම්පරාව එනම් ‘කොකා නින්ජා’ පරපුරේ පාරම්පරික ලියවිල්වල උරුමය හිමිවිය. පියාගෙන් පුතුට පමණක් නින්ජා ශිල්පීය ක්‍රම උරුම වීම පිළිගත් සම්ප්‍රදාය වුවද පසුකාලීනව සටන් කලාවේ උන්නතිය උදෙසා නින්ජා පවුල්වලට අයත් නොවන තරුණ පිරිස්ද සටන් කුලයන්වලට බඳවා ගැනීම සුලබව සිදු වූ නමුදු අද දක්වා නොනැසී පවත්නා නින්ජා කුළ හතළිස් නවය අතුරින් ඉහළම ස්ථානයක වැජඹෙනුයේ කව කාමීගේ ‘කොකා’ කල්ලිය හා ‘ඉගා කල්ලියයි. ඒ ශත වර්ෂ ගණනාවක් පුරා ජපානයේ පැවැති සිවිල් යුද්ධය නිමාකොට රට එක්සේසත් කළ බලගතු ප්‍රවේණි නායකයකු වන ‘ටොකුගාවා’ හට මෙකී කණ්ඩායම් ද්විත්වය විසින් සිදු කළ අනභිභවනීය සේවයට පින්සිදු වන්නටය.
නින්ජාවරුන් පිළිබඳව ලියැවුණු ප්‍රථම ලිඛිත නිල ලේඛනය හමුවන්නේද ‘එඩෝ’ ලෙස හැඳින්වෙන ටොකුගාවා යුගයේදීය. කවකාමී විසින් අවධාරණය කරන ආකාරයට නින්ජාවරුන් යනු සිනමාපට ඔස්සේ මවා පෙන්වන ආකාරයේ හුදෙක් මිනීමැරීම සිය ජීවන වෘත්තිය බවට පත් කරගත් ඝාතකයන් කොට්ඨාසයක් නොවන බවයි. දිවි රැක ගැනුම සඳහා අන් අයවළුන් සේම විවිධ රැකියාවල නියුතු වූ මොවුහු බොහෝ දෙනකු වෘත්තියෙන් ගොවියෝ හෝ සංචාරක වෙළෙන්දෝ වූහ. එඩෝ යුගයේදී ටොකුගාවා රජය යටතේ නින්ජාවරු නිරත වූ වෘත්තීන්ට අනුව ඔවුහු සටන්කාමීන්, ගොවියන්, කම්කරුවන් හා වෙළෙන්දන් ලෙස වර්ගීකරණය කෙරුනු අතර විසි එක්වන සියවසේ වෙසෙන නින්ජාවරයෙකු වන කවකාමී ඉංජිනේරුවකු බව ඇසීම නින්ජාවරුන් යනු කාල වර්ණයෙන් සැරසුණු ගුප්ත පෙනුමින් යුතු රණකාමීන් පිරිසක් යන මතයෙහි එල්බුණු අපට නම් පුදුමයක් වනවාට සැක නැත.
‘ඉගා රුයු’ නින්ජා කෞතුකාගාරයේ දත්තයන්ට අනුව කවකාමී යනු අවසන් නින්ජා ‘ග්‍රෑන්ඩ් මාස්ටර්වරයා’ ලෙස විරුදාවලි ලැබ තිබුණද ‘ජපානයේ අවසාන නින්ජාවරයා’ යන කිරුළේ බර දැරීමට කවකාමීගේ සහයට තවත් නින්ජා සටන්ශිල්ප ඇඳුරුතුමෙකු ඉදිරිපත් වී සිටින්නේය. ඒ ‘ටොගාකුරා’ නින්ජා කල්ලියේ නායකයා වන ‘අසූ හැවිරිදි ‘මසාකි හත්සුමීය’
‘බුජින්කාන්’ නැමැති ජාත්‍යන්තර සටන් ශිල්පක්‍රම පිළිබඳ වූ සංවිධානය පිහිටු වීමේ පුරෝගාමියා වන ‘හත්සුමී’ගේ ආයතනය වෙතින් පුහුණුව ලැබූවන් තුන්ලක්ෂයකට අධික පිරිසක් ලොවපුරා විසිර සිටින්නේ ඉන් ඇතැමෙක් විදෙස් පොලිස් හා හමුදා ක්‍ෂේත්‍රයන් සඳහාද සිය නොමසුරු දායකත්වය සපයමිනි. ජපානයේ ‘නෝඩා’ නමැති අප්‍රකට කුඩා නගරයේ පිහිටි ‘ඩෝජෝ’ ලෙස හැඳින්වෙන ඔහුගේ නින්ජා පුහුණු මධ්‍යස්ථානය, නින්ජා සටන් ශිල්පය උගෙනීම සඳහා දුරුකතර ගෙවාගෙන පැමිණි විදේශිකයන්ගෙන් පිරි ඉතිරී ගොස් තිබෙන අයුරු ‘නෝඩා’ වැසියන්ට සුලබ දර්ශනයකි. ආයුධවලින් සන්නද්ධව සේම නිරුවත් දෑතින්ද ඔහු ආදර්ශනය කොට පෙන්වන සටන් ඉරියව් දෙස විදේශිකයන් දෑස්පියා නොහෙලා ධ්‍යානයට සම වැදුණාක් සේ බලාසිටිනුයේ වියපත් වුවද අත් පා හරඹයන්වල ගැබ් වූ සජීවී, ප්‍රාණවත් ක්‍රියාශීලිත්වයෙන් විස්මයට පත් වෙමිනි. හත්සුමී සතු දස්කම් එතැනින් සමාප්තියට පත් වන්නේ නැත.
සටන්ක්‍රම ශිල්ප උපදේශකයකු ලෙස චිත්‍රපට අසීමිත සංඛ්‍යාවකට සිය නොමසුරු දායකත්වය ලබා දී ඇති හත්සුමී ‘ජේම්ස් බොන්ඩ්’ චිත්‍රපටයක් වන ‘කධභ ධදතර තඪමඥ බඹඪජඥ’ සඳහාද සටන් උපදේශකයකු ලෙස සම්මාදම් වී තිබිමෙන් පෙනී යන්නේ ගතින් වියපත් වුවද නින්ජාවරුන්ට උරුම වූ සටන්ක්‍රම ශිල්පීය නිපුණතාව හා ජවය ඔහු කෙරෙන් පලාගොස් නැති බවයි. ඔහුගේ සටන් ඉරියවු නිරීක්ෂණය කරන්නෙකුට එය මනාව ප්‍රත්‍යක්ෂ වන සත්‍යතාවකි.
පාරම්පරික නින්ජාවරුන්ටද නොබෝ කලකින්ම සමුරායිවරුන් ගමන් කළ මග අනුගමනය කරමින් ලෝකයට සමුදීමේ අභාග්‍යසම්පන්න ඉරණමට මුහුණ පෑමට සිදු වුවද තම උරුමක්කාරයා ලෙස තම සිසුන් අතරින් එකෙකු තෝරා ගැනීමට හත්සුමි සේම කවකාමීද දක්වන්නේ මැලි කමකි. නමුත් ඒ එකිනෙකින් ස්වාධීන වූ හේතු පදනම් කර ගනිමිනි. නවීන විද්‍යාවෙන් හා තාක්ෂණයෙන් අසීමිත දියුණුවක් ලබා ඇති මෙකල නින්ජා ශිල්පීය ක්‍රමවලට තැනක් නොමැති බව පවසන කවකාමී 'මී' විශ්ව විද්‍යාලයේ අර්ධ කාලීන ලෙස නින්ජා ඉතිහාසය ඉගැන්වීමෙන් සෑහීමට පත් වීමට උත්සහකරද්දී හත්සුමීගේ මතය වී ඇත්තේ නින්ජා කුලයක නායකයා ලෙස උරුමය ලැබිම දෙවයෝගීව සිදු විය යුතු බවයි. තම සිසුන් අතර එබඳු උරුමක්කාරයෙකු නොමැති බැවු ඔහුගේ පිළිගැනීමයි. එබැවින් නිසල බවින් උපන් බිහිසුණු එහත් මන බඳින සුළු නින්ජා සටන් කලාවටම අනන්‍ය වූ පරම්පරානුගත ශෙලීන් මෙන්ම උරුමයෙන් බිහි වූ සැබෑ නින්ජා සටන් ශිල්පීන් හටද ලෝකයට සමුදීමට සිදුවන දිනය වැඩි ඈතක නොවනු ඇත.

රුක්ලන්ති පෙරේරා
http://www.lakbima.lk/index.php?option=com_content&view=article&id=4810:2012-12-04-09-32-21&catid=52:samudura&Itemid=76
මම ආසම මාතෘකාවක් තමයි මේ :)
ReplyDeleteටොකුගාවා යුගය ගැන මම පොතක් හැදුව සමාජ අධයනය විශේට ඉස්කෝලෙදි. ඒ කාලෙදි මේ කියපු ස්මහර කරුණු දැනගන්න ලැබුනා මටත්.
ඡේද වෙන් කරද්දි තව ටිකක් පරතරය තියාගන්න. එතකොට කියවන්න ගොඩක් ලේසියි මචන්
බොහොම ස්තුති සහෝදරයා මම චේද වෙන් කරන්නම්
Deletepatta machan
ReplyDelete